WFTW Body: 

හෙබ්‍රෙව් 4:12 තුල අපට "මක්නිසාද දෙවියන්වහන්සේගේ වචනය ජීවමානය, බලවත්ය, කොයිම දෙමුවහත් කඩුවකටත් වඩා තියුණුය, ප්‍රාණය හා ආත්මයද සන්‍ධි හා ඇටමිදුළුද වෙන්කරන තරමට කාවදින්නේය, සිතේ සිතිවිලිද අදහස්ද විමසන්නේය" ලෙස කියවීමට ලැබේ. දේවවචනය කඩුවක් මෙන් අපගේ හදවතත් වලට කාවැදෙමින් අපගේ සිතුවිලි සහ අපගේ අදහස් එළිදරව් කරයි. අලුත් ගිවිසුම තුළ (හෙබ්‍රෙව් පොත අවධාරණය කරන්නාවූ දේ වන) "හදවතේ සිතුවිලි සහ අභිප්‍රායන් " අතී වැදගත්වූ දේ වේ. එහෙත් පරණ ගිවිසුම යටතේ නපුරු සිතිවිලි සහ අභිප්‍රායන් බරපතල ලෙස ගණන් නොගැණිනි. මක්නිසාද ඉශ්‍රායෙල්වරුන්ට තමන් තුළ ශුද්ධාත්මයාණන් වාසය කිරීම නොතිබුණි. ව්‍යවස්ථාවෙන් මනුශ්‍යයාව නපුරු සිතිවිලි සහ අභිප්‍රායන් තිබීම ගැන අනාවරණය කිරීමට හෝ දඬුවමට පත්කිරීමට නොහැකිවිය. මනුශ්‍යයා සියළුදේ භාහිරව කරනතාක් ව්‍යවස්ථාව ඔහුව ආරක්ෂා කලේය. නමුත් අලුත් ගිවිසුම තුළ එසේ නොවේ. මනුශ්‍යයා පරණ ගිවිසුම තුළ සිටින විට ව්‍යවස්ථාව ඔහුව භාහිරින් පරික්‍ෂා කලා පමණි, හරියට වෛද‍්‍යවරයෙකු භාහිරින් රෝගියෙකුව පරික්‍ෂා කරන්නාක් මෙනි. නමුත් අලුත් ගිවිසුම තුළ දේවවචනය ස්කෑන් හෝ එක්ස්රේ එකක් ලෙස හදවත තුළට කාවදින්නේය. දැන් දෙවියන්වහන්සේ අපගේ සිතිවිලි, ආකල්පයන්, චේතනාවන් සහ අභිප්‍රායන් ගැන වඩාත් සැලකිලිමත් වේ. යම් අවස්ථාවල මතුපිටින් සියළු දේ යහපත්ව පෙනෙන විට, මහත් නපුරු දේ ඇතුලාන්තයේ තිබිය හැක, හරියටම බොහෝ මිනිසුන් මතුපිටින් නිරෝගීමත් ලෙස සිටියත් ඇතුලතින් පිලිකාවක් වැනි බරපතල රෝගි තත්‍වයක් තිබිය හැක.

එනිසා ඔබ අද දවසේ දේවවචනය කියවා ඔබේ භාහිර පාප ගැන පමණක් දැනුවත් වීමකට පැමිණුනේ නම්; එයින් පෙන්වා දෙන්නේ දෙවියන්වහන්සේට ඔබට පැවසීමට අවශ්‍යවූ සියළුම දේ ඔබ නොඇසූ බවයි. එනිසා සැමවිටම මෙම ප්‍රශ්නය නැඟීම තුළින් ඔබවම පරීක්‍ෂා කර බලන්න: "දේවවචනය මාගේ හදවතේ සිතිවිලි සහ අභිප්‍රායන් මට එළිදරව් කළාද?" මෙහිදී අවධාරණය කරන්නේ හදවත මිස හිස නොවන බව සලකන්න. සියළුම ආලේපලත් දේවවචනය දේශනා කිරීම් තුළ, වචනය ඔබගේ මණස තුළින් ගොස් හදවතට ඇතුළුවී ඔබගේ අභ්‍යන්තර සිතිවිලි සහ අභිප්‍රායන් ඔබට එළිදරව් කරයි.

1 කොරින්ති 14: 25 හි ආලේපලත් දේශනාවකින් පැමිණෙන ප්‍රතිඵල ගැන අපට කියවීමට ලැබේ. මිනිසුන්ගේ හදවත් තුල ඇති සිතිවිලි එළිදරව් වේ එවිට ඔවුන් බිමට නැමී රැස්වීම තුළ දෙවියන්වහන්සේ වැඩ සිටින බව සිහිපත් කරයි. ඔබ ආලේපලත් දේවභක්තික මනුශ්‍යයෙකු සමඟ සංවාදයක යෙදී සිටින විට ඔහු ආලේපලත් අනාගත වාක්‍යයක් පවසනවිට එම දෙයම සිදුවිය හැක. ආලේපලත් වචනය සැමවිටම හදවතේ සිතිවිලි සහ අභිප්‍රායන් එළිදරව් කරයි මක්නිසාද දේවවචනය තියුනු දෙමුවහත් කඩුවක් වැනිය.

ඔබට දෙවියන්වහන්සේට සේවය කිරීමට අවශ්‍ය නම් ඔබගේ හදවතේ සහ මුඛයේ තලය මුවහත් බව සහතික කරගන්න. කිසිවිට කඩුමුවහත මොට්ට කොට දේවවචනය අලංකාර(ඔපවත්) වචන වලින් උපායශීලීව මනුශ්‍යයාට වඩාත් පිළිගත හැකි කරවීම පිණිස මෘදු නොකරන්න. එය මිනිසුන්ට කිසිදු යහපතක් නොකරයි මක්නිසාද එය විනිවිද නොගොස් යායුතු තැනට නොයයි. ඔබ මොට්ට පිහියකින් මස් කැපීමට උත්සහකර තිබෙනවාද? ඔබ කැපීම කරගෙන ගියත් තවමත් මස් නොකැපී පවතී. දේශකයෙකු දේවවචනයේ මුවහත්භාවය මධ්‍යම ප්‍රතිපදාවෙන්(දෙපැත්තම බේරා) මොට්ට කරන විට ඔහුගේ රැස්වීම අවසානයේදී කිසිවෙකුට දෙවියන්වහන්සේව නොඇසුනු බව වටහා ගනී. දේවවචනය දෙමුවහත් කඩුවක්ය. දේශකයා පළමුකොට එයට ඔහුගේම හදවත කපා විවර කිරීමට ඉඩහැර ඔහුගේ සිතිවිලි සහ අභිප්‍රායන් එළිදරව් කරගත යුතුය! එවිට පමණක් ඔහුට එය අන් අයගේ හදවත් විවර කිරීමට භාවිතා කළ හැක. දේවවචනය පළමු කොට ඔබගේම හදවත විනිවිද ගොස් නොමැති නම් එය දේශනා නොකර ඉන්න. බොහෝ දේශකයින් කිසිදා දේවවචනය තුළින් තමන්වම විනිශ්‍චය කරගන්නේ නැත. ඔවුන් අන් අයව විනිශ්චය කරනවා පමණි.

දේවවචනය විනිවිද ගොස් අපගේ අභිප්‍රායන්ද විනිෂ්චය කරයි. අප දේවවචනය තුළ ඇති ආත්මයාණන්ගේ හඬට නිත්‍ය ලෙස අපවම විවෘත කරන්නේ නම්, අවසානයේදී අප සම්පූර්ණ පවිත්‍රවූ හදවතක් ලබනු ඇත, මක්නිසාද අපගේ හදවතේ සිතිවිලි සහ අභිප්‍රායන් නිත්‍ය ලෙස අපට එළිදරව් කෙරී අපට අපවම පවිත්‍ර කර ගැණීමට හැකිවේ. සෑම ඇදහිලිවන්තයෙකුම සෑම දිනකම මේ ආකාරයට ජීවත්විය යුතුය. හරියටම ඉශ්‍රායෙල් ජනතාව වනාන්තරයේදී දිනපතා මන්නා ලැබුවාක් මෙන් අපද දෙවියන්වහන්සේගේ ආලේපලත් වචනය දිනපතා උන්වහන්සේගෙන් ලැබිය යුතුය.