ලිපි


රෝග සහ සුවය
අද දවසේ රෝග සහ සුවය යන විෂය පිළිබඳව බයිබලයට අනුකූලවු පැහැදිලිවු ඉගැන්වීම් ඉතාමත් අල්පය.
අපේ මතකය නැමැති වීඩියෝ කැසට් පටය
දෙවියන්වහන්සේට අවශ්‍යයවන පුරුෂයන්
දිව්‍යමයව පත් කළ අධිකාරියට යටත් වීම
“තම ජීවිතයේ කිසිම අවස්ථාවක අන් අයට යටත් වීම නොදැන සිටි කිසිවෙකුට දෙවියන් වහන්සේට ඵළදායී ලෙස සේවය කිරීමට හෝ ආත්මික නායකයෙකු වීමට නොහැකිය”.

පොත්


අසාර්ථකත්වයේ අභිප්‍රාය
බලාපොරොත්තු රහිත අසමත් වූ කෙනෙකු ලෙසද ඔබ ඔබව දකින්නේ? දෙවියන් වහන්සේව..
දෙවිඳුන්ගේ ක්‍රමයට සිදු කරන දේව සේවය
යේසුස් වහන්සේ සහ අපෝස්තුළුවරුන් විසින් සිදු කළ ආකාරයටම අද දින දෙවියන් වහන්සේගේ..
හොඳ අත්තිවාරමක්
ශුභාරංචිය යනු, දෙවියන්වහන්සේ තුළ මනුෂ්‍ය්‍යා ගැන පටන් ගැන්මේදීවූ අභිප්‍රාය ලෙසම..
තව (9)

අප විශ්වාස කරනුයේ

Body: 

Christian Fellowship Church, Bangalore - 2015
Christian Fellowship Church, Bangalore - 2015

  1. ශුද්ධ බයිබලය (පොත් 66) දේව අනුභාවය ලත් හා දේව සහතිකය ලත් දෙවියන් වහන්සේගේ වචනය වේ. එය අප පොළවෙහි ගතකරන ජීවිතයට ප්‍රමාණවත් වූ එකම මාර්ගෝපදේශකය බව.
  2. පියාණන් පුත්‍රයාණන් ශුද්ධාත්මයාණන් ලෙස ත්‍රී පුද්ගලතාවයකින් සදාකල් පැවැත්මකින් වැජඹෙන්නේ එකම දෙවියන් වහන්සේ බව.
  3. අපගේ ස්වාමින් වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දේවත්වය, කන්‍යාවකගෙන් උපත ලැබීම, උන්වහන්සේගේ මිනිසත්බව, එතුමාණන්ගේ පූර්ණ පාප රහිත ජීවිතය, අපගේ සෑම පාපයකටම සමාව සඳහා ආදේශ වූ උන්වහන්සේගේ මරණය, කායික මරණයෙන් උත්ථානය, පියාණන් වෙතට උන්වහන්සේ ඔසවාගනු ලැබීම, උන්වහන්සේගේ ශුද්ධවන්තයන් වෙත නැවත පොළවට පැමිණීමේ පෞද්ගලික ආගමනය ගැන.
  4. සෑම සියළු මනුෂයන් පාපයෙහි මරණයට පත්වී ඇති අතර මුළුමනින්ම මුළාවට පත්වී ඇත. ඔවුන්ගේ පාපයන්ට කමාව ගෙන දිය හැකි එකම මාර්ගය වන්නේ පසුතැවිලිවීම තුළින් හා අපගේ ස්වාමින් වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය හා උත්ථානය කෙරෙහි විශ්වාසය තුළින්ම පමණක් බව.
  5. පුද්ගලයෙකුට දෙවියන් වහන්සේගේ දරුවකු ලෙස උපත ලැබිය හැකිවන්නේ ශුද්ධාත්මයාණන් වහන්සේගේ ප්‍රති උත්පාදන ක්‍රියාවලිය තුළින් බව.
  6. ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇඳහිල්ල මගින් පමණක් ධර්මිෂ්ඨකමට පැමිණිය හැක. දෙවියන් වහන්සේ මහිමයට පත් කරන යහපත් ක්‍රියා මගින් එය තහවුරු වන බව.
  7. පියාණන්ගේත්, පුත්‍රයාණන්ගේත්, ශුද්ධාත්මයාණන්ගේත්, නාමයෙන් නැවත උත්පාදනයෙන් පසු, වතුර තුළ ගිල්වීමෙන් බව්තීස්ම වන බව.
  8. වචනයෙන් හා ජීවිතයෙන් ක්‍රිස්තුස් වහන්සේ උදෙසා සාක්ෂියක් වීමට බලගැන්වීම සඳහා ශුද්ධාත්මයාණන්ගෙන් නිරන්තර පූර්ණව සිටිය යුතු බව.
  9. මළවුන්ගෙන් නැගිටීමේදී ධර්මිෂ්ඨයන් සදාකාලික ජීවිතයටත්, අධර්මිෂ්ඨයන් සදාකාලික නිරයටත් පත් වන බව.
තව