WFTW Body: 

අපගේ සියළුම ආත්මික ගැටළු වලට මූළික වූ හේතුව රැදී පවතින්නේ දෙවියන් වහන්සේව අපගේ සර්වබලධාරි ප්‍රේමණීය පියා ලෙස නොදැන සිටීම ය.

මාගේ කිතුණු ජීවිතයෙහි පෙරළියක් ගෙන ආවාවූ එක් සත්‍යථාවයක් නම් යේසුස් වහන්සේට ප්‍රේම කළාක් මෙන්ම, පියාණන් වහන්සේ යේසුස් වහන්සේගේ ගෝලයන්ටද ප්‍රේම කරනසේක යන, යේසුස් වහන්සේ අපට දුන්නා වු මහිමාන්විත එළිදරව්වය. යේසුස් වහන්සේ උන්වහසේගේ ගෝලයන් උදෙසා පියාණන්ට යාච්ඤා කළේ “ඔබවහන්සේ මා හට ප්‍රේම කළාක් මෙන් ඔවුන්ටද ප්‍රේම කළ බව ලෝකය දැන ගත යුතුයැයි කියාය “ ( යොහාන් 17: 23 ). අප වටා ලෝකය මෙය දැන ගත යුතුය. නමුත් ලෝකය එය දැන ගන්න ප්‍රථමව, එය අපගේ හදවත් ස්පර්ශ කළ යුතු ය.

මෙම පොරොන්දුව සියළු දෙනාට නොව, නමුත් යේසුස් වහන්සේගේ ගෝලයන් වූ අයට පමණි - එය නම්, (1) පොළොවෙහි වෙසෙන ඕනෑම කෙනෙකුට වඩා, (2) ඔවුන්ගේම ජීවිතයට වඩා, (3) ඔවුන්ගේ භෞතික උරුමයන් (වස්තු) වලට වඩා යේසුස් වහන්සේට ප්‍රේමකරන අයටය (යේසුස් වහන්සේ ලූක් 14 : 26,27,33හි සඳහන් කළාවූ ගෝලත්වයේ කොන්දේසි තුන මෙයය). මේ පොරොන්දුව හිමිවන්නේ මෙම කොන්දේසි තුන සම්පූර්ණ කළාවු අයටයි.

න්‍යායික වශයෙන් ස්වර්ගයෙහි ප්‍රේමණීය පියෙකු කෙරෙහි ඇදහිල්ලක් අපිට තිබෙන්නට පුළුවන. නමුත් අප කරදරයට පත්වී හා කණස්සල්ලෙන් සහ අතීශ්‍ය අනාරක්ෂිභාවයෙන් හා බියෙන් පිරී සිටී නම්, එයින් සනාථ වන්නේ අප යේසුස් වහන්සේගේ ගෝලයන් නොවන බවත්, අපගේ පියා යේසුස් වහන්සේට ප්‍රේම කළාක් මෙන්ම අපට ප්‍රේම කරන බව අපගේ හදවත් පතුළෙන් අප විශ්වාස නොකරන බවත්ය. මනුෂ්‍යාකාරව බලන කළ දෙවියන් වහන්සේ අපව මෙයාකාරව ප්‍රේම කරන බව විශ්වාස කරන්නට කොහෙත්ම බැරිය. එහෙත් එය එසේය බව යේසුස් වහන්සේ පැහැදිළි ලෙස අප හට කීසේක, එම නිසා එය සත්‍ය බව අප දනිමුව.

මෙම මහිමාන්විත සත්‍යථාවයට අපගේ දෑස් විවර වූ කළ, ජීවිතය කෙරෙහි අපගේ දෘෂ්ටිය සම්පූර්ණයෙන්ම වෙනස් වේ. සියළුම කණ්කෙඳි‍රීම් හා අධෛර‍්‍යයට පත්වීම්, ශෝකය, බිය හා කනස්සල්ල අපගේ ජීවිතයෙන් අතුරුදහන්වේ. මෙය විය හැකි බව මා දනිමි, මන්ද එය මාගේ ජීවිතයේ සිදුවිය. දැන් මාගේ ජීවිතයේ නොසෙල්වෙන අත්තිවාරම මෙයයි : යේසුස් වහන්සේට ප්‍රේම කළාක් මෙන්ම, දෙවියන් වහන්සේ මා හට ද ප්‍රේම කරන සේක.

අපගේ ජීවිතයෙහි අප පරාජිතයන් ව සිටින්නේ අප නිරාහාරව හා යාච්ඤාවේ නියැළී නොසිටින නිසා නොව. නැත. ජය ලැබෙන්නේ ඇදහිල්ලෙන් මිස, ස්වයං-උත්සහයෙන් (ස්වෝත්සහයෙන්) නොවේ. “ලෝකය ජයගන්නා වු ජයග්‍රහණය මෙයයි - අපගේ ඇදහිල්ලයි” ( 1 යොහාන් 5: 4 ). “කුමක් කෙරෙහි ඇදහිල්ල දැයි” ඔබ අසන්නට පුළුවන. පිළිතුර නම් : “දෙවියන් වහන්සේගේ පරිපූර්ණ ප්‍රේම ය කෙරෙහි ඔබට ඇති ඇදහිල්ලයි.”

සාතන් බොහෝ ඇදහිළිවන්තයින්ට නිතරම පවසන, “නුඹ නිරාහාර සිටිනවා මදි”, “නුඹ යාච්ඤා කරනවා මදි”, “නුඹ සුභ-ආරංචිය ගෙනයනවා මදි”, “නුඹ බයිබලය කියවනවා මදි”, යනාදි දණ්ඩනයන් තුළ ජීවත්වේ. එහෙයින් ඔවුන්ව මෙවැනි දණ්ඩනාත්මක චෝදණා තුළින් උන්මාදයෙන්වූ ක්‍රියාකාරකම් සහ බොහෝ මළ ක්‍රියාවන් කිරීමට පෙළඹවනු ලබයි.

ඔබගේ සියළුම ස්වයං-හික්මීම, නිරාහාරව සිටීම, යාච්ඤා හා සාක්ෂි දැරීම් සියල්ලම දෙවියන් වහන්සේට වූ ප්‍රේමයෙන් ආරම්භ නොවන්නේ නම්, එවා මළ කියා බව ඔබට වැටහේ ද? මූළිකවම ඔබ කෙරෙහි වන දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙහි ඔබ ස්ථිර නොවන්නේ නම්, එ සියල්ලටම එවැනි ප්‍රේමයකින් ආරම්භ වන්නට නොහැකිය. එපීසියේ කිතුණුවන් සඳහා පාවුලුතුමාගේ යාච්ඤාව වූවේ ඔවුහු දෙවියන් වහන්සේගේ ප්‍රේමය මත පදනම් වූ හා මුල් බැසගත් අය වන ලෙසය ( එපීස 3: 16,17 ).

තමන්ට ප්‍රේම කරන යම් කෙනෙකු සොයන මනුෂ්‍යයෝ ලෝකයේ පිරී ඇත. බොහෝ කිතුණුවෝ තමන්ට ප්‍රේම කරණු ලැබීම සොයා සභාවෙන් සභාවට යති. සමහරු මිත්‍රත්වයෙහි හා තවත් සමහරුන් විවාහයෙහි ප්‍රේමය සොයති. එහෙත් මේ සියල්ලම කළකිරීමෙන් අවසන් විය හැක. අනාථ දරුවන් මෙන්, ආදම්ගේ දරුවන්ගේ අස්ථීරභාවයේ (අනාරක්ෂිතභාවයේ) ප්‍රතිඵලය කරණකොටගෙන ඔවුහු නිතර නිතර ආත්මාණුකම්පාවෙන් පරාජයට පත්වේ.

මෙම ප්‍රශ්ණයට පිළිතුර කුමක් ද? පිළිතුර නම් දෙවියන් වහන්ස්ගේ ප්‍රේමය තුළෙහි අපගේ සුරක්ෂිතභාවය සෙවීමයි. යේසුස් වහන්සේ නිතර නිතර උන්වහන්සේගේ ගෝලයන්ට කීවේ, ඔවුන්ගේ හිසේ කෙස් සියල්ලම ගණන් කර ඇති බවත් මිළියන ගණන් පක්ෂීන්ට කැවූ හා මිළියන ගණන් මල් පැළදූ දෙවි කෙනෙක් අනිවාර්යෙන්ම ඔවුන් ගැන වග බලා ගන්නා බව ය. ඒ සියළු තර්කවලටත් වඩා උතුම් එක වන්නේ : “දෙවියන් වහන්සේ තමාගේම පුත්‍රයාව බේරා නොගෙන, අප උදෙසා උන්වහන්සේව (පුත්‍රයාව) පරිත්‍යාගයක් ලෙස ඔප්පු කළ බැවින්, දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ ඇතුළුව අනිකුත් සියල්ල අපට නොදී සිටින්නේ කෙසේ ද ( රෝම 8: 32 ). දෙවියන් වහන්සේ යේසුස් වහන්සේට සැළකූ ලෙසට ම, අපට ද සළකන සේක.

දෙවියන් වහන්සේ අපව සෙසු මනුෂ්‍යයින් සමඟ බාගවෙලාවට කළකිරුණු තත්ත්වයට පමුණුවන්න ඉඩ හරින්නේ, අප මනුෂ්‍යයින් කෙරෙහි යැපීමෙන් වැළැක්වීමටය. මෙවැනි රූප නමස්කාරයෙන් අපව නිදහස් කිරීමට දෙවියන් වහන්සේ කැමතිවන සේක - මන්ද මනුෂ්‍යයා මත යැපීම රූප නමස්කාරයේ ස්රූපයකි. අප උන්වහන්සේ කෙරෙහිම මුළුමනින්ම යැපීම දෙවියන් වහන්සේට අවශ්‍යය. එමනිසා මනුෂ්‍යයින් මගින් හැම පැත්තකින්ම අප කළකිරෙන තැනට දෙවියන් වහන්සේ අපගේ අවස්ථාවන් (තත්ත්වයන්) පෙළගස්වන විට, එය අපව අධෛර‍්‍යයට පත් නොකළ යුතුයි. අප උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත්වන්නට පුරුදු වන පිණිස මාංශයේ හස්තයට වහළෙක් වීමෙන් ක්‍රමාණුකූලව පිටතට ඇදීමේ දෙවියන් වහන්සේගේ ක්‍රමය එයයි.

“ස්වාමින් වහන්සේ මෙසේ වදාරන සේක, මනුෂ්‍යයා කෙරෙහි විශ්වාස කරන්නා වූ හා මාංශය තමාගේ ශක්තිය කරගන්නා වූ මිනිසා ශාප ලද්දෙකි... මන්ද ඔහු වනාන්තරයේ පඳුරක් මෙන් වන්නේ ය. නමුත් ස්වමින් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නා හා තමාගේ විශ්වාසය ස්වාමින් වහන්සේ කොට තබන මනුෂ්‍යයා ආශිර්වාද ලද්දෙකි .... මන්ද ඔහු ජලය ළඟ හිටවා තිබෙන්නාවූ ගඟ ළඟ මුල් අදින්නාවූ ගසක් වැනිය, ඔහු ග්‍රීෂ්මය පැමිණෙන විට බියට පත් නොවෙන, කොළ නොවේළෙන්නාවූ, නියන් අවුරුද්දේදී ඵළ නොදැරීමෙන් කණස්සල්ලට පත් නොවෙන්නා වූ ගසකට සමාන ය” ( ජෙරමියා 17: 5-8 ).

කිතුණූවන් අතරෙහි සියළුම තරඟකාරිත්වයන් හා ඊර්ෂ්‍යාවන් අනාරක්ෂිතභාවය කරණකොටගෙන හට ගන්නකි. දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙහි සුරක්ෂිතභාවයේ වෙසෙන හා දෙවියන් වහන්සේ තමාව සෑදූ ආකාරයට, නිර්මාණය කිරීමේදී, සහ ඔහුට දී තිබෙණ දීමණා හා තළෙන්තු දීමේදී කිසිදු අතපසුවීමක් නොවූ බවත්, විශ්වාස කරන මනුෂ්‍යයා, තව කෙනෙකු කෙරෙහි කිසිවිටෙක ඊර්ෂ්‍යයා නොවන අතර තව කෙනෙකු සමඟ තරගකාරිත්වය කිසිදා නොපතයි. ඇදහිළිවන්තයින් අතරේ සියළු සම්බන්ධතා ප්‍රශ්ණ පැණ නැගෙන්නේ ද මූළිකව ම ඉහත කියූ අනාරක්ෂිතභාවය නිසාම ය.

එම නිසා ලූක් 14: 26-34 මෙනෙහි කරමින් මුළු හදවතින්ම යේසුස් වහන්සේගේ ගොලයකු වන්න. ඉක්බිති දෙවියන් වහන්සේ යේසුස් වහන්සේට ප්‍රේම කළාක් මෙන් ම, දැන් ඔබට ද ප්‍රේම කරන්නේ ය යන සිද්ධාන්තයෙහි ඔබගේ සුරක්ෂිතභාවය සොයන්න.