WFTW Body: 

මුළු නව ගිවිසුමෙහි ශුද්ධාත්මයාණන්ගේ සේවාව ඉතා හොඳින් පැහැදිළි කරන එකම පදය වන්නේ 2 කොරින්ති 3: 18 ය. ශුද්ධාත්මයාණන් වහන්සේ අපගේ ජීවිතයේ ස්වාමින් වූ කළ, උන්වහන්සේ විමුක්තිය ගෙන එන්නේ ය. “ස්වාමින් වහන්සේගේ ආත්මය ඇති තැන නිදහස්කම ඇත්තේ ය” (17 වන පදය). උන්වහන්සේ අපව ප්‍රාථමිකව පාපයේ බලයෙන් නිදහස් කරනසේක, තවද මුදල්වලට ඇති ආශාවෙන් (ගිජුභාවයෙන්), දේවවචනයට පටහැනි අපගේ පියවරුන්ගේ හා වැඩිමහල්ලන්ගේ සම්ප්‍රදායයන් වලින්, මිනිසුන්ගේ මතවලින් (අදහස්වලින්) යනාදියෙන්. මෙය සැබැවින්ම අති උතුම් විමුක්තියක් ය. එවිට අප මනුෂ්‍යයාට නොව දෙවියන් වහන්සේ ට සේවය කිරීමට නිදහස ලබන්නෙමුව.

ශුද්ධාත්මයාණන් වහන්සේ, යේසුස් වහන්සේගේ මහිමය ශුද්ධ ලියවිල්ලෙහි අපට පෙන්වා දෙන බව 2 කොරින්ති 3: 18 හි අපට පවසන්නේ ය (කැඬපත නම් දේවවචනයයි - යාකොබ් 1: 23-25 ). සමහරුන් බයිබලය කියවන්නේ ඔවුන්ට දේශනා කිරීමට දේශනා ලබාගැනීමට සහ ධර්ම මතය විමසීමට පමණි. නමුත් ප්‍රාථමිකව යේසුස් වහන්සේගේ මහිමය බයිබලයෙහි අපට පෙන්වන්නට ශුද්ධාත්මයාණන් වහන්සේට අවශ්‍යය. තවද එම මහිමය අප දකින කල්හි, ශුද්ධාත්මයාණන් වහන්සේ අපව එම සමානත්වයට වෙනස් කරන සේක. ක්‍රිස්තුස් වහන්සේ සේවය කළ ආකාරය ද එම සමානත්වයෙහි අඩංඟුය. ක්‍රිස්තුස් වහන්සේ සේවය කළ ආකාරය මෙන් අපද සේවය කරන්නට ආරම්භ කරන්නෙමු. උන්වහන්සේගේ පියාණන්ට සේවය කරන පිණිස යේසුස් වහන්සේ කළ කැපවීම් ශුද්ධාත්මයාණන් වහන්සේ අපට පෙන්වා - ස්වාමින් වහන්සේට සේවය කරන පිණිස කැපකිරීම් කිරීමට උන්වහන්සේ අපව ද කියා කරවන සේක. ශුද්ධාත්මයාණන් වහන්සේට අපව පරිවර්ථනය කිරීමට අප ඉඩ හැරියොත්, අපගේ ජීවිතයත් අපගේ සේවාවත් සම්පූර්ණ ලෙස වෙනස් වේ.

දැන් අප යේසුස් වහන්සේගේ මහිමය දේවවචනයෙහි දකින කළ ශුද්ධාත්මයාණන් වහන්සේ අපව එක් මහිමාන්විත ම්ට්ටමකින් තවත් ම්ට්ටමකට, අප තුළ උන්වහන්සේගේ මහිමය දවසින් දවස වැඩිවන පිණිස වෙනස් කරනසේක ( 2 කොරින්ති 3: 18 ). වෙනත් වචනයෙන් කිවහොත්, අප ශුද්ධාත්මයාණන් වහන්සේට මුළුමනින්ම යටත් වුවහොත්, අද දවසේ අපගේ ජීවිතයේ ආලේපය වසර කීපයකට පෙර වූ ආලේපයට වඩා වැඩිවන්නේ ය, තවද සර 30කට පෙර තිබුණාට වඩා බොහෝ වැඩිවන්නේ ය. නමුත් ඔබ විශ්වාසවන්ත නොවුවහොත්, එවිට ඔබ වයසට පත්වමින් යන විට ඔබගේ ජීවිතයේ මහිමය හීණ වී යන්නේ ය. බොහෝ ජ්වළිතව සිටි තරුණ අය විවාහ වූ විගසම පසුබට වන්නෝ ය. එය එසේ වන්නේ මන්ද? ඔබ දේව කැමැත්ත තුළ විවාහ වූවා නම්, ඔබගේ ජ්වළිතකම හා මහිමය තනිව සිටියාට වඩා මහත්සේ වැඩි වන්නේ ය. නමුත් ඔබගේ බිරිඳ හෝ ඔබගේ නිවස ස්වාමින් වහන්සේට වඩා ඔබට වැදගත් වන්නේ නම් මහිමය අඩු වී යන්නේ ය. එවැනි මනුෂ්‍යයකු ස්වාමින් වහන්සේගේ මහිමය දැකීමෙන් නැවතී පසුබට වීමට පටන් ගනී.

“අපට කරුණාව ලැබුණු ලෙසම මේ සේවාවත් ලැබී තිබෙන බැවින්, අප ක්ලාන්ත නොවී සිටිමුව” යයි 2 කොරින්ති 4: 1හි පාවුලුතුමා ඔහුගේ සේවාව තවදුරටත් පැහැදිළි කරයි. ක්ලාන්ත වීම යනු අධෛර‍්‍යයට පත්වීමයි. අපෝස්තුළු පාවුලුතුමා පවා අධෛර්‍යයට පත්වීම පිණිස පරික්ෂාවට පත්වුණි. එබැවින් ඔබව අධෛර‍්‍යයට පත්වීම පිණිස පරික්ෂාවට පත් වූවොත්, එය අමුත්තක් යැයි සිතන්නට අවශ්‍ය නොවේ. අධෛර‍්‍යයට පත්වීම පිණිස මා බොහෝ ලෙස පරික්ෂා වී ඇත. නමුත් පාවුලුතුමා මෙන් මාද පවසා ඇත්තේ “අප අපගේ දෑස් යේසුස් වහන්සේ වෙත තබමින් දෙවියන් වහන්සේ අපහට දී ඇති ආශ්චර්යමත් සේවාව ගැන සිතන බැවින් අප අධෛර‍්‍යයට පත් නොවෙමු .” එහෙත් අප සියල්ලෝම අධෛර‍්‍යයවීමට පරික්ෂා වියහැකි බැවින්, අපගේ දෑස් ස්වාමින් වහන්සේ වෙත යොමු කර ඇත්නම් අප කිසිවෙකු කිසිවිට අධෛර‍්‍යයට පත්විය යුතු නැත.

බොහෝ කිතුණු සේවකයන් දෙවියන් වහන්සේට වසර කීපයක් සේවය කළාට පසු අධෛර‍්‍යයට, කළකිරීමට මානසික අවපීඩනයට පත්ව ඇති අතර සමහරුන් මානසික ස්නායු ආබාධයන්ට පවා පත්වේ. මෙයට හේතුව වන්නේ ඔවුහු ඔවුන්ගේ ම සමර්ථකමෙන් (පූර්ණත්වයෙන්) දෙවියන් වහන්සේට සේවය කරන්න උත්සහ කළ නිසාය. අප දෙවියන් වහන්සේගේ සේවය උදෙසා දෙවියන් වහන්සේ මත යැපිය යුතුය. අප දෙවියන් වහන්සේට සේවය කිරීමට නම් ශාරීරික සෞඛ්‍යය ගැන පවාද උන්වහන්සේව විශ්වාස කළයුතුය. “ස්වාමින් වහන්සේ කෙරෙහි බලාසිටින්නෝ තමුන්ගේ සවිය අලුත් කරගන්නෝය, යෞවනයෝද ක්ලාන්ත වූවත්, නුඹ රාජාලීන් මෙන් පියඹා ඉහළට නගින්නේය” ( යෙසායා 40: 31 ). අපගේ සමර්ථකම (පූර්ණත්වය) දෙවියන් වහන්සේ ගෙන් පැමිණෙන්නේය. ඔබ මූල්‍ය (මුදල් පිළිබඳ) අසීරුථාවයෙන් සිටියත්, මෙම පොරොන්දුව විශ්වාස කරන්න: “අපගේ සමර්ථකම (පූර්ණත්වය) දෙවියන් වහන්සේ ගෙන්ය” ( 2 කොරින්ති 3: 5 ). අපට කුමක් අවශ්‍ය වුවත්, දෙවියන් වහන්සේට මනාව සැපයිය හැක.

2 කොරින්ති 4: 10,11 යන පද බොහෝ කිතුණුවන් විසින් වැරදි ලෙස වටහාගත් පදයන් ය. බොහෝ ඇදහිළිවන්තයින් ඔවුන්ගේ ජීවිතවල භෞතික හාස්කම් කරන සුභ-ආරංචියක් අහන්න උත්සුක ය. නමුත් යේසුස් වහන්සේගේ ජීවනය ඔබ තුළ ප්‍රකාශවීමට අවශ්‍ය නම්, පිළිතුර රදා පවතින්නේ මෙම පද මතය. යේසුස් වහන්සේගේ මරණු ලැබීම (මරණයට භාජනය වීම) අපේ ශරීරයේ දරාගෙන යායුතු ය. “යේසුස් වහන්සේගේ මරණු ලැබීම” (මරණයට භාජනය වීම) යනු කුමක් ද? යේසුස් වහන්සේගේ පොළොවෙහි ජීවිතයේ මුළු අවුරුදු 33½ කළාක් මෙන් ම අපගේ ස්ව-කැමැත්තට හා තම-ජීවිතයට මැරීම ය ( යොහාන් 6: 38 ). යේසුස් වහන්සේගේ පොළොවෙහි ජීවිත් වූ අවස්ථාවන් වලට ප්‍රතිචාර දැක්වූ ලෙසම ප්‍රතිචාර දැක්වීම ය. මිනිසුන් උන්වහන්සේට යක්ෂයා යයි කියු කළ, ජූදස් ස්කාරියොත් උන්වහන්සේගේ මුදල් සොරකම් කෙරූ විට, මිනිසුන් උන්වහන්සේට කෙළ ගැසූ විට, මිනිසුන් උන්වහන්සේට අවජාතක දරුවෙකු යයි කියු විට (මරියාගේ පුත්), මිනිසුන් උන්වහන්සේට අපහාස කළ විට, උන්වහන්සේ ගෙන් සොරකම් කළ විට, උන්වහන්සේට නින්දා කළ විට, උන්වහන්සේට දේශනා කිරීම නතර කරන්න යයි කියා උන්වහන්සේව සිනගෝගයෙන් නෙරපා දැමූ විට උන්වහන්සේ ප්‍රතිචාර දැක්වූවේ කෙසේද? උන්වහන්සේ මනුෂ්‍ය ගෞරවයට, කීර්තියට, ප්‍රසිද්ධියට හා ආත්ම ගරුත්වයට, සහ උන්වන්සේගේ ම ස්ව-කැමැත්තට මැරුණේ ය. එයයි “යේසුස් වහන්සේගේ මරණු ලැබීම (මරණයට භාජනය වීම). යේසුස් වහන්සේගේ කල්වාරියේ මැරීමෙහි ඔබටත් මටත් පංඟුකාරකමක් නොමැත. ලෝකයේ පාප වෙනුවෙන් අපට මැරෙන්නට බැරිය. නමුත් උන්වන්සේගේ පොළොවේ ජීවිතයෙහි සෑම දිනකම මැරීමක් තිබුණේ ය. එම මරණයටයි අපි පංඟුකාර විය යුතුවන්නේ. එය “යේසුස් වහන්සේගේ මරණු ලැබීම (මරණයට භාජනය වීම)” යැයි සඳහන් වන්නේ මන්ද? මෙම මමත්වයට හා මෙම ලෝකයේ දේවලට මැරීමේ මාර්ගය ගමන් කළ මුල්ම කෙනා වූවේ යේසුස් වහන්සේ බැවිණි. උන්වහන්සේ මානුෂික වූ සියල්ලටම මැරුණු බැවින් පියාණන්ගේ මහිමය ප්‍රකාශ කළසේක. යේසුස් වහන්සේගේ අඩිපාරේ ගමන් කිරීමට ඔබවත් මාවත් කැඳවා ඇත.

2 කොරින්ති 4: 17,18 පාවුලුතුමා පවසණුයේ “අප මෙම සියළුම සන්තාප (පීඩා) අතරින් යෑම ඉතා සැහැල්ලු ය, මක්නිසාද ඒවායින් අප වෙත එන්නා වූ මහිමය ඉතා මහත් ය”. නමුත් මෙම මහිමය අප වෙත එනු ලබන්නේ “අප අදෘශමාන දේ දෙසම බළමින් දෘශමාන දේ දෙස බලන්න ප්‍රතික්ෂේප කළොත් පමණි” (2 කොරින්ති 4 : 18 ). එහි අදහස නම් අප අපගේ පීඩාවන් (සන්තාප) දෙස මානුෂික ලෙස නොබලා, දිව්‍යමය ලෙස බැලීමය. අපගේ ජීවිතවලට මෙම පරීක්ෂණ තුළින් ඇතුළුවන මහිමය කරණකොටගෙන අප යේසුස් වහන්සේගේ හදවත සමඟ වඩාත් කිට්ටු සහභාගිකත්වයකට එළඹෙන්නෙමු. අපව දිරිගන්වා ඇත්තේ එමනිසාය; අපට සේවාවක් ලැබෙන්නේ එයාකාරයට ය. දේව වචනය පමණක් ඉගැනීමෙන් අප සේවාවක් නොලබන්නෙමු.