දෙවියන්වහන්සේට අවශ්‍යයවන පුරුෂයන්

Article Body: 
  • පුරුෂයන්ව අද දෙවියන්වහන්සේට අවශ්‍යය.
  • උන්වහන්සේගේ පාමුල සිටිමින් උන්වහන්සේගේ හඬදිනපතා අසන පුරුෂයන්,
  • දෙවියන්වහන්සේට වඩා කිසි කෙනෙක්ට හෝ කිසි දෙයකට තම හදවත්වල ආශාවන් ඇති කර නොගන්නා පුරුෂයන්,
  • අධික වු දේව භය නිසා ඔවුන්ගේ සියළුම මාර්ගල වලදි ඕනෑම ආකාර පාපයකට ද්වේෂ කර එසේම ධර්මිෂ්ඨකමට සහ සත්‍යයට ප්‍රේම කරන පුරුෂයන්,
  • කෝපය සහ පාපකාරි ලිංගික සිතුවිලි ජයගත්සහ සිතුවිලි වලින් හෝ ඉරියව්වෙන් වත් පව් කරනවාට වඩා මරණය හොඳයැයි සිතන පුරුෂයන්,
  • තමාගේම ගැලවිම සඳහා නිරන්තර භයෙන්, වෙව්ලමින් ක්‍රියාකරන්නාවූ දවස්පතා කුරුසිය ගෙන සම්පුර්ණත්වය කරා නොනැවතී යන්නාවූ පුරුෂයන්,
  • ප්‍රේමයේ මුල් ඇද ස්ථීරව සිටින ඔවුන්ව, පෙළඹවීම කොයි තරම් අධික වුවත්, වෙන මනුෂ්‍යයෙක් වෙත ප්‍රේම විරහිත හැඟීමකට කවදාවත් ගෙන යාමට නොහැකි ලෙස ශුද්ධාත්මයෙන් පිරී සිටින පුරුෂයන්,
  • මනුෂ්‍ය ප්‍රශංසාව, ආත්මික වර්ධනය, යන මේ දෙකින් එකකටවත් එලෙසම දේවානුභාවයෙන් පිරුනු සේවය හා වෙන කිසියම්ි දෙයකට වත්, සියළුම ශුද්ධවන්තයන්ගෙන් ඉතාම අඩු කෙනාටත් වඩා තමුන් පහත් යන ඔවුන් තුල ඇති දැනීම නැති කිරිමට නොහැකි යටහත්කම තුල මුල් ඇද ස්ථිරව සිටින පුරුෂයන් ,
  • දෙවියන්වහන්සේගේ වචනය තුලින් උන්වහන්සේගේ ස්වභාවය සහ අරමුණ තේරුම් ගත්, එසේම ඒ වචනයට වෙව්ලන ඔවුන්, එයින් කුඩා ආඥාවකටවත් අකීකරු නොවන හෝ එය අන් අයට ඉගැන්වීමට අතපසු නොකරන පුරුෂයන්,
  • මිල අධීක ඇඳූම් වලට ආශාවක් නොමැති හෝ විසිතුරු ස්ථාන නැරඹීමට සහ නිෂ්ඵල ක්‍රියාවන්ට තම කාලය නාස්ති නොකරන හෝ ඔවුන්ගේ මුදල් වලින් අනවශ්‍ය දේ මිලයට නොගන්නාවු පුරුෂයන්,
  • රසවත් ආහාර වලට ඇති ආශාව පාලනය කරගත් සහ සංගීතය, ක්‍රිඩාව හෝ වෙනයම් සම්මත ක්‍රියාවකට වහල් නොවු පුරුෂයන්,
  • නින්දාව, පීඩාව, බොරුව, වැරදි දෝෂාරෝපණය, ශාරීරික අසනිප, ආර්ථීක අමාරුකම් සහ ආගමික නායකයින්ගේ සහ නැදැයින්ගේ විරුද්ධවාදිකම් නැමති විපත්තියේ ගින්දර වලින් දෙවියන්වහන්සේ විසින් සාර්ථක ලෙස හික්මවු පුරුෂයන්,
  • සියළුම පව්කාරයන්ට වඩා තමුන් ප්‍රධාන පවුකරුවෝයයි සලකන බැවින් නරකම පව්කාරයන් සමඟ සහ ඉතාමත් නරක ඇදහිලිවන්තයන් කෙරෙහි අනුකම්පා කර එසේම ඔවුන් ගැන බලාපොරොත්තුවක් ඇතිව දයාවෙන් පිරුණාවූ පුරුෂයන්,
  • තම ස්වර්ගීය පියාණන්ගේ ප්‍රේමය නැමති ආරක්ෂාව තුල තදින් මුල් ඇද සිටින හෙයින් කිසිම දෙයක් ගැන කවදාවත් කනස්සලූ නොවී එසේම සාතන්ටවත් දූෂ්ඨ මනුෂ්‍යයන්ටවත්, අපහසු අවස්ථාවන්ටවත් හෝ වෙන ඕනැම දෙයක් ගැනවත් භය නැති පුරුෂයන්,
  • දෙවියන්වහන්සේගේ ස්වාධින ක්‍රියා කිරිම ඕනෑම කාරණාවක් තුල ඉතාමත් යහපත් ලෙස ඔවුන්ට සිදුවන බව අදහන සහ එම නිසා සැමවිටම සියළු මනුෂ්‍යයන්ට සෑම දේ ගැන සහ සෑම තත්වයන් තුල නිතරම ස්තුතිවන්තවන හා දෙවියන්වහන්සේගේ නිවාඩුවට ඇතුල්වු පුරුෂයන්,
  • දෙවියන්වහන්සේ තුළ පමණක් ප්‍රීතිය ලැබු නිසා සිතේ සෑම නරක ස්වභාවයන් ගෙන්ජයගත් ස්වාමීන්වහන්සේගේ ප්‍රීතියෙන් පිරුනාවූ පුරුෂයන්,
  • තමන් තුල හෝ තමන්ගේ සහජ හැකියාවන් තුල විශ්වාසයක් නැති, එනමුත් සෑම අවස්ථාවක් තුලම ඔවුන්ට සහතික ලෙස උපකාර කරන්නාවු දෙවියන්වහන්සේ කෙරෙහි සම්පුර්ණ විශ්වාසය ඇතුව ඇදහීමෙන් ජිවත්වෙන පුරුෂයන්,
  • තමන්ගේම බුද්ධියේ පෙළඹ වීමෙන්නොව නමුත් ශුද්ධආත්මයාණන්ගේ මඟ පෙන්වීම
  • කරන කොට ගෙන ජිවත්වෙන පුරුෂයන්,
  • ක්‍රිස්තුස්වහන්සේ කරන කොට ගෙනම සත්‍ය ලෙසම ශුද්ධආත්මයෙන් සහ ගින්දරෙන් බව්තිස්මය කරනු ලැබු (සමහර ව්‍යාජ හැඟීම් තුල වෙව්ලන්නාවු හෝ දේව ධර්ම තර්ක තුලින්ඒත්තු ගත්තාවු නොවන) පුරුෂයන්,
  • ශුද්ධආත්මයාණන් වහන්සේ යටතේ ඔවුන්ට දෙන ලද ආශ්චර්‍ය​යමත් දීමනා හිමි කරගත් එසේම උන්වහන්සේගේ ආලේපය යටතේ නිරන්තරවම ජිවත් වෙන පුරුෂයන්,
  • සභාව ක්‍රිස්තුස්වහන්සේගේ ශරිරය ලෙසට එළිදරව්වීමක් ඇති (සමූහයක් හෝ නිකායක් ලෙසට නොව) ඔවුන්ගේ සම්පත්, ආත්මික දීමනා සහ ඔවුන්ගේ මුළු ශක්තිය ඒ සභාව ගොඩනැඟිමට දෙන්නාවූ පුරුෂයන්,
  • ශුද්ධආත්මයාණන්ගේ උපකාරය ඇතිව දිව දමනය කිරීමට ඉගෙන ගත්තාවු සහ ඔවුන්ගේ දිව් දැන් දිව්‍යමය වචනයෙන් දැවෙන්නාවු පුරුෂයන්,
  • භෞතික දෙයට හෝ මුදලට කිසිසේත් ඇදී නොයන සහ අන් අයගෙන් තෑගි ගැනීමට ආශාවක් නැති, සියල්ල අත්හැරියාවූ පුරුෂයන්,
  • තම කථාබහ තුල හෝ වාර්තා හා ලිපිවල හෝ තමන්ගේ භෞතිකමය අවශ්‍යතා ගැන ඉඟි නොකරන හෝ තමන්ගේ වෙහෙස ගැන පාරට්ටු නොකරන එසේම පොළොවේ ඔවුන්ගේ සියළු අවශ්‍යතා සඳහා දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන පුරුෂයන්,
  • විවේචනයට විවෘත එසේම වැඩිමහල් ප්‍රඥාවන්ත සහෝදරයන්ගේනිදොස් කිරිමට ආශාකරන, මුරන්ඩු නොවන එහෙත් මෘදුවු පුරුෂයන්,
  • අන් අයට අවවාද කිරිමට හෝ බලය පැවැත්වීමට ආශාවක් නොමැති (ඒ නමුත් අසන ඕනෑම අවස්ථාවක අවවාද කිරිමට සුදානම්), සහ වැඩිමහල්සහෝදරයන් හෝ නායකයන් වීමට සිතාමතාම දැඩි ආශාවක් නැති, නමුත් සියල්ලන්ගේම සේවකයෙක් සහ සාමාන්‍ය සහෝදරයෙක් වීමට පමණක් ආශාවක් ඇති පුරුෂයන්,
  • අපහසුකම් වලට සිය කැමැත්ත ඇති සහ අන්අය විසින් වාසි ලබා ගන්නා, පහසුවෙන් මිත්‍රවිය හැකි පුරුෂයන්,
  • කෝටිපතියා සහ හිඟන්නා අතර විශිෂ්ඨත්වයක් නැති, සුදුහම සහ කළුහම අතර බුද්ධිමතා සහ මෝඩයා අතර එසේම ශිලාචාර සහ ම්ලේච්ඡයන් එක හා සමානව සලකන්නාවු පුරුෂයන්,
  • තම භාර්්‍යාවන්ගෙන්, දරුවන්ගෙන්, නැදැයන්ගෙන්, මිත්‍රයන්ගෙන් බලපෑමක් නැති හෝ අනෙක් ඇදහිලිවතුන්ට ඔවුන්ගේ සිතේ දෙවියන්වහන්සේට ඇති ශ්‍රද්ධාව හෝ දෙවියන්වහන්සේගේ ආඥාවලට ඔවුන්ගේ කීකරුවිම කවදාවත් යන්තමට හෝ සීතල වීමට ඉඩනොදෙන පුරුෂයන්,
  • සාතන් ප්‍රධානය කරන කවර තත්වයන්තුලදිවත් අල්ලස් ගැනිමේ සම්මුතියකට කවදාවත් ගෙන ඒමට නොහැකි පුරුෂයන් (ගෞරවය හෝ මුදල් හෝ ඕනෑම එකක්),
  • ආගමික ප්‍රධානින්ට හෝ ආගමික නොවන ප්‍රධානින්ටත් බියකින් තොර එසේම ක්‍රිස්තුස්වහන්සේ සඳහා නිර්භිත සාක්ෂිකරුවන් වන පුරුෂයන්,
  • පොළොව මතුපිට සිටින මනුෂ්‍යා සතුටු කිරිමට ආශාවක් නැති, සහ අවශ්‍යය නම් සියළුම මනුෂ්‍යයන්ට විරෝධි විමට හැකි, දෙවියන්වහන්සේව පමණක් සතුටු කිරිමට කැමති පුරුෂයන්,
  • හුදු මනුෂ්‍යය අවශ්‍යතා සහ ඔවුන්ගේම සැප පහසුවට වඩා, දෙවියන්වහන්සේගේ මහිමය, උන්වහන්සේගේ කැමැත්ත සහ දේව රාජ්‍යය ගැන නිතරම ප්‍රමුඛත්වය තබන පුරුෂයන්,
  • තමන්ගේම තේරුම් ගැනීමෙන් හෝ අන්කෙනෙක් නිසා හෝ දෙවියන්වහන්සේ උදෙසා —මළ ක්‍රියා˜ කිරිමට පිඩනයට ලක්කළ නොහැකි, නමුත් එළිදරව් වුන දෙවියන්වහන්සේගේ කැමැත්ත පමණක් ඔවුන්ගේ ජිවිත තුල කිරිමට මහත් ආශාවක් හා සතුටක් ඇති පුරුෂයන්,
  • ක්‍රිස්තියාර්‍ණ සේවය තුල ආත්මික සහ මාංශීක යන දෙක අතර වෙනස පැහැදිලිව වටහා ගැනීමට ආත්මික විමසීම ඇති පුරුෂයන්,
  • සිද්ධින් දෙස පොළොවේ ආකාරයට නොව ස්වර්ගික කෝණයකින් බලන පුරුෂයන්,
  • දෙවියන්වහන්සේට ඔවුන් කරන සේවයේ වෙහෙස උදෙසා පිරි නමන පොළොවේ සියළුම ගෞරවය සහ තානාන්තර ප්‍රතික්ෂේප කරන පුරුෂයන්,
  • අවශ්‍යය වූ විට නිරාහාරව සිට යාච්ඤාකිරිමට දන්නා සහ නොනවත්වා යාච්ඤාකිරිමට හැකි පුරුෂයන්,
  • ත්‍යාගශිලිව, ප්‍රීතිමත්ව, රහසිගතව සහ ඥාවන්තව දීමට ඉගෙන ගත් පුරුෂයන්,
  • සෑම මනුෂ්‍යයෙක් උදෙසා සෑම දේම විඳිමට, ඒකරන කොට ගෙන ඕනෑම විධියකින්යම් කොටසක් ගලවන්ට, කැමැත්තෙන් සිටින පුරුෂයන්,
  • අන් අයගේ ගැලවිම දැකිමට ආශාකිරීම පමණක් නොව සත්‍යතාවයේ දැනීමට සහ දෙවියන්වහන්සේගේ සියළුම ආඥාවලට කිකරුවිමත් එසේම ක්‍රිස්තුස්වහන්සේ උදෙසා ගෝලයින් සාදන පුරුෂයන්,
  • දෙවියන්වහන්සේ උදෙසා පිරිසිදු සාක්ෂියක් සෑම තැනකම ස්ථාපිත වෙනවා දැකීමට ආශා කරන පුරුෂයන්,
  • ක්‍රිස්තුස්වහන්සේ සභාව තුල මහිමවත්වීම දැවෙන ආශාවකින් බලා සිටින පුරුෂයන්,
  • කිසිම කාරණයක් තුල තම කැමැත්ත නොසොයන පුරුෂයන්,
  • ආත්මික ආනුභාවය එසේම ආත්මික ආධිපත්‍යය ඇති පුරුෂයන්,
  • අවශ්‍යයවූ විට, ලෝකය තුල දෙවියන්වහන්සේ උදෙසා තනිව නැඟි සිටින්නාවු පුරුෂයන්,
  • පැරණි අපොස්තලුවරුන් සහ අනාගතවක්තෘන් මෙන්, එනම් කිසි විටක මධ්‍යමප්‍රතිපදාවේ නොසිටින , ස්ථීරවූ පුරුෂයන්,
  • මෙවැනි පුරුෂයන් ගණනින් සුළු කොටසක්ව සිටින හෙයින් අද ලෝකයේ දෙවියන්වහන්සේගේ සේවය දුක් විදියි. පාපකාරී සහ අනාචාරී පරම්පරාවක් මධ්‍යයෙන්සහ මධ්‍යමප්‍රතිපදාවෙන්පිරුනු ක්‍රිස්තියානි රාජ්‍යයක් මැද, මෙසේ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් වීමට ඔබේ මුළු හදින්ම ඔබ අධිෂ්ඨාන කර ගන්න. දෙවියන්වහන්සේ තුල පක්ෂග්‍රාහිකමක් නොමැති හෙයින්, ඔබත් මෙවැන්නෙක් වීමට අවංකවම ආශා කරන්නේ නම්, මෙවැනි මනුෂ්‍යයෙක් වීමට ඔබටත් හැකිය. කෙනෙක්ගේ ජිවිතයේ දැනුවත්වු කොටසේ පමණක් කිකරුවිම සහ කැපවිම දෙවිඳුන් ඉල්ලූම් කරන බැවින්, ඔබගේ ජිවිතේ දැනුවත්වු කොටස සීමා සහිත වුවත්, එවැනි මනුෂ්‍යයෙක් විමට ඔබට හැකිය. (ඔබ ආලෝකයේ ගමන් කරන විට සහ සම්පුරණත්වයට ළඟා වෙන විට එම කොටස ක්‍රමයෙන්වැඩී වීමට පටන් ගනී). එවිට ඔබට මෙවැනි පුරුෂයෙක් විමට නොහැකි යැයි කීමට කිසිම නිදහසකට කාරණයක් නැත. මාංසයේ කිසිම හොඳක් වාසය නොකරන හෙයින්, ඉහත සඳහන් කළ ගුණාංග ලැබීමට නම් දෙවියන්වහන්සේගේ අනුග්‍රහය අපි සෙවිය යුතුය. මේ යුගයේ ගෙවී යන අවසන්දින හෙයින්, මේ දේවල් සතුවු පුරුෂයෙක් වීමට ඔබ දිනපතා දෙවිඳුන්ට මොර ගසන්න , එවිට උන්වහන්සේ ඒ සඳහා ඔබට කරුණාව දෙන සේක.