WFTW Body: 

1. මැදහත්කාරකම් කිරීමේ සේවය:
සෙකරියා 3:1 තුල උත්තම පූජකවූ යොෂුවා ස්වාමින්වහන්සේ අභිමුඛයේ සිටින අතර ඔහුට චෝදනා කිරීමට සාතන් එතැන සිටි බව අප කියවන්නෙමු. සාතන් සෑම විටම නායකයින්ට චෝදනා කර හානි කිරීමට සොයයි. ඌ ඔවුන්ව, ඔවුන්ගේ භාර්යාවන් සහ දරුවන් ඉලක්ක කරයි. නායකයෙක්ව විනිෂ්චය කිරීමේදී රළු නොවන්න මක්නිසාද ඔහු ඔබටත් වඩා සාතන්ගේ ලොකුම ඉලක්කයකි. ඔහුගේ භාර්යාවන් සහ දරුවන් ඔබගේ භාර්යාවන් සහ දරුවන්ට වඩා ලොකු ඉලක්කයන්වේ. සාතන් යෝෂුවා ගැන ස්වාමින්වහන්සේට චෝදනා කිරීමට එහි සිටියේය. නමුත් ස්වාමින්වහන්සේ පිලිතුරු දෙමින් පැවසුවේ "ස්වාමින්වහන්සේ වන මම නුඹගේ චෝදනා ප්‍රතික්‍ෂේප කරමි" ( සෙකරියා 3:2 ). අපට පියාණන් සමග සිටින මැදහත් කරුවෙකු සිටී, ධර්මිෂඨවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ. සමහර අවස්ථාවල අප කෙතරම් චෝදකයාගේ පැත්ත ගන්නේදයත් අප වෙනුවෙන් යාඤා කරන මැදහත්කරු ගැන සියල්ල අමතක කරමිනි. මේ මොහොතේ ස්වර්ගයෙහි සේවාවන් දෙකක් සිදුවෙමින් පවතී. එකක් නම් සාතන්ගේ චෝදනා කිරීම්ය. ඔහු යෝබ් සහ යෝෂුවාට චෝදනා කලේය. මේ වෙලාවේම ස්වර්ගයෙහි තවත් සේවාවක් සිදුවෙමින් පවතී. "අප වෙනුවෙන් මැදහත්කාරකම් කිරීමට යේසුස්වහන්සේ නිරතුරුවම ජීවත් වේ( හෙබ්‍රෙව් 7:25 ). මෙම සේවාවන් දෙක නම් චෝදනා කිරීමේ සේවය සහ මැදහත්කාරකම් කිරීමේ සේවයයි. සාතන් සමග සහභාගිත්‍වයේ සිටින අය අනෙක් ඇදහිලිවන්තයින්ට චෝදනා කරයි. ඔබ අනෙක් ඇදහිලිවන්ත සහෝදරයෙකුට එරෙහිව කේලාම් කියන විට හෝ නරක අයුරින් කතා කරනවිට, ඔබ එය දැන සිටියත් නොදැන සිටියත්, ඔබ සාතන් සමග අත්වැල් බැඳගන්නේ "මම ඔබ සමග එකඟයි සාතන්. ඔහු ඒවගේ තමයි" පවසමිනි. එසේම ඔබ දුර්‍වල සහෝදරයෙකු උදෙසා යාඤා කරන හැම විටම, ඔබ යේසුස්වහන්සේ සමග අත්වැල් බැඳගන්නේ "ස්වාමිණී, මම ඔබවහන්සේ සමග එකඟයි. අපට ඒ සහෝදරයා උදෙසා යාඤා කර ඔහුව එම ප්‍රශ්නයෙන් නිදහස් කරගැණීමට තිබෙනවා" යනුවෙන් පවසමිනි.


2. ධෛර්‍යමත් කිරීමේ සේවාව :

අධෛර්‍යයට පත්වූ සෙනඟ ධෛර්‍යයට පත්කිරීමේ ආශිර්වාදමත් සේවයක් සෙකරියාට තිබුණි. තම පියවරුන් වහල් භාවයේ සිටි බබිලෝනියෙන් යුදෙවිවරුන් නැවත පැමිණියා පමණි එසේම ඔවුන් දුගීව, භියට පත්ව සහ අධෛර්‍යට පත්ව සිටියෝය. ඔවුන් පහර කෑ සමූහයක් වුණි. ඔවුන් වසර 200 ට පෙර සිටි තම මුතුන්මිත්තන් මෙන් ශිෂ්ඨ හෝ ධනවත් නොවූ සදාචාරයක් නැත්තෝ වූවෝය. ඔවුන් ධෛර්‍යමත් කිරීමට සෙකරියාව කැඳවනු ලැබීය. සෙකරියා 8:6, 8, ස්වාමින්වහන්සේ " මේ සියල්ල දැන් නුඹට කිසිසේත් නොහැකි විය හැක, ප්‍රමාණයෙන් කුඩා සහ අධෛර්‍යයට පත්වූ ඉතිරිවූ දෙවියන්වහන්සේගේ පිරිසක්. නමුත් නුඹ සිතනවාද මේ දෙය සියළු බලැතිවූ මට නොහැකියි කියා ? මම මගේ සෙනඟ ආරක්‍ෂිතව යෙරුසලමේ (සභාවේ) ජීවත්වන පිණිස නැවත ගෙනෙන්නෙමි. ඔවුන් මාගේ සෙනඟ වන්නෝය, මමද ඔවුන්ගේ දෙවියන්වහන්සේ ලෙසට ඔවුන්ට විශ්වාසවන්ත වන්නෙමි"( සෙකරියා 8:6,8 ). ඉතින් දෙවියන්වහන්සේ අපට පවසන්නේ ධෛර්‍යය ගෙන උන්වහන්සේගේ සභාව සම්පූර්‍ණ සහ පරිපූර්‍ණ වනතුරු වැඩකරන ලෙසයි. "එනිසා බියටවත් අධෛර්‍යටවත් පත්නොවන්න නමුත් ඒ වෙනුවට ගෘහය (සභාව) නැවත ගොඩ නැඟීමේ යෙදෙන්න" ( සෙකරියා8:9 - 13 ). එය කෙතරම් දිරිගැන්වීමේ පණිවිඩයක් වූයේ ද යත්, වෙහෙස මහන්සි වී වැඩ කර දේවමාලිගාව ඉදිකිරීමට, සෙකරියාගේ කාලයේ සිටි මිනිසුන්ව උද්‍යෝගිමත් කළේය. එසේම එය අද දවසේ දේවගෘහය ගොඩනැඟීම පිණිස මිනිසුන් පොළඹවන්නාවූ ධෛර්‍යයමත් කිරිමේ පණිවිඩයයි.


3 . අන් අයව සමබර කිරීමේ සේවය:

සෙකරියා 4:1 – 14, වෘක්ෂයන් දෙක සංකේතවත් කරන්නේ සෑම වේලේම සභාව නැවුම්ව සහ ආත්මයෙන් පිරි තිබීම පිණිස ස්වාමීන් වහන්සේ පාවිච්චි කරන්නාවූ දෙවියන්වහන්සේගේ ආලේපලත් සේවකයන්ය. ඒ අයද ආත්මයෙන් පිරුණාවූ අය වන අතර නිරන්තරයෙන් ආතමයාණන් සමග සම්බන්‍ධථාවයෙන් සිටී. සෑම විටම ඔබ ඔවුන්ව මුණගැසෙන විට ඔවුන් වෙතින් ඔබව ආශිර්වාද කරන පිණිස තෙල් ගලා එයි. සභාවට එවැනි දේවදාසයින් බොහෝ දෙනෙක් අවශ්‍ය වේ. හග්ගයි සහ සෙකරියා එක්ව වැඩ කළ හැකි දෙදෙනෙක් වූහ. දෙවියන්වහන්සේගේ සෑම සේවකයෙකුටම ඔහුගේ සේවය සමබර කළ හැකි සේවයක් ඇති දෙවියන්වහන්සේගේ තවත් දාසයෙකු අවශ්‍ය වේ. එක් වෘක්ෂයක් එක් පැත්තකින් තෙල් වත්කරණ අතර අනෙක් වෘක්ෂය අනෙක් පැත්තෙන් එය කරයි. එක් පුද්ගලයෙකු අනුග්‍රහය අවධාරණය කරන අතර අනෙක් කෙනා සත්‍ය අවධාරණය කරයි. නමුත් එක්වී, ඔවුන් ක්‍රිස්තුස්වහන්සේ තුල සහ සභාවේ දීප්තිමත්ව දැල්වුනු පහන්රුකෙහි පෙණුනාවූ දෙවියන්වහන්සේගේ මහිමය ප්‍රකාශ කරයි ( යොහාන් 1:14 ). ඒ වගේ සහෝදරයන් දෙදෙනෙකුට සභාව ගොඬනැඟීම සඳහා එක්ව වැඩකල හැකිනම් දෙදෙනාම ශුද්ධාත්මයෙන් පිරී, තරඟයක් නොමැතිව, ඊර්‍ෂ්‍යාව, පෞද්ගලික ආශාවන්, හෝ එක්කෙනෙක් අනෙක් කෙනාට වඩා හොඳබව පෙන්වීමේ කිසිදු ආශාවකින් තොරව - නමුත් පහන්රුක දැල්වී තිබීම එකම ආශාව නම්, ඔවුන්ට, නිරයේ දොරටු විසින් කිසිවිට ජයගැන්මට නොහැකි සභාවක් ගොඩනැඟිය හැක.