WFTW Body: 

1. සෑහීමට පත්වීම

පිලිප්පි 4 11 හි පාවුල් තුමා මෙසේ පවසයි. “මම කුමන හෝ තත්වයක සිටිනවාද ඒ තුළ මම සෑහීමට පත්ව සිටිමි. “ එවැනි සෑහීමකට පත්වීමක් තුළින් පූර්ණවූ සතුටක් හා සමාදානයක් ලැඛෙනවා ඇත. එමනිසා පාවුල්තුමා එම පරිච්චේදයේම 4 වෙනි හා 7 වන පදවල ප්‍රිතිය හා සමාදානය ගැන කතා කරයි. අපට දෙවියන් වහන්සේට ප්‍රශංසා කළ හැක්කේ, අපත් සමඟ උන්වහන්සේ ගේ සෑම ගණුදෙනුවක්ම ගැන පූර්ණ ලෙස සෑහීමකට පත්ව සිටින විටදී පමණය. අප විශ්වාස කරන්නේ සර්වඥවූ දෙවි කෙනෙක් කෙරෙහි නම් ඒ නිසා අප මුහුණන පාන සෑම දෙයකදීම ඒවා අපේ යහපත පිර්‍ණස ඉෂ්ඨ කරන්න හැකි නිසා ( රෝම 8 28 ) අපට සැබවින්ම සෑම තත්වයකදීම සෑහීමකට පත්විය හැකිය. එවිට අපට හබකුක් මෙන්, අපේ උයනේ ගස්වල ඵල හට නොගත්තත්, පශු සම්පත් මියැදුනත්, මහත්වූ ආර්ථීක පාඩූන් වලට මුහුන දුන්නත්, නැතිනම් ඕනෑම තත්වයකදී, දෙවියන් වහන්සේට ප්‍රශංසා කළ හැකි වේ. ( හබකුක් 3:17,18 ). එපීස 5 18-20 හි සඳහන් වන්නේ ඇතුලාන්තය ශුද්ධාත්මයෙන් පිරීමේ ප්‍රථීඵලයක් ලෙස දෙවියන් වහන්සේ උදේසා උතුරා යන්නා වූ ප්‍රශංසාවක් හටගන්නා බවය. සිර ගෙදරක කකුල් විලංගු දමා තිබියදී ද පාවුල්තුමාට පී්‍රති වන්න හැකි විය. (ක්‍රියා 16:25) එහිදී පවා ඔහු කිසිවක් ගැන චෝදනා කරන්ට නැතිව සෑහීමට පත්ව සිටියේය.

2. කුරුසිය​


“මම ක්‍රිස්තුස් වහන්සේ සමඟ කුරුසියෙහි ඇන ගසනු ලැබ සිටිමි“ කියා ( ගලාති 2 20 ) පාවුල් තුමා පැවසීය. කුරුසිය, දුබලකම, නින්දාව සහ මරණය සංකේතවත් කරයි. අපෝස්තුළු පාවුල්තුමාගේ ජීවිතයේ ඔහුට භීතිය, වියවුල්කම, දුක හා කඳුළු තිබුනු බව 2 කොරින්ති 1 8 ; 4:8 ; 6 :10 ; 7: 5 හි අපි කියවමු. ඔහු මෝඩවූ, අන්තවාදියෙක් ලෙස අන් අය සැලකූහ. බොහෝ වාරයන්හි අන් අය විසින් ඔහුව කුණු මෙන් හා කසල මෙන්ද සලකනු ලැබීය. ( 1 කොරින්ති 4 13 ). ඔහුගේ එකම පාරට්ටුව වූයේ වෙන කිසිවක් නොව කුරුසිය පමර්‍ණ. ( ගලාති 6:14 ). ඔහගේ ජීවිතයේ ඔහු තුළ තිබුන දීමනාවන් හෝ හැකියාවන් ගැනවත්, ඊටත් වඩා ඔහු ගේ ගැඹුරු ජීවිතයේ අත් දැකීම් ගැනවත් පාරට්ටු කර නොගනියි. නිරන්තරයෙන්ම තම කම තුළ මැරීම ගැන පමණක්මය ඔහුගේ පාරට්ටුව. 2 කොරින්ති 4 10 හි ඔහු මෙසේ පවසනවා ඇත. “යේසුස් වහන්සේගේ ජීවත්වීම අපේ ශරීරයෙහි ප්‍රකාශ වන පිර්‍ණස අප යේසුස් වහන්සේගේ මරනු ලැබීම අපේ ශරීරයෙහි නිතරම දරාගෙන යමුව. “ ඔහු පිලිගත්තා වූ කුරුසියේ එක ගුණාංගයක් නම් ඔහුගේ මාංශික රුචියන් මර්ධනය කර ගැනීමය. “ක්‍රිඩකයෙකු මෙන් මම මාගේ ශරීරය දමනය කර ශරීරයට අවශ්‍ය දේවල් නොව එය කළයුතු දේවල් කරන පිර්‍ණස, දඬුවම් කර තදින් පුහුණු කරමි.“ ( 1 කොරින්ති 9:27 ජ් ජීවමාන බයිබලය ). ඔහුගේ ඇස් කියවිය යුතු දේ කියවන පිර්‍ණසත් කන් ඇහුම්කන් දිය යුතු දේ ඇහුම්කන් දෙන පිර්‍ණසත්, දිව කතා කළයුතු දේ කතා කරන පිර්‍ණසත් හික්මවා ගත්තේය. ඔහුගේ ජීවිතය සෑම දිශාවකින්ම හික්මවා ගත්තේය.


3. යටහත් කම

“අපෝස්තුළුවරුන් ගෙන් ඉතාම කුඩා තැනැත්තා මමය“ ( 1 කොරින්ති 15 9 ) කියා පාවුල් තුමාගේ හැරීමෙන් අවුරුදු 25 කට පසුව ඔහු පවසයි. එයින් තවත් අවුරුදු 5 කට පසුව ඔහු පැවසුවේ සියළු ශුද්ධවන්තයින්ගෙන් ඉතාම කුඩා තැනැත්තා ඔහු වන බවය ( එපීස 3:8 ). තවත් අවුරුද්දක් ගතවූ කල ඔහු කීවේ “ පව්කරුවන් අතුරෙන් මම ප්‍රධාන පව්කරුවාය“ ( 1 තිමෝති 1:15) කියාය. මෙහිදී ඔහු කී දේ සැලකිල්ලෙන් කියවන්න. “මම පව්කරුවාව සිටියෙමි“ නොව “පව්කරුවාව සිටිමි“ කියා වර්තමානයෙහි කියන්නේ. පාවුල්තුමා දෙවියන් වහන්සේට කොපමණ ලංව ඇවිද්දාද එතරම් දුරට තමාගේ දූෂ්‍යභාවය හා ඔහුගේ මාංශයේ නපුරුකම ගැන වඩා සංවේදී වූයේය. කිසි යහපත් දෙයක් ඔහුගේ මාංශයේ සොයාගත නොහැකි බව ඔහු හඳුනා ගත්තේය. ( රෝම 7:18 )


4. ඉදිරිය බලාගෙන යෑම

පාවුල්තුමා ගැලවීම ලබා අවුරුදු 30 කට පමණ පසු, ඔහුගේ ජීවිතයේ අවසාන භාගයේදී මම ඉදිරියෙ තියෙන දේවල් බලාගෙනම යමි යි කියා පවසයි. ( පිලිප්පි 3:13 ) තවමත් ඔහු ලබාගෙන නැත. ඔහුගේ ජීවිතයේ, දෙවියන් වහන්සේගේ ආත්මයේ පූර්නත්වය තව ඉහල මට්ටමකින් ලබාගන්නෙමියි යන ඉලක්කය කරා ආත්මීක පේශීන් වෙර දරමින් වෙහෙසට පත් කරයි.