WFTW Body: 

“ඉර බැස ගොස්” යැයි උත්පත්ති 28: 11 හි සඳහන් වේ. එය භූගෝලීය කරුණකට පමණක් අදාළ වුවත්, යාකොබ්ගේ ආත්මික ජීවිතයේ ද සැබෑ ලෙස ඉර බැස ගොස් තිබිණි. ඔහු, ඩැහැ ගනිමින් හා වංචනිකව සහ ලෝකය වෙනුවෙන් ජීවත් වෙමින් සිටියත්, දෙවියන් වහන්සේ යාකොබ්ව දයාණුකම්පාවෙන් මුණගැසී ඔහුගේ ජීවිතයට ඉමහත් සැළැස්මක් උන්වහන්සේ ට ඇති බව කී සේක. “මම වනාහි නුඹගේ පියා වූ ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ය” නුඹ නිදා සිටින ​ දේශය නුඹටත් නුඹේ පෙළපතටත් දෙන්නෙමි”යි කී සේක. පොළොවෙහි වෙසෙනා වූ සියළුම ජාතීන් (පවුල්) නුඹ තුළින් ආශීර්වාද ලබන්නහුය ( උත්පත්ති 28: 13, 14). මෙය “ආබ්‍රහම්ගේ ආශීර්වාදය” යනුවෙන් හැඳින්වේ (ගලාති 3: 14). දෙවියන් වහන්සේ ආබ්‍රහම් ට කථා කළ විට ඔහුට කියා තිබුණේ “මම නුඹට ආශීර්වාද කරමි, එවිට පොළොවෙහි වෙසෙනා සියළුම ජාතීන් (පවුල්) නුඹ තුළින් ආශීර්වාද ලබන්නහුය කියාය (උත්පත්ති 12:2,3). එය, මෙහි දෙවියන් වහන්සේ යාකොබ් ට නැවත මතක් කළසේක. අපි ශුද්ධාත්මයෙන් පිරී සිටින විට මෙම ආශීර්වාදය අපේ ම වන්නේ ය කියා ගලාති 3: 14 හි අපට පවසා ඇත.

එසේනම්, “ශුද්ධාත්මයෙන් පිරී සිටිමින්” යන්නෙහි අරුත කුමක් ද? එය අනිවාර්යයෙන්ම අප අන්‍ය භාෂාවෙන් කථාකිරීම නම් නොව! එය දෙවියන් වහන්සේ ගේ සමහර දරුවන ට උන්වහන්සේ දෙන එක් දීමණාවක් පමණි. අවාසනාවකට මෙන් බොහෝ කිතුණුවන් එය අනවශ්‍ය ලෙස වැඩි වැඩියෙන් අවධාරණය කර ඇත. නමුත් මූළික අරමුණ එය නොවේ ය. මූළික අරමුණ ශාරීරික සුවය වත් නොවේ ය. පාවුල්තුමා “ඔහුගේ ශරීරයේ තිබූ කටුවකින්” සුවය ලැබුවේ ම නැත. ශුද්ධාත්මයෙන් පිරීමෙන් සිටීමේ මූළික පරමාර්ථය නම් දෙවියන් වහන්සේ අප හට ආශීර්වාද කර මෙලෙස පොළොවෙහි අප මුණ ගැසෙන සෑම පවුලකට ම ආශීර්වාදයක් වන්නට සැළැස්වීමට ය (ගලාති 3: 14). දෙවියන් වහන්සේ අප ශුද්ධාත්මයෙන් පිර වූ කළ, අප සියළු මනුෂ්‍යයින් ට ආශීර්වාදයක් වන්නෙමු.

කිසිවෙකුට අපව මුණගැසී යම් විදිහකින් ආශීර්වාද නොවී යන්නට බැරිසේ! හරියට බොහෝ සුවඳ විලවුන් දාගත් කාන්තාවන් මෙන් ඔවුන් කොතැනක ගියත්, ඔවුන්ගෙන් අඩි ගණනක් ඈතින් සිටියත් ඔවුන්ගේ සුවඳ විලවුන් සුගන්දය ඔබට දැනෙන්නා සේ ය. අප සමඟද එසේ ම වන්නේය. අප නිවසකට විනාඩි පහකට හෝ දින පහකට ඇතුළු වුවත්, අප ඒ නිවස ආශීර්වාද කරන්නෙමු. එයයි “ආබ්‍රහම්ගේ ආශීර්වාදය” - සැමතැනම සිටින පිපාස ඇත්තන් ට ආශීර්වාද ලත් ජීවන දායක වතුර ගංගා ගැලීම ය.

ඒසව්, ඔහු වෙත එන බව යාකොබ් ඇසූ කළ, ඔහුගෙන් ගැළවීම ට ඔහු උපක්‍රම යෙදුවේ යැයි අප උත්පත්ති 32 හි දකින්නෙමු. ඔහු අකමැති වු භාර්යාවන් තුන් දෙනා ඉදිරියෙන් ම යවා, රේචල් හා ඔහු පිටුපසින් ම ආවේ - අන් සියළු දෙනාව ම මරණු ලැබුවත්, රේචල් හා ඔහු බේරෙණ අටියෙන් ය! යාකොබ් තවමත් සුපුරුදු ආත්මාර්ථකාමි පුද්ගලයා ය. දෙවියන් වහන්සේ මෙවැනි ආත්මාර්ථකාමි පුද්ගලයෙක් සොයා ඔහුව ‘ඉශ්‍රායෙල්’ (ජයගත්) කෙනෙකු ලෙස පරිවර්ථණය කිරීම දැකීම අපට ඉමහත් ධෛර්යක් ය.

ඉන් පසු දෙවියන් වහන්සේ යාකොබ් හමුවී, ඔහු සමඟ පොරබැද ඔහුගේ උකුළු සන්දිය පන්නා දැමුවේ ය. උන්වහන්සේට අවශ්‍ය ස්ථානයට අපව ගෙනෙන පිණිස උන්වහන්සේ අපහට දරුණු දේවල් කරන සේක. උන්වහන්සේ ඔහුව කඩා කීවේ “දැන් සිට නුඹ දෙවියන් වහන්සේ ගේ කුමාරයෙකු (ඉශ්‍රායෙල්)” වන්නට යන්නේ ය කියා ය (උත්පත්ති 32: 28). ඔහුට “ඉශ්‍රායෙල්” කියා දෙවියන් වහන්සේ ට ආමන්ත්‍රණය කළ හැකි වූවේ මොන අවස්ථාවේ ද? අවුරුදු 60 ක් හෝ 70 ක් ඔහු සමඟ පොරබැද, අවසානයේ ඔහුගේ උකුළු සන්දිය පන්නා ඔහුව මුළුමනින් ම කැඩීමෙන් පසු පමණ ය. ඉන් පසු දෙවියන් වහන්සේ “දැන් මා හට යන්න දෙන්නැ” යි කී සේක. අන්තිමේ දී “මට​ ආශීර්වාද කළොත් මිස, ඔබවහන්සේ ට මා යන්න නොදෙමියි” යාකොබ් කීවේය. මුදල් ඩැහැ ගනිමින්, උරුමය ඩැහැ ගනිමින්, දේපළ ඩැහැ ගනිමින්, ස්ත්‍රීන් ඩැහැ ගනිමින්, බැටළුවන් ඩැහැ ගනිමින්, සිටි මේ මනුෂ්‍යයා දැන් සියල්ල පසක තබා දෙවියන් වහන්සේ ව තදින් ඩැහැ ගනී. ඔහු හරියට දෙවියන් වහන්සේ ට මෙසේ කියන සේක් මෙන් ය, “දෙවියන් වහන්ස, මා මුදළට, ස්ත්‍රීන්ට, දේපළට, සහ බොහෝ ලෞකික දේට ජීවත් වූ වෙමි, නමුත් මට දැන් ඔබවහන්සේ ව පමණක් ම අවශ්‍යය.” ඒ දවස අප ජීවිතේ ද එන තෙක් දෙවියන් වහන්සේ බළා සිටින සේක. එවිට උන්වහන්සේ යාකොබ්ට කී සේම අපට ද කියනු ඇත - “ඩැහැ ගන්නෙකු හෝ මුළා කරන්නෙකු (යාකොබ්) ලෙස නුඹ ව තව දුරටත් ආමන්ත්‍රණය නොකරමි. මක්නිසාද නුඹ දෙවියන් වහන්සේ සමඟ මහත් පරිශ්‍රමයක් දරා (පොරබදා) ජයගත් බැවින් දෙවියන් වහන්සේ ගේ කුමාරයෙකු (ඉශ්‍රායෙල්) යැයි කියා නුඹව ආමන්ත්‍රණය කරමි”.

යාකොබ් ජයග්‍රහකයෙක් වූවේ කොයි මොහොතේ දී ද? ඔහුගේ තුණටිය (උකුළ) කැඩුණ මොහොතේ දී ය. මෙය ශුද්ධ ලියවිල්ලේ මුළ සිට ම අප දකිනා සත්‍යයක් ය: අප හට බලය පවරන්න්නට පෙර උන්වහන්සේ ට අපව කැඩිය යුතු ය. දෙවියන් වහන්සේ ගේ කුමාරයා (ඉශ්‍රායෙල්) වන්නේ, තම සැරයටිය මත හිස නැම් මූ (හේත්තු වූ) යාකොබ් වැනි කැඩුණා වු බිඳුණා වු මනුෂ්‍යයකු මිස ඉතා බලවත් ‘මිස්ට යුනිවර් ස්’ (‘විශ්වයේ අයෝමය පුරුෂයා ’) නම් නොව. ප්‍රිය සහෝදර සහෝදරිය, දෙවියන් වහන්සේ ට අවශ්‍ය ආකාරය ට ඔබව සාදන්න ට ප්‍රතම ව, උන්වහන්සේ ට ඔබ ව කඩන්නට අවශ්‍ය වේ. “එවිට ඉර උදා වූහ” යන මෙම ආශ්චර්යවත් වදන් උත්පත්ති 32: 31 හි අප කියවන්නෙමු. නැවතත් භූගෝලීය කරුණකට අදාළ වුවත් - යාකොබ්ගේ ආත්මික ජීවිතයෙහිද එය​ සැබෑ විය. අවුරුදු විස්සක ට පෙර ඔහු මත ඉර බැස ගොස් තිබුණද​ දැන් ඉර උදා විය.