WFTW Body: 

උසස් ප්‍රමිතියෙන් යුත් සභා ගොඩනැඟීමට අපට උසස් ප්‍රමිතියක් ඇති නායකයින් අවශ්‍යයය. "මා අනුගමනය කරන්න" (ලූක් 9: 23) කියා යේසුස් වහන්සේ පැවසූ සේක. එමෙන්ම "මා ක්‍රිස්තුස් වහන්සේ අනුගමනය කරන්නාක් මෙන් මා අනුගමනය කරන්න" යි පාවුලුතුමා පැවසුවේය.( 1 කොරින්ති 11: 1; පිලිප්පි 3: 17). අපෝස්තුළු පාවුලුතුමාගේ එම වචනවලින්, ශුද්ධාත්මයාණන් වහන්සේ සෑම වැඩිමහල්ලෙකුගෙන් ම, ඔහුගේ සභාවේ සැමට එසේ පැවසීමට හැකි විය යුතු බව ට බලාපොරොත්තුවන බව අපට දැකගත හැක.

“ඔබගේ සභාවේ සියළු දෙනාට අනුගමනය කළහැකි ආදර්ශයක් ඔබට විය හැකිය.”

බොහෝ වැඩිමහල්ලන් "මාව අනුගමනය කරන්න එපා ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කරන්න"යි පවසයි. එය ඉතා යටහත් භාවයක් හඟවයි. නමුත් එය ඔවුන්ගේ පරාජිත ජීවිතය වසන් කරගැණීම සඳහා නිදහසට කරුණක් පමණි; එමෙන්ම එය ශුද්ධාත්මයාණන්ගේ ඉගැන්වීමට සම්පූර්ණ පටහැනිය. නායකයෙකු ලෙස ඔබේ ජීවිතය සහ කථාව ඉතා ආදර්ශවත් වියයුතුය, එසේ ඔබේ සභාවේ සැමට "මා ක්‍රිස්තුස් වහන්සේ අනුගමනය කරන්නාක් මෙන් මාව අනුගමනය කරන්න" යැයි පැවසීමට ඔබට හැකිවිය යුතුය. පාවුලුතුමාගේ හැරීමට පෙර ඔහු සම්පූර්ණ අසාර්ථක​ තැනැත්තෙකු වූවේය. එහෙත් දෙවියන් වහන්සේ ඔහුව වෙනස් කර ඔහු සර්‍වසම්පූර්ණ අයෙකු නොවූවත්, ඔහුව, අන් අයට අනුගමනය කළ හැකි මහත් ආදර්ශයක් බවට පත් කළ සේක (පිලිප්පි 3: 12 – 14). ලෝකයේ හොඳම කිතුණුවා පවා සර්‍වසම්පූර්ණ නොවනමුත්, සර්‍වසම්පූර්ණත්වය කරා හඹායන්නා පමණි. එනිසා ඔබගේ අතීත ජීවිතයේ බොහෝ අසමර්‍ථවීම් තිබී ඇතත්, තවදුරටත් දෙවියන් වහන්සේට ඔබව අන් අයට අනුගමනය කළ හැකි දේවභක්තික නායකයෙකු කිරීමට පුළුවන .

දෙවියන් වහන්සේගේ ජනතාවගේ නායකයෙකු ලෙස, ඔබ සෙවිය යුතු ගුණාංග හතක් මෙහි (පහත) දැක්වේ :

1. ඔබ සැමවිට යටහත් සහ ළඟාවිය හැකිවූ, කෙනෙකු වියයුතුය. යේසුස් වහන්සේ යටහත් සහ ළඟාවිය හැකි වූ, කෙනෙකු වූසේක ( මතෙව් 11: 29). මිනිසුන්ට උන්වහන්සේ වෙතට ඕනෑම තැනකදී ඕනෑම වේලාවකදී පැමිණිය හැකි විය. නිකදේමුස්ට මැදියම් රාත්‍රියේ උන්වහන්සේගේ නිවසේදී උන්වහන්සේව බැහැ දැකීමට හැකිවිය. එසේම ඕනෑම අයෙකුට ඕනෑම තැනකදී ඕනෑම වේලාවක යේසුස් වහන්සේට කථා කිරීමට හැකිවිය. උන්වහන්සේගේ යටහත් කම දිළිඳුන්ට සුභ-ආරංචිය දේශනා කිරීම පිණිස උන්වහන්සේව උත්සුක කළේය (අප ලූක් 4: 18 කියවන ලෙස). පාවුලුතුමා ඉක්මණින් ඔහුගේ අත්වැරදීම් ඒත්තුගෙන ඒවාට ක්ෂණිකව සමාව අයැදීමට තරම් යටහත් මනුෂ්‍යයෙකු විය ( ක්‍රියා 23: 1- 5). වැඩිමහල්ලෙකු ලෙස ඔබ ද සභාවේ ධනවතුන් සහ දුගීන් අතර කිසිම විශිෂ්ඨතාවයක් (වෙනසක්) නොකළ යුතුය. ඔබට ඔබ ගැන "උදාරම්කමක් (මානයක්, අහංකාරකමක්, උඩඟුකමක්)” නොතිබිය යුතු අතර ඔබගේ අත්වැරදීම් ගැන සමාව අයැදීමට ඉක්මන් වියයුතුය. එසේම ඔබ නිතරම සාමාන්‍ය සහෝදරයෙකු ව සිටිය යුතුය.

2 . ඔබ උදෙසා හෝ ඔබගේ සේවය උදෙසා ඔබ කිසිවෙකුගෙන් මුදල් නොඉල්ලිය යුතු අතර​ ඔබට සරල ජීවන ක්‍රමයක් තිබිය යුතුය. ඔබ, නිදහසින් යුක්තව පිරිනමන ඕනෑම ත්‍යාගයක් ලබන්නේ නම් (පාවුලුතුමා ඉඳහිට ​අවස්ථානුකූළව කළ ලෙස) ඔබ ඒවා ලැබිය යුත්තේ ඔබට වඩා ධනවතුන්ගෙන් විය යුතු අතර ඔබට වඩා දුප්පත් අයගෙන් නොවේ. යේසුස් වහන්සේ, උන්වහන්සේ ට හෝ උන්වහන්සේ ගේ සේවය උදෙසා කිසිවෙකුගෙන් මුදල් නොඉල්ලු සේක. එසේම උන්වහන්සේ ට වඩා ධනවත් අයගෙන් පමණක් ත්‍යාග පිළිගත්සේක (ලූක් 8: 3). යේසුස් වහන්සේ සහ පාවුලුතුමා සරල ජීවිත ගත කළෝය. මුදල් සහ ද්‍රව්‍යමය දේ කෙරෙහි ඔබටද යේසුස් වහන්සේ සහ පාවුලුතුමාට තිබූ ආකල්පය තිබිය යුතුය.

3. ඔබට දේව භක්තික මනුෂ්‍යයෙකු ලෙස සාක්ෂියක් තිබිය යුතුය. ඔබගේ සභාවෙහි ශුද්ධත්වය කෙරෙහි බලවත් හැඟීමක් ඇති - කිසිදු දෙයක දී ඔබගේ ම දේ නොසොයන ඍජු (අවංක) මිනිසෙකු ලෙස ට, ඔබ ප්‍රසිද්ධිය ලැබූ අයෙකු විය යුතුය. ඔබගේ දිව පාලනය කරගත් අයෙකු ලෙසට (යාකොබ් 1: 26; එපීස 4: 26 – 31 ), සහ අසමර්‍ථ වූවන් ට දයාණුකම්පිත අයෙකු ලෙසට ද මිනිසුන් ඔබව දැන සිටිය යුතුය (හෙබ්‍රෙව් 5: 2). එලෙසම සියළුම තරුණ හා මහළු කාන්තාවන් කෙරෙහි සම්පූර්ණයෙන්ම පවිත්‍ර වූ සාක්ෂියක් තිබිය විය යුතුය (1 තිමෝති 5: 2). ඔබගේ ජීවිතය වටා තිබිය යුතු දේවභක්තික සුගන්ධය මෙයයි.

4. ස්වාමින් වහන්සේට ප්‍රේමකිරීමට ඔබගේ දරුවන් ඔබ ගොඩනංවා තිබිය යුතුය. තම දරුවන් කීකරුව සහ ඇඳහිළිවන්තයින්ව සිටින මනුෂ්‍යයෙකු පමණක් වැඩිමහල්ලෙකු ලෙස පත්කළ යුතු බව ශුද්ධාමයාණන් වහන්සේ පවසා තිබේ (1 තිමෝති 3: 4, 5; තීතස් 1: 6). අපගේ දරුවන් අන් අයට වඩා අප ගැන දනිති, මක්නිසාද සැමවේලේම නිවසේදී ඔවුන් අපව දකිති. එනිසා අප නිවසේදී දේවභක්තිකව සිටිනවා ඔවුන් දකින්නේ නම්, ඔවුන් ද ස්වාමින් වහන්සේව අනුගමනය කරනු ඇත (හිතෝපදේශ 22: 6 බලන්න). මෙය පහසු කාර්යයක් නොවේ. නමුත් ස්වාමින් වහන්සේගෙන් ඔබට උපකාර ලබන පිණිස, ඔබට ස්වාමින් වහන්සේ ව විශ්වාස කළ හැකිය. එනිසා ඔබගේ දරුවන්ට ස්වාමින් වහන්සේට ප්‍රේමකිරීම පිණිසත් අන්සියළු මනුෂ්‍යයින්ට ගරු කිරීම පිණිසත් ඉගැන්වීමට ස්වාමින් වහන්සේගේ උපකාරය සොයන්න.

5. ඔබ දෙවියන් වහන්සේගේ සියළුම උපදේශයන් නිර්භීතව දේශනා කළ යුතුය. කිසිම මනුෂ්‍යයෙකු සතුටු නොකොට නව ගිවිසුමේ ලියැවුණු - සෑම ආඥාවක් සහ සෑම පොරොන්දුවක්ම - ඔබ ප්‍රකාශ කළ යුතුය ( ක්‍රියා 20: 27; ගලාති 1: 10 ). ඔබගේ පණිවිඩ අභියෝගාත්මක සහ ධෛර්‍යමත් කරවන යන දෙකම වන ලෙස ට, ශුද්ධාත්මයාණන්ගේ ආලේපය ඔබ නොකඩවා සෙවිය යුතුය.

6. ඔබගේ සභාව ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ සැබෑ ප්‍රකාශ කිරීමක් ලෙස ගොඩනැඟීමේ ආශාවක් ඔබට තිබිය යුතුය. යේසුස් වහන්සේ සියළු පාපයෙන් මිනිසුන් ගැළවීමට සහ ඉන්පසු උන්වහන්සේගේ ජීවනය පිළිබිඹු (ප්‍රකාශ) කරන උන්වහන්සේගේ ශරීරය ලෙස ගොඩනැඟීමට පොළොවට පැමිණි සේක (මතෙව් 16: 18). පාවුලුතුමාගේ ආශාව වූවේ සෑම තැනකම (තම-තමන්ගේ සභාවෙහි) ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ලෙස ක්‍රියා කරන්නා වූ එවැනි සභාවන් රෝපණය කිරීමටයි (එපීස 4: 15). එය ඔබගේද ආශාව විය යුතුය. පාවුලුතුමා එවැනි සභාවන් ගොඩනැඟීමට ඉතා වෙහෙසවී වැඩ කළේය - එසේම ඔබත් එයම කිරීම පිණිස වෙහෙසවී වැඩ කළ යුතුය (කොලොස්සි 1: 28, 29).

7. ඔබගේ දර්ශනයෙහි සහ ආත්මයෙහි පංඟුකාරයන් (බුක්ති විඳින්නන්) වන පිණිස අඩුතරමින් ස්වල්ප දෙනෙක්වත් ඔබගේ සභාවේ නැගිටුවාලීමට ඔබ සෙවිය යුතුයි. වැඩිමහල්ලෙකු ලෙස, ස්වාමින් වහන්සේගේ සාක‍්ෂිය ඔබේ සභාවේ ඊළඟ පරම්පරාව තුළ පවිත්‍රව ආරක්ෂා වී පැවතීම ගැන ඔබ සැලකිළිමත්විය යුතුය. යේසුස් වහන්සේගේ කාර්යයන් ඉදිරියට ගෙනයාමට උන්වහන්සේගේ ආත්මය උරාගත්තා වූ සහ උන්වහන්සේගේ ප්‍රමිතීන්ට අනුව ජීවත්වුවා වූ ගෝලයන් 11 දෙනෙකු උන්වහන්සේ නැගිට වූසේක. පාවුලුතුමා ඔහුගේ යටහත්කමේ සහ පරාර්ථකාමී (තමකම ට නැසී ජීවත් වූ) ආත්මයෙන් ජීවත් වූ, තිමෝතිව සහ තීතස්ව ඔහුගේ කාර්යයන් ඉදිරියට ගෙනයාමට නැගිට වූවේය ( පිලිප්පි 2: 19-21; කොරින්ති 7: 13-15). ඔබත්, ඔබගේ දර්ශනයෙහි සහ ආත්මයෙහි පංඟුකාරයන් (බුක්ති විඳින්නන්) වන පිණිස ස්වල්ප දෙනෙකු ඔබ සභාවේ නැගිටුවීමට ස්වාමින් වහන්සේගේ උපකාරය සොයන්න.

එනිසා ඔබගේ සභාවේ සියළු දෙනාට අනුගමනය කළහැකි ආදර්ශයක් ඔබට විය හැකි වන ලෙසට, ස්වාමින් වහන්සේ, උන්වහන්සේගේ ශුද්ධාත්මයෙන් ඔබව නොකඩවා අලේප කර, ඉහත දැක්වෙන ගුණාංග ලබාගැණීමට ඔබව බලගන්වන ලෙසට ද යාච්ඤා කරන්න.