කර්තෘ :   සැක් පූනන්
WFTW Body: 

යොහාන් සුබාරංචිය තුළ යේසුස් වහන්සේ වතුර රූපාලංකාර කරගනිමින් ශුද්ධාත්මයාණන් කරණ-කොටගෙන එළඹීමට හැකි ආත්මික වර්ධනයේ මට්ටම් තුනක් ගැන පැහැදිලි කරන සේක.

පලවන මට්ටම :
යොහාන් 3 : 5 හි උන්වහන්සේ වතුරෙන්ද ආත්මයාණන්ගෙන් ද ඉපදීම ගැන කතා කළ සේක. මෙය "ගැලවීමේ කුසලානය" වේ ( ගීතාවලිය 116 : 13 ). මෙයින් අපගේ ක්‍රිස්තියානි ජීවිතය ආරම්භ වේ. මේ වතුර කුසලානයෙන් අපව පවිත්‍ර කරනු ලැබ දේව දරුවන් ලෙස දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු කර ගන්නේය.

දෙවන මට්ටම :
යොහාන් 4 : 14 හි යේසුස් වහන්සේ තවදුරටත් එම කුසලානය ගැන කතා කරමින් එය "වතුර ළිඳක් (උල්පතක්) වන බවට" පැවසූ සේක. මෙය ශුද්ධාත්මයාණන් තුළ ගැඹුරු අත්දැකීමකි. මෙහිදී අපගේ සියලු අභ්‍යන්තර ආශාවන් උන් වහන්සේ විසින් සපුරාලා ඇති නිසා අප කිසි අඩුවක් නොමැතිව නිරන්තර ජයග්‍රහණයකින් සහ සතුටින් ජීවත් වන්නෙමු. තමන්ගේම ඉඩම තුළ ළිිඳක් සතුව සිටින මනුෂ්‍යයකු කිසිවිටකත් නගර සභාවේ ජලය සැපයීම මත යැපෙන්නේ නැත. තම ඉඩම තුළම තමා සතුව ජල උල්පතක් තමන්ටම කියා තිබෙන නිසා පිටස්තරයෙකුට ඔහුගේ ජල සැපයුම අත්හිටුවිය නොහැක. ක්‍රිස්තුන්වහන්සේ තුළ නිරන්තරයෙන් වූ සමෘද්ධියේ රහස දැනගත් කිතුනුවකු මේ ආකාර වේ. ඔහුගෙන් පිටත කිසිවකුට ඔහුගේ ප්‍රීතියේ, සාමයේ හෝ ජයග්‍රහණයේ සැපයිම අත්හිටුවිය නොහැකි ය ( යොහන් 16:22).

තුන් වන මට්ටම :
යොහාන් 7 : 38 හි යේසුස් වහන්සේ නැවතත් එම දේ ගැන තවදුරටත් පැවසුවේ දැන් මේ ළිඳ ගඟක් බවට පත් වී පසුව බොහෝ ගංගාවන් ලෙස ඇදහිලි වන්තයෙකු තුළින් ගලා යන බවය. මෙය උතුරා යන්නාවූ සමෘද්ධිය ගැන රූපාලංකාරය කි. එවැනි ඇදහිලිවන්තයකුට තමා වටේ අවශ්‍යතාවයෙන් සිටින්නා වූ බොහෝ අයගේ පිපාසාව සංසිඳවිය හැකිය. ළිඳකින් අපගේම අභිලාෂයන් පමණක්ම සංසිඳවා ගත හැකි අතර ජීවනදායක වතුර ගංගාවලින් අප යන ඕනෑම තැනක බොහෝ දෙනෙකුට අපව ආශිර්වාදයක් කර ගත හැකි වන්නේ ය.

දෙවියන් වහන්සේ විසින් ආබ්‍රහම් හට ආශිර්වාද කළ ආශිර්වාදය නම් " මම නුඹට ආශිර්වාද කරමි...... පොළොවේ සියලු පවුල් නුඹ කරණකොටගෙන ආශීර්වාද ලබන්නෝ ය( උත්පත්ති 12:2-3 ). ශුද්ධාත්මයාණන් කරණ-කොටගෙන දැන් අප සතු කරගත හැකි ආශිර්වාදය මෙය වේ( ගලාති 3:14 ). අප තුලින් ගංගා පිටතට ගලා යන තරමට දෙවියන් වහන්සේ අපව ආශිර්වාද කරන විට, රටේ විවිධ ප්‍රදේශවල වෙසෙන බොහෝ පවුල් එමෙන්ම ලොව පුරාමද, අප කරණකොටගෙන ආශිර්වාද ලැබිය හැකිය.

ශුභාරංචියේ යහපත් ආරංචිය නම් අපව පාපයෙන් ගලවා ගත හැකි අතර අනෙක් අයට ආශීර්වාදයක්ද විය හැකිය. දැන් අපට අප තුළින් ජීවනදායක වතුර ගංගා ගලා යෑමට සැලැස්විය හැකි අතර එමගින් අපට මුණගැසෙන සෑම පවුලකටම ආශිර්වාදයක් විය හැකිය. දෙවියන් වහන්සේ අප හට අනුකම්පාව දැක්වූවා සේම දැන් අපට ද අන් අය හට අනුකම්පාව දැක්විය හැකිය. දෙවියන් වහන්සේ අප මුදවා හැරියා සේම දැන් අපට ද අන් අය මුදවා හැරිය හැකිය. දෙවියන් වහන්සේ අප ආශිර්වාද කළ සේම දැන් අපට ද අන් අය ආශිර්වාද කළ හැකිය. දෙවියන් වහන්සේ අපට නොමිලේ දුන්නාක් සේම දැන් අපට ද අන් අයට නොමිලේ දිය හැකිය. දෙවියන් වහන්සේ අප හට වූවා ක් සේම දැන් අපට ද අන් අය කෙරෙහි පුළුල් හදවතක් ඇතිව සිටිය හැකිය.

"ආත්මීක බලය උදෙසා තීරණයන් පහක්" යන ලිපිය තුල A. W. ටෝස පවසන්නේ " ඔබ ඔබගේ ආත්මික වර්ධනය ගැන - අලුත් වූ සතුට අත්පත් කර ගැනීම, නව බලය සහ නව ජීවනය - සැබෑ ලෙස වැදගත් කමක් දක්වන්නේ නම්, එවිට ඔබ ඔබගේ ජීවිතය ගැන හදවතින් යම් තීරණයන් ගත යුතු වන අතර ඒවා පිළිපැදිය යුතුවේ” කියාය.

“එක් තීරණයක් නම් : යමෙකුට රිද්දවන ලෙස කිසිවෙකු ගැන කිසිවක් නොකියන්න".

" ප්‍රේමය පව් රාශියක් වසන්නේය" (1 පේත‍්‍රැස් 4:8 ). කේළාම් කියන්නෙකු හට දෙවියන්වහන්සේගේ කරුණාව ඉදිරියේ කිසි ස්ථානයක් නැත. දෙවියන්වහන්සේගේ දරුවන්ගෙන් කෙනෙකුට බාධා වෙන හෝ ඔහුගේ ගෞරවයට කැළැල් වෙන යම් දෙයක් ඔබ දන්නේ නම් එය සදහටම වළලා දමන්න. දෙවියන් වහන්සේ හට ඒ ගැන බලාගන්න ඉඩහරින්න. "නුඹලා යම් විනිශ්චයකින් විනිශ්චය කරන්නහු ද එයින්ම නුඹලාත් විනිශ්චය කරනු ලබන්නහු ය"( මතෙව් 7:2 ). දෙවියන් වහන්සේ ඔබ කෙරෙහි යහපත් වනවාට ඔබ කැමති වන්නේ නම් ඔබ උන්වහන්සේගේ දරුවන්ට යහපත් විය යුතුය. අපේ පියාණන්ගේ මේසේදි උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වන න්‍යාය නම් එම මේසෙම ඔබ සමඟ හිඳ ගන්නා වූ කිසිවෙක් ගැන, ඔවුන්ගේ නිකාය කුමක් වුවත් කමක් නැත, ඔවුන්ගේ පුරවැසිභාවය හෝ පසුබිම කුමක් වුවත් කමක් නැත, ඔවුන් ගැන ඔබ කිසි කථාන්තරයක් කිව නොයුතුය (ශුද්ධකමේ අලංකාරය යන පොතෙනි).

අද දවසේ දී අප සියලු දෙනාම ඒ තීරණය ගන්නේ නම් එය යහපත් වේ. කෙනෙකුට බාධා වෙන හෝ ඔහුගේ ගෞරවයට කැළැල් වෙන යම් දෙයක් ඔබ දන්නේ නම් එය නොකියා සිටීම - එම තීරණය මෙම අවුරුද්දේ ඉතිරි දිනවලට පමණක් නොව නමුත් අපේ ජීවිතයේ ඉතිරි කාලය පුරාවටම. පසුගිය වර්‍ෂවල මෙම තීරණය මත ජීවත් වූ අය, ඔවුන්ගේ දිනපතා කතාබහේ දී වටිනාකමක් නැති දේ පැත්තකට දමා ගොඩනගන්නා වූ හා ප්‍රයෝජනවත් දේ කතා කිරීමෙන් දෙවියන්වහන්සේ උන්වහන්සේගේ පොරොන්දුව ඔවුන් තුළ ඉෂ්ට කර ඔවුන්ව උන්වහන්සේ උදෙසා කතා කරන පිණිස උන්වහන්සේගේ මුඛය කරගත් බව දැන ගත්තෝ ය( යෙරෙමියා 15:19 ).