WFTW Body: 

2 කොරින්ති 9: 6 හි අපෝතුළු පාවුලුතුමා දීමේ මාතෘකාව ගැන කථා කරන්නේය. අපගේ මසුරුකමින් දෙන්නේ නම්, අප ඒ හා සමානවම සමාණුපාතිකව නෙළන්නෙමුයි ඔහු පවසන්නේය. ඔබ බීජ ස්වල්පයක් වපුරන්නේ නම්, ඔබට සුළු අස්වැන්නක් පමණක් ලැබෙන්නේය. ඔබ බීජ බොහෝමයක් වපුරන්නේ නම්, ලොකු අස්වැන්නක් නෙළාගන්නේය. බොහෝ මුදල් ප්‍රියකරන දේශකයෝ (විශේෂයෙන් ම රූපවාහිණි ඉවැන්ජලිස්තවරු) ඇදහිළිවන්තයින් හට ඔවුන්ට මුදල් දෙන ලෙස උනන්දු කරන්න මෙම පදය බාවිතා කර ඇත. එවැනි දේශකයෝ සැකමුසු ආක්‍රමශීලි ක්‍රම තුළින්, සාමාන්‍ය ඇදහිළිවතයින්ව මුළාකරන පොදිබැඳගන්නා කපටි වෙළෙන්දෝ ය (පොට්ටනිකාරයෝ ය).

තරුණ ධනවත් අධිපතියා ට යේසුස් වහන්සේ කීවේ කුමක් ද? උන්වහන්සේ කියා සිටියේ ඔහුගේ මුදල් සියල්ලම දිළිඳුන්ට දී කිසිම මුදලක් නොමැතිව (හිස්වී) උන්වහන්සේ ව අනුගමනය කරන ලෙසය!! “අපේ සේවයේ බොහෝ අවශ්‍යථා ඇති බැවින්, ඔබ හට ඇති දේ විකුණා මා හට මුදල් ටික දෙන්න. ගෝලයන් 12 දෙනෙක් සහ ඔවුන්ගේ පවුල් නඩත්තු කිරීම මට භාරව ඇතැයි (අද දවසේ බොහෝ දේශකයන් මෙන්) යේසුස් වහන්සේ නොකිව්සේක” යේසුස් වහන්සේට අවශ්‍ය වූවේ මනුෂ්‍යයා මිස ඔහුගේ මුදල නොවේ. නමුත් “ඔබට හිමි මුදල් ගැන අප අබ මල් රේණුවක්වත් නොතකන්නේ යැයි ධනවත් කෙනෙකුට කිය හැකි, ස්වමින් වහන්සේගේ සේවකයෝ අද අපට සොයාගත හැකි වන්නේ කොහේ ද? අපට අවශ්‍යව ඇත්තේ ඔබේ ආත්මික වර්ධනය පමණි. එහෙයින් ඔබගේ මුදල් ඔබ කැමති ඕනෑම කෙනෙකුට දී, ඇවිදින් අපගේ සභාවේ දෙවියන් වහන්සේගේ වචනය සවන් දෙන්න.” කෙසේ වුවත් අප අපේ සභාවට නිතරම එන අමුත්තන්ට සත්‍ය වශයෙන් ම කියන්නේ ද එය ය.

“සතුටු සිතින් දෙන්නාට දෙවියන් වහන්සේ ප්‍රේම කරන සේක” යැයි අප 2 කොරින්ති 9 : 7 හි කියවන්නෙමු. පැරණි ගිවිසුම යටතේ අවධාරනය කළේ යමෙක් දෙන ප්‍රමාණයයි - 10% සහ අනෙකුත් පූජාවන් ය. කෙසේ වුවත් නව ගිවිසුම යටතේ අවධාරනය කරන්නේ යමෙක් දෙන ආකාරය ගැනය - ප්‍රීතිමත්ව ද නැතහොත් අකමැත්තෙන් ද. දැන් ප්‍රශ්ණය වන්නේ දෙන ප්‍රමාණය ගැන නොව, නමුත් දෙන තත්ත්වය (ආකාරය) ගැනය. නව ගිවිසුම යටතේ තත්වය ගැන පමණක් අවධාරනය කර ඇත - යමෙකු ගොඩනඟන්නේ කුමණ වර්ගයේ සභාවක් ද ගැන පවා.

බොහෝ ඇදහිළිවන්තයින් දෙවියන් වහන්සේ උදෙසා මසුරුකමින් හා ලෝභකමින් සිටින බැවින් ආත්මිකව දිළිඳුකමින් පසුවෙති. දෙවියන් වහන්සේට දීමේ දී පුළුල් හදවතකින් සහ පොහොසත්කමින් යුක්තව - ප්‍රථමයෙන් ම ඔබගේ ජීවිතයෙන් හා ඉන්පසු ඔබගේ කාලයෙන් හා සන්තක දෙයින් ද පවා දෙන්න. එවිට දෙවියන් වහන්සේ සිය ගුණයකින් ඔබට නැවත ලැබීමට සැළසීම ඔබ හට වැටහේවි.

මා තනිකඩයෙක් ව සිටිය දී බොහෝ වියදම් දරන්නට මට අවශ්‍ය වූවේ නැති බැවින් මාගේ නාවික හමුදාවෙන් ලැබූ ආදායමෙන් වැඩි කොටසක් මා දෙවියන් වහන්සේගේ සේවයට දුණිමි. පසුව මා විවාහ වූ පසුව මට බොහෝ ආර්ථික අවශ්‍යථාවයන් තිබූ බව මට වැටහුණි. නමුත් එක් වතාවක්වත් මා ණය නොවුණි. කිසිවිට කිසි කෙනෙකුගෙන් ණය ගන්නට මට අවශ්‍ය නොවුණි, මන්ද මා දෙවියන් වහන්සේ ට කළින් දුන් දේ මට නැවත ලබාදුන්නෙමි. එබැවින් මාගේ අත්දැකීමෙන් මට ඔබට කිව හැකිය.

දෙවියන් වහන්සේට පොහොසත්ව දෙන්නට පුරුදුවන්න - එවිට ඔබගේ ආර්ථික ගැටළු විසදෙන බව ඔබට දැකිය හැකිය. නමුත් ප්‍රඥාවන්තව දෙන ලෙස මා ඔබට අනතුරු අඟවමි. ඔබගෙන් මුදල් ඉල්ලන හා අත දිග හැර (නිර්ලෝභීව) වියදම් කරන දේශකයන්ට මුදල් නොදෙන්න. ඔවුහු ඔබගේ මුදල් නාස්ති කරාවි. යාච්ඤාවෙන් දෙවියන් වහන්සේගේ කැමැත්ත සොයා දෙවියන් වහන්සේ පෙන්වන අත්‍යවශ්‍යම තැනට දෙන්න. දිළිඳාට මිස පොහොසතාට නොදෙන්න. සැබෑ ලෙස ම අත්‍යවශ්‍යථාවයෙන් සිටින්නන්ට දෙන්න. ඔබගේ අත්‍යවශ්‍යථාවයේදී දෙවියන් වහන්සේ මහත් අස්වැන්නක් එවිට ඔබට ලබා දෙන බව ඔබට වැටහේවි. දෙවියන් වහන්සේගේ කිසිම දරුවෙක් - ඔවුන්ට මෙපමණ පොහොසත් පියෙකු ස්වර්ගයේ සිටින කළ ණය කරුවකු හෝ නිරන්තර ආර්ථික ප්‍රශ්ණ තුළ යෑම දෙවියන් වහන්සේගේ කැමැත්ත නොවන්නේ ය. බොහෝ ඇදහිළිවන්තයින් මෙවැනි ප්‍රශ්ණවලට මුහුණ දෙන හේතුව වන්නේ ඔවුහු කිසිවිට දෙවියන් වහන්සේ කෙරෙහි පොහොසත් නොමැති වීම ය. අප වපුරන දේ අප නෙළා ගන්නේ ය.