WFTW Body: 

සමහර ඇදහිලිවන්තයින් දේව වචනය සලකන්නේ සම්පූර්‍ණයෙන් වාගේ එකම නියෝගයක් එනම් - ලෝකයේ සියළුම තැන් වලට ගොස් සෑම මැවිල්ලකටම ශුභාරංචිය දේශනා කිරීම ලෙසටයි ( ශු:මාර්ක් 16:15 ). සැබැවින්ම මෙම ආඥාවට ලොව පුරා ක්‍රිස්තුස්වහන්සේගේ සම්පූර්‍ණ ශරීරය - විශේෂයෙන්ම ක්‍රිස්තුස්වහන්සේ විසින් ශරීරයට ඉවැන්ජලිස්ත වරුන් ලෙස දී ඇති අය කීකරු විය යුතුයි ( එපීස. 4:11). ක්‍රිස්තුස් වහන්සේගේ මෙම නියෝගය උන්වහන්සේගේ අනිකුත් නියෝගයන් එනම් ගොස් සියළු ජාතීන් ගෝලයින් කරපල්ලා යන්න තුළින් සමතුලිත නොවන්නේ නම් එම කාර්‍යය තවමත් අසම්පූර්‍ණව තිබේ ( ශු:මතෙව් 28:19 ).

යේසුස්වහන්සේගේ නාමය කිසිසේත් අසා නොමැති අයහට ලොවපුරා ගොස් බොහෝ පෞද්ගලික මිලයක් යටතේ ශුභාරංචිය දේශනා කළාවූ අය ගැන අප දෙවියන්වහන්සේට ස්තූතිවන්ත වන්නෙමු. නමුත් විසිවන ශතවර්ශයේ ඉවැන්ජලිස්ත සේවාවේ කනගාටුදායක සත්‍ය නම් ශු:මතෙව් 28:19,20 තෙවැදෑරුම් නියෝගයේ - ගෝලයින් බිහි කිරීම ඔවුන් පියාණන්ගේත්, පුත්‍රයාණන්ගේත්, ශුද්ධාත්මයාණන්ගේත් නාමයට දියේ ගිල්වීම සහ යේසුස්වහන්සේගේ සියළුම ආඥා වලට කීකරු කරවීම බොහෝ දුරට සම්පූර්‍ණයන්ම ප්‍රතික්‍ෂේප කර ඇත. බොහෝ ඇදහිලිවන්තයින් ගෝලයින් බිහි නොකොට ඉවැන්ජලිස්ත සේවය අවධාරනය කරන විට නැතිවූ අවධාරණය - ගෝලයින් බිහි කිරීම නැවත පිහිටුවීම සහ අවසන් නොකරන ලද කාර්‍ය සම්පූර්‍ණ කිරීම අපගේ කාර්‍ය වනු ඇත.

බොහෝ අය ලෝකයේ ශුභාරංචිය ගෙන යාමේ කාර්‍යයන් අවසන් කර නොමැති විවිධ ප්‍රදේශ වලට යාම ගැන පමණක් සිතයි. දෙවියන්වහන්සේ එම බර ඉවැන්ජලිස්ත කැඳවීම ඇති අයහට දෙන්නේය. නමුත් අන් අයට දෙවියන්වහන්සේ එසමාන වෙනත් වැදගත්වූ කාර්‍යයක් - වඩා අපහසු කාර්‍යය - එනම් මෙම හැරුනාවූ අය ගෝලයන් බවට පත්කිරීම - දෙනු ලබයි.

මෙය වඩු මඩුවකින් උපමාවක් ලෙස ගතහොත් වඩු කාර්මිකයින් බොහෝ දෙනෙකු මේස සෑදීමේ නිරතවන අතර වැඩි දෙනෙක් කකුල් හතර පමණක් සකස් කිරීමට කාර්‍යබහුලව සිටින අතර ඉතා සුළු පිරිසක් මේස සම්පූර්‍ණ කිරීම පිණිස මතුපිට ලෑල්ල සැකසීමේ යෙදෙයි. ප්‍රතිඵළය නම් වඩුමඩුව නිම නොකරන ලද මේස වලින් පිරී තිබෙන අතර වඩුකාර්මිකයන් තවදුරටත් භාගෙට නිමැවූ වැඩ කිරීමෙහි කාර්‍යබහුලව සිටී. යේසුස්වහන්සේ නාසරෙත්හී වඩුමඩුවේ සැමවිටම මේසයක් සම්පූර්‍ණ නොකර අනික් එකට ගියේ නැතිබව අපට සහතික කරගත හැකියි. උන්වහන්සේ සැම විටම ආරම්භ කළ කාර්‍ය සම්පූර්‍ණ කිරීම කෙරෙහි විශ්වාස කළ සේක(උන්වහන්සේ කුරුසියේදී හැඬු ලෙස" එය සම්පූර්‍ණයි" ). එසේම අද දවසේද උන්වහන්සේ එසේමය. අප උන්වහන්සේ සමඟ හවුල් වැඩ කරුවන් මෙන්ම සම්පූර්‍ණවූ කාර්‍යයක් සදහා විශ්වාෂයද තැබිය යුතුමය. සියළුම හැරුණාවූ අය ගෝලයන් බවට පත් කළ යුතුය.

පරණ ගිවිසුම තුළ දෙවියන්වහන්සේගේ ජනතාවවූ යුදෙව්වරුන්ට එක් ශරීරයක් වීමට නොහැකි විය. එය හැකි දෙයක් බවට පත්වූවේ යේසුස්වහන්සේ ස්වර්‍ගයට නැඟී මනුශ්‍යයා තුළ වාසය කිරීමට ශුද්ධාත්මයාණන් වැගිරවීමෙන් පසුව පමණි. පරණ ගිවිසුම තුළ ඉශ්‍රායෙල් ජනතාව රැස්වූ සෙනගක් වූවේය. ජාතිය ප්‍රමාණයෙන් වර්ධනය විය නමුත් එසේ වූවත් එය රැස්වූ සෙනගක් වුනි. කෙසේ නමුත් අලුත් ගිවිසුම තුළ දේවස්‍ථානය ශරීරයක් විය යුතුය රැස්වූ සෙනගක් නොවේ.

දෙදෙනෙකු එක් අයෙකු නොවන්නේ නම්, එවිට එහි ඔබට ඇත්තේ රැස්වූ සෙනගක් පමණි. ක්‍රිස්තු ශරීරයේ වැදගත්ම දෙය වන්නේ ප්‍රමාණය නොව එක්සත් කමයි. එසේ මේ තත්වයන් යටතේ රැස්වූ සෙනගක් නොවන "දේවසථානයක්" සොයා ගැණීම අපහසුව වන්නේය. යමෙකුට සෑම තැනකම ප්‍රමාණයෙන් වර්ධනය වන්නාවූ සභාවන් හමුවේ - නමුත් එක්සත්භාවය තුළ නොවේ. ආරවුල් සහ ඊර්‍ෂයාව සහ තරඟකාරිත්වය නායකත්‍ව මට්ටමේදී පවා හමුවේ.

දෙවියන්වහන්සේ ලොව පුරා වෙනස්වූ ස්ථානයන්හී ක්‍රිස්තු ශරීරයේ පිළිබිඹු වීමකට ආශා කරන සේක. බබිලෝනීය ක්‍රිස්තියානිත්‍වයට මෙය ඉෂඨ කල නොහැක. යේසුස්වහන්සේගේ ගෝලයන්ගේ සලකුණ එකිනෙකාට ඉතා උනන්දුවෙන් ප්‍රේම කිරීම මිස ගණනින් විශාලවීම නොවේ යැයි වටහා ගත්තාවූ ඉතිරි කරගත් පිරිසක් තුළින් දෙවියන්වහන්සේගේ කාර්‍යය තවමත් කෙරීගෙන යන්නේය.

ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය තුළ අයෙකු දීමණා ලත්තෙකු නොවුණත් එක් එක් කෙනා වැදගත් වන්නේය. ඔහු වටින්නෙකි මක්නිසාද ඔහු ශරීරයේ අවයවයකි. සත්‍ය වශයෙන් එය පවසන්නේ දෙවියන්වහන්සේ දීමනා නොලත් අයෙකුට ඉතා ගෞරව කරන බවයි එවිට ශරීරයේ එක්සත්භාවය ඇතිවේ ( 1කොරි. 12:24,25 ). දෙවස්ථානය තුලදී, අප දෙවියන්වහන්සේගේ උදාහාරණ අනුගමණය කළ යුතු අතර කිසිදු දීමණාවක් නැති අය වුවත් ඔවුන් දේවබියැති සහ යටහත් වූවන් නම් ගෞරව කළ යුතුය. බබිලෝනියේදී දීමණා ලත් දේශකයා, දීමණා ලත් ගායකයා හා ගැලවීම ලැබුවාවූ අභ්‍යවකාශගාමියා ගෞරව ලබන්නෝය. නමුත් දේවස්ථානයේදී(දෙවියන්වහන්සේගේ කූඩාරමෙදී) අප දෙවියන්වහන්සේට භය ඇත්තන්ට ගෞරව කරන්නෙමු ( ගීතාවලිය 15:1 – 4 ).

අපට සියළුම ක්‍රිස්තියානි අයට උන්වහන්සේ ඉගැන්වූ සියල්ලට කීකරු වීමට ඉගැන්විය යුතු බව යේසුස්වහන්සේ පැවසූ සේක ( ශු:මතෙව්: 28:20 ). පූජාවට වඩා කීකරුවීම දෙවියන්වහන්සේට අවශ්‍යය ( 1 සාමුවෙල් 15:22 ). දෙවියන්වහන්සේ උන්වහන්සේට ඇති ප්‍රේමය ඔප්පු කිරීම පිණිස අප විවිධකාරයෙන් වන ශාරීරික පීඩා තුළින් යාම අවශ්‍ය බව නොඇදහිලිවන්ත සංකල්පයකි. මෙය ඉන්දියාවේ නොඇදහිලිවන්ත සංස්කෘතිය තුළ බොහෝ ව්‍යාප්තවූවකි එසේම එය අවාසනාවන්ත ලෙස අප රටේ ක්‍රිස්තියානිත්‍වය තුළද පැතිරී ඇත. එහෙයින් ආත්මිකත්‍වය දක්නට යන්නේ කෙනෙකු රැකියාව අතහැර දුෂක්ර ප්‍රදේශයකට ගොස් බොහෝ අපහසු කම් දරාගෙන සිටීමක් ලෙසය. මේ සියළු දේ තුල කැපකිරීම් ගණනාවක් තිබිය හැක නමුත් ඒවා දේව වචනයට කීකරුවීම වෙනුවට ගත නොහැක.

යේසුස්වහන්සේට ඇති අපගේ ආදරය ඔප්පු වන්නේ උන්වහන්සේ ශු:යොහාන් 14:15 පැවසූ ලෙස පූජාවන් තුළින් නොව උන්වහන්සේගේ ආඥාවන්ට කීකරු වීමෙනි. ශු:මතෙව් 5 -7 යේසුස්වහන්සේ ඉගැන්වූ සියළු දේට කීකරුවීම උන්වහන්සේට අපගේ වැටුපෙන් 50% ක් දීම හෝ අපගේ රුකියාව අතහැර මිශනාරිවරයෙකු වීම වැනි දේට වඩා මහත්වූ ඔප්පු කර පෙන්වීමකි.

ශුද්ධ කම සැබෑ සභාවේ ආවේනික ගුණාංගයයි(යෙරුසලෙම). එනිසා යෙරුසලම තුළ වර්ධනය මණිනු ලබන්නේ එකිනෙකාට ප්‍රේමකිරීම ඇතුලත්වන ශුද්ධ කම තුළ වර්ධනයෙනි. ජීවනයට මාර්ගය ඉතා පටු බවත් ඉතා ස්වල්ප දෙනෙකු එය සොයා ගන්නා බවත් යේසුස්වහන්සේ පැවසූ සේක. පටු මාර්ගය යේසුස්වහන්සේ කලාක් මෙන් පටු ලෙස ප්‍රකාශ කරන්නාවූ අය ඔවුන්ගේ සභාවලට සුළු පිරිසක් සම්බන්‍ධවීම දැනගනී ( ශු:මතෙව් 7:13,14). අනෙක් අතට අප දොරටුව යේසුස්වහන්සේ කලාට වඩා පලල් කරන්නෙමු. අද දවසේ ක්‍රිස්තියානිත්‍වය බොහෝ සෙයින් මුළාව ගොස් තිබෙන්නේ මෙතැනයි. යේසුස්වහන්සේ පටු දොරටුව සහ පටු මාර්ගය සම්බන්‍ධව කන්ද උඩ දේශනාවේ (ශු: මතෙව් 5,7 ) කතා කළ සේක. එහෙයින් එම පරිච්ඡේදවල අඩංගු වන්නේ පටු දොරටුව සහ පටු මාර්ගය සංස්ථාපනය කෙරෙන්නේ කුමකින්ද යන්නය.