කර්තෘ :   සැක් පූනන්
WFTW Body: 

දේවභක්තික ජීවිතයක රහස පොලොවේ මනුශ්‍යයෙකු ලෙස ජීවත්වුනාවූ සිතුවිලි තුළ, වචනවල, ක්‍රියා ආකල්ප හෝ අභිලාෂයන් හෝ වෙනත් ඕනෑම ආකාරයකට අප මෙන්ම පරික්‍ෂාවට ලක්වූ නමුත් එක් වරක්වත් පව් නොකළ යේසුස්වහන්සේ තුළ පිහිටා තිබේ. (1 තිමෝති 3:16; හෙබ්‍රෙව්4:15).

පරීක්‍ෂාව පාපයට සමාන නොවේ. යාකොබ් 1:14,15 එය පැහැදිළි කරයි. අප පාපය කිරීමට පෙර අප සිත පරික්‍ෂාව සමඟ එකඟ විය යුතුව ඇත. යේසුස්වහන්සේ පරික්‍ෂාවට පත්වූ බව ශු:මතෙව් 4 න් පැහැදිළිවේ. නමුත් උන්වහන්සේගේ සිත එකදු පරික්‍ෂාවක් සමඟ වත් එක් වරක්වත් එකඟවූයේ නැත. එසේ උන්වහන්සේ පව් නොකළ සේක. උන්වහන්සේ තම හදවත පවිත්‍රව තබාගත් සේක.

අපව මෙන්ම යෙසුස්වහන්සේව සියළු ආකාරයෙන් පරික්‍ෂාවට පත්වුණි. නමුත් උන්වහන්සේ සදහටම එකම පරික්‍ෂාවන් සමඟ සටන් කරන්නට නොයෙදුනි. යේසුස්වහන්සේව අප මෙන්ම පරික්‍ෂාවන්ට පත්වූවා නම්, කාමුක තත්‍වයන් තුළද අපව මෙන්ම උන්වහන්සේවද පරික්‍ෂාවන්ට ලක්වන්නට ඇත. නමුත් එම තත්‍වයන් සම්බන්‍ධව උන්වහන්සේගේ සම්පූර්‍ණ විශ්වාසවන්තභාවය තුළින් උන්වහන්සේගේ ළමා කාලය තුලම අවසන් කරන්නට ඇත. ප්‍රතිළුලයක් ලෙස, උන්වහන්සේ තම ප්‍රසිද්ධ සේවයට ඇතුළත් වූ කාලයේදී එම තත්‍වයන් ගැන උන්වහන්සේව පරික්‍ෂා කිරීමකටවත් පත්වූයේ නැත. ස්ත්‍රියකට උන්වහන්සේගේ පාද දෝවනය කිරීමට හැකිවූ අතර උන්වහන්සේව පරික්‍ෂාවකටවත් පත්වූයේ නැත. මෙම තත්‍වයන් සම්බන්‍ධව පරික්‍ෂාවන් සමග සටන් කරන තමන්ගේම විශ්වාසවන්තභාවය නැති අයට මෙම සත්‍යථාවය අවබෝධ කරගත නොහැක.

පරික්‍ෂාවේ පාසල හරියටම වෙනත් ඕනෑම පාසලක් වැනිය. අප සැමටම බාලාංශ පන්තියෙන් ආරම්භ කළ යුතුවේ. අප ස්වාමින්වහන්සේවද මුලින්ම වඩාත් ප්‍රාථමික පරික්‍ෂාවලින් පරික්‍ෂාවට ලක්වන්නට ඇත. නමුත් උන්වහන්සේ එක් එක් පන්තියේදී අවශ්‍යවූ අඩුම කාලයට වඩා ගත නොකල සේක. උන්වහන්සේ අවුරුදු 33 ගතවූ කාලයේ උන්වහන්සේ කුරුසියේ මරණයට පත්වන විට, "එය අවසානයි" යනුවෙන් උන්වහන්සේට පැවසීමට හැකිවුණි. සෑම එක් පරික්‍ෂාවක් බැගින් ජයගෙන තිබුණි. පාසලේ සෑම එක් විභාගයක් බැගින් සාර්ථකව සමත්ව තිබුණි. උන්වහන්සේව සම්පූර්‍ණ කරනු ලැබීය. මනුශ්‍යයෙකු ලෙස උන්වහන්සේගේ අධ්‍යාපනය සම්පූර්‍ණවුණි (හෙබ්‍රෙව් 5:8,9).

පරික්‍ෂාවේ බාලාංශ පන්තියේදී අවිශ්වාසවන්ත පුද්ගලයෙකුට (උදා.කාමුක අශුද්ධ සිතුවිලි, කෝපය, බොරුකීම ආදියෙන්.) යේසුස්වහන්සේ පි. එච්. ඩී පන්තියේදී මොන පරීක්‍ෂාවන්ට මුහුණ දුන්නාද යන්න උත්සහ කර අවබෝධ කරගැණීම හාස්‍යජනක මෙන්ම හිතුවක්කාර ය. ඔබ ගැනම ඔබ විශ්වාසවන්ත නම්, ඔබ අවබෝධ කරගනු ඇති (යේසුස්වහන්සේ ශු:යොහාන් 7:17 පැවසුවේ එයයි). කොහොම නමුත් ඔබ පරීක්‍ෂාවේ මොහොතේදී අවිශ්වාසවන්ත නම් ඔබ කිසිවිට අවබෝධ කරගන්නේ නැත, ඔබ කොපමණ කියෙව්වත් හෝ කැසට් පට වලට සවන් දුන්නත් පලක් නැත. දෙවියන්වහන්සේගේ රහස් කැසට් පට වලින් හෝ පොත් වලින් අසන්නට නොහැක නමුත් ඍජුව දෙවියන්වහන්සේගේම මුඛයෙන් උන්වහන්සේගේම වචනයෙන් වන්නේය.

අප දිවිය පුරාවටම යම් පාපයක් උදෙසා සටන් කළ යුතුයි යන්න දෙවියන්වහන්සේගේ කැමැත්ත නොවේ. දෙවියන්වහන්සේගේ කැමැත්ත නම් "කානාන්හී සියළු යෝධයින් මරණයට පත්වීමයි". අපගේ වර්ධනයේ එක් එක් අවධියේදී - ශාරීරිකව හා ආත්මිකව - අපව අලුත් ආකාර වලින් පරික්‍ෂා කෙරෙනු ඇත. අවුරුදු 4 ක් වයස දරුවෙකු කෝපවීම ගැන පරික්‍ෂා කෙරෙනු ඇත, නමුත් කාමුක ආශාවන් වලින් නොවේ. එය පසුවට ඔහුගේ ළමා කාලයේදී පැමිණේ . කොහොම නමුත් කාමුක අවකාශයේදී මනුශ්‍යයා වසරින් වසර පරාජිතව සිටීම යම් දිනෙක ඔහු ජයග්‍රාහි වන බවට හුදෙක් ඔහුගේ බලාපොරොත්තුව උච්චාරණය කරමින් සිටීම දෙවියන්වහන්සේගේ කැමැත්ත නොවේ. ඔහු මුළු හදවතින් යුතු නම් ඔහුට ඉක්මණින් ජයග්‍රහනයට පැමිණිය හැක.

වනාන්තරයේදී යේසුස්වහන්සේ දින හතලිහක දැඩි පරික්‍ෂාවන් තුළ ගිය පසු සාතන් විසින් පරික්‍ෂා කළ අවස්ථාවේදී සාතන් හොඳින් දැන සිටියා යේසුස්වහන්සේව කාමය සහ මුදල් යන අවකාශයන් තුල පරික්‍ෂා කිරීම නිරර්‍ථක බව මන්ද යේසුස්වහන්සේ වසර ගණනකට පෙර එම ක්‍ෂේත්‍රයන්හී මුළුමණින්ම ජයග්‍රහණය කර තිබුණි. වනන්තරයේ අවසන් පරික්‍ෂා තුන ඉතා ඉහළ මට්ටමේ සියුම් පැටලිලි සහිත භාවයෙන්වූ ඒවා බව අපට තේරුම් ගත හැක්කේ අපම යේසුස්වහන්සේ ගමන් කළ මාර්ගයේ විශ්වාසවන්තව ගමන් කරන විට පමණි.

ශුභාරංචියේ යහපත් පණිවිඩය නම් යේසුස්වහන්සේ මනුශ්‍යයෙකුවූ බවත් සියළු අවකාශයන් වලදී අප මෙන්ම පරික්‍ෂා කරනු ලැබූ බවත්, උන්වහන්සේ ජයගත් සේම අපටද ජයගත හැකි බවත්ය. (එළි: 3:21).