WFTW Body: 

නව වසරේ වඩාත් ආත්මික සිතැති වීම
සමබරවූ ක්‍රිස්තියානි දිවියක් යනු දිසාවන් තුනකින් බලන දෙයකි.

1. ඉහල දෙසට (ස්වර්ගය දෙසට) - දෙවියන්වහන්සේට සහ යේසුස්වහන්සේට කැපවීම සහ නමස්කාරය

2. අභ්‍යන්තරය දෙසට - යේසුස්වහන්සේගේ මහිමය දැකීමේ ප්‍රතිඵලයක් ලෙස, කෙනෙකු තම ජීවිතයේ ක්‍රිස්තුස්වහන්සේගේ මෙන් නොවන ඉසව් සොයාගැණීම සහ ඒවායින් පසුතැවිලිවීම.

3. භාහිරය දෙසට - අන් අයට ආශිර්වාදයක්වීම තුළින්, පොළොවේදී දෙවියන්වහන්සේගේ කැමැත්ත ඉෂඨ කිරීමට බලාපොරොත්තුවීම.

ඉහල දෙසට ( ස්වර්ගය දෙසට ) බැලීම

දෙවියන්වහන්සේ අපව කැඳවා ඇත්තේ සියල්ලට පලමුවෙන් උන්වහන්සේගේ නමස්කාර කරුවන් වීමටත් - උන්වහන්සේ කෙරෙහි කුසගිනි සහ පිපාස ඇත්තන් වීමටත්ය. ආත්මික සිතැති පුද්ගලයෙකු දෙවියන්වහන්සේව නමස්කාර කරයි. ඔහුගේ එකම අභිලාෂය දෙවියන්වහන්සේ පමණකි. දෙවියන්වහන්සේ හැරුනු කොට ස්වර්ගයේ හෝ පොළොවේ කිසිදෙයක් හෝ කිසිවෙකු ඔහුගේ අභිලාෂය නොවනු ඇත. (ගීතා.73:25 බලන්න). මුදල් හෝ ලෞකික ගරුබුහුමන් ඔහුව ආකර්‍ෂනය නොකරනු ඇත. දිය සොයනා මුව පොව්වෙකු ලෙස ඔහු දෙවියන්වහන්සේ කෙරෙහි මහත්සේ ආශා වනු ඇත. පිපාසයෙන් මරණාසන්නවූ මනුශ්‍යයෙකු වතුරට ආශා කරනවාට වඩා ඔහු දෙවියන්වහන්සේ කෙරෙහි මහත්සේ ආශාවනු ඇත. ඕනෑම ලෞකික සුව පහසුවකට වඩා ඔහු දෙවියන්වහන්සේ සමඟ සහභාගිත්වය කෙරෙහි මහත්සේ ආශාවනු ඇත. එමෙන්ම ඔහු දිනපතා දෙවියන්වහන්සේ ඔහුට කතා කිරීම කෙරෙහි මහත්සේ ආශාවනු ඇත.

මුදල් හෝ ලෞකික පහසුව සහ තමන්ගේම සුව පහසුව ගැන බලාපොරොත්තුවන්නාවූ අය නිතරම චෝදනා කිරීමට යමක් හෝ වෙනත් දෙයක් සොයාගනී. නමුත් ආත්මිකත්‍වයෙන් යුතු අයට චෝදනා කිරීමට දෙයක් නැත. මක්නිසාද ඔහු කැමති වන්නේ දෙවියන්වහන්සේට පමණකි. එසේම නිතරම ඔහුට දෙවියන්වහන්සේ සිටී. ඔහුගේ ජීවිතයේ ඇතිවන ස්වභාවයන් ගැන ඔහු කිසිවිට බලාපොරොත්තු සුන්කර නොගනී, මක්නිසාද ඒ සියළු ස්වභාවයන් තුළ දෙවියන්වහන්සේගේ බලවත් හස්තය ඔහු දකින අතර සැමවෙලේම ඔහු තමන්ව දෙවියන්වහන්සේගේ හස්තය තුලට ප්‍රීතියෙන් යටහත් කර තබයි.

එවැනි මනුශ්‍යයෙකුට තම ජීවිතය හැසිරවීමට කිසිදු නීති හෝ නියමයන් අවශ්‍ය නොවේ - මක්නිසාද සැම විටම ඔහුගේ ආත්මය තුලෙහි ශුද්ධාත්මයාණන්ගේ සාක්‍ෂිය විසින් ඔහුව මග පෙන්වනු ලබයි. ඔහු"යහපත හා නපුර" කෙරෙහි කිසිදු මනුශ්‍යාකාර අවබෝදයක් තුල ජීවත් නොවේ. මක්නිසාද ඔහු ක්‍රිස්තුස්වහන්සේට වූ සරල නිර්මල භක්තියකින් යුක්තව සිටින නිසා ඔහුව අප්‍රධාන කරුණු මඟින් මඟ නොහැරේ. යේසුස්වහන්සේ දෙස බලමින්, එවැනි පුද්ගලයෙකු ක්‍රමානුකූලව තවතවත් ඔහුගේ ස්වාමින්වහන්සේ මෙන්වනු ඇත.

දෙවියන්වහන්සේ කෙරෙහි ඉහල බලන්නාවූ එවැනි පුද්ගලයෙකු තිත්‍ය ලෙස තමන්ව යටහත් කමට පත් කරයි. ඔහු තමන්ගේ යහපත් ක්‍රියා මිනිසුන්ගේ ඇස් වලින් සඟවනු ඇත. දෙවියන්වහන්සේ නිත්‍ය ලෙස ඔහුට අනුග්‍රහය ලබාදන සේක එබැවින් ඔහුව පාපයෙන් ඔසවා ඔහුගේ ස්වර්‍ගගීය පියාණන් සමග සමීපයෙන් සමීපයටවූ සම්බන්දතාවයකට ඇදගනු ලබයි.

අභ්‍යන්තරික දැක්ම

ඉහල දෙසට (ස්වර්ගය දෙසට) බැලීම එවැනි පුද්ගලයෙකුව ඔහුගේ හදවත ඇතුලාන්තයේ අභ්‍යන්තර දැකීමකට මඟ පෙන්වයි. යෙසායා ස්වාමින්වහන්සේගේ මහිමය දුටු විගසම, ඔහු එසැනින් තමන්ගේම පාපිෂඨ කම ගැන සැලකිලිමත් වුනේය(යෙසායා 6:1-5). එය යෝබ්, පේත්‍රැස් සහ යොහාන් සමඟද එලෙසම වූවේය). අප දෙවියන්වහන්සේගේ අභිමුඛයේ ජීවත් වන විටදී පමණක්ම, අප ජීවිත තුළ ඇති ක්‍රිස්තුස්වහන්සේ මෙන් නොවන ඉසව් ගැන දැනගන්නෙමු. එහෙයින් ආත්මික සිතැති කෙනෙකු තම ජීවිතය තුළ සිහියෙන් යුක්ත නොවන පාපයන්ගේ සැඟවුනු ඉසව් ගැන නිත්‍ය ලෙස ආලෝකය (වැටහීම) ලබාගනී. ඔහු විසින්ම තම ඇතුලාන්තය දෙස නොබලයි. එය අධෛර්‍යමත්භාවයට ගෙනයාහැකිය. ඔහු දෙවියන්වහන්සේ දෙස බලයි එලෙස තම ජීවිතය තුළ සිහියෙන් යුක්ත නොවන පාප ගැන වැටහීම ලබයි. එය කිසිසේත් ඔහුගේ අධෛර්‍යමත්භාවයට නොව - ධෛර්‍යමත්ව පැවතීමට මඟ පෙන්වයි. (යෝබ් 42:5,6; ශු.ලූක් 5:8 ; එළි.1:17)

එවැනි පුද්ගලයෙකු "සැමවිටම දෙවියන්වහන්සේ සහ මනුශ්‍යයන් ඉදිරියේ තම හෘද සාක්‍ෂිය පිරිසිඳුව තබා ගැණීමට තම උපරිමයෙන් ක්‍රියා කරයි"(ක්‍රියා 24:16). හරියටම ව්‍යාපාරිකයෙකු මුදල් ඉපැයීමට තම උපරිමයෙන් ක්‍රියා කරන්නාසේම, පර්යේෂණාත්මක විද‍්‍යාඥයෙකු නව සොයාගැණීම් සදහා තම උපරිමයෙන් ක්‍රියා කරන්නාසේම, ආත්මික සිතැති පුද්ගලයෙකු තම හෘදසාක්‍ෂිය පිරිසිඳුව තබා ගැණීමට ඒ අයුරින්ම තම උපරිමයෙන් ක්‍රියා කරයි.

එවැනි පුද්ගලයෙකු නිරතුරු තමන්වම විනිෂ්‍චය කරගනී, මක්නිසාද තම ජීවිතය තුළ පවිත්‍ර කරගත යුතුව ඇති බොහෝ දේවල් ඔහු අනාවරනය කරගනී. මේවා බොහෝමයක් අන් ඇදහිලිවන්තයන් හට තම ආත්මික ජීවිතයට බාධාවක් වන්නා වූ දේවල් ලෙස නොපෙනේ.

එවැනි පුද්ගලයෙකු දෙවියන්වහන්සේට තමන්ව ප්‍රයෝජනවත්වීමට බාධා කරන බොහෝ දේ ගැන තමන්ට දිනපතා ඇතුලාන්තයෙන් මරණයට පත්විය යුතු බව වටහා ගනී. එනිසා ඔහුගේ ජීවන රටාව "සැම විටම යේසුස්වහන්සේගේ මරණය දරා ගන්නාවූ" දිනපතා කුරුසිපත් වන්නාවූ එකක් බවට පත්වේ (2 කොරි. 4:10).

එවැනි පුද්ගලයෙකුට තමන්ව ඕනෑම අයෙකු ඉදිරියේ යටහත් කරගැණීමට, හෝ ඕනෑම අයෙකුගෙන් ඔහු තමන්ට වඩා වැඩිමහල් හෝ බාල අයෙකු වූවත් සමාව ඉල්ලීමට කිසිදු ගැටළුවක් නැත. ඔහු ඕනෑම අයුරකින් යමෙකුට හෝ - භාර්‍යයාව හෝ සහෝදරයෙකු හෝ අසල්වාසියෙකුට රිදවා ඇත්නම් තම යාඤාව සහ තම සේවය දෙවියන්වහන්සේ පිළි නොගන්නා බව වටහා ගනී. එහෙයින් තමන් යමෙකුට රිදවා ඇති බව වටහාගත් මොහොතේම, ඔහු" තම පඬුර පූජාසනය අසල තබා ගොස් පළමුව එම පුද්ගලයා සමඟ කාරණය සමතයකට පත්කොට ඉන්පසු දෙවියන්වහන්සේට තම පඬුර පුදකිරීමට පැමිණේ" (ශු:මතෙව් 5:23, 24).

භාහිර බැල්ම

ඉහල බැලීම සහ අභ්‍යන්තරය බැලීම භාහිර බැලීමකට මඟ පෙන්වයි.

ආත්මික සිතැති පුද්ගලයෙකු යනු දෙවියන්වහන්සේ අන් අයට ආශිර්වාදයක්වීම පිණිස තමන්ව ආශිර්වාද කරඇති බව වටහා ගත් අයෙකි. දෙවියන්වහන්සේ බොහෝ සෙයින් ඔහුට කමා කර ඇති නිසා, ඔහු සතුටින් සහ මහත් කැමැත්තෙන් තමන්ට හානි කල සියළු දෙනාට කමා කරයි. දෙවියන්වහන්සේ බොහෝ සෙයින් තමන්ට යහපත්වූ නිසා ඔහුද අන් අයට යහපත්වේ. ඔහු දෙවියන්වහන්සේගෙන් නොමිලේ බොහෝ ලබා ඇති නිසාවෙන් ඔහුද අන් අයට නොමිලේ දෙයි. ඔහුගේ ජීවිතය මතවූ දෙවියන්වහන්සේගේ ආශිර්වාද ඔහුව සියළු මිනිසුන්ට ණය ගැති බවට පත් කර ඇත.

දෙවියන්වහන්සේ වැටීගිය මනුශ්‍යයාට උදව් කිරීමට, ආශිර්වාද කිරීමට, ඔහුව ඔසවා සහ සාතන්ගේ බන්‍ධන වලින් නිදහස් කිරීමට බලවත් සැලකිල්ලෙන් සිටිනසේක. ආත්මික සිතැති පුද්ගලයෙකුගේද බලවත් සැලකිල්ල එයමවේ. එලෙසම යේසුස්වහන්සේ මෙන්, ඔහු තමන් වටා සිටින අයට සේවය කිරීම මිස ඔවුන්ගෙන් සේවය ලැබීම අපේක්‍ෂා නොකරයි. යේසුස්වහන්සේ වටපිට ඇවිදිමින් යහපත කරමින් සහ සාතන් විසින් බන්ධනය කරතැබූවන් නිදහස් කරමින් ගිය සේක(ක්‍රියා 10:38). ආත්මික සිතැති අයෙකු එලෙසම කරනු ඇත.

එවැනි පුද්ගලයෙකු ඔහු ඔවුන්ට කරන සේවය තුළින් කිසි දෙයක් ලබා ගැණීම මුදල් හෝ ගෞරවය අන් අයගෙන් අපේක්‍ෂා නොකරයි. දෙවියන්වහන්සේ මෙන්, ඔහුගේ ජීවිතය සහ සේවය තුළින් අන් අය ආශිර්වාද කිරීම පමණක් අපේක්‍ෂා කරයි. ඔහු කිසිසෙත් කිසිවෙකුගෙන් ත්‍යාග බලාපොරොත්තු නොවේ මන්ද ඔහුගේ සෑම අවශ්‍යථාවයන් සඳහා දෙවියන්වහන්සේ කෙරෙහි පමණක් විශ්වාසය තබයි.

එනිසා සැබැවින් ආත්මික සිතැති පුද්ගලයෙකු ඉහලත්, අභ්‍යන්තරවත්, භාහිරවත් බලන බව අපට දක්නට හැක.

ඔහු ඉහල පමණක් බලන්නේ නම්, ඔහු තාත්වික නොවේ" ඉතා ස්වර්ගික​ සිතැතිවීම භූමිකව ප්‍රයෝජනවත් නොමැති වීමක්වේ".

ඔහු අභ්‍යන්තරය පමණක් බලන්නේ නම්, ඔහු අධෛර්‍යයට පත්වේ.

ඔහු භාහිරව පමණක් බලන්නේ නම්, ඔහුගේ කාර්‍යය නොගැඹුරුවූ මතුපිටින් පමණක් කෙරී ගෙන යන්නාවූ අස්ථිර ඒවා වන්නේය.

නමුත් ආත්මික සිතැති පුද්ගලයෙකු නිරන්තරයෙන් මේ දිසාවන් තුනම දෙස බලයි.

මේ නව වසරේ දෙවියන්වහන්සේ මේ සමබර ක්‍රිස්තියානි දිවිය වඩවඩාත් වර්ධනය කර ගැණීමට ඔබව බල ගන්වන පිණිස යාඤා කරන්න.

ආමෙන්(එය​ එසේම වේවා).