WFTW Body: 

ඉශ්‍රායෙල්වරුන්ගේ ගැළවුම්කරු ලෙස දෙවියන් වහන්සේ ගිඩියොන්ව නැගිටෙවූ බව අප විනිශ්චකාරයන්ගේ පොතේ 6 වැනි පරිච්ඡේදයේ කියවන්නෙමු. “ස්වාමින් වහන්සේගේ ආත්මයෙන් ගිඩියොන්ව පැළඳවූ සේක.” (විනිශ්චයකාරයා 6: 34 ). ශුද්ධාත්මයාණන් වහන්සේ ගිඩියොන් වෙතට පැමිණියේ හරියට ඔහු පැළඳ සිටි වස්ත්‍ර මෙන් ය. එවිට ගිඩියොන් බලවත් වූ අතර ඔහු හොරනෑ පිඹිමින් යුද්ධයට පිටත්ව ගිය විට ස්වාමින් වහන්සේ ඔහුට ජයග්‍රහණය ලබා දුන් සේක. නමුත් ගිඩියොන්, අවසානය දක්වා ස්වාමින් වහන්සේට විශ්වාසවන්තව දරාගෙන ගියේ නැත. පැරැණි ගිවිසුම යටතේ මෙන්ම අද ද හොඳින් ආරම්භ කළ බොහෝ දෙනෙකුගේ දුක්ඛිත කතාව මෙයවේ. ගිඩියොන් විසින් ඔවුන්ව පාලනය කිරීම ඉශ්‍රායෙල්වරුන්ට අවශ්‍ය වූ විට ඔහු මෙසේ පැවසීය, “නැත මමවත් මගේ පුතාවත් පාලනය කරන්නේ නැත. ස්වාමින් වහන්සේ නුඹලාව පාලනය කරාවි” ( විනිශ්චයකාරයා 8: 22, 23 ). එසේ පැවසීම බොහෝ ආත්මික පැවසීමක් බව හැඟේ. නමුත් එසැණින්ම ඔහු පැවසූ දේට සවන් දෙන්න. ඔහු පැවසූවේ “කරුණාකර ඔබ සියල්ලන්ම මට කරාබුවක් බැගින් දෙන්න කියාය (විනිශ්චයකාරයා 8: 24). එබැවින් සියළු ඉශ්‍රායෙල්වරුන් ඔහුට ඔවුන්ගේ කරාබු දුන් අතර ගිඩියොන් රන් ෂෙකෙල් 1700 ක් (20 Kg පමණ) සහ තවත් විසිතුරු භාණ්ඩ හා මිළ අධික වස්ත්‍ර එකතු කළේ ය ( විනිශ්චයකාරයා 8: 26 ). බොහෝ දේශනාකරුවන් තම රැළෙන් දසයෙන් කොටස සහ දීමනා එකතු කර ඒ සියල්ල ගෙදර ගෙන යාමෙන් කෝටිපතියන් බවට පත්වෙන්නාක් මෙන් - ගිඩියොන් එක් දිනක් තුළ කෝටිපතියෙකු බවට පත්විය ! ගිඩියොන් ඒ රන් වලින් කොටසක් භාවිතා කර ඉශ්‍රායෙල්වරුන්ට ඒඵෝද් සැට්ටයක් සාදා දුන් අතර පසු කලෙක එය ඉශ්‍රායල් වරුන් නමස්කාර කරන්නාවූ පිළිමයක් බවට පත්විය. ( විනිශ්චයකාරයා 8: 27 ). එළෙස මෙම බළගතු මිනිසා පසු බට විය. යමෙක් තම ජීවිතය ආරම්භ කරන ආකාරය නොව, නමුත් අවසාන කරන ආකාරයයි වැදගත් වන්නේ. සෑම තරඟයකම ත්‍යාඟය ලැබෙන්නේ හොඳින් නිම කළ අයට මිස, හොඳින් ආරම්භ කළ අයට නොවේ (1 කොරින්ති 9: 24 ). මිනිසුන් තම ජීවිතය අවසන් කළ ආකාරය ගැන සළකා බලන මෙන් අපට ආඥා කර ඇත ( හෙබ්‍රෙව් 13: 7 ). තමුන්ගේ මුල් කාලයේදි බලවත් ලෙස දෙවියන් වහන්සේ පාවිච්චි කළ බොහෝ දේශකයන් ගිඩියොන් මෙන් පසු බට වී මුදල් හා දේපළ පසුපස හඹා යෑමෙන් සිය ජීවිත අවසන් කරන්නෝය ! ආළේපය නැතිවීමත් සමඟම ඔවුහු තම දරුවන් වෙනුවෙන් රන් හා කරාබු එකතු කරමින් කාලය ගත කරති ! හොඳින් ආරම්භ කළ අයට මම කියන්න කැමැත්තෙමි : ඔබටත් ඒ දේම නොවන පිණිස ගිඩියොන්ගෙන් පාඩමක් ඉගෙන ගන්න. ඔබට, දෙවියන් වහන්සේට හා මුදලට සේවය කළ නොහැකිය.

විනිශ්චයකාරයා 13හි අපට පෙනී යන්නේ සැම්සන් බලවත් ගැළවුම්කරුවෙකු වූ නමුත් ඔහු තම තෘෂ්ණාවන් හා රාගයන් හට වහල් වී සිටි බව යි. මම මාගේ ශරීරය ධමනය කර නොගන්නේ නම්, මට අන් අයට දේශනා කිරීමට හැකි වූවත්, එහෙත් මාවද නුසුදුස්සෙක් බවට පත්විය හැකි යැයි පාවුලුතුමා 1 කොරින්ති 9: 27 හි පවසයි. ජීවමාන බයිබලය එම වාක්‍යය පරිවර්ථනය කරන්නේ, “මාගේ ශරීරය කළ යුතු දේ කිරීමට මා එය ධමනය කරනවා මිස, එය කරන්න කැමති දේ කිරීමට නොවේ” ලෙසටයි. එයින් අදහස් කරන්නේ අපි අපගේ ශරීර අනුභව කිරීමට පුරුදු කළ යුත්තේ, ආහාරයට ගත යුතු දේ මිස ආහාරයට ගැනීමට කැමති දේ නොවේ; නිදා ගත යුතු තරමට නිදාගන්නවා මිස, නිදා ගැනීමට කැමති තරමට නොවේ. අප අපගේ ඇස් බැලිය යුතු දේ මිස බලන්න කැමති දේ නොබලන ලෙස අප එය ධමනය කළ යුතුය. අප අපගේ දිව කථා කළ යුතු දේ මිස කථා කරන්න කැමති දේ නොකිරීමට අපගේ දිව ධමනය කළ යුතුය. අප අපගේ ශාරීරික ආශාවන් ධමනය නොකරන්නේ නම්, අපට ආශ්චර‍්‍යයමත් පණිවිඩ දේශනා කළ හැකි නමුත් අවසාන දිනයේ දී ස්වාමින් වහන්සේ විසින් නෙරපා හරිනු ලැබේ. අපගේ ශාරීරික ආශාවන් හික්මවීම මත බොහෝ දේ රදා පවති. බොහෝ දෙනෙකුට ආශිර්වාද කළ ආශ්චර්යමත් දේව සේවයක් කළ සැම්සන්ගේ කථාවෙන් අපට ලැබෙන පණිවිඩය එයයි. නමුත් අවසානයේදී ඔහුම නුසුදුස්සෙක් විය. බොහෝ ශ්‍රේෂ්ඨ දේශකයින් ලස්සණ කාන්තාවන්ට ගොදුරු වී ඇත. එවැනි මිනිසුන් ප්‍රදර්ශණය කරන තලෙන්ත ගැන හෝ ඔවුන්ගේ සංවිධානවල විශාලත්වය ගැන පුදුම නොවන්න!! සාමාන්‍ය ඇදහිළිවන්තයෙකු වැටෙන පාපයට නායකයෙකු වැටීම වඩාත් බරපතල දෙයකි. වැඩිපුර ලබා දෙන්නන් ගෙන් වැඩිපුර ද අවශ්‍යවේ. විරුද්ධ ලිංගයේ අය සමඟ ඔබේ සම්බන්ධථාවය ගැන ඔබ විශ්වාසවන්ත නොවන්නේ නම්, වැඩිමහල්ලෙකු හෝ නායකයෙකු වීමට උත්සාහ කිරීමෙන් දෙවියන් වහන්සේගේ නාමයට අගෞරව නොකරන්න. ඔබ පාපයේ ජීවත්වී, දෙවියන් වහන්සේගේ ශුද්ධ මනුෂ්‍යයෙකු යැයි ජනතාව නොරවටන්න. ඔබ දිගටම එළෙස ජීවත් වුවහොත් දෙවියන් වහන්සේ යම් දවසක ඔබව ප්‍රසිද්ධියේ හෙළි කරණු ඇත. ඔබේ පාපය සැඟවීමට තරම් ඔබ දක්ෂ යැයි ඔබ සිතුවත් ඔබ දෙවියන් වහන්සේට ප්‍රමාණවත් තරම් දක්ෂ නැත. ඔබ මෙතෙක් නිරාවරණය කර ඇති ප්‍රමාණයට වඩා උන්වහන්සේ ඔබව හෙළි කරනු ඇත.

සැම්සන් ඔහුගේ බලය නැති කරගෙන, ඔහුගේ ඇස් අන්ධකරගත් ආකාරය ගැන අප විනිශ්චයකාරයා 16 හි කියවන්නෙමු. දේශකයන් කාන්තාවන් පස්සේ යන විට සිදුවන්නේ මෙයයි: ඔවුහු ඔවුන්ගේ ආත්මික දර්ශණය නැති කරගන්නේ ය. ඔවුන්ට තවත් පැහැදිළිව නොපෙණේ. ඔවුන්ට තවමත් ඔවුන්ගේ ධර්ම මත තුළ ඉවැන්ජලිස්ත විය හැකි අතර ව්‍යක්ත ලෙස දේශනා කිරීමට ද හැකිය. නමුත් ඔවුන්ගේ ආත්මික දැක්ම නැතිවී ගොස් ය. සැම්සන් වහළෙක් බවට පත්විය. නමුත් දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා, ඔහුගේ ජීවිතයේ අවසාන කාලයේ ඔහුගේ පාපය පිළිගැනීමට තරම් සංවේදී හැඟීමක් තිබුණි. ඔහු පසුතැවිලිවී බොහෝ පිලිස්තිවරු මරාගෙන මැරුණේය ( විනිශ්චයකාරයා 16: 23-31). විනිශ්චයකාරයා 13 – 16 හි සැම්සන්ගේ කථාව සිංහයන් දෙදෙනෙකුගේ කථාවකි - එකෙකු බාහිරව සහ අනෙකා ඔහුගේ හදවතෙහි අභ්‍යන්තරවය. ඔහුට බාහිර සිංහයා මෙල්ල කරගන්නට හැකි වූවත්, අභ්‍යන්තරව සිටි එකාව පරදවන්නට නොහැකි විය. ලිංගික රාගයේ සිංහයා බාහිර සිංහයෙකුට වඩා බෙහෙවින් ශක්තිමත් හා බිය විය යුතු බව මෙයින් අපට උගන්වයි. වනාන්තරයක සිංහයෙකු ඔබ වෙතට දුව එමින් සිටිනු දුටුවහොත් ඔබ කුමක් කරන්නේද? ඔබ හැරී දුවනු ඇත. තෘෂ්ණාවේ සිංහයා ඔබ වෙත එන කළ ඔබ එසේම කරන්නේද? දුරාචාරයෙන් පලා යන මෙන් බයිබලය අපට අනුශාසනා කරයි ( 1 කොරින්ති 6: 18). එය ජය ගත හැකි, එකම ක්‍රමය එයයි - එවැනි පෙළඹවීම් අසළකටවත් නොයන්න. ඔබව පොළඹවන කාන්තාවක් අසළකටවත් නොයන්න. බඩගිනි සිංහයන්ව ඔබ මග හරිනාක් මෙන් ආළවන්ත හැඟීම් පාන කාන්තාවන්ද මග හරින්න. සැම්සන් ජීවත් වූයේ පැරණි ගිවිසුම යටතේ ය. එබැවින් අද සැම්සන්ගේ උදාහරණය කිසිකෙනෙකුට ඔවුන් දුරාචාරයට වැටීමට නිදහසට කරුණක් කරගත නොහැකිය. සැම්සන්ට අලුත් ගිවිසුම නොතිබුණි, ඔහු ජීවත් වූයේ කල්වරියේ කුරුසියට පෙරය, අද අප යේසුස් වහන්සේ තුළ ඇති ආකාරයට ඔහුට ආදර්ශයක් නොතිබුණි, සියල්ලටත් වඩා අපට හැකි තරම් ශුදධාත්මයාණන් වහන්සේ උපකාරයෙකු ලෙස අප තුළ වාසය කරන්නාක් මෙන් ඔහුට ලබා ගැනීමට නොහැකි වුණි. පියාණන් වහන්සේ සමඟ සහභාගිකත්වයේ අතිශුද්ධස්ථානයට පිවිසීමේ මාර්ගය ඒ දවස්වල ඒ වනතෙක් විවෘත වී නොතිබුණි. සැම්සන්ට දේව භක්තික සහභාගිකමේ ආශිර්වාදයද නොතිබුණි. මේ සියල්ලම අද අපට තිබේ. එබැවින් පාපයේ ජීවත් වීමට අපට කිසිදු නිදහසට කරුණක් නැත.