කර්තෘ :   සැක් පූනන් වර්ග :   සභාව
WFTW Body: 

අපට " ස්වර්‍ග රාජ්‍යය " (The Kingdom of Heaven) යන වාක්‍ය ඛණ්ඩය, වෙන කිසිම තැනක දක්නට නොලැබුනද , මතෙව් සුභාරංචිය තුළ දක්නට ඇත​​. එය 31 වතාවක් මෙම සුභාරංචි පොත තුළ දැක ගත හැක​. ශුද්ධාත්මානුභාවයෙන් මෙම​ පොත ලියනු ලැබු නිසා, ඔහු මෙම වාක්‍ය ඛණ්ඩය මෙහි මෙතරම් භාවිතා කරණු ලැබුවේ යම් විශේෂ හේතුවක් ඇතිව විය යුතුය​. යොහාන් බව්තිස්ත පැමිණ දේශනා කරමින් පැවසුවේ " පසුතැවිලි වෙයල්ලා, ස්වර්‍ග රාජ්‍යය අත ළඟය " ( ශු: මතෙව් 3:2 ). ඔහුගේ කාලයෙන් පසු යේසුස් වහන්සේත් දේශනා කළේ සැබවින්ම මෙම පණිවිඩයමය ( ශු: මතෙව් 4:17). යේසුස් වහන්සේ කන්ද උඩ දේශනාව පටන්ගැන්මේදීම උන්වහන්සේ ප්‍රථමයෙන්ම වදාල වචන වූයේ " සිතින් දිළින්දෝ ආශිර්වාද ලද්දෝය​ ; මක්නිසාද ස්වර්‍ග රාජ්‍යය ඔවුන්ගේය " යන්නය (ශු: මතෙව් 5:3). එනිසා අලුත් ගිවිසුම ආරම්භයේදීම පටන් " ස්වර්‍ගය​" (Heaven) යන වචනය මහත් ලෙස අවධාරණය කොට ඇති බව අපට දැක ගත හැක​. කන්ද උඩ දේශනාවේ පමණක් " ස්වර්‍ගය " යන වචනය 17 වාරයක් සඳහන්ව ඇත​.

දෙවියන්වහන්සේ විසින් ඉශ්‍රායෙල් සමඟ ඇති කර ගන්නා ලද පරණ ගිවිසුම​, මෙම භූමික රාජ්‍යයට සම්බන්ධ වූවකි. කානාන් දේශය සහ පොරොන්දු වුනාවු ද්‍රව්‍යමය සඵලත්වය, ශාරීරික සුවය සහ භූමික ලාභයන් ඉශ්‍රායෙල්වරුන්ට දෙනු ලැබීය​. පසු කාලයකදී භූමික රජෙක් සහ භූමික සම්පත් සහ වෙනත් භූමික ආශිර්වාද ද ඔවුන්ට ලැබිණි. නමුත් යේසුස් වහන්සේ පැමිණියේ මනුෂ්‍යයා වෙනත් රාජ්‍යයකට ඔසවන්නටය - එනම් ස්වර්‍ ගයටය​. එනිසා අප අලුත් ගිවිසුම කියවීමේදී මතක තබා ගත යුතුම දෙය නම්, පළමුකොටම ස්වර්‍ගය ගැන ශුභාරංචිය මිස පොළොව ගැන නොවන බවයි. අප මෙය තේරුම් ගතහොත්, අද කිතුණු සමූහයා තුළ ඇති වරදවා වටහාගැනීම් වලින් අප ගැළවෙනු ඇත​.

අප පවසනවා අපි " ගැළවී " ඇති බව​. එය ඇදහිලිවතුන් අතර සුලභ කියමනකි, නුමුත් අප ගැළවී ඇත්තේ කුමකින් ද​? භූමික මාවත් වලින් අප ගැළවී තිබේද​? එසේ නැතිනම් අපගේ පාප වලට පමනක් අපට සමාව ලැබී තිබේද​? භූමික දේ පිළිබඳව ඇති කැමැත්තෙන් ගැළවී තිබේද​? මනුෂ්‍යයන් හා සිද්ධීන් දෙස භූමික ලෙස බැලීමෙන් සහ ලෞකික හැසිරීම් වලින් අප ගැළවීම ලබා තිබේද​?.

අලුත් ගිවිසුම නම් ස්වර්‍ගරාජ්‍යය පිළිබඳ ශුභාරංචියයි.

ලොව පුරා බොහෝ පුද්ගලයින් ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය ලබා ගැනීමට මහත් ආශාවෙන් පසුවෙති. මක්නිසාද ඇමරිකාව ජීවත් වීම සඳහා මහත් සිත් ගන්නා සුලු ස්ථානයක් වීමයි. නමුත් නොදියුණූ අප්‍රිකානු රටක පුරවැසිභාවය ලබාගැනීමට කිසිවෙකුත් උනන්දු වන්නේ නැත​. මෙම සියල්ලටම වඩා මහත් සිත් ගන්නා ස්ථානය වන ස්වර්‍ගයෙහී පුරවැසිභාවය ලබා ගැනීමට කැමැත්ත දක්වන්නේ මෙම ලොවෙහී මෙතරම් සුලු ප්‍රමාණයක් වන්නේ ඇයි? මක්නිසාදයත් ස්වර්ගීය පුරවැසිභාවයේ සැබෑ මහිමය ඔවුන් දැක නැති නිසාය​. මන්දයත් මෙයට හේතුව වන්නේ නිසි ලෙස ශුභාරංචිය දේශනා නොකරන නිසාය​. එනිසා ස්වර්‍ග රාජ්‍යය කෙරෙහි කිසිඳු තැකීමක් නැති සභා තුළ අසුන් ගෙන සිටින " ඇදහිලිවතුන් යයි කියාගන්නාවූ " දහස් ගණන් සෙනඟක් අපට හමුවේ. ඔවුන්ට ස්වර්ගයට යාමට උවමනා වන්නේ ඔවුන් මිය ගිය විටය​. නුමුත් දැන්ම ඔවුන්ට ස්වර්‍ග රාජ්‍යය අවශ්‍ය නැත​.

" රාජ්‍යය " යන වචනය නියම ලෙස අද දවසේ අපි වටහා ගෙන නැත්තෙමු. මක්නිසාද පළමු සියවසේදි මෙන් නොව​, දැන් රාජ්‍යයන් පාලනය කරන රජවරුන් අපට ඇත්තේ ඉතා ස්වල්ප දෙනෙකු බැවිනි. අද දවසේ, අපි භාවිතා කරන​, එයට සමාන වචනය වන්නේ " ආණ්ඩුවයි ". අප පවසන්නේ " ඉන්දියානු ආණ්ඩුව " කියා මිස " ඉන්දීය රාජ්‍යය " කියා නොවේය​.

ස්වර්‍ග රාජ්‍යය යන්නෙහි අර්ථය එයයි - ස්වර්ගීය ආණ්ඩුව යන්නය​. එහි අර්ථය වන්නේ දෙවියන්වහන්සේ ඔබගේ ජීවිතය පාලනය කරන බවයි. ඔබ ඉන්දියාවේ ජීවත් වන විටදී, ඔබ ඉන්දියානු ආණ්ඩුවෙ පාලනය යටතේ ජීවත් විය යුතුව ඇත​. එසේම ඔබ ස්වර්ගීය ආණ්ඩුව යටතට පැමිණුනේ නම්, ස්වර්ගීය ආණ්ඩුවේ පාලනය යටතේ ජීවත් විය යුතුය​. ඔබ​, ඔබගේ පුරවැසිභාවය පොළොවේ සිට ස්වර්ගයට මාරු කර ගත්තෙහිද​?

ගැළවීම යන්නෙහි අර්ථය වනුයේ භූමික රාජ්‍යයෙන් ගැළවී ස්වර්‍ග රාජ්‍යයට ඇතුලත් වීමයි. නමුත් බොහෝ ඇදහිලිවන්තයින්ගේ ගැළවීම මෙතරම් දුරකට ගොස් නැත​. ඔවුන්ට ස්වර්ගයට යාමට අවශ්‍යව ඇත්තේ මියැදුණු පසුවය​. නමුත් ඔවුන්ගේ ජීවිත​, ස්වර්ගීය පාලනය යටතට පැමිණීමට​, ඔවුන්ට දැන්ම අවශ්‍යව නැත​. දැන් ඔවුන්ට අවශ්‍යව තිබෙන්නේ, සම්පූර්ණයෙන්ම පොළොවේ පුරවැසිභාවය ඇතිව ජීවත් වීමටය​. ඔවුන්ගේ කිතුණූ ජීවිතය එතරම් නොගැඹුරු මේනිසාය​.

අනෙක් ශුභාරංචි පොත්වල හමු නොවන වචනයක්, මතෙව් ශුභාරංචිය තුළ භාවිතා කර ඇත​. එය නම් " සභාව " යන වචනයයි. එහි එය 3 වරක් දැකිය හැක​. ( ශු: මතෙව් 16:18) හි එක්වරක්ද​, ( ශු: මතෙව් 18:17 ) හි දෙවරක්ද වශයෙනි. වාක්‍ය ඛණ්ඩය අතුළ ඇති මෙම වචනය පැත්තකින් සිට මනා සැළකිල්ලෙන් බැලුවහොත්, සභාව යන්නෙහි තේරුම වන්නේ පොළොව මතුපිට ඇති ස්වර්‍ග රාජ්‍යය බව අපට දැක ගත හැක​. ස්වර්ගය තුළ ජීවත් වන සැවොම​, දෙවියන්වහන්සේ පාලනය කරන ස්වර්ගීය ආණ්ඩුව යටතේ සිටිනවා ඇත​. නමුත් මෙම පොළොවෙහි එය වෙනස්‍ ය​. සියලු දෙනාම ඔවුන්ගේම ලෝකවල ජීවත්වෙමින් සිටිති. එවැනි මිනිසුන් මධ්‍යයෙහිද, ඔවුන්ගේම කැමැත්තතට අනුව​ ජීවත් නොවන්නාවු මිනිස් කණ්ඩායමක් දෙවියන්වහන්සේට ඇත​. ඔවුන් සිටින්නේ ස්වර්ගීය ආණ්ඩුව යටතේය​. සභාව යනු එයයි.

ලොවෙහි ඇත්තාවූ සභා, සැබවින්ම ස්වර්ගීය ආණ්ඩුවේ අධිකාරීත්වය යටතේ ජීවත්වේද​? (පවතීද​?). නැත​. මෙය මගේ හදවතට බොහෝ අවුරුදු ගණනක් ශෝකය ගෙන දෙන කාරණයක් විය​. එය ඔබගේ හදවතටත් ශෝකය ගෙන දෙන බව බලාපොරොත්තු වෙමි. මම අන් අයට දෝශාරෝපණය නොකරමි. ඔවුන් " ඒ ආකාර බව " මම නොකියමි. මම පවසන්නේ " අපි ඒ ආකාර බවයි". අපි සභාවයි. සහ ස්වර්ගීය පාලනය යටතේ ඇති, ආශිර්වාදාත්මක ජීවිතය​, ලොවට පෙන්වීමට අපි අපොහොසත් වෙමු. එනිසා අපි යාච්ඤා කරමු, " ස්වාමින් වහන්ස​, අපගේ අපොහොසත් වීම ගැන අපට කමා වුව මැනව​. දෙවියන්වහන්සේගේ පාලනය යටතේ ඇති ජීවිතයේ අර්ථය ලොවට පෙන්වීමට අපට උපකාර කළ මැනව​. "