කර්තෘ :   සැක් පූනන් වර්ග :   යෞවන
WFTW Body: 

අද නව ආරම්භයක් කරන්න : අකීකරු පුත්‍රයාගේ කථාවෙහි අප කියවණුයේ, සළු රාශියකින් විශිෂ්ඨතම (හොඳම, වටිනාම) සළුව, පියා පැළන්දුවේ ඔහුව කිසිසේත්ම ප්‍රසන්න කරන්න අසමත් වූ පුතෙකුට බවය. සුභ ආරංචියේ පණිවුඩය මෙයයි : වැරදුණ අයට පවා දෙවියන් වහන්සේ, උන්වහන්සේගේ විශිෂ්ඨතම දේ දෙන්නේය. දෙවියන් වහන්සේ කිසිකෙනෙකු කෙරෙහි බලාපොරොත්තුව නාරින බැවින්, ඔවුන්ට නව ආරම්භයක් ඇති කර ගත හැක. පසුගිය අවුරුද්දේ වැරදුණ අයට මෙය ඉමහත් අනුබලයක්‍ය (ධෛරියක්‍ය). ඔබගේ අතපසුකම් හා වැරදුණ දේවල් කුමක් වුවත්, ඔබට නව ආරම්භයක් දෙවියන් වහන්සේ සමඟ දැන් ආරම්භ කළ හැක. ඔබ අතීතයේ නව ආරම්භ දහස්වාරයක්, ආරම්භකර ඒ එක් එක් අවස්ථාවේදී සියල්ල වැරදී තිබුණත්, ඔබට 1001 වැනි වරටත් අද නව ආරම්භයක් කළ හැක. දෙවියන් වහන්සේට ඔබගේ ජීවිතයෙන් ඉතා මහිමවත් දෙයක් තවමත් (තව දුරටත්) කළ හැක. එම නිසා, ඔබ මෙතෙක් කළ නොහැකි යයි සිතපු දේවල්, ඔබට කරණ පිණිස ඇදහිල්ලේ සවිමත් වී, දෙවියන් වහන්සේව විශ්වාස කරන්න (රෝම 4: 20).

දෙවියන් වහන්සේගේ පොරොන්ඳුවල අයිතිවාසිකම (උරුමය) අත්පත් කර ගන්න : සෑමදාම ඔබ දෙවියන් වහන්සේගේ පොරොන්ඳුවල අයිතිවාසිකම ලබන්නේ නම්, පසුගිය අවුරුදු සියල්ලටම වඩා මෙම නව අවුරුද්ද යහපත් (හොඳ) විය හැක. දෙවියන් වහන්සේ සියළු ඉශ්‍රායෙල්වරුන්ව කානානි දේශයට ගෙන යන්නට පොරොන්ඳු වූසේක (නික්මයාම 3: 17). එහෙත් ඇතුළුවූවේ ජෝෂුවා හා කාලෙබ් පමණකි, මන්ද විශ්වාස කෙරුවේ ඔවුහු පමණක් බැවිණි. ඔබගේ හදවතෙහි විශ්වාස කරණ දේ මුඛයෙන් ප්‍රකාශ කළ යුතුයි (රෝම 10: 8-9).

මෙම අවුරුද්දේ ඔබට ප්‍රකාශකර අත්පත් කර ගත හැකි පොරොන්ඳු 8 ක් පහත දැක්වේ.

1. දෙවි පියාණන් වහන්සේ, යේසුස් වහන්සේට ප්‍රේම කළ සේක්ම මටද ප්‍රේම කරණසේක. - එම නිසා මා සැමවිටම ප්‍රීති වෙමි (යොහාන් 17: 23).
2. දෙවියන් වහන්සේ මාගේ සියළු පාපවලට සමාව දී හමාරයි - එම නිසා මා කිසි කළෙක වරදකරු ලෙස ජීවත් නොවන්නෙමි (1 යොහාන් 1: 9, හෙබ්‍රෙව් 8: 12).
3. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ශුද්ධාත්මයෙන් මා පුරවන්නේය. - එම නිසා මා සෑම ක්‍රියාවකටම බළවත් වන්නෙමි - (ලූක් 11: 13).
4. දෙවියන් වහන්සේ මාගේ සියළු මායිම් නියමකර හමාරයි - එම නිසා මා සැමවිටම ලද දෙයින් සතුටු වන්නෙමි (ක්‍රියා 17: 26, හෙබ්‍රෙව් 13: 5).
5. දෙවියන් වහන්සේගේ සියළු ආඥ මාගේ යහපතටයි - එම නිසා සැමවිටම උන්වහන්සේගේ සියළු ආඥවලට කීකරුවීමට මට අවශ්‍යය (1 යොහාන් 5: 3, ද්විතීය නීති සංග්‍රහය 10: 13).
6. දෙවියන් වහන්සේ මා හට බලපාන සියළු දේ පාලනය කරණසේක. - එම නිසා මා සැමවිටම, සෑම දෙයකටම ස්තුති දෙමි (රෝම 8: 28, එපීස 5: 20, 1 තෙසලෝනි 5: 18).
7. යේසුස් වහන්සේ සාතන්ව පරදවා, ඌගේ බලයෙන් මා මුදවා ගත්තේය. - එම නිසා මා කිසිවිටක බිය නොවෙමි ( හෙබ්‍රෙව් 2 : 14-15, 13: 6).
8. මා ආශීර්වාදයක් වන පිණිස, දෙවියන් වහන්සේට සාදන්නට අවශ්‍යය. - එම නිසා මා අන් අයට ආශීර්වාදයක් වන්නෙමි (උප්පත්ති 12: 2, ගලාති 3: 14).

දෙවියන් වහන්සේ පොරොන්ඳුව සහ අපගේ ඇඳහිල්ල විදුලිය ගෙන යන කම්බි දෙකක් වැනිය. එම කම්බි දෙක එකට ගෑවුනොත් (ස්පර්ශ වූවොත්) පමණකි (විදුලි ස්විචයක් මෙන්) එම කම්බි දෙක තුළින් බලය ගමන් කරන්න පටන් ගන්නේ. එබැවින් මේ සියළු පොරොන්ඳු මේ අවුරුද්දේ ඔබගේ ජීවිතයේ සම්පූර්ණ වන බව විශ්වාස කරන්න.

අන් අය හට දයාණුකම්පිතවන්න : කිසිවිටක මේ අවුරුද්දේ මුළුල්ලේ දෙවියන් වහන්සේ කොතෙක් ඔබට දයාණුකම්පිත වූවාද යන්න අමතක නොකරන්න. එවිට එයාකාරයෙන්ම අන් අයට දයාණුකම්පිත වන්න. දෙවියන් වහන්සේ ගෙන් ඔබ බොහෝ දේ නොමිලේ ලබා ඇත. එයාකාරයෙන්ම අන් අයට නොමිලේම දෙන්න (මතෙව් 10: 8). කොයි ආකාරයකින් හෝ ණය ඇති, හෝ කිසියම් විදියකින් රිදවපු, හෝ කරදර කරපු කෙනෙකු ඔබට ඇත් නම්, ඒ සියළු අය නිදහස් කරන්න. පරණ කෝන්තර සදාකාළිකව වළලා, සියළු දෙනාට දයාණුකම්පිත වන්න - මෙසේ ස්වාමින් වහන්සේ සමඟ නව ආරම්භයක් අද ආරම්භ කරන්න.

ශුද්ධාත්මයාණන් තුළ පිරී සෑමදාම ජීවත්වන්න : අපෝස්තුළු යොහාන් "ශුද්ධාත්මයෙන් පිරී සිටින විට" ස්වාමින් වහන්සේගේ හඬ හොරණෑවක ශබ්දය මෙන් ඇසිණි (එළිදරව් 1: 10). ලබන්නා වූ වසරෙහි සෑමදාම ඔබ ශුද්ධාත්මයෙන් පිරී ජීවත්වන්ණෙහි නම්, ඔබට ම‍ඟ පෙන්වමින් ඔබව උද්‍යෝගිමත් කරමින් ස්වාමින් වහන්සේගේ හඬ සෑමදාම හොරණෑවක ශබ්දයක් මෙන් ඔබහටද ඇසේ. එබැවින් පාපයට සංවේධීභාවයෙන් හා දෙවියන් වහන්සේ ඉදිරියෙහි යටහත් කමින් ගමන් කිරීමෙන් ඔබව ආත්මය තුළ පවත්වා ගන්න.

දෙවියන් වහන්සේට නමස්කාර කරන්නෙක් වන්න : දෙවියන් වහන්සේ මූළිකවම ඔබව කැඳවා තිබෙන්නේ, උන්වහන්සේගේ නමස්කාරයෙකු වීමටයි - එය නම් උන්වහන්සේව පමණක් අභිලාෂය කර ගැනීමයි (ප්‍රථම ස්ථානය කර ගැනීමයි). එවිට යෙසායා දෙවියන් වහන්සේගේ මහිමය දුටු ලෙසම, ඔබද දකින්ණේය. එසැණින්ම යෙසායා ඔහුගේ පාපිෂ්ඨභාවයද දුටුවේය - ඔබහටද එලෙසම වන්නේය (යෙසායා 6: 1-5). එබැවින් නමස්කාරයෙකු වී, දෙවියන් වහන්සේ එළිදරව් කරණ, ක්‍රිස්තුස් වහන්සේගේ මෙන් නොවන දෑ ඔබගේ ජීවිතයෙන් පවිත්‍ර කරගන්න. එවිට දෙවියන් වහන්සේ මෙම වසරේ සෑම දිනකම ඔබව උන්වහන්සේගේම ස්වභාවයට වැඩි වැඩියෙන් පංඟුකාරයෙකු කරවනසේක.

ඔබට ස්වර්ග රාජ්‍යයේ අංශු මාත්‍රයක් මෙම වසරෙහි අත්දකින්න පුළුවණ : පරණ ගිවිසුම යටතේ ඉශ්‍රායෙල්වරුන්ගේ සහ ඔහුන්ගේ පුත්‍රවරුවන්ගේ දින ස්වර්ගයේ මෙන් පොළොවේද විය යුතු බව දෙවියන් වහන්සේට අවශ්‍ය වු බව මෝසෙස් ඉශ්‍රායෙල්වරුන්ට පැවසුවේය (ද්විතීය නීති සංග්‍රහය 11: 21). අලුත් ගිවිසුමෙහි දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබටද එයමයි. ඔබට ස්වර්ගයේ ප්‍රීතියෙහි, සාමයෙහි, ප්‍රේමයෙහි, පවිත්‍රභාවයෙහි, යහපත්කමෙහි අංශු මාත්‍රයක් ඔබගේ නිවසේ හා ඔබගේ සභාවේ, මෙම නව වසරෙහි අත්දකිනවා දකින්න, දෙවියන් වහන්සේට අවශ්‍යය. ස්වර්ගයේ ජීවනයක් යේසුස් වහන්සේ පොළොවෙහි ජීවත් වූයේය. උන්වහන්සේ දෙස ඔබගේ නෙත් (දෑස්) යොමු කර උන්වහන්සේව අණුගමනය කෙරුවොත්, එවිට මෙම අවුරුද්දේ සෑම දිනයක්ම ස්වර්ගයේ මෙන් පොළොවෙහි දිනයක් ලෙස ඔබට වන්නේය.

මෙම අවුරුද්දේ අන් අයට ආශීර්වාදයක් වන මෙන් ඔබව සාදන බවට, දෙවියන් වහන්සේව විශ්වාස කරන්න : "මම නුඹව ආශීර්වාදය කරන්නෙමි, එවිට නුඹ පොළොවෙහි වෙසෙන සියළු ජාතීන්ට ආශීර්වාදයක් වෙන්නෙ" යයි දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කී සේක (උප්පත්ති 12: 2-3). එම ආශීර්වාදය ශුද්ධාත්මයාණන් තුළින් ඔබගේද උරුමය වන්නේය (ගලාති 3: 14). ඔබගේ කුසලාණය උතුරා ගොස් බොහෝ අයට ආශීර්වාදයක් වන ආකාරයෙන්, ඔබගේ හිස තෙල්වළින් ආලේප කර ඔබව ආශීර්වාද කරන්න දෙවියන් වහන්සේට අවශ්‍යය. එලීෂාගේ කාළයේ, දෙවියන් වහන්සේ දුප්පත් වැන්දඹුවකගේ භාජනය තෙල්වළින් පිරවූ කළ, ඇය, ඇයගේ සියළු අසල්වැසියන්ගේ භාජනවලට එය වැක්කෙරුවේය (2 රාජාවලිය 4: 1-7). මෙම අවුරුද්දේ ඔබගේ ජීවිත ගමනේදී මුණ ගැසෙන සියළු එක් එක් කෙනාට ආශීර්වාදයක් වන පිණිස, දෙවියන් වහන්සේගේ ආලේපයේ අවශ්‍යය ප්‍රමාණයටත් වඩා බලයෙන් හා ආශීර්වාදයෙන් පූර්ණව ඇත. ඔබගේ අසල්වැසියන්ට ඒ වැන්දඹුව කළ මෙන්, මෙම අවුරුද්දේ ඔබටද ආශීර්වාදයක් විය හැක. එබැවින් අන් අයගේ ජීවිතවලට වක්කරමින්ම පවතින්න. එහෙත් කෙසේ හෝ, ඔබ ආත්මාර්ථකාමීව දෙවියන් වහන්සේගේ ආශීර්වාදය ඔබටම තියා ගතහොත්, රෑ ඉළිවනතෙක් තැබූ රොටි (මංණා) මෙන්, එය ගඳ ගහන්නේය. කෙසේ හෝ අන් අයට ආශීර්වාදයක් වන තැනැත්තාට, දෙවියන් වහන්සේම ආශීර්වාදයක් වන සේක (හිතෝපදේශය 11: 25). මෙය ඔබගේ ජීවිතයේ වේවා.

ඔබට ප්‍රීතිමත් ආශීර්වාදවලත් සහ ක්‍රිස්තුස්-කේඳ්‍ර වූ නව වසරක් වේවා.