WFTW Body: 

"යේසුස් වහන්සේ මාංශවත්ව සිටි දවස්වල" උන්වහන්සේ යාච්ඤා කළ ආකාරය ගැන හෙබ්‍රෙව් 5: 7, අපට පවසා ඇත. උන්වහන්සේ "මරණයෙන් ගැළවීම පිණිස මහත් හැඬීමෙන් සහ කඳුළින් යුක්තව යාච්ඤා කළසේක." මෙය උන්වහන්සේගේ ජීවිතයේ අවසන් දවසේ ගෙත්සෙමනයෙහි පමණක් යාච්ඤා කිරීමට අදාළ නොවේ. "උන්වහන්සේ මාංශවත්ව සිටී දවස් වලදී" උන්වහන්සේ එසේ යාච්ඤා කළායැයි පවසන විට දේව වචනය ඉතා නිවැරදි ය. "දවස්" යනුවෙන් අදහස් කරන්නේ, උන්වහන්සේගේ මිහිපිට (පොළොවෙහි) ගත කළ සම්පූර්ණ අවුරුදු 33 ½ ක කාලය යි. ගැළවීම ලබා දෙන ලෙස යේසුස් වහන්සේ යාච්ඤා කළ මරණය නම්, (උන්වහන්සේ ව ගැළවූවේ යැයි මෙම වාක්‍ය පවසන පරිදි), සහතික ලෙස භෞතික මරණය නොව, නමුත් (එක් පාපයක් හෝ කිරීමේ ප්‍රතිඵලයක් වන) ආත්මික මරණයෙන් වේ. යේසුස් වහන්සේ යාච්ඤා කළේ කිසි විටෙකත් එක් වරක් හෝ පව් නොකරන ලෙසයි. උන්වහන්සේ ඒ ගැන කොතරම් උනන්දු වූවේද කිවහොත්, උපකාරය උදෙසා උන්වහන්සේ කළ යාච්ඤා මහා හැඬීමෙන් සහ කඳුළින් යුක්ත වූවේ ය. උන්වහන්සේ කිසිසේත් පව් නොකළේ එනිසා ය. යේසුස් වහන්සේ දේව පුත්‍රයා වූ නිසා පාපය ජයගත් බව බොහෝ දෙනා සිතති. නැත. උන්වහන්සේ පාපය ජය ගත්තේ, මන්ද උන්වහන්සේ පාපයෙන් ගැළවීම උදෙසා මහත් හැඬීමෙන් සහ කඳුළින් යාච්ඤා කළ බැවිණි. යේසුස් වහන්සේ ට ධර්මිෂ්ඨකමට ප්‍රිය කර පාපය ද්වේශ කිරීමට ඉමහත් ඕනෑකමක් තිබූ බැවින්, උන්වහන්සේ මහත් උද්‍යෝගීමත්ව යාච්ඤා කළසේක - උන්වහන්සේගේ පියාණන්, උන්වහන්සේ තරම් උනන්දුවෙන් යාච්ඤා නොකරන අනෙක් ඇදහිළිවන්තයන්ට වඩා උන්වහන්සේ ව බලයෙන් ආලේප කළසේක (හෙබ්‍රෙව් 1: 9).

“පියාණන් වහන්සේ සමඟ සහභාගිත්වය බි ඳෙ ණු බැවින් , යේසුස් වහන්සේ පාපය පිළිකුල් කළසේක.”

බොහෝ ඇදහිළිවන්තයින් ඔවුන් මනුෂ්‍යයන් වූ බැවින්, පාපය සාමාන්‍ය දෙයක් සේ සළකන අතර ඔවුන ට පාපය කිසිවිටෙකත් ජයගත නොහැකි යැයි උපකල්පනය කරති. නමුත් එය එසේ නොවේ. හේතුව, ඔවුන් පාපයෙන් ගැළවීම පිණිස මහත් හැඬීමෙන් හා කඳුළින් යුක්තව යාච්ඤා නොකිරීම යි. උන්වහන්සේ නිතර යාච්ඤා කිරීමට හුදකලා ස්ථාන සෙව්වේ, මහත් හැඬීමෙන් හා කඳුළින් යුතුව යාච්ඤා කිරීම පිණිස ය (ලූක් 5: 16). අප නගරයක ජීවත්වන විට හුදකලා ස්ථානයක් සොයා ගැනීම අපහසුය. නමුත් මා කොතැනක සිටියත් මගේ මුඛයෙන් කිසිම හඬක් නඟන්නේ නැතිව දෙවියන් වහන්සේ ට මාගේ හදවතින් මහත් හැඬීමකින් යාච්ඤා කළහැකි බව මා සොයාගෙන ඇත්තෙමි. මාගේ සිතුවිලිවල, වචනවල, සහ ක්‍රියාවෙහි පරිශුද්ධභාවය උදෙසා මට මොර ගැසිය හැකිය. එහෙත් මම යම් පාපයකට වැටුණොත්, මට කඳුළු සැළීමට අවශ්‍ය යි. යේසුස් වහන්සේ කිසිවිට පාපය ට නොවැටුණත්, උන්වහන්සේ ට කඳුළු තිබුණි. එය සැබැවින්ම මාව යටහත් කරන්නෙමි. නිර්මලකම සඳහා වූ ජ්වලිතය යේසුස් වහන්සේව ක්ෂය වීමට පත්කොට උන්වහන්සේව දවාලූ ය. උන්වහන්සේ මිහිපිට (පොළොවෙහි) දෙවියන් වහන්සේගේ සියලු කැමැත්ත ඉටු කළේ එබැවිණි.

ශුද්ධාත්මයාණන්ගේ පූර්ණත්වය අප තුළ පරිශුද්ධත්වය සඳහා ජ්වලිතයක් ගෙන එයි. එවිට අපිට යේසුස් වහන්සේගේ ආදර්ශය අනුගමනය කළ හැකිය. ශාරීරික මරණයට යේසුස් වහන්සේ කිසිවිටෙකත් බිය නොවී ය, නමුත් උන්වහන්සේ ආත්මික මරණයට බිය වූ අතර කිසිම විටෙක පාපයේ සුවඳට පවා උන්වහන්සේ තුළ තිබීමට අකමැති වූ සේක. උන්වහන්සේට කුසලානය පානය කිරීමට අවශ්‍ය නැති බව පැවසූ විට, උන්වහන්සේ ගෙත්සෙමනියේදී යාච්ඤා කළේ කුමක් සඳහා ද? උන්වහන්සේ බිය වූ කුසලානය නම් අපගේ පාප දරා ගැනීමේදී, කුරුසිය මතදී පියාණන් සමඟ පැය 3 කට සහභාගිත්වය බිඳී යාමයි. ආත්මික මරණය එයයි. එළෙසම පියාණන් වහන්සේ සමඟ සහභාගිත්වය බිඳෙණු බැවින් යේසුස් වහන්සේ පාපය ද්වේශ (පිළිකුල්) කළසේක.

නමුත් ගෙත්සමනියේදී පියාණන් වහන්සේ උන්වහන්සේට පැවසුවේ දෙවියන් වහන්සේගෙන් වෙන් වීමෙන් සදාකාලිකව නිරයට යෑමෙන් අන් අයව උන්වහන්සේ විසින් ගළවා ගැනීමට නම්, එම සහභාගිත්වය බිඳී දැමිය යුතු බව, උන්වහන්සේට පිළිගැනීමට සිදුවන බවයි. යේසුස් වහන්සේ අප කෙරෙහි ඇති ඉමහත් ප්‍රේමය නිසා එම අධික මිළය ගෙවීමට උන්වහන්සේ එකඟ වූ සේක. නමුත් පාපය කරණකොටගෙන පැමිණෙන්නා වූ - පියාණන් වහන්සේ සමඟ ඇති කරගත් සහභාගිකම බිඳීමට, උන්වහන්සේගේ ජීවිත කාලය පුරාම, උන්වහන්සේ විරුද්ධ වූසේක. පාපයේ සුළු සුවක් වුව ද දෙවියන් වහන්සේ සමඟ සහභාගිත්වය එකවිටම බිදමයි. අප එම සහභාගිත්වය අගය කරන්නේ නම්, අපද තිත්තකම, ආත්මික උඬඟුව, අශුද්ධකම, හෝ ඊර්ෂ්‍යාව, හෝ මුදල් කෙරෙහි ඇති ආශාව, වෛරය, හෝ දෙවියන් වහන්සේගේ සම්පූර්ණ කැමැත්තෙන් තොර වූ ඕනෑම දෙයක ඉතා කුඩා සුවඳක්වත් අප තුළ නොතිබේවා යැයි මහත් හැඬීමකින් සහ කඳුළින් යාච්ඤා කරන්නෙමු.

දෙවියන් වහන්සේගේ පරිපූර්ණ කැමැත්තෙහි ජීවත්වීමට ආශාවක් අපට නොමැති නිසාවෙන් අප පාපය ඉතා සැහැල්ලුව ගණන් ගන්නෙමු. ශුද්ධකම බොහෝ කිතුණුවන්ගේ ප්‍රධානතම ආශාව නොවේ. ඔවුන්ගේ ආශාව නම් සාමාන්‍යයෙන් ස්වාමින් වහන්සේට හෝ අවශ්‍යථාවන් ඇති මිනිසුන්ට සේවයකි. නමුත් එය ලෞකික සංකල්පයක් විය හැකි ය. මාර්තා උන්වහන්සේට සේවය කිරීමට උත්සුක වූ අතර මරියා යේසුස් වහන්සේ සමඟ සහභාගිත්වය සෙවීය. එහෙත් යේසුස් වහන්සේ මාර්තාට තරවටු කරමින් මරියා තෝරාගත් දේ අවශ්‍ය ම දෙය බව පැවසූ සේක (ලූක් 10: 42). අපගේ සේවය ඵළදායි කරවන්නේ ශුද්ධ කමයි.