WFTW Body: 

1. දෙවියන්වහන්සේ කෙරෙහි අතීශයෙන් උද්‍යෝගිමත්ව සිටීමට උත්සහ කරන්න

පාවුළු තුමා තිමෝතිට ලියමින්:" මාගේ අත් තැබීම කරණකොටගෙන නුඹ ලැබූ ආත්මික දීමණා ගැණ සිහිගන්වමි. ශුද්ධාත්මය බයාදුකමේ ආත්මයක් නොවේ" (2 තිමෝති 1: 6). පාවුළුතුමා ඔහුව ගින්න දැල්වී තිබීම පිණිස එම දීමනා අලුතින් අවුළුවාලීමට උනන්දු කළේය. මෙයින් අපට යේසුස්වහන්සේ අපව ශුද්ධාත්මයෙන් සහ ගින්නෙන් බෞතිස්ම කළත්(ශු:මතෙව්3:11) අපට එම ගින්න සැමවේලේම දැල්වී තිබීම පිණිස තවදුරටත් යමක් කලයුතුව ඇති බව ඉගෙනගන්නෙමු. දෙවියන්වහන්සේ ගින්න අවුළුවන සේක. අප ඉන්ධන සැපයීම කරමින් සිටිය යුතුය - එනම් දෙවියන්වහන්සේගේ කැමැත්ත නිරන්තරව කිරීම පිණිස සම්පූර්ණයෙන් යටත් කළාවූ දිවියක්. දෙවියන්වහන්සේ වරක් ඔබව ආලේප කළ නිසා ඔබට පහසුවෙන් "වරක් ආලේප කිරීම සැම විටම ආලේප කිරීමක් වේ" යනුවෙන් කිවහැකි යයි සිතන්න එපා. එය " වරක් ගැලවීම සදහටම ගැලවීමක්" ලෙස කියන්නාවූ මහත් මුලාවකි. අව්‍යාජව දෙවියන්වහන්සේ විසින් ශුද්ධාත්මයෙන් ආලේප කරනු ලැබූ මිනිසුන් වසරකට පසු ආත්මිකව මරණයට පත්වීම මම දැක තිබෙනවා. ගින්න පිටත්ව ගොස් ඇත. ලෞකික ආශාව සහ උඩඟුව ඇතුලාන්තයට පැමිණ ඇත එබැවින් ගින්න ඉවතට ගෙන ගොස් ඇත. මුදල් සහ පහසු දිවිපෙවෙතක් පසුපස යාම නිසා දෙවියන්වහන්සේගේ ගින්න නැතිකරගෙන ඇත. එය කණගාටුදායක වන අතර දෙවියන්වහන්සේගේ රාජ්‍යයට මහත්වූ පාඩුවකි. එනිසා පාවුළු තුමා තිමෝතිට පවසනුයේ "නුඹවෙත පැමිණුනාවූ ගින්න, නැවුම්ව තබා ගනින්න, එය දැල්වෙමින් තබාපන්න. එය දැන් නුඹට බාරයි. නුඹ එය දල්වා නොතබන්නේ නම් එය නිවී යනු ඇත. යහපත් හෘද සාක්‍ෂියක් තුළින්, දේවවචනය අධ්‍යනය කරමින්, නුඹවම යටහත් කරගනිමින්, හෘදයංගවම දෙවියන්වහන්සේව බලාපොරොත්තු වෙමින්, මුදල් ආශාවෙන් සහ අන් අය සමඟ විවාද වලින් වැලකෙමින් සහ මෙම ගින්න නිවන්නාවූ ඕනෑම දෙයකින් ඈත්ව එය දල්වා තබාපන්න".

2. සම්පූර්ණ හදවත් ඇති ඇදහිලිවන්තයන් සමඟ සහභාගිත්වය සොයන්න

පාවුළුතුමා 2 තිමෝති 2:22 තිමෝතිට පැවසුවේ "තෘෂණා වලින් දුරුව පවිත්‍ර හදවතකින් යුතුව ස්වාමින්වහන්සේට යාඤා කරන්නන් සමඟ ධර්මිෂඨ කම අනුව පලයන්න"( 1 තිමෝති 2:22). තවත් වචන වලින් කිවහොත් අප සහභාගිත්වය පැවැත් වීමට සෙවිය යුත්තේ ප්‍රධාන වශයෙන්ම පවිත්‍රතාවය සොයන්නාවූ අය සමඟමය. එය අපට පාපයෙන් පලා යන්නට උපකාර කරණු ඇත. මිහිපිට අපගේ හොඳම මිත්‍රයන් වියයුතු වන්නේ ඔවුන්ගේ මුළු හදවතින් පවිත්‍රතාවය ප්‍රාර්ථනය කරන අයවළුන්මය. බොහෝ ඇදහිලිවන්තයන්ට භක්තිවන්තකම ගැන වැඩිකැමැත්තක් නොමැතිව පහත් ප්‍රමිතීන් ඇත. නමුත් අපගේ වැඩිම කාලය ශුද්ධවන්ත ජීවිතයක් ගතකිරීමට ප්‍රාර්ථනය කරන අය සමඟ ගතකල යුතුය. යම් අයෙකුට පවිත්‍ර හදවතක් ඇතිබව අප දැන ගන්නේ කොහොමද? මිනිසුන් තම හදවතේ පිරුණාවූ දෙයින් කථා කරන බව යේසුස්වහන්සේ පැවසූසේක. (ශු: මතෙව් 12:34). මනුශ්‍යයෙකු කතා කිරීමට ආශා කරන දෙයින් ඔහුගේ හදවතේ පිරී තිබෙන දේවල් අපට දැනගැනීමට පුළුවන. ඔහු නිතරම මුදල් සහ භෞතිකමය දේවල් ගැන කථා කරන්නේනම් ඒ මන්ද ඔහුගේ හදවත මුදල් ගැන සිතිවිලි වලින් පිරී ඇති නිසාය. අනෙක් අතට මනුශ්‍යයෙකුට වැඩිවශයෙන් ස්වාමින්වහන්සේ ගැන කථා කරන්නට අවශ්‍යය නම් ඔහුගේ හදවතේ පිරී ඇත්තේ එය බව ඔබට දැනගැනීමට පුළුවන්. මම කැමතියි යේසුස්වහන්සේ මෙන් ජීවත්වීමට ආශා කරන අය සමඟ සහභාගිත්වය පැවැත්වීමට. අප ස්වාමින්වහන්සේට ප්‍රේමකරන විට අප උන්වහන්සේ ගැන කථා කිරීමට ආශාවන්නෙමු. ස්වාමින්වහන්සේට ඵලදායකවූ සේවයක් සඳහාවන රහස මෙයයි.

3. දෙවියන්වහන්සේගේ ප්‍රමිතීන් පිළිපැදීමට උත්සාහ කරන්න

පාවුළුතුමා තිමෝතිට අවවාද කරමින් :" කිසිවිට ප්‍රමිතීන් පහත් නොකරන්නැයි" අවවාදානුශාසනා කළේය(2 තිමෝති 1:13). අපගේ කාලයේ සියළුම ක්‍රිස්තියානි දේශකයින්ට මොන තරම් අවවාදානුශාසනාවක මහත්වූ අවශ්‍යථාවයක් ඇත්තේද. ඔබේ සභාවට බොහෝ ඇදහිලිවන්තයින් රැගෙන ඒම පිණිස ඔබ ලියවිල්ලේ දකින ප්‍රමිතීන් පහත් නොකරන්න. ඔබට උසස් ප්‍රමිතීන් සමඟවූ අඩු ඇදහිලිවන්තයින් පිරිසක් සිටින්නේ නම් එය අඩු ප්‍රමිතියකින් යුත් ඔබට සිටින බොහෝ ඇදහිලිවන්තයින්ට වඩා ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ වඩා හොඳ සභාවකි. 300 ක මධ්‍යම ප්‍රතිපදාවේ ජීවත්වන ඇදහිලිවන්තයින් පිරිසකට වඩා උසස් ප්‍රමිතීන් පිළිපදින්නාවූ 3 දෙනෙකුගෙන් යුත් ගෝලයින් සිටින සභාවක් හොඳය. සම්පූර්ණ හදවතකින්යුත් ගෝලයන් තිදෙනකුට 300 ක් වන මධ්‍යම ප්‍රතිපදාවේ ජීවත්වන ඇදහිලිවන්තයන්ට වඩා ගම්මානයතට බලපෑමක් කළ හැක. දෙවියන්වහන්සේගේ සෑම සැබෑ දාසයෙකුට තමාගෙන් පසුව මීලඟ පරම්පරාව කෙරෙහි තිබිය යුතු බර මෙයයි. ක්‍රිසතියානි ඉතිහාසයේ බොහෝ විට නිතර ඕනෑම ව්‍යාපාරයක(ගමනක) දෙවන පරම්පරාව ප්‍රමිතිය බාල කිරීම අපට දැකගත හැක ඒ මක්නිසාද ඔවුන්ගේ ප්‍රාරම්භකයාට (ආදිකතෘවරයාට) තිබූ දර්ශනය ඔවුනට නැති නිසාවෙනි. අද දවසේ ප්‍රධාන නිකායන්ගේ සභාවන් ඔවුන්ගේ ආදිකතෘවරයන්ගේ කාලයේ කොයි ආකාරදැයි සසඳා බලන්න. ඒ නිකායන්ගේ ආදිකතෘවරුන් අද දවසේ පොළවට පැමිණියහොත් ඔවුන් තමන් ආරමිභ කල සභාවට සම්බන්ධ නොවනු ඇත - මන්ද එය ඔවුන් අල්ලාගෙන සිටි හා ප්‍රකාශ කළාවූ ප්‍රමිතිය පහත්කර ඇති නිසාවෙනි. දේව ධර්මයේ භාහිර ස්වභාවය එහි තිබිය හැක නමුත් බලය සහ ආලේපය නික්මගොස්ය. ජීවය නික්ම ගොස් ඇති අතර දෙවියන්වහන්සේ ගැන දැනගැන්ම නික්ම ගොස්ය. අප තුළ වාසය කරන ශුද්ධාත්මයාණන්ගේ උපකාරය ඇතුව අප මෙම ප්‍රමිතිය ආරක්‍ෂා කළ යුතුය, මන්ද එය ශුද්ධවූ වස්තුවකි.