WFTW Body: 

එසකියෙල් 7:9 හි බොහෝ මිනිසුන් අසන්නට අකමැති දෙවියන්වහන්සේගේ තානාන්තරය අපට දක්නට ලැබේ. එනම් "දරුනු ලෙස පහර දෙන්නාවූ ස්වාමින්වහන්සේ" විනිශ්චයෙන් දඬුවම් කරන්නා. ඇයි උන්වහන්සේ විසින් යූදාව අත්හැරියේ යන කාරනයට හේතුවූ දේවමාළිගාව තුළ සිදු වෙමින් පැවතුන රූප වන්දනාව, එසකියෙල් 8 වන පරිච්ඡේදයේදී ස්වාමින් වහන්සේ එසකියෙල්ට පෙන්වූ සේක. දෙවියන්වහන්සේ එසකියෙල්ට දෙවියන්වහන්සේගේ මනුශ්‍යයන් මධ්‍යයේ කෙරෙන්නාවූ රහසිගත පාපයන් ගැන අවබෝධයක් ලබා දුන් සේක. උන්වහන්සේගේ මිනිසුන් අතර වන අන් අය නොදන්නාවූ

රහසිගත පාප අනාවරනය කිරීමට වචන දෙවියන්වහන්සේ සැබෑ ප්‍රොපේතවරයෙකුට දෙනු ඇත.

1 කොරින්ති 14: 24 , 25, හි සියල්ලෝ ධර්මවාක්‍ය (අනාවැකිමය ලෙස) කථා කරන සභා රැස්වීමකට ආගන්තුකයෙකු පැමිණි විට තම හදවතේ තිබූ රහස් තමන්ට හෙළිදරව් කරන බව දැනී, ඔහු මුණින් වැටී දෙවියනවහන්සේ එම රුස්වීම තුළ සිටිනා බව පිළිගන්නේ යැයි, අපට කියවන්නට ලැබේ. අපගේ සෑම සභා රැස්වීමක්ම සිදුවිය යුත්තේ මේ ආකාරවයි. එබැවින් අප සියළු දෙනා ඒ ආකාරයට ධර්මවාක්‍ය කීමට ආශා විය යුතුය.

සෙනඟ දේවරූප වන්දනා කල අතර ස්ත්‍රීන් තම්මූස් රූපය උදෙසා හඬමින් නොඇදහිලිවන්තයින් සමඟ බොහෝ අපවිත්‍රවූ, එයට අදාළ අනාචාර පිලිවෙත් වල යෙදුණි(එසකියෙල් 8: 14). එසේ මේ සියල්ල දේවගෘහය තුළදීම පැවැත්විණි. මෙම රූප වන්දනාවන්ගෙන් බොහෝමයක් පිටත සිටි සෙනඟට පැහැදිළි නොවුණි. පිටතින් ශුද්ධව පෙනෙන්නාවූ බොහෝ මිනිසුන් ඇතුළතින් ඉතා අපවිත්‍රය. "මෙය මාගේ ගෘහය යැයි කියනු ලබයි එහි ඇතුලත සිදුවෙමින් පවතින්නේ කුමක්දැයි බලව" යි ස්වාමින්වහන්සේ පවසමින් සිටියේය. ඔවුන් නැගෙනහිර දිශාව දෙසට මුහුණපා සූර්‍යයා නමස්කාර කරමින් සිටියේ හරියට අද දවසේ ක්‍රිස්තියාණීන් තම යාඤාවන් කිරීමට නැගෙනහිර දිශාවට මුහුණපා සිටින්නා සේය(එසකියෙල් 8:16). දෙවියන්වහන්සේගේ ගෘහයේ මෙම සියළු පාපයන් නිසා, දෙවියන්වහන්සේගේ මහිමය සෙමින් එතැනින් ඉවත්වීමට පටන් ගැණුනි. (එසකියෙල් 9:3).

දෙවියන්වහන්සේගේ මහිමය පුද්ගලයෙකු වෙතින් හෝ සභාවක් තුළින් පිටත්වීම ආරම්භ කළවිට, සහ ආලේපය, නැවුම් බව සහ ගින්න නික්ම ගොස් නම්, හැම විටම එයට හේතුවක් ඇත. අවුරුදු 20 ට පෙර ආලේපයක් තිබූ බොහෝ දේශකයින් දැන් එය නැති කරගෙන ඇත. අපේ ජීවිතය මත ආලේපය අප වයසින් වැඩෙත්ම වැඩිවිය යුතුය. නමුත් මට හමුවූ බොහෝ දේශකයින්ගේ මට දැනගැණීමට හැකිවූ එකම දෙය නම් එය අඩුවී ඇති බවයි. සාමාන්‍යයෙන් මෙයට හේතුව නම් ඔවුන් තමන්ව මුදල් ලුහුබැඳ යාම තුළින් දූෂිත කර ගැණීම, හෝ වෙනත් ආකාරයකින් දෙපැත්තම සතුටු කර(සම්මුතියකට යෑමෙන්) සිටීම හෝ මිනිසුන් සතුටු කිරීම පිණිස කතා කිරීමට පටන් ගැණීම වේ. දෙවියන්වහන්සේ ඔබ බොහෝ දෙනෙකුව සේවය කිරීමට කැඳවා තිබිය හැක. එය එසේ නම්, විශ්වාසවන්ත වන්න එසේම මහිමය ඔබ සේවය වෙතින් අහක්ව යාමට ඉඩ නොදෙන්න.

එසකියෙල් 9: 4 මෙන්න අද දවසේ සභාවට ආදේශ කළ හැකි වචනයක්, මේ ආකාරයට "සභාවන් අතර ඇවිද යන්න එසේම සභාව තුළ කෙරෙන්නාවූ පාපයන් උදෙසා සුසුම්ලමින් විලාප දෙන සියළු දෙනාගේ නළලේ ලකුනක් තබාපන්න". දෙවියන්වහන්සේ සභාව තුළ යේසුස්වහන්සේගේ නාමය අගෞරවයට පත් කිරීම ගැන විලාප දෙන අයගේ නළලේ ලකුණක් තැබීමට දේව දූතයෙක් යැව්වොත්(උන්වහන්සේ එදා කළාක් මෙන්)මිනිසුන් කී දෙනෙකු ලකුණු කෙරෙයිද? ඔබ කෙතරම් සැලකිලිමත්ව සිටියාද කිතුනුවන් විසින් යේසුස්වහන්සේගේ නාමය අගෞරවයට පත් කිරීම ගැන? ඒ ශුද්ධවූ නාමය බොහෝ සභාවන් තුළ අගෞරවයට පත්වේ - සෑම නිකායකටම අයිති සභාවන් වල. අප ඒ ගැන සැලකිලිමත්ද? දෙවියන්වහන්සේ, එසේ සැලකිලිමත් වන්නාවූ අයව සලකුණු කරන සේක. එබැවින් මෙහිදී සවාමින්වහන්සේ පැවසුවා "මාගේ සලකුණ නොමැති සියළු දෙනා මරනු". අද දවසේද, ස්වාමින්වහන්සේගේ නාමය උදෙසා සැලකිල්ලක් නොමැති සියළු දෙනා ආත්මික මරණයකින් අවසන් කරනු ඇත. "ඔබගේ නාමයට ගෞරවය වේවා," යනු ස්වාමින්වහන්සේ අපට යාඤා කිරීමට ඉගැන්වූ පළමුවන යාඤාවයි. ඒ නාමය ගැන ඔබට සැලකිල්ලක් තිබේ නම්, දෙවියන්වහන්සේට ඔබව උන්වහන්සේගේ අරමුණු සම්පූර්‍ණ කිරීමට පාවිච්චි කළ හැක.

දේව දූතයා මිනිසුන්ව මැරීමට පටන්ගත් මොහොතේ වැඩිමහල්ලන් හැත්තෑ දෙනා පළමුව ඝාතණය වුණි! දෙවියන්වහන්සේගේ මිනිසුන්ගේ නායකයන් ලෙස සැලකුවාවූ වැඩිමහල්ලන්, සියළු දෙනා අතරින් අඩුම සැලකිල්ලක් තිබූ පිරිස වූහ. වැඩියෙන් දීමණා ලැබූ අයගෙන් වැඩියෙන් අය කරනු ලැබේ. එබැවින් විනිශ්චය ආරම්භවන විට එය සෑම විටම සභාවේ වැඩිමහල්ලන්ගෙන් ආරම්භවේ. දෙවියන්වහන්සේගේ මහිමය පිටත්වෙමින් තිබුණි මක්නිසාද නායකයින් අසමත්ව සිටි හෙයිනි. අද දවසේද එය ඒ ආකාරමය.