WFTW Body: 

යේසුස් වහන්සේට, තම ජීවිතයෙහි අසීරු මිනිසුන් කොටසක් සමඟද ක්‍රියා (ආශ්‍රය) කිරීමට උන්වහන්සේට සිදු වූසේක. ඇතැමෙක් උන්වහන්සේට නින්දා කළහ, ඇතැමෙක් උන්වහන්සේට හිංසා කළහ, ඇතැමෙක් උන්වහන්සේට සමච්චල් කළහ, තවත් සමහරු උන්වහන්සේව නොසලකා හැරියහ. උන්වහන්සේට කෑගසන, උන්වහන්සේට කෙළ ගසන, උන්වහන්සේ සමඟ වාද කරන, උන්වහන්සේව උගුලට හසු කර ගැනීමට උත්සාහ කරන සහ උන්වහන්සේව මරා දැමීමට උත්සාහ කරන මිනිසුන් සිටියෝය.

"පුතෙක් යනු ඔහුගේ පියා වාගේම කෙනෙකුය. අපේ සතුරන්ට ප්‍රේම කිරීමෙන්, ස්වර්ගයේ වැඩසිටින්නාවූ අපගේ පියාගේ පුත්‍රයන් වීමට අපට හැකි බව යේසුස් වහන්සේ පැවසූසේක”

අප සෑම කෙනෙකුටම අපගේ ජීවිත කාලය පුරාම අසීරු මිනිසුන් සමඟ ක්‍රියා (ආශ්‍රය) කිරීමට සිදුවනු ඇත. ඔවුන් අභක්තික, අධම, කුරිරු, කරදරකාරී සහ දුෂ්ඨ ලෙස පෙණෙන්නට පුළුවන. මට උපකාර කළ අසීරු මිනිසුන් ගැන බයිබලයේ සඳහන් ප්‍රතිපත්ති කිහිපයක් මෙන්න:

යොහන් 8: 7"පව් නැත්තා පළමු ගල ගසාවා"

අසීරු මිනිසුන් ගැන මා ඉගෙන ගත් වැදගත්ම දෙය නම් මමද ඔවුන්ගෙන් එක් කෙනෙකු වන බවයි! අනෙක් අය මා කෙරෙහි පව්කාර, අසීරු සහ ආත්මාර්ථකාමී විය හැකිය ... නමුත් මට ඔවුන් හා සමාන මාංශයක් ඇති අතර මම ද ඒ හා සමානවම වැරදිකරුවෙකි. ස්වර්ගයේ සිටින මාගේ පරිපූර්ණ පියාණන්ට මා කෙතරම් අසීරු, ආත්මාර්ථකාමී සහ පව්කාර වී ඇත්ද යන්න වඩාත් පැහැදිළිව දකින විට, මට විරුද්ධව පව් කරන අනෙක් පුද්ගලයින් කෙරෙහි දයාණුකම්පාව සහ ඉවසීම දැක්වීම පහසු වන බව මම අත්විඳිමි. පරිසිවරයෙකු යනු කළකිරීමෙන් අන් අය දෙස පහත් කොට බලන අයෙකි, නමුත් කිතුණුවකු යනු බොහෝ විට තමන්ගේම පාපය ගැන කළකිරී වෙහෙසට (එපා වීමකට) පත්ව සිටින අයෙකි (ලූක් 18 : 9-13). දෙවියන් වහන්සේගේ රාජ්‍යය අයිති වන්නේ අසීරු සෙසු-සේවකයින්, දුෂ්ඨ රාජ්‍යයන්, ආත්මාර්ථකාමී පවුල්, නරක සභාවන් හෝ ඇල්මැරුණු කිතුණුවන් සමඟ වෙහෙසට පත් වී, එපා වී සිටින මිනිසුන්ට නොවේ. එය අයිති වන්නේ තමා තුළම ඇති පාපය නිසා පරාජිතවූ ජීවිතය එපා වෙච්ච මිනිස්සුන්ට ය! දිළිඳු යාචකයින් මෙන් ස්වාමීන් වහන්සේ වෙතට පැමිණ "ස්වාමීනි, උපකාර අවශ්‍ය වන්නේ මටයි, මම හුදෙක් දිළිඳු පව්කාර යාචකයෙකි, මට කමාවී, මට උපකාර කළ මැනව යි!" පවසන අයටය.

"ආත්මයෙන් (සිතින්) දිළින්දෝ භාග්‍යවන්තයෝය, මක්නිසාද ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේය." (මතෙව් 5: 3)

බයිබලය මට උගන්වන තවත් වැදගත් ප්‍රතිපත්තියක් නම්, අසීරු මිනිසුන් මට කුමණ ප්‍රතිචාරයක් දක්වමින් සැළකුවත් ඔවුන්ට ප්‍රේම කිරීමයි:

මතෙව් 5: 44"නුඹේ සතුරන්ට ප්‍රේම කරන්න, නුඹට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න."

රෝම 2: 4 "දෙවියන් වහන්සේගේ කරුණාව ඔබව පසුතැවිල්ලට ගෙන යයි."

වරක් මම ඇසූ කථාවක: එක් උදෑසනක සුළඟ හිරුට තරඟයකට අභියෝග කළේය. මිනිසෙකු තම කබාය පැළඳ පාර දිගේ ඇවිදිමින් සිටි අතර සුළඟ හිරුට කීවේ 'මම හිතන්නේ ඔබට කළින් ඔහුගේ කබාය ගලවන්න මට පුළුවන්' කියායි. සූර්යයා ක්‍රීඩාවට එකඟ විය. හුළඟ මුළින්ම ක්‍රියාව ආරම්භ කරන බව පැවසුවේය. සුළඟ හමා, හමා ගොස් හැකි තරම් තදින් හමා ගිය අතර, සුළඟ තදින් හමන තරමටම මිනිසා ඔහුගේ කබාය තදින්ම අල්ලා ගත්තේය. එවිට හිරු කීවේ, 'හරි දැන් මට උත්සාහ කරන්න ඉඩ දෙන්න' කියාය. ඉතින් සූර්යයා අහසට නැඟී මඳක් බැබළුණු අතර ටික වේලාවකින් මිනිසා සෙමින් තම කබාය ඉවත් කළේය. කථාවේ හරය නම්, පුද්ගලයෙකු කෝපයෙන් හා බලහත්කාරයෙන් පාලනය කිරීමට උත්සාහ කරනවාට වඩා ප්‍රේමයෙන් උණුසුම් කිරීම වඩා යෝග්‍ය ය.

ස්වර්ගයේ අපගේ පියාණන් සුළඟ නැතහොත් සූර්යයා වැනිද? බයිබලය පවසන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රේමය අප උන්වහන්සේට ප්‍රේම කිරීමට හේතු වී ඇති බවත් (1 යොහන් 4: 19), සහ උන්වහන්සේගේ කරුණාව අප පසුතැවිලි වීමට හේතු වී ඇති බවත්‍ ය (රෝම 2: 4). අන් අය සමඟ කටයුතු කිරීමේදී අපගේ ජීවිතයේ ද එම මූලධර්මය අපට පෙණෙනු ඇතැයි මම විශ්වාස කරමි. අන්‍යයන් සමඟ රණ්ඩු වී අප සමඟ එකඟ වීමට හෝ අපට නිවැරදි ලෙස සැළකීමට බල කිරීමට උත්සාහ කරනවාට වඩා අන්‍යයන්ට ඉතා ඕනෑ කමින් හා පරාර්ථකාමීව ප්‍රේම කිරීම සමගියේ හා එකඟථාවයේ සම්බන්ධථා ගෙන ඒමේ මාර්ගයයි.

බොහෝ විට ප්‍රේමය, සතුරෙකුගේ හදවත වහාම අප කෙරෙහි වෙනස් නොවනු ඇත (සමහර විට කිසි විටෙකත් නොවන්නට පුළුවන), නමුත් එය ප්‍රශ්ණයක් නොවේ ය. අප අපේ සතුරන්ට සහ අපට විරුද්ධව පව් කරන පසුතැවිලි නොවන මිනිසුන්ට දිගටම ප්‍රේම කරනවා නම්, අපට ස්වර්ගයේ සිටින අපගේ පියාණන්ට සමාන වීමේ වරප්‍රසාදය ලබා ගත හැකිය, මක්නිසාද උන්වහන්සේ එවැනිය - උන්වහන්සේව තවදුරටත් තම සතුරා ලෙස සළකන දුෂ්ඨ මිනිසුන්ට පවා උන්වහන්සේ ඉතා ඉවසිළිවන්ත හා ප්‍රේමණීයය :

 

මතෙව් 5: 44-45“නමුත් මම නුඹට කියමි, නුඹේ සතුරන්ට ප්‍රේම කරන්න, නුඹට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න, එවිට නුඹ ස්වර්ගයෙහි සිටින නුඹගේ පියාණන්ගේ පුත්‍රයින් වනු ඇත; මක්නිසාද උන්වහන්සේ දුෂ්ඨ සහ යහපත් අයට තම හිරු උදා කරවන අතර ධර්මිෂ්ඨයින්ට සහ අධර්මිෂ්ඨයින්ට වර්ෂාව ලබා දෙයි.

පුතෙකු යනු ඔහුගේ පියා වාගේම කෙනෙකු ය. අපේ සතුරන්ට ප්‍රේම කිරීමෙන්, ස්වර්ගයේ වැඩසිටින්නාවූ අපගේ පියාණන්ගේ පුත්‍රයන් වීමට අපට හැකි බව යේසුස් වහන්සේ පැවසූසේක.

හිතෝපදේශ 15: 1"මෘදු පිළිතුරක් කෝපය පහ කරයි."

දිව යනු බලවත් දෙයකි. “දිව ශරීරයේ කුඩා කොටසකි, නමුත් එය මහත් දේ ගැන පුරසාරම් දොඩයි. මෙතරම් කුඩා ගින්නකින් කොතරම් විශාල වනාන්තරයක් ඇවිලෙනවාද කියා බලන්න!” (යාකොබ් 3: 5).

 

එමගින් යුද්ධ ආරම්භ වී අවසන් වන්නේය. කෝපයට කෝප‍යෙනුත්, උදහසට උදහසිනුත් පිළිතුරු දෙනවා වෙනුවට, උදහසින් සිටින පුද්ගලයෙකුට මෘදු වචන සහ මෘදු පිළිතුරු දීම වඩාත් සුදුසු බව බයිබලය පවසයි, ඊටත් වඩා හොඳ දේ නම්, මේ ආකාරයෙන් ක්‍රියා කර යුද්ධ වැළැක්වීමයි!. සාමයට හොඳම මාර්ගය මෙයයි. දෙවියන් වහන්සේට අවශ්‍ය වන්නේ සටන් කරන්නන් (දුෂ්ඨ වචනවලට දුෂ්ඨ වචනවලින්ම ප්‍රතිචාර දීම) නොව, නමුත් සාමය ඇති කරන්නන්ය (මතෙව් 5: 9). අන් අයගේ කෝපයට මෘදු වචනවලින් පිළිතුරු දීමෙන් අපට සමාදානය ඇති කරන්නෙකු විය හැකිය.

 

හිතෝපදේශ 17: 13-14“යහපතට දුෂ්ඨකම කරන්නාගේ නිවසින් දුෂ්ඨකම පහව යන්නේ නැත. ආරවුලක ආරම්භය වක්කඩක් අරින්නාක් මෙන්ය, එබැවින් ආරවුල ඇතිවීමට පෙර එය අත්හැර දමන්න.