WFTW Body: 

දෙවියන් වහන්සේ මනුෂ්‍යයෙක් හා ඔහුගේ බිරිඳ එක් කෙනෙක් ලෙස සෑදුවේ, ඔවුන් තුළින් උන්වහන්සේ ට දේව භක්තික දරුවන් ඇතිවන්නා සේය’යි අප මලාකි 2: 15 හි කියවන්නෙ මු. ඕනෑම කෙනෙකු ට දරුවන් බිහි කළ හැක. නමුත් යේසුස් වහන්සේගේ ගෝලයා දේව භක්තික දරුවන් බිහි කරයි. මෙයට, පළමු අවශ්‍යථාව ය වන්නේ, අවම වශයෙන් දෙමාපියන් ගෙන් එක් කෙනෙකු හෝ ඔහු/ඇය යේසුස් වහන්සේ ට මුළු හදවතින් ප්‍රේමකරන, උන්වහන්සේගේ සැදැහැවත් අවංක ගෝලයෙක් විය යුතුය. උදාසීන (කොහේටත් නැති) කිතුණුවන් ට, දේව භක්තික දරුවන් බිහි කළ නොහැක. දෙවන වැදගත් අවශ්‍යථාවය වන්නේ, සැමියා හා බිරිඳ අතර ඒකත්වය (සමගිත්වය) තිබීම ය. එක් හවුල්කරුවෙකු ගෝලයෙකු නොවන්නේ නම්, මෙය වීම ට නොහැකිය. එවිට අනෙක් හවුල්කරු ඔහුගේ/ඇයගේ දරුවන් වෙනුවෙන් සාතන්ට විරුද්ධව තනියම පොර බැඳිය යුතුය. නමුත් දෙදෙනා ම මුළු හදවත් ඇත්තන් වන්නේ නම්, වැඩ කොටස වඩාත් පහසු ය. නිවැරදි විවාහ-සහකරු තේරීම ඉතා වැදගත් වන්නේ මේ නිසාය. අඹු-සැමි යුවළ (සැමියා හා බිරිඳ) අතර නිතරම රණ්ඩු දබර කර එකිනෙකා ට වරද පටවනවා නම්, දරුවන් දේව භක්තික ව ගොඩ නගන්න ඉතා අසීරුය. ඔබට දේව භක්තික නිවසක් ගොඩනගන්න අවශ්‍ය නම්, එය උදෙසා ඔබගේ බොහෝ අයිතිවාසිකම් අත් හැරීමට සිදු වුවත් - ඔබගේ සැමියා/බිරිඳ සමඟ ඒකත්වය (සමගිත්වය) සොයන්න. ඔබගේ දරුවන් අවසානයේදී, ස්වාමින් වහන්සේ ව අනුගමනය කරන විදිහ දකින කළ (දුර-දිග බලන කළ) - එය සැබැවින් ම වටින්නේ ය. ගෝලයන් දෙදෙනෙකු අතර ඒකත්වය (සමගිත්වය) තුළ අතිවිශාල බලයක් ඇත. ගෝලයන් දෙදෙනෙකු පොළොවෙහි ඒකත්වය ට පැමිණීමේ දී, ස්වර්ගීය ස්ථානවල (දෙවන ස්වර්ගයෙහි - සාතන් සහ ඌගේ පිශාචයෝ වෙසෙන ස්ථානය එපීස 6: 12) සාතන්ගේ දුෂ්ඨ (ව්‍යාකූළ) ක්‍රියා බඳිනු ලබන්න ඔවුන ට ආධිපත්‍යය ඇති බව යේසුස් වහන්සේ ( මතෙව් 18: 18-20) හි කී සේක. අපට, අප නිවසෙන් හා අපගේ දරුවන් ට බලපෑම් කිරීමෙන්, දුෂ්ඨ ආත්ම බැහැර ව තැබිය හැකි වන්නේ මෙයාකාරයෙන් ය. එපීස 5: 22 – 6: 9 දක්වා ශුද්ධාත්මයාණන් වහන්සේ නිවසෙහි සම්බන්ධථාවන් ගැන පවසන සේක - බිරිඳ හා සැමියා අතර, දරුවන් හා දෙමාපියන් අතර, සේවකයන් හා ස්වාමිවරු අතර. ඉන්පසු සැණෙකින්, (10 පදය සිට) ස්වර්ගීය ස්ථානවල (දෙවන ස්වර්ගයෙහි) දුෂ්ඨ ආත්ම සමඟ පොර බැඳීම ගැන ශුද්ධාත්මයාණන් වහන්සේ තවදුරටත් පවසන සේක. එයින් අපට උගන්වනුයේ කුමක් ද? හරියට ම මෙයයි - සාතන්ගේ සටන් ප්‍රාථමික ව නිවෙස් තුළ සම්බන්ධථාවන් කෙරෙහි ඉළක්ක කොට ඇති බවට ය. මෙතැන යි, අපි මුලින් ම සාතන්ව පරාජය කළ යුතු වන්නේ.

“නිවෙස් දුර්වල නම් , සභාව දුර්වලය.”

එකිනෙකා සමඟ රණ්ඩු දබර කරන බිරිඳ හා සැමියාට, ඔවුන්ගේ නිවසට ඇතුළු වී තම දරුවන් ට පහර දෙන්න සාතන්ට දොර විවෘත කරන්නේ (ඔවුන් අතරේ, ඔවුන් ම විසින් ඇතිකළ හිඩස තුළින්) ඔවුන් ම බව වැටහෙන්නේ නැත. දෙමාපියන්ට අශිෂ්ඨ ව පිළිතුරු දෙන හිතුවක්කාර දරුවෙකු, සමහරවිට එළෙසම තම සැමියාට කථාකරන ඔහුගේ මවගෙන් හෝ ස්වාමින් වහන්සේ ට යම් ක්ෂේත්‍රයක දී හිතුවක්කාර තම පියාගෙන් එම වසංගතය (ආසාදනය) බෝවන්න ට ඇති. මූලිකව ම දෙමාපියන් නිවසට ගෙනා වසංගතයට, අසරණ දරුවා ට දොස් පැවරීමෙන් පළක් නොවේ!! මුළින්ම පසුතැවිළි විය යුතු වන්නේ දෙමාපියන් ය. ඔබගේ නිවසෙහි ප්‍රමාණය (විශාලත්වය) හෝ ඔබගේ නිවසෙහි අලංකාරය හෝ ඔබගේ නිවසෙහි ඇති යාන්ත්‍රික උපකරණ වලට වඩා ඒකත්වය (සමගිත්වය) ඉමහත් ලෙස වැදගත්ය. කුඩා පැලක ජීවත්වන පවුලක වුවද, ඔවුහු ඉස් ඉස්සෙල්ලා ම ස්වාමින් වහන්සේගේ ගෝලයෝ වූවේ නම්, දෙවියන් වහන්සේගේ මහිමය ප්‍රකාශ විය හැක. ඒදන් උයනේ දී ආදම් සහ ඒව ට බෝවුණු, අන් අයට වරද පැටවීමේ (තැබීමේ) දරුණු වසංගතයෙන් යේසුස් වහන්සේගේ සැබෑ ගෝලයෙකු නිදහස ලැබූ වූවකි. ආදම්ගේ පාපයට ඔහු ඒව ට වරද පැටවුවේ ය, ඒව ගේ පාපයට ඇය සර්පයාට වරද පැටවුවේ ය. “ආත්මයෙන් දිළිදුන් ට” ස්වර්ග රාජ්‍යය හිමි වන්නේ ය (මතෙව් 5: 3) - ආත්මයෙන් දිළිදු අයකුගේ ස්වභාවික (ආවේනික) ලක්ෂණය නම්, ඉස් ඉස්සෙල්ලා ම තමාගේ ම දුර්වලකම හා අවශ්‍යථාවය ගැන පැහැඳීමක් ඇති වීම ය. සැමියා සහ බිරිඳ යන දෙදෙනා ම ආත්මයෙන් දිළිදු නම්, පොළොවේ ඔවුන්ගේ නිවසෙහි, ස්වර්ගයේ යම් අංශු මාත්‍රයක් (මඳක්) පමණවත් අත්දැකීම ට පරිවර්ථනය කරන්නෙමු ව. එවැනි නිවසක එකිනෙකා තමාව ම විනිශ්චය කරනවා මිස, අනෙකා ට වරද පැටවීමෙන් වළකි. සාතන් ට එවැනි නිවසකට කිසි විට ඇතුල්වීමට මාර්ගයක් නොමැත. ඔබට සිතාගන්න පුළුවනි ද එවැනි නිවසක වෙසෙන දරුවන්ට කොපමණ අතිවිශාල ආශිර්වාදයක් උරුම වේවි ද කියා?

“රැකියාවක යෙදෙන මව්වරු” ගැන යම් වචනයක් මා කියන්න කැමැත්තෙමි. අවාසනාවට මෙන් අපගේ මේ කාලයේ (වකවානුවේ) සමහර නගරවල අධික ජීවන මට්ටම නිසා, මෙය අත්‍යාවශ්‍ය වී ඇත. නමුත් එවැනි මව්වරු යම් මූලධර්ම (ක්‍රියාකාරකම්) මනසෙහි රඳවා ගත යුතු ය. තීතස් 2: 5හි ස්ත්‍රීන් හට දෙවියන් වහන්සේගේ කැමැත්ත වනුයේ මූලිකව “නිවසෙහි සේවිකාවන්” විය යුතු බව ය. එනිසා, මවක් ඇගේ නිවසේ වගකීම් පැහැර හැර, නිවසෙන් පිට උසස් පන්තියේ වෘත්තියක් පසුපස හමා නොයා යුතුය. ඇගේ ආදරය (ස්නේහය) හා භක්තිය (ආත්ම පරිත්‍යාගය) ප්‍රාථමික ව අනුපිළිවෙලින්, ස්වාමීන් වහන්සේ ට, ඇගේ සැමියා ට, හා ඇගේ දරුවන් ට නිරන්තරයෙන් ම විය යුතුය. ඇගේ රැකියාව (ඇයට එකක් අවශ්‍ය ම නම්) ඉහත තුනට පසුව, ප්‍රමුඛථා නොම්මර හතර විය යුතුය. නිවසෙහි කිසිම දරුවන් නැති විවාහ ස්ත්‍රීන් ට, වැඩි කරදරයක් නොමැතිව රැකියාවකට යා හැකිය. මේ දිනයන්හි පොඩි දරුවන් ඇති මව්වරුන් රැකියාවකට යාමට සාමාන්‍ය හේතු දෙකක් පවතී: 1. උන්නතිය (නොනැසී ජීවත් වීම) උදෙසා, සැමියාගේ වැටුප පවුලේ නඩත්තුවට කිසිසේත් ම ප්‍රමාණවත් නොවන කළ. 2. සුපෝපභෝගී ජීවනයක් උදෙසා, උසස් ජීවන රටාවකට සැමියා හා බිරිඳ ට භුක්ති විදීමට අවශ්‍ය වීම නිසා. ඔබගේ ම කාරණයේ දී එය උන්නතිය උදෙසා බව, ඔබට අවංක ලෙස දෙවියන් වහන්සේ ඉදිරියෙහි කියන්න හැකි නම්, එවිට දෙවියන් වහන්සේ ඔබගේ පවුලේ සියලුම වගකීම් වලට අනිවාර්යෙන් ම විශේෂිත අනුග්‍රහයක් ලබා දෙන බව ඔබට ස්ථිර විය හැකිය. කෙසේ වෙතත් සුපෝපභෝගී ජීවනයක් නම් සැබෑ හේතුව, එසේනම්, ඔබ සැබෑ අනතුරුදායක ස්ථානයක සිටින බව මා ඔබට අනතුරු ඇඟවීමක් කළ යුතුය. ඔබගේ දරුවන් නිවසෙන් පිට වී දෙවියන් වහන්සේට කිසි වැඩකට නැති හිතුවක්කාරයෙකු වූ පසු, ප්‍රතිවිපාක නෙළාගැනීමට ඔබට සිදුවන්නේ වසර ගණනාවක් ගිය පසුව ය. එවිට එය ගැන කිසිම දෙයක් කරන්න ප්‍රමාද වැඩි ය. මා දේශනා කරන්නේ මා පිළිපැඳු දේ පමණක් බව දෙවියන් වහන්සේ මාගේ සාක්ෂිකරු ය. 1969 දී අපගේ පළමු පුතා ඉපදෙද්දී මගේ බිරිඳ වෛද්‍යවරියක් ලෙස රැකියාවක් කළේ ය. එම අවස්ථාවේ (ඒ වෙද්දි) අපගේ එකම ආදායම වූවේ මාසයෙන් මාසයට මා ලබපු සොච්චම (පොඩි ප්‍රමාණය), වන අතර අපට ඉතිරි වූ තිබූ කිසි දෙයක් ද නොතිබුණේ ය. නමුත් පවුල බලා ගැනීමට මගේ බිරිඳ ට ගෙදර නතර වී රැකියාව අත හැරීය යුතු බව අප තීරණය කළෙමු. ඉන් පසු වසර 28 ට, අපගේ පුත්තු හතර දෙනා ස්වාමින් වහන්සේ ට ප්‍රේම කොට උන්වහන්සේ ව අනුගමනය කරන පිණිස ගොඩ නගන්න ට ඇය කිසිම රැකියාවක් නොගත්තේ ය. එහි ප්‍රතිඵලය කුමක් ද? අපගේ පුත්තු හතර දෙනාම නැවත-උත්පාදනය වී, බෞතිස්මය ලබා, ස්වාමින් වහන්සේ ව අනුගමනය කරමින්, උන්වහන්සේ ගේ සාක්ෂි දරන්නන් (මුඛයෙන් නොව, නමුත් තම ජීවිතයෙන්) වීම දැකීමේ ප්‍රීතිය අද අපට ඇත. වසර 28ක් තුළ වෛද්‍යවරියක් හැටියට මගේ බිරිඳ ට හම්බ කරන්න තිබුණා වූ රුපියල් මිළියන තුන හෝ හතර ට වඩා කොපමණ ආශිර්වාදයක් ද මෙය. අද අපිට කිසිදු සන්තාපයක් (ශෝකයක්) නැත. මෙහි අපගේ සාක්ෂිය පළ කරන්නේ මෙවැනි අවශ්‍යථාවයන් හිදී ස්වාමීන් වහන්සේ ගේ කැමැත්ත සොයන අන් මව්වරුන් ව දිරිගැන්වීමට පමණකි.

තව ද තම නිවසට ගෙනෙන සඟරා හා පොත් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් නරඹන රූපවාහිණි වැඩ සටහන් වර්ගය ගැන සැබෑ ගෝලයෙක් සැළකිලිමත් වේ. ගෘහ මූලිකයා ලෙස සැමියා ලෝකාකාර (ලෞකික) කිසි දෙයක් නිවසට ඇතුල් නොවන පිණිස දැඩි (තදබල) දොරටු පාලකයෙක් විය යුතුය. කර්මාන්ත ශාලාවක ප්‍රමිති අංශයේ මූලික යා සෑම භාණ්ඩයක් ම සෝදිසි කර සහතික කරන්නා සේ, ඔහු විය යුතුය. තම දරුවන් ස්වාමින් වහන්සේ ගේ ගෝලයන් වන්නට ප්‍රිය කරන දෙමාපියන් තම දරුවන්ගේ හදිසි ආසාවන් හා සිතුවිලි වලට ඉඩ නොදෙන්න ට වග බලා ගත යුතුය. එවැනි අවස්ථාවන් හිදී ඒවාට ඉඩ දෙන්නේ නම් එය ප්‍රේමය නොවනමුත් මෝඩකම හා ස්වාමින් වහන්සේ කෙරෙහි ඇති අවිශ්වාසවන්ත කමකි. ඕනෑම සභාවක ශක්තිය වන්නේ එහි නිවෙස්වල පවතින්නා වූ ශක්තිය මත වේ. නිවෙස් දුර්වල නම්, සභාව දුර්වලය. සභාවක ශක්තිය රඳා පවතින්නේ මහත් ඝෝෂාව හෝ කණට මිහිරි ගිතිකාවල හෝ හොඳ දේශනා තුළ වුවද නොව, එම සභාවෙහි සාමාජිකත්වය දරණ පවුල්වල දේව භක්තිවන්ත කම මතය. එසේනම් අප, අපගේ භුමියේ, අපගේ ස්වාමින් වහන්සේ ව මහිමයට පත් කරන නිවෙස් තණමු.