WFTW Body: 

“ගැළවීම” කාල වකවානු තුනකින් දේව වචනයෙහි සදහන් වන්නේ ය - අතීත ( එපීස 2: 8 ), වර්ථමාන ( පිලිප්පි 2: 12 ), සහ අනාගත ( රෝම 13: 11 ) - හෝ වෙනත් වචනවලින් කිවහොත්, ධර්මිෂ්ඨ කිරීම, පවිත්‍ර කිරීම සහ මහිමයට පත් කිරීම. ගැළවීම ට අත්තිවාරමක් සහ එය මත ගොඩ නැගෙන ගොඩනැගිල්ලක් ඇත. අත්තිවාරම නම්, පව් කමාව සහ ධර්මිෂ්ඨ කිරීමය.

ධර්මිෂ්ඨ කිරීම යනු අපගේ පාප කමාවට වඩා දෙයකි. එනම් එයින් අර්ථවත් වන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ මරණයෙත්, උත්ථා නයෙත්, සහ ස්වර්ගාරෝහණයෙත් පදනම මත දෙවියන් වහන්සේ ගේ ඇස් හමුවේ අපව නිර්දෝෂි කොට ප්‍රකාශ කිරීම ය. මෙය අපගේ ක්‍රියාවන් මත පදනම් නොවන්නේ ය ( එපීස 2: 8, 9 ), මන්ද දෙවියන් වහන්සේ ඉදිරියේ අපගේ ධර්මිෂ්ඨ ක්‍රියාවන් පවා වැරහැළි වස්ත්‍රයක් මෙන් ය ( යෙසායා 64: 6 ). අප ව ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මිෂ්ඨකමින් පළදවණු ලබන්නේ ය ( ගලාති 3: 27). පව් කමා කරනු ලැබීමට සහ ධර්මිෂ්ඨ කරනු ලැබීමට කොන්දේසිය පසුතැවිළිවීම හා ඇදහිල්ල ය ( ක්‍රියා 20: 21 ).

සැබෑ පසුතැවීම අප තුළ ප්‍රතිසංස්ථාපනයේ ඵල දැරිය යුතුය - වැරදි ලෙස තමා සන්තක කර ගෙන තිබෙන බඩු හා මුදල් (අනුන්ට අයිති දෑ) නැවත බාර දීම ; ගෙවිය යුතු බදු ගෙවීම, සහ අපට හැකි තරමින් අප වැරදි කරපු අයගෙන් සමාව අයැදීම ය ( ලූක් 19: 8, 9 ). දෙවියන් වහන්සේ අපිට සමාව දෙන විට, අපි ද අන් අයට එළෙසම සමාව දෙන ලෙසට ද උන්වහන්සේ බලාපොරොත්තු වන සේක. මෙය කිරීමට අප අපොහොසත් වුවහොත්, දෙවියන් වහන්සේ, උන්වහන්සේ ගේ සමාව අස් කරගන්නා සේක ( මතෙව් 18: 23-35 ). පසුතැවිළිවීම හා ඇදහිල්ල අපව වතුරේ ගිල්වීමෙන් බෞතිස්මය කරා ගෙන යා යුතුය. එය​ කරණකොටගෙන, අපගේ පරණ මනුෂ්‍යයා සැබැවින් ම වළලා ඇති බව, අප දෙවියන් වහන්සේට ත්, මනුෂ්‍යයන්ට ත් හා අශුද්ධාත්ම වලටත් ප්‍රසිද්ධියේ සාක්ෂි දරමු ( රෝම 6: 4, 6 ). ඉන් පසු අපගේ ජීවිතයෙන් හා අපගේ තොල්වලින් ක්‍රිස්තුස් වහන්සේ උදෙසා සාක්ෂි දරන්නන් වීමට බලයෙන් පිරෙන පිණිස අපිට ශුද්ධාත්ම බෞතිස්මය ලබන්න පුළුවන ( ක්‍රියා 1: 8 ). දෙවියන් වහන්සේ ගේ සියළුම දරුවන්ට ශුද්ධාත්ම බෞතිස්මය ඇදහිල්ලෙන් ලැබිය හැකි පොරොන්දුවක් ය ( මතෙව් 3: 11, ලූක් 11: 13 ). සෑම ගෝලයකුට ම ඔහු සැබෑ ලෙසම දෙවියන් වහන්සේ ගේ දරුවෙක් බවට ශුද්ධාත්මයාණන්ගේ සාක්ෂිය ලැබීම භාග්‍යයකි (රෝම 8: 16), එමෙන්ම ඔහු, සැබවින්ම ශුද්ධාත්මයාණන් ලබා තිබේ ද කියා නිසැකවම දැන ගැනීම ට පුළුවන ( ක්‍රියා 19: 2 ).

පවිත්‍ර කිරීම යනු ගොඩනැගිල්ලෙහි ඉහළට ගොඩනගන උපරිව්‍යුහයය. පවිත්‍ර කිරීම (එහි අර්ථය වනුයේ ‘පාපයෙන් හා ලෝකයෙන් වෙන් කෙරුණා වූ’ යන්න ය) යනු, නැවත උපතේ දී ආරම්භ වී ( 1 කොරින්ති 1: 2 ) අපගේ මිහිපිට ජීවිත කාලය පුරාම පැවතිය යුතු වන ක්‍රියාවලියකි ( 1 තෙසලෝනික 5: 23, 24 ). මෙම ක්‍රියාවලිය දෙවියන් වහන්සේ, ශුද්ධාත්මයාණන් කරණකොටගෙන අප තුළ ආරම්භ කරමින් අපගේ හදවත් තුළ හා මණස තුළ උන්වහන්සේගේ ආඥා ලියන සේක ; නමුත් අප සතු කොටස නම්, බියෙන් හා වෙව්ළමින් අපගේ ගැළවීම ඉෂ්ඨ කරගැනීමය ( පිලිප්පි 2: 12, 13 ). ශුද්ධාත්මයාණන් විසින් අප හට පිරිනමන්නා වූ බලය කරණකොටගෙන අපගේ මාංශයේ ක්‍රියාවන් (තෘෂ්ණා) මරණයට පත් කළ යුතු වන්නේ අප විසින්මය ( රෝම 8: 13 ). අපගේ මාංශය හා ආත්මය කෙළෙසන සියළුම අපවිත්‍රකම්වලින් ශුද්ධකරගනිමින් (වැළකී) දේව බිය ඇතුව ශුද්ධවන්තකම පරිපූර්ණ කරගත යුතු වන්නේ අපම ය ( 2 කොරින්ති 7: 1 ).

ගෝලයෙකු මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශුද්ධාත්මයාණන් වහන්සේ සමඟ සර්ව දෘෂ්ඨිමයව සහ මුළු හදවතින්ම සහයෝගයෙන් කටයුතු කිරීමේදී මෙම පවිත්‍රකිරීමේ කාර්‍යය ඔහුගේ ජීවිතයේ සීඝ්‍රයෙන් වැඩි දියුණුවේ. ශුද්ධාත්මයාණන් වහන්සේ ගේ මඟ පෙන්වීම් වලට අලස ලෙස ප්‍රතිචාර දක්වන කෙනෙකුගේ ජීවිතයේ මෙම ක්‍රියාවලිය නිසැකවම මන්දගාමි හෝ ස්ථවික (එකම තැන) වන්නේය. පවිත්‍ර කිරිම කෙරෙහි අපගේ ආශාව සැබෑවින් ම මුළු හදවතින්ම ද යන්න​ සෝදිසි වන්නේ පරික්ෂා කාලයන්වලදීය. පවිත්‍ර කරනු ලැබීම යනු ව්‍යවස්ථාවේ ධර්මිෂ්ඨකම අපගේ හදවත් තුළ ඉටුවීම - පැරණි ගිවිසුම තුළ මෙන් බාහිර ව පමණක් නොවේය ( රෝම 8: 4 ). මෙයයි මතෙව් 5: 17-48 හි යේසුස් වහන්සේ අවධාරණය කෙරුවේ. ව්‍යවස්ථාවේ අවශ්‍යතාවයන් මුළු හදවතින් දෙවියන් වහන්සේ ට ප්‍රේම කිරීම හා අපට මෙන් අපගේ අසල්වැසියාට ප්‍රේම කිරීම ලෙස යේසුස් වහන්සේ විසින් කැටි කළ සේක ( මතෙව් 22: 36-40 ). මෙම ප්‍රේමයේ නීතියයි දැන් අපගේ හදවත්වල දෙවියන් වහන්සේ ලියන්න සොයන්නේ, මන්ද එය උන්වහන්සේගේ ම ස්වභාවය යි ( හෙබ්‍රෙව් 8: 10, 2 පේත‍්‍රැස් 1:4 ). මෙහි බාහිර ප්‍රකාශවීම නම් සියලු සංවේදී පාපයන් කෙරෙහි ජයග්‍රාහී ජීවිතයක් හා යේසුස් වහන්සේ ගේ සියළුම ආඥාවන් වලට කීකරු වීම ය ( යොහාන් 14: 15 ).

යේසුස් වහන්සේ බාර දුන් ගෝලත්වයේ කොන්දේසි මුලින් ම ඉෂ්ට නොකොට, මෙම ජීවනය ට එළඹෙන්නට කිසිසේත් නොහැකිය ( ලූක් 14: 26-33 ). මේවා මූලිකවම අපගේ ඥාතීන් සියළු දෙනාට වඩා, සහ අපගේ ම ස්වකැමැත්තේ ජීවිතයට වඩා ස්වාමින් වහන්සේට මුල් තැන දෙන ජීවිතයකි. එමෙන්ම එය සියලු ද්‍රව්‍යමය සම්පත් හා සන්තක දේපළ වලට තිබෙන බැඳීම් වලින් මිදුනා වූ ජීවිතයකි. අප මුලින් ම යා යුතු පටු දොරටුව මෙය ය. ඉන් පසු පවිත්‍ර කිරීම නමැති පටු මාර්ගය පැමිණෙන්නේ ය. ශුද්ධකම අනුව නොයන කිසි කෙනෙකු දෙවියන් වහන්සේ නොදකින්නේ ය ( හෙබ්‍රෙව් 12: 14 ).

දැන් මෙහි පොළොවේ දී අපගේ හෘද සාක්ෂියේ නිර්දෝෂිභාවයෙන් සම්පූර්ණ විය හැකි වුවත් ( හෙබ්‍රෙව් 7: 19, 9: 9, 14 ), යේසුස් වහන්සේගේ පැමිණීමේදී අපට ලැබෙන මහිමවත් ශරීරය ලැබෙන තෙක් පාපයක් නොමැති සම්පූර්ණත්වයක් ලැබිය නොහැකිය ( 1 යොහාන් 3: 2 ). අපට උන්වහන්සේ මෙන් විය හැකි වන්නේ එවිට පමණකි. නමුත් උන්වහන්සේ ගමන් කළ මෙන් අප දැන් වුව ද ගමන් කරන්න සෙවිය යුතු ය ( 1 යොහාන් 2: 6 ). අප කොපමණ පවිත්‍ර​ වූවත්, මෙම දූෂිත ශරීරය තිබෙන තාක්කල්, හෘද සාක්ෂියට සංවේදී නොවූ පාප එය තුළ දැකිය හැකි ය ( 1 යොහාන් 1: 8 ). නමුත් අපට අපගේ හෘද සාක්ෂියේ නිර්දෝෂිභාවය සම්පූර්ණ ව පාපයක් නැති සම්පූර්ණත්වයක් තැබිය හැකි (ක්‍රියා 24: 16) වන අතර, අප මුළු හදවත් ඇත්තන් වුවහොත් ( 1 කොරින්ති 4: 4 ), දැන් වුව ද හෘද සාක්ෂියට සචේථනික පාපවලින් විමුක්තිය ලබන්නට පුළුවන ( 1 යොහාන් 2: 1 ).

මෙසේ අප ක්‍රිස්තුස් වහන්සේ ගේ දෙවැනි පැමිණීම සහ අපගේ මහිමාන්විත වීම බලා සිටින්නෙ මු - අපගේ ගැළවීමේ අවසාන කොටස වන්නේ, අප සියළු පාපයෙන් පරිපූර්ණ වන කල්හි ය ( රෝම 8 : 23, පිලිප්පි 3 : 21 ).