WFTW Body: 

පළමු පරීක්ෂණය : කල්දිවරුන්ගේ ඌර් නගරයේ විසූ ඔහුගේ ඥාතීන් හා ගමත් හැරදමා නොදන්නා වූ දේශයකට දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් පිටත්වන ලෙසට දෙවියන් වහන්සේ ආබ්‍රහම්ව කැඳවා තිබුණේ ඔහු වයස අවුරුදු 75ක් ව සිටියදීය. ඔහු සමත් වූ පළමු පරීක්ෂණය මෙයයි. පියාත්, මවත්, සහෝදරයන් සහ සහෝදරියන් යනාදීන්....., ගෙන් වෙන්වීමක් පහසු නැත, නමුත් අපව ඔවුන් සමඟ බැඳී තිබෙණ පෙකණි වැළ නොකපන්නේ නම්, අපට කිසිවිට යේසුස් වහන්සේගේ ගෝලයන් විය නොහැකිය! "යමෙකු මා වෙත පැමිණ, තමාගේ ම පියාටත්, මවටත්, බිරිඳටත්, දරුවන්ටත්, සහෝදරයන්ටත් සහෝදරියන්ටත්, ඔව්, ඔහුගේ ම ජීවිතය පවා වුවද, ද්වේශ නොකරන්නේ නම්, ඔහු ට මාගේ ගෝලයෙකු වන්නට නොහැකි ය" කියා යේසුස් වහන්සේ පැවසූ සේක (ලූක් 14: 26). ආබ්‍රහම් එසැණින් ම දෙවියන් වහන්සේට කීකරු විය. ආබ්‍රහම් දෙවියන් වහන්සේගේ කැඳවීම ප්‍රතික්ෂේප කළේ නම් කුමක් සිදුවනු ඇත් දැයි මා සිතා ඇත්තෙමි? දෙවියන් වහන්සේ නියත වශයෙන්ම ඔහුට බල නොකරනු ඇත. දෙවියන් වහන්සේ වෙනත් කෙනෙකු සොයාගනු ඇත ; ආබ්‍රහම් ගැන අපට නැවතත් කිසිදා නොඅසන්නට තිබුණි. දෙවියන් වහන්සේට ප්‍රතිචාර දැක්වූ අන් අයෙකු, ඇදහිල්ලේ පියා සහ මෙසියස්ගේ මුතුන්මිත්තෙකු බවට පත් වන්නට තිබුණි! එම පළමු පරීක්ෂණයෙන් අසමත් වූවා නම්, ආබ්‍රහම් ට කොතෙක් අහිමි වන්නට තිබුණේ ද! ඔහුගේ ඥාතීන්ගේ කන්නලව්වලට පිටුබලය දෙමින් ඌර් නගරයෙන් පිට වී යන විට, ඔහු දෙවියන් වහන්සේ විසින් සැළසුම් කරන ලද මහිමාන්විත අනාගතය කුමක්දැයි අවබෝධ කර ගෙන තිබුණේ නැත. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ව කැඳවූ සේම තවමත් මිනිසුන්ව කැඳවන සේක. දෙවියන් වහන්සේ විසින් කැඳවනු ලබන අය මොන තරම් අවිනිශ්චිත, බරපතළ ගැටළුවලට මුහුණ දෙන්නේදැයි, දෙවියන් වහන්සේ විසින් කැඳවමින් සිටින අය අවබෝධ කර ගෙන නැත. සභා ඉතිහාසය, මෙම සියවස් විස්ස පුරාම ආබ්‍රහම් මෙන් ප්‍රීතියෙන් හා මුළු හදවතින් ම දෙවියන් වහන්සේගේ කැඳවීමට එසැණින් ම ප්‍රතිචාර දැක්වූ හා දෙවියන් වහන්සේගේ සැළසුම් සම්පූර්ණ කළ ස්ත්‍රීන් හා පුරුෂයන් ගැන ආශ්චර්යමත් කථාන්දරවලින් පිරී ඇත.

දෙවන පරීක්ෂණය: ආබ්‍රහම් තම ඥාතීන්ගෙන් නිදහස් වූ පසු, දෙවියන් වහන්සේ ට, ද්‍රව්‍යමය දේ පිළිබද ඔහුව පරීක්ෂා කිරීමට හැකි විය. මෙය ද ගෝලත්වය සඳහා තවදුරටත් වූ අවශ්‍යථාවකි. "තමා සතු සියල්ල අත් නොහරින කිසි කෙනෙකුට මාගේ ගෝලයෙකු විය නොහැකියැ යි" යේසුස් වහන්සේ කීසේක ( ලූක් 14: 33). උත්පත්ති 13 සහ 14 යන පරිච්ඡේදවල ධනලෝහය සම්බන්ධයෙන් ආබ්‍රහම් ව පරීක්ෂා කළ අවස්ථා දෙකක් ගැන අපි කියවන්නෙමු. මුල්ම අවස්ථාව වූවේ ලොත් සහ ඔහුටවෙන්වෙන්න සිදුවූ අවස්ථාවේදී ය. මක්නිසාද, ඔවුන් ට එකට රැඳී සිටීමට බැරි තරමට ඔවුන්ගේ බැටළු රැළවල් විශාල විය. ආබ්‍රහම්, ජ්‍යෙෂ්ඨ හා කානාන්වලට දෙවියන් වහන්සේ කැඳෙව්වාවූ පුද්ගලයා ලෙසට භූමියේ මුල් තෝරාගැනීම ලැබීම ට පහසු හා සුදුස්සා වීය. නමුත් සැබෑ පරාර්ථකාමීත්වය සහ ත්‍යාගශීලි හදවතක් ඇතිව, ලොත්ට මුලින්ම තෝරා ගන්නා ලෙස ඔහු කීවේ ය. මනුෂ්‍ය ඇසට වඩාත්ම වටිනා යැයි පෙනෙන - සොදොම් භූමිය ලොත් තෝරා ගත්තේ ය. නමුත් දෙවියන් වහන්සේ අපගේ සියළු මූල්‍ය ගණුදෙනුවලට මෙන් - මෙම ගණුදෙනුවට ද නිහඬ සාක්ෂිකාරයකු වූ බව ආබ්‍රහම්වත් ලොත්වත් දැන නොසිටියෝය. ආබ්‍රහම් විසින් ප්‍රකාශයට පත් කරන ලද පරාර්ථකාමීත්වය ගැන දෙවියන් වහන්සේ කොතෙක් සතුටට පත් වූවා ද කිවහොත්, උන්වහන්සේ වහාම ඔහුට කථා කොට, හතර වටෙන්ම ආබ්‍රහම්ට පෙනෙන මුළු භූමියම නුඹගේ වංශය උරුම කරගන්නේ යැයි කීසේක. ලොත් විසින් තෝරාගත් කොටසද මෙයට අයිති විය. ලොත් ආබ්‍රහම්ගෙන් වෙන්වූ පසු ''ස්වාමින් වහන්සේ ආබ්‍රහම්ට කථා කොට මෙසේ වදාළ සේක: ''දැන් ඔබ ඉන්නා තැන සිට ඔබේ ඇස් ඔසවා උතුරුටත්, දකුණටත්, නැඟෙනහිරටත්, බස්නාහිරටත් බැලුව මැනව; නුඹ දකින මුළු දේශයම මම නුඹටත් නුඹේ පෙළපතටත් සඳහටම දෙන්නෙමි” (උත්පත්ති 13: 14 -15). උත්පත්ති පොතේ 14 වන පරිච්ඡේදයෙහි, ද්‍රව්‍යමය දේවල් සම්බන්ධයෙන් ආබ්‍රහම් නැවතත් ආත්ම ගරුත්වය ඇති දෙවියන් වහන්සේගේ උදාරවූ සැබෑ මෙහෙකරුවෙකු මෙන් හැසිරීම අපි දකින්නෙමු. ආබ්‍රහම්, සොදොම් රජුගේ සතුරන්ගෙන්, සොදොම්හි සෙනඟ හා දේපළ ගලවා ගත්තේ ය. සොදොම් රජු විපාකයක් වශයෙන් සියලු දේපළ ආබ්‍රහම් ට දෙන ලදි. එහෙත්, ආබ්‍රහම් කිසිවක් ගන්නට අකමැති විය. ආබ්‍රහම් සොදොම්හි රජුට මෙසේ කීවේය : “මම ආබ්‍රම් පොහොසත්කෙළෙමියි ඔබ නොකියන පිණිස යෞවනයන් කෑ දේ සහ මා සමඟ ගියාවූ මිනිසුන්ගේ කොටස හැර නූල්පටක්වත් මිරිවැඩි පටියක්වත් ඔබ සන්තක කිසි දෙයක්වත් නොගන්නෙමියි අහසත් පොළොවත් හිමිවූ මහෝත්තම දෙවිවූ ස්වාමීන්වහන්සේට මාගේ අත ඔසවා දිවුළෙමි” ( උත්පත්ති 14: 22, 23). ඇත්ත වශයෙන් ආබ්‍රහම් ප්‍රකාශ කළේ, මාගේ දෙවියන් වහන්සේ ස්වර්ගයේ හා පොළොවෙහි අයිතිකරු බැවින් මට ඔබෙන් කිසිවක් අවශ්‍ය නොවන බවයි. නැවතත් දෙවියන් වහන්සේ එම සංවාදයට නිහඬව සවන් දුන් අතර, උන්වහන්සේම වහාම ආබ්‍රහම් ට පෙනී සිට, තමන්වහන්සේ ම ඔහුට විපාක දෙන බව පැවසූ සේක. මේ කාරණාවලට පසුව ස්වාමීන්වහන්සේගේ වචනය දර්ශනයකින් ආබ්‍රම් වෙත පැමිණ: ආබ්‍රම්, භය නොවෙන්න; ඔබේ පලිහද ඔබේ ඉතා මහත් විපාකයද මමයයි කීසේක. ( උත්පත්ති 15: 1 ). අපි දෙවියන් වහන්සේව ගෞරවයට පත් කළහොත් උන්වහන්සේ ඒකාන්තයෙන් ම අපව ගෞරවයට පත් කරන සේක.

තෙවන පරීක්ෂණය : ආබ්‍රහම්ව ඔහුගේ දෙමව්පියන් හා ද්‍රව්‍යමය ධනය සම්බන්ධයෙන් පරික්ෂා කර තිබුණි. දැන් ඔහුව, තම පුතාට අදාළව පරීක්ෂා කිරීමට තිබුණි. උත්පත්ති 22: 2 හි දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට මෙසේ පැවසූ සේක: " ඔබේ පුත්‍රවූ ඔබ ප්‍රේමකරන ඔබේ එකම පුත්‍රවූ ඊසාක් රැගෙන මොරියා දේශයට ගොස්, මා විසින් ඔබට කියන කන්දක් පිට දවන පූජාවක් වශයෙන් ඔහු ඔප්පුකරවයි කීසේක”. එම රාත්‍රියේ දෙවියන් වහන්සේ ඔහුගෙන් ඉල්ලා සිටියේ ඉතා මිළ අධික දෙයකි. ආබ්‍රහම්ට ඊළඟ දවසේ ඒ ගැන කිසිවක් නොකර ඉන්නට තිබුණි. ආබ්‍රහම් දෙවියන් වහන්සේට අකීකරු වූ බව කිසිවෙකු දැන ගන්නට යන්නේද නැත. ආබ්‍රහම් ඔහුට බිය වූවාද නැද්ද යන්න ගැන දෙවියන් වහන්සේ පරීක්‍ෂා කිරීමට ගියේ මෙලෙසිනි. එළෙසම දෙවියන් වහන්සේ අපවද පරීක්ෂා කරණ සේක​. උන්වහන්සේ රහසිගතව අපගේ හදවත තුළ කථා කරයි - උන්වහන්සේ අපට කෙතරම් නිශ්ශබ්දව කථා කරනවද කිවහොත් අප සමඟ ජීවත්වන අය පවා දෙවියන් වහන්සේ අපට පැවසු දේ නොදනී. දෙවියන් වහන්සේ අප එකිනෙකාට සම්පූර්ණයෙන්ම පෞද්ගලිකවූ ප්‍රදේශයක් - අපගේ සිතුවිලි ජීවිතය - දීමට එක් හේතුවක් වන්නේ දෙවියන් වහන්සේට අප බිය දැයි අපව පරීක්ෂා කර බැලීමටය. ආබ්‍රහම් පරීක්ෂණය සමත් විය. ඔහු මනුෂ්‍යයන් ඉදිරියෙහි පමණක් හොඳ සාක්‍ෂියක් සෙවුවේ නැත.. රහසිගත ප්‍රදේශයෙහි පවා දෙවියන් වහන්සේට කීකරු වීමට ඔහුට අවශ්‍ය විය. ඊළඟ දවසේම උදේ ඔහු ඊසාක්ව රැගෙන මොරියා කන්ද දෙසට ගමන් කරමින් එහිදී ඔහුගේ හදවතේ ප්‍රේමවන්තම (වටිනාත ම) දේ දෙවියන් වහන්සේට ඔප්පු කර එයින් කියණුයේ “ස්වාමිනි, පොළොවෙහි කිසි කෙනෙකුටත්, කිසි දෙයකටත් වඩා මම ඔබට ප්‍රේම කරමි”. ආබ්‍රහම්ට උන්වහන්සේගේ අනුමතවූ සහතිකය දී, මිම්මක් නැතුව ඔහුව ආශිර්වාද කරන්න දෙවියන් වහන්සේ පොරොන්දු වූවේ එවිටය. ඔබේ පුත්‍රයා, ඔබේ එකම පුත්‍රයා වළක්වා නොගෙන මේ දෙය කළ බැවින් මම ඒකාන්තයෙන්ම ඔබට ආශීර්වාද කරන්නෙමි,.... ; ඔබේ වංශය තමන් සතුරන්ගේ දොරටුව හිමිකරගන්නේය; මාගේ ශබ්දයට ඔබ කීකරුවූ නිසා ඔබේ වංශය කරණකොටගෙන පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලබන්නෝය කියා මා ගැනම දිවුළෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීයේය. ( උත්පත්ති 22 : 16-18). පරිත්‍යාගශීලි කීකරුකම තරම් දෙවියන් වහන්සේ ව අතිශයින් සතුටු කරන තවත් දෙයක් නොමැත. මෙම, පරීක්ෂණයෙන් සමත් නොවන කිසි කෙනෙකු දෙවියන් වහන්සේ ගෙන් අනුමත වූ සහතිකය නොලබන්නේය. “ස්වර්ගයෙහි ඔබ හැර මට ඇත්තේ කවුද? පොළොවෙහිද ඔබ හැර මා ආශා කරන කිසිවෙක් නැත.” ( ගීතාවලිය 73: 25). දෙවියන් වහන්සේ සැලකිලිමත් වන ලෙස අපි සුදුසුකම් ලබන්නෙමුද? අපිට වඩාත්ම ආදරය කරන සියලු දේ පූජාසනය මත දෙවියන් වහන්සේට පූජා කිරීමෙන්, දෙවියන් වහන්සේ සමඟ පමණක් තනිවන පිණිස, අපි එක් එක්කෙනා නැගිය යුතු මොරියා කන්ද මෙය වේ.