WFTW Body: 

අද දවසේ අප දිනපතා මුහුණදෙන්නාක් වැනිම පරීක්‍ෂා වලට යේසුස්වහන්සේ මුහුණදුන් සේක ( හෙබ්‍රෙව්. 4:15 ). අප මෙන්ම සීමාවන් උන්වහන්සේට තිබූ අතර ඒත් උන්වහන්සේ ජයගත් සේක - මන්ද උන්වහන්සේ පාපය පිලිකුල් කර ධර්මිෂඨකමට ආශා කළ අතර උන්වහන්සේව පරීක්‍ෂාවට ලක්වන විට උපකාර පිණිස පියාණන්වහන්සේට මොරගැසූ සේක ( හෙබ්‍රෙව්.1:9; 5:7 ). ශුද්ධාත්මයාණන්වහන්සේ යේසුස්වහන්සේට මනුශ්‍යයෙකු ලෙසට උපකාර කළ අතර ඒ ආකාරයටම ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබටද උපකාර කරණු ඇත.

තරුණ මනුශ්‍යයකු ලෙස යේසුස්වහන්සේ පරීක්‍ෂාවන්ට මුහුනදුන් ආකාරය ගැන සිතන්න. සියළුම තරුණ අය මුහුණ දෙන පරීක්‍ෂාවන් වල ඇදීමම උන්වහන්සේටද දැණුනි. පරීක්‍ෂා ජය ගැණීම උන්වහන්සේටද පහසු නොවුණි. සත්‍ය ලෙසම එය වඩා අමාරු වන්නට ඇති, මන්ද උන්වහන්සේගේ ස්වභාවය සම්පූර්ණ ශුද්ධවූ අතර එනිසා පරීක්‍ෂා උන්වහන්සේට වඩාත් පිලිකුල් වන්නට ඇත - එනිසා එහි ඇදීම අපට වඩා බලවත්වන්නට ඇත. ඒත් උන්වහන්සේ ජයගත් සේක.

දැන් යේසුස්වහන්සේ පරීක්‍ෂාවලට එරෙහිව කඹ ඇදීමේදී සිටින්නේ ඔබගේ පැත්තේය - එසේම උන්වහන්සේ ඔබට උපකාර කිරීමට සූදානම්ව සිටින සේක. සතුරු පැත්තේ නැංගුරම් කරු ලෙස සිටින්නේ උඬඟුව නැමති බරපන්ති මුෂ්ටිප්‍රහාරකයාය. ඔහු ලඟට සිටින්නේ ආත්මාර්ථකාමිත්වය නැමැති බර ප්‍රහාරකයෙකි. නමුත් දෙවියන්වහන්සේ ඔවුන් දෙදෙනාමද අනිකුත් පාප සමග ඇද දැමීමට ඔබට උපකාරකරන අතර ඔබ ජයගනු ඇත. ස්වාමින්වහන්සේට ස්තූති වේවා.

මෙන්න ඇදහිල්ලෙන් ඔබ විසින් අල්ලා ගතයුතු පොරොන්දුවක්: "ඔබව පැකිලීමෙන්(වැටීමෙන්) ආරක්‍ෂා කිරීමට යේසුස්වහන්සේට පුළුවන" ( යූද් 24 ). හරියට ශාරීරික ඇවිදීම ලෙසම ඇදහිල්ලෙන් ගමන් කිරීමද ඉගෙනගත යුතුව ඇත. ළදරුවෙකු ලෙස මුල්කාලයේ වැටීම් ගණනාවක් තිබෙනු ඇත. නමුත් ඔබ හඹා යනවිට වැටීම් වඩවඩාත් අඩුවේගන යනු ඇත. ශ්‍රේෂඨ ශුද්ධවන්තයෙකුට පවා මම කවදාවත් වැටෙන්නැහැ කියන්නට පුළුවන් අවස්ථාවක් කිසිසේත් නොපැමිණුනත්, අවසානයේ වැටීම් ඉතා විරල වනු ඇත.

ඔබ වැටෙනවිට, එය පාපය නොව වෙනත් නමකින් හැඳින් වීම පිණිස ඔබව පරික්‍ෂාවට පත්වනු ඇත. එය භයානකය. තමන්ගේ පාප ගැන තම පෞද්ගලික වගකීම මඟ හැරීම පිණිස තම පාප අත්වැරදීමක් නොසැලකිල්ලක් ලෙස හඳුන්වන බොහෝ අය සිටිති. ඔවුන් එලෙසම රෝම 7:17 වැරදි ලෙස උපුටා දක්වති "තවදුරටත් මම නොවේ එය කරන්නේ මා තුළ වාසය කරන පාපයයි...." ඒ ඔවුන්ගේ පැහැදිලි ලෙස පෙනෙන පාප කමා කර ගැණීමටයි ගැන නිදහසට කරුණු කීමකි. එය යාමට ඉතා අනතුරුදායක මාර්ගයකි. එයින් වැලකෙන්න - මක්නිසාද ඉන්පසු ඔබ අන් මිනිසුන් ජීවත්වන ආකාරයටම තමන්ම රවටා ගැණීම තුළ ජීවත්වනු ඇත. අප අපගේ පාප ප්‍රකාශ කරන්නේ නම් දෙවියන්වහන්සේ අපට කමා කිරීමටත් අපව පවිත්‍ර කිරීමටත් විශ්වාසවන්තව සිටින සේක ( 1 යොහාන් 1:9 ). නමුත් අප අපගේ පාප "අත්වැරදීම්" ලෙස හඳුන්වන්නේ නම් අත්වැරදීම් පවිත්‍ර කිරීමේ පොරොන්දුවක් නොමැත. යේසුස්වහන්සේගේ ලේ පවිත්‍ර කරන්නේ පාප පමණි. එනිසා, ඔබ පාපයට වැටෙන සැමවිටම අවංක වන්න. එය "පාපය" ලෙස හඳුන්වන්න, එයින් හැරෙන්න, එය පිලිකුල් කරන්න, එය අත්හැර දමන්න, එය දෙවියන්වහන්සේට පාපෝච්ඡාරණය කරන්න - ඉන්පසු එය අමතක කර දමන්න, මන්ද එය මකා දමා තිබේ.

ක්‍රියාවෙන් කරන පාපවලට වඩා ආකල්පයන් තුළින් කරන පව් බරපතලය, මන්ද ඒවා පහසුවෙන් හඳුනාගත නොහැකි බැවිනි මෙන්න ආකල්පයන් තුළින් කරන පව් සමහරක්: උඬඟුව, විවේචනාත්මක ආකල්ප, තික්තකම, ඊර්‍ෂයාව, ඇතුලාන්තයෙන් අන්අය විනිෂ්චය කිරීම(ඔබ ඇසූ හෝ දුටු දේ තුළින්- යෙසායා. 11:3 ), ඔබගේම දේ සෙවීම, ආත්මාර්ථකාමිත්වය, පරිසිවාදය ආදිය.

ඇදහිලිවන්තයෙකු පාපයට එරෙහිව ජයග්‍රහණය දේශනා කරන්නේ නම්, අන් අය දෙස පහත් කොට සලකන්නේ නම්, වඩාත්ම ශ්‍රේෂ්ඨ පාපය වන ආත්මික උඩඟුකම ජය ගැනීමට තමාට නොහැකි බව ඔහු තේරුම් නොගනී. අන් අයව හෙළා දැකීම නිරන්තරයෙන් කාමමිථ්‍යාචාරයේ හැසිරීමට සමාන වේ. එබැවින් එවැනි ඇදහිලිවන්තයෙකු පාපයට එරෙහි ජයග්‍රහනය ගැන කතා කිරීම හාස්‍යජනකය! ඔබ වඩාත් ආත්මිකව වර්ධනය වෙත්ම, ඔබ වඩාත් ශුද්ධවන්තවේ, එබැවින් පාපයට එරෙහිව ඔබ වඩාත් ජයග්‍රාහී වන අතර, ඔබ වඩාත් යටහත් වේ. අව්‍යාජ ශුද්ධකමේ මූලික සහතිකය මෙයවේ. පලතුරු ගසක, වැඩිම ඵලවලින් පිරුණු අතු වඩාත් පහලට බර වන්නේය!

බොහෝ දෙනා මනුශ්‍ය ආත්ම සංයමය "දිව්‍යමය ස්වභාවයට පංගුකාරවීම" ලෙස වරදවා වටහා ගනී. මනුශ්‍ය ආත්ම සංයමයට භාහිර ගුණවර්ධනයක් ඇති කළ හැක. එහෙත් එය අභ්‍යන්තර මිනිසා උඩඟු හා ආඩම්බර සහ පරිසිවරුන්ගේ ආකල්පයෙන් යුක්තව සිටීමට ඉඩ හරිනු ඇත. පාපය ජයගැණීම පිණිස අපව දෙවියන්වහන්සේගෙන් අනුග්‍රහය ලබා ගැණීම පිණිස කැඳවා ඇති අතර - අප නොමිලේ ලැබූදේ ගැන කිසිවිට ආඩම්බර වීමට හැකියාවක් නොමැත. අපට අප විසින්ම ඇති කරගත් දෙයක් ගැන ආඩම්බර වියහැකි මුත් අප විසින්ම අපගේම උත්සහයෙන් ඇතිකර ගත් ශුද්ධකම සැමවිටම ව්‍යාජ ශුද්ධකමක් වන්නේය.

ඔබ විසින් පංගුකාරවීමට කැඳවා ඇති දිව්‍යමය ස්වභාවය නම් ප්‍රේමයයි. දෙවියන්වහන්සේ ස්තූතිවන්ත නොවන්නන්ට සහ නපුරු අයට කරුණාවන්තය සහ යහපත්ය, එබැවින් නපුරු සහ යහපත් සියල්ලන්ට එකලෙස ඉරපායන්නට සලස්වන සේක ( ශු:මතෙව් 5:46-48 ). ඔබ විසින්ද අනුගමණය කළයුතු උදාහාරණය මෙයයි. ඔබ සමග එකඟ වූවත් නොවූවත් සියල්ලන්ට ප්‍රේම කරන්න. ඔබ මාරාන්තික විශබීජයකින් වැලකෙන්නාක් මෙන්ම සියළු මතබේධාත්මක සංවාද සහ විවාද මගහරින්න. ඔබ වටා සිටින්නන්ට යම් දෙයක් ගැන වාද කිරීමට අවශ්‍ය නම්, ඔබට සියළු මතබේද වලින් වැලකී සිටීමට අවශ්‍ය බව ඔවුනට ප්‍රේමයෙන් පවසන්න. ඔබගේ මුළු හදවතින් ප්‍රේමයෙන් පරිපූර්‍ණ කරනු ලැබීම පසුපස හඹා යන්න.