WFTW Body: 

ඇදහිළිවන්තයෙකු, දේව භක්තිවන්තකම ගැන උනන්දු නොවන බවත්, බියගුල්ලෙකු බවත්, සත්‍යය (ඔහු ශුද්ධ ලියවිල්ලෙහි දකින) වෙනුවෙන් පෙනී සිටීමට බිය වන බවත්, අන් අයගේ විවේචනයට බිය වන බවත්, දෙවියන් වහන්සේ දුටුවහොත්, දෙවියන් වහන්සේ මෙම සත්‍යය ඔහුගෙන් සඟවණු ඇත - මන්ද එය"දේවභක්තිවන්තකමේ අභිරහස" ලෙස හැඳින්වේ(1 තිමෝති 3: 16). දෙවියන් වහන්සේ තම රහස් හෙළි කරන්නේ උන්වහන්සේට බිය ඇති අයට පමණි (ගීතාවලිය 25: 14). දෙවියන් වහන්සේගේ දේවල්වලදී බියගුල්ලෙකු වීම භයානකය, මන්ද එළිදරව් 21: 8 හී "බියගුළු අය"ලැයිස්තුගත කර ඇත්තේ - "මිනීමරුවන්, දුරාචාර පුද්ගලයන්, මන්තර ගුරුකම් කරන්නන් සහ පිළිම වන්දනා කරන්නන්ට"! පළමුව ගිනිවිලට යවන පළමු පුද්ගලයින් ලෙසයි.

මාර්ටින් ලූතර් මෙසේ පැවසීය: "දෙවියන් වහන්සේගේ සත්‍යයේ සෑම කොටසක්ම විශ්වාස කරන බව මම හඬ නඟා ප්‍රකාශ කළත්, මේ අවස්ථාවේ යක්ෂයා පහර දෙන එම විශේෂිත සත්‍යය ගැන නිශ්ශබ්දව සිටියහොත්, එවිට මම සැබවින්ම ක්‍රිස්තුස් වහන්සේව ප්‍රකාශ නොකරමි. මේ වෙලාවෙහි සොල්දාදුවෙකුගේ පක්ෂපාතීත්වය පරීක්ෂාවට භාජනය වනුයේ සටන බලවත්ව පවතින ස්ථානයේදීය. එමෙන්ම වත්මන් ගැටුම්කාරී ස්ථානයේදී සොල්දාදුවා නොසැලී නොසිටින්නේ නම් සටනේ අනෙකුත් සියළුම ස්ථානවල විශ්වාසවන්තව සිටීම වටිනා කමක් නැති සහ ලජ්ජා සහගත ක්‍රියාවකි.

ඉන්දියාවේ අපගේ සභාවලට එරෙහිව පසුගිය වසර 43 පුරාවටම දරුණුම සටන පැවතියේ "ක්‍රිස්තුස් වහන්සේ අප සිටින ආකාරයටම පරීක්ෂාවට ලක් වූ නමුත් පව් නොකළේය" යන මෙම සත්‍යය වටා ය. නමුත් අපි "මෙම සත්‍යයේ කුළුණක් සහ ආධාරකයක්" ලෙස නැගී සිටියෙමු (1 තිමෝති 3: 15). එය නිර්භීතව හා ලජ්ජාකමින් තොරව ප්‍රකාශ කළෙමු. එමෙන්ම එහි ප්‍රතිඵළය, වෙනස් වූ ජීවිත ගණනාවක් තුළින් අපි දැක ඇත්තෙමු.

1 තිමෝති 3: 16 හි දේව භක්තිවන්තකමේ අභිරහස ඇත්තේ "මාංශවත්ව ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීම යන දේව ධාර්මික ඉගැන්වීම තුළ" නොව නමුත් " මාංශවත්ව පැමිණි ක්‍රිස්තුස් වහන්සේ නම් පුද්ගලයා" තුළ බව සැළකීමට ගන්න. බොහෝ දෙනෙක් පරිසිවරුන් බවට පත් වී ඇත්තේ මෙය දේව ධාර්මික ඉගැන්වීමක් ලෙස බැලීමෙන් මිස ක්‍රිස්තුස් වහන්සේ නම් පුද්ගලයා දෙස නොබැලීමෙනි. "වචනාර්ථය (නිවැරදි දේව ධාර්මික ඉගැන්වීම පවා) මරණය ගෙන දෙයි. ආත්මයාණන් වහන්සේ පමණක් ජීවනය ලබා දෙයි"(2 කොරින්ති 3: 6). අපි මිනිසුන්ව යොමු කළ යුත්තේ ක්‍රිස්තුස් වහන්සේ වෙතට මිස කිසිම දේව ධාර්මික ඉගැන්වීමකට නොවේ.

යේසුස් වහන්සේ මාංසයෙන් පැමිණි බව අපගේ ආත්මයෙන් පාපොච්චාරණය කිරීම (අපගේ මණසින් පමණක්ම නොව - 1 යොහාන් 4: 2) යන්නෙන් අදහස් කරන්නේ පළමුවෙන්ම උන්වහන්සේ අප මෙන් පරීක්ෂාවට ලක් වූ බවත් , අපට ඇත්තාවූ ශුද්ධාත්ම බලයට වඩා උන්වහන්සේට වෙනත් ප්‍රවේශයක් නොතිබූ බවත් සහ අප මුළු හදවතින්ම යුත් නම්, උන්වහන්සේ ගමන් කළ ආකාරයටම අපටද ගමන් කළ හැකි බව, අපි අපගේ මුළු හදවතින්ම විශ්වාස කරන බවයි (1 යොහාන් 2: 6).

තවද එයින් අදහස් වන්නේ අපගේ ආත්මය උන්වහන්සේගේ අඩිපාරේ යාමට ආශා කරන බවත් - කිසිවිටෙකත් අපගේම දේ සෙවීමට අවශ්‍ය නොවන අතර අපගේම කැමැත්ත කිරීමට කිසිවිටෙකත් කැමති නැති බවත්ය. යේසුස් වහන්සේ තම භූමික දවස්වලදී, උන්වහන්සේගේ පරීක්‍ෂාවන් තුළින් උගත් (ලැබූ) අධ්‍යාපනය (උන්වහන්සේගේ පියාට කීකරුව සිටීම) අපට අවබෝධ කර ගැනීමට ආත්මයාණන්ගේ එළිදරව්ව අපට අත්‍යවශ්‍ය වේ. "උන්වහන්සේ පුත්‍රයෙකු වුවද, උන්වහන්සේ වින්දාවූ දේවලින් කීකරුකම ඉගෙනගත් සේක" (හෙබ්‍රෙව් 5: 8) යනුවෙන් ලියා ඇත. සෑම පරීක්ෂාවකටම එරෙහි සටනේදී උන්වහන්සේ මුළුමනින්ම විශ්වාසවන්ත වූසේක. උන්වහන්සේ "තමන්වහන්සේගේ ප්‍රාණික-ජීවිතයද මරණයට වගුරුවා" (යෙසායා 53: 12 - KJV) විශ්වාසවන්ත වූසේක. මෙසේ දෙවියන් වහන්සේගේ ජීවිතයෙහි සම්පූර්ණත්වය ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය තුළින් ප්‍රකාශ විය. විශුද්ධිභාවය (පාපයෙන් වෙන්වී ධර්මිෂ්ඨකම අනුව) ලුහුබැඳ යාමේදී තම ප්‍රාණික-ජීවිතය මරණයට වගුරුවන තැනට පැමිණෙන්නේ ඉතා ස්වල්ප දෙනෙකි, මන්ද ප්‍රථමයෙන්ම ඉතා ස්වල්ප දෙනෙක් දෙවියන් වහන්සේ ඉදිරියෙහි විශ්වාසවන්තව, තම ජීවිතයේ දන්නා සියලු පාපයට එරෙහිව සටන් කරන බැවිනි.

යේසුස් වහන්සේ උන්වහන්සේගේ මාංශය තුළින්(හෙබ්‍රෙව් 10: 20) අප වෙනුවෙන් විවෘත කළාවූ නව සහ ජීවනයේ මාර්ගය ගැන සත්‍යය අවබෝධ කරගෙන නොමැති හෙයින් බොහෝ ඇදහිළිවන්තයින් ඔවුන්ගේ ජීවිතයෙහි දෙවියන් වහන්සේගේ කැමැත්ත නැති කරගෙන ඇත. අප සත්‍ය දැනගත යුතු බවත් එවිට "සත්‍ය අපව නිදහස් කරන බවත්" යොහාන් 8: 32 හි යේසුස් වහන්සේ පැවසූ සේක.

©Zac Poonen – [email protected] කර්තෘගේ ලිඛිත අවසරයකින් තොරව ලිපියේ අන්තර්ගතයේ කිසිදු වෙනසක් සිදු නොකළයුතුය.