WFTW Body: 

අපි වසරක අවසානයට පැමිණෙන විට, අපගේ ජීවිත සෝදිසි කර බළා එය කුමණ ආකාරයකට පැවතී ඇත්දැයි පරීක්ෂා කර බැලීම යහපත් ය. හග්ගයි අනාගතවකතෘ වරයා තම කාලයේදී මිනිසුන්ට අනුශාසනා කළේ "ඔවුන්ගේ මාර්ග ගැන විමසා බලන ලෙසයි" එය හග්ගයි 1: 5,6 හි ලියා තිබේ: එබැවින් දැන් "නුඹලාගේ මාර්ග සළකා බලන්නැයි සේනාවල ස්වාමින් වහන්සේ මෙසේ පවසන සේක".

“ජීවනය තිබෙන කල්හි එහි බලාපොරොත්තුවක් තිබේ. එනිසා දෙවියන් වහන්සේව විශ්වාස කිරීමට අසමත් වන්න එපා.”

"නුඹ බොහෝ දේ වැපිරූ නමුත් කපා ගන්නේ ස්වල්පයකි; නුඹලා කන නමුත් තෘප්තිමත් වීමට ප්‍රමාණවත් නොවේ; නුඹ බොන නමුත් බීමත් වීමට තරම් ප්‍රමාණවත්ව නොවේ; නුඹ වස්ත්‍ර අදිනමුත් ප්‍රමාණවත්ව උණුසුම් නොවේ; එසේම උපයන්නා, වැටුප උපයන්නේ හිල්වූ පසුම්බියකට දැමීමටය." අපට ඉහතින් ඇති මෙම ප්‍රශ්ණ මෙලෙස අපටම අදාල කරගත හැක: "නුඹලාගේ දිවියේ කාරණා කෙරෙමින් තිබුණේ කොයි ආකාරයට දැයි සලකා බලාපල්ලා" යි ස්වාමින් වහන්සේ අභියෝග කරමින් පවසන සේක.

එහි ආත්මික ඵලදැරීමක් තිබුණේද? නුඹ බොහෝ දේ රෝපණය කළ නමුත්, නෙලාගෙන ඇත්තේ ස්වල්පයකි. ඔබ බොහෝ රැස්වීම් වලට ගොස්, බොහෝ ක්‍රිස්තියානි පොත් කියවා බොහෝ ක්‍රිස්තියානි ටේප්පටි වලට සවන්දුනි, නමුත් ඔබගේ නිවස අද දවසේ දේව භක්තික නිවසක්ද එසේම සාමයේ නිවසක්ද? ඔබ අඩුතරමින් ස්වාමිපුරුෂයාට / භාර‍්‍යවට කෑගැසීම වැනි සරල දෙයක් ජයගෙන තිබේද? එසේ නොවන්නේ නම් ඔබ බොහෝ වැපිරූ මුත් ඔබ කපාගෙන ඇත්තේ ස්වල්පයකි. ඔබ වස්ත්‍රයෙන් සැරසෙනමුත් ඔබ තවමත් උණුසුමට පත්ව නැත. ඔබ බොහෝ මුදල් උපයනමුත්, ඔබගේ සාක්කුවේ හිල් තිබේ එනිසා ඉන් වැඩි ප්‍රමාණයක් නාස්තිවේ.

අප කාළකණ්ණියන් ලෙස හා නැවත නැවතත් අසමත් වූවත් උන්වහන්සේගේ පරිපූර්ණ කැමැත්තට අපව ගෙනෙන්නට වුවද - දෙවියන් වහන්සේට කළ නොහැකි කිසි දෙයක් නැත. උන්වහන්සේට බාධා කළ හැක්කේ අපගේ අවිශ්වාසයට පමණයි. ඔබ පවසනවා නම්, "මම බොහෝ වාරයක් වැඩ අවුල් කර ඇත්තෙමි. දැන් දෙවියන් වහන්සේට මාව උන්වහන්සේගේ සම්පූර්ණ සැළැස්මට ගෙන ඒමට නොහැකියි" කියා, එවිට දෙවියන් වහන්සේට එය කළ නොහැකිවේ, මක්නිසාද උන්වහන්සේට ඔබ වෙනුවෙන් කළ හැක්කේ කුමක්ද යන්න ගැන ඔබට විශ්වාස කළ නොහැකි නිසාය. නමුත් අප විශ්වාස කරන්නේ නම් පමණක්, අප උදෙසා දෙවියන් වහන්සේට කළ නොහැකි දෙයක් නැතැයි යේසුස් වහන්සේ පැවසු සේක.

"ඔබගේ ඇදහිල්ලට අනුව එය ඔබට වේවා", යනු සෑම කාරණයකදීම දෙවියන් වහන්සේගේ නීතියයි (මතෙව්. 9: 29). අපට ඇති අපගේ ඇදහිල්ලේ තරමට අපට ලැබේ. දෙවියන් වහන්සේට අප වෙනුවෙන් යම් දෙයක් කළ නොහැකි යැයි අප විශ්වාස කරන්නේ නම්, එවිට එය අපගේ ජීවිත තුළ ඉෂ්ඨ වන්නේ නැත. අනෙක් අතට, ඔබට වඩා තම ජීවිතය අවුල් කරගත් වෙනත් ඇදහිළිවන්තයෙකු කෙසේ වෙතත් ඔහුගේ ජීවිතයේ කැඩී බිඳී ගිය කැබළි ගෙන, එයින් දෙවියන් වහන්සේට යම් "ඉතා හොඳ දෙයක්" සාදන්නට හැකි බව විශ්වාස කිරීම පමණකින් ඔහුගේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ පරිපූර්ණ සැළැස්ම සම්පූර්ණ කළ බව ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චය ආසනය ඉදිරියේ ඔබ ට දැනගන්නට ලැබේවි. ඔබගේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ සැළසුම නිෂ්‍ඵළ (ව්‍යර්ථ) කළේ ඔබේ අසාර්ථකත්වයන් නොවන බව (ඒවා කොපමණ බොහෝ ප්‍රමාණයක් තිබුණත්), නමුත් ඔබගේම අවිශ්වාසය බව ඔබ දැනගන්නා විට එම දවසේදී ඔබගේ ජීවිතයේ මොනතරම් කළකිරීමක් ඇතිවේවි ද!

"දේව පුත්‍රයා ප්‍රකාශ වූයේ යක්ෂයා කළ වැඩ අක්‍රීය (විසුරුවා හැරීමටයි) කිරීමටයි (1 යොහාන් 3: 8 විස්තරාත්මක බයිබලය). එම පදය ඒකාන්තයෙන් ම අදහස් කරන්නේ යේසුස් වහන්සේ පැමිණියේ යක්ෂයා අප ජීවිත තුළ බැඳ ඇති සියළුම ගැට ලිහා දැමීමට බවයි. ඒක මෙයාකාරව සිතන්න: අප ඉපදුණු විට, දෙවියන් වහන්සේ අප හැම කෙනාටම ඉතා පිළිවෙලට එතූ නූල් බෝලයක් අපට ලබා දුන්නා කියා පැවසිය හැකිය. අප දිනපතා ජීවත්වන්නට පටන් ගත් විට, අප එම නූල් බෝලය මුදාහැරීමට පටන් ගත් අතර අප එය ගැට ගැසීමට (පව් කිරීමෙන්) පටන් ගන්නනෙමු. අද වන විට වසර ගණනාවකට පසු අප එම නූල් බෝලය මුදා හැරීමෙන් පසු, අපි බලා පොරොත්තු සුන් කරගන්නේ එහි දහස් ගණන් ගැට පෙණෙන බැවිණි. නමුත් යේසුස් වහන්සේ පැමිණියේ "යක්ෂයා ගැටගැසූ ගැට ලිහා දමන්නට ය". එනිසා වැඩිම ගැට ගණනක් නූලැති අයට පවා බලාපොරොත්තුවක් තිබේ. 

ස්වාමින් වහන්සේට සෑම ගැටයක්ම ලිහා නැවත වරක් ඔබේ අතේ පරිපූර්ණ (පිළිවෙලට එතූ) නූල් බෝලයක් ලබා දිය හැකිය. සුභාරංචියේ පණිවිඩය එයයි: ඔබට අලුත් ආරම්භයක් ගත හැකියි. ඔබ කියනවා නම් "එය නොහැකියි!" කියා. එසේ නම්, ඔබගේ ඇදහිල්ල අනුව ඔබට සිදුවේවි. ඔබගේ කාරණයෙහිදී එය නොහැකි වේ. නමුත් ඔබට වඩා ජීවිතය නරක්වූ කෙනෙකු කියනවා "ඔව් මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේ එය මා තුළ කරයි" යැයි පවසණු මට ඇසේ. ඔහුටද ඔහුගේ ඇදහිල්ල අනුව සිදුවේ. ඔහුගේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ පරිපූර්ණ සැළැස්ම ඉෂ්ඨ වේ.

ඔබගේ සියළු අසමර්ථවීම් ගැන දේවභක්තික කණගාටුවක් තිබේ නම්, එවිට ඔබගේ පාප කොතෙක් තද රතු පැහැයෙන් යුක්ත වූවත්, ඒවා පැරණි ගිවිසුමේ පොරොන්දුවූ අනුව (යෙසායා 1: 18) හිම මෙන් සුදුවනවා පමණක් නොව, නමුත් අලුත් ගිවිසුමේ දෙවියන් වහන්සේ පොරොන්දු වන "තවත් ඔබගේ පාප සිහි නොකරන්නෙමි" මෙන් වන්නේ ය (හෙබ්‍රෙව් 8: 12). ඔබගේ නොසැළකිලි කම් සහ අසමර්තකම් මොනවා වුනත්, ඔබට දෙවියන් වහන්සේ සමඟ නව ආරම්භයක් ගතහැක. ඔබ නව ආරම්භයන් දහසක් අතීතයේ ගෙන තිබුණත් ඔබට තවමත් 1001 වෙනි නව ආරම්භයක් අද ගත හැකිවේ. දෙවියන් වහන්සේට තවමත් ඔබගේ ජීවිතය තුළින් මහිමාන්විත දෙයක් කළ හැක. ජීවනය තිබෙන කල්හි එහි බලාපොරොත්තුවක් තිබේ. එනිසා දෙවියන් වහන්සේව විශ්වාස කිරීමට අසමත් වන්න එපා. උන්වහන්සේගේ දරුවන් සඳහා බොහෝ දේවල් කිරීමට උන්වහන්සේට නොහැකි ඔවුන් අතීතයේ උන්වහන්සේව අසමර්ත කර ඇති නිසා නොවේ නමුත් ඔවුන් දැන් උන්වහන්සේව අවිශ්වාස කරන නිසාය. දැන් අපි "ඇදහිල්ලේ ශක්තිමත්ව සිටිමින් දෙවියන් වහන්සේට මහිමය දෙමු" (රෝම 4: 20). අප මෙතෙක් නොහැකි යයි සැළකූ දේවල් ගැන ඉදිරියට පැමිණෙන කාලය උදෙසා උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබමු. තරුණ සහ මහළු සියළු දෙනාටම, ඔවුන් අතීතයේදී කොතෙක් අසමත් වූවද කම් නැත, ඔවුන් ඔවුන්ගේ අසමර්තකම් සිහිපත් කරමින්, යටහත්ව දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්නේ නම් පමණක් බලාපොරොත්තුවක් තබා ගත හැක.