සියළුම ප්‍රොපේතවරුන්ගේ බර වූයේ ශුද්ධකම ය: නුඹගේ අන්‍ය දෙවිවරු (අතිශ්‍යයින් ඇළුම් කරන - නුඹගේ ජීවිතයේ දෙවියන් වහන්සේ ට දිය යුතු මුල් ස්ථානය ගන්නා කුමණ කෙනා හෝ දේ) අතහැර දෙවියන් වහන්සේ ව නුඹගේ ජීවිතයේ මුල් තැන තබන්න. සැබෑ ශුද්ධකම යනු අපගේ ජීවිතයේ කිසිසේත් අන්‍ය දෙවිවරු නොමැති වීමය. ශුද්ධකම යනු අපගේ මුළු හදවත ම දෙවියන් වහන්සේ විසින් පිරවීම ය. අපගේ කැඳවීම නම් අද දවසේ එය ප්‍රකාශ කිරීමයි එවිට සභාව දෙවියන් වහන්සේ ට මහත් සොම්නසින් (ප්‍රීතියෙන්) වාසය කළ හැකි ස්ථානයක් වන්නේ ය.
“ශුද්ධකම හා දෙවියන් වහන්සේගේ නොවනස් වන ප්‍රේමය සියළුම ප්‍රොපේතවරුන්ගේ බර වූවේ ය:”
සැබෑ ශුද්ධකම ලැබෙන්නේ එය මුළු හදවතින් ම සොයන මිනිසාට පමණක් මිස, හුදෙක් සැබෑ ඉගැන්වීම ඔළුවේ තිබෙන කෙනාට නොවේ. ශුද්ධකමෙහි අභිරහස සොයා ගනු ලබන්නේ නව ගිවිසුමේ ග්‍රීක වචන හා කාලභේදය න් ඉගැනීමෙන් නොව, නමුත් අවංක හා මුළු හදවතින් යුතුව දෙවියන් වහන්සේ ව ප්‍රසන්න කිරීමෙන් ය. දෙවියන් වහන්සේ අපගේ හදවත් දෙස මිස මොළය දෙස නොබලයි!
ශුද්ධකමෙහි වර්ධනය සෑම විටම දෙවියන් වහන්සේ ඉදිරියේ අයෙකුගේ ම පාපිෂ්ඨ කම ගැන හෘද සාක්ෂියේ විඥානය (දැනුවත් භාවය) ක්රමානුකූල වැඩිවීම සමඟ එකට යයි. ශුද්ධකම දෙවියන් වහන්සේගේ ම ස්වභාවයයි. දෙවියන් වහන්සේ අපහට දෙන්නා වූ ආත්මය ශුද්ධ ආත්මයක් ය. යෙසායා දෙවියන් වහන්සේගේ දර්ශණයක් දුටු කළ, ඔහු උන්වහන්සේව, උන්වහන්සේගේ ශුද්ධත්වයෙන් දුටු නමුදු, ඔහුව ම දැක්කේ අශුද්ධ (අපවිත්‍ර) මිනිසෙකු ලෙස ය (යෙසායා 6: 1-7). ආත්මයෙන්-පිරුනාවූ ජීවිතය නම්, ශුද්ධකම තුළ වර්ධනය වන ජීවිතයක් ය. තමන්ගේම ජීවිතය ශුද්ධකමෙන් වර්ධනය වන කළ දෙවියන් වහන්සේගේ සම්පූර්ණ ශුද්ධකම ගැන ඔහුගේ හෘද සාක්ෂියේ විඥානය (දැනීමද) වර්ධනය වන්නේ ය. දෙකම එක්ව එකට යන්නේ ය. ඇත්ත වශයෙන්ම කෙනෙකු ට සැබැවින් ම ඉහත කී දේ (මුල් දේ) තිබේද යන වග ට පසුව සඳහන් කළ දේ, එක් පරීක්ෂණයක් ය.
හැරීමෙන් පසු අවුරුදු විසි පහක් ගොස් පාවුලුතුමා කියනුයේ, “ප්‍රේරිතයන්ගෙන් ඉතා කුඩා තැනැත්තා (අවමයා) මම ය” කියාය (1 කොරින්ති 15: 9). පසුව (දෙවනුව) අවුරුදු පහකට පසු ඔහු කියනුයේ, “මම ඇදහිළිවන්තයින් ගෙන් අවමයාට ත් වඩා අවමයා ය” (එපීස 3: 8). එහෙත් තව දුරටත් තවත් අවුරුද්දක්ක ට පසු ඔහු කියනුයේ “මා” (සැළකිළිමත් වන්න “මා සිටියා වු” නොව “මා”) පාපිෂ්ඨයන්ගේ ප්‍රධානියා ය (1 තිමෝති 1: 15). එම ප්‍රකාශණ තුළ ඔහුගේ ශුද්ධකමෙහි ප්‍රගතිය ඔබ දකින්නේ ද? දෙවියන් වහන්සේට සමීපව පාවුලුතුමා ගමන් කරන විට, ඔහුගේ ම හදවතෙහි වූ දූෂිතභාවය හා දුෂ්ඨකම (නපුරුකම) ගැන ඔහු වඩාත් සචේථනික (දැනුවත්) වූයේ ය. ඔහුගේ මාංශයෙහි කිසිදු යහපත් දෙයක් සොයා ගත නොහැකි බව ඔහු හදුනා ගත්තේ ය (රෝම 7: 18).
අප සම්පූර්ණ සුවය ප්‍රාර්ථනය කරනවාට වඩා සම්පූර්ණ ශුද්ධකම ප්‍රාර්ථනය කරන ස්ථානයට පැමිණිය යුතු ය. අපගේ ශරීරයේ රෝග වලින් සම්පූර්ණ නිදහස් වන්න අවශ්‍ය වන සේම අපව දූෂ්‍ය කරන (කෙළෙසන) සියළු පාපවලින් නිදහස් වන්න අපට අවශ්‍ය විය යුතු ය. අප ලෙඩරෝග ඉවසා සිටිනවාට වඩා කිසිසේත් පාපය නොඉවසිය යුතුය. දූෂිත සිතුවිළි ඉවසා සිටීම යනු, හරියට ක්ෂය රෝගය හෝ ළාදුරු ඉවසා සිටීම මෙන්වේ. කෝපය “මාගේ දුර්වලකම හෝ මාගේ චිත්ත ස්වභාවය යි” කියමින් යුක්ති සහගත (නිවැරදි) බව පැවසීමෙන්, එය අපගේ ජීවිතයේ සිටීමට ඉඩ හැරීම, හරියට අපගේ ශරීරයේ ඒඩ්ස් රෝගය හෝ ගිනියම් ලෙඩ (උපදංශය) වලට අනුබල (අවසර) දෙන්නාක් මෙන් ය. පාපය සහ ලෙඩරෝග ඉතා සමාන ය.
අප ඔබට ප්‍රේම කරන්නාක් මෙන් ස්වමින් වහන්සේත් ඔබ එකිනෙකා කෙරෙහිත්, අන් සියල්ලන් කෙරෙහිත් ඔබගේ ප්‍රේමය පිරී ඉතිරී යන්නට සළස්වන සේක් වා; එහෙයින් උන්වහන්සේ ඔබගේ හදවත් නිකැලැල්ව ශුද්ධකම තුළ පිහිටුවත්වා (1 තෙසලෝනික 3: 12,13). අප ශුද්ධකමෙහි නිදොස්ව (නිකැලැල්ව) සිටීමට නම් සියළු මනුෂ්‍යයන් කෙරෙහි ප්‍රේමයෙන් පිරී ඉතිරී යායුතු බව මෙම වාක්‍යයන් අපට උගන්වන්නේ ය. ප්‍රේමයෙන් තොර ශුද්ධකම ව්‍යාජ ය - යම් මෙවැනි ශුද්ධකමක් සැබැවින්ම දෙවියන් වහන්සේ ඉදිරියෙහි කිළුටු (වැරහැළි) වස්ත්‍රයක් මෙන්වූ තමාගේ ම ධර්මිෂ්ඨකම හා අධිකසේ නීතියට ඇති බැදීමක්වේ. ( යෙසායා 64: 6).
ශුද්ධකම හා දෙවියන් වහන්සේගේ නොවනස් වන ප්‍රේමය සියළුම ප්‍රොපේතවරුන්ගේ බර වූවේ ය: දෙවියන් වහන්සේගේ සෙනඟගේ ශුද්ධකම සහ උන්වහන්සේගේ සෙනඟ ආත්මික වෛශ්යාකමෙහි සිටින විට සහ නොමඟ ගොස් සිටිනවිට පවා ඔවුන් කෙරේ දෙවියන් වහන්සේගේ නොවෙනස් වන ප්‍රේමයයි. දෙවියන් වහන්සේගේ අභිලාෂය වූවේ නිතරම ඔවුන් ව උන්වහන්සේ වෙත රැගෙන ඒම ය. උන්වහන්සේ ඔවුන් ව හික්මවන සේක; නමුත් හික්මවීම අවසන් වූ කළ උන්වහන්සේ ට ඔවුන් ව උන්වහන්සේ වෙත රැගෙන ඒම අවශ්‍යය.
සභාවෙහි පවා සැබෑ ප්‍රොපේත සේවාව ක්‍රියා කළ යුතු වන්නේ මෙයාකාරයට ය. අද දවසේ ද සභාවෙහි සැබෑ ප්‍රොපේතවරයෙකු ට පැරණි ගිවිසුමෙහි ප්‍රොපේතවරුන් ට දෙවියන් වහන්සේගේ සෙනඟ ගේ ශුද්ධකම කෙරෙහි තිබූ බරම ඇත්තේ ය. ඔවුන් ව පෙළඹූ සේ ම මොහුව ද දෙවියන් වහන්සේගේ නොවෙනස්වන ප්‍රේමයද, දීර්ඝ කාලීන විඳවීමද, පසුබටවූ උන්වහන්සේගේ සෙනඟ නැවත උන්වහන්සේ වෙතට සහ අව්‍යාජවූ ශුද්ධ කමට ගෙන ඒමේ නිරන්තර අභිලාෂයෙන් සහ දයාබරිත ප්‍රේමයෙන් යුතුව ක්‍රියා කිරීමට පොළඹ වන්නේ ය. සෑම සභාවකම එය දෙවියන් වහන්සේ හට ජීවමාන පැවැත්මක සිටීමට සහ ක්‍රියාශීලීව සිටිය යුතු ආකාරයෙන් සිටීම පිණිස ප්‍රොපේත සේවාවක් තිබිය යුතු ය.