අපගේ මූල්‍ය ප්‍රතිපත්තිය


දෙවියන් වහන්සේගේ අව්‍යාජ සේවාවකට මුදල් පරිහරණය කිරීමට පුළුවන, නමුත් එය කිසිවිටක මුදල් මත යැපෙන්නේ (රඳා පවතින්නේ) නැත. එය රඳා පවතින්නේ ශුද්ධාත්මයාණන්ගේ බලය මත පමණි. යම්කිසි සේවාවක් මුදල් මත යැපෙන්නේ නම්, එය දෙවියන් වහන්සේගේ අව්‍යාජ සේවාවක් නොව.

Our Financial Policy

ඔබ දීමට ප්‍රථමයෙන්, කරුණාකර සෝදිසි කර බලන්න

1. ඔබ නැවත උත්පාදිත (උපන්) දේව දරුවෙක්ද ?

2. ඔබගේ පවුලේ අශ්‍යතාවයන් සපුරන්න තරම් ඔබට තිබේද ?

3. ඔබ ණයබරින් නිදහස්ද (නිවාස ණයක් හැර) ?

4. ඔබ සියළු මනුෂ්‍යයන් සමඟ සමාදානද?

5. ඔබ දෙන්නේ සතුටු සිතින්ද ?

පඬුරු

යේසුස් වහන්සේගේ සේවාව ශුද්ධාත්මයාණන්සේ මත පමණක් රඳා පැවතුණේය. උන්වහන්සේගේ අනුගාමිකයන්ගෙන් උන්වහන්සේගේ සේවාවට මුදල් ත්‍යාග බාරගත් (ලූක් 8: 23) නමුත් උන්වහන්සේගේ කිසිවිට කිසි කෙනෙකුගෙන් මුදල් ඉල්ලුවේ නැත, එමෙන්ම උන්වහන්සේගේ මුල්‍ය (මුදල්) අවශ්‍යථාවයන්, උන්වහන්සේගේ පියාට හැර කිසි කෙනෙකුට දැන්වූවේ නැත. දෙවියන් වහන්සේට ගෞරවය කරන ඕනෑම සේවාවක් අදටත් සේවය කරන්නේ මෙයාකාරයටය.

යේසුස් වහන්සේ පොළොවේ ප්‍රථම භෞතික "ක්‍රිස්තු ශරීරය" වුවේය. අද සභාවේ අප ආත්මික "ක්‍රිස්තු ශරීරය" යයි හැඳින්වේ. එබැවින් යේසුස් වහන්සේම, උන්වහන්සේගේ පොළොවේ ජීවිතයෙහි මුදල් සම්බන්ධයෙන් අපහට තැබූ නිදසුන අප අනුගමනය කරන්න සොයමු.

එබැවින්, අප සභාවක් හැටියට පැවතුණු පසුගිය දශක හතර තුළ (1975 සිට), අප කිසි කෙනෙකුගෙන් අපගේ අවශ්‍යථාවයන් සඳහා මුදල් ඉල්ලා නැති අතර, අපගේ අවශ්‍යථාවයන් ගැන කිසිදු ඉඟියක්වත් අඟවන යාච්ඤා ඉල්ලීම් ලිපි ද යවා නැත. අප කිසිදා අපගේ බැංගලෝරයෙහි සභාවේ හෝ ස්වාමින් වහන්සේ ඉන්දියාවේ හා විදේශීය රටවල්වල අප තුළින් රෝපණය කළ බොහෝ සභාවලින් එකකින්වත් පඬුරු එකතු කර නැත. ස්වාමින් වහන්සේගේ සේවාවට - රහසිගතව, සතුටු සිතින් හා ස්වේච්ඡාවෙන් - දෙන්නට කැමති අයට - අපගේ සභා රැස්වීම්වල අප පඬුරු පෙට්ටියක් පමණක් තබා ඇත. තවද ඉන්දියාවේ නොයෙකුත් පළාත්වල පවත්වන අපගේ තුන්-දින වාර්ශික සමුළුවලට සහභාගිවන සියළුම දෙනාට අප සැමවිටම නොමිළේ කෑම හා නවාතැන් සපයා ඇත. අපගේ සභාවල සියලු වැඩිමහල්ලන් භෞමික රැකියා කරමින් තමන්ගේ අවශ්‍යථාවයන් සපුරාගන්නා (අපෝස්තුළු පාවුලුතුමා මෙන්) අතර, සභාවලින් ඔවුන් කිසිවෙකුව මුල්‍යමය නඩත්තු නොකරයි. තවද අන්තර්ජාලයේ ඇති අපගේ පොත්, ලිපි, ඕඩියෝ හා වීඩියෝ පණිවුඩ (ලෝකයේ ඕනෑම කෙනෙකුට නොමිළේ) කියවන්න / අහන්න/ බලන්න හැකිය. ස්වාමින් වහන්සේගෙන් අප සියල්ල නොමිළේ ලබා ඇති හෙයින් අප සියල්ලම අන් අයට නොමිළේ ම දෙන්නෙමු.

ඔබ දීමට ප්‍රථමයෙන්, කරුණාකර සෝදිසි කර බලන්න.

1. ඔබ නැවත උත්පාදිත (උපන්) දේව දරුවෙක්ද ?

2. ඔබගේ පවුලේ අවශ්‍යථාවයන් සපුරන්න තරම් ඔබට තිබේද ?

3. ඔබ ණයබරින් නිදහස්ද (නිවාස ණයක් හැර) ?

4. ඔබ සියළු මනුෂ්‍යයන් සමඟ සමාදානද?

5. ඔබ දෙන්නේ සතුටු සිතින්ද ?

මෙම සියළු සේවාවන් හට බොහෝ මුදල් ප්‍රමාණයක් නිසැකයෙන්ම අවශ්‍යවේ - අපගේ කිසිම සභාවක සේවාවන් සඳහා සහයෝගය දෙන (ධායකවන) කිසිදු දසළක්ෂපතියන් නොමැත. ඉන්දියාව දුප්පත් රටක් වියහැක, නමුත් අපි ප්‍රථමව දෙවියන් වහන්සේගේ රාජ්‍ය සොයන්න ගත්කළ - දෙවියන් වහන්සේ සැමවිටම අපගේ සියළු අවශ්‍යථාවයන් සැපයූ සේක. එබැවින් අපගේ සේවාවේ ආරම්භයේ සිට, අප කිසිවිටක ණය වී නැත. අපගේ රැස්වීම් ශාලාවන් ගොඩනැඟීමට බැංකු ණයක් හෝ උකසක් අරන් නැත. අපි කරන විදිහට වෙනස් ආකාරයෙන් කරන අනෙකුත් සේවාවන් අප විනිශ්චය නොකරමු. නමුත් දෙවියන් වහන්සේ අපව හසුරු වූවේ මෙයාකාරයට ය. අප යේසුස් වහන්සේගේම ආදර්ශය - පොළොවේ ප්‍රථම "ක්‍රිස්තු ශරීරය" අනුගමනය කරන්න සෙව්වෙමු.

එහෙයින් මිනිස්සු මෙම සේවාවට සහයෝගය දෙන්න අපෙන් අසන කළ, ප්‍රථමයෙන් ම මෙම පිරික්සුම් ලැයිස්තුව කියවා බලන මෙන් අප ඔවුන් ගෙන් අයදින්නෙමු.

1. ඔබ නැවත-උත්පාදිත (උපන්) දේව දරුවෙක්ද ? පොළොවෙහි දෙවියන් වහන්සේගේ සේවාවට ධායකවීම මහත් ගෞරවයක් හා වරප්‍රසාදයක්ය; නමුත් එම වරප්‍රසාදය දී තිබෙන්නේ නැවත-උත්පාදිත (උපන්) දේව දරුවන්ට පමණය (3 යොහාන් 7).

2. ඔබගේ පවුලේ අවශ්‍යථාවයන් සපුරන්න තරම් ඔබට තිබේද ? ඔබගේ දීම තුළින් ඔබගේ පවුලට අධිකතර මුල්‍ය බරක් ඇති නොවේය කියා ඔබට සහතිකද? පළමුව ඔබගේ පවුලේ අවශ්‍යථාවයන් ඔබ සැපයීය යුතුය (මාර්ක් 7: 9-13, හා 1 තිමෝති 5: 8 බලන්න). අපගේ ස්වර්ගික පියා ඉතා ධනවත් බැවින් උන්වහන්සේගේ සේවාවට මුදල් දුන් හේතුවෙන් උන්වහන්සේ (පොළොවේ ධනවත් ඕනෑම පියෙකු මෙන්) කිසිම ආකාරයකින්, උන්වහන්සේගේ කිසිම දරුවෙක් කුසගින්නටවත් පීඩාවටවත් පත්වෙනවාට කැමති නැත.

3. ඔබට ගෙවීමට විශාල ණයක් තිබේද ? එසේනම්, මුළින්ම එම ණය ගෙවන්න.දෙවියන් වහන්සේට, උන්වහන්සේගේ දරුවන් ණයබරින් තොර ශාන්ත (කළබල නැති) ජීවිතයක් ගතකිරීම අවශ්‍යව ඇත. දෙවියන් වහන්සේට ඕනෑම දෙයක් දෙන්නට ප්‍රථම, සීසර්ට අයිති දේ අප මුළින්ම සීසර්ට දියයුතුය, මක්නිසාද සීසර්ගේ මුදල් හෝ වෙනකුගේ මුදල් අප උන්වහන්සේටදීම උන්වහන්සේට අවශ්‍ය නැත.(මතෙව් 22: 21, රෝම 13: 8).

(අවධානය යොමුකරන්න: නිවාස-ණයක්, (සැබෑ ලෙස) "ණයක්" නොවේ (මෙම පදවල තේරුම අණුව), මක්නිසාද, නිවස ඔබ ගත් ණයට සමාන ඔබ සන්තක වත්කමකි. එම හේතුවටම, වාහන ණයක්ද - ඔබ වාහනය ගත් ණය ප්‍රමාණයටම රක්ෂණය කළහොත් ණයක් නොවේ).

4. ඔබට පැහැදිළි (වධ නොදෙනා) හෘදසාක්ෂියක් තිබේද? ඔබ විසින් යම් විදිහකින් රිදවපු අය සමඟ සමාදානය වන්නට ඔබගේ උපරිම උත්සහය යොදවා තිබේද? කෙනෙකුව රිදවා සමාව නොඉල්ලු කිසි කෙනෙකුගෙන් දෙවියන් වහන්සේ කිසිම දීමනාවක් (පඬුරක්) භාර නොගන්නා සේක (මතෙව් 5: 23, 24).

5. ඔබ දෙන්නේ - කිසි මනුෂ්‍යකුගෙන් හෝ ඔබගේම හෘදසාක්ෂියෙන් වත් පීඩාවට පත් නොවී නිදහසින් හා සතුටු සිතින්ද? දෙවියන් වහන්සේ ප්‍රේම කරන්නේ සතුටු සිතින් දෙන්නන්ට මිස, අකමැත්තෙන් දෙන්නන්ට නොවේ. පීඩනයක් තුළ හෝ යම්කිසි පොරොන්දුවක් (බැඳීමක්) ඉෂ්ඨ කරන පිණිස හෝ හුදු තමන්ගේ හෘදසාක්ෂිය සැහැල්ලු කරගන්නා පිණිස හෝ උන්වහන්සේගෙන් විපාක බලාපොරොත්තුවෙන් දෙන අයගෙන් උන්වහන්සේට ත්‍යාග අවශ්‍ය නැත (2 කොරින්ති 9: 7).

කරුණාකර මෙම පිරික්සුම් ලැයිස්තුව තුළින් ඔබ කියවා යනවිට අප සමඟ ඉවසිලිමත්වන්න. මුල්‍ය (මුදල්) පිළිබඳ කරුණුවලදී, අප යේසුස් වහන්සේ ආදර්ශය හා ඉගැන්වීම් අනුගමනය කරන්න සොයන්නෙමු.

ක්‍රිස්තියානි සහෝදරත්ව සහභාගිකමේ සභාවට (ක්‍රිස්තියන් ෆෙලෝෂිප් චර්ච්) දීම

ඉහත සියල්ල ඉතා ඕනෑකමින් සළකා බැලූ පසුත්, මෙම සේවාවට ධායකවන්නට (දීමට) ඔබට සිතෙනවා නම්, පහත සඳහන් ක්‍රමයකට ධායකවන්න ඔබට පුළුවන.

සම්මාදම් එවන ක්‍රම :

මුදල් හුවමාරුව

ක්‍රිස්තියන් ෆෙලෝෂිප් චර්ච් එකට මුදලින් සම්මාදම් කිරීමට, කරුණාකර අපට [email protected] එකට ඊමේල් කරන්න.

චෙක් පතකින් ධායකවීමට :

ඔබගේ චෙක් පත "Christian Fellowship Centre" යන නමට යවන්න.

කරුණාකර රෙජිර්ටර් තැපෑලෙන් පහත ලිපිනයට යවන්න.

Christian Fellowship Church

#69-71, Paradise Enclave, Bellahalli

(Behind Supertech Micasa Apartment)

Kannur Post

Bangalore Urban

Bangalore - 562149

Karnataka

India

මෙය වැදගත් කරුණකි සැලකිළිමත් වන්න:

චෙක්පත "Christian Fellowship Church", යන නමට නොව, නමුත්"Christian Fellowship Centre" නමට යා යුතුය.

මෙය කියවූ ඔබට ස්තුතියි, දෙවියන් වහන්සේ ඔබගේ පෞද්ගලික ජීවිතය හා ඔබගේ ධායකත්වයෙහි ආශිර්වාද කර මඟ පෙන්වත්වා