WFTW Body: 

1. මූනිච්චාව :

ඉච්ඡාකාරයකු වීම යනු අප සැබැවින්ම පවිත්‍රව සිටිනවාට වඩා පවිත්‍රතාවයක් අප තුළ ඇතිබව අන් අයට හැඟෙන ලෙස හැසිරීමය. එය සදොස් ව සිටීමට හෝ බොරු කීමට සමානය. යේසුස් වහන්සේ මතෙව් 23 : 13- 29 හිදි හත් වතාවක් මූනිච්ඡාකරුවන් මත ශාපය ප්‍රකාශ කළ සේක. පරිසිවරුන්ගේ ඇතුළාන්ත ජීවිතය තෘෂ්ණාධික කමෙන් පිරී ඇතිබව යේසුස් වහන්සේ පැවසූ සේක (මතෙව් 23:25). එහි අර්ථය නම් ඔවුන් ජීවත් වූයේ ඔවුන්ව සතුටු කරගන්න පමණක්ම බව ය. එසේ වුවත් ඔවුන් අන් අය හට හැඟෙව්වේ දේව වචනය තුළ ඔවුන්ගේ මනහර දැනීම නිසාත්, නිරාහාරව සිටීමත්, යාච්ඤා කිරීමත් සහ ඔවුන්ගේ ආදායමෙන් දසයෙන් කොටස දීමත් නිසා ඔවුන් පවිත්‍ර වූ අය ලෙසය. බාහිරයෙන් ඔවුන් ඉතා භක්තිවන්ත අය ලෙස පෙනී සිටියෝය. පොදු ස්ථානවල ඔවුන් දීර්ඝ ලෙස යාච්ඤා කළ ද ඔවුන්ගේ නිවෙස් වලදී, අද බොහෝ දෙනෙක් කරන්නාක් මෙන්, එසේ දීර්ඝ යාච්ඤා නොකළෝය. අප ඉරිදා උදෑසනයන්හිදී පමණක් දෙවියන් වහන්සේට ප්‍රශංසා කර නමුත් නිරන්තරයෙන්ම අපේ හදවත්වල දෙවියන් වහන්සේට ප්‍රශංසාවේ ආත්මයක් නොමැති නම්, අප ඉරිදා වන්හි කරන්නේ මූනිච්චාව ය.

2. ආත්මික උඩඟුව :

ආත්මික උඩඟුව, ශුද්ධකම සොයන්නා වූ අය අතර වඩාත් සුලබව හමු වන්නා වූ පාපයකි. තමාගේ යාච්ඥාව තුළදී පවා අන් අයව සුළු කොට සැලකුවාවූ ඵරිසිවරයාගේ උපමා කතාව අපි සියලුදෙනාම දන්නෙමුව (ලූක් 18 : 9-14). ඇදහිලිවන්තයන් විසින් ප්‍රසිද්ධියේ ඉදිරිපත් කරන ලද සියලුම යාච්ඤා වලින් 90% ක් මූලිකවම අදහස් කරන්නේ අන් අයට සවන්දීමට හා දෙවියන් වහන්සේට නම් යාච්ඤා නොකරන ලෙසටයි. උපමාවේ සඳහන් ඵරිසිවරයා ඔහුගේ බාහිර ජීවිතයෙහි අනෙක් පව්කාරයන් මෙන් නපුරු නොවිය හැක. නමුත් ඔහු තම ආත්මික ක්‍රියාකාරකම් ගැන සිතා ඇති ආඩම්බරයට සහ එය කරණකොටගෙන ඔහු අන් අයව හෙළා දුටු ආකාරයට යේසුස් වහන්සේ ද්වේෂ කළසේක​. ඇදහිලිවන්තයින් තුළ ඇති ආත්මික උඩඟුව අන් ඇදහිලිවන්තයින් ව විනිශ්චය කිරීමට නිතරම පොලඹ වන්නේය. යේසුස් වහන්සේ උගන්වනු ලැබුවේ ස්වර්ගයේ ශ්‍රේෂ්ඨතම තැනැත්තා යටහත් පහත් බවය (මතෙව් 18: 4). ස්වර්ගයේ ඇති ශ්රේෂ්ඨතම ගුණාංගය නම් යටහත් පහත්කමයි.

3. අශුද්ධත්වය :

අශුද්ධකම මූලිකවම අපගේ ඇස්වලින් සහ අපගේ කණ්වලින් අපගේ හදවත් තුළට පිවිසෙයි. මේ අශුද්ධකම අපේ හදවත්වලින් පිටතට පැමිණ අපේ ශරීරයේ විවිධ සාමාජිකයන් හරහා ප්‍රකාශ කරනු ලැබේ - මූලික වශයෙන් අපගේ දිව සහ අපගේ ඇස් තුළින්. එබැවින් ශුද්ධත්වය රැකීමට උත්සාහ කරන ඕනෑම කෙනෙක් ඔහු දකින දේ හා ඔහු සවන් දෙන දේ පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. යේසුස් වහන්සේ අශුද්ධකම කෙතරම් ද්වේශ කළාදයත් උන් වහන්සේ සිය ගෝලයන්ට කියා සිටියේ, ඔවුන්ගේ ශරීරයේ අවයව සමග පව් කරනවට වඩා ඔවුන්ගේ දකුණු ඇස නෙරපාදැමීමටත්, ඔවුන්ගේ දකුණු අත කපා දැමීමටත් කැමැත්තෙන් සිටිය යුතු බවය (මතෙව් 5: 27-29). දකුණත කපා ඉවත් කිරීම හෝ ශල්‍යකර්මයක් තුලින් ඇසක් ඉවත්කිරීමට වෛද්‍යවරයෙකු නිර්දේශ කරන්නේ කුමන අවස්ථාවේදී ද? මෙම අවයව ඉවත් නොකර, මුළු ශරීරයම මිය යන තරමට කාරණා නරක් වූ විට පමණි. පාපයට සම්බන්ධවද අප තේරුම් ගත යුත්තේ මෙයයි. පාපය අපගේ ජීවිතයම අන්තරායට පමුණුවන තරම් බරපතළය.

4. මානව අවශ‍්‍යතා සඳහා නොතැකීම :

සිනගෝගයේ නායකයෝ, එය සබත් දවසක් වූ හෙයින් යේසුස් වහන්සේ විසින් මනුෂ්‍යයෙකු සුවපත් කිරීමට අකමැති වූ විට, උන් වහන්සේ කෝප වූයේය. "මනුෂ්‍ය අවශ්‍යතා සඳහා ඔවුන්ගේ නොතැකීම නිසා ඔහු අතිශයින් කැළඹීණි " (මාර්ක් 3: 5 - TLB). සියලු මිනිසුන්ට යහපත කරන්නට අපහට අණ කර ඇත. විශේෂයෙන් දෙවියන් වහන්සේගේ දරුවන්ට (ගලාති 6: 10). යේසුස් වහන්සේ ඉගැන්නුවේ, ජීවිතයේ මූලික අවශ්‍යතාවන් සපුරාලාගැනීමට නොහැකිවූ තම සහෝදරයන්ට උපකාර කිරීමට කිසිවක් නොකළ අයව අවසන් දිනයේදී උන්වහන්සේගේ අභිමුඛයෙන් නෙරපා දමන බවය. (මතෙව් 25: 41-46). අසනීප ඇදහිලිවන්තයන් සුව කිරීම සඳහා සුව කිරීමේ දීමනාවක් අපට නැති වන්නට පුළුවන. නමුත් සහතික ලෙසම අසනීපයෙන් පෙළෙන අයව බැහැදැක ඔවුන්ව දිරිගන්වන්නට අපට පුළුවන. ස්වාමීන්වහන්සේ අපෙන් අසා සිටින්නේ එය පමණි. සෙසු යුදෙව්වෙකුද සෙසු ආබ්‍රහම්ගේ පුත්‍රයකු ද වූ තම සහෝදර ලාසරුස් ගැන සලකා බැලූ නැති හේතුවෙන් ධනවත් මනුෂ්‍යයා නිරයට ගියේය. යහපත් සමරිතානුවගෙ උපමා කතාව තුළ පූජකයා සහ ලෙවිවරයා යන දෙදෙනාම මූනිච්ඡාකරුවන් ලෙස යේසුස්වහන්සේ විසින් හුවා දැක්වීමට හේතුව වූයේ තුවාල ලබා මඟ අසල වැටී සිටි ඔවුන්ගේ සෙසු සහෝදර යුදෙව්වා හට අනුකම්පාව නොදැක්වීමය.

5. නොඇදහිලිකාරකම :

බයිබලයෙහි නොඇදැහිලිකාර සිතක් නපුරු සිතක් ලෙස සඳහන් වන්නේය (හෙබ්‍රෙව් 3 : 12). යේසුස් වහන්සේ නොඇදහිලිකාරකම උදෙසා උන් වහන්සේගේ ගෝලයන්ට සත් වරක් තරවටු කළ සේක. (මතෙව් 6:30, 8:26, 14:31, 16: 8, 17: 17-20, මාක් 16:14, ලූක් 24:25). උන් වහන්සේ සිය ගෝලයන්ට අන් කිසිවක් සඳහා කිසිවිටෙකත් තරවටු කළේ නැති බවයි පෙනෙන්නේ!! නොඇදහිලිකාරකම දෙවියන්වහන්සේට අපහාසයකි. මන්දයත් එයින් අර්ථවත් වන්නේ පොළොවේ දුෂ්ට පියවරුන් තම දරුවන්ට සලකා සපයන ආකාරයට වත් දෙවියන්වහන්සේ උන්වහන්සේගේ දරුවන්ට සලකා සපයන්නේ නැත යන්නය. මානසික අවපීඩනය, නරක මනෝභාවයන් හා අධෛර්යය වීමෙන් ජයගත හැක්කේ, ස්වර්ගයේ සිටින්නාවූ ප්‍රේමණීය පියාණන් කෙරෙහි ඇදහිල්ල ඇතිව හා උන් වහන්සේගේ වචනය තුළ අපට දී ඇති පුදුම පොරොන්දු තුළ අපට ඇති ඇදහිල්ලෙනි. යේසුස් වහන්සේ පුදුමයට පත්වූ වාර දෙකක් ගැන අප කියවමු - වතාවක් උන්වහන්සේ ඇදහිල්ල දුටුවිට සහ තව වතාවක උන්වහන්සේ නොඇදහිලිකාරකම දුටුවිට (මතෙව් 8:10; මාර්ක් 6: 6). මිනිසුන් තුළ ඇති ඇදහිල්ල දුටුවිට යේසුස්වහන්සේ මහත්සේ උද්දාමයට පත් වූ සේක. ස්වර්ගයේ ප්රේමණීය පියෙකු කෙරෙහි විශ්වාසය තැබීමට අකමැති මිනිසුන් දුටු විට උන්වහන්සේ කලකිරීමට පත් වූ සේක.