WFTW Body: 

උන්වහන්සේ අපගේ ජීවිතයට ඇතුළු වීමට ඉඩ දෙන සෑම දෙයක් තුළදී ම, දෙවියන් වහන්සේට අරමුණක් නොහොත් මහිමවත් අභිප්‍රායක් ඇතිබව අප දකින විට අපේ ජීවිතය අසිරිමත් වේ. අපගේ යාච්ඤා ඉල්ලීම්වලට ‘නැත’ කියා උන්වහන්සේ පවසන විටදී ද එය පරිපූර්ණ ප්‍රේමයෙන් පිරි හදවතින්ම එන පිළිතුරකි.

“දෙවියන් වහන්සේගේ පරිපූර්ණ ප්‍රේමය කෙරෙහි අප විශ්වාස කළෙමු නම් අප උන්වහන්සේ උදෙසා සතුටින්ම සියල්ල කිසිම විශේෂයක් නොතකා අත්හරින්නෙමුව​. එවිට අප කනස්සල්ලෙන් සම්පූර්ණයෙන්ම විමුක්තිය ලබණුව.”

මා විසින් නුඹලාට සැළසුම් කරන ළඳ යෝජනා මා දනිමි, නුඹලාගේ අභිවෘද්ධිය සඳහා මිස විපත්තිය උදෙසා නොව - නුඹලාට යහපත් අනාගතයක් හා ඔබ සැමට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට යැයි ඒවා විපත්තියේ නොව සාමාදානයේ යෝජනායයි ස්වාමීන් වහන්සේ කියා සිටින සේක (ජෙරමියා 29: 11). දෙවියන් වහන්සේ මේ ලෝකයේ ලෙඩ රෝග, අසනීප හා විෂකෘර සර්පයන් සමඟ ජීවත්වීමේ අසීරු වාතාවරණයක් ලබා දී තිබීමේ එක් හේතුවක් වන්නේ , මිනිසුන්ට ඔවුන්ගේ විපත්තියේදී උන්වහන්සේ වෙතට හැරෙන්නට ඉඩ හැරීමෙන් උන්වහන්සේ ඔවුනට ආශීර්වාද කරන පිණිසය. දෙවියන් වහන්සේ, උන්වහන්සේගේ අරමුණු ඉටුකරගැනීම පිණිස සාතන් විසින් පමුණුවන නපුර පවා උපයෝගී කරගන්නා සේක. අපි සදාතනිකයේ දී මිදුණාවුන් මුණගැසී ඔවුන්ගේ කථාවලට සවන් දෙන විට,සර්පයන් ෂ්ඨ කිරීම්, ර්තික හිඟථාවයන්, පිළිකා රෝග යනාදී දේ, සෙනඟව පාපෙන් හරවා උන්වහන්සේගේ දරුවන් බවට පත්වීමට දෙවියන් වහන්සේ ඒවා පාවිච්චි කළ ආකාරය සවිස්තරාත්මකව දැන ගන්නෙමුව. එළෙසම ඔවුන් උන්වහන්සේගේ ස්වභාවයට පංඟුකාරයන් වන පිණිස ඔවුන්ව පවිත්‍ර කිරීමට දෙවියන් වහන්සේ ඔවුන්ගේ දුක් විඳීම් ‍ප්‍රයෝජනයට ගත් ආකාරය ගැනද ඔවුගෙන් අසන්නට පුළුවන​. මේ පොළොවේ දී අපි තේරුම් නොගත් බොහෝ දේ උදෙසා, ඒ දවසේ දී අපි දෙවියන් වහන්සේ හට ස්තූති කිරීමට යන්නෙමුව. නමුත් ඇඳහිල්ලේ මනුෂ්‍යයකු හට එදින තෙක් බලා සිටිය යුතු නැත. ඔහු දැන්ම ම දෙවියන් වහන්සේගේ ප්‍රඥාව හා ප්‍රේමය ගැන විශ්වාස කරයි. එබැවින් ඔහු දැනටමත් සියල්ලටම ස්තුති කිරීමට පටන් ගෙන තිබේ. අප සමඟ දෙවියන් වහන්සේගේ සියලු ගනුදෙනුවල අවසාන අරමුණ වන්නේ උන්වහන්සේගේ ස්වභාවයට අප පංඟුකාරයන් වීමය. දෙවියන් වහන්සේ සියලු දේම අපගේ යහපත පිණිස එකට ක්‍රියා කරන සේක. - ඒ යහපත නම් උන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ ස්වරූපයට සමාන වීමට සැලැස්වීම ය.

“තවද දෙවියන් වහන්සේ ට ප්‍රේමකරන්නන්ට, එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබූවන්ට, සියලු දේම යහපත පිණිස එකට ක්‍රියාකරන බව අපි දනිමුව. මක්නිසාද උන්වහන්සේ පූර්වයෙන් ඇඳිනගත්තවුන් තමන්වහන්සේගේ පුත්‍රයා බොහෝ සහෝදරයන් අතරේ කුළුඳුළා වන පිණිස ඒ පුත්‍රයාගේ ස්වරූපයට සමානවෙන්ට පූර්වයෙන් නියම කළසේක" ( රෝම 8: 28, 29).

සමහර අවස්ථාවලදී බලාපොරොත්තු නොවූ ලෙස අපගේ මුදල් නැතිවීමට හෝ දුෂ්ඨ මනුෂ්‍යයන් විසින් රවටනු ලබන්නට දෙවියන් වහන්සේ අපව ඉඩ හරින්නේ මන්ද. සෙනඟ අධික බස් රථවල හෝ දුම්රිය වල ගැටකපන්නන් විසින් සාක්කුවේ මුදල් පැහැර ගන්නා අත්දැකීම් අප අතරෙන් බොහෝ දෙනෙකුට ඇත්තේ ය. මම හැමවිටම සොරෙකු හෝ වංචාකාරයෙකු වෙනුවෙන් යාච්ඤා කිරීම සඳහා එවැනි අවස්ථාවලදී යොමු වුණෙමි. එහෙත්, ඊට අමතරව, මුදල්වලට හා වෙනත් භෞතික ම දේවලට ඇති අධිකතර බැඳීම්වලින් අපව වෙන් කිරීමට ද දෙවියන් වහන්සේගේ ආශාව වන්නේය. අපෙන් නැතිවෙන්නා වූ සෑම රුපියලක් ගැන කනස්සල්ලට පත් වන හෝ අපට එකතු වන්නා වූ සෑම රුපියලක් ගැන ප්‍රීතියට පත් වන්නාවූ හෝ සතේට ගණන් බලන්නා වූ, අය මෙන් අප වනවාට උන්වහන්සේ කැමති නොවන සේක​. උන්වහන්සේට අවශ්‍ය වන්නේ අප, උන්වහන්සේ තුළ අපගේ ප්‍රීතිය සෙවීමය - මෙම ප්‍රීතිය, ද්‍රව්‍යමය වාසියක් නිසා වැඩි නොවන අතර ‍ද්‍රව්‍යමය පාඩුවකදී අඩු වන්නේ ද නැත.

යේසුස් වහන්සේ පොළොවෙහි ජීවත් වුවේ ඒ ආකාරයටය. එමෙන්ම අපවද​ කැඳවා ඇත්තේ යේසුස් වහන්සේ ජීවත් වූ ලෙසටම ජීවත් වන පිණිසය. "ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ පැවති සිතම ඔබ සැම තුළත් පැවතේවා" කියා (පිලිප්පි 2: 5)හි බයිබලය පවසනුයේය. කළගුණ සැළකීම පිණිස යමෙක් විසින් ක්‍රිස්තුස් වහන්සේගේ සේවයට දිනාරි 10,000 ක දීමනාවක් දී තිබුණේ නම්, එයින් උන්වහන්සේගේ ප්‍රීතිය යම්තමින් වත් වැඩි නොවන්නේ ය. උන්වහන්සේගේ ප්‍රීතිය ඒ වනවිටත් උන්වහන්සේගේ පියාණන් තුළ පිරී ඉතිරී යමින් ය, එළෙසම යේසුස් වහන්සේගේ ප්‍රීතිය​ කිසිදු ද්‍රව්‍යමය පාඩුවකදී අඩු නොවන්නේ ය. ජූදස් ඉස්කාරියොත් නිතරම යේසුස් වහන්සේට​ තෑගි ලෙස ලැබුණු මුදල්වලින් වැඩි හරියක් සොරකම් කළේය. ඒ ගැන යේසුස් වහන්සේ දැන සිටි සේක. උන්වහන්සේ ජූදස් ගැන කණගාටු වන්නට ඇති වූ අතර මුදල් නැතිවීම ගැන කිසිසේත් කැළඹුණේ නැත.

ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතයට පංඟුකාර වන පිණිස ඔබ සැබැවින්ම මහත් සේ සැළකිලිමත් වන්නේ නම්, ද්‍රව්‍යමය දේ වලට ඇති ආශාවෙන් ඔබව ගලවා ගන්නා පිණිස, මනුෂ්‍ය ගෞරවය සෙවීමෙන් ගලවන පිණිස, ආත්මානුකම්පාව හා තවත් මෙවැනි බොහෝ ක්‍රිස්තුස් වහන්සේ මෙන් නොවන ආකල්පවලින් ඔබව ගළවන පිණිස දහසක් දේවල් ඔබ හට සිදුවීමට දෙවියන් වහන්සේ ඉඩ හරින සේක. එවැනි ගමනක් යන්නට ඔබට අවශ්‍ය නැති නම් උන්වහන්සේ ඔබට බල නොකරන සේක. ඔබ වටා ජීවත්වන්නා වූ බොහෝ ඇඳහිළිවන්තයන් මෙන් පහත් මට්ටමේ පරාජිත ජීවිතයක් ගත කරමින් ජීවත්වීම ට, ඔබ තෘප්තිමත් වන්නේ නම් දෙවියන් වහන්සේ ඔබව නිදැල්ලේ ඉන්නට හරින්නේ ය. නමුත් ඔබ දෙවියන් වහන්සේගේ උපරිමය උදෙසා පිපාසා වන්නේ නම් ඔබව නැතිකර දමන්නාවූ පිළිකාවන් කපා දමණ ලෙසටත් ඔබව දූෂිත කරන්නාවූ පිළිම විනාශ කර දමණ ලෙසටත් දෙවියන් වහන්සේ ඔබ සමඟ තදින් ක්‍රියා කරන සේක. ඔබව තව දුරටත් කම්පා කළ නොහැකි ස්ථාවර ස්ථානයකට ගෙන ඒම සඳහා ඔබට වේදනාව, කළකිරීම, අහිමිවීම, කඩාවැටුණු බලාපොරොත්තු, නින්දාව, අසාධාරණ විවේචන යනාදී දේ විඳීමට උන්වහන්සේ ඔබට ඉඩ හරින සේක.

ඉන්පසු ඔබ පොහොසත් හෝ දුප්පත් වුවත්, විවේචනය හෝ ප්‍රශංසාව ලැබුවත්, ගරුත්වය හෝ අගෞරව ලැබුවත් එවිට ඔබට කිසිදු වෙනසක් නොදැනෙන්නේ ය. මෙම ලෝකයෙහි සෑම දෙයක් ම උදෙසා, ක්‍රිස්තුස් වහන්සේගේ මරණෙහි ගැඹුර තෙක් පහතට බැස ගිය කළ, මේ පොළොව මත රජකු මෙන් ජීවත් වීමට සලස්වන ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතයට ඔබ පංඟුකාරයකු වන්නේය. “යේසුස් වහන්සේගේ ජීවතය අපගේ ශරීරයෙන් ප්‍රකාශවෙන පිණිස උන්වහන්සේ මරණයට භාජනය වූ ලෙසම අපිත් නිතරම ශාරීරික වශයෙන් මරණයට භාජනය වෙමින් සිටිමු "(2 කොරින්ති 4: 10). ක්‍රිස්තුස් වහන්සේ තුළ අධික ලෙස ජීවනයට මාර්ගය සම්බවන්නේ ස්වල්ප දෙනකුටය. එයට හේතුව නම්, එහි මිළය වන තම කමට සම්පූර්ණයෙන්ම මැරීම වන මිළය ගෙවීමට කැමති වන්නේ ස්වල්ප දෙනෙකි. අපේ ස්ව කැමැත්තට මැරෙන්නෙ නැත්නම් අපට ඇඳහිල්ලෙන් ජීවත් විය නොහැකිය. අප ක්‍රිස්තුස් වහන්සේ සමඟ කුරුසිපත් වීමට කැමති නැත්නම් දෙවියන් වහන්සේගේ පරිපූර්ණ ප්‍රේමය පිළිබඳ අපේ දැනීම නිතරම න්‍යායික වන්නේය. අප මේ ලෝකේ සියල්ල අත් නොහරින්නේ නම් අපට යේසුස් වහන්සේගේ ගෝලයන් විය නොහැකිය. "එසේම ඔබ තම සන්තක සියල්ලම අත්නාරින (යමක් මැරෙන කල් පාවිච්චි කරනමුත් එයට ආශා නොකරන්නයි මෙහි තේරුම වන්නේ) කවරෙකුටවත් මාගේ ගෝලයෙකු වෙන්ට බැරි යැයි යේසුස් වහන්සේ කී සේක (ලූක් 14: 33 ).

"මා ඔවුන් තුළෙහිද ඔබ මා තුළෙහිද සිටීමෙන් ඔවුන් ඒකත්වයට සම්පූර්ණ ලෙස පැමිණෙන පිණිසත් ඔබ මා එවූ බවද මට ප්‍රේමකළාක් මෙන් ඔවුන්ටත් ප්‍රේමකළ බවද ලෝකයා දැනගන්නා පිණිසත්ය”යි යොහන් 17: 23 හි අප කියවන්නෙමු. යේසුස් වහන්සේ ලෝකයට හෝ මාංශික කිතුණුවන් වෙනුවෙන් යාච්ඤා නොකළසේක​. උන්වහන්සේව අනුගමනය කරන පිණිස සියල්ල අතහැර ආවා වූ ගෝලයන් එකොළොස් දෙනා උදෙසා යාච්ඤා කළ සේක. මාංශික කිතුණුවන්ට සහ ලෞකික සෙනඟට කිසිකළෙ ක දැනගත නොහැකි පියාණන්ගේ ප්‍රේමය තුළ සුරක්ෂිතභාවය එම ගෝලයන් හට සොයාගත හැකි විය. යම් කිතුණුවකු මාංශික කිතුණුවකු වන්නේ මන්ද? ඔහු දෙවියන් වහන්සේ හට සම්පූර්ණයෙන්ම යටත් වෙනවා වෙනුවට “ලෝකවල් දෙකෙහිම උතුම් ම දේ ලබන්නට (රසවිදින්නට) උත්සාහ කිරීමෙන් (බොහෝ අය පවසන්නාක් මෙන්) තමන්ට වඩාත් සතුටු විය හැකියැයි සිතන්නට පෙළඹවීමෙන් සාතන් විසින් ඔහුව රැවටූ නිසා නොවේද? නමුත් මෙය මුළාකිරීමකි. දෙවියන් වහන්සේගේ පරිපූර්ණ ප්‍රේමය කෙරෙහි අප විශ්වාස කළෙමු නම් අප උන්වහන්සේ උදෙසා සතුටින්ම සියල්ල කිසිම විශේෂයක් නොතකා අත්හරින්නෙමුව​. එවිට අප කනස්සල්ලෙන් සම්පූර්ණයෙන්ම විමුක්තිය ලබණුව. පිලිප්පි 4: 6, 7 අපට මෙසේ අණ කරති : “ඔබ සැම කිසිවක් ගැන කරදර නොවී, සියල්ලෙහි දී ස්තුති පූර්වක ව, යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද ඔබ සැමගේ අයැදීම් දෙවියන් වහන්සේට දන්වන්න. එවිට සියලු නැණනුවණ ඉක්මවා යන දෙවියන් වහන්සේගේ සමාදානය, ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළින් ඔබගේ සිතුම් පැතුම් ආරක්ෂා කරන්නේ ය.”