කෙටි ඉතිහාසය


Zac Poonen and Ian Robson in front of 16 DaCosta Square
Zac Poonen and Ian Robson in front of
16 DaCosta Square

ක්‍රිස්තියානි සහෝදරත්ව සහභාගිකමේ මධ්‍යස්ථානයෙහි (සී. එෆ්. සී.) අද එකතුවන ඇඳහිළිවන්තයන්ගේ සභාව 1975 අගෝස්තු මාසේ ඉන්දියාවේදී පවුල් කීපයක් එකට එකතු වීමෙන් ආරම්භ වුවේය.

සැක් පූනන් හා ඉයන් රොබ්සන් විසන් මඟ පෙන්වන ලැබ, ඔවුන්ම ප්‍රථමයෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයන්වීමට තීරණය කර, ඉන්පසුව (මතෙව් 28: 18-20) හි ස්වාමින් වහන්සේගේ නියෝගයට කීකරුව ගෝලයන් බිහිකිරීමට තීරණය කළෝය.

ඔවුහු නව උපත, අභ්‍යයන්තර ජීවිතයේ ශුද්ධකම, අනොන්‍ය ප්‍රේමය, සදාචාර පවිත්‍රාවය, මුදල් පිළිබඳ අවංකකම සහ දෙවියන් වහන්සේගේ සත්‍යථාව අන් අය සමඟ බෙදාගැනීම - දෙවියන් වහන්සේගේ වචනය තුළම පමණක්, ඔවුනගේ ජීවිත සෑම ආකාරයෙන්ම පිහිටුවීම දැඩිව අවධාරණය කළෝය.

කුඩා ගෘහ සභාවක් ලෙස ආරම්භ වී, මෙම ක්‍රිස්තු ශරීරය ශාද්ධාමයාණන් තුළ නව ගිවිසුම් (පාපය ජයගන්නා) ජීවිතයේ අවබෝධයෙන් හා අත්දැකීමෙන් ශක්තිමත් ලෙස වර්ධනය වී ඇත. මූලාරම්භයේ සිට සහ එහි පසුගිය දශක හතර තුළ වර්ධනයේදී මෙම උත්කර්ෂවත් වෙනස් නොවන (ස්ථාවර) විශිෂ්ඨත්ව ම මෙම සභාවේ DNA වී තිබේ. අපගේම ජීවිත පරිවර්ථනය කළ මෙම විශ්මයජනක සත්‍යථාවන් විගසින් අන් අය සමඟ බෙදාගැනීමට, ජයග්‍රාහි ජීවිතයක් සම්බන්ධ මාසික පත්තරයකින් ආරම්භක් ලබා, කැසට් පට සේවාවක්, සහ එකසමාණ මණසැති ගෝලයන් උදෙසා සමුළු පැවැත්වීමට අපහට බරක් ඇතිවුණි. වර්ධනය වන සභාව 1981 දි නො. 40, ද කොස්තා චතුරස්‍රය, බැන්ගලෝරයෙහි ගොඩනැඟූ රැස්වීම් ශාලාවකට ගෙන යන ලදී. ඉන්දියාවේ අනෙකුත් නගරවල හා අනෙකුත් ජනපදවල සභා රෝපණ ආරම්භය 1982-1989 හි සටහන් වුණි.

1989-1995 හි සැක් පූනන්ගේ පොත් ලිවීමේ සේවාවේ ඵලදායි කාළයක් වුවේය, පැමිණි ඉදිරි අවුරුදුවලදී ඔහු විස්සකට අධික පොත් ප්‍රමාණයක් ප්‍රකාශිත කළේය. 1997 දී ඕඩියෝ පට ලොවපුරා විහිදීමේ සේවාව බොහෝ දේශවලට ගොස් තිබුණි. 1999 දී වයස 60 පිරුණු කළ සැක් පූනන් දේව වචනය සමඟ ලොව ගවේෂණය කරන පිණිස ඔහු බැන්ගලෝරයේ සී. එෆ්. සී යෙහි වැඩිමහල්කමින් ඉවත්වුණි. අපගේ අන්තර්ජාල සේවාව 2003 හි ආරම්භ වුනු අතර මෙම කාලයේ දී අන් මහද්වීපවල සභා රෝපණය අප දැක්කෙමු. 2004 බැන්ගලෝරයෙහි සභාව, අවුරුදු 40ක් සභාවක් ලෙස සම්පූර්ණ කර, අපගේ පැරණි ශාලාව ද අභිබවා වර්ධනය වූ බැවින් අපගේ වර්ථමාන රැස්වීම් ශාලාව වන පැරඩයිස් එන්ක්ලේව්, බෙලහාලි, බැන්ගලෝරයේ අපගේ වර්තමාන රැස්වීම් ශාලාවට ගෙන යන ලදී.

සී. එෆ්. සී. බැන්ගලෝරයෙහි වැඩිමහල්කම:

සී. එෆ්. සී. සභාව තම (ප්‍රදේශයේ) සභාවක නායකත්වය සම්බන්ධයෙන් නව ගිවිසුම් ඉගැන්වීම් අනුගමනය කිරීමට නිතරම සෙව්වෙමු (තීතස් 1: 5 , ක්‍රියා 14: 23). වැඩිමහල්ලුන් යන වචනය "බහු වචනයෙන්" පෙන්නුම් කරන්නේ තම සභාවේ නායකත්වයේ සමබරතාවය රැකගන්නා පිණිස යම් පිරිසක් (එක්කෙනෙකුට වැඩි) සංඛ්‍යාවක් අවශ්‍ය බවය. බයිබලයේ ඉගැන්වීම අනුව තම සභාවේ කරුණු සම්බන්ධයෙන්, සභාවේ සෑම එක් එක් සාමාජිකයා පිළිබඳ අපේක්ෂාව මෙම වැඩිමහල්ලුන්ගේ ආධිපත්‍යයට භාජනයවේ ( හෙබ්‍රෙව් 13: 17, 1 තෙසලෝනි 5: 12-13).