WFTW Body: 

දෙවියන් වහන්සේගේ සෙනඟ බබිලෝනිය සිට ජෙරුසලම දක්වා ගමනේ ආරම්භය අප දානියෙල් පොතෙහි දකින්නෙ මු. මෙය අපි අද දකින “මාගේ සෙනඟ, බබිලෝනියෙන් පිටතට එන්න” යනුවෙන් පවසන දෙවියන් වහන්සේගේ කැඳවීමට ප්‍රතිචාර දක්වමින් ( එළි. 18: 4 ), මධ්‍යම ප්‍රතිපදාවක් දරණ කිතුණු ප්‍රජාවෙන් ඉවත්ව, නව ගිවිසුම් සභාවට එන දේව-බියැති සෙනඟගේ ආදර්ශයකි.

පුරාණ බබිලෝනියාවේ ඒ ගමන ආරම්භ වූයේ මධ්‍යම ප්‍රතිපදාවක් නොදක්වන දානියෙල් නම් වූ එක් මනුෂ්‍යයකු ගෙනි. ඔහු දෙවියන් වහන්සේගේ අරමුණු කෙරෙහි සැළකිලිමත් වූ බැවින් එහි සම්පූර්ණත්වය උදෙසා නිරාහාරව යාච්ඤා කළේ ය. ඕනෑම ප්‍රදේශයක දෙවියන් වහන්සේ හට පවිත්‍ර සභාවක් ගොඩනැඟීම සාමාන්‍යයෙන් දෙවියන් වහන්සේ ඉදිරියේ යාච්ඤා බරක් ඇති, “ස්වාමිනි, ඔබවහන්සේට පවිත්‍ර සභාවක් මෙහි තිබීමට මට අවශ්‍ය ය, ඒ වෙණුවෙන් ඕනෑම මිළයක් ගෙවීමට මා කැමැත්තෙමි යැයි” කියන එක් මනුෂ්‍යයෙක් කරණකොටගෙන ආරම්භ වන්නේය. එහි ඉටුවීම දැකීමට පෙර ඔබට බොහෝ කාලයක් එම බර දරාගෙන යායුතු ව ඇත. මවක් තම දරුවා ඇගේ ගර්භාෂයේ උසුලන්නා සේම මෙම බර අපගේ හදවත් තුළ අප දරා ගත යුතු ය. දානියෙල් මෙම බර ඉසුළුවේ මෙයාකාරට ය.

දානියෙල්ගේ ජීවිතයේ කැපී පෙනෙන එක් ලක්ෂණයක් වූයේ මෙය යි:ඔහුව ම අපවිත්‍ර නොකිරීමට ඔහු තමාගේ සිතින් නියමකරගත්තේය.(දානියෙල් 1: 8). දෙවියන් වහන්සේගේ කුඩාම ආඥාව පිළිපැදීමට අවස්ථා පැමිණි විටදි පවා ඔහු සම්පූර්ණ යෙන් ම මධ්‍ය ප්‍රතිපදාවක් නොදැක්වූවෙක් වූයේය. මෙම ආඥාවලින් අවම එකක් හෝ අහෝසි කොට අන් අයටත් එය කිරීමට උගන්වන්නේ නම් , ස්වර්ග රාජ්‍යයේ අවමයා යැයි හ ඳුන්වනු ලැබේ, එහෙත් යමෙක් අවම ආඥාව පිළිපැද එය උගන්වන්නේ නම් ඔහු ස්වර්ගයේ උතුම් යැයි හැඳි න්වේ ( මතෙව් 5: 19) යැයි යේසුස් වහන්සේ කී සේක. කෝපය හා ලිංගික අපවිත්‍රථාවය අත් හැරීම ( මතෙව් 5: 22, 28 ), වැනි ස්වාමින් වහන්සේගේ ප්‍රධාන ආ ඥාව න් වලට කීකරු වන ලෙස උගන්වන හා සරල ආඥාව වන සභා-රැස්වීම්වල යාච්ඤා කිරීමේදී හා අනාගතවාක්‍ය ප්‍රකාශ කිරීමේදී ස්ත්‍රීන් ඔවුන්ගේ හිස වසා ගත යුතු බව උගන්වන මිනිසුන් නව ගිවිසුම් සභා රෝපණය කිරීමට දෙවියන් වහන්සේ පාවිච්චි කරන සේක ( 1 කොරින්ති 11:1-16 ).

මුලදී දානියෙල්ට තනිවම නැඟී සිටීමට සිදුවූ අතර අන් සියළු යුදෙව්වන් මධ්‍ය ප්‍රතිපදාවක් දැරුවෝය. නමුත් හනනියා, මීෂායෙල් සහ අසරියා (ඔවුන්ගේ වඩා ප්‍රසිද්ධ වන බබිලෝනිය නම්වලින් ෂද්‍රක්, මේෂක් හා අබෙද්නෙගෝ) දානියෙල් දෙවියන් වහන්සේ උදෙසා ස්ථාවරයක් ගන්නා බව දුටු විට, ඔවුන් ධෛර‍්‍යයමත් වී ඔහු හා එක් වූහ ( දානියෙල් 1: 11).

බොහෝ ප්‍රදේශවල ස්වාමින් වහන්සේ උදෙසා ඔවුන්ගේ ප්‍රදේශවල පවිත්‍ර සාක්ෂියක් ගොඩනැඟීමට අපේක්ෂා කරන බොහෝ හනනියා, මීෂායෙල් සහ අසරියා වැනි මනුෂ්‍යයින් ඉන්නා බව මා විශ්වාස කරමි. නමුත් ඔවුන්ටම ස්ථාවරයක් ගැනීමට තරම් ඔවුනට ධෛර‍්‍යයක් නැත. ඔවුන්ට නායකත්වය දීමට දානියෙල් කෙනෙක් අවශ්‍ය ය. ඔවුන්ගේ ගමේ හෝ නගරයෙහි දානියෙල් කෙනෙකු නැගිටින විට ඔවුහු පැමිණ ඔහු සමඟ එක්වෙති.

රජු සතුටු කිරීමට උත්සහ කළ දහස් ගණන් යුදෙව්වන්ට වඩා , මුළු හදවත් ඇත්තන් වූ බබිලෝනියේ තරුණයින් හතර දෙනා දෙවියන් වහන්සේට වඩාත් ප්‍රබල සාක්ෂියක් වූහ. දෙවියන් වහන්සේ වෙණුවෙන් ස්ථාවරයක් ගත් දානියෙල් හා ඔහුගේ මිතුරන් තිදෙනා ඔවුන්ගේ කාලයේ සිටි බලවත්ම ජාතියට (බබිලෝනියාව) සහ එහි පාලකයන්ට එරෙහිව මහත් බළපෑමක් වූවෝය.

බෙදුණු සිත් ඇති කිතුණුවන් - දහස් ගණන් වූවත් - කිසිම නගරයක හෝ දේශයක ස්වාමින් වහන්සේට ආලෝකයක් විය නොහැක. දෙවියන් වහන්සේට මුළු හදවත් ඇති ඇදහිළිවන්තයින් අවශ්‍ය ය - මන්ද “දෙවියන් වහන්සේ, උන්වහන්සේගේ කාර‍්‍යය කරන්නේ උන්වහන්සේගේ ආත්මය කරණකොටගෙන මිස , මනුෂ්‍ය බලයෙන්වත් හෝ සංඛ්‍යාවෙන් වත් නොව” ( සෙකරියා 4: 6 ).

දෙවියන් වහන්සේ අද සොයන්නේ තම ප්‍රදේශයේ නව ගිවිසුම් සභාවක් ගොඩනැඟීම සඳහා බරක් ඇති, සහ කුමන මිළයක් හෝ ගෙවීමට සිදු වුවද කිසි විටෙකත් මධ්‍ය ප්‍රතිපදාවක් නොදරන (සම්මුතියකට නොයන) මිනිසුන්‍ ය.