WFTW Body: 

1. දෙවියන් වහන්සේ, යේසුස් වහන්සේට ප්‍රේම කළාක් මෙන් ම අපට ද ප්‍රේම කරන සේක :

“ඔබ මට ප්‍රේම කළාක් මෙන් ඔවුන්ටද ප්‍රේම කරනසේක” (යොහාන් 17: 23). බයිබලයේ මා සොයාගත්තා වූ උතුම් ම සත්‍යථාවය නම් එයයි. එය, අස්ථිරභාවයෙන් හා අධෛර්‍යමත් ඇඳහිළිවන්තයෙකු වීමෙන්, මා, දෙවියන් වහන්සේ තුළ සැමදා (නිරතුරු) ප්‍රීතියට හා සම්පූර්ණ ස්ථිරභාවයට වෙනස් කලේය. දෙවියන් වහන්සේ අපිට ප්‍රේම කරන බව පවසන බොහෝ පද බයිබලයේ ඇතත්, එම ප්‍රේමයේ ප්‍රමාණය හරියටම කෙතරම්ද කියා අපට කියා පාන්නේ මෙය පමණකි - එය නම් උන්වහන්සේ යේසුස් වහන්සේ ට ප්‍රේම කළාක් මෙන් යන බවය. අපගේ ස්වර්ගික පියා තුළ උන්වහන්සේ ගේ ඕනෑම පුතෙකුට ප්‍රේම කරන ආකාරයේ පක්ෂ ග්‍රාහීකත්වයක් නොමැති හෙයින්, උන්වහන්සේ ගේ කුළුඳුල් පුත්‍රයා වූ යේසුස් වහන්සේට කරපු ඕනෑම දෙයක්, උන්වහන්සේ ගේ පුත්‍රයන් වූ අපට ද කිරීමට අනිවාර්යෙන් ම කැමැත්තෙන් සිටින සේක. යේසුස් වහන්සේට උදව් කළාක් මෙන් අපට ද උදව් කරාවි. යේසුස් වහන්සේට සැළකු ලෙසට ම අපට ද සළකාවි. යේසුස් වහන්සේ ගේ ජීවිතය සවිස්තරව සැළසුම් කළාක් මෙන් අපගේ ද එදිනෙදා ජීවිතය සවිස්තර ව සැළසුම් කිරීමට උන්වහන්සේ පංඟුකාර වන සේක. දෙවියන් වහන්සේ ව විශ්මපත් (පුදුම) කරවන කිසිම දෙයක් අපට සිදුවන්නේ නැත. සෑම බලාපොරොත්තු නොවූ සිද්ධියකට ම උන්වහන්සේ සැළසුම් කර අවසානය. එනිසා අප තවදුරටත් අස්ථිරභාවයෙන් සිටිය යුතු නැත. යේසුස් වහන්සේ මෙන් නිශ්චිත පරමාර්ථයකට අපව ද පොළොවට එවා ඇත. මේ සියල්ලම ඔබට ද සත්‍යයකි - නමුත් ඔබ එය විශ්වාස කළොත් පමණකි. දේව වචනය කෙරෙහි විශ්වාස නොකරන තැනැත්තාට කිසි දෙයක් සිදුවන්නේ නැත.

2. අවංක මිනිසුන් කෙරෙහි දෙවියන් වහන්සේ අතිශයින් සතුටු වන සේක:

උන්වහන්සේ ආලෝකයෙහි සිටින්නා සේම අප ද ආලෝකයෙහි හැසිරෙමු නම්, එකිනෙකා සමඟ සහභාගිකත්වය අපට ඇත්තේය (1 යොහාන් 1: 7). ආලෝකයේ ඇවිදී ම යනු, මූළිකව අප දෙවියන් වහන්සේ ගෙන් කිසිවක් නොසැඟවීමයි. සෑම දෙයක්ම එයාකාරයෙන්ම උන්වහන්සේට කියා පෑමයි. දෙවියන් වහන්සේ වෙත මුල් පියවර අවංක කම බව මට ස්ථිරයි. කුහක (වංක) අය දෙවියන් වහන්සේ අතිශයින් පිළිකුල් කරන සේක. අන් කිසි කෙනෙකුට වඩා කෛරාටිකයන් (කුහකයන්) ට විරුද්ධව යේසුස් වහන්සේ කථා කළසේක. අප පළමුවෙන් ම ශුද්ධව සිටීම​ හෝ පරිපූර්ණ වන ලෙස දෙවියන් වහන්සේ ඉල්ලා නොසිටියත්, අවංක වන ලෙස ඉල්ලා සිටින සේක. සැබෑ ශුද්ධවන්ත කමෙහි ආරම්භය මෙයයි. මෙම උල්පතෙන් අන් සියලු දේ ගලා යයි. ඕනෑම කෙනෙකුට සැබවින්ම කළ හැකි එක් පහසු දෙයක් තිබේ නම්, එය අවංක වීමය. එනිසා පාපය ක්ෂණයකින් දෙවියන් වහන්සේට පාපොච්චාරණය කරන්න. පව්කාර සිතුවිලිවලට “ශෝභන” නම් වලින් ආමන්ත්‍රණය නොකරන්න. ඔබ සැබවින්ම ඔබේ දෑසින් ආනාචාරිව බලා, මම දෙවියන් වහන්සේගේ මැවිල්ල වර්ණනා (අගය) කෙරුවා පමණි යැයි නොකියන්න. කෝපයට “ධර්මිෂ්ඨ කේන්තිය (කෝපය)” යැයි නොකියන්න. ඔබ වංක නම්, කිසිදින පාපය ජයගන්නේ නැත. කිසිවිට “පාපයට,” “බැරිවීමක් (වැරදීමක්)” යැයි නොකියන්න, මක්නිසාද යේසුස් වහන්සේගේ ලේ වලට හැකිවන්නේ, ඔබගේ සියළුම පාපවලින් ඔබව පවිත්‍ර කිරීම මිස, ඔබගේ වැරදීම් (බැරිවීම්) වලින් නම් නොව!! උන්වහන්සේ වංක මිනිසුන් ව පවිත්‍ර නොකරන සේක. අවංක මිනිසුනට පමණක් බලපොරොත්තුවක් ඇත. “තමාගේ පාපය සඟවන්නා කිසිදින සඵල නොවන්නේ ය” (හිතෝපදේශ 28: 13). ආගමික නායකයන් ට වඩා, ගණිකාවන්ටත්, සොරුන්ටත් දෙවියන් වහන්සේ ගේ රාජ්‍යයට ඇතුළු වන්නට අධික බලාපොරොත්තුවක් ඇති බව යේසුස් වහන්සේ කීවේ මක්නිසාද? (මතෙව් 21: 31). ගණිකාවන් හා සොරුන් ශුද්ධවන්තයින් බවට ඉච්චා (බොරු ඇඟවීම්) නොකරන බැවිණි. සභා- සාමාජිකයන්, ඔවුනට ම දුෂ්කරථා (අරගල) නැතැයි තරුණයින්ට අඟවන හෙයින් බොහෝ තරුණයින් සභාවලින් හැරී යන්නේ ය. එබැවින් එම තරුණ කැළ “අර ශුද්ධවන්ත මිනිසුන් බුරුත (කොටස) ට කවදාවත් අපේ ප්‍රශ්ණ තේරෙන්නේ නැතැයි” සිතති!! මෙය අප ගැන ද සත්‍ය වේ නම්, උන්වහන්සේ වෙතට පාපිෂ්ඨන් ආකර්ෂණය කෙරුවා වූ, ක්‍රිස්තුස් වහන්සේ වාගේ, අප නොවන්නෙමු.

3. සතුටු සිතින් දෙන්නා කෙරෙහි දෙවියන් වහන්සේ අතිශයින් සතුටු වන සේක (2 කොරින්ති 9: 7) :

හැරීමට පෙර හා පසු සහ ආත්මයෙන් පිරී සිටියදී ද - මනුෂ්‍යයාට සම්පූර්ණ නිදහස දෙවියන් වහන්සේ දෙන්නේ මේ නිසාය. අප ද දෙවියන් වහන්සේ මෙන් වේ නම්, අනුන්ව පාලනය කිරීමටවත් හෝ පීඩා කිරීමටවත් නොසොයයි. අප ගෙන් වෙනස් ව සිටින්නටත්, අප ගෙන් වෙනස් මත දරන්නටත් හා ඔවුන්ගේ ම රිද්මයට ආත්මිකව වැඩෙන්නටත් අප ඔවුන් ට නිදහස දෙන්නෙ මු. සියළු ආකාරයේ බලකිරීම් යක්ෂයාගෙන් ය. ශුද්ධාත්මයාණන් වහන්සේ මිනිසුන් පුරවන සේක, නමුත් යක්‍ෂාත්ම​ මිනිසුන්ව ආවේෂ කර ගනිති. වෙනස මෙයයි: ශුද්ධාත්මයාණන් වහන්සේ ඕනෑම කෙනෙකු පිර වූ පසුවත්, උන්වහන්සේ ඒ පුද්ගලයාට ඔහුට කරන්නට කැමති දේ කරන්න තවදුරටත් නිදහස දෙන සේක. නමුත් යක්‍ෂාත්ම​ මිනිසුන්ව ආවේෂ කර ගත් කළ ඔවුන්ගේ නිදහස සොරාගෙන ඔවුන් ව පාලනය කරනනෝ ය. ආත්මයෙන් පිරි සිටීමේ ඵල​ය නම් ආත්ම-දමනයයි (ගලාති 5: 22, 23). කෙසේ හෝ පිශාචයෝ-මිනිසුන් අරක් ගත් කළ එහි ප්‍රතිඵලය වන්නේ ආත්ම දමනය නැති වීමයි. දෙවියන් වහන්සේ ට, අප උද්යෝගිමත් ව, සතුටු සිතින්, නොමිළේ, සහ ස්වේච්ඡාවෙන් නොකරන කුමණ හෝ සේවාවක් (දෙයක්) මළ ක්‍රියාවක් බව අප මතක තබා ගතයුතු ය. විපාක හෝ වැටුපක් බලපොරොත්තු වෙන් දෙවියන් වහන්සේ වෙනුවෙන් කරන ඕනෑම සේවාවක් (ක්‍රියාවක්) ද මළ ක්‍රියාවකි. දෙවියන් වහන්සේ සිතන ආකාරයට (අදාළ වනසේ) අනුන් ගෙන් ළද පීඩා හේතුවෙන් (නිසා) දෙවියන් වහන්සේ ට දෙන ඕනෑම මුදලකට කිසිම වටිනාකමක් නොමැත. සතුටු සිතින් දෙවියන් වහන්සේ ට කරන කුඩා දේ, පීඩාවෙන් කරන බොහෝ දේට වඩා හෝ කෙනෙකුගේ හෘද සාක්ෂිය හුදෙක් සනසන්න කිරීමට කරන දේට වඩා වටින්නේ ය.

4. මේ ලෝකය උතුම් කොට සළකන සියල්ල දෙවියන් වහන්සේ අතිශයින් පිළිකුල් කරනසේක:

“මනුෂ්‍යයින් ඉතා වැදගත්කොට (ගරුසරු) සළකන්නා දේ, දෙවියන් වහන්සේ ගේ දෑස් ඉදිරියෙහි පිළිකුල් ​ දෙයකි” (ලූක් 16: 15). ලෝකයේ උතුම් කොට සළකන දේවල් දෙවියන් වහන්සේ ගේ දෑස් ඉදිරියෙහි කිසිම නොවටිනා දෙයක් පමණක් ම නොවනමුත්, ඇත්ත වශයෙන් ම උන්වහන්සේට අතිශයින් පිළිකුල් සහගත දෙයකි. ලෝකයේ සියළු ගරුත්වයන් දෙවියන් වහන්සේට පිළිකුලක් වන බැවින් අපට ද එය පිළිකුලක් විය යුතුය. පොළොවෙහි සිටින සියළු දෙනා වටිනා යයි සළකන යම් දෙයකි මුදල්. නමුත් මුදලට ප්‍රේම කරන්නන් ට සහ ධනවත් වීමට ප්‍රිය කරන්නන් ට, කොයි වේලේ හෝ පහත සඳහන් ප්‍රතිවිපාක අට විඳවන්න වේ වීය කියා, දෙවියන් වහන්සේ කියන සේක (1 තිමෝති 6: 9,10). (1) ඔවුහු පරීක්ෂාවට වැටෙන්නෝ ය, (2) ඔවුහු උඟුලකට අසු වන්නෝ ය, (3) ඔවුහු අඥාන (මෝඩ) අභිප්‍රායන් වලට වැටෙන්නෝ ය, (4) ඔවුහු හිංසාකාරී (හානිකර) අභිප්‍රායන් වලට වැටෙන්නෝ ය, (5) ඔවුහු විපත්තියට කඩා වැටෙන්නෝ ය, (6) ඔවුහු විනාශයට කඩා වැටෙන්නෝ ය, (7) ඔවුහු ඇඳහිල්ලෙන් වැටී (මන්මුළාවේ ඇවිඳිමින්) විනාශයට වැටී යන්නෝ ය, සහ (8) ඔවුහු, තමන්ට ම බොහෝ දරුණු වේදනාවන් (තුවාල) කරා ගන්නෝ ය. සෑම තැනම, බොහෝ ඇඳහිළිවන්තයින් ට මෙය නිතර නිතරම සිදුවීම මා දැක ඇත්තෙමි. මේ දිනයන් හි ස්වාමින් වහන්සේ ගෙන් අනාගත වාක්‍යයක් කළාතුරකින් වත් නොඇසීමට මූලික හේතුව වන්නේ බොහෝ දේශකයෝ මුදලට ප්‍රේම කරන්නන් නිසාය. මුදලට අවිශ්වාසවන්තයින්ට සැබෑ ධනය (අනාගත වාක්‍යය ඉන් එකකි) දෙවියන් වහන්සේ නොදෙන බව යේසුස් වහන්සේ කී සේක (ලූක් 16: 11). නීරස (එපා වුණු) දේශනා සහ නීරස සාක්ෂි බොහොමයක් සභා රැස්වීම්වල හා සම්මන්ත්‍රණවල අපට අසන්නට සිදුවන්නේ එනිසාය.