WFTW Body: 

ආත්මයෙන් පිරුනාවූ සේවය සම්බන්‍ධව පාවුළු තුමාගේ වචන වලින් මා සඳහන් කිරීමට කැමති කරුණු හතරක් තිබේ.

ප්‍රේමනීය - වහලෙක් : සියල්ලට පළමුව ආත්මයෙන් පිරුනාවූ සේවය යනු ප්‍රේමනීය - වහලෙකුගේ සේවයයි. ක්‍රියා 27:23 පාවුළුතුමා "...මා අයිතිවූ සහ මා සේවය කරන්නාවූ දෙවියන්වහන්සේ" ලෙස පවසයි. ඔහු තමන්ගේ දෙවියන්වහන්සේගේ ප්‍රේමණීය - වහලෙකු වූවේය. ඔහු තමන්ගේමවූ ජීවිතයට කිසිදු අයිතිවාසිකමක් තබා නොගත්තේය. ඔහු සියළු දේ තම ස්වාමියාට දී තිබුණි. මෙලෙස, යම් අයෙකු තම මුළු ජීවිතය දෙවියන්වහන්සේට දෙනවිට ඔහු දෙවියන්වහන්සේට මහත්වූ උපකාරයක් නොකරයි. නැහැ! ඔහු උන්වහන්සේගෙන් සොරාගත්දේ දෙවියන්වහන්සේට නැවත භාර දෙනවා පමණි. මා මනුශ්‍යයෙකුගෙන් මුදලක් සොරකම් කර පසුව මාගේ පාපය ගැන වැටහීමකට පැමිණ ඔහුට එය නැවත භාරදුන්නේ නම්, මා සැබැවින්ම ඒ මනුශ්‍යයාට උපකාරයක් කරනවා නොවේ. මා ඔහු වෙත යායුත්තේ පසුතැවිලිවූ සොරෙකු ලෙසටයි. එබැවින් එය අපේ ජීවිත උන්වහන්සේට දීමට දෙවියන්වහන්සේ වෙතට අපට ලඟාවිය හැකි ඉතාම සුදුසු ආකාරයයි. දෙවියන්වහන්සේ අපව මිලදී ගෙන ඇත. අප මෙය හඳුනාගන්නා විට, පූජා වීම සඳහා අප එකම සුදුසුවූ පදනම වෙත පැමිණෙන්නෙමු. පාවුළුතුමා දෙවියන්වහන්සේගේ ප්‍රේමණීය වහලෙකු වූවේය. එය තම සේවයේ හත්වන අවුරුද්දේදී නිදහස්ව යාහැකි හෙබ්‍රෙව් වහලෙකු මෙනි, එනමුදු ඔහු තම ස්වාමියාට ප්‍රේම කරන නිසා එම සේවයේ නොකඩවා නියැලීම තෝරා ගත්තේය(නික්ම. 21:1-6) , පාවුළුතුමා දෙවියන්වහන්සේට සේවය කළේය. ඔහු වැටුපකට වැඩ කරන කුලියට ගත් සේවකයෙකු නොවීය නමුත් තමුන්ගේම අයිතිවාසිකමක් නැතිව සේවය කළ අයෙකු වූවේය. දෙවියන්වහන්සේ උන්වහන්සේට එපමණ යටහත්වූ අයව සොයන සේක, ඔවුන් නිතරම උන්වහන්සේ දෙස බලමින් තමන් උන්වහන්සේ වෙනුවෙන් කුමක් කළයුතු දැයි බලයි - එසේම දෙවියන්වහන්සේ වෙනුවෙන් කළයුතු යැයි තමන්ට හැඟෙන දේ ගැන කාර්‍යබහුල නොවේ. වහලෙකු තමන්ට කරන්නට ආශා දේ සොයමින් එහේ මෙහේ නොයයි. නැහැ. වහලා ස්වාමියාගෙන් අසයි," ස්වාමිණී, ඔබට මා කුමක් කළ යුතුද?" එලෙස ඔහුට පවසන දේ ඔහු කරයි. බයිබලය පවසන්නේ, "දාසයෙකු ගැන ඉතාමත් වැදගත් කරුණ නම් ඔහු තම ස්වාමියා කියන දේ පමණක් කිරිමය​ " (1 කොරි. 4:2-LB)

ධර්මය පැතිරවීමේ මහත් ලැදිකම : දෙවනුව , ආත්මයෙන් පිරුනාවූ සේවයක් යනු අන් අයට එහි ඇති ණයගැති භාවය හඳුනාගත් සේවයකි. පාවුළු තුමා පැවසුවා, " මා ග්‍රීකවරුන්ටත්(ශිෂ්ඨ) ම්ලේච්ජයන්ටත්(අශිෂ්ඨ) ණයකාරයෙක්ව සිටිමි".(රෝම. 1:14). දෙවියන්වහන්සේ ලෝකය සමඟ බෙදා ගැණීමට අපට වස්තුව දී තිබේ. අප මුදල් ඇණවුම් ලෙස විවිධ පුද්ගලයන්ට බෙදා දීමට විශාල මුදල් ප්‍රමාණයක් බාරදුන්නාවූ තැපැල් සේවකයින් වැනිය. එවැනි සේවකයෙකු ඒ එක් එක් අයට නියමිතවූ ප්‍රමාණය ගෙවා අවසන් කරන තුරු ඒ අයට ණයකරුවෙක්ව සිටී. ඔහුට ඩොලර් දහස් ගණනක් තිබිය හැක නමුත් ඉන් එක ශතයක්වත් ඔහුගේ නොවේ. ඔහු බොහෝ අයට ණයකරුවෙකි. අපෝස්තුළුවරයා දෙවියන්වහන්සේ ශුභාරංචි පණිවිඩය ඔහුට බාරදුන්විට එවැනි ණයගැති බවක් හඳුනා ගත්තේය. ඔහු එය බෙදා දියයුතු බව දැනගත්තේය. ඒ වගේම ඔහු ගැලවීමේ පණිවිඩය අන් අයට බෙදා දෙනතුරු ඒ අයට ණයකරුවෙක්ව සිටින බවත් දැන සිටියේය. වසර විසිපහක කාළයක් ශුභාරංචිය දේශනාකිරීමට පසුවත්, පාවුළුතුමා තාමත් පවසන්නේ " මා ණයකරුවෙකි" එසේම රෝම ක්‍රිස්තියානිවරුනට ඔහු පවසන්නේ රෝමයේ මිනිසුන්ට ඇති ඔහුගේ ණය ගෙවීමට ඔහු රෝමයට ඒමට සූදානම් බවයි. රෝම 1:14-16 හී පාවුළුතුමාගේ "මා" යන්න සඳහන්වන තෙවතාව " මා ණයකරුවෙකි....මා සූදානම්....ශුභාරංචිය දේශනා කිරීමට මා ලජ්ජාවන්නේ නෑ"යන්න සලකුනු කර ගන්න. ආත්මයෙන් පිරුනාවූ සේවයක් යනු වැයවීමකි. අන් අයට එහි ඇති ණයගැතිභාවය හඳුනා ගනිමින්, එය සැමවිටම ගොස් එම ණය ගෙවා නිදහස් වීමට සූදානම්ව සිටී. ආත්මයෙන් පිරුනාවූ සේවයකට ධර්මය පැතිරවීමේ ලැදිකමක් ඇති අතර නිරන්තරව වැයවේ. එය තමන්ගේම සෑහීමට පත්වීමට වඩා අන් අයගේ අවශ්‍යතා ගැණ සැලකිලිමත්ය. ක්‍රිස්තුස්වහන්සේ කිසිවිට තමන්ගේම සතුට බලාපොරොත්තු නොවීය (රෝම. 15:3).

මනුශ්‍ය අප්‍රමාණවත් බව : තෙවනුව, ආත්මයෙන් පිරුනාවූ සේවයක් යනු මනුශ්‍ය අප්‍රමාණවත් බාවය ගැන දැනුවත්වූවකි. 2 කොරින්ති 10:1හි පාවුළුතුමාගේ වචන සලකා බලන්න" මම නුඹලා අතර යටහත් වූවෙකි"- හෝ වෙනත් වචන වලින් කිවහොත් " සිත්ගන්නා සුළු ස්වභාවයක් මට නැත." ඉතිහාස කථා අපට පවසන්නේ පාවුළුතුමා අඩි 4 අඟල්10 උස සහ කෙස් රහිත අයෙකුවූ බවයි. ඔහුට වක්වූ නාසයක් තිබූ අතර ඇස් රෝගයකින් පෙළුනාවූ අයෙකු වන්නටද ඇත. පෙනෙන ලෙසට ඔහුට චිත්‍රපට නළුවෙකුගේ ස්වරූපයක් තිබී නොමැත. ඔහුගේ වෙහෙසීමේ සාර්ථකත්වය කිසිදු මනුශ්‍ය සාධකයක් මත යැපී නැත, මන්ද ඔහුගේ ප්‍රවිෂ්‍ඨවීමේ හෝ කථා විලාශයේ සිත්ගන්නාසුළු බවක් තිබී නැත. ඔහුගේ දේශනා කිරීම සම්බන්ධව, පාවුළුතුමා කොරින්තිවරුනට පවසන්නේ," මම නුඹලා සමඟ සිටියේ බියෙන් සහ බොහෝ වෙව්ලීමෙන් යුතුවයි" (1 කොරි. 2: 3). ඔහු දේශනා කරන විට දෙවියන්වහන්සේගේ බලය ඔහු තුළින් ගලා යනවාට වඩා ඔහුගේ දුර්‍වලතාවයන් ගැන දැනුමෙන් යුතු වූවේය. මේ ආත්මයෙන් පිරුනාවූ සේවයයි - මන්ද පාවුළු තුමාගේ දේශනාවල ප්‍රතිඵලයක් ලෙස නොඇදහිලිවන්තවූ කොරින්තියේ සභාවක් ස්ථාපිත කෙරුණු බව මතක තබාගන්න.

අපගේ කැඳවීම සම්පූර්ණ කිරීම : සිව්වෙනුව, ආත්මයෙන් පිරුනාවූ සේවයක් යනු දෙවියන්වහන්සේගේ විශේෂිත කැඳවීම සම්පූර්ණ කරන්නාවූ සේවයකි. කොලොස්සී 1:23, 25, පාවුළුතුමා පවසනුයේ "මාව සේවකයෙක් කරනු ලැබ සිටිමි", සහ 1 තිමෝති 2:7 , " මා අපෝස්තුළුවරයෙකු ලෙස ආලේප ලැබ සිටිමි". පාවුළුතුමා කිසි මනුශ්‍යයෙක් විසින් නොව ඇන වලින් අත් සිදුරුවූ තම ගැලවුම්කරුවානන්ගෙන් ආලේප ලැබ තිබුණි. පාවුළුතුමාව අපෝස්තුළුවරයෙකු වීමට කැඳවනු ලැබූවේ දෙවියන්වහන්සේ විසිනි. මෙම කැඳවීම ඔහුට දී තිබූ බව කොලොස්සී 1:25 ඔහු පවසයි. එය දෙවියන්වහන්සේගේ දීමණාවකි එසේ නොමැතිව ඔහු විසින් ඉපයූ හෝ දිනාගත් දෙයක් නොවේ.ඔහු එම වාක්‍යයේම ඔහුගේ කැඳවීම අන්‍යයන්ට සේවය කිරීම පිණිස ලැබූ බවද පවසයි. එය දෙවියන්වහන්සේගෙන් සභාව ගොඩනැඟීමේ කාර්‍යයට ඔහුට ලැබුණු ගබඩාභාර කමකි. අප එකිනෙකාට දෙවියන්වහන්සේගෙන් විශේෂිතවූ කැඳවීමක් ඇත. උන්වහන්සේ විසින් නොකැදවූවාවූ දෙයකට අපව සාදන්න යැයි දෙවියන්වහන්සේගෙන් ඇසීම නිරර්‍ථකවූ දෙයකි - මන්ද අප එකිනෙකා ලැබිය යුතු දීමනාව තීරණය කරන්නේ ශුද්ධාත්මයාණන්වහන්සේය. පාවුළුතුමාව අපෝස්තුළුවරයෙකු ලෙස කැඳවනු ලැබිණි. නමුත් සෑම අයෙකුටම එවැනි කැඳවීමක් නැත. අප විසින් දෙවියන්වහන්සේගේ මුහුන සෙවිය යුතුම කරුණ වන්නේ උන්වහන්සේ අපව කිරීමට කැඳෙව්වාවූ දේ කිරීමට අවශ්‍ය බලය උදෙසායි."ස්වාමින්වහන්සේ තුළ නුඹ ලැබුවාවූ සේවය ගැන සැලකිල්ල යොමු කර එය සම්පූර්ණ කරපන්න" යන්න පාවුළුතුමාගෙන් ආකිපස් ලැබූ අවවාදයයි ( කොලොස්. 4:17). දෙවියන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය තුළ බොහෝ දීමණා තබා ඇත. අපට වැදගත්වන්නාවූ කාරණය නම් අපගේ දීමණාව සහ කැඳවීම හඳුනා ගැණීමය - සහ එම දීමණාව භාවිතා කිරීම සහ එම කැඳවීම සම්පූර්ණ කිරීමයි. ආත්මයෙන් පිරුනාවූ සේවය යනු දෙවියන්වහන්සේ අපට දෙන්නාවූ එම විශේෂ කැඳවීම සම්පූර්ණ කිරීමේ සේවයයි. අලුත් ගිවිසුම විශේෂයෙන් අපව සෙවීම සඳහා ධෛර්‍යමත් කරන්නාවූ එක් දීමණාවක් තිබේ නම් ඒ ධර්ම වාක්‍ය කීමේ දීමණාවයි (1 කොරි. 14:39). මෙය සමහරවිට අද දවසේ ස භාවට බොහෝ සෙයින්ම අවශ්‍ය වන්නාවූ දීමණාව විය හැක. ධර්ම වාක්‍ය කීමේ සේවය, වර්ධනය කරන්නාවූ ( ශක්තිමත් කරන සහ ගොඩනඟන්නාවූ), අනුශාසණා කරන්නාවූ ( තරවටු කරන සහ අභියෝග කරන) සහ සනසන්නාවූ (සැනසීම සහ ධෛර්‍යමත් කරන්නාවූ) එකකි ( 1කොරි.14:3). දෙවියන්වහන්සේ විසින් සභාව තුළ අපට දෙවියන්වහන්සේගේ සත්‍ය කථා කරන්නාවූ බියනැති සහ කිසිවෙකුට විශේෂයක් නොදක්වන්නාවූ, තම වැටුප තත්වය සහ ප්‍රසිද්ධිය ගැන වඩා උනන්දු වන්නාවූ වෘත්තිමය ආගමික ධර්මාචාර්‍යවරුන්ට වඩා වෙනස් ගණයේ ප්‍රොපේතවරුන් ලබා දෙනමෙන් අප යාඤා කිරීමට අවශ්‍යවේ. දෙවියන්වහන්සේ අප එක් එක් අයට අපගේ කැඳවීම කුමක්දැයි දැනගැණීම පිණිස උනන්දුවෙන් උන්වහන්සේගේ මුහුණ සෙවීමට උපකාර කරන සේක්වා.