WFTW Body: 

හිතෝපදේශ 8: 1, 27 හි , මනාළයා ව "ප්‍රඥාව" ලෙස හඳුන්වනු ලබන්නේය. එළෙසම ඊළඟ පරිච්ඡේදයේ මනාළියව ද ප්‍රඥාව ලෙස හැඳින්වේ (හිතෝපදේශ 9: 1), මක්නිසාද සෑම ආකාරයකින්ම ඈ, ඇගේ මනාළයා සමඟ එකඟථාවයෙන් සිටිමින් (දෙදෙනා එක්කෙනෙකි) ඔහුගේ නාමය වන (‘ප්‍රඥාව’) ඇගේ නලළේ ලියා ඇත්තේ ය - ඇගේ මනාළයා සිටියාක්මෙන් (ජයග්‍රහකයෙක්මෙන්) ජයග්‍රාහිකාවක්ව සිටී ( එළිදරව් 3: 12,21 සහ 14: 1). හිතෝපදේශ 9 වන පරිච්ඡේදයෙහි මනාළිය සහ වේශ්‍යාව අතර වෙනස පැහැදිළිව උපුටා දැක්වේ. එම පරිච්ඡේදයේ පළමු වාක්‍ය 12 හි මනාළිය සියළුම අඥානයින්ට තම අඥාන මාර්ග අත් හැර, පාපිෂ්ඨ සමූහයෙන් ඉවත් වී, ප්‍රඥාවේ පටන් ගැන්ම වන ස්වාමින් වහන්සේ කෙරෙහි බියවීම ඉගෙන ගන්නා ලෙසට ආරාධනා කරන්නේහුය ( 10 වන පදය). එම පරිච්ඡේදයේ අවසන් වාක්‍ය 6 හි, අපට වේශ්‍යාව යැයි හැඳින්වෙන්නියගේ ආරාධනය කියවීමට පුළුවන, බොහෝ දෙනා ඇගේ ආරාධනාව ට ප්‍රතිචාර දැක්වූ බැවින් අවසානය වන්නේ ආත්මික මරණයෙන් ය ( 18 පදය). එහි, මනාළිය (ප්‍රඥාව) ඇගේ නිවස කුළුණු හතක් මත ගොඩනඟන බව අප කියවන්නේය. මෙම කුළුණු හත අප උදෙසා යාකොබ් 3: 17 හි සඳහන් කර ඇති අතර සැබෑ සභාව ගොඩනැඟෙන්නේ මෙම කුළුණු මත ය.

ක්‍රිස්තුස් වහන්සේගේ සැබෑ මනාළිය මෙම ගුණාංග වලින්, ඕනෑම තැනක අපට හඳුනාගත හැක:

“සැබෑ සභාවේ පළමු සහ ඉතා වැදග ත් ම කුළුණ වන්නේ පවිත්‍රථාවයයි”

1. පවිත්‍රථාවය (නිර්මලභාවය): සැබෑ සභාවේ පළමු සහ ඉතා වැදගත් ම කුළුණ වන්නේ පවිත්‍රථාවයයි. මෙය හුදෙක් බාහිර පවිත්‍රථාවයෙන් යුත් කුහරයක් සහිත කුළුණක් නොවේ. නැත. එය සම්පූර්ණයෙන් ම ඝණකයක්ය (ශක්තිමත්ය). එය හදවත ගැඹුරේ දෙවියන් වහන්සේ ට බියවීමේ බීජයෙන් වර්ධනය වන හදවතේ පවිත්‍රථාවයයි, එමෙන්ම. ක්‍රිස්තුස් වහන්සේගේ සැබෑ සභාව ගොඩනැඟෙන්නේ, දක්ෂ මොළවලින් නොවනමුත් පවිත්‍ර හදවත් කරණකොටගෙන ය. දෙවියන් වහන්සේ සහ උන්වහන්සේගේ මාර්ග ගැන ආත්මික එළිදරව්වක් නොමැතිව අපට සභාව ගොඩනැඟීමට නොහැක - එසේම පවිත්‍ර හදවත් ඇත්තන් ට පමණක් ඔවුන්ගේ හදවතෙහි දෙවියන් වහන්සේව දැකින්න අණුමැතිය ලැබෙන්නේය (මතෙව් 5: 8).

2. සමාධානත්වය: ධර්මිෂ්ඨකම හා සමාදානය සැමවිටම එකට ගමන් කරයි. ඔවුන් නිවුන්නු ය. දෙවියන් වහන්සේගේ රාජ්‍යය ධර්මිෂ්ඨකම හා සමාදානයයි (රෝම 14: 17). සැබෑ ප්‍රඥාව කිසිවිට විවාධාත්මක හෝ කළහකාරී නොවේ. එය තරඟකාරි නොවන්නේය. එය හැකිතාක් දුරට සෑමදෙනා සමඟ එකඟථාවයෙන් යුත් සම්බන්ධථාවය ආරක්ෂා කර ගනී. දිව්‍යමය ප්‍රඥාවෙන් පිරුණු මනුෂ්‍යයෙකු සමඟ රන්ඬු සරුවල් කිරීමට කිසිසේත් නොහැකිය, මන්ද එවැනි මනුෂ්‍යයෙකු සාමකාමි මනුෂ්‍යයෙක් ය. ඔහු ස්ථිර (දැඩි) වන්නට පුළුවන අතර මධ්‍යම ප්‍රතිපදාවක් දරන්නන් විසින් වෛර කරනු ලබන අයෙකු විය හැක. නමුත් ඔහු සැමවිටම සාමකාමිවේ. යේසුස් වහන්සේ තම ගෝලයන් සුභාරංවිය දේශනා කිරීමට යනවිට, ඔවුන් "සමාදානයේ මනුෂ්‍යයන්ගේ" නිවසේ පමණක් නැවතිය යුතුබව පැවසූසේක (ලූක් 10: 5-7). දෙවියන් වහන්සේගේ ගෘහය ගොඩනැඟීමට නම්, අප සමාදානයේ මනුෂ්‍යයන් විය යුතුය.

3. සැළකිලිමත්කම: ක්‍රිස්තුස් වහන්සේගේ මනාළිය අන් අය කෙරෙහි සැමවිටම සාධාරණය, මෘදුය, ඉවසිළිවන්තය, දරාගන්නාසුළු සහ ශිෂ්ඨ සම්පන්නය. ඇය කිසිවිට රළු හෝ පරුෂ නොවේ නමුත් අන් අයගේ හැඟීම් ගැන සැමවිටම සැළ කිලිවන්තය. සභාව මෙම කුළුණෙන් ආධාරය ලබනවිට, සමහරු අවබෝධයෙන් මන්දගාමී වූවත් හෝ ඔවුනගේ හැසිරීම් වලදී රොළු (අශිෂ්ඨ) වුවත් එකිනෙකා කෙරෙහි ඉවසීමට පහසුවේ. ගැටළුව නම්, අපගේ සහෝදරයා හෝ සහෝදරියගේ රොළුභාවය (අශිෂ්ඨභාවය) නොවනමුත්, අපතුළ වාසය කරන නොඉවසිළිවන්තකම බව අපට වැටහෙන්නට පටන් ගැනේ. එහෙයින් අපගේ නියම සතුරා වන අපගේ ම කැමැත්තට වහල් වූ ජීවිතය (මමත්වය) සමඟ අප සටන් කරන්නෙමු, මිස අපගේ සහෝදරයන් සහෝදරියන් සමඟ නොවේ.

4. නම්‍යශීලිවීමට ඇති කැමැත්ත: අවවාද හා දැනමුතුකම් ලැබීමට නොහැකි අයෙකු , හෝ එවැනි මට්ටමකට වඩා තමන් ගොස් ඇති බව දැනෙන අයෙකු, ඔහු වැඩිමහල්ලෙකු වූවත් වැඩිහිටියෙකු වූවත් සැබැවින්ම මෝඩයෙකි (දේශනාකාරයා 4: 13). විශේෂයෙන් ඉන්දියාවේ බොහෝ මිනිසුන් අතර ඇති මිත්‍යාදෘෂ්ටික අදහසක් නම් "වැඩිමහළු අය වඩා දැනුවත්ය" යන්නය. මෙය ලෝකාකාර කාරණාවලදී සත්‍ය වියහැකි වුවත් සැබැවින්ම ආත්මික කාරණාවලදී නම් එය එසේ නොවේ. යේසුස් වහන්සේ සිනගෝගයේ සිටි කිසිදු වැඩිමහළු අයෙකු තමන්වහන්සේගේ ප්‍රේරිතයන් වීමට තෝරා නොගත්සේක. උන්වහන්සේ තරුණ අයව තෝරාගත්සේක. සභාවේ වැඩිමහල්ලා වන හා තමන්ට වඩා දේවභක්තික වන සහ තමන්ට වඩා තරුණ සහෝදරයෙකු ගෙන් අවවාද ලබන්න බොහෝ විට වයස්ගත අයට අසීරු වන්නේ ය. නමුත් එය ඔවුන්ගේ උඬඟුකම නිසාය. නිවැරදිකිරීම් ලැබීමට කැමති අය ප්‍රඥාවන්තයින් බවට පත්වේ (හිතෝපදේශ 13: 10). එනිසා සභාවක දැනමුතුකම් සහ නිවැරදි කිරීම් ලැබීමට ආශාවන්නා වූ සහෝදරයන් සහ සහෝදරියන් සිටිනවිට, සැබෑ මහිමාන්විත සභාවක් ගොඩනැඟෙනු ලැබේ. ප්‍රඥාවන්තයා තමන්ව විශවාසවන්තව ධෛර්‍යවත් කරන අයට ප්‍රේමකරන අතර මහත් ආශාවෙන් ඔවුන් සමඟ ආශ්‍රය (සම්බන්ධථාවය) සොයයි."එකිනෙකාට යටත්වන්න" (එපීස 5: 21) යැයි, මෙම කුළුණේ ලියා ඇති වචනවේ.

5. දයාවෙන් හා එහි ඵළවලින් පරිපූර්ණත්වය: ක්‍රිස්තුස් වහන්සේගේ මනාළිය දයාවෙන් පූර්ණය - ඉඳ හිට (ඇතැම්විට) පමණක් දයාවන්තවීම නොවේ. නොමිලේ සහ හෘදයංගවම සතුටින් ඕනෑම අයෙකුට සමාව දීම ඇයට කිසි ප්‍රශ්ණයක් නොවේ. ඇය කිසිවෙකු විනිශ්චය හෝ හෙළා නොදකිනමුත්, වඩාත් කැමැත්තෙන් ඇගේ මනාළයා මෙන් අන් අය කෙරෙහි දයාව පවත්වන්නේය. මෙම දයාව නිකම් සිතින් (මනසින්) කරන්නාවූ දෙයක් නොවනමුත්, ඇගේ ක්‍රියාවෙන් උපදවන්නා වූ යහපත් ඵළවල ප්‍රකාශවීමක්වේ. ඈ, ඇයට හැකි සෑම අයුරින්ම ඇයට හැකි සෑම මිනිසුන්ටම ඇයට හැකි සෑම වේලේම යහපත කරයි.

6. ස්ථිරථාවය: දිව්‍යමය ප්‍රඥාව ඇති සහෝදරයෙකු සෑම වක්‍ර කමකින්ම නිදහස්වේ. ඔහු සම්පූර්ණ හදවතකින් යුත්, ඍජු, යමක් සඳහා යොදන සම්පූර්ණ උත්සහයෙන් යුත්, අවිශ්වාසයෙන් සහ සැකයෙන් (දෙගෙඩියාවෙන්) නිදහස් වූවෙකි. ඔහු දෙසිත් ඇත්තෙකු නොවනමුත්, දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් බලවත් ව, තමන්ගේම දුර්වලථා ගැන නොබලා, දෙවියන් වහන්සේගේ පොරොන්දු කෙරෙහි විශ්වාස කරන්නෙකි. එවැනි සහෝදරයෙකු සියළු හෘද සක්ෂියට සචේතනික (සිහි ඇති) පාප කෙරෙහි ජයග්‍රහණය මෙහිදී (පොළොවේ) හා මේ මොහොතේ ලැබිය හැකි බව දනී. ඔහුගේ වචනය පවත්වන්නෙකු යැයි ඔහු කෙරෙහි සැමවිට විශ්වාසය තැබිය හැකි පුද්ගලයෙකි. ඔහු ස්ථිර ව නොසෙල්වෙන පුද්ගලයෙකි. ඕනෑම කරුණකදී ඔබට ඔහුගේ ස්ථිර නිශ්චයෙන් (නිවැරදි වැටහීමෙන්) නැමීමට හෝ මධ්‍යම ප්‍රතිපදාවක් දරන්න ට සැලැස්විය නොහැකිය. ඔහු යකඩ දණ්ඩක් මෙන් කෙලින් සහ ඍජුය.

7. කුහකත්වයෙන් (රඟපෑමෙන්) විමුක්තිය (නිදහස) : අන් අය ඇය කෙරෙහි, බාහිරින් දකින දෙයට වඩා මනාළියට අභ්‍යන්තර ව ආත්මික දෑ අන්තර්ගත ව පවති. අන් අය ඇගේ බාහිර ජීවිතය ගැන දක්වන අදහස් වලට වඩා ඇගේ සැඟවුණු ජීවිතය වඩාත් මනරම් ය. මෙය මනුෂ්‍ය ගෞරවය පමණක් අපේක්ෂාවෙන් ආත්මික යැයි හඳුන්වනු ලබන අයගේ "ආත්මික පර පුරුෂ සේවනය" හෝ "වෛශ්‍යා"කමට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධවේ. ඇත්තෙන්ම ඇයට ඇත්තේ "ආගමිකත්වය" මිස, සැබෑ ආත්මිකත්වය නොවේ. මනාළිය ඇගේ බාහිර වචන සහ ක්‍රියාවලට වඩා මහත්සේ ඇගේ අභ්‍යන්තර සිතිවිලි, අභිප්‍රායන් (අරමුණු) හා ආකල්ප ගැන සොයා බලන්නේය. ඇය ඇගේ බාහිර ජීවිතය ගැන මිනිසුන්ගේ අනුමැතිය කිසිසේත් නොසලකා එයට වඩා ඇගේ අභ්‍යන්තර ජීවිතය ගැන දෙවියන් වහන්සේගේ අනුමැතියට මහත්සේ ආශා කරන්නේය. මෙම පරීක්ෂණයෙන් අප එක් එක් කෙනාට, අප මනාළියගේ පංඟුකරුවෙක් ද, නැත්නම් වෛශ්‍යාවගේ පංඟුකරුවෙක් ද, යන්න දැනගත හැක.

ක්‍රිස්තුස් වහන්සේගේ මනාළියගේ හදවතෙහි ප්‍රඥාවේ බීජය තැන්පත් කර ඇති බැවින් වසරින් වසර මෙම ගුණාංග හත ඇය තුළ වර්ධනයවේ. ඇය තවමත් පරිපූර්ණත්වයෙන් ඈත්ව සිටිනමුත්, ඇය හඹා යමින් පරිපූර්ණත්වය කරා වර්ධනයවේ.