WFTW Body: 

අපෝස්තුළු පාවුල්තුමා දිවා රෑ දේශනා කරමින් එපීසයේ වර්ෂ තුනක් නතර වී සිටියේය (ක්‍රියා 20: 31). එහි තේරුම නම්, එපීසයේ කිතුණුවන් පාවුල්තුමාගේ තොල්වලින් පැවසූ දේශනා සිය ගණනකට සවන් දුන් බවය. ඔවුහු ස්වාමින් වහන්සේ විසින් ඔවුන් මධ්‍යයේ කරන ලද අසාමාන්‍ය හාස්කම් බොහෝමයක් දැක තිබුණෝය (ක්‍රියා 19: 11). ඔවුන් මධ්‍යයෙන් ඔවුහු වටකර පිහිටා තිබුණු කුඩා ආසියාවේ සෑම ප්‍රදේශවලට වර්ෂ දෙකක් වැනි ඉතා කෙටි කාලයකදී දේව වචනය පැතිර ගියේය. ඔවුන් පිබිදීමක් අත්දුටු සෙනඟක්ය (ක්‍රියා 19: 10, 19). අපෝස්තුළුවරුන්ගේ කාලයේ තිබුණාවූ සෑම සභාවන් අතරෙන් වඩාත් භාග්‍යවන්තම සභාව වුයේ මොවුන්ය. ඒ වකවානුවේ කුඩා ආසියාවේ පිහිටි වඩාත්ම ආත්මික සභාව මොවුන් බවට කිසි සැකයක් නැත (එපීසවරුන්ට ලියන ලද පවුල්තුමාගේ ලිපියෙන් ඒ බව අපට දැකිය හැක. අනිත් සභාවල් හට පාවුල්තුමා ලිවූ ලිපිවල ආකාරයට නොව එපීසයේ සභාවට ලිවූ ලිපියෙදි ඔවුන් මධ්‍යයෙන් නිවැරදි කිරීමට කිසි වරදක් නොතිබුණි). නමුත් පාවුල්තුමා එපීසයෙන් පිටත්ව යන විට එහි වැඩිමහල්ලන් හට අවවාද කරමින් කියා සිටියේ ඊළඟ පරම්පරාව තුළදී සභාවේ නායකත්වය යටතේ කාරණා නපුර කරා වෙනස් වන්නේ ය කියා ය. එනම් රෞද්‍ර වෘකයන් නුඹලා අතරට පැමිණ තමුන් අතරෙන්ම සමහරුන් ඉදිරිපත් ව, තමුන් අනුව යන්නට ගෝලයන් ඇදගන්නා පිණිස දුර්මත පළ කරණු ඇත. (ක්‍රියා 20: 29,30).

පාවුල්තුමා එහි සිටි තාක්කල්, කිසි වෘකයකු නිර්භීතව එපීසයේ රැළට ඇතුළු වන්නට තැත් කළේ වත් නැත. පාවුල්තුමා විශ්වාසවන්ත වූ දොරටු පාලකයෙකි (මාර්ක් 13: 34). ඔහු තමාගේම කැමැත්ත නොව දෙවියන් වහන්සේගේ ම කැමැත්ත සෙවූ නිසාත් දෙවියන් වහන්සේට බියව සිටි නිසාත් ස්වමින් වහන්සේ ගෙන් ආලේප ලත් නිසාත් පාවුල්තුමාට ආත්මික ආධිපත්‍යය තිබුණේය. එපමණක් නොව එපීසයේ වැඩිමහල්ලන්ගේ ආත්මික තත්ත්වය යහපත්ව නොතිබුණු බවට දැනගැනීමට ඔහු හට හොඳ (ඇති තරමට) ආත්ම විමසීමේ දීමනාව ද තිබුණි. එමනිසා ඔවුන් සභාවේ නායකත්වය භාර ගත් විට, එහි කාරණා පිරිහෙන්ට යන බව ඔහු දැන සිටියේ ය. එපීසයේ දී මෙය අනිවාර්යයෙන්ම සිද්ධ වන්නේ යැයි ඒ වැඩිමහල්ලන් හට පාවුල්තුමා අනාගත වාක්‍යයක් පැවසුවේ නැත. එසේ නොව ඔහු අවවාද කළා පමණි. එහි වැඩිමහල්ලන් ඔවුන් වම විනිශ්චය කර පසුතැවිලි වූවේ නම්, එය පාවුල්තුමා පැවසූ ආකාරයෙන් ම සිද්ධ විය යුතුව තිබුණේ නැත.

ජෝනා වතාවක් නිනිවයේ විනාශය ගැන අනාගත වාක්‍ය කීවේය. නමුත් ඔහු අනාගත වාක්‍ය ප්‍රකාශ කළ ලෙසටම සිදු නොවිය. එයට හේතුව වූවේ නිනිවයේ සෙනඟ පසුතැවිලි වීම ය. එපීසයේ සභාවටද පාවුල්තුමා කළින් ප්‍රකාශ කළ ඉරණමෙන් මිදෙන්නට අවකාශ තිබුණි. නමුත් අහෝ එපීසයේ නව පරම්පරාවේ නායකයන් පාවුල්තුමාගේ අවවාද සැළකිල්ලට නොගැනීමෙන් දෙවියන් වහන්සේගෙන් ඈත්ව ගියෝය. පළවන ශතවර්ෂය අවසානයේ දී තුන්වන පරම්පරාව හට නායකත්වය පිවිසියේය. එවිට කාරණා සැබවින්ම අයහපත් බවට පත්විය. ඔවුන්ගේ මූලධර්මයන් නිවැරදිව තිබුණු අතර ඔවුන් ජ්වලිත ව (උද්යෝගිමත්ව) ක්‍රිතුණු ක්‍රියාකාරිත්වයන් හි නිරතව සිටියෝය. සමහර විට තවමත් ඔවුන්ගේ සර්ව රාත්‍රී යාච්ඤා රැස්වීම් හා අනෙකුත් විශේෂ රැස්වීම් පවත්වමින් සිටින්නට ඇති. නමුත් ඔවුන්ගේ ආත්මික තත්ත්වය ඉතාමත් අයහපත් ව තිබුණ බැවින්, ඔවුන් සභාවක් ලෙස ස්වාමින් වහන්සේගේ හඳුනාගැනීම නැති වන තත්ත්වයට පත්ව සිටියෝය. මෙහිදී ඔවුන් කළ වරද කුමක්ද? ඔවුන් ස්වාමීන් වහන්සේ කෙරෙහි ඔවුන්ගේ භක්තිවන්ත කම (ආත්ම පරිත්‍යාගය) නැති කර ගැනීමය (එළිදරව්ව 2: 4,5).

එපීසයේ සභා ඉතිහාසයෙන් අපට උගන්වන්නේ කුමක්ද? මෙන්න මෙපමණයි - එනම් කිසිම මූලධර්මයක් ස්වාමීන් වහන්සේ ම කෙරෙහි ඇති, දැඩි භක්තිවන්ත කම (ආත්ම පරිත්‍යාගය) තරම් වැදගත් නොවන්නේය. සැබෑවූ ආත්මීකත්වයට ඇත්තා වූ එකම එක ලකුණ වන්නේ, ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය අපගේ හැසිරීම් තුළ වඩ වඩා වැඩි වෙමින් පිළිබිඹු වීමෙන් වන අතර, එය ලබා ගත හැකිවන්නේ, අපගේ පුද්ගලික භක්තිවන්ත කම ක්‍රිස්තුස් වහන්සේ ම කෙරෙහි වඩ වඩා වැඩි වීමෙන් පමණක් වේ.

පාවුල්තුමා දේව භක්තික මනුෂ්‍යයෙකි. ඔහු ඔහුගේ ජීවිතයේ අවසානය තෙක්ම ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඉතා උද්යෝගීමත් වූ දැඩි භක්තිවන්ත සහ විශ්වාසවන්ත ව සිටියාවූ ප්‍රේරිතයෙකි. ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇති අවංක වූ, පිරිසිදු වූ නිර්මලතාවයෙන් ඔවුන්ගේ සිත් හරවන පිණිස හැකි සෑම මාර්ගයකින් සාතන් විසින් ප්‍රයෝග දරන බව ඔහු සෑම ස්ථානයකම ඇඳහිළිවන්තයන්ට අවවාද කර සිටියේය (2 කොරින්ති 11 : 3). “ශුද්ධාත්ම බෞතිස්මය” හෝ “වතුර බෞතිස්මය” වැනි දේ ගැන ව්‍යාජ දේව ධාර්මික ඉගැන්වීම්, යමෙකුගේ ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇති පිරිසිඳු වූ හා අවංක වූ භක්තිය ගිලිහී යනවාට වඩා කිසිසේත් භයානක නොවේ. එනමුත් බොහෝ ඇඳහිළිවන්තයන් මෙය තේරුම් නොගනිති. පාවුල්තුමාට පවා දෙවියන් වහන්සේගේ අරමුණු ඉෂ්ඨ කර ගත හැකි වූවේ ඔහුගේම පරම්පරාව තුළ පමණක් බව අපි දකිමු. ඔහු සමඟ ජීවත් වූ තිමෝති වැනි අය ඔහුගේ ආත්මය උරාගනිමින් පරාර්ථකාමීව ක්‍රිස්තුස් වහන්සේ උදෙසා භක්තිවන්තව ජීවත් වූවෝය (පිලිප්පි 2: 19-21). එසේ නැතහොත් පාවුල්තුමාට ඔහුගේ ආත්මිකත්වය, ඔහු විසින්ම රෝපණය කරන ලද සභාවල දෙවන පරම්පරාවේ ඇඳහිළිවන්තයන්ට පවා සම්ප්‍රේෂණය කිරීමට නොහැකි විය.