කර්තෘ :   සැක් පූනන් වර්ග :   යෞවන Struggling
WFTW Body: 

(හෙබ්‍රෙව් 5: 7 – 9) හි, දෙවියන් වහන්සේගේ වචනය යේසුස් වහන්සේ ගැන පවසන්නේ, "උන්වහන්සේ කීකරුකම ඉගෙනගත් බැවින් සම්පූර් කරණු ලැබීය" යන්න ය. ඉගෙන ගැනීම යන වචනය අධ්‍යාපනය හා සම්බන්ධ වූවකි. එනිසා මෙම පදය පවසන්නේ මනුෂ්‍යයෙකු ලෙස යේසුස් වහන්සේ කීකරුකම ගැන අධ්‍යාපනය ලැබූ බවයි. සෑම අවස්ථාවකදීම, උන්වහන්සේ පියාණන් වහන්සේට කීකරුවී, එලෙස මනුෂ්‍යයෙකු ලෙස උන්වහන්සේගේ අධ්‍යාපනය සම්පූර්ණ කළ සේක. ඒ අයුරින් උන්වහන්සේ අපට පුරෝගාමියෙකු වූසේක, එනිසා පරික්ෂා ජයගැනීම සහ දෙවියන් වහන්සේට කීකරුවීම සම්බන්ධව අපට උන්වහන්සේගේ අඩිපාරේ ගමන් කළ හැක (හෙබ්‍රෙව් 6: 20). පරික්ෂාවන්ට එරෙහි අපගේ සටනේදී අපගේ ස්වාමින් වහන්සේට අපගැන අනුකම්පාවෙන් ක්‍රියා කළ හැක, මන්ද අපව මෙන්ම උන්වහන්සේවද පරික්ෂා කරණු ලැබීය (හෙබ්‍රෙව් 2: 18, 4: 15, 12: 2 – 4). මනුෂ්‍යයෙකු ලෙස යේසුස් වහන්සේගේ පවිත්‍ර භාවය උන්වහන්සේට බන්දේසියක තබා ලැබුණු දෙයක් නොවේ, නමුත් සටනකින් ලබාගත් දෙයකි. නමුත් එම සටන් අවසානයක් රහිත ඒවා නොවේ. සෑම පරීක්ෂාවක්ම එකකට පසු අනිකක් ලෙස ජයග්‍රහණය කෙරුණි . මෙලෙස, උන්වහන්සේගේ ජීවිත කාලය පුරාවට, අපව පරික්ෂාවට පත්වන සෑම ආකාරයේ පරීක්ෂාවකටම උන්වහන්සේ මුහුණ දී ජයග්‍රහණය කළ සේක.

“දෙවියන් වහන්සේ උන්වහන්සේගේ රහස් කොඳුරන්නේ (දේවභක්තියේ රහස් ඇතුලත්ව) උන්වහන්සේට බිය ඇත්තන්ට පමණි”

අප සෑම දෙනාම වසර ගණනාවක් පාපයේ ජීවත්ව තිබේ, එසේම අපගේ පාපකාරී මාංශය අප විසින්ම ඉතා හොඳින් කවා පොවා ඇති කරන ලද විසඝෝර සර්පයින්ගෙන් පිරුණු පෙට්ටියකට සමාන කළ හැක!! මෙම සර්පයින්ගේ නාම නම් අශුද්ධකම, කෝපය, ද්වේශය, කළහාකාරිත්වය, තික්තකම, මුදලට ඇති ආශාව, ආත්මාර්ථකාමිකම, උඬඟුකම ආදියවේ. අප විටින් විට පරික්ෂාවට පත්වනවිට සර්පයින්ට හිස එළියට දැමිය හැකි විවරයක් (පියනක්) මෙම පෙට්ටියේ උඩ ඇත. අපගේ නොහැරුණ කාලයේදී අප මෙම සර්පයින්ව බොහෝ වර ඉතා හොඳින් පෝෂණය කර තිබේ. ප්‍රතිඵලයක් ලෙස ඔවුන් ඉතා හොඳින් පෝෂණයවී හොඳ ශරීර සෞඛ්‍යයෙන් සුවසේ ශක්තිමත්ව සිටී. සමහර සර්පයින්ව අනෙක් උන්ට වඩා හොඳින් පෝෂණය කර ඇති බැවින් එම තෘෂණාවන් වලට අන් ඒවාට වඩා අප කෙරෙහි මහත් ග්‍රහණයක් ඇත. දැන් අප ක්‍රිස්තුස් වහන්සේ සමඟ පාපයට මැරී ඇතත්, මෙම සර්පයින් තවමත් යහතින් හා සුවෙන් සිටියත්, මෙම සර්පයන් කෙරෙහි අපගේ ආකල්පය වෙනස්වී ඇත! අපව දැන් දිව්‍යමය ස්වභාවයේ කොටස් කරුවන් බවට පත්කර ඇති අතර "ක්‍රිස්තුස් වහන්සේට අයිති වූවන් ඔවුන්ගේ මාංශයෙහි ආශාවන් සහ තෘෂ්‍ණාවන් සමඟ කුරුසියේ ඇණ ගසා ඇත" (ගලාති 5: 24). පෙර දිනයන් මෙන් නොව, සර්පයෙකු පෙට්ටියේ විවරයෙන් ඔළුව දැමූ විගස (අපව පරික්ෂාවට පත්වනවිට), අපි උගේ හිසට කෝටුවකින් පහර දෙන්නෙමු. ඌ නැවත පෙට්ටිය තුළට ගොස්, අපව නැවත පරික්ෂාවට පත්වන විට, සර්පයා නැවතත් උගේ ඔළුව එළියට දමයි අප නැවතත් ඌට පහර දෙන්නෙමු. ක්‍රමක් ක්‍රමයෙන් ඌ දුර්වලථාවයෙන් දුර්වලථාවයට පත්වේ. සෑම පරික්ෂාවකදීම අප විශ්වාසවන්තව සර්පයාව පෝෂණය කරණු වෙනුවට ඌට පහර දෙන්නේ නම්, එවිට පාපයට ඇඳගැනීමේ පරික්ෂාවේ දුර්වලථාවය, දුර්වල වන බව ඉක්මණින්ම අපට වැටහෙනු ඇත. මාංශය එක් මොහොතකින් ‘වෙඩි තැබීමට’ හෝ ‘එල්ලීමට පත් කළ’ නොහැක. එය කුරුසිපත් කිරීම පමණක් කළ හැක. කුරුසිපත් කිරීම මන්දගාමී මරණයකි, නමුත් නියත දෙයකි. අපව පරික්ෂාවට ලක් කළ විට එය ප්‍රීතියක් ලෙස සැළකිය යුතු වන්නේ එනිසාය (යාකොබ් 1: 2) - මන්ද එය සර්පයන්ට පහර දී දුර්වල කිරීමට අපට අවස්ථාවක් ලබා දෙන බැවිණි. මෙය වෙනත් ආකාරයකින් කළ නොහැකි වනු ඇත.

අශුද්ධ සිතිවිලි යන කාරණය ගැන සළකා බලන්න. අප මෙම කරුණු පිළිබඳ විශ්වාසවන්ත නම්, ටික කලකට පසු මරණය ඇතුළුවන බව අපට දැනගන්නට පුළුවන. අපගේ නොහැරුණු කාලයේදී අවුරුදු ගණනාවක් මෙම සර්පයාට අපි හොඳින් පෝෂණය කර තිබුණේ නම්, මෙයට අවුරුදු කීපයක් ගතවන්නට පුළුවන. නමුත් අප විශ්වාසවන්ත නම්, මරණය අනිවාර්යෙන්ම පැමිණේ. එහි එක් ප්‍රතිඵලයක් වන්නේ අපගේ සිහින ද වඩ වඩාත් පවිත්‍ර වීමය. අපවිත්‍ර සිහින වඩ වඩාත් දුර්ලභ වනු ඇත. කෙසේ හෝ අපවිත්‍ර සිහිනවල සංඛ්‍යාතය වැඩි වුවහොත් අපගේ චින්තන (මණසේ සිතිවිලි) ජීවිතයේ අප නැවත වරක් ද්‍රෝහී වන (අවිශ්වාසවන්ත) බව හැඟවේ. අපගේ සිතුවිලි ජීවිතයෙහි විශ්වාසවන්ත කම මැණීමට මෙය හොඳ පරීක්ෂණයකි. අශුද්ධ සිතුවිලි යනු හෘද සාක්ෂියට සචේතනික නොවන පාප වන බැවින්, අප ඒවා ගැන වරදකාරී හැඟීමක් ඇතිකර ගතයුතු නැත (රෝම 7: 25; 8: 1). අප ආලෝකය තුළ ගමන් කරන්නේ නම් යේසුස් වහන්සේගේ ලේ ස්වයංක්‍රීයව එවැනි පාප වලින් අපව පවිත්‍ර කරන බව 1 යොහාන් 1: 7 පවසයි. සම්පූර්ණ විශ්වාසවන්ත භාවය සම්පූර්ණ ජයග්‍රහණය ගෙන එයි. නමුත් නිදසුනක් ලෙස, ලිංගික ක්ෂේත්‍රය පිළිබඳ සම්පූර්ණ විශ්වාසවන්ත භාවය නම්, අගය කිරීමකට කිසිදු කාමුක සිතුවිල්ලක් සම්බන්ධ නොවී තිබියදී පවා ලස්සණ පෙනුමින් යුතු මුහුණක් (විරුද්ධ ලිංගික පාර්ෂවය තුළ), අප අගය නොකිරීම යි. හිතෝපදේශ 6: 25 හි අපට කථා කරන ("ඇගේ රූපශ්‍රීයට නුඹේ සිතින් ආශා නොවන්න") විශ්වාසවන්ත භාවය මෙයයි. මෙම කරුණු තුළ විශ්වාසව සිටින්නේ ඉතා සුළු පිරිසකි. ඔවුන්ගේ සිහින තුළ පාරිශුද්ධ භාවය ලැබෙන්නේ ඉතා සුළු පිරිසකි.

අප අවදිව සිටින අවස්ථාවන්හි දී අපගේ හෘද සාක්ෂියට සචේතනිකව සිතන දේවල් ගැන අපගේ යටි සිතට බොහෝ සෙයින් බළපෑම් වේ - අපගේ මණසට ගලා එන පරික්ෂාවන් තුළ නොව, නමුත් එම පරික්ෂාවන්ට අපි දක්වන ප්‍රතික්‍රියා මගින් ය. අපගේ සිතුවිලි හා ආකල්පවල පවා පාපයට ද්වේශ කරන බවටත් දෙවියන් වහන්සේගේ මුහුණ ඉදිරියේ ජීවත්වන බවටත් පණිවිඩය අපගේ යටි සිතට ලැබෙන්නේ නම්, එය අපගේ පාරිශුද්ධ භාවයට ඇති අපගේ කැමැත්ත “සමඟ "පෙළගැසේ" (ගීතාවලිය 51: 6 බලන්න). එබැවින් වැදගත් ප්‍රශ්ණය වන්නේ "මාගේ පරිශුද්ධභාවය ගැන මාගේ සෙසු සහෝදර ඇදහිළිවන්තයන් සිතන්නේ කුමක්ද?"යන්න නොවේ, නමුත් එයට වඩා "මාගේ යටි සිතට ලැබී ඇති පණිවිඩය කුමක්ද”? යන්න ය. ඔබේ සිහින සාමාන්‍යයෙන් ඔබට පිළිතුරු ලබාදෙනු ඇත. පූර්ණ පරිශුද්ධ භාවය අපේක්ෂා නොකරන අයට අප මෙහි පවසන දේ කිසි විටෙකත් තේරුම් ගත නොහැක. ඔවුන්ගේ අපවිත්‍ර සිහින සැහැල්ලුවෙන් ගන්නා අයට මේවා ඔවුන්ගේ චින්තන ජීවිතයේ ද්‍රෝහිකමේ සංඥාවන් (දර්ශකයන්) බව නොහැගේ. එවැනි ඇදහිළිවන්තයින් අප මෙහි කියන්නාවූ දේවල් අන්තවාදී සහ යථාර්ථවාදි නොවන දේවල් ලෙස සළකණු ඇත මක්නිසාද ආත්මික කරුණු ස්වභාවික මණසට මෝඩ (අඥාන) කමකි.

කොහොම වෙතත් සුභ ආරංචිය නම් ඔබේ සිතුවිලි ජීවිතය කොතෙක් අපවිත්‍රව පැවතී තිබුණත් ඔබ යේසුස් වහන්සේ ගමන් කළ මාර්ගයේ ගමන් කිරීමට බලාපොරොත්තුවීම ගැන විශ්වාසවන්ත නම්, එයට සම්පූර්ණ පවිත්‍රවීමේ හැකියාව ඇත. මෙය ඔබගේ සිහිනද පවිත්‍ර කරණු ඇත - මේ සඳහා යම් කිසි කාලයක් ගත වූවත්; එම කාලය තීරණය වන්නේ ඔබ නොහැරුණු කාලයේදී මාංශය කොතරම් පෝෂණය කළාද යන්න මතයි. නමුත් දැඩි විශ්වාසවන්ත භාවයක් තුළින් ශක්තිමත් ම සර්පයා පවා මරණයට පත් කළ හැක. යේසුස් වහන්සේ වෙහෙස වන්නාවූ සහ බර උසුලන්නාවූ අයට පමණක් උන්වහන්සේ වෙතට එන්න ආරාධනා කළසේක. ඔබගේම පරාජිත ජීවිතය ගැන කළකිරී (එපා වී) වෙහෙසවී සිටින්නන්ට පමණක් ජයග්‍රහණය උදෙසා යේසුස් වහන්සේ වෙතට පැමිණීමට ඔබ සුදුසුකම් ලබයි. අන් අයගැන සහ අන් අය ඔවුනට සැළකූ ආකාරයන් ගැන කළකිරී සහ වෙහෙසවූ අයගෙන් ලෝකය පිරී පවතී. සමහර කිතුණුවන් තම නිකායන් තුළ ඔවුන් දකින මධ්‍යම ප්‍රතිපදාව සහ ලෞකිකත්වය නිසා කළකිරී සහ වෙහෙසව සිටී. නමුත් මේවා ජයග්‍රහණය සඳහා සුදුසුකම් නොවේ. තමන් ගැනම කළකිරී සහ වෙහෙසව සිටින අය පමණක් ස්වාමින් වහන්සේගෙන් පැමිණීමට ආරාධනා ලැබ සිටියි. ජයග්‍රහණයට සාපිපාසා ඇත්තන්ට පමණක් උන්වහන්සේ වෙතට පැමිණිය හැක (මතෙව් 11: 28; යොහාන් 7: 37). තම සිතුවිලි ජීවිතයේ බැරිවීමකින් ලිස්සා වැටුණු සෑම අවස්ථාවකම හා ඔහුගේ රහසිගත පව් උදෙසා හඞමින් වැළපෙන අය දෙවියන් වහන්සේගේ සත්‍ය ඉතා ඉක්මණින් තේරුම් ගනු ඇත. අනෙක් අය ධර්මය මිථ්‍යාදෘෂ්ටිය ලෙස සළකණු ඇත - මක්නිසාද ආත්මික සත්‍යථාවන් සාමන්‍ය ස්වාභාවික අවබෝධයෙන් තේරුම් ගත නොහැක, නමුත් දෙවියන්ගේ එළිදරව් ලැබෙන්නේ, තමන්ගේ පාප උදෙසා වැළපෙන හදවත් ඇත්තන්ට ය . දෙවියන් වහන්සේ උන්වහන්සේගේ රහස් කොඳුරන්නේ (දේවභක්තියේ රහස් ඇතුලත්ව) උන්වහන්සේට බිය ඇත්තන්ට පමණි (ගීතාවලිය 25: 14). තමාගේ ම පරාජිත ජීවිතය ගැන වෙහෙස වන්නාවූ සහ බර උසුලන්නාවූ අයට යේසුස් වහන්සේ පොරොන්දු වූ ‘විශ්‍රාමය’ නම්, පාපයට එරෙහි වූ සම්පූර්ණ ජයග්‍රහණයේ විශ්‍රාමයයි.