WFTW Body: 

දෙවියන්වහන්සේ විසින් පිළිගැණීමට තරම් ඔබ සුදුසු නැතැයි ඔබට නිතරම හැඟෙන්නේ නම් ජීවිතය ඔබට ඉතා අවාසනාවන්ත(කාලකන්නි) වනු ඇත. ඒ ආකාරයෙන් ඔබ වැලපිය යුතු නැති අතර, නමුත් ඒ වෙනුවට, ඔබ සිටින ආකාරයෙන්ම - ක්‍රිස්තුස්වහන්සේ තුළ ඔබව පිළිගැණීම ගැන දෙවියන්වහන්සේට ස්තූති කළ යුතුය.

ඔබව දෙවියන්වහන්සේ සියළු තත්ත්වයන් තුළින් ගෙනගොස් ඇති ආකාරයන් ගැන ඔබ සිතන සෑම මොහොතේ දීම ස්වාමින්වහන්සේට ස්තූති ප්‍රශංසා කරන්න. සියළුම කෙඳිරීමේ සහ චෝදනා කිරීමේ සිතුවිලි, අපිරිසිඳු කාමුක සිතිවිලි සමඟ සමාන කළ යුතු අතරම - ඒවා සම්පූර්ණයෙන්ම වළක්වා ගත යුතුය.

ඔබගේ "බැහැර කිරීමේ"ක්‍රමවේදය නිසියාකාරව ක්‍රියා කරන්නේ නම් ( මාර්ක් 7:18- 23 ) පිටතින් එන කිසිවකට ඔබව අපවිත්‍ර කළ නොහැක. ඔබට, බොහෝ බාහිර දේවල් කෙරෙහි අන්ධව සහ බිහිරිව සිටීමේ පුරුද්ද වර්ධනය කරගැණීමට ඇත( යෙසායා 42: 19,20 ). ඔබ දකින සහ අසන සියළුම දේ පළමුව ඔබගේ සිත තුළ වර්ග කිරීමක් විය යුතුය. ඒවායින් බොහෝ දේ ඔබ සිත තුළින් ක්‍ෂණිකව බැහැර කළ යුතුය - උදාහාරණයක් ලෙස, අන් අය ඔබට කළාවූ නපුරු දේ, අනාගතය ගැන කනස්සලු සිතිවිලි ආදිය...එවිට පමණක් ඔබට සියළුම අවස්ථාවන් වල ස්වාමින්වහන්සේට ප්‍රශංසා කර විශ්‍රාමයෙන් සිටිය හැක.

යේසුස්වහන්සේ අපට ප්‍රශංසාවේ සහ ප්‍රීතියේ ආත්මය දීමට පැමිණ තිබේ ( යෙසායා 61:1- 3). උන්වහන්සේම කල්වාරියට යාමට පෙර ගීතිකාවක් ගායනා කළ සේක( මතෙව් 26:30). එසෙම දැන් උන්වහන්සේ සභාව තුළ ගායනා ප්‍රධානී ලෙස සිටී ( හෙබ්‍රෙව් 2:12).

අප දෙවියන්වහන්සේට ප්‍රශංසා කරන විට අප අපගේ හදවත් තුළ උන්වහන්සේට සිංහාසනයක් සාදන්නෙමු ( ගීතාවලි 22:3 ). අපගේ ඇදහිල්ලේ සාක්‍ෂිය නම් අප උන්වහන්සේගේ ප්‍රශංසාව ගායනා කිරීමයි ( ගීතාවලි 106:12 ). මෙසේ ඔබ දෙවියන්වහන්සේ විශ්ව සිංහාසනයේ වැඩ සිටින බවටත් ඔබගේ ජීවිතයේ සිදුවන සියළුම දේවල් උන්වහන්සේගේ ඒකාන්ත අවසරය ඇතුව සිදුවන බවටත් ඔප්පු කරනු ඇත. ("උන්වහන්සේ මට සිදුවන දේවල සෑම විස්තරයක්ම දනී" - යෝබ් 23:10 ).

බයිබලය තුළ දෙවියන්වහන්සේගේ ශ්‍රෙෂ්ඨත්‍වය ගැන සම්පූර්ණ ප්‍රකාශය නෙබුකද්නේශර් විසින් දෙවියන්වහන්සේ ඔහුව විනයානුකූල කිරීමෙන් පසු කරන ලදී. ඔහු පැවසුවේ"දෙවියන්වහන්සේ පොළොවේ වැසියන් කිසිත් තැත්තන් මෙන් සලකයි. ස්වර්ගයේ දූතයන්ද පොළොවේ මිනිසුන්ද යන සියල්ලෝ උන්වහන්සේගේ පාලනය යටතෙහිය. කිසිවෙකුට උන්වහන්සේගේ කැමැත්තට විරුද්ධ විය නොහැකි අතර උන්වහන්සේ කරන්නේ කුමක්දැයි ප්‍රශ්න කළ නොහැක" ( දානියෙල් 4:35 - සුභාරංචි බයිබලය). ඒ නෙබුකද්නේශර් "හොඳ සිහියට ආ විටයි" ( දානියෙල් 4:36 ). එබැවින් එය සෑම හොඳ සිහියෙන් යුත් ඇදහිලිවන්තයෙකුම විශ්වාස කරන්නාවූ දෙයයි. දෙවියන්වහන්සේට අවශ්‍ය වන්නේ එම විශ්වාසය අපට තිබීමයි. එවැනි ඇදහිලිවන්තයෙකු සෑම අවස්ථාවකදීම සෑම වේලේදීම දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින් සිටිනු ඇත.

ලියන්නෝ සහ නායකයෝ කුඩා ලමුන් දේවගෘහයේදී ශබ්ද නගමින් ප්‍රශංසා කරමින් සිටියදී පැමිණිලි කළෝය, ප්‍රශංසාව හරියටම සම්පූර්ණ ලෙස ඔප්පු කළේ දරුවන් බව යේසුස්වහන්සේ පැවසූ සේක ( මතෙව්. 21:16, ගීතාවලිය 8:2 උපුටා දක්වමින් - ඔබ කුඩා දරුවන්ට සම්පූර්ණ ලෙස ප්‍රශංසා කිරීමට උගන්වා ඇත - ජීවමාන බයිබලය"). එය අපට උගන්වන්නේ අපගේ ප්‍රශංසාව දෙවියන්වහන්සේට පිළිගැණීමට හැකි බවට පත් කරන්නේ අප පාවිච්චි කරන වචන නොව, නමුත් හදවතේ යටහත් කමත් පවිත්‍ර කමත් බවයි(සියළුම ළදරුවන්ට ඒවා ඇත).

එසේම ළදරුවන් කෙඳරීම් සහ චෝදනා නොකරන අතර - එය අපගේ ප්‍රශංසාව දෙවියන්වහන්සේට පිළිගැණීමට හැකි බවට පත් කරන්නාවූ තවත් දෙයකි. අප ජීවිත තුළ කෙඳිරීම හෝ චෝදනා කිරීම ගැන ගඳ සුවඳක් වත් උදයේ, දවාලේ හෝ රාත්‍රියේ, සතියේ දින හතේම, අවුරුද්දේ සෑම සතියේම නොමැතිනම් එවිට අපගේ ප්‍රශංසාව සෑම ඉරිදා උදෑසනයන්හී මෙන් චාරිත්‍රයක් නොවනමුත් අපගේ දිනපතා දිවියේ අංගයක් වනු ඇත. රාගතාල නොමැති වූවත් එවැනි ප්‍රශංසාවක් සමගින් දෙවියන්වහන්සේ ප්‍රීති ප්‍රමෝදයට පත්වන සේක!!