WFTW Body: 

1.පුළුල්වූ හදවතක් තිබීම

"ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ" සහ "ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්සේ'' යන ප්‍රකාශන දෙකම ආමොස් පොතෙහි කිසිවිටකත් සඳහන් නොවේ. මෙසේ වන්නේ ආමෝස් දෙවියන්වහන්සේව ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ පමණක්ම නොව සියළු ජනයින්ගේ දෙවියන්වහන්සේ ලෙස දුටු බැවිනි. ඔහු ස්වාමින්වහන්සේගේ වචනය උපුටා ගනිමින්, " ඉශ්‍රායෙල් වන නුඹලා ඉතියෝපියානුවන්ට වඩා මා හට වැදගත් යයි සිතන්නේද? මා නුඹලා ඊජීප්තුවෙන් පිටතට ගෙනාවෙමි. එය සැබෑය. නමුත් අන් ජාතීන්ටද ඒ හා සමානව මා බොහෝ දේ කර නැත්ද? මම පිලිස්තිවරු කප්තෝර්වලින් ගෙනාවෙමි. මා සිරියවරුන් වන අරාමීන් කීර් වලින් පිටතට මඟ පෙන්වූවෙමි. එමෙන්ම මම නුඹලා ඊජිප්තුවෙන් පිටතට ගෙනාවෙමි. නුඹලා සහ ඔවුන් අතර වෙනස කුමක්ද? (ආමෝස් 9:7).

ආමෝස්, සියළු ජාතීන්ගේ සියළු මනුශ්‍යයන්ව පිළිගන්නාවූ "අලුත් ගිවිසුම්” දර්ශනයක් සහිත අනාගතවකතෘ කෙනෙකු වූවේය. දෙවියන්වහන්සේ විසින් මිත්‍යා ලබ්දීන් (නොඇදහිලිවන්තයින්) පවා යුදෙව්වරුන් සමඟ එකතුකොට සියළු දෙනා එක ශරීරයක් තුළට එකතු කරන බව ඔහු විශ්වාස කලේය. ආමෝස් ඉශ්‍රායෙල්වරුන්ගේ නොවැදගත් පටු සිතිවිලිවලට ඉහලින් නැඟි සිටියේය. ලොවපුරා සියළු මිනිසුන් සඳහා පුළුල්වූ හදවතක් ඔහුට තිබිණි. ඔහු " දෙවියන්වහන්සේ පිළිගත් එකම ජනතාව අප පමණයි " ලෙස සිතූ අනෙක් ඉශ්‍රායෙල්වරුන් මෙන් නොවුණි.

අද දවසේද දෙවියන්වහන්සේ තමන්ව පමණක් පොළොවේ උන්වහන්සේගේ ජනතාව වීමට තෝරා ඇති බව සිතන්නාවූ බොහෝ ක්‍රිස්තියානි කණ්ඩායම් ඇත. ඇත්ත වශයෙන්ම, මෙම ආකල්පය ලබ්ධියක්(කල්ලියක්) හඳුනා ගැණීමේ එක් ලකුණකි. ඒ දවස් වලද එවැනි මිනිසුන් ඉශ්‍රායලයේ සිටියෝය. නමුත් ආමෝස් එසේ නොවේ - ඔහුට පුළුල්වූ හදවතක් තිබිණි.

දෙවියන්වහන්සේගේ සැබෑ දාසයෙකුට සෑම කණ්ඩායමකම සහ නිකායකම දෙවියන්වහන්සේගේ ජනතාව පිළිගැණීමේ පුළුල්වූ හදවතක් තිබෙනු ඇත. බබිලෝනිය මොනයම් හෝ එක් නිකායක් තුළ දැකිය හැකි ක්‍රමවේදයක් නොවේ. එය ඔබ හදවත තුළමද හමුවියහැකි ලෝක ක්‍රමවේදයයි. මිනිසුන්ට ලෝකයේ හොදම සභාවේ හිඳගෙන සිටිමින් බබිලෝනියේ කොටසක් වීමට පුළුවන - මක්නිසාද ඔවුන්ගේ ආත්මය තුළ බබිලෝනිය තිබීමට පුළුවන. ඔවුන් සිතන්නට පුළුවන් ඔවුන් නිකායික ක්‍රමයකින් පිටතට පැමිණිම නිසා ඔවුන් බබිලෝනියෙන් නිදහස් බව. නමුත් එය සත්‍යයක් නොවේ. උදාහාරණයක් ලෙස ඔබ මුදල් වලට ආශා කරන්නේනම් ලෝකයේ කුමන සභාවට ඔබ අයිති වූවත් ඔබ බබිලෝනියේ කොටසකි. ඔබ මාංශයේ තෘෂණාවලට අනුව ජීවත් වන්නේ නම් ඔබ ඉන්නේ ලෝකයේ කුමන සභාවේ වූවත් ඔබ කාමමිථ්‍යාචාරිකයෙකි. ඔබගේ පවිත්‍ර ර්‍ධමමතය අනුව ඔබට ඔබව ඔසවාගත හැකියි " අප මරියාව නමස්කාර කරන්නැහැ හෝ ළදරුවන් බෞතිස්ම කරන්නැහැ..." ලෙස. හොඳයි. නමුත් ඔබ මුදල් නමස්කාරය කරනවානම් සහ ඔබගේ තෘෂණාවන් අභ්‍යාසයේ යොදනවානම් ඔබ අන් සියළුම දෙනාට වඩා නරක් විය හැකියි. ඔවුන් ගේ ඔළුවේ දැනීමේ ගැටළුවක් තිබේ(ධර්ම මතවාදය) එහෙත් ඔබගේ එය වඩා බරපතල හෘද රෝගයක් (ජීවිතයට අදාලවන) විය හැකියි.

කෙනෙකුගේ කුඩා රැළක් පමණක් දෙවියන්වහන්සේ සලකන්නේයැයි සිතන්නාවූ සුවිශේෂීත්වයක් අද දින ක්‍රිස්තියානි ලෝකය තුළ දක්නට ඇත. ඕනෑම එක් නිකායකට වඩා ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය විශාලය. අද දවසේ දෙවියන්වහන්සේගේ ජනතාව කිසිදු එක් නිකායක් තුළ පමණක් සම්භ නොවේ. සෑම නිකායක් තුළම දෙවියන්වහන්සේට උන්වහන්සේගේ ජනතාව ඇත. නැවත උත්පාදනය වුනාවූ මිනිසුන් බොහෝ සභාවල වෙනස් ර්‍ධමමතයන් සමඟ සිටී. බොහෝ සභාවන්වල ර්‍ධමමත සමඟ මා එකඟ නොවෙමි; නමුත් ඒවාවල දෙවියන්වහන්සේට තමන්වහන්සේගේ දරුවන් යම් පිරිසක් ඇතැයි යන සත්‍ය මට ප්‍රතික්‍ෂේප කිරීමට බැහැ. ඒ ආකාරයටම ඉවැන්ජලිස්ත සභාවල ලියාපදිංචිවූ සාමාජිකයන් ලෙස අසුන්ගෙන සිටින එසේම වෙන්වූ රැස්වීම් වල රොටී කඩන නොහැරුනාවූ මිනිසුන් ඇත - ඔවුන් විශේෂයෙන් ඒ සභාවල දෙවන සහ තුන්වන පරම්පරාවේ අයවේ. මේ දිනවල අප ආමෝස්ගේ දර්ශනවල යම් දේවල් බැලිය යුතුයි. දෙවියන්වහන්සේ සියළු ජාතීන්ගේ සහ සියළු නිකායන්ගේ ජනතාවට ඳඬුවම් කරනසේක. එසේම උන්වහන්සේ සියළු ජාතීන්ගෙන් සහ සියළු නිකායන්ගෙන් මිනිසුන් රැස්කරනසේක.

2. අනාගතවාක්‍ය අගය කරන්න

ආමෝස් 8: 11,12 තුළ අන්තිම දවස් ගැන මෙම අනාගත වාක්‍ය අප කියවන්නෙමු: " අන්තිම දවස්වල සාගතයක් ඇතිවේ - රොටීවල සාගතයක් නොව දේවවචනයේ සාගතයක් වේ - ස්වාමින්වහන්සේගෙන් වචනයක් සොයමින් මිනිසුන් ඉබාගාතේ එහේ මෙහේ යනු ඇත". අප එම සාගතය අද දකින්නෙමු. "දෙවියන් වහන්සේගේ වචනය" යන්නෙන් අදහස් කරන්නේ බයිබලයයි - එහි කිසිදු හිඟතාවයක් නැත. බයිබල් සමාගම මිලියන ගණන් බයිබල් බෙදාහරිනු ලබයි එමෙන්ම බයිබලය තවමත් ලෝකයේ වැඩියෙන්ම අලෙවිවන පොතයි. නමුත් මෙහිදී එය සඳහන් කරන්නේ "ස්වාමින්වහන්සේගේ වචනය" කියාය - එයින් අදහස් කරන්නේ, යම් මොහොත අවශ්‍යතාවයට අනුව ප්‍රොපේතවරයෙකුගේ මුඛයෙන් දෙවියන්වහන්සේගෙන් පැමිණෙන අනාගත වාක්‍යයමය වචනයක් ය. අවසන් දිනවලදී "ස්වාමින්වහන්සේගේ වචනය" දුර්ලබ වනු ඇත. මිනිසුන් සැබෑ ප්‍රොපේතවරයෙකුට ඇහුම්කන් දීමට සෑමතැනකම දිවයනු ඇත - නමුත් ඒවා සොයා ගැණීම පහසු නොවනු ඇත. එනිසා ඔබට ස්වාමින්වහන්සේගෙන් අනාගත වාක්‍යයමය වචනය ඇසීමේ අවස්තාවක් ලැබෙන විට ඔබේ අවධානය යොමුකොට ප්‍රවේසමින් එයට ඇහුම්කන් දෙන්න - එසේම එය වැදගත් ලෙස සලකන්න.

3. මහිමාන්විත පොරොන්දුවක්

ආමෝස් 9:13 අප කියවනු ලබනවා : බලව, "හීහාන්නා ගොයම් කපන්නාටත් මුද්‍රිකඵල මඬින්නා බීජ වපුරන්නාටත් කිට්ටුවෙන දවස් පැමිණෙන්නේය". එහි අර්ථය නම් : අප බොහෝ නපුරුදේ පසුගිය කාලයේ වපුරා ඇත, එසේම අප කමාව ලැබ ඇතත්, තවමත් යම්තාක් දුරකට අප වැපිරූ ඵල නෙලන්නෙමු. ඔබගේ ජීවිතයේ අලුතින් වපුරන්නාවූ දේවල්(පූර්‍ණ හදවතින් යුත් ගෝලයෙකුවූ පසු) ඔබ පසුගිය කාලයේ නෙලමින් සිටි දේවල් අතුගා දමන (ඔබගේ පසුගිය කාලය නිසා)කාලය ඉක්මණින් පැමිණෙයි. උදාහාරණයක් ලෙස: ඔබ පසුගිය කාලයේ කියවපු සහ බලපු අසභ්‍ය දෑ තුළින් ඔබේ මණසට හිරිහැර කරන අපවිත්‍ර සිතුවිලි සහ සිහින ක්‍රමානුකූලව ආත්මිකවූ සිතුවිලි සහ සිහින මඟින් පුරවනු ලබනවා මක්නිසාද දැන් ඔබ ඔබගේ මණස දේවවචනයෙන් පුරවන නිසා. එවිට ඔබගේ ජීවිතය දෙවියන්වහන්සේට ඵලබර වනු ඇත. එය මොන තරම් මහිමාන්විත පොරොන්දුවක්ද! හාලේලූයා!