WFTW Body: 

එළිදරව් 3: 14-22 හි ස්වාමින් වහන්සේ ලවෝදීසයෙහි සභාව වෙත ලියන්නට කීවේ : විශ්වාසවන්ත හා සැබෑ සාක්ෂිකාරයාණන් වන , දෙවියන් වහන්සේගේ මැවිල්ලේ කර්තෘ වූ ආමේන් නම් තැනැන්වහන්සේ මෙසේ වදාරන සේක: මම නුඹේ ක්‍රියා දනිමි, “නුඹගේ ක්‍රියා සීතළව හෝ උණුසුම්ව නොවන බව මා දනිමි; නුඹ සීතළව හෝ උණුසුම්ව සිටිනවාට මා කැමැත්තෙමි. නුඹ සීතළ හෝ උණුසුම්ව නොසිට ඇල්මැරී සිටින බැවින්, මම නුඹව මාගේ මුවින් පිටතට වමාරන්නෙමි”.

මෙන්න, දෙවියන් වහන්සේ උදෙසා දැල්වී නොසිටියාවු සභාවක්. ඔව්හු නිකම්ම නිකම් “ඇල්මැරුණු” අය වූවෝය (එළිදරව් 3: 16). ඔවුන්ගේ මූලධර්ම අනුව ඔවුහු නිශ්චිතව ම නිවැරදි ය - නමුත් ඔවුහු නිවැරදි වූ හා මිය ගියාවු යන දෙකම වූවෝය! ඔවුන් සදාචාරාත්මකව ගෞරවනීය වූවෝය - නමුත් ආත්මිකව මිය ගොස් ය! අපගේ හදවත් සෑමවිටම දැල්වී පැවතීමට ස්වාමින් වහන්සේට අවශ්‍ය ය - උන්වහන්සේටත් අනෙකුත් ඇදහිළිවන්තයින් උදෙසාත් ඇවිලෙන ගිනිදැල්ලක් වැනි උණුසුම් ප්‍රේමයක්. “පූජාසනය මත ගින්න නොකඩවා එහි දැල් වී තිබිය යුතු ය; එය නොනිවී එහි දැල් වී තිබිය යුතු වීම” පැරණි ගිවිසුමෙහි ව්‍යවස්ථාව වූයේ ය (ලෙවී කථාව 6: 13). සංකේතාත්මකව අපි මෙහි දකින්නේ යේසුස් වහන්සේගේ සැබෑ ගෝලයෙකුගෙන් දෙවියන් වහන්සේ අපේක්ෂා කරන සාමාන්‍ය තත්ත්වයයි. මෙයට වඩා අඩු දෙයක් ප්‍රමිතියෙන් තොර ය. ස්වාමින් වහන්සේගේ ගින්නෙන් පඳුර දැවෙණ විට, එහි තුළ කිසිදු කෘමීන්ට හා විෂබීජවලට ජීවත්ව සිටින්නට බැරි ය. එසේම අපගේ හදවත් ආත්මයේ ගින්නෙන් දැවෙණ විට, කිසිදු ප්‍රේමනීය නොවන ආකල්පයන් එහි පවතින්නට ද ද බැරිය.

අප සීතළ ද නැතහොත් උණුසුම් ද, නැතහොත්, ඇල්මැරී ද යන වග පරික්ෂා කිරීමට මෙය එක් ක්‍රමය කි: “උණුසුම් ව” සිටීම නම්, අන් අයව ඉමහත් ලෙස ප්‍රේම කිරීමයි. “සීතළව” සිටීම නම්, තිත්තකමේ සිටීම හා අන් අය කෙරෙහි සමාව නොදීමෙන් සිටීමයි. “ඇල්මැරී” සිටීම නම්, තිත්තකම හෝ අන් අය කෙරෙහි ප්‍රේමය නොතිබීමයි. “කිසිම කෙනෙකු කෙරෙහි මාගේ හදවතේ කිසි දෙයක් නැතැයි” ඇදහිළිවන්තයකු කියන විට, ඔහු “ඇල්මැරුණු” කෙනෙක් ය. “එකිනෙකාට විරුද්ධව ඔබේ හදවතේ කිසිවක් නොමැති විට ඔබ මාගේ ගෝලයන් බව සියළු මිනිසුන් දැන ගනීවී යැයි යේසුස් වහන්සේ කී සේක් ද? නැත. එකිනෙකා කෙරෙහි නපුරු ආකල්ප නොතිබීම යේසුස් වහන්සේගේ ගෝලයන් හදුනා ගැනීමේ සළකුණ නොවේ (යොහාන් 13: 35). අපගේ හදවතේ යමක් තිබිය යුතුයි. අපගේ සියලු සෙසු ඇදහිළිවන්තයින් කෙරෙහි දැඩි ප්‍රේමයක් තිබිය යුතුයි. ප්‍රේමය යනු ධණාත්මක ගුණයක් වන අතර දුෂ්ඨකම නොතිබීම ම නොවේ.

තිත්තකමේ ආත්මය අපගේ හදවතින් දුරු කොට ඉන් පසු එය පවිත්‍රව හා හිස්ව තැබීම, ආරම්භයේදී සිටියාට වඩා අවසානයේ දරුණුම තත්ත්වයකට ස්ථීරවම පැමිණෙන ඇල්මැරුනු ස්වභාවයට මාර්ගය යි (ලූක් 11: 24-26). ලෝකය පවසන්නේ, “කිසිවක්ම නැතිව සිටිනවාට වඩා යමක් ඇතිව සිටීම හොඳ දෙයක්” යන්නයි. එසේ නම්, ඇල්මැරුණු ස්වාභයේ සිටීම, සීතළ වී සිටීමට වඩා හොඳ යයි යමෙකු සිතන්නට පුළුවන. නමුත් ස්වාමින් වහන්සේ පවසන්නේ එය නොවේ. “නුඹ සීතළ නම්, මා කැමැත්තෙමි යි” (15වැනි පදය). අපි උදාසීනව (සම්පූර්ණ හදවතින් තොරව) සිටිනවාට වඩා මුළුමනින් ම ලෞකිකව සිටිනවාට උන්වහන්සේ වඩාත් ප්‍රියකරන සේක. ලෞකික නොඇදහිළිවන්තයෙකුට වඩා, මධ්‍යම ප්‍රතිපදාවක් දරණ ඇල්මැරුණු කිතුණුවෙකු ක්‍රිස්තුස් වහන්සේගේ පොළොවෙහි ඇති කාර‍්‍යයට වඩා විශාල හානියක් ඇති කරයි. නොඇදහිළිවන්තයා ක්‍රිස්තුස් වහන්සේගේ නාමය නොගනී, එබැවින් ඔහුගේ ලෞකිකත්වය සුභ-ආරංචියට බාධාවක් විය නොහැක. නමුත් මධ්‍යම ප්‍රතිපදාවක් දරණ උදාසීන (සම්පූර්ණ හදවතින් තොර වූ) කිතුණුවකු ක්‍රිස්තුස් වහන්සේගේ නාමය ගෙන ඔහුගේ ලෞකිකත්වය නිසා විජාතීන් අතරෙහි එම නාමය අපකීර්තියට පත් කර යි.


සීතළ ලෞකික නොඇදහිළිවන්තයා, තම ධර්මිෂ්ඨකමේ ඇල් මැරී සිටින ඵරිසිවරුන් ට වඩා, ඔහුගේ ආත්මික අවශ්‍යථාව පිළිබඳ අවබෝධයකට පැමිණීමට බොහෝ දුරට ඉඩ ඇත (මතෙව් 23: 31). අප ඇල්මැරුණු ස්වභාවයෙන් සිටීම දැකීමට වඩා සීතලව සිටීම දැකීමට කැමති බව උන්වහන්සේ පවසන්නේ මේ හේතු නිසා ය. ප්‍රායෝගිකව මෙයින් අදහස් කරන්නේ ඔබට මුදල් කෙරෙහි ඇති ආශාවෙන් හෝ කෝපයෙන් හෝ අපවිත්‍ර සිතුවිලිවලින් හෝ (පාපයේ අංශ තුනක් පමණක් ගත්විට) නිදහස් වීමට කිසිදු ආශාවක් නොමැති නම්, යේසුස් වහන්සේගේ ගෝලයෙකු බව ප්‍රකාශ කරනවාට වඩා නොඇදහිළිවන්තයෙකු ලෙසම සිටීම යහපත් ය. ඔබ ඇල්මැරුණු ස්වභාවයේ සිටිනවාට වඩා සීතළ ස්වභාවයේ සිටීමෙහි, ඔබට වඩාත් බලාපොරොත්තුවක් ඇත. මෙය පුදුම සහගත ය, එහෙත් සත්‍යයකි.