WFTW Body: 

එලිෂා ආලේපය ලබන්නට ප්‍රධාන (මූලික) වූ හේතු තුනක් ඇත:

1. පිපාසාව : දෙවියන් වහන්සේ එලිෂා ව ආලේපය කරන්න මූලිකව ම (පළමුව) හේතු වුවේ, ලෝකයේ ඕනෑම දෙයකට වඩා ඔහු එයට ආශා කර පිපාසා වූ නිසාය. 2 රාජාවලිය 2: 1-10 හි මෙම කරණාවේ දී එලියා ඔහුව පරික්ෂා කළ හැටි අප කියවන්නෙමු. ඔහු ම, දිගටම ගමන යන අතරතුර, එලිෂාට ගිල්ගාල්වල නතර වන්නට කීවේය​. එහෙත් එලිෂා එලියා ව අත්හරින්න ප්‍රතික්ෂේප කළේය. එවිට එලියා ඔහුව බෙතෙල්වලට සැතපුම් 15ක් බටහිරටත්, නැවත ජෙරිකෝවට සැතපුම් 12කුත්, සහ තව නැගෙනහිරට සැතපුම් 5ක් යොර්දානට​ රැගෙන ගොස්, සෑම අධියරයේදී ම එලිෂාගේ පෙරැත්තය හා අප්‍රමාදිභාවය (බලවත් උනන්දුව) පරික්ෂා කළේය. අවසානයේදී, එලියා පිටත් වෙන්නට ප්‍රථමයෙන් ඔහුට ප්‍රදානය කරන්න කුමණ යම් දෙයක් තිබේදැයි ඔහුගෙන් ඇසීය. මට අවශ්‍ය එක් දෙයක් පමණකි යැයි එලිෂා පැවසීය. මා මෙතෙක් ඔබව අනුගමනය කෙරුවේ එය නිසාය. ඔබ මාව මඟහරින්න හදද්දීත් මම ඔබව අත් නෑරියේ එය නිසාය. ඔබගේ ආත්මය මෙන් දෙගුණයක් මට අවශ්‍යය. එලිෂා ආලේපය ලබන්නට ඔහුගේ මුළු හදවතින්ම ප්‍රිය කළේය. ඊට අඩු දෙයකින් ඔහු තෘප්තිමත් වන්නට කැමති වුවේ නැත. එනිසා ඔහු ඉල්ලපු දේ ඔහුට ලැබුණේය.

දෙවියන් වහන්සේගේ සම්පූර්ණ ශුද්ධාත්ම ආලේපයට වඩා යම් අඩු දෙයකින් අපි තෘප්තිමත් වේවී ද කියා බලන පිණිස​, එලියා, එලිෂා ට කළ ලෙස​ දෙවියන් වහන්සේ අපවද​ නිතරම පරික්ෂණයකට යොමු කරන බව මා විශ්වාස කරමි. ඊට අඩු දෙයකට අප තෘප්තිමත් වන්නට කැමති වුවොත්, අපට ලැබෙන්නෙත් එපමණ ය. දෙවියන් වහන්සේ ගේ ආලේපය නැතුව ජිවත් වියහැකි යැයි සිතන, උදාසීන, ආත්මතෘප්ත ඇඳහිළිවන්තයාට උන්වහන්සේ එය නොදෙන සේක. නමුත් අන් සියලු දේට ම වඩා අවශ්‍ය එක් දෙය මෙය ය කියා අපට වැටහුනොතින්, එලිෂා මෙන් එය ලබන තුරු අනුගමනය කරන්න අප කැමති නම්, පෙනියේල් හි යාකොබ් මෙන් ස්වාමිනි ඔබවහන්සේ මාව මෙම ආශිර්වාදයෙන් ආශිර්වාද කරන තෙක් මම ඔබව අත් නාරිමියි අවංකව අපට කියන්න හැකි නම්, මෙම ශුද්ධාත්මයාණන්ගේ බලයට අප ආශා කර හා ගිජු වේ නම්, එවිට මෙම උත්ථාන බලය අනිවාර්යෙන් ම අප ලබන්නෙ මු. එවිට අප දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයා සමඟ බලය ඇත්තාවු සැබෑ ඉශ්‍රායෙලිතයන් වන්නෙමුව.

මෙම ආලේපය අපට කොතෙක් හරියටම අත්‍යවශ්‍ය වන්නේ ද කියා පෙන්වා ලීමට දෙවියන් වහන්සේ නිතරම අසාර්ථකත්වය හා කලකිරීම​ අප ජිවිත වලට ඇතුළු වන්නට ඉඩ හරින සේක. ධර්මය ශුභාරංචියට අනුකූල​ වුවත්, සහ ශුද්ධාත්මයාණන් වහන්සේ අප තුළ වාසය කරමින් (ජීවත්වෙමින්) සිටියත්, එහෙත්, ශුද්ධාත්මයාණන් වහන්සේ අප මත බලයෙන් පැවතිය යුතු බව, අප දැනගත යුතු බවට උන්වහන්සේ අප හට ඒත්තුගන්වන්න ට සොයන සේක. ආලේපය ලැබීම ලේසි පහසු කරුණක් නොවේ. එලිෂාගේ අයැදීම එලියා ඇසූ කළ, “අහෝ, ඔබ ඉල්ලූ දේ ඉතා පහසු දෙයක් කියා එලියා ඔහුට කීවේ නැත. ඔබ නිකම්ම මෙතැන දණ ගසන්න මම මගේ දෑත් ඔබේ හිස මත තබන්නම් ඔබට එය ලැබේවි.” නැත. “ඔබ ඉතා අසීරු දෙයක් ඉල්ලුවේය” ඔව්, එය අසීරු දෙයකි. එයට මිළයක් අප ගෙවිය යුතුය. ලෝකයේ සියලුම දේ එය වෙනුවෙන් අත්හරින්න අප කැමති විය යුතුය.

මුදලට හා සැප පහසුවට වඩා සහ ප්‍රසිද්ධිය (කීර්තිය) හා ජනප්‍රියභාවයට වඩා සහ එමෙන්ම​ ක්‍රිස්තියානි සේවාවෙහි සමෘද්ධියට (ජයග්‍රහණයට) ත් වඩා - පොළොවේ ඕනෑම දෙයකට වඩා අප ආලේපය ට ආශා කළ යුතුය - ඔව්, එය සැබවින් ම අසීරු කරුණකි. එහෙත් එයට පිපාසා වීමේ (බලවත් ආශාවේ) අර්ථය නම් මෙය යි. එම අධියරයට අප එළඹුන කළ දේව වචනයෙහි සඳහන් වූ ආකාරයට, එය ගලායන්නා කොතැනක ට හෝ මරණයෙන් ජීවනය ගෙන එන්නා වූ ජීවනදායක වතුර, එවිට අප තුළින් බොහෝ දිශාවන්ට ගලා යන පිණිස, අපට යේසුස් වහන්සේ වෙතට ගොස් බීමට පුළුවන (යොහාන් 7: 37-39, එසකියෙල් 47: 8,9). අප ආලේපය ලබා ඇත්නම්, එය නැති නොකරන පිණිස කුමණ හෝ මිළයක් ගෙවීමට වග බලා ගතයුතුය. අකාරුණික විවේචන වලට අප ඉඩ දී, හෝ දුර්වල සංවාදයෙහි (කථාසල්ලාපයෙහි) යෙදී හෝ අපවිත්‍ර සිතුවිලි හෝ උඩඟුකම හෝ කෝන්තරයක් (තිත්තකමක්) සිතෙහි තැන්පත් කරගත් වහම, ආලේපය නැතිවී යයි. අන් අයට දේශනා කර ඔහුව ම ප්‍රතික්ෂේප නොවන පිණිස ඔහුගේ ශරීරයේ අවයවයන් අධිකව (තදබල ලෙස) හික්මවා තබා ගත් බව ආපොස්තුළු පාවුලුතුමා (1 කොරින්ති 9: 27) හි පැවසුවේය. මෙහි ඔහු පවසන්නේ ඔහුගේ ගැළවීම නැතිවීමේ අවදානය ගැන නොවනමුත් ඔහුගේ ආලේපය නැතිවීම ගැන බවයි මා විශ්වාස කරන්නේ. බොහෝ සභා රෝපණය කර, බොහෝ හාස්කම් කර සහ දෙවියන් වහන්සේ විසින් ප්‍රබලව පාවිච්චි කරපු ප්‍රබල (අතිශය) අපෝස්තුළු පාවුලුතුමා වුවත් නොසැලකිළිමත් වුවා නම්, ඔහුගේ ආලේපය නැතිවීමේ අවදානයෙන් සිටී බව මා මවිතයට පත්වී බැලීමෙන් කිසිවිටක නොනැවතිණිමි. එසේනම් අපගේ ස්ථාවරය කුමක්ද? ස්වාමිනි මාගේ ජීවිතයේ කුමක් නැති වූවත්, කිසිවිටක ඔබවහන්සේගේ ආලේපය නම් නැති කර ගන්නට ඉඩ නොදෙන මෙන් අප නිතරම යාච්ඤා කළ යුතු ය.

2. ආකල්පයෙහි පවිත්‍රත්වය : එලිෂාව ආලේප කරන්න දෙවන හේතුව වුයේ, ඔහුගේ ආකල්ප පවිත්‍ර වූ බැවිණි. දෙවියන් වහන්සේගේ මහිමය ඔහුගේ එකම අපේක්ෂාව වුවේ ය. මෙය බොහෝ වචනවලින් කිසිතැනක සඳහන් නොවුණත් ඔහුගේ ජීවිතයෙහි වාර්තාව කියවන ඕනෑම කෙනෙකුට එය ඉතා පැහැඳිළි ය. දෙවියන් වහන්සේගේ ජනතාව​ගේ අවශ්‍යතාවය​ ඉතා මහත් සහ දෙවියන් වහන්සේගේ නාමයට ඇති නින්දාව ඔහුට පෙර සිටී, එලියා ට රිදුණා මෙන් ඔහුට ද රිදුණේ ය. එළෙසම දෙවියන් වහන්සේ ගේ නාමයට ඇති අවලාදය ඉවත් කරන්න එම දේශයේ දෙවියන් වහන්සේ ට සේවාවක් සම්පූර්ණ කරණ පිණිස ආලේපය ලබන්න ඔහු අභිලාෂය (ප්‍රර්ථනය) කළේය. බොහෝ දේව දරුවන් ආලේපය නොලබන්න, අපවිත්‍ර හා තමන් කෙරෙහි ම කේන්ද්‍රික වූ ආකල්ප, බොහෝ විට හේතු වන්නේ ය. බොහෝ කිතුණුවන් ඔවුහු බාහිර ව (පිටස්තරව) හරි නම් සතුටුය, නමුත් දෙවියන් වහන්සේ ඇතුළාන්ත කොටස්වල සත්‍ය සොයන සේක. අප බලවත් සැළකිල්ලක් දක්වන්නේ උන්වහන්සේගේ ම මහිමය ගැනද නැතහොත් අපගේ ම මහිමය ගැනද යන වග උන්වහන්සේ සොයන සේක. දෙවියන් වහන්සේ ගේ නාමයට ඇති අවලාදය අපට රිදේ ද යන වග උන්වහන්සේ සොයන සේක. අද, අප දේශයේ දෙවියන් වහන්සේගේ නාමයට ඇති අවලාදය ගැන අපගේ හදවත්වල බරක් නැතිනම්, එසේනම් දෙවියන් වහන්සේ අප කිසිදා ආලේප කරාවීද, කියා මා මවිත වෙමි. එසකියෙල් 9: 1-6 දෙවියන් වහන්සේ යම්කිසි ජනතාවක් උන්වහන්සේගේ ම සෙනඟක් හැටියට විශේෂයෙන් සළකුණු කරනවා අප දකින්නමු. දෙවියන් වහන්සේගේ සෙනඟ අතරේ තිබූ පාපය දැක අඬමින් සුසුම් හෙළු (ඉකිබිඳ ඇඬූ) වන්, උන්වහන්සේ සළකුණු කරපු අය වූවේ ය. මොවුන් දෙවියන් වහන්සේගේ ඉතිරි වූ සුළු කොටස ට අඩංගු වන අතර උන්වහන්සේ ආලේප කරන්නේ මෙවැන්නන් ය - උන්වහන්සේගේ නාමය කෙරෙහි හා උන්වහන්සේ ව පමණක් මහිමයට පත් කරන්න බලන බලවත් සැළකිල්ලක් ඇති හදවත් ඇත්තන් ය.

3. මෙම ලෝකයට ප්‍රේමයක් නොමැත : එලිෂාව ආලේපය කරන්න තුන්වන​ හේතුව වුවේ, ඔහුට මේ ලෝකය කෙරෙහි කිසිදු ප්‍රේමයක් නොතිබූ නිසා ය. නාමන් සමඟ ඔහුගේ සංවාදයේ දී එය පැහැඳිළි වේ. නාමන් ඔහුට මුදල් පිරිනමපු කළ, ඔහු කළ හාස්කමට කිසිදු මුදලක් ලබන්න ඔහු ප්‍රතික්ෂේප කළේය. එලිෂා ට මේ ලෝකයට හෝ කිසිදු මුදලකට ප්‍රේමයක් නොතිබුණේය, ස්වාමින් වහන්සේගේ සේවාවේ පෞද්ගලිකව ඔහුට ම කිසිම වාසියක් නොසෙව් වේය. අනෙක් අතට ගෙහාසී, මනහර ප්‍රතිවිරුද්ධ දෙයක් පෙන්නුම් කරන්නේය. එලිෂා, එලියාගේ සහකරුවා ව සිටියාක් මෙන් ඔහු ද එලිෂාගේ සහකරුවා වූවේය. එලිෂා ට එලියාගේ ආත්මය මෙන් දෙගුණයක් ලබා එලියාගේ සේවය ඉදිරියට ගෙන ගියා නම්, නිසැකවම ගෙහාසීට ද එලිෂාගේ ආත්මය ලබා එලිෂාගේ සේවය ඉදිරියට ගෙන යන්නට පුළුවන් කම තිබුණේ ය, නමුත් ඔහුට ආලේපය ලැබුණේ නැත. ඒ වෙනුවට ඔහුට ලැබුණේ ළාඳුරු ය. ඇයි ඒ? මක්නිසාද දෙවියන් වහන්සේ ඔහුගේ හදවත දැක්ක නිසාය. ආත්මික යයි සියළු බාහිර පෙනීම තිබියදීත් ගෙහාසී ගේ හදවතේ ගැඹුරෙහි ම පෞද්ගලික වාසියක අභිලාෂයක් තිබුණේ ය. ඔහු ස්වාමින් වහන්සේගේ සේවයෙහි මුළින්ම අවංක ව ආරම්භ කරන්නට ඇති, නමුත් ඉතා ඉක්මණින් ද්‍රව්‍යමය වාසිවල කොන්දේසි (නියම) ගැන ද ඔහු සිතන්න පටන් ගත්තේය. ඔහුට ද්‍රව්‍යමය ධනය රැස්කර ගෙන ආලේපය ද ලබාගත හැකි බව ඔහු සිතුවේය. නමුත් ඔහු වරදවා ගත්තේය. බොහෝ කිතුණු සේවකයන් එම වැරැද්ද ම කර ඇත්තේ ය. අපගේ තණතුර හෝ අපගේ සේවාව ඕනෑම සභාවක හෝ ක්‍රිස්තියානි ආයතනයක අපගේ පෞද්ගලික වාසිය උදෙසා කිසිවිට පාවිච්චි කිරීමෙන් ස්වාමින් වහන්සේ අපව මුදවා ගනිත්වා.

දෙවියන් වහන්සේ, උන්වහන්සේගේ ආත්මයෙන් ආලේප කළහැකි මිනිසුන් හා ස්ත්‍රීන් අපගේ දේශයේ සොයන සේක - බලයේ පැළඳවීම ලබාගන්න සහ එය රඳවා ගැනීමට මිළය ගෙවීමට කැමති ඉතිරි වූ ඉතා කුඩා කොටස.

ආලේපයට පමණක් අපගේ දේශයේ සතුරාගේ වියගහ කඩන්න ට පුළුවන ( යෙසායා 10: 27). යේසුස් යන නාමය අපට කැප කර හමාරය. නමුත් අපට ආලේපය තිබේද? දෙවියන් වහන්සේට මහිමය ගෙනැවිත්, උන්වහන්සේගේ කැමැත්ත සම්පූර්ණ කර, උන්වහන්සේගේ රාජ්‍යය ගෙනෙන්න ට, අහෝ, අපගේ ජීවිතයේ හා අපගේ සේවයෙහි ශුද්ධාත්මයාණන් වහන්සේගේ බලය ලබන්න අප පිපාස වෙමු.