WFTW Body: 

සාතන් සියළු ඇදහිළිවන්තයින්ගේ ප්‍රධාන චෝදකයා වේ (එළිදරව් 12:10). නමුත් ඔහු මෙම කාර්යයේදී තමන්ට උදව් කිරීම පිණිස නිතරම ඇදහිලිවන්තයන් අතරින් හවුල් වැඩකරුවන් බලාපොරොත්තුවේ. මෙසේ ලෝකය පුරා බොහෝ එවැනි හවුල් වැඩ කරුවන් ඔහු සොයා ගනී.

සාතන් අපට බොරු කියයි. නමුත් අප ගැන දෙවියන්වහන්සේට චෝදනා කරන විට අපට එරෙහිව කරන හැම චෝදනාවක්ම සත්‍ය විය යුතුවේ, මක්නිසාද දෙවියන්වහන්සේට බොරු කීමට සාතන් නිර්භය නොවේ. නමුත් ඔහු සත්‍ය පවසන මුත් තවමත් ඔහුගේ ආත්මය චෝදනා කිරීමේ ආත්මය වේ. අප මින් යමක් ඉගෙන ගත යුතුමය - එය මෙයවේ : අප සහෝදරයෙකුගේ පාපයක් ගැන ඔහුට කෙලින්ම කතා කරනවාට වඩා ඔහුට පසුපසින් හිඳ කතා කරන විට, අප කතා කරන හැම වචනයක්ම සත්‍ය වූවත් අප මෙම චෝදනා කිරීමේ සේවයේදී සාතන් සමඟ හවුල් වැඩකරුවන් බවට පත්වේ.

අපට කිසිවිට චෝදනා කරන්නා සමඟ එවැනි සහභාගිත්වයක් නොතිබිය යුතුය. සහෝදරයා පාපයක් කර ඇතිමුත්, අප අණ ලැබ සිටිනවා යටහත්කමේ ආත්මයක් තුළ නැවත ඔහුව යථා තත්වයට ගෙන ඒමට(ගලාති 6:1). අප ඔහුට ඍජුව කතාකල යුතුයි. ඔහු අපට සවන්දීම ප්‍රතික්‍ෂේප කරන්නේ නම්, එවිට අප ඔහු ගැන වැඩිමහල්ලන්ට කිවයුතුය. ඔහු වැඩිමහල්ලන්ට පවා සවන්දීම ප්‍රතික්‍ෂේප කරන්නේ නම් එවිට ආත්මික අධිකාරියට යටහත් වීමට ඔහුගේ ඇති අකමැත්ත ගැන මුළු සභාවට දැනුම් දියහැක. එවිට ඔහුව සභාවෙන් ඉවත් කළ යුතුය. ශු:මතෙව් 18:15 – 20 පැහැදිළිව යේසුස්වහන්සේ විසින් පිහිටුවා ඇති ක්‍රියා පිළිවෙල මෙයවේ. මෙලෙස අපට සභාව තුළ සාතන්ගේ චෝදනා කිරීමේ ක්‍රියාකාරිත්වයන් බැඳිය හැකි බව යේසුස්වහන්සේ තවදුරටත් වදාළ සේක.

වැඩිමහල්ලෙකුට එරෙහිව චෝදනා කර ඇත්නම්, විශ්වාසවන්ත පුද්ගලයන් දෙදෙනෙකු හෝ එයිට වැඩි දෙනෙකු එම චෝදනාව කර ඇත්නම් එය බරපතල ලෙස ගතයුතුවේ (1තිමෝති 5:19). මෙම කාරණය අනෙකුත් ජ්‍යෙෂ්ඨ වැඩිමහල්ලන් විසින් ප්‍රවේසමට පරික්‍ෂා කර බැලීම විය යුතුය. දෙවියන්වහන්සේ පරණ ගිවිසුමේ පැහැදිළි ලෙස පවසා සිටියේ "පළමු කොට නුඹලා කාරණය මුළුමණින්ම පරික්‍ෂා කොට සොයාබලා විමසා එය සත්‍යය සහ ඔප්පු වන්නේ නම්"(ද්‍විතීය 13:14). වැඩිමහල්ලා පාපයේ නොනවත්වා නියුතුවන බව ඔප්පුවේ නම්, එවිට ජ්‍යෙෂ්ඨ වැඩිමහල්ලෙකු විසින් සභාව ඉදිරියේදී ප්‍රසිද්ධියේ ඔහු තරවටු ලැබිය යුතුය(1තිමෝති 5:20).

ජ්‍යෙෂ්ඨ වැඩිමහල්ලෙකු ව්‍යාජ දයාබර හැඟීමකින් එය ප්‍රසිද්ධියේ නොකරන්නේ නම්, ඔහු ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්නේ ඔහුගේ අවබෝධය ශුද්ධාත්මයාණන්ට වඩා උත්තරීතර බවයි! වඩාත් හොඳ වන්නේ යටහත්කම තුල ගමන් කිරීම සහ දේවවචනය පවසන දෙයට කීකරු වීමයි.

මේ අන් අය විසින් ව්‍යාජ ලෙස චෝදනාවලට ලක්වූ අය ධෛර්‍යමත් කරන පොරොන්දු දෙකකි:

"ඔවුන්ගේ නිග්‍රහයට මා රිදවීමට නොහැකිය, මක්නිසාද ශ්‍රේෂඨ ස්වාමින්වහන්සේ මට උදව් කරන සේක. ඔවුන් ගැන ඉවසීමට මාව බන්ධනය කරගමි. මා දන්නවා මා අපහාසයට පත් නොවන බව, මන්ද දෙවියන්වහන්සේ ලඟය, සහ උන්වහන්සේ මා නිදොස් බව ඔප්පු කරනු ඇත. කිසිවෙකු මට විරුද්ධව චෝදනා කිරීමට නිර්භීත වන්නේද? අප එක්ව අධිකරණයට යමු! ඔහුගේ චෝදනා ගෙන ඒමට ඉඩ හරිමු! ශ්‍රේෂඨ ස්වාමින්වහන්සේම මා ආරක්‍ෂා කරන සේක - එවිට මා වැරදියයි ඔප්පු කරන්නේ කවුරුද? මාගේ චෝදකයින් අතුරුදන් වනු ඇත; ඔවුන් කාවුන් කන ලද රෙද්දක් මෙන් නොපෙනී යනු ඇත.... අන් අය විනාශ කිරීමට කුමන්ත්‍රන කල ඔබ සැම ඔබගේම කුමන්ත්‍රන වලින් විනාශයට පත්වනු ඇත. ස්වාමින්වහන්සේම එය සිදුවීමට සලස්වනු ඇත."(යෙසායා 50: 7 – 11) " කිසිදු අවියක් ඔබට විරුද්ධව සාර්තක නොවනු ඇත, සහ සියළු අධිකරනශාලා බොරුවලට එරෙහිව ඔබට සාධාරණය ලැබෙනු ඇත. මෙය දෙවියන්වහන්සේගේ දාසයන්ගේ උරුමයයි. ඔබට මා දී ඇති ආශිර්වාදය මෙය යැයි දෙවියන්වහන්සේ පවසන සේක"( යෙසායා 54: 17).

උන්වහන්සේගේ නාමය පවසන සියළු දෙනාගේ සැබෑ හදවත් ස්වභාවය පෙන්වා දෙන පිණිස දෙවියන්වහන්සේ තම සෙනඟ පරික්‍ෂා කිරීමට සාතන්ට ඉඩ හරින සේක. බොරුව සහ වෛරය පිරුණු ලොවක අවසානය තෙක් අප ප්‍රේමය සහ සත්‍යය තුල පවතිනවාදැයි පරික්‍ෂා කිරීමට ස්වාමින්වහන්සේ පීඩාකාරී තත්වයන්ට මුහුණ දීමට අපට ඉඩ හරිනු ඇත.

බැලීමට ඇස් ඇත්තාවූ අයට මෙලෙස දේවභක්තික සහ නොවන, සහ යහපත් කමින් පෙළඹුනාවූ සහ ඉර්ෂියාවෙන් සහ වෛරයෙන් පෙළඹුනාවූ අය වෙන්කොට හඳුනා ගැණීමට හැකිවනු ඇත. නමුත් සමහර අය අවසානය දක්වා අන්ධව සහ වටහා ගැණීමේ ශක්තියක් නොමැතිව(පරිසීවරු මෙන්) පවතිනු ඇත. රත්‍රන් ගින්නේදී වඩා පවිත්‍ර වනු ඇත නමුත් පිදුරු අළු බවට පත්වනු ඇත.