WFTW Body: 

උත්පත්ති 14 හි ආබ්‍රහම් යුද්ධයෙන් නැවත එන අතරේ දී විඩාවට පත් වී, සහ සාමාන්‍ය සේවකයන් 318 දෙනෙකු සමඟ ආබ්‍රහම් බොහෝ රජවරුන්ගේ බොහෝ හමුදා විනාශ කළ හෙයින් බාග වේලාවට උඬඟු කමෙන් සිටින්නට ඇති බව අප දකින්නෙමු. මෙම සටන ජයගැනීමෙන් එක් රැස් වූ සියළුම ධනය එකතු කිරීමේ අනතුරට ද ඔහු පැමිණ තිබුණේය. ඒ කාළයේ දී ඔබ සටනක් ජයගත්තේ නම්, සතුරාගේ සියළුම රන් රිදී ඔබේ ය. එම අවස්ථාවේ දෙවියන් වහන්සේ, උන්වහන්සේගේ සේවකයෙක් ආබ්‍රහම් වෙත එවු සේක. එය දැකීම ආශ්චර්යමත් නොවේ ද? දෙවියන් වහන්සේ සමඟ සම්බන්ධථාවයෙන් යුත්, කිසිවෙකු නොදත් මෙල්කිසෙදෙක් නම් වු මනුෂ්‍යයෙක් එහි පාළුකරයේ ජීවත් වූවේ ය (උත්පත්ති 14: 18). මෙල්කිසෙදෙක් වැදගත් වන්නේ ගීතාවලියේ 110:4 හි, යේසුස් වහන්සේමෙල්කිසෙදෙක් ගේ ක්‍රමවේදයේ (පිළිවෙළේ) හැටියට පූජකයෙකු යැයි සඳහන් වන බැවිනි. එය හෙබ්‍රෙව් 7 වැනි පරිච්ජේදයෙහි ස්ථිර වේ. ශුද්ධ ලියවිල්ලේ මෙල්කිසෙදෙක් ගැන සඳහන් වන එකම තැන උත්පත්ති 14: 18-20 - වාක්‍ය තුනක, එය පමණකි. මෙල්කිසෙදෙක් පෙනී සිට, ඔහුගේ සේවාව සම්පූර්ණ කර නොපෙනී යන්නේ ය. “නුඹ මෙල්කිසෙදෙක් ගේ ක්‍රමවේදයේ (පිළිවෙළේ) හැටියට සදාකාලයට ම පූජකයෙකු” මිස, ලෙවී ගේ (පැරණි ගිවිසුමේ පූජක පංතියේ) ක්‍රමවේදයේ (පිළිවෙළේ) හැටියට පූජකයෙකු නොව යයි දෙවියන් වහන්සේ, උන්වහන්සේගේ පුත්‍රයාට කීසේක. බයිබලයේ වාක්‍ය තුනක පමණක් සඳහන් වූ මෙම මෙල්කිසෙදෙක් නම් වු මනුෂ්‍යයා මෙතරම් වැදගත් වන්නේ කෙසේ ද? හේතුව දැනගනීම අපට යහපත් ය.

ප්‍රථමයෙන් ම ඔහු ජෙරුසලමේ සාලෙම්හි රජු වුවේ ය ( උත්පත්ති 14 : 18). බබිලෝනියෙහි ප්‍රතිවිරුද්ධ ය වන ජෙරුසලම, සැබෑ සභාව විදහාපාන පින්තූරයකි. මෙම සභාවෙහි යේසුස් වහන්සේ මෙල්කිසෙදෙක් ගේ ක්‍රමවේදයේ (පිළිවෙළේ) හැටියට උත්තම පූජකයා වන අතර අපි එම ක්‍රමවේදයේ ම (පිළිවෙළේ ම) හැටියට පූජකයන් ය. යේසුස් වහන්සේ ජෙරුසලමේ රජු වන අතර අපව ද රජවරු වන්නට කැඳවා තිබේ. අපගේ ස්වාමින් වහන්සේ අපව රජවරු කර ඇති හෙයින් අප මෙම පොළොවේ රජ කළ යුතුය. පාපයට හා අපගේ මාංශයේ ආශාවන් (තෘෂ්ණාවන්) ට විරුද්ධව පාළනය කරන්නට අපව කැඳවා ඇත්තේ ය.

මෙල්කිසෙදෙක් කළේ කුමක් ද? ඔහු මුලින්ම ආබ්‍රහම්ට හා ඔහුගේ සේවකයින් 318 දෙනාට කෑම ගෙන ආවේ ය. කිතුණු ගමන ප්‍රායෝගිකය. මනුෂ්‍යයකු වෙහෙසව සිටින කළ ඔහුට අවශ්‍ය වන්නේ කෑම මිස, දේශණයක් නොව! කුසගින්නේ සිටින මනුෂ්‍යයකුට කෑම දීමෙහි කිසිම ආත්මික නොවන දෙයක් නැත. ඔබට, ඔහුට කළ හැකි වඩාත් ම ආත්මික දේ එය ය. එලියා වෙහෙස ට පත්ව සිටින කළ ස්වර්ගයෙන් දේව දූතයකු පැමිණ ඔහුට දෙවරක් ම කෑම දුන්නේ ය (1 රාජාවලිය 19: 6-8). යේසුස් වහන්සේ මරණයෙන් උත්ථාන වී, උන්වහන්සේගේ ගෝලයෝ මුළු රැයක් තිස්සේ මාළු ඇල්ලීමට ගොස් වෙහෙසට පත් වී නැවත පෙරවරුවේ එන විට උන්වහන්සේ ඔවුන්ට කෑම සූදානම් කොට තැබූ සේක ( යොහාන් 21: 9 ). අවශ්‍යථාවයක් නැඟුණු කළ, කෑමෙන් හා භෞතික දෙයින් අන් අයට උපකාර කිරීම සැබෑ ආත්මිකත්වයක් ය. එයයි මෙල්කිසෙදෙක්ගේ පූජකභාවයේ මුල්ම කොටස.

ඉන් පසු මෙල්කිසෙදෙක් ආබ්‍රහම්ට ආශිර්වාද කළ බව තව දුරටත් පවසන්නේය ( (උත්පත්ති 14: 19 ). ඔහු ආබ්‍රහම් ව විවේචනය කළේ නැත. මෙල්කිසෙදෙක්ගේ ක්‍රමවේදය තුළ (පිළිවෙළ තුළ) චෝදනාත්මක ආත්මය සොයා ගන්නට බැරිය. නැත. ආශිර්වාද පමණකි. ඔහු, ඔහුට (ආබ්‍රහම්ට) ආශිර්වාද කළේ කෙසේ ද? ඔහු කීවේ, “අහසත් පොළොවත් හිමි වූ මහෝත්තම දෙවියන් වහන්සේ ආබ්‍රහම් ට ආශිර්වාද කරන සේක් වා. ඔහු ආබ්‍රහම් ට මතක් කළේ ඔහුගේ ( ආබ්‍රහම් ගේ) දෙවියන් වහන්සේ ස්වර්ගයත් පොළොවත් හිමිතුමන් (අයිතිකරු) වූ බැවින් යුද්ධයෙන් දිණූ රන් රිදී ටික ඔහු නොගත යුතු බවය. ඔහු ආබ්‍රහම් ව ගිජුකමින් ගළවන්නට උත්සහ කළේය. ඉන් පසු “ඔබේ සතුරන් ඔබ අතට පාවා දුන් මහෝත්තම දෙවියන් වහන්සේ ට තුති පැසසුම් වේවා” යි ඔහු කීවේය. එළෙසින් ඔහු ආබ්‍රහම් ට මතක් කළේ ඔහුට ජයග්‍රහණය ලබා දුන්නේ ඔහුගේ (ආබ්‍රහම් ගේ) දෙවියන් වහන්සේ බව කීමෙන් ඔහුව උඬඟුකමින් ගළවමින් ය.

ආබ්‍රහම් වෙහෙසට පත් වී සහ කෑම අවශ්‍ය ව සහ ඔහු ගිජුකමින් හා උඬඟුකමින් සිටීමේ අනතුර (අවදානම) - යන මේ ගැටළු තුන ආබ්‍රහම් ට තිබූ බව මෙල්කිසෙදෙක් දැන සිටියේ කෙසේ ද? ඔහුගේ සේවාව මෙම අවශ්‍යථා තුන හරියට ම සපුරාළුවේ කෙසේ ද? ඉළක්කයේ හරි මැදට ම විද්ද ඊතළ මෙන් මෙල්කිසෙදෙක් ගේ සේවාව වූ වේය. ඔහුගේ රහස වූයේ, ඔහු සැමදාම දෙවියන් වහන්සේ ට සවන් දීම පුරුද්දක් කරගත් මනුෂ්‍යයකු වීම ය. ඔහු, ඔහුගේ දක්ෂ අදහස් කරණකොටගෙන ජීවත් නොවී, දෙවියන් වහන්සේ ගේ වචනය කරණකොටගෙන ජීවත් වූ වේය. මිනිසුන්ගේ අවශ්‍යථා හරියට ම සපුරාලීමේ ප්‍රොපේත සේවාවේ රහස මෙය වේ.

සුපුරුදු ලෙස දෙවියන් වහන්සේ ව බලාපොරොත්තුව (දෙවියන් වහන්සේ ට සවන් දීම ට) මෙල්කිසෙදෙක් එක් දවසක් සිටින කළ, දෙවියන් වහන්සේ ඔහුට කථා කොට, “නැගිටින්න 400 දෙනෙකුට පමණ සෑහෙන ආහාර ප්‍රමාණයත්, මෙම වාක්‍ය දෙකෙහි පණිවුඩයත් රැගෙන අහවල් මාර්ගයේ ගමන් කරන, නුඹ කවදාවත් මුණ නොගැසුණු මාගේ සේවකයා ට දෙන්න.” ගාසාවට යන මාර්ගයේ ඉතියෝපීයාවේ නපුංසකයා හමුවීමට ගිය පිලිප් මෙන්, ඔහු හමුවන්නේ කවුද කියාවත් නොදැන මෙල්කිසෙදෙක් නැගිට ගියේ ය. දෙවියන් වහන්සේ කියූ තැනට ඔහු ගිය විට, ඔහු ආබ්‍රහම් ව හමුවිය. ඔහු ආබ්‍රහම් ට ආහාර ද පණිවුඩය ද දී - නැවත නිවස බළා ගියේ ය. මෙය මොන ආකාරයේ සේවාවක් ද - මිනිසුන් ට ආශිර්වාද කර ත්‍යාගයක් හෝ ඇගයිමක් ලබන්නට වත් නොඉඳ නොපෙනී යාම. මෙවැනි පූජකයන් විසින් ජෙරුසලම ගොඩ නැගේ. අද ජෙරුසලමේ සැබෑ රජවරු මොවුන් ය.