ලිපි


රෝග සහ සුවය
අද දවසේ රෝග සහ සුවය යන විෂය පිළිබඳව බයිබලයට අනුකූලවු පැහැදිලිවු ඉගැන්වීම් ඉතාමත් අල්පය.
මුලාව සහ ව්‍යාජ පිබිදීම
අලූත් ගිවිසුමේ ආශිර්වාදයන්
ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නගර පැවති සම්මේලනයකදී සහෝදර සැක් පුනන් විසින් කරනලද පර්‍ණවිඩයක්..
යාච්ඤා නොකළ යුතු ආකාරය
"අපි එයින් අපව පවිත්‍ර කරගන්නේ කෙසේද? අප යාච්ඤා කරන සෑම අවස්ථාවකදීම අපවම විනිශ්චය කළ යුතුය."

පොත්


රැස්වූ පිරිස සමාජය සහ සභාව
රැස් වූ කිතුනු පිරිසක එමෙන්ම කිතුනු සමාජයක සහ කිතුනු සභාවක අතර ඇති වෙනස..
දෙවිඳුන්ගේ ක්‍රමයට සිදු කරන දේව සේවය
යේසුස් වහන්සේ සහ අපෝස්තුළුවරුන් විසින් සිදු කළ ආකාරයටම අද දින දෙවියන් වහන්සේගේ..
තව (9)

අප විශ්වාස කරනුයේ

Body: 

Christian Fellowship Church, Bangalore - 2015
Christian Fellowship Church, Bangalore - 2015

  1. ශුද්ධ බයිබලය (පොත් 66) දේව අනුභාවය ලත් හා දේව සහතිකය ලත් දෙවියන් වහන්සේගේ වචනය වේ. එය අප පොළවෙහි ගතකරන ජීවිතයට ප්‍රමාණවත් වූ එකම මාර්ගෝපදේශකය බව.
  2. පියාණන් පුත්‍රයාණන් ශුද්ධාත්මයාණන් ලෙස ත්‍රී පුද්ගලතාවයකින් සදාකල් පැවැත්මකින් වැජඹෙන්නේ එකම දෙවියන් වහන්සේ බව.
  3. අපගේ ස්වාමින් වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දේවත්වය, කන්‍යාවකගෙන් උපත ලැබීම, උන්වහන්සේගේ මිනිසත්බව, එතුමාණන්ගේ පූර්ණ පාප රහිත ජීවිතය, අපගේ සෑම පාපයකටම සමාව සඳහා ආදේශ වූ උන්වහන්සේගේ මරණය, කායික මරණයෙන් උත්ථානය, පියාණන් වෙතට උන්වහන්සේ ඔසවාගනු ලැබීම, උන්වහන්සේගේ ශුද්ධවන්තයන් වෙත නැවත පොළවට පැමිණීමේ පෞද්ගලික ආගමනය ගැන.
  4. සෑම සියළු මනුෂයන් පාපයෙහි මරණයට පත්වී ඇති අතර මුළුමනින්ම මුළාවට පත්වී ඇත. ඔවුන්ගේ පාපයන්ට කමාව ගෙන දිය හැකි එකම මාර්ගය වන්නේ පසුතැවිලිවීම තුළින් හා අපගේ ස්වාමින් වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය හා උත්ථානය කෙරෙහි විශ්වාසය තුළින්ම පමණක් බව.
  5. පුද්ගලයෙකුට දෙවියන් වහන්සේගේ දරුවකු ලෙස උපත ලැබිය හැකිවන්නේ ශුද්ධාත්මයාණන් වහන්සේගේ ප්‍රති උත්පාදන ක්‍රියාවලිය තුළින් බව.
  6. ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇඳහිල්ල මගින් පමණක් ධර්මිෂ්ඨකමට පැමිණිය හැක. දෙවියන් වහන්සේ මහිමයට පත් කරන යහපත් ක්‍රියා මගින් එය තහවුරු වන බව.
  7. පියාණන්ගේත්, පුත්‍රයාණන්ගේත්, ශුද්ධාත්මයාණන්ගේත්, නාමයෙන් නැවත උත්පාදනයෙන් පසු, වතුර තුළ ගිල්වීමෙන් බව්තීස්ම වන බව.
  8. වචනයෙන් හා ජීවිතයෙන් ක්‍රිස්තුස් වහන්සේ උදෙසා සාක්ෂියක් වීමට බලගැන්වීම සඳහා ශුද්ධාත්මයාණන්ගෙන් නිරන්තර පූර්ණව සිටිය යුතු බව.
  9. මළවුන්ගෙන් නැගිටීමේදී ධර්මිෂ්ඨයන් සදාකාලික ජීවිතයටත්, අධර්මිෂ්ඨයන් සදාකාලික නිරයටත් පත් වන බව.
තව