අපගේ දැක්ම


ස්වාමින් වහන්සේ අගෝස්තු 1975 සී. එෆ්. සී. සභාව (C.F.C - ක්‍රිස්ටියන් ෆෙලෝෂිප් චර්ච්) බැන්ගලොර්යේහි රෝපණය කළසේක. එවිට අප ඇඳහිළිවන්තයින් ඉතා ස්වල්ප දෙනෙක් සමඟ ආරම්භ කළෙමු. අප මුලින්ම එකට රැස්වෙන කළ, දෙවියන් වහන්සේ අපිව එක් රැස් කළේ කුමකට ද කියා අපට වැඩි පැහැඳීමක් නොතිබුණි. නමුත් ක්‍රමක් ක්‍රමයෙන් දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සැළැස්ම අපිට එළි කළසේක.

එය මෙසේ වූවේය : අලුත් මුද්‍රික පානය (යේසුස් වහන්සේගේ ජීවනය සහ දිව්‍යමය ස්වභාවය) අලුත් භාජනයක (තම සභාව නව ගිවිසුම් රටාව අනුව ගොඩනැඟු, ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ නියෝජනයක් ලෙස,) හෙළිකර ප්‍රකාශ කිරීමය.

CFC Pulpit

අපගේ විශේෂිත කැඳවීම

පැරණි ගිවිසුමෙහි සියළුම ප්‍රොපේතවරුන්ට දෙවියන් වහන්සේ විසින් ඔවුන් ඉශ්රායෙල්ට ප්‍රකාශ කළයුතු දේ ගැන පැහැඳිළි දැක්මක් දුන් සේක - ඔවුන් එම පණිවුඩය පමණක් දේශනා කළෝය. ඔවුන් එය හැඳින්වුවේ "ස්වාමින් වහන්සේගේ බර" කියාය. ඔවුන් සියල්ලෝම දෙවියන් වහන්සේ කෙරෙන්වූ ඔවුන්ගේ ආඥාව දැන සිටියෝය. දෙවියන් වහන්සේ ඔවුන්ගේ හදවත්වල තැන්පත් කළ ආඥාව (නියෝගය) කෙරෙහි ඔවුන් අනන්‍ය වශයෙන්ම (විශේෂයෙන්ම) කේන්ද්‍රික කරගත් අතර - එයින් ඔවුන්ගේ ප්‍රාරම්භක කැඳවීමෙන් කිසිවිට වික්ෂිප්ත නොවුහ.

ඉන්දියාවේ සභාවක් හැටියට සී. එෆ්. සී තුළද, අපගේ ප්‍රොපේත කැඳවීම ගැන පැහැඳිළි දැක්මක් දෙවියන් වහන්සේ විසින් අප හට දී තිබේ. තවද එයින් වික්ෂිප්ත නොවන්නට (වෙනතක නොහැරෙන්නට) අපගේ උපරිම ශ්‍රමය අප මෙම පසුගිය දශකයන් තුළ යොදා ඇත.

නොහැඳිළිවන්තයින් ක්‍රිස්තුස් වහන්සේ වෙත ගෙනෙන්නට සහ බයිබලය සම්බන්ධ බොහෝ වැදගත් සත්‍යථාවන් ප්‍රකාශ කිරීම පිණිස පසුගිය සියවස දෙක තුළ , දෙවියන් වහන්සේ බොහෝ මිෂනාරිවරුන් (ධර්මදූතයෝ) ඉන්දියාවට එවා බොහෝ ඉවැන්ජලිස්ත ව්‍යාපාර අප දේශයේ නඟා සිටවූ සේක. අප ඒ සියළු දෙනා ගැන දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නෙමු. එහෙත් නව ගිවිසුමෙහි අනිකුත් සත්‍යථාවන් මෙතෙක් (තවමත්) ප්‍රමාණවත් ලෙස ඉන්දියාවේ අවධාරණය කොට නොමැති බව අපහට වැටහුණි.

මෙම අවධාරණය නොවූ සත්‍යථාවන් නව ගිවිසුමට අදාලවේ: ගෝලත්වයේ කොන්දේසි, දෙවියන් වහන්සේ අපගේ පියා යයි දැන ගැනීමෙන් ලැබෙන සුරක්ෂිතභාවය, යේසුස් වහන්සේ ගමන් කළ ලෙසම උන්වහන්සේගේ අඩිපාරේ ඇවිදීම, අප තුළින් ශුද්ධාත්මයාණන් වහන්සේගේ බලය ඉතිරි යෑම, දෙවියන් වහන්සේගේ ස්වභාවයෙහි පංඟුකාරත්වය දැරීම, කුරුසියේ මඟ, හෘද සාක්ෂියට සචේතනික (දැනෙන) සියළු පාප ජය ගැනීම, ලෝකාකාර කමෙන් හා මුදලට ඇති ආශාවෙන් විමුක්තිය, අධෛර්යට පත්වීමෙන් විමුක්තිය, බිය සහ උද්වේගයෙන් (කනස්සල්ලෙන්) විමුක්තිය, කන්ද උඩ දේශනයට සම්පූර්ණයෙන්ම කීකරුවීම (මතෙව් 5, 6, සහ 7), දෙවියන් වහන්සේ යේසුස් වහන්සේට කළ සියළු දේම අපට ද කරන බවට ඇඳහිල්ල තිබීම, තම සභාව ශරීරයක් ලෙස ගොඩනැඟීම, යනාදිය ..,

සී. එෆ්. සී හි බර වූයේ, මෙම සත්‍යථාවන් ඉන්දියාවේ සියළු සභා-කණ්ඩායම්වලට පතුරවා හැරීමයි. මෙය කිරීමට දෙවියන් වහන්සේ අප හට අවස්ථාව දුන්නේ - පොදු රැස්වීම් හා සම්මන්ත්‍රණ, රේඩියෝ හා පොත්පත් තුළින්, සහ දහස් ගණන් කැසට්පට, CDs සහ DVDs බෙදාහැරීම තුළින්ය. නමුත් බොහෝ සභාවල නායකයින් අපට හා අපගේ පණිවුඩයට විරුද්ධ වී, අප හට ඔවුන්ගේ දොරවල් වසා දැමුවෝ ය.

ඉන්පසු දෙවියන් වහන්සේ හාස්කමක් කළසේක. උන්වහන්සේ අප හට අන්තර්ජාලය විවෘත කළසේක. දෙවියන් වහන්සේ සී. එෆ්. සී වෙතට ගෙන ආ, ඇප කැපවූ (සමර්පිත) සහෝදර කණ්ඩායමක් තුළින් - අප, අපගේ සිය ගණන් පණිවුඩ එහි දැමුවෙමු. මෙම පණිවුඩවලට සවන් දුන්, තම ජීවිත පරිවර්ථනය වූ, සහ තමන්ගේ ගැට‍ළු සහගත විවාහ සුව වූ බොහෝ සභාවන්වල ඇඳහිළිවන්තයින් තුළින් ප්‍රතිචාර ගංගාවක් ගෙන (ගලා) ආවේය - ඉන්දියාවේ සියලුම පළාත් හරහා පමණක් නොව, නමුත් ලෝකයේ සතර දිශාවෙන් ම අය, එහි වූහ. අලුත් සභාවන් රෝපණය වූහ - ඉන් සමහරෙක් සී. එෆ්. සී සමඟ ඉතා කිට්ටුවෙන් බැදී සිටීමට (සම්බන්ධ වන්න) උත්සුක වුවෝය.

මෙලෙස අප හට දොරටු වැසූ පූර්ව මතධාරී සභා-නායකයන් (පාලකයන්) මඟ හැර දෙවියන් වහන්සේගේ සත්‍යථාව ඔවුන්ගේ සාගින්නෙන් පෙළෙන සාමාජිකයින් වෙත පැමිනුණෝය. ලොව පුරා බොහෝ සභාවල බොහෝ ඇඳහිළිවන්තයින් අද දවසේ මෙම ආශ්චර්යමත් සත්‍යථාවන් ග්‍රහණය කර අන් අයට දේශනා කරන තරමට වුවද, මනා අවබෝධයක් ලබා ඇත. අප මේ සඳහා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නෙමු - මන්ද අප යාච්ඤා හා අපේක්ෂා කළේ සත්‍ය වශයෙන්ම මෙයමය. මෙලෙස සී. එෆ්. සී නංවාලීම, දෙවියන් වහන්සේ තුළවූ අරමුණෙහි (අභිප්‍රායෙහි) යම් සුළු කොටසක් අප දැක්කෙමු. දෙවියන් වහන්සේගේ මාර්ඟ සැබවින්ම විශ්මජනකය. අප, අපහට දෙවියන් වහන්සේගේ මහිමය පමණක් මිස, අන් කිසි දෙයක් නොසොයන කළ උන්වහන්සේ පුදුම ආශ්චර්යමත් දේ කරනසේක.

"සියළු මනුෂ්‍යයන් ක්‍රිස්තුස් වහන්සේ තුළ පරිපූර්ණව භාර කිරීම" ඔහුගේ පරමාර්ථය බව පාවුලුතුමා කීවේය - එසේම මෙම කෙළවර උදෙසා ඔහු දැඩි ලෙස වෙහෙසුණි (කොලෝසි 1: 28,29). අපගේ ද පරමාර්ථය එයමවේ. අප සී. එෆ්. සී තුළ සියළු දෙනාම, ප්‍රථමව - තම ඥාතීන්ට වඩා, තමාටම වඩා, සහ භූමික වස්තුවලට වඩා යේසුස් වහන්සේට ප්‍රේම කරන සැබෑ ගෝලයෙකු කිරීමට මහත් පරිශ්‍රමයක් දරන්නෙමු (ලූක් 14: 26 ,27 සහ 33). අප ඉන්පසු ඒ සියළු දෙනාටම යේසුස් වහන්සේගේ සියළුම ආඥාවන් පිළිපදින ලෙසට ඉගැන්වීමට සොයන්නෙමු (මතෙව් 28: 20).

මෙම මාර්ගය පටු මාර්ගයක් සහ එය සොයන්නන් ඉතා ස්වල්පයක් බව අපි දනිමු. 'යේසුස් වහන්සේගේ සභාවේ' පවා එක් කෛ රාටිකයෙක් (කුහකයෙක්) දොළොස් දෙනා අතරේ වාඩි වී සිටී බව අපි තවද දනිමු. එබැවින් සී. එෆ්. සී. තුළ පවා ක්‍රිස්තුස් වහන්සේ නැවත එන දිනයතෙක් කෛරාටිකයන් සිටිය හැකි බව අප විශ්වාස කරන්නෙමු. නමුත් - කුහකයින්ගේ වරද (කුහකභාවය) හැඟවී නිතරම අපහසුවට පත්වී පසුතැවිලිවීමට පැමිණේයයි බලාපොරොත්තුවෙන් අප දේව වචනය දේශනා කිරීමට අපගේ උපරිමයෙන් අධිෂ්ඨාන කරගෙන සිටින්නෙමු.

සී. එෆ්. සී තුළ, සුභ ආරංචිය අන් අය සමඟ පෞද්ගලිකව බෙදා ගැනීමට සියළු ඇඳහිළිවන්තයින්ව අප දිරිගන්වා ඇත්තෙමු. බොහෝ අය ක්‍රිස්තුස් වහන්සේ වෙතට විත් පසුගිය අවුරුදු තුළ අප සභාවට එකතු වී ඇත. තවද මෙලෙස ඉන්දියාවේ නගරවල හා ගම්වල හා ලෝකය පුරා දෙවියන් වහන්සේ අලුත් සභාවන් රෝපණය කර ඇත.

ඉවැන්ජලිස්ත (ධර්මදූත) සේවය හා ගෝලයෝ බිහිකිරීම

සී. එෆ්. සී හි අපට විශේෂිත කැඳවීමක් තිබෙන හෙයින්, අප අන් සේවාවන් තුළ (සමාජ සේවා වැනි) නිරත නොවන්නෙමු, එය අපගේ ජවය (ශක්තිය) අපගේ ප්‍රාරම්භක කැඳවීමෙන් ඉවත් කිරීමට පුළුවන. "අප අන් අයගේ කෙත රැක ගත් නමුත් ස්වාමින් වහන්සේ අපිට දුන් කෙත නොරැක ගත් බව", අවසාන දිනයේ අප ගැන අසන්නට අප නොකැමැත්තෙමු(ප්‍රේම ගී 1: 6 , සාලමොන්ගේ ගීතිකා 1: 6 බලන්න). දෙවියන් වහන්සේගේ එක් එක් දරුවන්ට විවිධ කැඳවීම් තිබෙන බව හැඳින ගත් බැවින් මෙවැනි අන් සේවාවන් වලට දෙවියන් වහන්සේ තමන්ව කැඳවා ඇතැයි සිතන අයට එය තුළ නිරත වන්නට අප ඉඩ හරින්නෙමු. විවිධ සේවාවන් තුළ නිරතවී අන් ඇඳහිළිවන්තයින්ගේ ඇස් හමුවේ "සමබරව" පෙනීසිටීමට අපහට අභිප්‍රායක් නොමැත. අපට වැදගත්වන්නේ දෙවියන් වහන්සේගේ කැඳවීම හා අනුමැතිය පිළිබඳ පමණකි.

අප වර්ධනය වන සභාවක් නිසා, අප සමඟ සම්බන්ධ වූ අලුත් ඇඳහිළිවන්තයින් සහ දැන් මේරූ, අප අතරේ වැඩුණු බොහෝ දරුවන් කෙරෙහි අප හට මහත් වගකීමක් ඇත. ඒ සියල්ලම ගෝලයන් බවට පත්කළ යුතුය. අලුත හැරුණා වූ හා වැඩෙන දරුවන් යන දෙකොටසම නිරෝගී, වර්ධනය වන සභාවක ලක්ෂණයන්ය. අප අතරට දෙවියන් වහන්සේ රැගෙන ආ අලුත් ඇඳහිළිවන්තයින් සහ අපගේ වැඩුණා වූ දරුවන් දැන් අපගේ වගකීමේ අලුත් කෙතය.

දෙවියන් වහන්සේ හා මුදල් :

සී එෆ්. සී හි, මුදල් සම්බන්ධව අපි අන්තගාමි ආකල්පයක් (දැඩි මතයක්) ස්ථාපිත කරගත්තෙමු , මන්ද අපට දෙවියන් වහන්සේටත් මුදලටත් යන දෙකටම සේවය කරන්නට නොහැකි බව යේසුස් වහන්සේ කීසේක(ලූක් 16: 13) - තවද අපි දෙවියන් වහන්සේට පමණක් සේවය කරන්නට දැඩි ලෙස අධිෂ්ඨානය කළෙමු. මෙම කරුණ සම්බන්ධයෙන් මුළුමනින්ම අපකීර්තියට (නින්දාවට) නොවැටී පවතින පිණිස නිසැකවම අපගේ සේවාවේ මුදල් සම්බන්ධයෙන් මෙම ප්‍රායෝගික තීරණ ගත්තෙමු: මුදලට දේශනා කරන දේශක යින් කිසිවිට නොගැණීමට සහ කිසිම රැස්වීමක පඬුරු එකතු නොකරන්න අපි තීරණය කළෙමු. පැරණි ගිවිසුම් අස්වැන්නෙන් දසයෙන් කොටසට විරුද්ධව අප දේශනා කරන්නෙමු. දෙවියන් වහන්සේගේ සේවාවට දෙන සියළුම මුදල් දිය යුත්තේ සතුටු සිතින් හා ස්වේච්ඡාවෙන් බව අප දේශනා කරන්නෙමු. කිසිම කෙනෙකුට මුදල් දෙන්නට අප කිසි පීඩනයක් නොදමමු. අපගේ සේවාව ගැන කිසි කෙනෙකුට වාර්ථාවන් සහ අපගේ සභාවේ මුල්‍ය (මුදල්) පිළිබඳ අවශ්‍යතාවයන් අන් අයට දැනගන්නට නොතබන්නෙමු. දෑවැද්දක් දීම හා ලබාගැනීමට විරුද්ධව අපි නැඟී සිටින අතර සියළු දෙනාම ණය නොවී ජීවත්වන ලෙසට අප දිරිගන්වන්නෙමු (රෝම 13: 8). දෙවියන් වහන්සේගේ අනුග්‍රහයෙන්, ආරම්භයේ සිට මෙම නව ගිවිසුම් ප්‍රමිතීන් සියල්ලම අප පැවත්වෙමු. මෙම කරුණු සම්බන්ධයෙන් අපගේ ප්‍රබල ස්ථාවරය හේතුවෙන් අන් කිතුණු කණ්ඩායම් හා සභාවන් ගෙන් අප බොහෝ විරෝධතා හා විවේචනවලට ලක්වුණි. නමුත් අප නැගිට සිටින්නේ කුමකට ද කියා අපි දනිමු - එහෙත් ස්වාමින් වහන්සේ නැවත එනතුරු අප නොකඩවා මෙම මූලධර්ම උදෙසා සවිමත්ව නැඟී සිටින්නෙමු.

අපොස්තුළු පාවුලුතුමා කළාක් මෙන්, අපගේ සියළු වැඩිමහල්ලන්ගේ මුල්‍ය අවශ්‍යථාවයන් තමන් විසින්ම සපුරා ගණිති. පාවුලුතුමා ඇතැම්විට සමහර ඇඳහිළිවන්තයින්ගෙන් ත්‍යාග භාරගත්තේය. නමුත් ඔහු කිසිවිට ඔහුගේ පුද්ගලික හෝ සේවාවට කිසි කෙනෙකුගේ ත්‍යාග මත යැපුණේ නැත. ඔහු ඒ සියල්ල සපයන පිණිස ඔහුගේ ස්වර්ගික පියා කෙරෙහි විශ්වාසය තැබුවේය. අප ද ගත් ප්‍රතිපත්තිය මෙය වන අතර - එය අපගේ දැක්මේ අන්තර්ගත කොටසක්ය.

ස්වාමින් වහන්සේගේ සේවාවේ යෙදෙන්නන්ට අනුන්ගෙන් උපකාර (නඩත්තු) ලැබීම හැම අතින්ම නිවැරදිය (සාධාරණය) - සුභ ආරංචිය දේශනා කරන්නන් ඔවුන්ගේ ජීවිකාව සුභ ආරංචියෙන් ලබා ගතහැකි යයි ස්වාමින් වහන්සේම නියම කළසේක (1 කොරින්ති 9: 14). නමුත් පාවුලුතුමා ඔහුගේ කාලයේ දී තමන්ටම ධනය රැස්කරන පිණිස ඔවුන්ගේ ආත්මික දීමනා පාවිච්චි කරන දේශකයන් තුළින් ස්වාමින් වහන්සේගේ නාමයට අගෞරවය පැමිණෙනු දුටු බැවින් ඔහු තමන්වම නඩත්තු කරගත්තේය. එම නිසා මෙවැනි දූෂණ මධ්‍යයේ ස්වාමින් වහන්සේටම, පවිත්‍ර සාක්ෂියක් වීමට ඔහුට අවශ්‍ය විය.

ඉන්දියාවේ මෙවැනිම තත්වයක් අපි දුටුවෙමු. එබැවින් ස්වාමින් වහන්සේ උදෙසා අපගේ දේශයේ සාක්ෂියක් ලෙස සී. එෆ්. සී තුළ පාවුලුතුමා මෙන්, මුදල් සම්බන්ධයෙන් අප වටා සිටින දූෂිත දේශකයන් ගෙන් වෙනස් වීමේ අවශ්‍යථාවය අපහට දැණුනි. අපි ගත් මෙම ස්ථාවරය බොහෝ බාලාම්ලාගෙන්, ගෙහාසීලාගෙන්, දේමස්ලාගෙන්, අපිව ගලවා ඇත, එසේ නොවුණේ නම්, ඔවුන් අප සමඟ සම්බන්ධ වී අප මධ්‍යයේ ස්වාමින් වහන්සේගේ සාක්ෂිය දූෂිත කරන්නට ඉඩ තිබුණි.

සී. එෆ්. සී හි, ඇඳහිළිවන්තයින්ට ඔවුන්ගේ ම පුද්ගලික මුදල් පරිහරණය කළයුතු ආකාරය අප කිසිවිට නොකියන්නෙමු. ඔවුන්ට අවශ්‍ය ආකාරයට එය පරිහරණය කරන්න ඔවුන්ට සම්පූර්ණ නිදහස ඇත - ධර්මදූත ප්‍රචාරයට හෝ අනාථ මඩම්වලට හෝ විදියේ සිටින යාචකයින්ට (හිඟන්නන්ට) හෝ වේවා උපකාර කළහැක. නමුත් සී. එෆ්. සී හි ස්වාමින් වහන්සේට දෙන පඬුරු, අපි පරිහරණය කරන්නේ අපගේ දැක්මට අනුකූලව පමණි - ගෝලයෙන් බිහිකිරීමට සහ දිළිදුන්ට උපකාර කරන පිණිසය (ගලාති 6: 10).

සේවාවන් , තණතුරු සහ ආධිපත්‍යය

සේවාවන් :

එපීස 4: 11 ක්‍රිස්තුස් වහන්සේ තලෙන්තු ලත් මිනිසුන් සභාවට දී ඇතැයි සඳහන් කරයි - අපොස්තුළුවරු , ප්‍රොපේතවරු, ධර්ම දේශකයන්, ගුරුවරු, හා එඬේ රුන්. ස්වාමින් වහන්සේගේ යහපත් කමින් මෙම පස් ආකාර සේවය සී. එෆ්. සී. හි අපිට දුන්සේක. නමුත් අපි කිසිම සහෝදරයෙකු මෙම තණතුරුවලින් ආමන්ත්‍රණය නොකරන්නෙමු හෝ කිසිම සහෝදරයෙකු එයින් ලේබල් නොකරමු. (පාවුලුතුමා , තමාව "අපොස්තුළුවරයෙකු" හැටියට හැඳින් වූවේ, ඔහු ලියූ දේ දෙවියන් වහන්සේගේ වචනය බැව් මිනිසුන් භාරගන්නා පිණිස පමණකි. නමුත් අද එවැනි අවශ්‍යථාවයක් කිසිවෙකුට අවශ්‍ය නොවේ). කෙසේ නමුත් මෙම පස් ආකාර සේවයේ ක්‍රියාකාරිත්වය ගැන අපි විශ්වාස කරමු - තවද මෙම පස් ආකාර සේවය අප අතරේ ක්‍රියාවීමෙහි මහිමාන්විත ප්‍රතිඵල, අප දැක්කෙමු. එයයි අපිට වඩාත් ම වැදගත් වන්නේ - කවුරු කොයි සේවාව සම්පූර්ණ කරන්නේ ද යන්න නොවේ, මන්ද අපි සියල්ලෝම එක් ශරීරයක් ය සහ එකිනෙකාගේ සේවකයන් පමණි.

තණතුරු :

ස්වාමින් වහන්සේ අපිට අනුමැතිය දී තිබෙන එකම තණතුරු නම්, "සහෝදරයා" සහ "දාසයා" පමණි (මතෙව් 23: 8, 11). අපි සියල්ලෝම "සහෝදරයන්" සහ "දාසයන්" විය යුතුය. ස්වාමින් වහන්සේ අපිට දී අණ කළ සියල්ලටම කීකරු වූ පසු, අප ස්වාමින් වහන්සේ අපිට කරන්න අණ කළ දේ කළ "නුසුදුසු දාසයන්" පමණි යැයි, එවිට අපිට අපවම ආමන්ත්‍රණය කරගත හැකිය යැයි, යේසුස් වහන්සේ කීසේක (ලූක් 17: 10). අප සියල්ලෝම ආශාවෙන් බලාපොරොත්තු වියයුතු වන්නේ මෙම තණතුරට ය.

අධිකාරිත්වයට අවනත (යටත්) වීම :

"අපගේ නායකයන්ට කීකරු වී ඔවුනට අවනත වන මෙන්" බයිබලය අපට උගන්වති (හෙබ්‍රෙව් 13: 17). එසේම (CFC) සී. එෆ්. සී. හි අංගයක් වීමට කැමති අයට මෙම දෙවියන් වහන්සේගේ අණට කීකරුවීමට සහ තම සභාවේ වැඩිමහල්ලන්ට සභා-ක්‍රියාවන් ගැන අවනතවීමට අපි උගන්වමු. අපි කිසි කෙනෙකුට එය කිරීමට බල නොකරමු, මන්ද එවැනි අවනත වීමක වටිනාකමක් ඇත්තේ එය ස්වේච්ඡාවෙන් කිරීමෙන් පමණකි.

සමහර අනෙකුත් සභාවන්වල පාප් කෙනෙකුට, හෝ පූජකයෙකුට, හෝ පාස්ටර් කෙනෙකුට අවනත (යටත්) වන ලෙස මිනිසුන්ට බල කෙරේ. අපි කිසි කෙනෙකු කෙරෙහි ආධිපත්‍යයක් නොදරන්නෙමු. අපි ඇඳහිළිවන්තයින්ට අවනත වියයුතු කාහටද කියා, තෝරගන්න නිදහස දෙන්නෙමු. එවිට ඔවුන්ට විශ්වාසයක් ඇති වැඩි මහල්ලෙකුට ස්වේච්ඡාවෙන් අවනත වන්නට තෝරාන්නට පුළුවන, මන්ද මෙවැනි අවනත වීමෙන් ලැබිය හැකි, ප්‍රඥාව හා රැකවරණය ඔවුන්ට අවශ්‍ය වන නිසා. වැඩිමහල්ලෙකු කෙරෙහි විශ්වාසයක් ගොඩනැගෙන්නේ ඔහු ජීවත්වන, ඔහුගේ පවුල ගොඩනැඟු, සහ ඔහුගේ සේවාවට දෙවියන් වහන්සේ සාක්ෂි දරන්නා වූ ආකාරය, ඇඳහිළිවන්තයින් නිරීක්ෂණය කිරීමෙනි.

ක්‍රියා පොතෙහි හැරුණා වූ නවකයන් සියල්ලෝම තම තමන්ගේ ප්‍රදේශයෙහි පිහිටි සභාවලට එකතු කරන ලදී. ඉන් පසු අපොස්තුළුවරු වැඩිමහලලන් (බහු වචන) සෑම සභාවක් භාරව පත් කළෝය (තීතස් 1: 5). සමබරතාවය රැකගන්නා පිණිස අවම වශයෙන් වැඩිමහල්ලන් දෙදෙනෙක් වත් සෑම සභාවකම සිටියෝය. මෙම වැඩිමහල්ලන්, ඇඳහිළිවන්තයින්ව පරිණත්වයට ගොඩනැඟීම උදෙසා මඟ පෙන්වන එඬේරුන් මෙන් ආත්මික පියවරු යුතුවිය. එළෙසම වැඩිමහල්ලන්ව ද හැසුරුවේ (මඟ පෙන්වූවේ) අපොස්තුළුවරුන් තුළින් හෝ (අපොස්තුළුවරුයෙකු නොමැති කළ) වඩා පරිණතභාවයට පත් අන් වැඩිමහල්ලන් තුළින් ය. සී. එෆ්. සී. සමඟ සම්බන්ධ වූ සියළුම සභාවන් තුළ අපි පිළිපැද්දේ මෙම නව ගිවිසුම් රටාවයි.

ඇඳහිළිවන්තයින් සහ වැඩිමහල්ලන් හික්මවීම :

සියළු යහපත් පවුල්වල, පියවරු තම දරුවන් අවශ්‍ය වූ කල්හි හික්මවයි. "මුහුන් බිඳකින් මුළු පිටි පිඬම මුහුන් නොවන ලෙසට" වගබලා ගන්නා පිණිස ( 1 කොරින්ති 5: 6,7), සී. එෆ්. සී හා සම්බන්ධ වූ සියළුම සභාවන් තුළ ද පාපයේ නොකඩවා ජීවත්වන අයව (මතෙව් 18 : 15-17හි උගන්වනු ලෙස) හික්වමීම (විනයානුකූල) කළයුතු බව අපි විශ්වාස කරන්නෙමු.

ඇඳහිළිවන්තයින් දෙදෙනෙකු හෝ තුන් දෙනෙකු සභාවක වැඩිමහල්ලෙකුට විරුද්ධව චෝදනාවක් යොමු කරහොත්, එවිට ජ්‍යෙෂ්ඨ පරිණත වැඩිමහල්ලන් (සහ එම සභාවට අපොස්තුළු වගකීම් දරණ) චෝදනාව සැලකිළිමත්ව විමර්ශනය කර, චෝදනාව සත්‍ය නම්, එවිට ඔවුහු 1 තිමෝති 5: 19-21 හි උපදේශ අනුගමනය කරයි :

"වැඩිමහල්ලෙකුට විරුද්ධව චෝදනාවක් දෙදෙනෙකු හෝ තුන් දෙනෙකුගේ සාක්ෂියක් තුළ මිස භාරනොගන්න. අන් අයද පාපයේ යෙදෙන්නට බියවන පිණිස සැම දෙනා ඉදිරියේ, පාපයේ දිගටම යෙදෙන්නන්ට ප්‍රසිද්ධියේ තරවටු කරන්න, පක්ෂග්‍රහිත්වයේ ආත්මයකින් කිසිත් නොකරන්න".

මෙම හික්මවීම කිසිම කෙනෙකුට පක්ෂග්‍රහිත්වයෙන් තොරව පැවැත්වේ. චෝදනාවට අනුව වැඩිමහල්ලව හික්මවමි (විනය පරික්ෂණට භාජනයවේ) - එය ගැන මුළු සභාවටම දන්වමි (ඉහත පදවල උගන්වා ඇති ආකාරයට). [එළිදරව් 2 හා 3 හි පසුබට වූ සභාවන් පහේ වැවඩිමහල්ලන්ට ස්වාමින් වහන්සේගේ තරවටුව ගැන සියළු සභාවලට දන්වන්න කියා යොහාන් අපෝස්තුළුවරයාට කියූ බව අප මෙයට නිදසුනක් හැටියට දකින්නෙමු].

මෙම තරවටුව සම්බන්ධයෙන්, සභාවක වැඩිමහල්ලෙකු පත්කිරීමට සහෝදරයෙකුට ආධිපත්‍යය දෙවියන් වහන්සේ දී තිබේනම්, එම වැඩිමහල්ලව තරවටු හෝ ඉවත් කිරීමට අවශ්‍ය වුවහොත්, එවිට එම ආධිපත්‍යයම පාවිච්චි කිරීමට පුළුවන

කෙසේ හෝ, සහෝදරයා හෝ වැඩිමහල්ලව අවසානයේ නැවත ස්වාමින් වහන්සේ සහ සභාවට පිහිටුවීමේ බලාපොරොත්තුවෙන් සියළු තරවටු ප්‍රේමණීය ආත්මයකින් (පියෙකු මෙන්) සිදුකෙරේ (2 කොරින්ති 2: 6-11).

තම තමන්ගේ සභා අතරේ සහෝදරත්වයේ සහභාගිකම :

සී. එෆ්. සී හා සම්බන්ධ වූ සභාවන් නිකායක් නොවේ. අප සියල්ලන් හට එකම දැක්මක් ඇති බැවින් අපි එකට ක්‍රියාකරන සහෝදරත්ව සහභාගිකමේ සභාවන්ය. අපහට ප්‍රධාන මූලස්ථානයක් නැත. නායකත්වයට චන්ද විමසීමක් නැත. අපහට අධ්‍යක්ෂකවරයෙක් හෝ සභාපතිවරයෙක් නැත. අපහට කිසිදු සභා-දේපළවලට ප්‍රධාන මූලස්ථාන පාලනයක් නැත. එක් එක් සභාව ස්වාමින් වහන්සේම යටතේ ස්වාධීනය. එබැවින්, පත්කළ සියළු වැවඩිමහල්ලන් මුලින්ම ස්වාමින් වහන්සේටම සෘජුවම ගණන් දිය යුතුය. [අප එළිදරව් 1: 20 හි දකින්නාසේ, එක් එක් තාරකාව ස්වාමින් වහන්සේගේ හස්තයේ තිබෙන නව ගිවිසුම් රටාව මෙයවේ]. සමහර නිකායන්ට තිබෙනසේ - රඳගුරුවරු යටතේ දියෝකීසියන් හෝ සභා සමූහයන් අපහට නැත. සභා වැඩිමහල්ලාගේ වගකීම තම සභාවට මිස වෙන කිසි සභාවකට නොමැත. එසේම කිසිම වැඩිමහල්ලෙකුට වෙනත් සභාවක වැඩිමහල්ලෙකුට යටත්වන ලෙස ඉල්ලීමක් නැත.

පාවුලුතුමා රෝපණය කළ සභා ඔහු නිකායකට පත් කළේ නැත. සී. එෆ්. සී සහ අප සමඟ සම්බන්ධිත සභා ද නිකායන් නොවේ. ස්වාමින් වහන්සේ රෝපණය කළ සහ සී. එෆ්. සී සමඟ සම්බන්ධ කළ සෑම සභාවක්ම සම්පූර්ණයෙන්ම ස්වාධීනය - එහි මෙහෙයවීම ඒවායෙහිම වැඩිමහල්ලන් තුළින් සිදුකෙරේ. කිසිවකු එම වැඩිමහල්ලන් පාලනය හෝ ඔහුන් කළයුතු දේ නොකියයි. ස්වාමින් වහන්සේම පමණක් ඔවුන්ගේ හිසය.

කෙසේ හෝ ඔවුන්ගේම සභාවල ප්‍රශ්ණ තිබෙන විට - වැඩිමහල්ලන්ට අනිකුත් සභාවල වඩා පරිණත (මේරූ) වැඩිමහල්ලන් ගෙන් හෝ අපෝස්තුළු සේවාවක් ඇති අයගෙන් අවවාද පැතිය හැකිය. - හරියට කොරින්තියෙහි ඇඳහිළිවන්තයින් ඔවුන් අතරේ ප්‍රශ්ණ තිබුණු කළ පාවුලුතුමාව සම්බන්ධ කරගත්තාක් මෙන්. එම අවස්ථාවේ ඔවුන්ගේ ප්‍රශ්ණ විසඳීමට පාවුලුතුමාගේ අවවාද උපකාරවුණි.

ස්වාමින් වහන්සේ තුළ එක පවුලක් සේ අපගේ ඒකත්වය සවිමත් වන පිණිස සී. එෆ්. සී හා සම්බන්ධ සභාවන් සමඟ අපි නිතරම සහෝදරත්වය ගොඩනගන්න සොයමු. සී. එෆ්. සී ආශිත සභාවන් සමඟ අපි නිතරම සම්මන්ත්‍රණ පැවැත්වීමට මෙය එක් හේතුවකි.

පවුල් ජීවිතයේ වැදගත්කම :

පවුල තුළ දේව භක්තිවන්තකම සී. එෆ්. සී හි ප්‍රධාන මූලික වැදගත්කමකි. එමනිසා තම දරුවන් දෙවියන් වහන්සේගේ මාර්ගවල ගොඩනගන පිණිස අනොන්‍ය ප්‍රේමයෙන් සහ ගෞරවයෙන් යුක්තව යහපත් අඹු - සැමි සබැඳියාවක් ඇතිවන පිණිස අපි නිතර දිරිගැන්වීමේ රැස්වීම් පවත්වමු.

බිරියන් තම සැමියන්ට උදව්කාරියන් වන ලෙස දෙවියන් වහන්සේ අදහස් කළසේක. ඔවුන්ගේ උදව් අප සී. එෆ්. සී. හි අතිශයින් අගය කරන්නෙමු - එනම්, ඔවුන්ගේ පවුල් ගොඩනැගීමට තම සැමියාට උදව් කිරීම සහ තම සැමියාගේ සේවාවට සැමියාට උදව් කිරීම. තම බිරියන්ට ආදර්ශයක් වනසේ යහපත් එඬේරු ලෙස සෑම අංශයකින්ම ඔවුන්ගේ ඉදිරියෙන් යන්නට අප සී. එෆ්. සී තුළ ස්වාමි පුරුෂයින්ට උගන්වන්නෙමු.

දැන් දූවරුන්ටත් අනාගතවාක්‍ය කීමට හැකි බැවින්, සී. එෆ්. සී තුළ සියළු සහෝදරියන්ට ශුද්ධාත්මයාණන් ගෙන් පිරී අනාගතවාක්‍ය කීමේ දීමනාව ලබන පිණිස අප දිරිගන්වන්නෙමු (ක්‍රියා 2: 17, එපීස 5: 18, 1 කොරින්ති 14: 1) - එනම්, අන් අය දිරිගන්වන සහ සණසන සහ ආශිර්වාද කරන වදන් බෙදාගැනීමය - ප්‍රථමයෙන්ම තම සැමියන්ට සහ දරුවන්ට තම නිවස් තුළම සහ අන් සහෝදරියන්ට වියයුතුය (1 කොරින්ති 14: 3හි අප කියවන්නාසේ).

සී. එෆ්. සී. හි අනාගත නායකත්වය :

සී. එෆ්. සී. හි, අපගේ සියළු තරුණ සහෝදරයන්ට ඉදිරි දවස්වල සභාවලට නායකයින් වන ලෙස, ඔවුන්ගෙන් සමහරෙකුට දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ලැබෙන පිණිස පූර්ණ හදවත් ඇත්තන් වන්නට අප දිරිගන්වන්නෙමු.

මනුෂ්‍ය ඉතිහාසය සිට ඊර්ශ්‍යාව මහත් ප්‍රශ්ණයක් වී ඇත. කායින් ඔහුගේ බාල සහෝදරයා ආබෙල් කෙරෙහි ඊර්ශ්‍යා වුණි සහ සාවුල් බාල තරුණ දාවිත් කෙරෙහි ඊර්ශ්‍යා වුණි. තවද දීමනාලත් බාල සොහොයුරන් ගේ වර්ධනය කෙරෙහි ඊර්ශ්‍යාවෙන් පෙළුණු " වැඩිමහල් සොහොයුරන්" ඔවුන්ව මැඩලූ බැව් කියන ආදර්ශ කිතුණු ඉතිහාසයේ පිරී ඇත. කෙසේ වෙතත් සී. එෆ්. සී. හි අප, සියළු වැඩිමහල් සොහොයුරන්ව දිරිගන්වන්නේ නායකත්වය කරා දියුණු කළ හැකි දේව භක්තික තරුණ සොහොයුරන් සොයා ඔවුන්ව ධෛර්යමත්කර පුහුණු කරන ලෙසටය.

දෙවියන් වහන්සේගේ සේවාවේ විශාම යාමක් යැයි දෙයක් නොමැති හෙයින්, සී. එෆ්. සී. හි වැඩිමහල් සොහොයුරෙක් කිසිදා විශාම නොයයි. නමුත් තම පුතුන් පරිණතභාවයට ගෙනවිත් ඉන්පසු පසුපසට වී ඔවුන්ගේ පුතුන්ට තම ජීවිතය හසුරුවන්නට ඉඩහරින පියෙකු මෙන්, සී. එෆ්. සී. හි වයස්ගත වැඩිමහල් සොහොයුරන් ද එසේම කරති. මෙවැනි යටහත්, දේව භක්තික, පිය සෙනෙහසින් යුතු වැඩිමහල් සොහොයුරන් ඔවුන්ගේ ආත්මික පුතුන් ගෙන්, ගෞරවය හා සම්මානිත (උතුම් කොට සැළකීම) සහ උපදෙස් ලබාගැනීම ඔවුන්ගේ ජීවිත කාලය පුරාවටම සිදුවේ.

සොහොයුරන් එකත්වයෙන් එකට ජීවත්වීම දකින්න කෙතරම් භාග්‍ය ද ..... සදාකාල ජීවනයේ ආශිර්වාදය දෙවියන් වහන්සේ ආඥා කරණුයේ එතැනදී පමණි (ගීතාවලිය 133: 1,3).

"දෙවියන් වහන්සේ විසින් නුඹට පැවරූ විශේෂිත සේවාව" කිරීමට දැඩි අවධානය යොමුකර, එය සම්පූර්ණ කරන ලෙසට වගබලාගන්න ( කොලොස්සි 4: 17).