හොඳ අත්තිවාරමක්

    Download Formats:

පරිච්ජේදය 0
හැඳින්වීම​

ශුභාරංචිය යනු, දෙවියන්වහන්සේ තුළ මනුෂ්‍ය්‍යා ගැන පටන් ගැන්මේදීවූ අභිප්‍රාය ලෙසම ජයග්‍රාහී ජීවිතයක් දැන් ඔහුට ගතකළ හැක යන යහපත් පණිවිඩයයි. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රකාශනයන්ට සම්පූර්ණයෙන්ම තමාව යටහත් කර ගන්නාවූ තැනැත්තා හට නිරන්තර ජයග්‍රාහිවූ ජීවිතයක් ගත කළ හැකිය. යේසුස්වහන්සේව තම ගැළවුම්කරු ලෙස පිළිගෙන ඇති බොහෝ දෙනා ශුභාරංචිය ප්‍රධානය කරන මෙම මහිමාන්විත ජීවිතයට මේ දක්වා ඇතුළු නොවී සිටිති.


ඇයි එසේ නැත්තේ? බොහෝ විට මෙයට හේතුව වන්නේ ඔවුන්ගේ කිතුනු ජීවිතය ආරම්භයේදී යහපත් අත්තිවාරමක් දැමී නොතිබීමයි. නැවත උත්පාදනයෙන් පසු අපගේ ජීවිතය, ගොඩ නැගෙමින් පවතින නිවසකට සමාන කළ හැක. අත්තිවාරම නිවසක ඉතාමත් වැදගත් කොටස බව අපි දන්නෙමු.


එහි තුන්වන මහලේ ඉරි තැලීමක් ඇති වුවහොත් සාමාන්‍යයෙන් එය අත්තිවාරමෙහි දෝෂයක් නිසා බවට හඳුනා ගැනීමට පුළුවන. අපේ ජීවිත සම්බන්‍දවත් එය එසේමය. ක්‍රිස්තුස්වහන්සේ තුළ විශ්‍වාසය තබා වසර ගනනාවකට පසුව වූවත් ආරම්භයේදී දැමූ වැරදි අත්තිවාරමේ විපාක අපට අත්විඳීමට සිදුවේ. නව ගිවිසුම අපට පාපයට එරෙහිව ජයග්‍රාහි ජීවිතයක් පොරොන්දුවී තිබේ.


රෝම 6:14 හි දෙවියන්වහන්සේගේ පොරොන්දුව දෙස බලන්න.

“කුමක් හෙයින්ද, නුඹලා ව්‍යවස්ථාව යටතෙහි නොව අනුග්‍රහය යටතෙහි සිටින බැවින් පාපය නුඹලා කෙරෙහි අධිපතිකම් නොකරන්නේය”.

ඒ වගේම එය, නිතරම ප්‍රීතිමත්වු, කනස්සල්ලෙන් තොර ජීවිතයක් ගත කරන ලෙසටද අපට අනකරන්නේය.

“ස්වාමින්වහන්සේ තුළ නිතරම ප්‍රීති වෙයල්ලා… කිසිවක් කෙරේ කණගාටු නොවෙල්ලා” (පිලිප්පි 4:4–6).

මතක තබා ගන්න දෙවියන්වහන්සේ අපට අණ කරන්නේ උන්වහන්සේ බලය දෙන දේ කිරීමට පමණි. ඉතින් උන්වහන්සේගේ ආඥා එක් අතකට උන්වහන්සේගේ අනුග්‍රහය ඇතුව අපට ඉටු කරගත හැකිවේයැයි හැඟීමෙන් යුතුව දුන්නාවු පොරොන්දුන් මෙනි. එනිසා ඉහත දැක්වෙන ආඥා අපට පොරොන්දුවක් ලෙස ගතහැකිවේ, එනම් නිරතුරු ප්‍රීතියෙන් කනස්සල්ලෙන් තොරව ජීවත්වීම උදෙසා දෙවියන්වහන්සේට අපට බලය දිමට හැකියාව ඇත.


අලුත් ගිවිසුම තුළ මෙවැනි මහිමාන්විත පොරොන්දු බොහෝ තිබේ. නමුත් අපි මෙහි සඳහන් කලාවූ ඒවා පමණක්ම, ශුභාරංචිය සැබෑ ලෙසම යහපත් පණිවිඩයක් බව ඔප්පු කිරීමට ප්‍රමාණවත් වේ. ඒත් කණගාටුදායක සත්‍ය නම් ශුභාරංචිය පිළිගත්තායයි පවසන කිතුණුවන්ගෙන් වැඩි පිරිසක් ඉහත පද වලින් විස්තර කරන ආකාරයේ ජීවිතයක් ගතනොකිරීමයි.


මෙම පොතෙහි අරමුණ නම් ඔබේ ජීවිතයට හොඳ අත්තිවාරමක් දමා ගැණීමට ශක්තිය දීමයි. එවිට ඔබේ ජීවිතය සඳහාවූ දෙවියන්වහන්සේගේ සම්පූර්ණ අභිප්‍රාය ඉටුවේ. එසේනම් කියවන්න, ඔබේ හදවතට කථා කරන්න ශුද්ධාත්මයානන්ට ඉඩ දෙන්න. ඔබේ ජීවිතයේම නව පරිච්ඡේදයක ආරම්භය මෙය විය හැකියි....

පරිච්ජේදය 1
පසුතැවීම

යේසුස් වහන්සේ උන්වහන්සේගේ බැටළු ගාලට (උන්වහන්සේගේ රාජධානියට) ඇතුළු වීමේ හරිමග දොරටුව තුලින් බව පැවසීය, නමුත් එලෙසම උන්වහන්සේ පැවසුවේ සමහරුන් බිත්තිය උඩින් නැඟ එන්නට උත්සහ කරන බවයි (ශු:යොහාන් 10:1).

ගැලවීම උදෙසා දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට විවෘත කරදුන් මාර්ගය නම් පසු තැවීම සහ යේසුස්වහන්සේ කෙරෙහි ඇදහීම වේ. එය එකම මාර්ගයයි. වෙනත් කිසිම මාර්ගයකින් පැමිණෙන කිසි කෙනෙක්ව දෙවියන්වහන්සේට පිළිගැණීමට නොහැකිවේ.

ස්වාමින්වහන්සේගේ මාර්ගය පිළියෙල කිරීමට පැමිණි යොහාන් බෞතිස්ත පසු තැවීම දේශනා කළේය. ඉශ්‍රායෙල් ජනතාවට යේසුස්වහන්සේ තම ගැලවුම්කරු ලෙස පිළිගැණීම සඳහා සූදානම් වීමට තිබූ එකම මාර්ගය එය විය. අපටද වෙනත් කිසිම මාර්ගයක් නැත.

පසුතැවීම සහ ඇදහිල්ල

බැලූ බැල්මට අද දවසේ කිතුනුවන්ගෙන් වැඩි පිරිසකට ආදි කිතුනුවන් තුළවූ ගැඹුර, කැපවීම සහ බලය මඳ බව පෙනේ.

මෙයට හේතුව කුමක්විය හැකිබව ඔබ සිතන්නේද?

පලමු හේතුව නම් ඔවුන් යුතුලෙස පසුතැවිලිවී නොතිබීමයි.

ඔවුන් ක්‍රිස්තුස්වහන්සේ තුල විශ්වාසය තබා තිබේ. එය සම්පූර්ණ නිවැරදිය. නමුත් පළමුව පසුතැවිලි නොවී ඔවුන් විශ්‍වාසය තබා තිබේ. එනිසා ඔවුන්ගේ හැරීමත් ගැඹුරු නොවේ. පොඩ්ඩකට මෙම ප්‍රසිද්ධ ගීතිකාව දෙස බලන්න.

“දුෂ්‍ඨ වරදකරුවෙකු සැබෑ ලෙස විශ්වාසකරන මොහොතේදීම යේසුස්වහන්සේගෙන් කමාව ලබා ගනී.”

“දුෂ්‍ඨ වරදකරුවෙකුට සැබෑ ලෙස විශ්වාස කිරීම නිසා” පමණක් කමාව ලැබිය හැකි බව සැබෑ සත්‍යක්ද?

මුලින්ම ඔහුට සැබෑ පසුතැවීමක් අවශ්‍ය නැතිද?

සමහරවිට ඔබ කියයි සැබෑ ඇදහිල්ලට පසුතැවීමත් ඇතුළත් බව. නමුත් එය දුෂ්ඨ වැරදිකරුට නිසිලෙස පහදා නොදුනහොත් විශ්වාස කල පමණින් මට නැවත උත්පාදනය ලැබුණායැයි සිතා ඔහු රැවටීමකට ලක්වී හැරී යන්න පුළුවන්.

යේසුස්වහන්සේම දේශණා කල පණිවිඩය නම් “පසුතැවිලිවී ශුභාරංචිය අදහා ගනිල්ලා” යනුයි (ශු:මාර්ක් 1:15). උන්වහන්සේගේ අපෝස්තුළුවරුනට එම පණිවිඩයම දේශනාකරන ලෙසට උන්වහන්සේ අණ කල සේක (ශු:ලූක් 24:47). ඒවගේම ඔවුන් එලෙසම කලෝය (ක්‍රියා 20:21). මේ සම්බන්‍ධ‍යෙන් දේවවචනය ඉතා පැහැදිලිය. ඉතා හොඳ සහ සැබෑ හැරීමක් ඔබට අවශ්‍ය නම් පසුතැවීම සහ ඇදහිල්ල වෙන් කල නොහැකිය. දෙවියන්වහන්සේ මේ දෙක බද්ධ කර ඇත. කිසි මනුෂ්‍යයකු එය වෙන් නොකල යුතුය.

පසුතැවීම සහ ඇදහිල්ල යනු සත්‍ය ලෙසම කිතුනු ජීවිතයේ අත්තිවාරමට මූලිකවම අවශ්‍ය කරුණු දෙකකි (හෙබ්‍රෙව් 6:1). ඔබ සැබෑ ලෙසම පසුතැවී නැතිනම් එවිට ඔබේ අත්තිවාරම වැරදි ලෙස බැඳී ඇත. එසේ නම් සත්‍ය ලෙසම ඔබේ සම්පූර්ණ කිතුණු දිවිය සෙලවෙන සුළුය. “දෙවියන්වහන්සේට භයවීම ප්‍රඥාවේ පටන් ගැන්ම” බව බයිබලය පවසන්නේය (හිතෝපදේශ 9:10). අපි සැබෑ ලෙසම දෙවියන්වහන්සේට භය වන්නේ නම් අප “පාපයෙන් හැරෙන්නෙමු” (හිතෝප 3:7).

ඉතින් පසුතැවිලි නොවුනු පාපයෙන් නොහැරුණු සියළු දෙනා අඩුම තරමින් ක්‍රිස්තියානි ජීවිතයේ “අ” යන්න “ආ” යන්නවත් ඉගෙන ගෙන නොමැත.

සැබෑ සහ ව්‍යාජ පසු තැවීම

ඔබ පසුතැවී තිබේ නම් ඔබ අව්‍යාජ ලෙස පසුතැවුණු බවට සහතික කරගත යුතුයි. මක්නිසාදයත් මනුෂ්‍යයන්ව රවට්ටන්නාවූ ව්‍යාජ පසුතැවිලිවීමක්ද සාතන් හට ඇත්තේය. මක්නිසාද සාතන් දන්නවා මිනිසුන් වැඩි දෙනෙකු “නුඹ අසු වෙන්න එපා” නම් එකම ආඥාවක් කරන කොටගෙන ජීවත් වන බව. ඒ නිසා ඔහු කිසිවෙකුට අසු නොවන ලෙස පව්කල හැකි සියළු මාර්ග සහ අදහස් ඔවුනට උගන්වයි. තමා අසුවූ විට සොරෙකු පවා කනගාටුවට පත්වේ. නමුත් එය පසු තැවීම නොවේ. අපට බයිබලයේ ව්‍යාජව පසු තැවුණු අය ගැන උදාහාරණ තිබේ.

සාවුල් දෙවියන්වහන්සේට අකීකරුවූවිට ඔහු සාමුවෙල්ට ඒත්තු ගන්වන්න උත්සහ කලා තමන් පව්කළ බවට. නමුත් එය මිනිසුන් දැන ගන්නවාට ඔහු අකමැති විය. එවිටද ඔහු මනුෂ්‍ය ගෞරවය සෙව්වේය. ඔහු සැබෑ ලෙස පසුතැවිලි නොවීය. එවෙලෙහි ඔහු අසුවීම ගැන කනගාටු වුනා පමනකි (1 සාමුවෙල් 15:24–30). එය තමා ඔහු සහ විවෘතව තමන් පාපයට වැටුණු බව පිළිගත් දාවිත් රජු අතර වෙනස (ගීතාවලිය 51).

ආහබ් රජු සාවුල් මෙන් තවත් අයෙකු වේ. ඔහුත් දෙවියන්වහන්සේ ඔහුව විනිශ්‍චය කිරීමට යන බව එලියා විසින් අනතුරු ඇඟවූවිට සැබවින්ම කනගාටුවට පත්විය. තවද ඔහු ගෝනි රෙදි පොරවාගෙන ඔහුගේ පාපයන් ගැන වැලපුනේය (1 රාජාවලි 21:27–29). නමුත් ඔහු සැබෑ ලෙස පසුතැවුනේ නැත. ඔහු දේව විනිශ්‍චය ගැන බියවූවා පමණි.


යූදස් ඉස්කාරියොත්ගේ කථාව ව්‍යාජ පසුතැවීම ගැන පැහැදිලි නිදසුනක්වේ. යේසුස්වහන්සේව මරණයට තීන්දු කළ විට ඔහු සදොස් බව හැඟී “මම පව් කළා” යි කීය (ශු:මතෙව් 27:3–5). නමුත් සමහරුන් අද කරනවාක් මෙන් ඔහු පාපෝච්චාරණය කලේ පූජකයින් ඉදිරිපිටදීය. ඔහු කලදේ වැරදි බව දැනුනත් ඔහු පසු තැවුනේ නැත. ඔහු සැබෑ ලෙස පසු තැවුනා නම් ඔහු බිඳුනු හදවතකින් යේසුස්වහන්සේ වෙත ගොස් කමාව අයැදිය යුතුව තිබුණි. නමුත් ඔහු එසේ නොකළේය.


පසුතැවීමක් නොවන්නේ කුමක්ද කියා මෙම උදාහාරණ වලින් අපට බොහෝ දේ ඉගෙන ගත හැක!

සැබෑ පසුතැවීම නම් “රූප වන්දනාවෙන් දෙවියන්වහන්සේ වෙතට හැරීමයි” (1 තෙසලෝනික 1:9).

රූප යනු නොඇදහිලිවන්තයින්ගේ දේවස්‍ථාන තුළ දැකිය හැකි ගල් සහ ලීවලින් සෑදූ දෙයක් පමණක්ම නොවේ. පෙනුමෙන් එතරම් අප්‍රසන්න නොවන නමුත් එවැනිම අනතුරුදායක දේවලට මිනිසුන් නමස්කාර කරති. මේවා නම් තම සතුට, තම පහසුව, මුදල් යම් තානාන්තර තම ගෞරවය තමුන්ගේම අභිමතය නැමති රූපවේ.


අප සියළු දෙනා වසර ගණනාවක් මෙවැනි දේවලට නමස්කාර කර තිබේ. පසුතැවිලිවීම යනු මෙවැනි රූප නමස්කාර නවතා ඒවායින් ඉවත්වී දෙවියන්වහන්සේ වෙතට යොමුවීමයි.

සැබෑ පසුතැවීමට අපගේ මුළු පුද්ගලත්වය එනම් අපගේ සිත අපගේ හැඟීම් සහ අපගේ කැමැත්ත යනාදිය ඇතුලත්වේ.

පළමුකොටම පසුතැවිම යනු පාපය සහ ලෝකය ගැන අප අපගේ මනස වෙනස් කරගැණීමයි. අපට වැටහෙනවා අපගේ පාප අපව දෙවියන්වහන්සේගෙන් වෙන් කල බව ඒ වගේම අප දකිනවා මෙලොව සම්පූර්ණ ජීවන රටාවම දේව විරෝදි බව. ඒ නිසා දෙවියන්වහන්සේට අගෞරව කරන මේ ජීවන රටාවෙන් හැරීමක් අපට අවශ්‍ය වේ.


දෙවනුව පසුතැවිල්ලට අපේ හැඟීම් අයත්වේ. අප කණගාටුවිය යුතුයි අප ජීවත්වූ ආකාරය ගැන (2 කොරින්ති 7:10). එනම් අප අපටම වෛර කරනවා අපේ පළමු ක්‍රියාවන් ගැන ඊටත් වඩා අප පිළිකුල් කරනවා වෙන කිසිවෙකුට දැකිය නොහැකි අප තුළ ඇති මහත් නපුරුකම ගැන (එසකියල් 36:31).


අපි කඳුළු සලමින් වැලපෙනවා අප ජීවත්වූ ආකාරයෙන් දෙවියන්වහන්සේව රිදවීම ගැන. තමුන්ගේ පාප ගැන දැනුනු කළ බයිබලයේ සිටි ශ්‍රේෂ්‍ඨ මිනිසුන්ගේ ප්‍රතිචාරය එය විය. දාවිත් (ගීතා: 51) යෝබ් (යෝබ් 42:6) සහ පේත්‍රස් (ශු:මතෙව් 26:75) යන සෑම දෙනාම තම පාප උදෙසා පසුතැවීලිවීමේදී දැඩි ලෙස වැලපුණි.


යේසුස්වහන්සේ සහ අපෝස්තුළුවරු සෑම දෙනාම අපේ පාප ‍උදෙසා හැඬීමට සහ වැලපීමට අපව ධෛර්‍යමත් කර තිබේ (ශු:මතෙව් 5:4; යාකොබ් 4:9). දෙවියන්වහන්සේ වෙතට නැවත පැමිණීමේ මාර්ගය එයවේ.


අන්තිම වශයෙන් පසුතැවීමට අපේ කැමැත්ත අයත්වේ, අපට අපේ තදබල මුරන්ඩු ස්‍වකැමැත්ත “අපගේම අභිමතය ලෙස ක්‍රියා කිරීම” යටත් කර යේසුස්වහන්සේ අප ජීවිතයේ ස්‍වාමියා කරගත යුතුය. එහි අදහස නම් මෙතැන් පටන් දෙවියන්වහන්සේ කැමතිවන ඕනෑම දෙයක් එය කෙතරම් මිලක් වුවත් අප එය කිරීමට කැමති වෙනවා යන්නය. අකීකරු පුත්‍රයා නැවත පියා ලඟට පැමිණියේ යටහත්වුණු බිඳුනු මනුෂ්‍යකු ලෙස පියා පවසන ඕනෑම දෙයක් කිරීමට කැමැත්තෙනි. සැබෑ පසුතැවිලිවිම එයවේ (ශු:ලූක් 15:11–24).

අප උන්වහන්සේ ඉදිරියේ කල සෑම පාපයක්ම එකිනෙක වශයෙන් පාපෝච්චාරණය කිරීමට අවශ්‍ය නොවේ. එලෙස මතක තබා ගැනීම කෙලසවත් කල නොහැකිය. අකීකරු පුත්‍රයා එලෙස නොකලේය. ඔහු කී එකම දේ “පියාණෙනි මම පව් කළා” අපද කිව යුතු වන්නේ එලෙසමවේ.

නමුත් මතක තබා ගන්න යූදස් ඉස්කාරියොත් පවා “මා පව් කළා” යනුවෙන් කීවේය. එහිදී ඔහුගේ සහ අකීකරු පුත්‍රයාගේ පාපෝච්චාරණය තුළ විශාල වෙනසක් තිබුණි. දෙවියන්වහන්සේ අපේ වචන වලට පමණක් සවන් නොදෙනු ඇත. උන්වහන්සේට වචන වලට පිටුපසින් ඇති ආත්මික ගුණය දැනේ. එයට අනුකූලව උන්වහන්සේ ක්‍රියා කරනු ඇත.

පසුතැවිල්ලේ ඵල

යොහාන් බෞතිස්ත පරිසිවරුනට පැවසුවේ පසුතැවිල්ලට සුදුසු ඵල උපදවන ලෙසටය (ශු:මතෙව් 3:8). අප සැබෑ ලෙස පසුතැවිලි වූවිට එය අපේ ජීවන රටාව වෙනස් කරනු ලබන්නේය.


අප පසුතැවිලිවූ පසු කලයුතු ප්‍රතම කාර්යය නම් අප ජීවිත කාලය තුළ කල වැරදි නිවැරදි කිරීමට ක්‍රියා කිරීමයි. ශුභාරංචිය තුල අප සකේවුස් ගැන කියවා ඇත. යේසුස්වහන්සේ ඔහුගේ නිවසට ඇතුලුවූ මොහොතේදීම ඔහුට තම පාප ගැන වැටහීමක් ඇතිවිය (ශු:ලූක් 19:1–10). සකේවුස් මුදලට ආශා කළ අයෙකුවූ නමුත් පසුතැවිලිවීමට කුමක් අයත්ද යනවග ඔහු අවබෝධ කර ගත්තේය. ඔහුට යේසුස්වහන්සේගේ ගෝලයකු වීමට නම් ඔහුගේ පසුගිය ජීවිත කාලය තුළ කල සියළු වැරදි නිවැරදි කරගැනීමක් කල යුතුබව ඔහු දැන ගත්තේය. එය ඔහුට විශාල මුදල් වැයවීමක්ව තිබුණි. මක්නිසාද ඔහු විශාල පිරිසකට වංචා කර තිබුණේය. නමුත් ඔහු මුළු හදවතින් පසුතැවීම තුළ සිටීමට තීරණය කලේය. ඒ වගේම ඔහු තම ධනයෙන් භාගයක් දිළිඳුන්ට දෙන බවටත් තමන් වංචාකල මිනිසුන්ට එම මුදල මෙන් හතර ගුණයක් නැවත දෙන බවත් ස්වාමින්වහන්සේට පවසා සිටියේය. යේසුස්වහන්සේ එම නිවසට ගැලවීම පැමිණි බව පැවසුවේ සකේවුස් මෙම වන්දි ගෙවීම කරන බව ප්‍රකාශ කිරීමෙන් පසුව පමණි. වන්දි ගෙවීමකට එකඟවීම සැබෑ ගැලවීමක් ගැන එක් සාක්ෂියකි (ශු:ලූක් 19:1–10).

යේසුස්වහන්සේ කථාකළ උපමාවේ ප්‍රඥාවන්ත මනුෂ්‍යයා ඔහුගේ අත්තිවාරම වැලි තට්ටුවට යටින්වූ පර්වතය මත දැමුවේය (ශු:ලූක් 6:48). අඥාන මනුෂ්‍යයාද එම ප්‍රදේශයේම තම නිවස ගොඩනැඟීය. නමුත් ඔහු ප්‍රමාණවත් ගැඹුරකට හෑරුවේ නැත. ඔහු බාහිර අලංකාරයෙන් යුතුව තම අත්තිවාරම දැමුවේ වැලි මතය.

අපට පුළුවන් මෙම උපමාව සැබෑ සහ ව්‍යාජ පසු තැවීමට ආදේශ කිරීමට. අප දිවිය තුල වන්දි ගෙවීමකදී ඇතිවන වේදනාව බාරගැනී‍‍මේදී පමණක් අප ගැඹුරට හෑරීම කරනු ඇත.

අප ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණෙන විට ආරම්භයේදී අපේ නොහැරුන ජීවිත කාලයට සම්බන්‍ධ නිරාකරණය කරගැණීමට ඇති සියළු කාරණා විසඳා ගැණීම උදෙසා යම්කාලයක් ගැණීම යෝග්‍යෙවේ. මෙහීදී අප නොගැඹුරු ලෙස යම් කාරණා ගැන වැරදි සඟවනවා නම් අපට දැන ගැණීමට හැකිවෙනවා අපේ අත්තිවාරම දුර්වලව පවතින බවත් යම් දිනක එය කඩා වැටෙන බවත්.

වන්දි ගෙවීමකට ඇතුලත්වන දේ වන්දි ගෙවීමකට කුමන දේ අයත් විය යුතුද?

එහි අර්ථය ඔබ විසින් රජයට බදු වංචාකර තිබේනම් ඔබ එම බදු නැවත ගෙවිය යුතු බවය. සමහර විට එම ගණන අදාල දෙපාර්තුමේන්තුවට ගෙවීමට අපහසු වියහැක. නමුත් කැමැත්ත ඇති සෑමවිටම එයට මාර්ගයක්ද ඇත. අපට අවශ්‍ය නම් දෙවියන්වහන්සේට කීකරුවීමට අපට පුළුවන් අප රජයට ණයව සිටින මුදල නැවත එය වෙත යාම සහතික කරගැණීම උදෙසා තැපැල් මුද්දර හෝ දුම්රිය ප්‍රවේශපත් මිලදී ගෙන ඒවා විනාශ කිරීමට.

ඔබ මනුෂ්‍යයන්ට වංචාකර තිබේනම් ඔබ එය නැවත ගෙවන අතර ඒ අයගෙන් සමාව ඉල්ලිය යුතුය. තවද කොහොමද මෙම වෙනස ඔබේ ජීවිතයට පැමිණියේ කියා ඔවුනට පවසන්න. ඔබට හිතෙනවානම් මේ සියල්ල ඔබ විසින්ම කිරීමට ධෛර්‍යයක් නැහැ කියා මෙම වන්දි ගෙවීම කරනවිට සහෝදරයෙකු ඔබ සමඟ රැගෙන යන්න. ඔබට නොහැකිනම් ඔබේ සියළු ණය එකවර ගෙවීමට ඒ ගැන සිතන්න එපා. එය කොටස් වශයෙන් කරන්න, නමුත් අඩුතරමේ රුපියල් පහකින් වුවත් ආරම්භයක් කරන්න, දෙවියන්වහන්සේ සකේවුස්ව පිළිගත්තේ ඔහු ණය ආපසු ගෙවීමට තීරණය කල දවසේමයි – ඔහු සියළු ණය ගෙවූපසු නොවේ.

ඔබ යමෙකුට වංචා කර තිබේනම් ඔහු දැන් සිටින තැන ඔබ දන්නේ නැතිනම් එවිට සියළු මුදල් වල මුල් අයිතිකරු වන දෙවියන්වහන්සේට එම මුදල් නැවත දිය යුතුයි. ඉශ්‍රායෙල් ජනතාව සඳහා දෙවියන්වහන්සේ පිහිටුවන ලද නීතිය (ගණන් කථාව 5:6–8) එය විය.

අප කිසිම අවස්ථාවක නීතියානුකූල නොවන ආකාරයට ලබා ගත් කිසිමමුදලක් අප ලඟ තබා නොගත යුතුය. දෙවියන්වහන්සේට කෙසේවත් එවැනි මුදල් ආශිර්වාද කළ නොහැක. අප මුදල් සම්බන්‍ධ නොවන කරුණකදී යම් අයෙකු රිදවා හෝ තුවාල කර ඇත්නම් එවිට අප එම අය වෙත ගොස් සමාව අයැදිය යුතුය.

මම දන්නවා මාස ගනන් ඉතිරි කරලා පසුව බදු රේගු ගාස්තු යනාදියෙන් තමන් රජයට වංචා කල මුදල් නැවත වන්දි ලෙස ගෙවීම පිණිස තම බැංකු ගිණුම් හිස් කළ සහෝදරයින් ගැන පසුව දෙවියන්වහන්සේ ඔවුන්ව විශාල බැංකු ගිණුමකට වඩා ආශිර්වාද කර තිබේ.

ඒ වගේම මම දන්නවා තමන් ප්‍රවේෂ පත්‍ර නොගෙන දුම්රිය හෝ බස්රථවල හොරෙන් ගමන් කළ වාර ගණන ප්‍රෙව්සමට ගණන් බලා නැවත එම ගාස්තු ගෙවූ අය ගැන. ඉතා කුඩා දේ ගැණ විශ්‍වාසවන්තවූ අය පමණයි දෙවියන්වහන්සේ උදෙසා මහත්දේ කරන්නේ.

ඒ වගේම මම දන්නවා තම උපාධි සහතික රැගෙන විශ්වවිද්‍යාල බලධාරීන් වෙත ගොස් තමන් අවසාන විභාගයේදී වංචාකළ බව ඒත්තු ගැන්වූ අය ගැන. පැහැදිළි හෘද සාක්‍ෂියක් ඇති කර ගැණීම උදෙසා ඔවුන් අවශ්‍යවුවහොත් තම උපාධිය කැපකිරීමට පවා සූදානම්ව සිටියෝය. දෙවියන්වහන්සේ සමහර අවස්‍ථා වලදී එවැනි ඇදහිලිවන්තයින්ට බලධාරීන්ගේ ඇස් හමුවේ විශේෂ සැලකිල්ල ලබාදී තිබේ, එනිසා ඒ අය සමාව ලබා තිබේ. නමුත් සැමවිටම එලෙස නොවෙන්නට පුළුවන. ඔබගේ කාරණයේදී දෙවියන්වහන්සේ විශ්වවිද්‍යාලයට ඔබගේ සහතිකය නැවත ලබාගැණිමට ඉඩ හැරීය හැක. නමුත් එවිට ඔබ සඳහා එය දෙවියන්වහන්සේගේ පූර්ණ කැමැත්තවේ.

මම දන්නවා කලකට පෙර තමන් විසින් කුඩා මුද්දරයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් තවත් අයෙකු වෙත සමාව ඉල්ලා ලිපියක් යැවූ සහෝදරයෙකු ගැන. සොරාගත් භාණ්ඩයේ වටිණාකම කෙතරම් කුඩා වුවත් සොරකම සොරකම මයි. අපගේ විශ්වාසවන්තභාවය කුඩා දේ තුළින් පරීක්‍ෂා කෙරේ.

මම ඔබට යෝජනා කරන්නැහැ ඔබේ පසුගිය ජීවිතය තුළ කළ කුඩා වැරදි සොයමින් ඔබවම පීඩාවට පත්කර ගැණීමට. නැහැ ඔබට එසේ කිරීමට අවශ්‍ය නැහැ. දෙවියන්වහන්සේ ඔබ විසින් නිරවුල් කළ යුතු කාරණා මතක් කරදෙයි, ඒ වගේම ඔබ නිරවුල් කළ යුත්තේ දෙවියන්වහන්සේ ඔබට මතක් කරදෙන දේ පමණයි. ඒ වගේම සමහර අවස්ථාවල ඔබ කල වැරදි ඉතා ව්‍යාකූල භාවයකින් යුතු නිසා ඔබට කිසිවක් කළ නොහැකි අවස්ථා තිබිය හැක. එවැනි අවස්‍ථාවල ඔබට කල හැකි එකම දෙය නම් දෙවියන්වහන්සේට ඔබගේ කණගාටුව ප්‍රකාශ කර එතුමාගේ දයාව ඉල්ලා සිටීමයි.

කිසිම අවස්ථාවක අපට යම් කාරණයක් නිසියාකාරව නිරාකරණය කර ගැණීමට නොහැකි වීම මත අපගේ වැරදිකාර තත්‍වය හඟවමින් සදහටම අපව දඬුවමකට යටත්කර තැබීමට සාතන්ට අවස්ථාව නොදිය යුතුය. දෙවියන්වහන්සේ අපේ තත්‍වය තේරුම් ගන්නා බැවින් එතුමා අපව වදහින්සාවකට පත් නොකරනු ඇත. ඔබට කැමැත්තේ සිතක් තිබෙනවා නම් ඔබට කල හැකි ඕනෑම දෙයක් අඩු තරමේ එය කිසිත් නැති දෙයක් වූවත් දෙවියන්වහන්සේ භාර ගනී (2 කොරින්ති 8:12).

දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා එතුමා එතරම් කරුණාවන්තයි.

තමන්ට ගෞරව කරන සියළු දෙනාට දෙවියන්වහන්සේ ගෞරව කරයි (1 සාමුවෙල් 2:30). ඒ වගේම අප උන්වහන්සේට ගෞරව කල හැකි එක් මාර්ගයක් නම් ඉතා කුඩා දේටත් විශ්‍වාසවන්තව සිටීමයි.

අප වන්දි ගෙවීම නොකල හොත් අප ජීවිත කාලය පුරාවටම දම්වැලක් අප සමඟ ඇදගෙන යනවාක් මෙන් වනු ඇත. දෙවියන්වහන්සේ අපේ මුදල් අපේ ගෞරවය අපේ උපාධි වගේම අපේ රැකියා වලටත් වඩා අප පිරිසිඳු හෘද සාක්‍ෂියක් අගය කරනවාදැයි සෝදිසි කර බලනු ඇත. බොහෝ අය මෙම පරීක්‍ෂණයේදී අසමත්වේ. නමුත් දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා සෑම පරම්පරාවකම පොළොවේ ඕනෑම දෙයකට වඩා දෙවියන්වහන්සේට ආදරය කරන කුඩා පිරිසක් ඉතිරිවේ.

අන් අයට සමාව දීම

අපට ඕනෑම ආකාරයකට හානි කළ අයට සමාව දීමත් පසුතැවිලිවීමට අයත් වේ.

“නුඹලා මිනිසුන්ට සමාව නොදෙනවා නම්, එවිට නුඹලාගේ පියාණන්වහන්සේ නුඹලාගේ අපරාධ කමා නොකරණු ඇත” කියා යේසුස්වහන්සේ පැවසීය (ශු:මතෙව් 6:15).

උන්වහන්සේ තවදුරටත් පැවසුවා අප හුදෙක් බාහිරව නොව අන් අයට හදවතින්ම සමාව දිය යුතු බව (ශු:මතෙව් 18:35). අප අන් අයට මුළු හදවතින්ම සම්පූර්ණ සමාව නොදීමෙන් දෙවියන්වහන්සේ ගෙන් අපට කෙසේවත් සමාව ලබා ගත නොහැකිවේ.

අන් අය අපට කළදේ අපට අමතක කල නොහැකි වන්නට පුළුවන. නමුත් ඒ අය කල නපුරු දේ ගැන සිතීමට, අපව පරීක්‍ෂා කරණු ලබන මොහොතේදීම එය නියත ලෙසම ප්‍රති‍ක්‍ෂේප කල හැකිවේ.

සමහරවිට යම් අයෙකු ඔබට දරුණු ලෙස හානිකර තිබියදී මුළු හදවතින් ඔහුට සමාව දීමට ඔබට ඉතා අපහසු විය හැකියි. දෙවියන්වහන්සේගෙන් සමාව දීම සඳහා උදව් ඉල්ලන්න එවිට එතුමා ඕනෑම කෙනෙකුට සමාව දීමට කැමැත්ත සහ බලය යන දෙකම ඔබට දීමට වඩාත් කැමැත්තෙන් සිටින බව දැන ගැණීමට හැකිවේ.

මිලියන ගණන් පාප දෙවියන්වහන්සේ නොමිලේ අපට කමා කර තිබෙන බව අප සිහි කරණවිට එම ආකාරයෙන්ම අන් අයට කමාකිරීම අපට අපහසුවිය නොහැකිය. අප අන් අයට කමා නොකරන විටයි සාතන් අප කෙරේ බලය ලබා ගන්නේ.

“සමාව දෙන්න” යි පාවුළුතුමා පවසනවා. “එවිට අප කෙරේ වාසි ලැබීමට සාතන්ට නොහැකිවේ” (2 කොරින්ති 2:10, 11).

සාතන් කෙරේ වෙනස් වූ ආකල්පයක්

කාරණා නිරාකරනය කර ගත යුතු තවත් එක් ඉසව්වක් තිබේ – ඒ ඉසව්ව නම් සාතන් සහ නපුරු ආත්ම සමඟ සම්බන්‍ධතාවයන්වේ.

ඔබ යම් ප්‍රමාණයකටවත් ජ්‍යෝතිෂය, රූප වන්දනාව, ශාස්ත්‍ර බැලීම, සූනියම් කිරීම ආදියේ යෙදී ඇත්නම්...හෝ රොක් සංගීතයට හෝ අන්තරාකාරී මත් ද්‍රව්‍ය වලට ඇළුම්ව සිටියේ නම්, ඔබ සාතන් සමඟ සම්බන්‍ධවූ මේ දේවලින් සමහරක් සිහි කල්පනාවෙන් තොරව සිදුකලත් ඒ සියළු දේ සමඟ සම්බන්‍ධථා අත් හල යුතුයි.

ඔබ විසින් කලයුතු පළමු කාර්‍යය නම් ඔබ ලඟ ඇති (ක්‍රියා 19:19) සියළු රූප ගුප්ත විද‍්‍යා පොත් ආරක්‍ෂක සුර වැනි දේ විනාශ කිරීමයි (විකිණීම නොව විනාශ කිරීමයි). ඉන් පසු ඔබ මෙලෙස යාඤා කල යුතුයි.

“ස්වාමීවූ යේසුස්වහන්ස මම දැනුවත්ව හෝ නොදැනුවත්ව සාතන් සමඟ පැවැත්වූ සියළු සම්බන්‍ධථා අත් හරිමි”.

ඉන් පසුව සාතන්ට ඝෘජුව පවසන්න

“මාගේ ස්වාමීවූ සහ ගැලවුම්කාරවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් මම නුඹට විරුද්ධ වෙමි, තව දුරටත් නුඹට මාව ස්‍පර්ෂ කිරීමට නොහැකිය, මන්ද මා දැන් ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට අයිතියි.”

යාකොබ් 4:7 පවසනවා

“දෙවියන්වහන්සේට යටත්ව සිටපල්ලා, සාතන්ට විරුද්ධ වෙයල්ලා එවිට ඔහු නුඹලා වෙතින් පලා යනවා ඇත”.

මෙලෙස තව දුරටත් ඔබව යටපත් කරගෙන සිටීමට සාතන්ට නොහැකිවේ.

අපි නොනවත්වා දෙවියන්වහන්සේ සමඟ ගමන් කරන විට උන්වහන්සේ අපේ ජීවිතයේ වෙනත් ඉසව් කරා තව තවත් අවබෝධය ලබා දෙනු ඇත. එය සමහර විට අපේ ඇඳුම්වල ලෞකිකත්‍වය හෝ කථාව හෝ අපේ හ‍ඬ තුල රළු භාවය හෝ අප කියවීමට පුරුදු වී ඇති ආකාරයන් ආදිය විය හැකිය. මෙලෙස අප විසින් පසුතැවිලිවී පවිත්‍ර විය යුතු අලුත් ඉසව් ගැන නියත ලෙස සොයා ගැණීමට අපට හැකිවේ. මේ අයුරින් අප නිත්‍ය පසුතැවිලිවීමේ මාර්ගය තුල අපගේ සෑම දිනක්ම ගමන් කළ යුතුය.

පරිච්ජේදය 2
ඇදහිල්ල

පසුතැවීම යනු ක්‍රිස්තියානි ජීවිතයේ අත්තිවාරමේ පළමු කොටසය. දෙවැන්න ඇදහිල්ල වේ.

දෙවියන්වහන්සේ තුළ ඇදහීම යනු, අපගේ හැඟීම් අපට පවසන දේ හෝ අන් අය අපට පවසන දේ සලකනවා වෙනුවට, උන්වහන්සේගේ වචන තුළ පැවසූ දේ කෙරෙහි විශ්වාසය තබමින් දෙවියන්වහන්සේව විශ්වාස කිරීමය. එය එතරම්ම සරලයි.

මේ දෙවියන්වහන්සේ සම්බන්‍ධව සත්‍යථා තුනකි:

1. උන්වහන්සේ අප්‍රමානව අපට ප්‍රේම කරයි.

2. උන්වහන්සේ සම්පූර්ණයෙන්ම ප්‍රඥාවන්තයි.

3. උන්වහන්සේ සර්ව බලධාරීය.

මෙම සත්‍යථා විශ්වාස කිරීමට අපහසුද? නැහැ එසේ නම් මුළු හදවතින්ම උන්වහන්සේව විශ්වාස කිරීම අපට අපහසු විය නොහැකියි.

ඒව ඒදන් උයන තුළ සාතන්ගේ හඬට සවන් දෙන විට එය ඇදහිල්ලේ අසමත් කමක් විය. දෙවියන්වහන්සේගේ ආඥා ඇගේම යහපත උදේසා වූ බව ඈ විශ්වාස නොකළාය. ඇය උන්වහන්සේ ඇය කෙරෙහි දැක්වූ සම්පූර්ණ ආදරය කෙරෙහි ඇදහිල්ල නොතැබූ බැවින් දෙවියන්වහන්සේට අකීකරු වූවාය.


දේව දීමණා ලැබීම පිණිස ඇදහිල්ල

දෙවියන්වහන්සේට අපට දීමට පුදුමාකාර දේ තිබේ. උන්වහන්ගේ සියළුම දීමනා අනුග්‍රහයේ දීමනාය. නමුත් එම දීමනා ලබා ගැනීමට අපට ඇදහිල්ල අවශ්‍ය වේ. බයිබලය පවසනවා අප ගැලවුනේ “ඇදහිල්ල කරණකොට ගෙනවූ අනුග්‍රහයෙන්” බව (එපීස 2:8). අනුග්‍රහය යනු ආශිර්වාදවලින් පිරුනු දේව හස්තය සවර්ගයේ සිට අප වෙත ලඟා වීමයි. ඇදහිල්ල යනු අපේ දෑත් ඉහලට ඔසවා දේව හස්තයෙන් ඒවා ලබා ගැණීමයි.

දෙවියන්වහන්සේ සියල්ලට පෙර අපගේ පාප උදෙසා කමාව අපට දානය කරනු ලබයි. අප පසුතැවිලිවී ඇත්නම් අප කල යුතුව ඇති එකම දෙය දෙවියන්වහන්සේ අපට නොමිලේ දෙන දේ ලබා ගැණීමට අපගේ දෑත් දිගු කිරීමය. ඒ උදෙසා අපට වැඩ කිරීමටවත් ගෙවීමටවත් අවශ්‍ය නොවේ. එය දැනටමත් කල්වාරියේදී ගෙවා තිබේ. අපට කිරීමට ඇති එකම දෙය නම් “ස්තූතියි පියාණෙනී” යි පවසා එය භාර ගැනීමයි. එය තමා ඇදහිල්ල.

දෙවියන්වහන්සේ දෙන දේ අප භාර නොගන්නා විට සැබෑ ලෙසම අප උන්වහන්සේට අගෞරව කරන්නෙමු. අප උන්වහන්සේගේ දීමණා වලට අවමන් කරන්නෙමු. සමහර විට අප සිතනවා හරියට සමහර මිනිසුන් අතේ තෑගි තියාගෙන දරුවන්ට දිගුකරලා ඒ අය ඒවා ගැණීමට එද්දී නැවත ඒවා තමන් වෙතට ගන්නවා වගේ දෙවියන්වහන්සේ අපට සරදම් කරනවා කියලා. නමුත් දෙවියන්වහන්සේ එවැනි මිනිසුන් වගේ පහත් හෝ නපුරු නොවේ. උන්වහන්සේ ආදරණීය පියෙකි. උන්වහන්සේ සැබැවින්ම අපට යහපත් තෑගි දීමට ආශා කරයි.

ඒ නිසයි බයිබලය පවසන්නේ අප වෙන කුමක් කලත් “ඇදහිල්ල නොමැතිව දෙවියන්වහන්සේව ප්‍රසන්න කල නොහැක” (හෙබ්‍රෙව් 11:16) කියා.

අප දෙවියන්වහන්සේව විශ්වාස කරනවානම් උන්වහන්සේ අපේ පාප කමා කරනවා පමණක් නොව, අපව පාපයේ බලයෙන්ද නිදහස් කරනු ඇත.

අප කොහොමද ඇදහිල්ල ලබා ගන්නේ? ඒ සඳහා ඇත්තේ එකම මාර්ගයකි “මෙසේ ඇසීමෙන් ඇදහිල්ලද ක්‍රිස්තුස්වහන්සේගේ වචනයෙන් ඇසීමද පැමිණෙන්නේය” (රෝම 10:17) බව බයිබලය පවසයි. තවත් වචන වලින් කිවහොත් අප දෙවියන්වහන්සේට උන්වහන්සේගේ වචන තුලින් අපට කථා කිරීමට ඉඩ දුනහොත් අප ඇදහිල්ල ලබා ගන්නෙමු. අපේ ඇදහිල්ල වැඩි වන්නේ ඒ ආකාරයටමය.

ක්‍රිස්තුස්වහන්සේ අපගේ පාප උදෙසා මැරී නැවත නැඟිටුනු බව දේව වචනය තුලින් අප දැන ගන්නෙමු. ඒ වගේම අප පසුතැවිලිවී උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන විටම එසැනින් අපගේ පාපයට කමාව සම්පූර්ණව සහ නොමිලේ ලබන්නෙමු. එවිට එය සත්‍ය බවට ශුද්ධාත්මයාණන් අපගේ හදවතට සාක්‍ෂි දරයි. දේව වචනය සහ ශුද්ධාත්මයාණන්ගේ මේ ද්‍විත්‍ව සාක්‍ෂිය තුළින් නිත්‍ය ලෙසම දෙවියන්වහන්සේ අපට කමා කල බවටත් අප ඒකාන්තයෙන්ම උන්වහන්සේගේ දරුවන් බවටත් සහතික කරගත හැක.

ඇදහිල්ලේ සහතිකය

අප හදවත් තුළ අප සැබැවින්ම උන්වහන්සේගේ දරුවන් බවට ඉතා නිවැරදි සහතිකයක් තබා ගැනීම දෙවියන්වහන්සේට අවශ්‍ය වේ. ඒ සත්‍යථාවය ගැන අප කිසිම සැකයක් තබා ගැනීම උන්වහන්සේට අවශ්‍ය නැත.

අපව සැකය තුළ තැබීමට සාතන් ඔහුගේ උපරිම උත්සහය යොදනු ඇත. නමුත් දෙවියන්වහන්සේ මෙය අපට සහතික කිරීම උදෙසා උන්වහන්සේගේ වචන වලින් බොහෝ පොරොන්දු දී ඇති බැවින් අප කිසි විටක සැකය තුළ සිටිය යුතු නැත.

මේ පොරොන්දු දෙස බලන්න.

“මා වෙතට පැමිණෙන්නා මා විසින් කිසිසේත් අහක දමන්නේ නැත. සැබැවක් සැබැවක් මම ඔබට කියමි අදහන්නාට සදාකාල ජීවණය ඇත්තේය” යැයි යේසුස්වහන්සේ පැවසු සේක (ශු:යොහාන් 6:37–47).

“උන්වහන්සේව (ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ) පිලිගන්නා සෑම දෙනාට දෙවියන්වහන්සේගේ දරුවන් වෙන්ට උන්වහන්සේ බලය දුන් සේක” (ශු:යොහාන් 1:12).

ස්වාමින්වහන්සේ පවසනවා

“මා ඔවුන්ගේ අධර්මිෂ්‍ඨකම් ගැන කරුණා කරන්නෙමි. ඔවුන්ගේ පාප තවත් සිහි නොකරන්නෙමි” (හෙබ්‍රෙව් 8:12) යනුවෙන්.

දෙවියන්වහන්සේගේ පොරොන්දු කෙරෙහි විශ්වාසය තැබීම හරියට ගඟක් තරණය කරන විට අපේ පාද ශක්තිමත් පාලමක් මත තබා ගැනීමකට සමාන කල හැකිය. පාලම ශක්තිමත් නම් අපේ පාද දුර්වල වූවත් එය එතරම් ප්‍රශ්නයක් නොවේ. එසේ නම් ශක්තිමත් ඇදහිල්ල යනු කුමක්ද? එය ශක්තිමත් දෙවි කෙනෙක් සහ උන්වහන්සේගේ පොරොන්දු මත විශ්වාසය තැබීමයි.

අපගේ හැඟීම් බොහෝවිට රැවටෙන සුළුය. අප කිසිසේත් ඒවා විශ්වාස නොකළ යුතුයි. පටු බිත්තියක් මත එකා පසු පස එකා ගමන් කළ සත්‍යය, ඇදහිල්ල සහ හැඟීම් යන නම් ඇති මිනිසුන් තිදෙනෙක් ගැණ උපමාවක් තිබේ. සත්‍ය ඉදිරියෙන්ම ගමන් කළ අතර ඇදහිල්ල ඔහුට පිටුපසින් ගමන් ගනිද්දී හැඟීම් ඔවුනට පසුපසින් පැමිණියේය. ඇදහිල්ල ඔහුට ඉදිරියෙන් ගමන් කළ සත්‍ය දෙස ඇස් රඳවා සිටිතාක් සියල්ල හොඳින් සිදුවිය. හැඟීම් අඩුවකින් තොරව ඔහුව අනුගමණය කළේය. නමුත් ඇදහිල්ල එක විටම පසුපසට හැරී හැඟීම් පැමිණෙන ආකාරය බැළු සැණින් ඔහු පෙරලී ඇදවැටීමෙන් මරණයට පත්වූ අතර හැඟීම්ද වැටී මරණයට පත්විය.කෙසේ වෙතත් සත්‍ය බාධාවට පත්නොවී දිගටම බිත්තිය මත ගමන් කළේය.

මෙම උපමාව තුළ ඇති පාඩම ඉතා පැහැදිළිය. දේව වචනය වෙනස් නොවන සත්‍යථා වලින් සමන්විතවේ.

අපගේ ඇදහිල්ල ස්‍ථීර ලෙසම දේව වචනය දෙස පමණක් යොමුවේ නම් කිසි විටක අපගේ වැටීමක් ගැන අනතුරක් නැති අතරම හැගීම් යථා කාලයේදී අනුගමණය කරනු ඇත. නමුත් අපි අපගේ හැඟීම් දෙස බැලීමට ගතහොත් එවිට අප ඉතා පහසුවෙන් පැටලී වැටී අධෛර්යටත් දඬුවම් ලැබීමටත් පත්වනු ඇත.

ඇදහිල්ලේ ප්‍රකාශය

අප විශ්වාස කරණ දේ අප ප්‍රකාශ කලයුතු බවට බයිබලය පවසයි.

“කුමක් හෙයින්ද යේසුස්වහන්සේ ස්වාමින්වහන්සේ යයි නුඹේ මුඛයෙන් ප්‍රකාශ කරන්නෙහි නම් දෙවියන්වහන්සේ උන්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවූ බව සිතින් අදහන්නෙහි නම් නුඹ ගළවනු ලබන්නෙහිය. මක්නිසාද මනුෂ්‍යයා ධර්මිෂඨකම පිණිස සිතින් අදහන්නේය මුඛයෙන් කියා දෙන්නේය” (රෝම 10:9–10).

අපගේ මුඛයේ ප්‍රකාශය ඉතා වැදගත්ය. දේව වචනය ප්‍රකාශ කරනවා යන්නෙහි අර්ථය දෙවියන්වහන්සේ පැවසූ දේම පැවසීමය. දෙවියන්වහන්සේගේ පොරොන්දු උදෙසා “ආමෙන්” (එය එසේම වේවා) යනුවෙන් පැවසීම එතරම් අපහසු විය යුතු නැත.

ශුද්ධ ලියවිල්ලෙහි පළමු වතාවට “විශ්වාස කිරීම” යන වචනය උත්පත්ති 15 හි සඳහන්වේ. එතැනදී අප කියවන්නේ ආබ්‍රම් දරුවන් නැතිව සිටිද්දී දෙවියන්වහන්සේ ආබ්‍රම්ට අහසේ තාරකා මෙන් දරුවන් ලැබෙන බව පැවසීමය. ඒ වගේම එතැන පවසනවා “ආබ්‍රම් දෙවියන්වහන්සේ විශ්වාස කළේය” (6 පදය) එතැන “විශ්වාසය” යන පදයේ හෙබ්‍රෙව් අරුථ නම් “ආමාන්” වේ එයින් අප “ආමෙන්” යන වචනය ගන්නෙමු. එහි අර්ථය “එය එසේම වේවා” යන්නයි. ඉතින් ආබ්‍රම් දෙවියන්වහන්සේගේ පොරොන්දුව උදෙසා පැවසූ එකම දේ “එය එසේම වේවා” යන්නය.

දෙවියන්වහන්සේට “එසේම වේවා” යනුවෙන් පැවසීම සැබෑ ඇදහිල්ලයි.

පසුව අපිට කියවන්න පුළුවන් ආබ්‍රම් දෙවියන්වහන්සේ දුන් අලුත් නම වන ආබ්‍රහම් (සමුහයක පියා අරුතැති) නමින් තමන්ව හඳුන්වා ගැණීම. ඔහුගේ භාර්යාව ඒ වනතුරුත් දරුවන් නොමැතිව සිටියාය. නමුත් ආබ්‍රහම්ට එය එතරම් වෙනසක් නොවීය. ඔහු තව දුරටත් තමන්ව සමූහයක පියා ලෙස හඳුන්වා ගත්තේය, මක්නිසාද දෙවියන්වහන්සේ කියා තිබූදේ ඔහු විශ්වාස කල හෙයිනි (උත්පත්ති 17:5).

එයයි ඇදහිල්ලේ ප්‍රකාශය – පොරොන්දුව සම්පූර්ණවීම නොදැක වුවත් අප දෙවියන්වහන්සේ කියා ඇති දේ ප්‍රකාශ කිරීම.

දෙවියන්වහන්සේ අපට කිරීමට පවසන දේ එය පමණයි. උන්වහන්සේගේ වචනයේ කියා ඇති දේම පැවසීම. අප දෙවියන්වහන්සේගේ පොරොන්දු ප්‍රකාශ කරන විට අප පැහැදිලි ලෙසම දෙවියන්වහන්සේ තුළ අපගේ ඇදහිල්ල ප්‍රකාශ කරන්නෙමු. එවිට අප උදෙසා ක්‍රියා කිරීමට දෙවියන්වහන්සේට හැකිවේ.

අපගේ “සාක්‍ෂියේ වචනයෙන්” අපි සාතන්ව පරාජය කරන්නෙමු (එළිදරව් 12:11) සාතන්, දොස් තබන්නා සෑම වෙලේම උත්සහ කරනුයේ අපගේ ගැලවීමේ සහතිකය සහ දෙවියන්වහන්සේ ඉදිරියේ අපගේ නිර්භීත කම සොරකම් කිරීමටය. අපට අවශ්‍ය නම් සාතන්ගෙන් ජය ගන්න අප විසින් දෙවියන්වහන්සේගේ පොරොන්දු සාතන්ට ඝෘජුව උපුටා දැක්විය යුතුය.

යේසුස්වහන්සේම ශුද්ධවූ ලියවිල්ල ඔහුට උපුටා දක්වමින් එහි ලියා ඇති ලෙස “එය මෙසේ ලියා තිබේ, එය මෙසේ ලියා තිබේ, එය මෙසේ ලියා තිබේ” යනුවෙන් පවසා සාතන්ගෙන් ජය ගත් සේක (ශු:මතෙව් 4:1–11).

අපි දේව වචනය සැක කරන්නේ නම් අපි දෙවියන්වහන්සේව බොරුකාරයෙක් කරන්නෙමු. නමුත් අපි දේව වචනය සාතන්ට ප්‍රකාශ කරන විට, අපි දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ වචනය සමඟ එක්ව සාතන් සහ ඔහුගේ බොරුවලට එරෙහි වන්නෙමු. මේ ආකාරයට අප සාතන්ට පවසනුයේ අප මුහුණදී ඇති තත්‍වයන් හෝ හැඟීම් කුමක් පැවසූවත් දෙවියන්වහන්සේ පැවසූ දේ සත්‍ය බවය.

මෙයයි ඇදහිල්ලේ ප්‍රකාශය.

පරිච්ජේදය 3
තෝරා ගැණීම සහ ධර්මිෂ්ඨ කිරීම

දෙවියන්වහන්සේගේ දරුවන් තෝරා ගැණීම සහ ඔවුන් ධර්මිෂ්ඨ භාවයට පත් කිරීම නව ගිවිසුම අපට උගන්වන මහිමාන්විත සත්‍යථාවයන් දෙකකි.

තෝරා ගැණීම

දෙවියන්වහන්සේ උන්වහන්සේගේ පෙර දැනගැන්මේ ප්‍රකාරයට අපව උන්වහන්සේගේ දරුවන් වීමට තෝරා ගත් බව බයිබලය අපට පවසන්නේය (1 පේත්‍රස් 1:1–2). එහි අර්ථය නම් පසුවූ සදාකාලයේ සිටම කව්ද උන්වහන්සේගේ දරුවන් වෙන්නට යන්නේ කියා උන්වහන්සේ දැන සිටි බවයි.

ක්‍රිස්තුස්වහන්සේ තුළ “ලෝකය මැවීමටත් පෙර” (එපීස 1:4) දෙවියන්වහන්සේ අපව තෝරා ගත් බවත් බයිබලය පවසයි. ආදම්ව මැවීමට බොහෝ කාලයකට පෙරත් දෙවියන්වහන්සේ අප එකිනෙකා උන්වහන්සේගේ දරුවන් ලෙස නම් වලින් දැන සිටි අතර “ජීවන පොතේ” (එළිදරව් 13:8) අපේ නාමයන් සඳහන්වී ඇත.

මේවා අපට මහත්වූ සුරක්‍ෂිතභාවයක් ගෙන දිය හැකි සත්‍යථාවයන්වේ.

බයිබලය අප රැඳී සිටින දෙවියන්වහන්සේගේ අත්තිවාරමට දෙවැදෑරුම් මුද්‍රාවක් ඇති බව පවසයි. දෙවියන්වහන්සේගේ ආකාරයට එය මෙසේ කියයි. “දෙවියන්වහන්සේ උන්වහන්සේගේ අයව දනිති”. මනුෂ්‍යාකාරයට එය මෙසේය “දෙවියන්වහන්සේගේ නාමය සඳහන් කරන සියළු දෙනා අධර්මිෂ්‍ඨ කමින් පහවෙත්වා” (2 තිමෝති 2:19).

ලෝකයේ අත්තිවාරම දැමීමටත් පෙර සිට දෙවියන්වහන්සේ තම දරුවන් දැන සිටි සේක. නමුත් අපි දන්නවා අපි දෙවියන්වහන්සේගේ දරුවන් වන්නේ සැබෑ ලෙසම පසු තැවී උන්වහන්සේ වෙතට හැරීමෙන් පසුව බව. දෙවියන්වහන්සේ තම දරුවන් තෝරා ගත් පසුව වූවත් තවමත් උන්වහන්සේව තෝරා ගැණීමට හෝ නොගැණීමට මනුෂ්‍යයාට නිදහස ලබා දීම ගැන අපගේ සීමා සහිත වූ මනසට වටහා ගැණීමට නොහැකිය. මෙය හරියට සමාන්තර රේඛා දෙකක් අපගේ තේරුම් ගැණීමට අනුව එක් නොවන්නා වැනිය. නමුත් සමාන්තර රේඛා ගැන ගණිත ශාස්ත්‍රයේ විග්‍රහයට අනුව ඒවා අනන්තයේදී මුණගැසේ අණන්තවූ දේව මනස තුළ.

යම් අයෙකු එය මෙසේ විස්තර කර තිබේ: ඔබ ජීවන මඟ දිගේ ගමන් කරමින් සිටින විට යම් දිනක ඔබට විවෘතවූ දොරක් හමුවේ, එහි ඉහළින් මෙවැනි වැකියක් ලියා තිබේ. “ක්‍රිස්තුස්වහන්සේ තුල පසුතැවිලිවී විශ්වාස කළාවූ කවුරු නමුත් මෙහි ඇතුළුවී සදාකාල ජීවනය ලබා ගන්න”. ඔබ එහි ඇතුළුවේ. ඔබ පසුපස බලන විට ඔබ ඇතුළුවූ එම දොරේම ඉහළ මෙලෙස ලියා තිබේ. “දෙවියන්වහන්සේ ඔබව යේසුස්වහන්සේ තුළ ලෝකය මැවීමටත් පෙර තෝරා තිබේ”

ධර්මිෂ්‍ඨ කිරීම

අපගේ පාප කමා කිරීමෙන් පසුගිය කාලයේ වැරදි ඉවත් කරනු ලබයි. නමුත් එය අපව සම්පූර්ණ ශුද්ධත්‍වයට පත් නොකරයි. ඉතින් එනිසා අපට තාමත් සම්පූර්ණ ශුද්ධවූ දෙවිකෙනෙක් ඉදිරියේ සිටීමට නොහැකිය. එනිසා දෙවියන්වහන්සේට තවත් යමක් අප වෙනුවෙන් කළ යුතුව තිබුණි.

එතුමාට අපව ධර්මිෂ්‍ඨ කළ යුතුව තිබුණි!

ධර්මිෂ්‍ඨභාවයට පත් කිරීම යනු දෙවියන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ තුළවු සම්පූර්ණ ධර්මිෂ්‍ඨකම අපේ ගිණුමට බැර කිරීමයි. එහි ප්‍රතිඵලය නම් දැන් අපි දෙවියන්වහන්සේ ඉදිරියේ පෙනී සිටීම, ක්‍රිස්තුස්වහන්සේ ලෙසම පරිපූර්ණ වේ! එය විශිෂ්‍ඨ සත්‍යථාවයක්! එය හරියට මිලියන ගණනක මුදලක් සිඟන්නෙකුගේ ගිණුමකට දැමීම වැනිය. එම මුදල් ඔහුට අයිතිවූ හෝ ඉපැයූ දෙයක් නොව නමුත් නොමිලේ ඔහුට ත්‍යාගයක් ලෙස ලැබීමකි.

ධර්මිෂ්‍ඨභාවයට පත් කිරීම යනු දෙවියන්වහන්සේ විසින් අපගේ සම්පූර්‍ණ ජීවිත කාලය තුළ අප පව් කර නොමැති ලෙසත් සහ වර්තමානයේදීත් අප ජීවිතය තුළ සම්පූර්ණ ධර්මිෂ්‍ඨව සිටිනවා ලෙස පිළිගනු ලැබීමවේ.

දේව වචනය පවසනවා “අප පිහිටා සිටින මේ අනුග්‍රහයට උන්වහන්සේ කරනකොට ගෙනම ඇදහිල්ලෙන් ලඟාවී සිටිමුව. තවද දෙවියන්වහන්සේගේ මහිමයේ බලාපොරොත්තුවෙහි අපි ප්‍රීතිමත් වෙමු” (රෝම 5:2). දැන් අපට දේව අභිමුඛයට බියෙන් සැකෙන් තොරව නිර්භීතව ඕනෑම වෙලාවක පැමිණිය හැකිය. දෙවියන්වහන්සේම ඒ සඳහා මග විවෘත කොට ඇත.

ඒදන් උයන තුළ ආදම් සහ ඒව පව් කළ විගස තම වරද ගැන දැනී ලජ්ජාවට පත්ව ඔවුන් අත්තික්කා කොල වලින් තම සිරුරු වසා ගත්තෝය. දෙවියන්වහන්සේ එම අත්තික්කා කොල ඔවුන් වෙතින් ඉවත් කර සත්වයෙකු මරා එම සම ඔවුන්ට ඇන්දවූසේක.

එම අත්තික්කා කොල වලින් අපේ යහපත් ක්‍රියා නිරූපණය වේ. අත්තික්කා අතු මෙන් අපේ යහපත් ක්‍රියා වලින් දෙවියන්වහන්සේ ඉදිරියේ අපේ නිරුවත වැසීමට නොහැකිවේ. මන්ද බයිබලය පවසන්නේ අපගේ යහපත්ම ක්‍රියා පවා දෙවියන්වහන්සේ ඉදිරියේ කසල වස්‍ත්‍ර බවයි (යෙසායා 64:6).

එම ඝාතනය කල සත්වයාගෙන් අපේ පාප උදෙසා මරණයට පත් කළ ක්‍රිස්තුස්වහන්සේව නිරූපනයවේ. අපව වැසීමට දුන් ක්‍රිස්තුස්වහන්සේගේ පරිපූර්ණ ධර්මිෂ්‍ඨකම එම සත්ව හම මගින් නිරූපනය වේ (උත්පත් 3:7, 21).

ධර්මිෂ්‍ඨභාවය දෙවියන්වහන්සේගෙන් නොමිලයේ ලැබෙන ත්‍යාගයකි. දෙවියන්වහන්සේ ඉදිරියේ කිසිම මනුෂ්‍යයකුට තමුන්ගේම ක්‍රියාවලින් ධර්මිෂ්‍ඨභාවයට පත්විය නොහැක. එක් වැරදි අන්තයක සිට මෙසේ කිව හැක. එනම් “අපි දෙවියන්වහන්සේ වෙතින් ධර්මිෂ්‍ඨභාවයට පත්වීම උදෙසා ධර්මිෂ්‍ඨ වීමට උත්සහ කරමු”.

ඒ වගේම එයට විරුද්ධව තවත් වැරදි අන්තයක් තිබේ. එය නම් “අපව තෝරා ගෙන ධර්මිෂ්‍ඨ කර තිබේ නම් දැන් අප පව් කලත් කමක් නෑ” යන්නයි. දෙවියන්වහන්සේ ඔවුන්ව තෝරා ධර්මිෂ්‍ඨ කර තිබෙන බව සිතා පාපය සුළු කොට තකන අය ඔප්පු කර පෙන්වනවා කිසිම විටක දෙවියන්වහන්සේ තෝරා ගත් අය අතර ඔවුන් නැති බව (රෝම 4:5 යාකොබ් 2:24 සමඟ සසඳා බලන්න).

අපව තෝරා ගෙන ධර්මිෂ්‍ඨභාවයට පත් කර ඇති බව අප දැනගත් කල අප කෙරේ සාතන්ගේ චෝදනා වල බලපෑම පරාජය වේ. මන්ද “දෙවියන්වහන්සේ අපේ පක්‍ෂයට සිටින සේක් නම් අපට විරුද්ධව සිටින්නේ කව්ද?” (රෝම 8:31) අප ජීවිතයේ යළි කිසිම දිනක දෙවියන්වහන්සේ අපව වරදට පත්කර හෝ අපව ප්‍රතික්‍ෂේප කර ඇති බව හෝ අපට දැනිය යුතුද.

“දෙවියන්වහන්සේ තෝරාගනු ලැබූවන්ට වරද තබන්නේ කව්ද? ධර්මිෂ්‍ඨ කරන්නේ දෙවියන්වහන්සේය” (රෝම 8:33) හාලේලූයා!

ශුභාරංචියේ යහපත් පනිවිඩය එයයි! සාතන් විසින් බොහෝ ඇදහිලිවන්තයින්ව, තමන්ව දෙවියන්වහන්සේ විසින් තෝරා ධර්මිෂ්‍ඨභාවයට පත් කර ඇති බව දැනගැණීමෙන් වලක්වා තිබීම පුදුමයක් නොවේ.


පරිච්ජේදය 4
ගෝලකම

යේසුස්වහන්සේ තම අපෝස්තුළුවරුන්ට සෑම ජාතීන් වෙත ගොස් ඔවුන් ගෝලයන් කරපල්ලා යයි කීවිට යේසුස්වහන්සේ අදහස් කලේ කුමක්ද කියා ඔවුන්ගේ සිත් තුළ කිසි සැකයක් නොතිබිණි (ශු:මතෙව් 28:19). මක්නිසාද ඒ වනවිටත් උන්වහන්සේගේ ගෝලයෙක් වීම යනු කුමක්ද යනවග උන්වහන්සේ පැහැදිලි කර තිබුණි.

ශු:ලූක් 14:25–35 ගෝලත්වය ගැන ඉතාම පැහැදිලි කොන්දේසි තුනක් හෙළිදරව් කරයි. එහිදී යේසුස්වහන්සේ කොතක් ගොඩනැගීමට අත්තිවාරමක් දැමූ මනුෂ්‍යයකු ගැන කථා කලේය. නමුත් ඔහුට එය සම්පූර්ණ කිරීමට නොහැකි වෙයි, මන්ද එම ගොඩනැගිල්ලේ වියදම ගෙවීමට ඔහුට නොහැකිවේ (28–30 පද). ගෝලයෙකු වීමට යම් වැයවීමක් ඇති බව ඉන් ඔප්පුවේ. පළමුව වාඩිවී ගොඩනැගීමට පෙර එහි වියදම ගණන් බලන ලෙසට යේසුස්වහන්සේ පැවසීය.

අපගේ පාප කමාකළ පසු ගෝලත්වය ගැන නියමාකාරව තේරුම් ගැණීමට පෙර වසර ගණනක් බලා සිටීම දෙවියන්වහන්සේට අවශ්‍ය නොවේ. යේසුස්වහන්සේ සමූහයා එතුමා වෙතට පැමිණි විගස ගෝලත්වයේ වියදම ගැන පැවසුවේය.

ඇදහිලිවන්තයෙකු ගෝලයෙකු වීමට අකමැතිවූ විට හරියට ලුණු රස නැතිවූ ලුණු මෙන් ඔහු දෙවියන්වහන්සේට නිෂ්‍ප්‍රයෝජනවත් බව උන්වහන්සේ පැවසූ සේක (ශු:ලූක් 14:35). ‘නෑයන්ට’ වෛර කිරීම ගෝලත්වයේ පළමු කොන්දේසිය නම් ස්‍වභාවයෙන්ම අප විසින් අපේ නෑයන්ට දක්වන අසීමිත ප්‍රේමය නැවැත්වීමයි. යේසුස්වහන්සේ පැවසුවා

“මා ලඟට එන තැනැත්තේ තමාගේ පියාටත්, මවටත් භාර්‍යාවටත්, දරුවන්ටත්, සහෝදරයන්ටත්, සහෝදරියන්ටත් එසේය, තමාගේම ජීවිතයටත් ද්වේශ නොකරන්නේ නම් ඔහුට මාගේ ගෝලයා වෙන්ට බැරිය” (ශු:ලූක් 14:26).

ඒවා ඉතා තද වචන වේ “ද්වේශ” කරනවා යනු කුමක්ද? “ද්වේශ” කිරීම යනු “මරණයට පත්කිරීම” හා සමාන වේ (1 යොහාන් 3:15) අපෙන් බලාපොරොත්තුවන “මරණයට පත්කිරීම” නම් අප ස්වභාවයෙන්ම අපගේ නෑයන්ට දක්වන ප්‍රේමය වේ.

එයින් අප ඔවුන්ට ප්‍රේම නොකළ යුතුයි යනුවෙන් අර්ථවත් වන්නේද? නැහැ සැබෑ ලෙසම එහි තේරුම එය නොවේ. අප එම අය කෙරෙහි මනුෂ්‍ය ප්‍රේමය අත් හරින කල දෙවියන්වහන්සේ එය දිව්‍යමය ප්‍රේමයකින් නැවත පුරවන සේක. අප නෑයන් කෙරෙහි දක්වන ප්‍රේමය එවිට පවිත්‍ර වේ – මේ හැඟීම තුළ අපගේ නෑයන්ට නොව දෙවියන්වහන්සේට අපගේ ප්‍රේමයේ පළමු ස්‍ථානය හිමිවේ.

බොහෝ දෙනා දෙවියන්වහන්සේට කීකරු නොවේ. මන්ද ඒ අය තමන්ගේ මවට පියාට හෝ භාර්‍යාවට විරුද්ධ වීමට ඇති බිය නිසාවෙනි. දෙවියන්වහන්සේ අපේ ජීවිතයේ පළමු ස්ථානය ඉල්ලා සිටී. අපි එතුමාට එම ස්ථානය නොදෙනවා නම් කිසිසේත් අපට උන්වහන්සේගේ ගෝලයින් වීමට නොහැකිවේ.

යේසුස්වහන්සේගේම උදාහාරණය දෙස බලන්න. උන්වහන්සේ තම වැන්දඹු මවට කොතෙක් ප්‍රේම කලත් ඉතා කුඩා දෙයකටවත් තම පියාණන්වහන්සේගේ සම්පූර්ණ කැමැත්තෙන් තමන්ව ඈත් කිරීමට ඇයට කිසිසේත් ඉඩ නොදුන්නේය. මේ ගැන උදාහාරණයක් අපි දකිනවා කානා නුවර විවාහ උත්සවයේදී යේසුස්වහන්සේ තමන්ව ඉක්මන් කරවීමට ක්‍රියා කිරීමේ දී තම මවව ප්‍රතික්‍ෂේප කළ අවස්ථාවේදී (ශු:යොහාන් 2:4).

යේසුස්වහන්සේ තම සහෝදරයන්ට “වෛර” කරන්නේ කෙලෙසද කියා අපට ඉගැන්වූ සේක. පේත්‍රැස් උන්වහන්සේ කුරුසියට යාමෙන් වැලැක්වීමට උත්සහ කරද්දී හැරීබලා ඔහුට පෙර කිසි දිනක නොපැවසූ තියුනු වදන් වලින් තරවටු කළ සේක. එතුමා පැවසුවා “සාතන් මා පස්සට යව නුඹ මට බාධාවක්” යනුවෙන් (ශු:මතෙව් 16:23). පේත්‍රැස් එසේ යෝජනා කර තිබුණේ ගොඩාක් මනුෂ්‍යය ආදරයෙන් යුතුවයි. නමුත් යේසුස්වහන්සේ ඔහුට තරවටු කලා, මන්ද ඔහුගේ යෝජනාව තම පියාණන්ගේ කැමැත්තට විරුද්ධව තිබූණි.

යේසුස්වහන්සේගේ ආදරය තුළ පියාණන්වහන්සේ සැම විටම ශ්‍රේෂ්‍ඨව සිටියේය. උන්වහන්සේ අපගෙන්ද එලෙසම බලාපොරොත්තුවේ. නැවත නැගිටීමෙන් පසුව උන්වහන්සේ පේත්‍රැස්ගෙන් ඇසුවා ඔහු ලෝකයේ සියළු දේට වඩා තමන් වහන්සේට ප්‍රේම කරනවාද කියා (ශු:යොහාන් 21:15–17) උන්වහන්සේට අති මහත් ලෙස ආදරය කරන අයට පමණක් සභාවේ වගකීම් භාර දෙනු ලබන්නේය.

එපීස සභාවේ නායකයා තමන්ව ප්‍රතික්‍ෂේප වීමේ අවදානමකට මුහුණ දුන්නේය මන්ද දෙවියන්වහන්සේ වෙනුවෙන් ඔහු තුළවූ පළමු කැපවීම ගිලිහී තිබුණි (එළි 2:1–5).

අපට ගීතිකාකරු ලෙස කියන්න පුළුවන්නම් “ස්‍වර්ගයේ ඔබ හැර මට ඇත්තේ කව්ද, පොළොවෙහිද මා ආශා කරන කිසිවෙක් නැත” (ගීතාවලි 73:25). එවිට සැබෑ ලෙසම අප ගෝලත්වයේ පළමු කොන්දේසිය සම්පූර්ණ කර තිබේ.

යේසුස්වහන්සේ අපගෙන් ඉල්ලන ප්‍රේමය හැඟුම්බර, හිතේ හදිසි පෙළඹවීමෙන් ඇතිවන හෝ උනන්දුව ඇති කරන උන්වහන්සේට කැපවීමේ ගායණා හෝ නොවේ. අපි උන්වහන්සේට ප්‍රේම කරනවානම් අපි උන්වහන්සේට කීකරු වන්නෙමු (ශු:යොහාන් 14:21).

අපේම ජීවිතයට ද්වේශ කිරීම

ගෝලයෙකු වීමේදී දෙවන කොන්දේසිය නම් අප අපේම කැමැත්ත සොයන ජීවිතයට ද්වේශ කිරීමයි. යේසුස්වහන්සේ පැවසුවා

“මා වෙතට එන අයෙකු තමාගේම ජීවිතයට ද්වේශ නොකරන්නේ නම් ඔහුට මාගේ ගෝලයෙකු වීමට නොහැකිය” (ශු:ලූක් 14:26) යනුවෙන්.

උන්වහන්සේ එය තව දුරටත් පැහැදිලි කර පැවසුවා

“යමෙකු තමාගේම කුරුසිය රැගෙන මා අනුව නොඑන්නේ නම් ඔහුට මාගේ ගෝලයා වීමට නොහැක” (ශු:ලූක් 14:27).

මෙය යේසුස්වහන්සේගේ සියළුම ඉගැන්වීම් වලින් අඩුවෙන්ම අවබෝධ කරගත් එක් දෙයකි.

උන්වහන්සේ පැවසුවා ගෝලයෙකුට “තමාවම එපා කර දින පතා කුරුසිය රැගෙන යාමට සිදුවන බව” (ශු:ලූක් 9:23) – බයිබලය කියවීම සහ දිනපතා යාච්ඤා කිරීමට වඩා අප අපවම එපා කර දිනපතා අපගේ කුරුසිය ගෙන යාම වැදගත්වේ. අපවම එපා කිරීම අප ආදම් ගෙන් උරුම කරගත් ජීවිතයට ද්වේශ කිරීමට සමානවේ. කුරුසිය ඔසවා ගැනීම යනු අප ගැනම සිතන ජීවිතය මරණයට පත් කිරීමයි. අප එම ජීවිතය මරණයට පත් කිරීමට පෙර එයට ද්වේශ කල යුතුය.

අප ගැනම සිතන ජීවිතය ක්‍රිස්තුස්වහන්සේගෙන්වූ ජීවිතයේ ප්‍රධානතම සතුරාවේ. බයිබලය මෙය “මාංශය” ලෙස හඳුන්වයි. මාංශය යනු අපගේම වාසිය, අපගේම ගෞරවය, අපගේම සතුට, අපගේම මාර්ග යනාදි දේ සොයන පිණිස අපව පරික්‍ෂා කරන අප තුළම ඇති නපුරු ගබඩාවක්වේ.

අප අවංක නම් අපට බාර ගතයුතු වෙනවා අපගේ හොඳම ක්‍රියා පවා, අපගේ දූෂිතවූ මාංශයෙන් නික්මෙන නපුරු අභිප්‍රායන්ගෙන්, දූෂිතව ඇති බව. අප මෙම මාංශයට ද්වේශ නොකරන්නේ නම් අපට කිසිසේත් ස්වාමින්වහන්සේව අනුගමනය කල නොහැකිවේ.

මෙනිසයි අපේ ජීවිතයට ද්වේශ කිරීම (හෝ නැති කර ගැනීම) ගැන යේසුස්වහන්සේ වඩවඩාත් කතා කලේ.

ඇත්ත වශයෙන්ම මෙම කොටස ශුභාරංචියේ හය තැනක නැවත නැවත සඳහන් වේ (ශු:මතෙව් 10:39, 16:25, ශු:මාර්ක් 8:35, ශු:ලූක් 9:24, 14:26, ශු:යොහාන් 12:25) ස්වාමින්වහන්සේගේ මෙම කියමන ශුභාරංචිය තුළ වැඩිපුරම නැවත නැවත සඳහන් වෙන්නක් වේ. ඒත් තාමත් අඩුවෙන්ම දේශනා කෙරෙන සහ අඩුවෙන්ම අවබෝධ කරගත් දෙය වන්නේද එයයි.

ඔබගේ ජීවිතයට ද්වේශ කිරීම යනු ඔබගේ අයිතිවාසිකම් සහ පහසුකම් සෙවීම අත්හැර දැමීම, ඔබගේම කීර්තිය සෙවීම නතර කිරීම, ඔබගේ බලයට අභිලාෂය සහ ආශා කරන දේ අත්හැර දැමීම සහ ඔබගේම මාර්ග සෙවීම අත් හැරීම ආදිය වේ. ඔබට යේසුස්වහන්සේගේ ගෝලයෙකු විය හැක්කේ මේ මාර්ගය තුළ ගමන් කිරීමට කැමති නම් පමණි.

අප සතු වස්තුව අත්හැරීම

ගෝලයෙකු වීමේ තුන් වන කොන්දේසිය නම් අප සතු වස්තුව අත් හැරීම වේ. යේසුස්වහන්සේ පැවසුවා නුඹලාගෙන් තම වස්තුව අත් නොහරින කිසිවෙකුට මාගේ ගෝලයෙක් විය නොහැකිය යන්න (ශු:ලූක් 14:33).

අප සතු සියල්ල නම් අපගේම යයි සිතා අයිති කරගෙන සිටින දේය. ඒ සියළු දේ අත් හැරීම යනු අප තව දුරටත් ඕනෑම දෙයක් අපගේම යැයි නොසැලකීම වේ. මේ ගැන උපමාවක් අපට ආබ්‍රහම්ගේ ජීවිතය තුල දැකිය හැකිය. ඊසාක් ඔහුගේම දරුවාව සිටියේය. ඒ ඔහුගේ වස්තුවයි. එහෙත් දිනක් දෙවියන්වහන්සේ ඔහුගෙන් ඊසාක්ව පූජාවක් ලෙස ඉල්ලා සිටියේය. ආබ්‍රහම් ඔහුව පූජාසනය මත තබා ඝාතනය කිරීමට සූදානම් විය. නමුත් දෙවියන්වහන්සේ මැදිහත්වී පූජාව අවශ්‍ය නොවන බව පැවසීය මන්ද කීකරුවීමට ඔහුගේ ඇති කැමැත්ත ඔහු ඔප්පු කර පෙන්වීය (උත්:22). එයින් පසු ඊසාක් නිවස තුල සිටිය නමුත් තව දුරටත් ඔහු ඔහුගේම ලෙස ඔහුට අයිති නැති බවත් දැන් ඔහු දෙවියන්වහන්සේට අයිති බවත් ආබ්‍රහම් වටහා ගත්තේය.

මේ තමයි අපේ වස්තුව අත් හැරීම. අප සතු සියළු දේ පූජාසනය මත තබා දෙවියන්වහන්සේ හට දිය යුතුය.

දෙවියන්වහන්සේ මින් සමහර දේ අපගේ ප්‍රයෝජනය සඳහා දෙනු ඇත. නමුත් තව දුරටත් ඒවා අපට අයිතියි කියා අපට සිතිය නොහැක. අප අපගේම නිවසක් තුළ ජීවත් වුනත් අප විසින් එය, දෙවියන්වහන්සේගේ නිවසක් බවටත් අපට කුලියකින් තොරව එහි ජීවත්වීමට දී ඇති බවටත් සිතිය යුතුය. මෙයයි සැබෑ ගෝලත්වය.

අප සතු සියළුම වස්තුව සමඟ අප එලෙස ක්‍රියා කර තිබේද? අප සතු දේ ලෙසට අපේ බැංකු ගිණුම, දේපල, රැකියාව, සුදුසුකම්, දීමණා සහ තලෙන්ත, භාර්යාව සහ දරුවන් සහ මෙලොව අපි වටිනවා කියා සිතන සෑම දේම අයත්වේ. අපට සැබෑ ගෝලයන් වීමට අවශ්‍ය නම් මේ සියළු දේ පූජාසනය මත තැබිය යුතුය.

අප දෙවියන්වහන්සේට මුළු හදවතින් ප්‍රේම කිරීම උන්වහන්සේට අවැසි වේ. එය තමයි ශු:මතෙව් 5:8 සඳහන් කර ඇති “පවිත්‍ර සිත” යන්නෙහි අර්ථය. පිරිසිඳු හෘද සාක්‍ෂියක් තිබීම පමණක් ප්‍රමාණවත් නොවේ. පිරිසිඳු හෘද සාක්‍ෂියක අර්ථය අප පාපය අත්හැර ඇති බවය. පවිත්‍ර හදවතක් යනු එය සියළු දේ අත්හැර ඇතිය යනුයි!

ඉතින් සැබෑ ගෝලත්වයට

(අ) අපේ නෑයන් සහ ආදරණීයයන්

(ආ) අප ගැනම සිතන අපේ ජීවිතය සහ

(ඈ) අප සතු සියල්ල කෙරෙහි සම්පූර්ණ වෙනසක් සහිත ක්‍රියා කිරීමක් ඇතුලත්වේ.

අපගේ ක්‍රිස්තියානි ජීවිතය මුලදීම මෙම ප්‍රශ්න වලට ඉතා නිවැරදි ලෙස මුහුණ නොදුනහොත් හොඳ අත්තිවාරමක් දැමීමට කිසිසේත් නොහැකිවේ.

පරිච්ජේදය 5
වතුර බෞතිස්මය

ස්වර්ගයට නැඟීමට පෙර යේසුස්වහන්සේ තම ගෝලයන්ට නියෝග කල අවසාන කරුණු වලින් එකක් නම්

  1. ගොස් ගෝලයින් බිහිකරපල්ලා

  2. පියාණන්ගේත් පුත්‍රයාණන්ගේත් ශුද්ධාත්මයාණන්ගේත් නාමයට ඔවුන් බෞතිස්ම කරපල්ලා සහ

  3. තමන් විසින් නියෝග කල සියළු දේට කීකරු වෙන්න ඔවුන්ට උගන්වාපල්ලා යනුවේ. මෙහීදී මෙම අනු පිළිවෙල ඉතා වැදගත්වේ. ගෝලයින් වීමට කැමති අය පමණක් බෞතිස්ම විය යුතුය. වෙන කිසිවෙකු නොවේ.

යේසුස්වහන්සේ වෙතට ළදරුවන් රැගෙන ආවිට එතුමා ඔවුන්ගේ හිස මත අත තබා ඔවුනට ආශිර්වාද කල සේක (ශු:මාර්ක් 10:13–16 බලන්න)! කොහොම නමුත් පසු තැවිලිවූ වැඩිමහළු අය එතුමා වෙතට පැමිණි විට එතුමා තම ගෝලයින් ලවා ඔවුන් බෞතිස්ම කල සේක (ශු:යොහාන් 4:1, 2 බලන්න).

නමුත් අද බොහෝ දේවස්‍ථාන තුළ අප දකින්නේ කුමක්ද? සම්පූර්ණ විරුද්ධ දෙයයි. ළදරුවන් බෞතිස්ම කරනු ලබයි, සහ වැඩිහිටි අයගේ හිස මත අත්තැබීම කෙරේ (ස්ථීරකරනු ලැබීම). මෙය යේසුස්වහන්සේ පැවසූ දෙයට හාත්පසින්ම විරුද්ධවේ.

පෙන්තකෝස්ත දවසේදී බොහෝ දෙනෙකු තම පාප ගැන දැනගැණීමට පත්වූ විට, පේත්‍රස් ඔවුනට පැවසුවා “පසුතැවිලිව පව්කමාව ලබාපල්ලා” යනුවෙන්. වාර්තා තවදුරටත් පවසනවා “ඔහුගේ වචන පිළිගත් සියළු දෙනාම බෞතිස්ම කරනු ලැබීය” යන්න (ක්‍රියා 2:38, 41).

එය ඉතා පැහැදිලියි. දේව වචනය සහ පසුතැවිල්ල ගැන හොඳින් අවබෝධවූ අයව පමණක් බෞතිස්ම කරනු ලැබීය. “අපෝස්තුළුවරුන්ගේ ක්‍රියා” හි වාර්තාවෙන සෑම උදාහාරණයකම එය එසේවී ඇත.

බෞතිස්මය යනු කුමක්ද

රෝම 6:1–7 බෞතිස්මයෙහි අරුත පැහැදිළිව සඳහන් කෙරේ. එහිදී අපට පවසනවා අපගේ පැරණි මනුෂ්‍යයා ක්‍රිස්තුස්වහන්සේ සමඟ කුරුසිපත් කළා සහ බෞතිස්මයේදී අපව ක්‍රිස්තුස්වහන්සේ සමඟ මරණය උදෙසා වළලනු ලබනවා කියා. පැරණි මනුෂ්‍යයා යනු අප නොහැරී සිටි කාලය තුල පව්කිරීමට කැමතිව තිබූ අපේ සිතයි. එය ක්‍රිස්තුස්වහන්සේ සමඟ කුරුසිපත් වන්නේය.

අප එහි යථාර්ථයේ ජීවත්වීමට පෙර මෙය පලමුකොට තේරුම් ගැණීමට අවශ්‍යනොවේ. දෙවියන්වහන්සේ පවසන දේ පමණක් විශ්‍වාස කිරීම අපට ප්‍රමාණවත්ය. දේව වචනය පවසනවා නම් අපේ පැරණි මනුෂ්‍යයා ක්‍රිස්තුස්වහන්සේ සමඟ කුරුසිපත්වූ බව, එවිට අපි එය විශ්වාස කරන්නෙමු, හරියට සථිර ලෙසම ක්‍රිස්තුස්වහන්සේව කල්වරි කන්දේදී කුරුසිපත් කළා යයි දේවවචනය පවසන විට එය විශ්වාස කරනවා සේම. මේ සත්‍යථාවයන් දෙකම ඇදහිල්ලෙන් පිළිගනු ලැබේ.

පැරණි මනුෂ්‍යයා සහ මාංශය එකම නොවේ. මාංශය නම් අප තුළ ඇති දෙවියන්වහන්සේගේ කැමැත්තට විරුද්ධවූ නපුරු තෘෂ්ණා සහිත ගබඩාවයි. අප සෑම කෙනෙකුටම මරණය දක්වා මෙය රැගෙන යායුතු වේ. අපට මාංශය සමාන කල හැකියි අපගේ නිවසට ඇතුළුවීමට මාන බලන සොර රැලකට. පැරණි මනුෂ්‍යයා අප නිවස තුල සිටින නිත්‍ය ලෙසම සොරුන්ට නිවසට ඇතුළු වීමට දොර ඇරදුන් විශ්‍වාසවන්ත නොවූ සේවකයෙකු මෙන්වේ. මේ විශ්‍වාසවන්ත නොවූ සේවකයාව තමයි දැන් මරණයට පත්කර ඇත්තේ. කොහොම වෙතත් සොරුන් තවමත් යහතින්ය! නමුත් අපට දැන් අලුත් සේවකයෙකු සිටී, අලුත් මිනිසා නිතරම සොරුන්ට එරෙහිව දොර වසාතැබීමට උනන්දුවෙන් සිටී.

බෞතිස්මය තුළදී පැරණි මනුෂ්‍යයාගේ (පව් කිරීමට ඇති කැමැත්ත) මරණය සහ වැලලීම සහ මින්මතු “ජීවනයේ අලුත් කමින් හැසිරීම පිණිස” (රෝම 6:4) ක්‍රිස්තුස්වහන්සේ තුළ නැවත නැඟිටීමට, අපි සාක්‍ෂි දරන්නෙමු.

නෝවාගේ කාලයේ සිදුවූ ජලගැල්ම එක්තරා ආකාරයක බෞතිස්මය පිළිබඳ රූපාදර්ශයකි (1 පේත්‍රස් 3:20, 21). සම්පූර්ණ ලෝකයම ජල ගැල්ම කරණකොට ගෙන දෙවියන්වහන්සේ විසින් විනාශ කරන ලදී. නෝවා නෞකාව තුළ සිට ඒ මැදින් ගමන් කර අලුත්ම ලෝකයකට පැමිණියේය. පැරණි ලෝකය සහ එහිවූ සියළුම දේ ජල ගැල්ම තුල වැළලුනි. බෞතිස්මය තුලදී අප සාක්‍ෂි දරන්නේද මෙයට වේ. එනම් ලෝකය සමඟ වූ අපගේ පැරණි සම්බන්ධතාවය (ලෞකික විලාසිතා සහ ලෞකික මිතුරන් ආදිය) සම්පූර්ණයෙන් නවතා ඇති බවත්, අප වතුරෙන් එළියට පැමිණ අලුත්ම අලුත් ලෝකයකට පැමිණ ඇති බවත්ය.

බෞතිස්මයේ ක්‍රමය

අපි දැන් එනවා ප්‍රශ්නයකට: අප බෞතිස්ම විය යුත්තේ කෙසේද?

“බෞතිස්මය” යන වචනය ඉංග්‍රීසි වචනයක් නොවේ. අලුත් ගිවිසුම මූලික වශයෙන් ග්‍රීක් භාෂාවෙන් ලියැවී ඇත. බෞතිස්මය යන වචනයේ මූලාරම්භය ග්‍රීක් වචනයක් වන “බැප්ටෝ” (bapto) යන්නෙන් පැමිණේ එහි අර්ථය “දියරයකින් සම්පූර්ණයෙන් ආවරණය” හෝ “දියේ ගිල්වීමයි”. එනිසා ආදි අපෝස්තුළු වරුනට බෞතිස්මය අර්ථවත්වූයේ හරියටම එලෙසිනි – සම්පූර්න දියේ ගිල්වීමක්. යමෙකුගේ හිස මත වතුර ඉසීම සැබෑ ලෙසම බෞතිස්මය නොවේ.

පිලිප් ඉතියෝපීය නපුංසකයාව බෞතිස්ම කල මොහොතේ, එහි ලියැවෙනවා “ඔවුන් දෙදෙනාම ජලය තුළට ගොස් නැවත ජලයෙන් උඩට පැමිණියා” කියා (ක්‍රියා 8:38, 39).

යේසුස්වහන්සේගේ බෞතිස්මයේදීත් අපට මීට සමාන වචන කියවීමට ලැබේ – එනම් උන්වහන්සේ බෞතිස්මය ලැබීමෙන් පසු නැවත ජලයෙන් උඩට පැමුණුනි (ශු:මාර්ක් 1:10).

අලුත් ගිවිසුම තුල බෞතිස්මය සෑම විටම දියේ ගිල්වීමෙන් සිදු කලේය. බෞතිස්මය වැළලීමක් වන බැවින් පැහැදිලි ලෙස පෙනෙන කරුණ නම් සම්පූර්ණ දියේ ගිල්වීම පමණක් ඉතා නිවැරදි ආදර්ශය වන බවයි. කෙසේ වෙතත් අප කිසි විටෙකත් මිනිසුන්ව හිස මත වැලි ඉසීමෙන් නොවළලන්නෙමු. නමුත් සම්පූර්ණ භූමදානය කිරීමෙන් සිදු කරන්නෙමු.

මෙය තව දුරටත් පැහැදිළි කරන කරුණ නම් බෞතිස්මයට සුදුසු වන්නේ තමන් තුළ පැරණි මනුෂ්‍යයා මරණයට පත්වුනාවූ සහ තවදුරටත් පව් කිරීමට ආශා නොවන අය පමණකි. කෙසේ වෙතත් මරණයට පත්වූ අයව පමණක් වැළලිය හැකිවේ! මරණයටපත් නොවූ මනුෂ්‍යයෙකු වැළලීම අපරාධයකි.

ත්‍රිත්වයේ නාමය තුළ බෞතිස්මය

යේසුස්වහන්සේ අපට අණ කලා පියාණන්ගේත්, පුත්‍රයාණන්ගේත්, ශුද්ධාත්මයාණන්ගේත් නාමයට බෞතිස්ම කිරීමට (ශු:මතෙව් 28:20). නාමය ඒක වචනයකි, මන්ද දෙවියන්වහන්සේ එක්කෙනෙකි. නමුත් දෙවියන්වහන්සේ එක් අයෙකු වූවත් එක් එක් අයගෙන් වෙන්ව සිටින තුන් දෙනෙකු තුළ උන්වහන්සේ පවතින බව යේසුස්වහන්සේ එළිදරව් කළ සේක.

අපේ පාප උදෙසා මරණයට පත්වූයේ පියාණන්වහන්සේ නොවේ, ශුද්ධාත්මයාණන්වහන්සේද නොවේ. එසේ වූයේ යේසුස්වහන්සේය. යේසුස්වහන්සේ ස්‍වර්ගයට නැඟුනුවිට උන්වහන්සේ පියාණන්ගේ දකුණු පසින් වාඩිවුණි. ශුද්ධාත්මයාණන්ගේ දකුණු පසින් නොවේ. මේ අයුරින්ම තම ගෝලයින්ගේ උදව් කරු ලෙස උන්වහන්සේ යැවූවේ ශුද්ධාත්මයාණන්වයි, පියාණන්ව නොවේ. මේ සියල්ල පහසුවෙන් අවබෝධ කරගත නොහැකි ලෙස හැඟෙන්නට පුළුවණ. නමුත් දෙවියන්වහන්සේ තුළ සිටින මේ ත්‍රීත්වය සහ අපේ මුක්තිය උදෙසා ඔවුන්ගේ විශිෂ්ඨ සේවය වරදවා වටහා නොගැණීම ඉතා අත්‍යවශ්‍ය කරුණකි.

අපෝස්තුළුවරුන්ගේ ක්‍රියා පොතේහි අපෝස්තුළුවරු මිනිසුන්ව යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයට බෞතිස්ම කිරීම අපට නැවත නැවත කියවන්නට ලැබෙන කරුණකි (ක්‍රියා 2:38 ආදි තැන්). මෙය කෙලෙසද ශු:මතෙව් 28:20 යේසුස් වහන්සේගේ නියෝගය සමඟ ගැළපෙන්නේ?

දේව වචනය තුළ, පෙනෙන හැටියට නම් එකිනෙකට පරස්පර විරෝධී ප්‍රකාශන දෙකක් හමුවන විට, මෙම ප්‍රකාශන දෙකම සත්‍යය වන්නාවූ අධ්‍යනයක් අප සොයා ගත යුතුය.

පියාණන් පුත්‍රයාණන් සහ ශුද්ධාත්මයාණන් යන තිදෙනා මිත්‍යාදෘෂ්ටික ත්‍රිත්වයක් නොවන බවට සරලව පෙන්වා දෙන පිණිස අපෝස්තුළුවරුන් විසින් පුත්‍රයාණන්ව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලෙස නියම කොට ප්‍රකාශ කළෝය. ඉතින් ඔවුන් මිනිසුන්ව “පියාණන්, පුත්‍රයාණන්වූ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සහ ශුද්ධාත්මයාණන්” ගේ නාමයට බෞතිස්ම කලෝය. මෙය හැඳින්වූයේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය තුළට බෞතිස්මය යනුවෙනි.

ඇදහිල්ලේ කීකරුකම

බෞතිස්මය ගෝලයෙකුගේ ජීවිතය තුළ කීකරු කමේ පළමු පියවර විය යුතු අතර එය ජීවිත කාලය පුරා කීකරු කමට මඟ පෙන්විය යුතුය. එමෙන්ම මෙම කීකරුකම බුද්ධියානුකූල කීකරුකම නොව ඇදහිල්ලේ කීකරු කම විය යුතුය.

යේසුස්වහන්සේ එතුමාණන්ගේම බුද්ධිය වෙතට නැඹුරු වූවා නම් කිසිවිටක බෞතිස්මය උදෙසා යොහාන් බෞතිස්ත වෙත නොයන්නට තිබුණි. මන්ද එතුමාගේම බුද්ධිය බෞතිස්ම නොවී සිටීම සඳහා නොයෙකුත් වාද ගෙන එන්නට තිබුණි – විශේෂයෙන් එතුමා කිසිදු පාපයක් කර නොතිබූ නිසා. යේසුස්වහන්සේට බෞතිස්ම වීමට අවශ්‍යවන්නේ ඇයි කියා යොහාන්ටම තේරුම් ගැණීමට බැරිවිය. නමුත් යේසුස්වහන්සේ බුද්ධිමය වාද පැත්තකට තබා ශුද්ධාත්මයාණන්ගේ හඬට යටහත්ව කීකරු වුනි (ශු:මතෙව් 3:15).

“නුඹේම නුවනෙහි නොපිහිටා නුඹේ මුළු සිතින් ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාස කරපන්න” (හිතෝප 3:5) පවසයි. ඇදහිල්ලේ නොම්මර එකේ සතුරා බුද්ධිය වේ – මන්ද මනුෂ්‍ය බුද්ධියට ආත්මික සත්‍යථාවයන් අවබෝධ කරගත නොහැකිවේ.

අප බෞතිස්ම වනවිට අපගේ ශරීරයේ වතුර යටට යන අවසාන කොටස විය යුත්තේ අප හිසේ උඩ කොටසයි. එය සංඛේථාත්මක වේ! මරණයට පත්කිරීමට අපහසුම අප ශරීර කොටස නම් අපගේ බුද්ධියේ ආධිපත්‍යයයි! ආදම්ගේ දරුවන් ජීවත් වන්නේ ඔවුන්ගේ බුද්ධිය ඔවුනට පවසන ආකාරයටයි. බෞතිස්මය තුලදී අප සාක්‍ෂි දරන්නේ එම ජීවන රටාවට (අපගේම බුද්ධිය මත රඳා පැවතීමට) අප මැරුණ බවටත් දැන් අප දෙවියන්වහන්සේගේ මුඛයෙන් නික්මුණු සියළු වචන තුළ ඇදහිල්ලෙන් ජීවත්වන බවටත්ය (ශු:මතෙව් 4:4; රෝම 1:17).

සමහර ක්‍රිස්තියානි අය බෞතිස්මය නොවැදගත් දෙයක් ලෙස නොසලකා හරින්නෝය. නාමන් ලාදුරු රෝගයෙන් සුවවීම උදෙසා එලිෂාගේ නියෝගය ලෙස ජොර්දාන් නදියේ සත්වරක් ගිලීම උපහාසයට ලක් කලේය. නමුත් ඔහු සුවය ලැබුවේ ඒ සුළු නියෝගයට කීකරු වූ මොහෝතේදී පමණි (2 රාජා 5:10, 14). දෙවියන්වහන්සේ අපේ කීකරු කම පරීක්‍ෂා කරණු ලබන්නේ මෙවැනි කුඩා දේ තුලිනි.

දෙවියන්වහන්සේට කීකරුවීම කිසිසේත් ප්‍රමාද නොවිය යුතුය. ඔබගේ පැරණි මනුෂ්‍යයා සැබවින්ම මරණයට පත්වූවා නම් වහාම ඔහු වලලා දැමිය යුතුය. මැරුණාවූ මනුෂ්‍යයකු නොවැලලීම අපරාධයකි. “ඉදින් ප්‍රමාදවන්නේ මක්නිසාද? නැගිට බෞතිස්ම වෙයන්න” (ක්‍රියා 22:16).

පරිච්ජේදය 6
ශුද්ධාත්මයාණන් තුළ බෞතිස්මය

අප සැමට අවශ්‍යතා දෙකක් තිබේ. පළමුවැන්න අපගේ පසුගියාව හා බැඳේ – අපගේ පාප වලට කමාව ලැබීම. දෙවැන්න අනාගතය හා බැඳේ – දෙවියන්වහන්සේ ප්‍රසන්න කරන්නාවූ ජීවිතයක් ගත කිරීමේ බලය ලැබීම. ක්‍රිස්තුස්වහන්සේගේ මරණය අපගේ පළමු අවශ්‍යතාවය ගැන වග බලා ගත්තේය. දෙවැන්නට මුහුනදීම සඳහා දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ශුද්ධාත්ම බලය අපට දෙනු ලබයි.

ජීවත්වීමට සහ සේවයට බලය

අපගේ පලමු අවශ්‍යතාවයට අප විසින්ම මුහුණ දීමට හැකියාව නොතිබිණි. දෙවියන්වහන්සේට එයට මුහුණ දියයුතුව තිබිණි. දෙවැන්න සමගත් එය එයාකාරමය. අපට අපේම ශක්තියෙන් දෙවියන්වහන්සේට ප්‍රසන්නවූ ජීවිතයක් ගත කිරීමට හෝ උන්වහන්සේගේ සියළු කැමැත්ත ඉටු කිරීමට නොහැකිය. සමහර අය ඥානවන්තව ක්‍රිස්තියානි දිවිය මුලදීම මේ බව වටහා ගනිමින් වහාම දෙවියන්වහන්සේගෙන් බලය අයැද සිටින්නෝය. අනිත් අය මෙය සොයා ගන්නේ අපහසුවූ මාර්ගයකිනි, එනම් උත්සහ කිරීමෙන් සහ නිතර අසමත් වීමෙන් වසර ගණනාවකට පසුව දෙවියන්වහන්සේගේ බලය දෙසට හැරීමෙනි.

තවත් සමහරුන් නිතර නිතර වැටෙමින් අසමත් වෙමින් මෙම දිවිය තුළ ජයග්‍රාහිව ජීවත්වීම ඉතා අපහසු යයි විශ්වාස කරමින් අවසානයේ තමන් විසින්ම පරාජීතවූ ජීවිතයකට යටත් වේ.

මෙය දෙවියන්වහන්සේ උදෙසා අපේ සේවයේදී සහ උන්වහන්සේගේ සාක්‍ෂිකරුවන් වීමෙදී ආදේශ වේ. වැඩි ඇදහිලිවන්තයින් ප්‍රමාණයක් ඔවුන් හැරුනු විගසම ඔවුන් දෙවියන්වහන්සේ උදෙසා සාක්‍ෂිකරුවන් විය යුතු බව තේරුම් ගනී. නමුත් බොහෝ විට ඔවුන් කතාවට අදක්‍ෂ මෙන්ම බලයක් නැති අය ලෙස තමන්ව නිෂ්චය කර ගනී. සමහර අය මෙය තම පෞරුෂයේ අවාසනාවන්ත ලක්‍ෂණයක් ලෙස පිළිගනිමින් ක්‍රිස්තුස්වහන්සේ උදෙසා බලවත් සාක්‍ෂිකරුවෙකු වීමේ සියළු බලාපොරොත්තු අත්හැර දමනු ලබයි.

අනිත් අය දෙවියන්වහන්සේ තමන්ට ශුද්ධාත්ම බලය දිමට පොරොන්දුවි ඇති බව අවබෝධ කර ගනි. ඒ වගේම ඔවුන් මේ බලය උදෙසා දෙවියන්වහන්සේව සොයා එය ලබා ගනී. ඉතින් ඔවුන් නිර්භීත කමින් පිරී ගිනිමෙන් වීමට ආශ්චර්‍ය්‍යමත්වූ දීමණා වලින් පැළඳී ලජ්ජාවට පත් නොවන්නාවූ ක්‍රිස්තුස්වහන්සේට ප්‍රයෝජනවත්වු සාක්‍ෂිකරුවන් බවට පත්වේ.

ආත්මයාණන්ගෙන් ඉපදීම එක් දෙයකි. ඉන් තමා අප දෙවියන්වහන්සේගේ දරුවන් බවට පත්වන්නේ. නමුත් ශුද්ධාත්මයාණන් තුළ බෞතිස්මය (ගිලීම) ඊට හාත්පසින්ම වෙනත් දෙයකි. එයින් තමා අප දෙවියන්වහන්සේ කැමති අයෙකු වීම උදෙසාත් දෙවියන්වහන්සේ කැමති දේ කිරීම උදෙසාත් බල ගැන්වෙන්නේ.

අපගේ අලුත් ගිවිසුම් ජන්ම උරුමය

පැරණි ගිවිසුම යටතේ ශුද්ධාත්මයාණන්වහන්සේ දෙවියන්වහන්සේ උදෙසා විශේෂිතවූ කාර්‍යයන් කිරීමට නිෂ්‍චිතවූ පුද්ගලයින් මතට පමණක් ඔවුන් බල ගැන්විම උදෙසා පැමිණුනි. කොහොම නමුත් අලුත් ගිවිසුම යටතේ සියළු දෙනාට ශුද්ධාත්මයාණන් ලැබිය හැකිවේ. උන්වහන්සේ අපට යේසුස්වහන්සේගේ මහිමය විදහා පෑමටත් අපව උන්වහන්සේගේ හැඩ රුවට වෙනස් කිරීමටත් පැමිණ තිබේ.

යොහාන් බෞතිස්ත යේසුස්වහන්සේ විසින් සම්පූර්ණ කරන්නාවූ කරුණු දෙකක් දැක්වීය – එකක් නම් උන්වහන්සේ පාපය දුරුකරන බවයි අනික නම් මිනිසුන් ශුද්ධාත්මයාණන්ගෙන් බෞතිස්ම කරන බවයි (ශු:යොහාන් 1:29, 33). මේ දෙකම අත් දැකීම අපට අවශ්‍ය වේ.

අලුත් ගිවිසුමේ පළමු පොරොන්දුව නම්

“තමන්ගේ සෙනඟ පාපයෙන් ගලවන්නේ උන්වහන්සේය” (ශු:මතෙව් 1:21).

අලුත් ගිවිසුමේ දෙවන පොරොන්දුව නම්

“උන්වහන්සේ නුඹලා ශුද්ධාත්මයාණන්ගෙන් බෞතිස්ම කරන සේක” (ශු:මතෙව් 3:11).

අලුත් ගිවිසුම මෙම පොරොන්දු දෙක සමඟ ආරම්භවන බව සැලකිය යුතුයි. මෙය දෙවියන්වහන්සේ මනුෂ්‍යයා සමග කටයුතු කරන්නාවූ අලුත් යුගයක ආරම්භය වුනි – අලුත් ගිවිසුම. එසේ නම් දෙවියන්වහන්සේගේ දරුවන් ලෙස අප පාපයෙන් නිදහස් වීමත් ශුද්ධාත්මයෙන් බෞතිස්මය ලැබීමත් අපගේ ද්‍විත්ව ජන්ම උරුමයන්වේ. ඒ වගේම සැබැවින්ම අපගේ උරුමයෙන් භාගයක් නොව එය සම්පූර්ණයෙන්ම අපට දීමට දෙවියන්වහන්සේට අවශ්‍ය වේ.

අලුත් ගිවිසුමේ පළමු පොත් පහම ශුද්ධාත්මයාණන්ගේ බෞතිස්මයේ පොරොන්දුවෙන් ආරම්භවේ (ශු:මතෙව් 3:11; ශු:මාර්ක් 1:8; ශු:ලුක් 3:16; ශු:යොහාන් 1:33; ක්‍රියා 1:5) තාමත් බොහෝ කිතුනුවන් මෙය තමන් වෙත අයිති කරගැණීම අතපසු කර තිබේ.

ජීවන ජල ගංගා

නව ගිවිසුම තුළ ශුද්ධාත්මයාණන් දෙවියන්වහන්සේගේ සිංහාසනයෙන්

ගලාවිත් පොළොවට පතිත වෙනවා ලෙස රූපාලංකාරවේ (එළි 22:1; ක්‍රියා 2:33). ශුද්ධාත්මයාණන් තුළ බෞතිස්ම වීම මෙම දිය ඇල්ල තුළ ගිලීම වේ. යේසුස්වහන්සේ පැවසුවේ පිපාසය ඇති සියළු දෙනා උන්වහන්සේ වෙතට පැමිණ ශුද්ධාත්මයාණන් ලබා ගන්න එවිට ඒ අයගේ අභ්‍යන්තරය තුලින් ජීවනදායක වතුර ඇති ගංගා ගලන බවය (ශු:යොහාන් 7:37).

කෙසේ වෙතත් පොදුවේ ඇදහිලිවන්තයින්ගේ අත්දැකීම බොහෝ දුරට අත් පොම්පයකට සමාන කම් දක්වයි. මහත් පරිශ්‍රමයකින් ගත කරන ජීවිතයක් වියලුන හදවතකින් ආශිර්වාදය බිංදු කීපයක් පොම්ප කරයි. නමුත් එය එසේ විය යුතු නැත. අපේ වියලුන බව අපව දෙවියන්වහන්සේ වෙතට යොමු කරනවානම් පමණක් කරුණු වෙනස් විය හැක. අපේ ජීවිත උදෙසා දෙවියන්වහන්සේගේ කැමැත්ත නම් අප සමඟ සම්බන්ධ වීමට පැමිණෙන සෑම දෙනාම අප තුළින් ගලන්නාවූ ගංගා වැනි ආශිර්වාද ලබා ගැණීමයි.

මේ සඳහා ඇති පළමු පියවර නම් අපගේ අවශ්‍යතාවය සිහි කිරීමයි. බොහෝ ඇදහිලිවන්තයින් වචන පිළිබඳව අඥාන තර්ක තුළ කොටුවී සිටී. අපට අවශ්‍ය බලයයි නිවැරදි විශේෂ වචන සමූහයක් නොවේ. අපි ඇටකටු මෙන් වියලිව සිටිනවිට අපේ විශේෂ වචන ශිල්පය හරිව තිබීමෙන් ඇති ඵලය කුමක්ද? වඩාත් හොදයි අවංකව දෙවියන්වහන්සේ වෙතට පැමිණ ගංගා වැනි ආශිර්වාද අප තුළින් නොගලනවා යයි පාපෝච්චාරණය කිරීම. පළමු පියවර තැබීමෙන් පසු අප ඉල්ලන්නාවූ අපගේ අවශ්‍යතාවය ලබාදීම පිණිස අපට දෙවියන්වහන්සේව විශ්වාස කිරීමට හැක.

ශුද්ධාත්මයාණන් තුල බෞතිස්මය ලැබීම උදෙසා අපට අවශ්‍ය එකම දෙය නම් පිපාසය (දෙවියන්වහන්සේව මහිමයට පත් කිරීම උදෙසා දැඩි ආශාවක් තුලින් හට ගන්නාවූ මහත්වූ අධිෂ්ඨානය) සහ ඇදහිල්ලයි (දෙවියන්වහන්සේ පොරොන්දු වුනාවූ දෙය අපට ලබා දෙනවා යයි සම්පූර්ණ විශ්වාසය) එසේ නම් අප පිපාසය සහ ඇදහිල්ල සමඟ මේ බලය ඉල්ලමු, දෙවියන්වහන්සේ අපේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප නොකරනු ඇත.

බලයෙන් පැළඳවීම

ආදි අපෝස්තුළුවරු යේසුස්වහන්සේව අනුගමණය කිරීම උදෙසා සියළු දේ අත් හැරියෝය. නමුත් පිටතට ගොස් දේව නියමය සහිත සේවය සම්පූර්ණ කිරීමට පෙර ශුද්ධාත්ම බෞතිස්මය ලබන තුරු ඔවුනට ඉවසීමට සිදුවුනි. යේසුස්වහන්සේට පවා උන්වහන්සේගේ ප්‍රසිද්ධ සේවය (ක්‍රියා 10:38) ආරම්භ කිරීමට පෙර ශුද්ධාත්මය සහ බලයේ ආලේපය අවශ්‍ය විය. යේසුස්වහන්සේට පවා මෙම ආලේපය අවශ්‍ය වුනා නම් ඊට වඩා අපට එය කෙතරම් වැඩියෙන් අවශ්‍ය වන්නේද?

යේසුස්වහන්සේ, තම අපෝස්තුළුවරුනට, ඔවුන්ව බලයෙන් සරසන තුරු යෙරුසලමේ රැඳී සිටින ලෙසට පැවසු සේක (ශු:ලූක් 24:49). ඒ වගේම උන්වහන්සේව ස්වර්ගයට ඔසවා ගැණීමට මොහොතකට පෙර නැවතත් එතුමා, ශුද්ධාත්මය ඔවුන් වෙත පැමිණි කල ඔවුන් බලය ලබන බවද, ඔවුනට පැවසු සේක (ක්‍රියා 1:8). පෙන්තකෝස්ත දවසේදී ශුද්ධාත්ම බලය ඔවුන් මත වගුරුවනු ලැබීය. එවිට බිය සුළු මනුෂ්‍යයින් එසැණින් නිර්භීත, ජ්වලිතවූ ස්වාමින්වහන්සේගේ සාක්‍ෂිකරුවන් ලෙස වෙනස් කරනු ලැබීණි (ක්‍රියා 2:1–4). ඔවුන් ලබා ගත් දෙය නම් හරියටම යේසුස්වහන්සේ ඔවුනට ලැබෙනවා යයි පැවසූ දෙයමයි – එනම් බලය වේ.

ක්‍රිස්තියානි ජීවිතයක් ගත කිරීම උදෙසා අපට අවශ්‍ය දෙය නම් හුදෙක් ධර්මයක් පමණක් නොව අපේ ජීවිත තුළ දෙවියන්වහන්සේගේ බලයයි. ශුද්ධාත්මයාණන් තුල බෞතිස්මය අපට භක්තිමත්භාවය මෙන්ම සේවය සඳහා බලයද ලබා දෙනු ඇත.

ශුද්ධාත්මයාණන්ගේ ක්‍රියාකාරිත්වයේ විවිධත්‍වය

ශුද්ධවූ ලියවිල්ල තුළ ශුද්ධාත්මයාණන් සුළඟට සමාන කර තිබේ. ඒවගේම සුළඟ විවිධ වේලාවන්හිදී විවිධ දිශාවට හමයි “ආත්මයාණන් ගෙන් ඉපදුන සියළු දෙනා එවැනිවේ” යැයි යේසුස්වහන්සේ පැවසීය (ශු:යොහාන් 3:8). මේ නිසා එක් එක් ඇදහිලිවන්තයාගේ ශුද්ධාත්ම බෞතිස්මය ලැබීම පිළිබඳ අත් දැකීම සම්බන්ධව බාහිර කරුණු වෙනස් වේ. නමුත් අභ්‍යන්තරය බලයෙන් පැළඳවීම වැදගත්ම කාරණයයි.

දෙවියන්වහන්සේ ආත්මයාණන් තුළින් අපට “බලයේ දීමනා” ලබාදේ. එවිට අපට ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය ලෙස සභාව ගොඩනැඟීමේදී ඵලදායක ලෙස උන්වහන්සේට සේවය කළ හැක. කොහොම වෙතත් අප එක් එක් අය කුමන දීමනාව ලබනවාද යන්න තීරණය කරනු ලබන්නේ උන්වහන්සේ පමණි.

අනාගත වාක‍්‍ය (අභියෝග කිරීමට, ධෛර්‍යමත් කිරීමට සහ සැනසීමට බලවත් ලෙස දේශනා කිරීමේ හැකියාව) මෙම දීමණා වලින් වඩාත්ම ප්‍රයෝජනවත් දෙයවේ (1 කොරි 14:1–5). තවත් දීමණා තිබේ. සේවය, ඉගැන්වීම, සුව කිරීම, අනුශාසනය කිරීම, මුදල් ආධාර දීම, නායකත්වය ආදි ලෙස (රෝම 12:6–8; 1 කොරි 12:8–10). නොදන්නාවූ භාෂා කථා කිරීමේ හැකියාව (අන්‍ය භාෂාව) අපගේ මව් භාෂාව තුළ හෝ අප සිත තුළ සීමාවීම් වලින් තොරව යාච්ඤා කිරීමට සහ උන්වහන්සේව පැසසීමට දෙවියන්වහන්සේ ලබා දෙන තවත් දීමනාවක් වේ.

ඔබ ආත්මයාණන් තුළ බෞතිස්මය ලබා නැත්නම් දෙවියන්වහන්සේගෙන් ඉල්ලා ඔබගේ උරුමය ලබා ගන්න. උන්වහන්සේගෙන් මේ කාරණය ගැනත් සහතිකයක් ඉල්ලන්න මෙසේ නපුරුවු නුඹලා නුඹලාගේ දරුවන්ට යහපත් දේ දෙන්ට දනිවු නම්, කොපමණ වැඩියෙන් ස්වර්ගීය පියාණන්වහන්සේ තමන්වහන්සේගෙන් ඉල්ලන්නන්ට ශුද්ධාත්මය නොදෙනසේක්ද. නුඹලා නොඉල්ලන බැවින් නුඹලාට නොලැබෙන්නේය (ශු:ලූක් 11:13; යාකොබ් 4:2).

එසේ නම් අපි මුළු හදවතින්ම දෙවියන්වහන්සේට හඬ නඟා පෙනියෙල්හි දී යාකොබ් දෙවියන්වහන්සේට කිව්වාක් මෙන් කියමු “ඔබ මට ආශිර්වාද කලොත් මිස නැත්නම් යන්ට නොහරිමි” (උත් 32:26).

දෙවියන්වහන්සේ සමඟ පංගුපේරුකම් නොමැත. උන්වහන්සේ අනිත් අය උදෙසා කර ඇති දේ ඔබ උදෙසාද කරනු ඇත. අද වුනත් උත්සහයෙන් උන්වහන්සේව සොයන අයට උන්වහන්සේ ත්‍යාගවන්තයෙකි (හෙබ්‍රෙව් 11:6). උන්වහන්සේව මහිමයට පත් කිරීමට අධිෂ්‍ඨාන කර සිටින සියළු දෙනාටම අධික ලෙස ශුද්ධාත්මය ලබා දීමට උන්වහන්සේ මහත් ආශාවෙන් සිටී.

පරිච්ජේදය 7
පවිත්‍ර කිරීම

යේසුස්වහන්සේ වෙතට ගෙන ආ පව්කාර ස්‍ත්‍රියට කථා කළ වචන තුලින් ශුභාරංචියේ දෙවැදෑරුම් පණිවිඩය ලුහුඬින් දැක්වේ.

(1) මම නුඹව වරදට පත් නොකරමි; සහ

(2) නැවත පව් නොකරන්න (යොහාන් 8:11).

පවිත්‍රභාවයට පත් කිරීම ක්‍රිස්තියානි තරඟයේ ආරම්භක රේඛාව වන අතර ධර්මිෂ්‍ඨ කිරීම එම තරඟය දුවන්නාවූ පථය වේ. “පවිත්‍ර කරනවා” යන්නෙහි අර්ථය නම් වෙන් කර තබනවා යන්නයි. මේ නිසා පවිත්‍ර කිරීම යනු පාපයෙන්, ලෝකයෙන් සහ අපගේම වූ ජීවිතයෙන් ක්‍රමානුකූලව වෙන් කිරීම වර්ධනය කරන්නාවූ ක්‍රියාවලියයි.

අප ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණීමේ සම්පූර්ණ අරමුණ වන්නේ අපව පවිත්‍ර කරගනු ලැබීමයි – හරියට තරඟයකට සහභාගිවීම සදහා ආරම්භක රේඛාවට පැමිණෙන ක්‍රීඩකයෙකුගේ සම්පූර්ණ අරමුණ වැනිය. යම් තරඟයකට සහභාගි නොවන මලල ක්‍රීඩකයෙකු අන් ක්‍රීඩකයින් සමඟ ආරම්භක රේඛාවට පැමිණීම අර්ථ ශුන්‍යවූ දෙයකි!

අප සඳහා දෙවියන්වහන්සේගේ අරමුණ

අප වැඩි දෙනෙක් මුලින්ම ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණියේ යම් ආත්මාර්ථකාමි අභිප්‍රායන් සමඟිනි – අප හට යම් ආධාර උපකාර ලබා ගැනීමට – සමහර විට සුවය හෝ අපා ගින්නෙන් නිදහස ලැබීමටය. නමුත් එසේ වුවත් අපේ ආත්මාර්ථකාමි අභිප්‍රාය නොසලකා දෙවියන්වහන්සේ විසින් අපව පිළිගනු ලැබිණි. අකීකරු පුත්‍රයාගේ පියා ඔහුට අති මහත් ලෙස ප්‍රේම කළේය. පුත්‍රයා තම කුස පුරවා ගැණීම උදෙසා පමණක් නැවත නිවසට පැමිණියත් පියා නැවත ඔහුව පිළිගත්තේය. යහපත් දෙවියන්වහන්සේ ඒ ආකාරවේ!

නමුත් අප ක්‍රිස්තියානි ජීවිතය තුළ දිගින් දිගටම ස්වර්ගයට යාම උදෙසා පමණක් පැවතීම ඉතා කණගාටුදායකය. අපි දෙවියන්වහන්සේ අප ජීවිත කෙරේ තබා ඇති සැලැස්ම වඩ වඩාත් දැනගන්නා විට එය මුලුමණින්ම සම්පූර්ණ කිරීමට මහත් සේ ආශා විය යුතුය. එපීසයේ ක්‍රිස්තියානි අය ගැන පාවුළු තුමාගේ යාච්ඤාව වූයේ “උන්වහන්සේගේ කැඳවීමේ බලාපොරොත්තුව” දකින පිණිස ඔවුන්ගේ සිත් නැමති ඇස් විවෘත කරන ලෙසයි (එපීස 1:18).

රෝම 8:29, 30 උන්වහන්සේගේ කැඳවීමේ බලාපොරොත්තුව කුමක්ද කියා අපට පවසයි. “මක්නිසාද උන්වහන්සේ පූර්‍වයෙන් ඇඳින ගත්තවුන් තමන්වහන්සේගේ පුත්‍රයා බොහෝ සහෝදරයන් අතරේ කුළුඳුලා වන පිණිස ඒ පුත්‍රයාගේ ස්වරූපයට සමාන වෙන්ට පූර්‍වයෙන් නියම කළ සේක.”

දෙවියන්වහන්සේගේ අරමුණ නම් අප යේසුස්වහන්සේගේ ස්වරූපයට වෙනස් වීමයි. පවිත්‍ර කිරීම යනු මෙයවේ – යේසුස්වහන්සේ මෙන් වීම සඳහා ක්‍රමාණුකූලව වර්ධනය වීම. මෙය තමා අප විසින් දිවීමට උනන්දුවිය යුතු ක්‍රිස්තියානි තරඟය – එනිසා මෙම තරඟයම අපට පෙර දිව්වාවූ යේසුස්වහන්සේ වෙත ඇස් යොමු කර ගමු (හෙබ්‍රෙව් 12:1, 2).

පාපය අවසන් කිරීම

මෙම තරඟයේ පළමු පියවර සිහි කල්පනාවෙන් යුක්තව පව් කිරීම නැවැත්වීමයි. ව්‍යවස්ථාව යටතේ පව් කිරීම නැවැත්වීම සඳහා උනන්දු කිරීමක් නොතිබුණි. නමුත් අලුත් ගිවිසුම යටතේ සියළු අපෝස්තුළුවරු ශුභාරංචියේ දෙවැදෑරුම් පණිවිඩය හරියටම යේසුස්වහන්සේ කියූ දෙයමය යන්නට එකඟවිය: වරදට පත්කිරීමෙන් නිදහස සහ පාපයෙන් වැළකීම.

පාවුළුතුමා පැවසුවා “පව් නොකරල්ලා” (1 කොරි 15:34). ශු:යොහාන් පැවසුවා “මම මේ දේවල් නුඹලාට ලියන්නේ පව් නොකරන පිණිසයි” (1 යොහාන් 2:1). පේත්‍රස් අපව උනන්දු කළා “පාපයෙන්වැළකියල්ලා” (1 පේත්‍රස් 4:1).

රෝම 5 ඇදහිල්ලෙන් ධර්මිෂඨභාවයට පත් කිරීම ගැන පැහැදිළි කල පසු පාවුළු තුමා මෙම ප්‍රශ්නය ඇසුවා එසේ නම් අප කුමක් කියමුද, අනුග්‍රහය බොහෝ වන පිණිස පාපයේ පවතිමුද? (රෝම 6:1) සහ නැවතත් (මෙවර වඩාත් බලවත්ව) එසේ නම් කුමක්ද? අපි එක්වරක්වත් පව් කරමුද? (රෝම 6:15) කාරණා දෙකේදීම උත්තරය දෝංකාර දෙනවා “නැහැ” අප විසින් කවදාවත් එක් වරක් වත් පව් නොකළ යුතුයි කියා.

එම පණිවිඩය ඉසිලිය නොහැකි බරකින් යුක්ත බව දැනෙනවාද? එය ඉසිලිය නොහැකිවෙයි දිගටම පාපයේ ජීවත් වෙන්න කැමති අයට! නමුත් පාපයට වහල්වී වෙහෙසට පත්ව සහ රෝගිව සිටින අයට එය සතුටුදායක විමුක්තියේ පණිවිඩයක්. ඕනෑම සිරකරුවෙක් මහත් සන්තෝෂයට පත්වෙනවා ඔහු නිදහස් වෙන්න යන බවටවූ ආරංචිය ඇසූවිට. එය ඔහුට ඉසිලිය නොහැකි බරක් ලෙස නොඇසෙනු ඇත. එසේ නේද?

යේසුස්වහන්සේ ආලේප ලැබුවා මෙලෙස ප්‍රකාශ කිරීමට; වහලුන්ට නිදහස (පාපයෙන්) සහ මඩනා ලද්දවුන් (සාතන් විසින්) නිදහස් කිරීමට (ශු:ලූක් 4:18).

අලුත් ගිවිසුමේ මහිමාන්විත පොරොන්දුව නම් පාපය නුඔලා කෙරෙහි අධිපති කම් නොකරන්නේය, මක්නිසාද නුඔලා ව්‍යවස්ථාව (පැරණි ගිවිසුම) යටතේ නොව අනුග්‍රහය (යේසුස්වහන්සේ පිහිටෙවූ අලුත් ගිවිසුම) යටතේ වන්නහුය (රෝම 6:14).

ජයග්‍රහනය සඳහා පළමු පියවර නම් ඔබටත් එවැනි ජීවිතයක් ගතකළ හැකිය යන්න විශ්වාස කිරීමයි.

පරික්‍ෂාව සහ පාපය

පරික්‍ෂාවට භාජනය වීම සහ පව් කිරීම අතර වෙනසක් තිබේ. බයිබලය පවසනවා “නමුත් එක එක මනුෂ්‍යයා තම තමාගේ තෘෂ්‍ණාවෙන් අදිනු ලබන කල්හී ද පොළඹවනු ලබන කල්හී ද පරික්‍ෂා කරනු ලබයි. එවිට තෘෂ්ණාව පිළිසිඳගත් කල්හී පාපය වදන්නීය” (යාකොබ් 1:14, 15). අපගේ මාංශය තුල ඇති තෘෂ්ණාව පිළිසිඳ ගැණීමට ඉඩ දෙන තුරු පාපය අපගේ හදවත තුල උපදින්නේ නැත. තෘෂ්ණාවක් අපගේ මණස තුලට ක්‍ෂණිකව යෝජනාවක් ගෙන ආ විට අපව පරීක්‍ෂා කරණු ලැබේ. අපගේ මණස එම යෝජනාව සමග එකඟ වනවිට පිළිසිඳ ගැණීමක් ඇතිවී පාපය උපදියි.

පරික්‍ෂාවට පත්වන විට එය අපව නපුරට පත් නොකරයි. යේසුස්වහන්සේව පවා පරික්‍ෂාවට භාජනය විය. නමුත් එතුමා කිසිවිටක කිසිදු පාපයක් නොකළේය, එනිසා එතුමා සම්පූර්ණයෙන් ශුද්ධව සිටිසේක.

ශුද්ධවූ ලියවිල්ල පවසනවා යේසුස්වහන්සේ “සියළු දෙයින් සහෝදරයන්ට සමාන වුනා” සහ “අප මෙන්ම සියළු දේ තුළ පරික්‍ෂාවට භාජනය වූවා” කියා (හෙබ්‍රෙව් 2:17, 4:15). උන්වහන්සේව සත්‍ය ලෙසම අප මෙන්ම පරික්‍ෂා කරණු ලැබූ මුත් උන්වහන්සේ පව් කළේ නැත.

එය අප සමහරෙකුට පුදුමාකාර දෙයක් නොවන්නට පුළුවන් මක්නිසාද අපට හැඟෙන්නට පුළුවන් යේසුස්වහන්සේ දෙවියන්වහන්සේව සිටියදී සාමාන්‍ය ලෙස පහසුවෙන් පාපය ජය ගත හැකියි කියා. නමුත් උන්වහන්සේ පොළොවට එනවිට දෙවියන්වහන්සේ සමග සමානව සිටීමේ බලතල වලින් තමන්ව හිස් කරගත් බව මතක තබා ගත යුතුයි (පිලිප්පි 2:6, 7). උන්වහන්සේ දෙවියන්වහන්සේ වූවත් මනුෂ්‍යයකු ලෙස පොළොවේ ජීවත්වූ කාලයේ උන්වහන්සේට තිබූ මාර්ගය වූයේ උන්වහන්සේ අද අපට ප්‍රදානය කරන ඒ ශුද්ධාත්මයාණන්ගේ බලයම පමණි. එනිසයි “උන්වහන්සේ වෙත අපේ ඇස් යොමු කර” තරඟය දුවන ලෙස අපට පවසා තිබෙන්නේ. අද දවසේ අපට “පාපයට එරෙහි සටනේදී” උන්වහන්සේගේ උදාහාරණ දෙස බලා ධෛර්‍යමත් විය හැක (හෙබ්‍රෙව් 12:2–4). ඒ මක්නිසාද අප මුහුණ දෙන හැම පරික්‍ෂාවක්ම උන්වහන්සේ මනුෂ්‍යකු ලෙස ජයගත් නිසාවෙනි. මෙලෙස උන්වහන්සේ අප උදෙසා පෙරටුව යන්නෙක්ව සහ අනුගමණය කළ හැකි ආදර්ශයක්ව සිටින සේක (හෙබ්‍රෙව් 6:20).

මෙය තමා දේව භක්තියේ රහස …ක්‍රිස්තුස්වහන්සේ මාංශවත්ව පැමිණියේය, සහ ආත්මයේ ධර්මිෂ්‍ඨව ඔප්පුවූ සේක (1 තිමෝති 3:16). උන්වහන්සේට අපගේ මාංශය තිබුණා වුනත් උන්වහන්සේ ජීවිත කාලය පුරා තම ආත්මය පවිත්‍රව තබා ගත් සේක.

මෙයින් තමා අපට, උන්වහන්සේ ජය ගත් ලෙස අපටත් ජය ගත හැකි බවට, බලා පොරොත්තුවක් දෙන්නේ. ඒ උන්වහන්සේ අප උදෙසා තම “මාංශය තුළින් විවෘත කළ අලුත් ජීවන මාර්ගය” නිසාය. ඒ තුළින් අපට උන්වහන්සේව අනුගමණය කළ හැකිවේ (හෙබ්‍රෙව් 10:20). මෙය තමා පවිත්‍රකිරීමේ මාර්ගය.

පැරණි මිනිසා සහ අලුත් මිනිසා

අප දැනටමත් දැක තිබෙනවා පැරණි මිනිසා කෙබඳුද යන වග හරියට සොරුන්ට නිවසට ඇතුළුවීමට දොර ඇරදුන් අවිශ්වාසවන්ත සේවකයෙක් වැනිය. කෙසේ වෙතත් පැරණි මනුෂ්‍යයා කුරුසිපත් කර ඇති අතර ඉවත දමා වළලා තිබේ. දැන් අප තුළ “අහෝ දෙවියන්වහන්ස මෙන්න මම ඔබගේ කැමැත්ත ඉටු කිරීමට ඇවිත් සිටිමි” යි පවසන අලුත් මනුෂ්‍යකු සිටී (හෙබ්‍රෙව් 10:7).

එහෙත් අප දන්නවා යේසුස්වහන්සේගේ ගෝලයෙකුට පව් කළ හැකි බව. නමුත් ගෝලයෙකු පව් කිරීම සහ නොඇදහිලිවන්තයෙකු පව් කිරීම අතර වෙනසක් තිබේ, හරියට පූසෙකු අපවිත්‍ර ජලයට වැටීම සහ ඌරෙකු සිතා මතා අපවිත්‍ර ජලයට පැණීම වගේ! පූසා අපවිත්‍ර ජලය පිළිකුල් කරන මුත් අත්වැරදීමකින් එයට වැටීමට පුළුවන. කොහොම වෙතත් ඌරා එයට ඉතා කැමතිය. එය ස්වභාවය පිළිබඳවූ ප්‍රශ්නයකි. යේසුස්වහන්සේගේ ගෝලයින්ට ශුද්ධකමට ආශා කර පාපය පිළිකුල් කරන්නාවූ අලුත් ස්වභාවයක් තිබේ.

පැරණි මනුෂ්‍යයාට පව් කිරීමට අවශ්‍යය. අලුත් මනුෂ්‍යයාට කිසිසේත් පව් කිරීමට අවශ්‍ය නොවේ. නමුත් අලුත් මනුෂ්‍යයා ශක්තිමත් නැත්නම් ඔහුට නොහැකි වෙනවා හදවතේ දොරටුව මාංශයේ තෘෂ්‍ණාවන්ට එරෙහිව වසා තැබීමට. ඒ එම තෘෂ්ණාවන් ඔහුට අවශ්‍ය නිසා නොවේ. නැහැ. නමුත් ඔහු ඒවාට විරුද්ධ වීමට තරම් ශක්තිමත් නැති නිසාවෙනි. මෙය වෙන්න පුළුවන්, මක්නිසාද ඔහු ප්‍රමාණවත් ලෙස තමන්ව දේව වචනයෙන් පෝෂණය කරගෙන නැහැ හෝ ඔහු යාච්ඤාව තුළින් තමන්ව ශක්තිමත් කරගෙන නැහැ.

එනිසා පාපය කිරීම සහ පාපයට වැටීම අතර වෙනසක් තිබේ. මේ වෙනස දැන සිටීම ඉතා වැදගත්වේ. එවිට අප හදවත් තුළ අපව වරදට පත්කරන අනවශ්‍ය හැඟීම් විශාල ප්‍රමාණයක් අපට මගහරවා ගත හැකිවේ.

බයිබලය පවසනවා “පව් කරන තැනැත්තේ (සිතා මතා පව් කරන්නා) යක්‍ෂයා ගෙන්ය” (1 යොහාන් 3:8) අනික් අතට ඔහු ඇදහිලිවන්තයන්ට පවසනවා “යමෙක් පව් කලොත් (යමෙකු අත්වැරදීමකින් පාපයට වැටුණොත්) ධර්මිෂඨවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන මැදිහත් කරුවෙකු පියාණන් සමග අපට සිටින බව; උන්වහන්සේ අපේ පව් උදෙසා ශාන්තිකර පූජාවය” (1 යොහාන් 2:1, 2).

දැනුවත් සහ නොදැනුවත් පාප

පාපයට වැටීම සහ පව් ඇතුව සිටීම අතරත් වෙනසක් තිබේ. පව් ඇතුව සිටීම යනු අප පෞද්ගලිකත්වය තුළ නොදැනුවත්ව පාප තිබීම – එනම් අපට වඩා මුහුකුරා ගිය අයට අප තුළ දැකිය හැකි අප නොදැනුවත්වූ අප තුළ ඇති පාප. නමුත් එවැනි නොදැනුවත් පාප අපව වරදකරුවන් බවට පත් කළයුතු නැත. මන්ද දේව වචනය පවසනවා “නමුත් ව්‍යවස්ථාවක් නැති කල්හී පාපය ගණන් ගනු නොලැබේ” (රෝම 5:13). (එය මෙලෙසත් අදහස් වේ, එනම් අපගේ සිහියෙන් යුක්තවූ මණස තුළ අප පාපය නොදැන සිටින විට දෙවියන්වහන්සේ එම පාප අපේ ගණනට නොදමනු ඇත).

කොහොම වෙතත්, අප ආලෝකය තුළ ගමන් කරනවා නම්, අපගේ මරණ දිනය දක්වා නොදැනුවත් පාප වඩ වඩාත් අඩු වෙමින් අප තුළ තිබෙනු ඇත. බයිබලය පවසනවා “අපට පාපය නැතැයි කියමු නම් අපි අපවම රවටා ගනිමුව” (1 යොහාන් 1:8). යමෙකු පවසනවා නම් තමා තුළ පාපයක් නැතැයි කියා සැබැවින්ම ඔහු ප්‍රකාශ කරනවා දැනටමත් ඔහු ක්‍රිස්තුස්වහන්සේ මෙන් සම්පූර්ණත්වයට පත්ව ඇති බව. නමුත් දේව වචනය පවසන්නේ උන්වහන්සේ නැවත පැමිණි විට “අපි උන්වහන්සේට සමාන වෙනවා” යනුවෙනි. එයට පෙර නොවේ (1 යොහාන් 3:2). එනිසා තමුන් ශුද්ධවන්තයි දැනටමත් සර්‍වසම්පූර්ණයි කියා ප්‍රකාශ කරන අය තමුන්වම රවටා ගන්නෝය.

කෙසේ වෙතත් නොදැනුවත් පාප පවිත්‍ර විය යුතුව ඇත; එවිට “යේසුස්වහන්සේගේ ලේද අප උන්වහන්සේගේ ආලෝකය තුළ ගමන් කරන තාක් අපගේ සියළු පාප (නොදැනුවත්) වලින් අපව පවිත්‍ර කරනු ඇත” (1 යොහාන් 1:7). එනිසා අපිට නිර්භීතව අති ශුද්ධවූ දේව අභිමුඛයේ කිසිදු බියකින් තොරව සිටිය හැක.

අපව ධර්මිෂ්ඨ කළ හැකි ක්‍රිස්තුස්වහන්සේගේ ලේවල බලය එවැනිවේ. හාලේලූයා!

කරුණාව සහ අනුග්‍රහය

අපට ප්‍රකාශ කර තිබෙනවා නිර්භීතව පැමිණෙන ලෙසට “එබැවින් අපට දයාව ලැබෙන පිණිසද අපේ ඕනෑකම් වලදී අපට උපකාරයට අනුග්‍රහය සම්බවන පිණිසද නිසැක කමින් කරුණාවේ සිංහාසනයට ලඟාවෙමු” (හෙබ්‍රෙව් 4:16). කරුණාව සහ අනුග්‍රහය එක සමාන නොවේ. කරුණාව අපගේ පාප වලට සමාව ලැබීමට අදාල වේ. එය අපේ අතීතයට සම්බන්ධවේ. නමුත් අනාගතයේ අපට අවශ්‍ය වන මොහොතේදී අපට අනුග්‍රහයද අවශ්‍යය.

අපට අවශ්‍ය වන විට යනු අප පරික්‍ෂාවට පත්වනවිට, හරියට අප පේත්‍රස් මෙන් වැටෙන්න ඔන්න මෙන්න කියා සිටින විට, ඔහුව ගලීලයේ මුහුදේ ගිලෙන්න යන මොහොතේදී මෙන් (ශු:මතෙව් 14:30). ඒ තමා අප අනුග්‍රහය උදෙසා මොරගැසිය යුතු මොහොත; ඒ වගේම යේසුස්වහන්සේ පේත්‍රස්ව අල්ලා ගැණීමට තම දෑත් දිගු කළා සේම, අපටත් අනුග්‍රහය ලැබෙන බව දැන ගැණීමට හැකිවේ. එවිට අපි නොවැටෙන්නෙමු කෙලින් සිටින්නෙමු. දෙවියන්වහන්සේ අපව වැටෙන්න නොදී බලාගන්නවා යයි සහතික වෙන පුදුමාකාර පොරොන්දු දේව වචනය තුළ තිබේ. පොඩ්ඩක් මේවා කීපයක් ගැන බලන්න.

සියල්ලට පළමුවෙන් දෙවියන්වහන්සේ පොරොන්දු වෙනවා අපට ජය ගැණීමට ඉතා අපහසු කිසිම පරීක්‍ෂාවකට අපව පරීක්‍ෂා කිරීමට උන්වහන්සේ ඉඩ නොහරින බවට:

“නමුත් දෙවියන්වහන්සේ විශ්වාස කෙනෙක්ය. උන්වහන්සේ නුඹලාගේ පුළුවන් කමට වඩා නුඹලා පරික්‍ෂා කරනු ලබන්ට ඉඩ නොදී නුඹලාට පරික්‍ෂාව ඉවසිය හැකිවන පිණිස ඒ සමග ගැලවෙන මාර්ගයද සාදා දෙන සේක” (1 කොරින්ති 10:13).

දේව වචනය මෙලෙසත් පවසනු ලබයි

“ඉතින් නුඹලා නොපැකිලෙන ලෙස ආරක්‍ෂා කරන්ටත් උන්වහන්සේගේ තේජස ඉදිරියේ කැලැල් රහිතව තබන්ටත් උන්වහන්සේට පුළුවන” (යූද් 24).

දේව වචනය තුළ මේ දේවල් සමග අනිකුත් පුදුමාකාර පොරොන්දු අපට දී තිබියදී තවදුරටත් පව් කිරීමට අපට අවශ්‍ය නැත. අපේ ජීවිතය තුළ මින් මතු දෙවියන්වහන්සේගේ කැමැත්ත කිරීම උදෙසා පමණක් ජීවත්විය යුතුය (1 පේත්‍රස් 4:2 පවසන ආකාරයට).

පවිත්‍රභාවය තුළ ක්‍රමාණුකූල වර්ධනය

උන්වහන්සේ ආඥා කළ සියළු දේට කීකරුවීමට අන් අයට උගන්වන ලෙස යේසුස්වහන්සේ තම ගෝලයන්ට පැවසීය (ශු:මතෙව් 28:20). ස්වාමින්වහන්සේට ප්‍රේම කරන අයෙකු සියල්ලට ප්‍රථමයෙන් ඒ ආඥා මොනවාද යන වග සෙවිය යුතුය; ඉන්පසු ඔහු ඒවාට කීකරුවීමට සොයා බලනු ඇත (ශු:යොහාන් 14:21).

ව්‍යවස්‍ථාව යටතේ, දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට පනත් දුන් නමුත් ඒවාට කීකරු වීමට අවශ්‍ය බලය නොදුන්සේක. එසේ නම් ඇයි දෙවියන්වහන්සේ ආඥා දුන්නේ? ඒ මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ මිම්මට තමාට ඒමට නොහැකි බව දැන ගෙන ඒ සඳහා තමන්ට ගැලවුම්කරුවෙකු සහ උදව්කරුවෙකුගේ අවශ්‍යතාවය අවබෝධ කර ගැණීම සඳහාය. “ව්‍යවස්ථාව අප ක්‍රිස්තුස්වහන්සේ ලඟට පමුණුවන අපේ ගුරුවරයෙක් වී තිබේ” (ගලාති 3:24)

නමුත් දැන් දෙවියන්වහන්සේ මනුෂ්‍යයා සමග අලුත් ගිවිසුමක් ඇති කර ගෙන තිබේ. උන්වහන්සේ අපට දැන් දී ඇත්තේ ආඥා පමණක් නොව නමුත් ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව ආදර්ශයක්ව දුන් සේක. දෙවියන්වහන්සේගේ සියළු ආඥා වලට කීකරු වීමට අපටත් හැකි බවට යේසුස්වහන්සේ මේ ලෝකයේ තම ජීවිතය තුළින් පෙන්වා දුන් සේක.

දෙවියන්වහන්සේ තවදුරටත් උන්වහන්සේගේ ආඥා අපේ සිත තුළ තැබීමටත් ඒවා අපේ හදවතේ ලිවීමටත් අලුත් ගිවිසුම තුළ පොරොන්දුවී තිබේ (හෙබ්‍රෙව් 8:10). උන්වහන්සේ මෙය අප තුළ වාසය කරන ශුද්ධාත්මයාණන් තුලින් සිදු කරනු ලබයි. ශුද්ධාත්මයාණන් අප උදව් කරු වන අතර දේව කැමැත්ත අපට පෙන්වා දෙනවා පමණක් නොව අපට එම කැමැත්ත කිරීමට ආශාව ඒ වගේම ඒ සියල්ලට කීකරුවීමට අනුග්‍රහයද ලබා දෙන්නේය.

අපව සහමුලින්ම පවිත්‍ර කරන්නේ දෙවියන්වහන්සේ පමණි (1 තෙසලෝනික 5:23) අපට එය අප විසින්ම කර ගත නොහැක. අපට උන්වහන්සේ මත යැපීමට සිදුවේ – මන්ද අප තුල ක්‍රියා කරමින් උන්වහන්සේගේ කැමැත්ත කිරීමට ආශාව සහ හැකියාව යන දෙකම අපට ලබා දෙන්නේ උන්වහන්සේ පමණි. නමුත් අපට පවසනවා “භයෙනුත් වෙව්ලීමෙනුත් නුඹලාගේ ගැලවීම ඉෂ්‍ටකරගනිල්ලා” (පිලිප්පි 2:12, 13). උන්වහන්සේ අපව රොබෝලා බවට පත් කර නොමැති හෙයින් දෙවියන්වහන්සේගේ ක්‍රියාකාරිත්වය තුළ අපට ක්‍රියා කිරීමට සිදුවේ.

දෙවියන්වහන්සේ අපව පාපයේ වරදින් පවිත්‍ර කරන මුත් අප අණ ලැබ සිටිනවා “මාංශයේද ආත්මයේද සියළු කිළුටුකම් වලින් අපව පවිත්‍ර කරගනිමින් දෙවියන්වහන්සේ කෙරෙහි භයින් යුක්තව ශුද්ධ කම සම්පූර්ණ කර ගැනීමට” (2 කොරි 7:1). මෙය අප තුළ ඇති දූෂිතභාවය ගැන ආලෝකය ලද විගස එවෙලේම කළ යුතුවේ.

එය මෙලෙසය “අපි ආත්මයෙන් ශරීරයේ ක්‍රියා නසනවානම් ජීවත්වේ” (රෝම 8:13) ආත්මයාණන්ගේ ඵල – ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසීම, කරුණාවන්තකම, යහපත්කම, අවංකකම, මෘදුකම, පමණ දැන ක්‍රියා කිරීම වැනිදේ අප තුළ වැඩි වැඩියෙන් දිස්වේ. ක්‍රිස්තුස්වහන්සේගේ ස්‍වරූපයට වෙනස් වෙනවා යන්නෙහි අදහස මෙයවේ. මෙලෙස අපගේ මාවත වඩ වඩාත් ආලෝකමත්වීම සිදුවේ (හිතෝප. 4:18). මෙය දෙවියන්වහන්සේ අප වෙනුවෙන් සූදානම් කර ඇති ශුද්ධත්වයට පමුණුවන්නාවූ මහිමාන්විත මාර්ගය වේ.

පරිච්ජේදය 8
දේව වචනය සහ යාච්ඥාව

ආහාර සහ වාතය අලුත ඉපදුන බිළිඳෙකුගේ අවශ්‍යථා දෙකකි. ආත්මික උපතක් අත්දකින අයෙකුත් ඒ ආකාරමය. අලුත උපන් දෙවියන්වහන්සේගේ දරුවෙකුට කෑම සහ හුස්ම ගැණීම අවශ්‍යවේ.

දේවවචනය ඔහුගේ ආහාරය විය යුතු අතර යාච්ඤාව ජීවත් වීමට ඉතා අවශ්‍ය හුස්ම විය යුතුය.

දේවවචනය – අපගේ ආත්මික ආහාරය

ළදරුවෙකුට ආරම්භයේදී කිරි ආහාර අවශ්‍ය වනමුත් පසුව ඝන ආහාර අවශ්‍යවේ. බයිබලයේ කිරි සහ ඝන ආහාර යන දෙවර්‍ගයම අඩංගුවේ. කිරි ලෙස හැඳින්වෙන්නේ “ක්‍රිස්තුස්වහන්සේ ගැන මූලික ඉගැන්වීම්” වේ (හෙබ්‍රෙව් 6:1). ඝන ආහාරය ලෙස “ධර්මිෂඨ කමේ වචනය” හැඳින්වේ (හෙබ්‍රෙව් 5:13).

කෙතරම් ඉක්මනින් ඝන ආහාර වෙත අප යොමු වෙනවාද යන්න රඳා පවතින්නේ අපට දෙවියන්වහන්සේ ලබා දෙන ඕනෑම වටහා දීමකට (අවබෝධයකට) කෙතරම් ඉක්මනින් අප කීකරු වෙනවාද යන්න මතයි.

අපගේ ආත්මික වර්ධනය රඳා පවතින්නේ ඇදහිල්ල සහ කීකරු කම මතවේ.

දෙවියන්වහන්සේ උන්වහන්සේගේ වචනය තුළ අපට පොරොන්දු ලබා දී තිබේ. එනිසා අපට උන්වහන්සේව විශ්වාස කළ හැකිය. ඒ වගේම උන්වහන්සේ අපට කීකරු වීමට පනත් දී තිබේ. අප දේව වචනය දිනපතා මෙනෙහි කරන්නේ නම් විශ්වාස කරනවානම් උන්වහන්සේට කීකරු වෙනවා නම් අපට දැනගත හැකි වෙනවා අපි දෙවියන්වහන්සේ තුළ හරියට සදාහරිත කිසිදා නොමැලවෙන ගසක් ලෙසට ගැඹුරට මුල් ඇද ඇති බව. එවිට අප කරන සෑම දෙයක් තුලම සඵලවෙන පිණිස ඒ ආකාරයටම අපව ආශිර්වාද කිරීමට දෙවියන්වහන්සේට හැකිවේ (ගීතාවලි 1:2, 3).

අපට දේව වචනය බුද්ධිමත් අධ්‍යනයකින් පමණක් තේරුම් ගැණීමට නොහැකිය. අපට ශුද්ධාත්ම හෙළිදරව් කිරීමක් අවශ්‍යවේ. යේසුස්වහන්සේ ආත්මික සත්‍යථාවය ප්‍රඥාවන්තයින් ගෙන් සහ තේරුම් ඇත්තන් ගෙන් සඟවා ළදරුවන්ට හෙළිදරව් කළ බව පැවසීය (ශු:මතෙව් 11:25).

ප්‍රඥාවන්ත සහ තේරුම් ඇති අයට නැති ළදරුවන්ට ඇති දේ කුමක්ද?

පිරිසිඳු හදවතක්!

දෙවියන්වහන්සේ බලන්නේ හදවත දෙසයි. ඔලුව දෙස නොවෙයි. උන්වහන්සේ යටහත්වූ උන්වහන්සේගේ වචන ඉදිරියෙහි වෙව්ලන්නාවූ අයට හෙළිදරව් කිරීම් ලබා දේ (යෙසායා 66:2).

දේව වචනය තේරුම් ගත හැක්කේ දේව කැමැත්ත කිරීමට කැමති අයට පමණක් බව යේසුස්වහන්සේ පැවසීය (ශු:යොහාන් 7:17).

දේව වචනය – ආත්මයාණන්ගේ කඩුව

දේව වචනය අප සාතන් සමග කරන සටනේදී ආයුධයක්ද වේ. එය ආත්මයාණන්ගේ කඩුව ලෙස හැඳින්වේ (එපීස 6:17).

යේසුස්වහන්සේ පවා මෙම ආයුධය, වනාන්තරයේ පරික්‍ෂා කිරීම් තුන අතරතුර සෑම අවසථාවකදීම, ඉතා ප්‍රතිඵළදායක ලෙස භාවිතා කළ සේක. ඒ සෑම අවසථාවකදීම උන්වහන්සේ සාතන්ගේ පරීක්‍ෂාවන්ට එරෙහිව ක්‍රියා කළේ “එය මෙසේ ලියා තිබේ…” කියමිනි (ශු:මතෙව් 4:4, 7, 10).

ඒ ආකාරයට තමයි උන්වහන්සේ ජය ගත්තේ. එම නිසා අපටත් ජය ගත හැක්කේ ඒ ආකාරයටමය.

සාතන් දොස් තබන්නා වේ. සාතන්ගේ චෝදනා කිරීම සහ ශුද්ධාත්මයාණන්ගේ වරද හඟවා දීම අප පැහැදිලිව වෙන්කර හඳුනා ගත යුතුය. සාතන් නිතරම අපට හිරිහැර කරන අතර ඔහුගේ චෝදනා තුළින් අප වරදකාර අය කියා, අපි කිසි වැඩකට නැති අය ලෙසට අපට හැඟෙන්නට සලස්වන්නේය. අනෙක් අතට ශුද්ධාත්මයාණන් අපගේ වරදක් හඟවා දීම සැමවිටම මෘදුවන සේම බලාපොරොත්තු වලින් පිරී තිබේ.

මෙම දොස් තබන්නාගෙන් අපට ජය ගත හැකි එකම ක්‍රමය නම් “බැටළුවාණන්ගේ ලේ සහ අපගේ සාක්‍ෂියේ වචන වලින්ය” (එළිදරව් 12:11). අපේ පසුගිය පාප සම්බන්‍ධව ඔහුගේ චෝදනා වලින් ජය ගත හැකි එකම මඟ නම් ක්‍රිස්තුස්වහන්සේගේ ලේ වලින් පවිත්‍ර කර සහමුලින්ම අපව ධර්මිෂ්‍ඨ කලා යන අපගේ සාක්‍ෂිය ඔහුට දීමයි. අපටද යේසුස්වහන්සේ භාවිතා කළ ආයුධයම භාවිතා කල හැකිය “එය මෙසේ ලියා තිබේ”.

දේවවචනය සාතන්ට කියා සිටීම සාතන්ගේ චෝදනා වලින් ජය ගැණීමට පමණක්ම ඇති මාර්ගය නොව අධෛර්‍යට පත්වීම, අවුල් තැවුල්, සාතන් අපේ මණසට පහර දෙන අනිකුත් නොයෙක් පරීක්‍ෂා ආදියෙන් ජය ගැණීමටද මාර්ගය වන්නේය.

දේවවචනය තරයේ දැන සිටීම ඉතා වැදගත් වන්නේ එනිසාය, එවිට අවශ්‍ය මොහොතේ අවශ්‍ය ලියවිල්ල අප සිතට ගෙන ඒමට ශුද්ධාත්මයාණන්ට හැකිවේ.

එනිසා අප දේව වචනය දිනපතා මෙනෙහි කරන මොහොතේ යම් වේලාවක් ගෙන අපට කථා කරන මෙන් දෙවියන්වහන්සේගෙන් ඉල්ලීම ඉතා සුදුසුය. අප දේව වචනය අප හදවතේ සඟවා ගන්නා විට එය, දෙවියන්වහන්සේට විරුද්ධව පව් කිරීමෙන්, අපව ආරක්‍ෂා කරනු ඇත (ගීතාවලි 119:11).

අපගේ ජීවිත උදෙසා දේව සැලැස්ම

දෙවියන්වහන්සේට අපේ ජීවිත කෙරෙහි අංග සම්පූර්ණ සැලැස්මක් තිබේ. ඒ වගේම එය සම්පූර්ණ කිරීම සඳහා අපට මග පෙන්වීමට උන්වහන්සේට අවශ්‍යයවේ. අපට මෙලොව ගත කළ හැකි වඩාත් ආශිර්වාදාත්මක ජීවිතය නම් එම සැලැස්ම අප විසින් සම්පූර්ණ කරන්නාවූ ජීවිතයයි. වෘත්තියක් තෝරා ගැණීමේදී හෝ විවාහයේදී දෙවියන්වහන්සේ, අප උදෙසා, උන්වහන්සේ අනුමත කරන්නාවූ මාර්ගයක් සූදානම් කර ඇති බව දැන ගැණීම කෙතරම් පුදුමාකාරද! අප උන්වහන්සේගේ මාර්ගය තෝරා ගන්නවානම් සාතන් අප සඳහා පෙළ ගස්වා ඇති බොරු වලවල් ගණනාවක් මග හැරීමට අපට හැකි වනු ඇත. මූලිකවම උන්වහන්සේගේ වචනය හරහා දෙවියන්වහන්සේ එම සැලැස්ම තුළට අපට මග පෙන්වනු ලබයි.

දේව කැමැත්ත සොයා ගැණීම දීර්ඝ කරුණු සහිත විෂයකි. ඒ සම්බන්‍දව කරුණු සම්පූර්ණ ලෙස “දේව කැමැත්ත සෙවීම” (FINDING GOD’S WILL) යන මාතෘකාවෙන් යුත් මාගේ පොතේහි සඳහන්ව ඇත.

ආත්මික මගකින් විවාහයට එළඹීම සම්බන්‍ධ කරුණු මාගේ තවත් පොතක් වන “ලිංගිකත්‍වය, ආදරය සහ විවාහය – ක්‍රිස්තියානි එළඹීම” (SEX, LOVE & MARRIAGE – THE CHRISTIAN APPROACH) හි සඳහන්ව ඇත.

යාච්ඤාව – දෙවියන්වහන්සේට කථා කිරීම

දෙවියන්වහන්සේ සමග සන්නිවේදනය දිශා දෙකකින් යුක්ත මාර්ගයක් වේ. පළමුව දෙවියන්වහන්සේ උන්වහන්සේගේ වචනය තුලින් අපට කථා කරනු ලබයි. ඉන්පසු අපි උන්වහන්සේට කථා කරන්නෙමු.

නමුත් යාච්ඤා කිරීම උන්වහන්සේගෙන් ඉල්ලීම පමණක්ම නොවේ. යාච්ඤාවේ ප්‍රාතමික කොටස ලෙස උන්වහන්සේ සමග සහභාගිත‍්වය පැවැත්වීම විය යුතුය. එය මනාලිය මනාලයා සමග මෙන්වේ.

මනාලිය මනාලයාට කථාකල යුතු ආකාරය ගැන නීතියක් නොමැත.

නමුත් විනයානුකූලව අපේ යාඥාවට මේ ආකාරය අන්තර්ගත වීම යහපත්වේ

  1. අපගේ පියාණන්ට උන්වහන්සේ කව්ද යන වගට ප්‍රසංසා කිරීම;

  2. පාප සහ අසමත්වීම් ගැන පාපෝච්චාරණය;

  3. දේව රාජ්‍යය සම්බන්ධ අයැදුම්;

  4. අපගේම අවශ්‍යතා ගැන අයැදුම්;

  5. අන් අයගේ අවශ්‍යතා උදෙසා මැදිහත්වීම;

  6. දෙවියන්වහන්සේ කළදේ උදෙසා ස්තූති දීම;

  7. දෙවියන්වහන්සේ කරන්නට යන්නාවූ දේ උදෙසා ස්තූති දීම.

“නිතර යාච්ඤා කරන ලෙස” යේසුස්වහන්සේ අපට පවසා ඇත (ශු:ලූක් 18:1).

වර්ධනය කරගත යුතු ඉතා හොඳ පුරුද්දක් නම් දිනපතා ජීවිතයේ ඉතා කුඩා දේවල් ගැන දෙවියන්වහන්සේට කථා කිරීමවේ – මෙලෙස යාච්ඤාවේ ආත්මයකින් දවස පුරා සිටිය හැකිය. එවිට දෙවියන්වහන්සේට කථා කිරීම චාරිත්‍රයක් ලෙස නොව අපට ප්‍රීතිය ගෙන දෙන්නක් වනු ඇත. ඒ වගේම දෙවියන්වහන්සේ පුදුමාකාර මාර්ග වලින් අපේ හදවත් තුළ කථා කිරීම අපට දැනගත හැකිවනු ඇත.

නමුත් මේ සියල්ල යාච්ඤා පාසල තුළ පෙර පාසල් පාඩම් පමණකි. අපි අවංක නම් අපට වැඩි දුරටත් දියුණු විය හැකි වේ.

කිසිම හේතුවක් නිසා යාච්ඤාව ගුණාත්මක භාවයෙන් පිරිහුණු වියලි හිස් චාරිත්‍රයක් වීමට ඉඩ නොහැරිය යුතුයි. යාච්ඤාව හුස්ම ගන්නවා වැනිවේ. අපට හුස්ම ගැණීමට අපහසු වනවිට අපි දන්නවා යම් ගැටළුවක් ඇති බව. දෙවියන්වහන්සේ යාච්ඤාව වියලුනු නීරස දෙයක් ලෙස අදහස් නොකරයි.

නමුත් අපි වර්ධනය වනවිට අපට දැනගන්න පුළුවන් යාච්ඤාව බරකින් යුක්ත කාර්‍යයක් වනබව. දෙවියන්වහන්සේ යාච්ඤා කිරීම සඳහා අපගේ හදවතේ තබන කුඩා බරක් ගැන අපි අවංක වනවිට දෙවියන්වහන්සේ උන්වහන්සේගේ බර තව තවත් අපට දෙන බව දැන ගැණීමට හැකි වේ. මෙලෙස අපට අන් අයව ආශිර්වාද කරන්නාවූ උන්වහන්සේගේ වැඩ වලදී හවුල් වැඩ කරුවන් විය හැකිය.

යේසුස්වහන්සේ “මහත් හැඬීමකින් සහ කඳුලින් යුක්තව” යාච්ඤා කළ සේක (හෙබ්‍රෙව් 5:7). එක් වරක් උන්වහන්සේ ගෙත්සමනියේදී යාච්ඤා කරනවිට උන්වහන්සේගේ ඩාදිය මහත් ලේබිඳු මෙන් වූවේය (ශු:ලූක් 22:44). උන්වහන්සේගේ යාච්ඤාව ඉතා දැඩිවුනි.

වරක් උන්වහන්සේ සම්පූර්ණ රාත්‍රියක් යාච්ඤාවෙන් ගත කළ සේක(ශු:ලූක් 6:12). උන්වහන්සේට නිතර අහක්ව වනයට ගොස් යාච්ඤා කිරී‍මේ පුරුද්දක් තිබිණි (ශු:ලූක් 5:16). යමෙක් කියා ඇති ලෙස “සංචාරකයෙකු අලුත් ස්ථානයකට ආ විගස නැරඹීමට ස්‍ථානයක් සොයන්නාසේ, යේසුස්වහන්සේ සැම විටම උන්වහන්සේ ගිය සෑම තැනකම යාච්ඤා කිරීමට නිස්කලංක ස්ථානයක් සෙව් සේක”.

යේසුස්වහන්සේගේ උදාහාරණ අපට පෙන්වා දෙන්නේ යාච්ඤාව කෙතරම් වැදගත්ද යන වගයි. උන්වහන්සේට එතරම් යාච්ඤා කිරීමට අවශ්‍ය වූයේ නම් එයිට කොපමණ වැඩියෙන් ඔබටත් මටත් එය අවශ්‍ය වන්නේද?

එසේ නම් කම්මැලි කමට එරෙහිව සටන් කරන්න, ඒ වගේම ඕනෑම මිලයක් ගෙවා යාච්ඤාවේ මනුෂ්‍යයකු / ස්ත්‍රියකු වීමට අධිෂ්‍ඨාන කර ගන්න.

පරිච්ජේදය 9
සහභාගිත්වය සහ සභාව

අපව ක්‍රිස්තුස්වහන්සේගේ හැඩරුවට වෙනස් කිරීමට දෙවියන්වහන්සේට අවශ්‍ය බව අප දැනටමත් දැක තිබේ. නමුත් මෙම වෙනස් කිරීම අපි යේසුස්වහන්සේගේ අනිත් ගෝලයන් ගෙන් වෙන්ව තනිවම සිටිද්දී සිදු නොවේ. ඔවුන් සමග සිටිද්දී පමණක්ම අපව වෙනස් කරනු ලබයි.

අප උන්වහන්සේ මත යැපීම පමණක්ම නොවී එකිනෙකා සමග සහභාගිත්වය ඇතුව සිටීමද දෙවියන්වහන්සේට අවශ්‍යවේ. පරණ ගිවිසුම් කාලයේදී දෙවියන්වහන්සේ තනි පුද්ගලයන් සමග ක්‍රියා කළේය – මෝසෙස් – එලියා හෝ යොහාන් බෞතිස්ත යනාදී වෂයෙන්.

නමුත් අලුත් ගිවිසුම යටතේ දෙවියන්වහන්සේට අවශ්‍ය වනුයේ ක්‍රිස්තුස්වහන්සේව හිසව තබාගැනීමෙන් ඒකත්වයකට පැමිණුනාවූ ගෝලයන්ගෙන් සමන්විත ශරීරයකි. “සභාව” යනු මෙයවේ – ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය (එපීස 1:22, 23; 2:14–16).

සභාව – ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය

සභාව යනු ගොඩනැගිල්ලක් හෝ නිකායක් නොවේ. “church” (සභාව) යන ඉංග්‍රීසි වචනය ග්‍රීක “ekklesia” යන වචනයේ පරිවර්තනයකි, එහි අර්ථය නම් පිටතට කැඳවූ මනුෂ්‍යයින්ගේ රැස්වීමක් වේ – මෙම කරුණ තුළ පිටතට කැඳවූ යනු දෙවියන්වහන්සේ සන්තක වන පිණිස ලෝකයෙන් පිටතට කැඳවූවන් වේ.

ලෝකය පුරා දෙවියන්වහන්සේගේ කැඳවීමට ප්‍රතිචාර දැක්වූ සියළු දෙනා පාපයෙන් සහ ලෝකයෙන් වෙන්වී සභාව ගොඩනැගිය යුතුය – ඒ ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරයයි. සෑම පලාතකම ක්‍රිස්තු ශරීරයේ සෑම සාමාජිකයෙකුම එකට එකතුව එම පලාතට එම ශරීරය පිළිබිඹු කරන්නාවූ ආකෘතියක් විය යුතුය.

ක්‍රිස්තුස්වහන්සේගේ පළමු ශරීරය වූයේ උන්වහන්සේ මෙලොවට පැමිණි බෞතික ශරීරයයි. එම ශරීරය තුලින් දෙවියන්වහන්සේ තමන්වහන්සේව ලෝකයට පෙන්වීය. යේසුස්වහන්සේ තමන්වහන්සේව ‍දෝෂ රහිතව පියාණන්වහන්සේට භාර දුන් අතර තම ජීවිතය අවසානයේදී උන්වහන්සේට “මා දුටු තැනැත්තේ පියාණන්වහන්සේ දුටුවේය” (ශු:යොහාන් 14:9) යනුවෙන් කීමට හැකිවිය.

දැන් අපගේ කැඳවීම නම් එකතුවී අප අවට ලෝකයට ක්‍රිස්තුස්වහන්සේව නියෝජනය කිරීමයි. තනිවම ප්‍රමානවත් ලෙස ක්‍රිස්තුස්වහන්සේව නියෝජනය කිරීමට කිසිවෙකුට නොහැකිය. අපට එකිනෙකා අවශ්‍ය වේ. අප අතර සිටින හොඳම අය පවා තාමත් සමබරතාවයෙන් තොරය. අපගේ ශක්තිමත් ස්‍ථාන මෙන්ම දුර්‍වලවූ ස්ථානද තිබේ. අපට එක් අංශයකින් ක්‍රිස්තුවහන්සේව හොඳින් පෙන්නුම් කිරීමට හැකිවූවත් තවත් අංශයකින් එය ඉතා දුර්‍වලවිය හැක. නමුත් එකට එකතුවී එක් අයෙකුගේ ශක්තිමත් භාවයෙන් තව අයෙකුගේ දුර්‍වලකම සමබරතාවයකට පත්කල හැකිබව අපට දැන ගැනීමට හැකිවේ. ඒ වගේම අප ප්‍රේමයෙන් එකිනෙකාට යටහත්ව ජීවත්වනවා නම් නොඇදහිලිවන්ත ලෝකයට අප තුළින් ක්‍රිස්තුස්වහන්සේව උන්වහන්සේගේ පූර්ණත්‍වයෙන් දිස්වීම සිදුවේ. සභාව උදෙසා දෙවියන්වහන්සේගේ කැමැත්ත මෙයවේ.

පලාතේ සභාවක් තුළ අවයවයක් වීම

ක්‍රිස්තුස්වහන්සේ වෙතට හැරුනු විගසම ඔබ, දෙවියන්වහන්සේගේ වචනයට කීකරුවීමට සහ යේසුස්වහන්සේගේ අඩි පාරේ යාමට මහත් ආශාවකින් සිටින ගෝලයින්ගේ සහභාගිත්‍වයකට එකතුවීම අවශ්‍යය.

අලුතින් හැරුනාවූ අයෙකු මෙතැනදී, ක්‍රිස්තියානි ලෝකය තුළ බොහෝ ලෙස ඇති කණ්ඩායම් සහ නිකායන් දැකීමෙන්, ඔහුව අවුල් සහගත විය හැකිය. එක් කෙලවරක සිට අනෙක් කෙලවර දක්වා පරාසයක විහිදෙන විවිධාකාර දේවධාර්මික මතවාද වන අතර මෙහීදී අවාසනාවන්ත ලෙස නොයෙක් කණ්ඩායම් මෙලොව සිටින ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑම නියෝජිතයන් තමන් පමණක් බවට අයිතිවාසිකම් කියති!!

මෙවැනි බොහෝ කණ්‍ඩායම් තම බයිබලයට තදින් ගසමින් ඒ අය සමග එකතු නොවන්නේ නම් ඔබට ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරයේ අවයවයක් විය නොහැකි බවට සනාත කරති!

ඔවුන්ගේම “කණ්ඩායමේ” නොවන ඒ වගේම ඔවුන්ගේම වූ ආකාරයේ මතවාදම අල්ලාගෙන නොසිටින තවත් දරුවන් දෙවියන්වහන්සේට ඇති බව ඔවුනට ඒත්තු ගැන්වීම ඉතාමත් අපහසුවේ. යමක් විභාග නොකොට තම පූර්ව මතයේම එලැඹී සිටීමේ හානිය එවැනිවේ. අද දවසේ ක්‍රිස්තියානීන් අතර වසංගතයක්ව තිබෙන මෙම ව්‍යාජ භක්තිවාදය සහ ලබ්ධිවාදයේ දැල්වලට හසු නොවීම පිණිස ඔබ ප්‍රවේසම් විය යුතුය.

අවංකව උන්වහන්සේව අනුගමනය කිරීමට කැමති සහ උන්වහන්සේට ආදරය කරන අය උදෙසා ඔබගේ හදවත විවෘතව තබන්න. ඔවුන්ගේ මතවාද සහ ක්‍රියා ඔබ කරනවා මෙන්ම නොවිය හැක. නමුත් ඔවුන් දෙවියන්වහන්සේ ඔවුනට දුන් වැටහීම තුළ ගමන් කරනවා නම් එය එතරම් බරපතල නොවේ. අපට දෙවියන්වහන්සේ දුන් වැටහීම තුළ ඔවුනුත් ගමන් කළ යුතුයි කියා බලෙන් ඉල්ලීම් කිරීමට අපට නොහැක.

දෙවියන්වහන්සේගේ සියළු දරුවන් පිළි ගැණීම

දෙවියන්වහන්සේට දරුවන් සිටින ලෙස අපටත් බොහෝ සහෝදර සහෝදරියන් සිටිය යුතුය.

දෙවියන්වහන්සේ විසින් පිළිගත් සියළු දෙනා එලෙසම අප විසිනුත් මුළු හදවතින් පිළිගත යුතුය (රෝම 14:1; 15:7). යේසුස්වහන්සේ යම් අයෙකුට තමාගේ සහෝදරයා යයි ඇමතීමට ලජ්ජා නොවන්නේ නම් අප විසිනුත් කිසිසේත් ලජ්ජා නොවිය යුතුය (හෙබ්‍රෙව් 2:11).

සහභාගිත්වය යන කරුණ සම්බන්‍ධව ඇදහිලිවන්තයින්ට යාහැකි අන්ත දෙකක් තිබේ. එකක් නම් සහභාගිත්වය පවත්වාගෙන යාම උදෙසා සත්‍යය ගැන මධ්‍යම ප්‍රතිපදාව (සමාදානයෙන් බේරා ගැනීම) අනික නම් සහභාගිත්වය ප්‍රධානය කිරීමට පෙර සෑම කරුණකදීම සමානත්වය බලා පොරොත්තු වීම. ඔබ ප්‍රඥාවන්ත නම් මේ අන්තයන් දෙකෙන්ම අනතුරට පත් නොවී කටයුතු කළ හැකිවේ. දෙවියන්වහන්සේගේ වැඩ කෙලෙස කලයුතුද කියා සහ එකඟතාවයක් නැති අය සමග කටයුතු කිරීමට බැරි බව අපට පැහැදිලිව පෙනේ. නමුත් යම් අයෙකු සමග සහභාගිත්වය පැවැත්වීමට පෙර ඔහුත් සෑම කරුණක් ගැනම අප මෙන්ම විශ්‍වාස කළ යුතුයි කියා බල කිරීමට අපට අවශ්‍ය නැත. යම් අයෙකු සමග එක්ව වැඩ කිරීම සහ සහභාගිත්වය පැවැත්වීම අතර වෙනසක් තිබේ.

කෙසේ වෙතත් ඔබට ආත්මික නිවසක් වියහැකි සහ ඔබට කැපවී ක්‍රියා කළ හැකි ඔබ ප්‍රදේශයේ සභාවක් ගැන ඔබ සොයා බැලිය යුතුය.

අලුත් ගිවිසුම් සභාව

ඔබ ප්‍රදේශයේ ඇති බොහෝ සභාවන් අතර ඔබ සෙවිය යුතුයි ඔබ මේවන තුරු තේරුම් ගත් අලුත් ගිවිසුමට ඉතාම ලංවූ සභාවක්. කාලය ගත වනවිට ඔබ වඩවඩාත් අලුත් ගිවිසුම තේරුම් ගන්නා විට ඔබට දැනෙන්න පුළුවන් ඔබට එම සභාව අත්හැර දේව වචනය සමග වඩාත් සමීප වන වෙනත් සභාවකට සම්බන්ධවිය යුතු බව.

ආත්මිකව වර්ධනය වන අයෙකු සහ තම ජීවිතය සඳහා දෙවියන්වහන්සේගේ හොඳම සහ උසස්ම දේ ලැබීමට අධිෂ්‍ඨාන කර සිටින අයෙකුට එය සාමාන්‍යය දෙයක් වේ. සෑම ක්‍ෂේත්‍රයකදීම කිසිවිට දෙවියන්වහන්සේගේ හොඳම දේ හැර අඩු දෙයක නොරැඳෙන්න. එවිට සදාකාල ජීවිතයේදී ඔබට කිසි කණගාටුවක් ඇති නොවනු ඇත.

අලුත් ගිවිසුම් සභාවක නිකාය ලේබලයක් නොතිබේ. එය ශුද්ධාත්මයාණන් විසින් යේසුස්වහන්සේගේ නාමයට එක් රැස්කළ මිනිසුන්ගේ සහභාගිත්වයක් වේ. ස්වාමින්වහන්සේ එවැනි එක්රැස්වීමක් තුළ පමණක් වැඩසිටීමට පොරොන්දුවී තිබේ (ශු:මතෙව් 18:20).

ඔබ අවයවයක් වන්නාවූ සභාව, බයිබලය, දේව වචනය ලෙස සහ ඇදහිල්ල සහ ජීවනය උදෙසා එකම අත්තිවාරම ලෙස පිළිගන්නාවූ එකක් විය යුතුයි. බොහෝ ලබ්ධිවාදි කණ්ඩායම් බයිබලය පමණක් ඒ අයගේ එකම ආධිපත්‍යය ලෙස පිළිගන්නා බවට අයිතිවාසිකම් කිව්වත් ඔවුන් තම නායකයින්ගේ ලියවිලි ඒ සමාන ආධිපත්‍යයකින් යුතුව උපුටා දැක්වීම බොහෝ විට දැක ගත හැකිවේ. ඔබ ඔවුන්ට වඩාත් කිට්ටු වන විට දැන ගන්න පුළුවන් ඔවුන් දේව වචනයට වඩා තම නායකයින්ගේ ඉගැන්වීම් වලට බැඳී ඇති බව. ඔවුන් තුළ බොහෝ යහපත් දේ තිබිය හැකියි. ඔබ ඔවුන්ට එක් වුවහොත් ඉක්මණින් ඔබට දැන ගන්න පුළුවන් ඔවුන්ගේ ලබ්ධිවාදි පිළිවෙල ඔබව වහල් භාවයට පත්කර ගන්නා බව.

දෙවියන්වහන්සේගේ සභාව තුළ සියළු ඇදහිලිවන්තයින් දෙවියන්වහන්සේගේ එක සමාන පූජකයින්වේ – මන්ද දෙවියන්වහන්සේ අප සියළු දෙනා පූජකයින් බවට පත් කර ඇත (1 පේත්‍රස් 2:9). සභාවකට විශේෂ පන්තියේ පූජකයින් හෝ දේවගැතිවරු සිටිනවිට ඔවුන් පමණක් වචනයේ සේවය සඳහා සුදුස්සන් යැයි සැලකේ නම් එය දේව කැමැත්තට විරුද්ධවේ.

දෙවියන්වහන්සේ සභාවේ නායකත්වය වැඩිමහල්ලන් අත (සෑම විටම එක් අයෙකුට වැඩි) පිහිටුවා තිබේ. නමුත් මෙම වැඩි මහල්ලන් “පූර්ණ කාලීන සේවකයින්” වීම අවශ්‍ය නොවේ (ක්‍රියා 14:23; තීතස් 1:5).

අලුත් ගිවිසුම් සභා තුළ ප්‍රධානතම වැදගත් කාරණය වන්නේ දේව වචනය දේශනා කිරීමයි. සෑම ඇදහිලිවන්තයෙකුටම එවැනි සභාවක් තුළ ඒ අයගේ මුහුකුරා යාම ආත්මික දීමණා අනුව දේව වචනය බෙදා ගැණීමට නිදහස තිබේ.

කථා කළ වචනය ශුද්ධාත්මයාණන්ගේ අනුග්‍රහයෙන් වූවක් නම් එය සැනසිල්ල ගෙන දෙන, අභියෝග කරන, ගොඩනගන සහ “මිනිසුන්ගේ හදවත් තුළ රහස්”හෙළිකර එය දෙවියන්වහන්සේ කථා කරන බව පිළිගැනීමට අසන්නන්ට බල කරන බව ඔබට දැන ගැනීමට හැකි වේ (1 කොරින්ති 14:3, 24–31).

සැබෑ නව ගිවිසුම් සභාවක ප්‍රධානතම අවධානය වනුයේ ගෝලයින් සෑදීම සහ යේසුස්වහන්සේගේ ආඥාවලට සම්පූර්ණයෙන් කීකරුවීම ඔවුන්ට ඉගැන්වීමයි (ශු:මතෙව් 28:19, 20). එවැනි සභාවක් වෙන්කර දැන ගත හැකි විශේෂ ලක්‍ෂණය වන්නේ එහි සාමාජිකයින් අතර අන්‍යෝන්‍ය ප්‍රේමයයි – යේසුස්වහන්සේ ශු:යොහාන් 13:35 පැවසූ ලෙස “නුඹලා එකිනෙකාට ප්‍රේම කරනවානම් නුඹලා මාගේ ගෝලයන් බව එයින් සියළු දෙනා දැන ගන්නවා ඇත”.

බලවත් ලෙස දේව වචනය කථා කෙරෙන සහ දේව ප්‍රේමය රජ කරන්නාවූ සහ දේව අභිමුඛය දැනෙන්නාවූ ඔබ ප්‍රදේශයේ සභාවක් ඔබ සහභාගිත්වය සඳහා තෝරා ගත යුතුය.

සහභාගිත්වයේ වැදගත්කම

අප අන් අය සමග ප්‍රේමයේ සහභාගිත්වය තුළ එක්ව ජීවත්වන විට තමයි සහභාගිත්වය පවත්වාගෙන යාම උදෙසා අපවම එපා කර දිනපතා කුරුසිය ඔසවා ගැනීම කෙතරම් අපට අවශ්‍යද යන වග දැනගත හැකි වන්නේ.

සාතන් නිතරම කාර්‍යබහුලව සිටින්නේ දේව දරුවන් අතර බෙදීමක් ඇති කිරීමටයි. අප මුහුකුරා ගොස් තිබෙනවා නම් අපි සෑම විටම අප සහ අන් අය අතර එවැනි බෙදීම් ඇති කිරීමට ඉඩ නොතැබීමට අවධානයෙන් සිටිය යුතුයි. ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරයේ සහභාගිත්‍වය තුළ බිඳවැටීමක් ඇතිවූ විට අපටත් ඒවගේම දෙවියන්වහන්සේටත් එහීදී විශාල පාඩුවක් සිදුවේ.

සභාවේ එක්සත් භාවය තුළ විශාල බලයක් තිබේ. සාතන්ව පරාජය කළ හැක්කේ එක්සත්වූ සභාවකට පමණි. යේසුස්වහන්සේ පැවසුවා

“දෙදෙනෙකු වූවත් ආත්මයෙන් එක්සිත් වන විට ඔවුනට පියාණන්වහන්සේගෙන් ඉල්ලන ඕනෑම දෙයක් ලැබේ මක්නිසාද ඕනෑම ස්ථානයක එවැනි එක්සිත්වූ ආත්මයන් දෙකක් හෝ තුනක් ශුද්ධාත්මයාණන් විසින් එකතු කළ විට මම බලවත්ව වැඩ සිටිමි කියා. එවැනි ඇදහිලිවන්තයින් සිටින සහභාගිත්වයකට සාතන්ගේ සේනාවන් ස්‍වර්ගීය ස්ථානවල සහ පොළවේදී බැඳ එලෙස සාතන්ගේ බලය මැඩපැවැත්වීමට හැක. ඒ වගේම ඔවුන්ගේ යාච්ඤාව තුළින් සාතන්ගේ බැඳුම් වලට අසුවී සිටින මිනිසුන් නිදහස් කළ හැකිවේ” (ශු:මතෙව් 18:18–20).

සාතන් ඇදහිලිවන්තයින් අතර බෙදීම් ඇතිකරවන්නේ සහ නපුරු අදහස් උදෙසා එක්ව ක්‍රියා කරන කණ්ඩායම් සහ පිරිස් සභාව තුළ පිහිටුවන්නේ එනිසාය. ඔහුට එක්සිත්වූ සභාවක් එල්ල කරන ප්‍රහාරයකින් ඔහුගේම රාජධානිය ආරක්ෂා කල යුතුවේ. අප විසින් සාතන්ගේ කූටෝපායන් ගැන අඥානව නොසිට අවධානයෙන් සිටිය යුතුය.

පොඩ්ඩක් හිතන්න ක්‍රිස්තුස්වහන්සේගේ භෞතික ශරීරය තුළ මොන තරම් අඩුපාඩුවක් වෙන්න තිබුනද උන්වහන්සේගේ අවයව එක්ව ක්‍රියා නොකලා නම්. එසේ වූවා නම් උන්වහන්සේට දෙවියන්වහන්සේගේ මහිමය ලෝකයට ප්‍රකාශ කිරීම සඳහා උන්වහන්සේ කළ ආකාරයට කිරීමට නොහැකි වන්නට තිබුණි. මෙය තමා ඇදහිලිවන්තයින් බෙදී සිටින විට ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ ආත්මික ශරීරයේ (සභාවේ) හිසව සිටිමින් අද දවසේ මුහුණ දෙන අඩුපාඩුව.

අපද පරාද වනු ඇත. ඔබ දෙවියන්වහන්සේගේ එක් දරුවෙක්ගෙන් හෝ වෙන් වුවහොත් දෙවියන්වහන්සේගේ සම්පතින් ඒ දරුවා තුළින් ඔබට ලැබිය යුතුදේ ඔබට අහිමිවේ. ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය අපට දැන ගත හැකිවන්නේ “සියළුම ශුද්ධවන්තයින්” තුළින්ම පමණකි (එපීස 3:17–19).

වැඩි දුරටත් ක්‍රිස්තියානි සහෝදරත්වය ගැන ගැඹුරින් අධ්‍යනය කිරීම සඳහා “ONE BODY IN CHRIST” (ක්‍රිස්තුස්වහන්සේ තුළ එකම ශරීරයක්) යන මාතෘකාව යටතේ ඇති මාගේ පොත ඔබට කියවිය හැක.

පරිච්ජේදය 10
මේ යුගයේ අවසානය

පැරණි ගිවිසුම් කාලයේදී මරණයෙන් පසු ජීවිතය සහ අනාගතය සඳහා දේව සැලැස්ම ගැන පැහැදිලි අවබෝධයක් තිබී නැත. නමුත් යේසුස්වහන්සේ මෙම කාරණා දෙක ගැන පැහැදිළිව උගැන්වූවේය. අපටත් මෙම කාරණා දෙක ගැන දැන ගැණීම යහපත්වේ.

මරණයෙන් පසු කුමක්ද?

යේසුස්වහන්සේගේ ගෝලයෙකුට මරණය ගැන කිසිදු බියවීමක් නැත, මන්ද යේසුස්වහන්සේ මරණය පරාජය කළ සේක. මරණය යනු පරාජිත සතුරෙකි. යේසුස්වහන්සේ මරණයට පත්වී සාතන් බල රහිත කළ හෙයින් අපට මරණයට බියවීමේ අවශ්‍යතාවයක් නැත (හෙබ්‍රෙව් 2:14, 15). මරණයේ යතුර දැන් යේසුස්වහන්සේගේ හස්තයේය (එළි 1:18). උන්වහන්සේගේ ගෝලයින් සඳහා මරණයේ දොරටුව විවෘත කළ හැක්කේ උන්වහන්සේට පමණි. සාතන්ට ඔවුන් ස්පර්‍ශ කිරීමට නොහැක.

මනුෂ්‍යයකු මරණයට පත්වනවිට සිදුවන්නේ කුමක්ද? යේසුස්වහන්සේ ලාසරුස් සහ ධනවතා ගැන කතාකළ වේලාවේදී මෙයට පැහැදිලි ලෙස පිලිතුරු දුන්නේය. ඔබ තව දුරටත් ඉදිරියට යාමට පෙර මේ මොහොතේදීම ශු:ලූක් 16:19–31 කියවනවා නම් ඉතා හොඳයි.

මෙය උපමා කතාවක් නොවේ – මන්ද මෙයට පෙර කිසිවිට එකම උපමාවකවත් උන්වහන්සේ මනුෂ්‍යයකුගේ නම මෙතනදීමෙන් සඳහන් කලේ නැත. ධනවතා සහ ලාසරුස් යන දෙදෙනාම සැබැවින්ම විසූ මිනිසුන්වේ.

යේසුස්වහන්සේ මෙහිදී මළවුන්ට යාමට ඇත්තේ ස්‍ථාන දෙකක් පමණක්ම බව පැහැදිළි කළසේක. එකක් නම් ස්‍වර්‍ගයයි (ආබ්‍රහම්ගේ ලපැත්ත හෝ පාරාදීසය) – සැනසිළිදායක සථානයකි; අනෙක් ස්ථානය හේදිසයයි (නිරය) – වද වේදනා සහිත ස්ථානයකි. යම් පුද්ගලයෙකු මරණයට පත්වූ සැණින් ඔහුගේ ප්‍රාණය එවිටම මේ තැන් දෙකෙන් එකකට යන්නේ ඔහුගේ ශරීරය වැලලීමටත් පෙරය. ඔහුට ශරීරයක් නැති වුනත් ඒත් ඔහු වටා ඇති දේ පහසුව හෝ වේදනාව දැනෙන්නේය.

මනුෂ්‍යයා ආත්මය ප්‍රාණය සහ ශරීරය නැමැති කොටස් තුනකින් සමන්විත ජීවියෙකි (1 තෙස 5:23). මරණයේදී ඔහුගේ ප්‍රාණය සහ ආත්මය ශරීරයෙන් වෙන්වී පාරාදීසය හෝ නිරයට යන්නේය.

කුරුසයේ සිටිනවිට යේසුස්වහන්සේ පසුතැවිලිවූ සොරාට පැවසුවේ එදිනම ඔහු උන්වහන්සේ සමග පාරාදීසයේ සිටින්නට යන බවය. යේසුස්වහන්සේ සහ සොරා යන දෙදෙනාම තම ප්‍රාණ ශරීරයෙන් වෙන්වූ විගසම පරාදීසයට ගියෝය. යේසුස්වහන්සේ පවසා තිබුණා උන්වහන්සේගේ මරණයෙන් පසු “පොළෝගැබේ” රෑ තුනක්ද දවල් තුනක්ද සිටින බව (ශු:මතෙව් 12:40). මෙ මගින් අපට දැන ගැණීමට පුළුවන් ඒ අවස්ථාවේ පාරාදීසය තිබුනේ පොලොවේ හදවතේ (පොලෝගැබේ) බව. නමුත් ක්‍රිස්තුස්වහන්සේ උත්ථාන වූ විට “පොළොවේ පහත් තැන්හී සිට …උසස් තැනට නැඟී…වහල් කමට ගත්තවුන් වහල් කමට ගෙන ගොස්” (එපීස 4:8, 9) උන්වහන්සේ පාරාදීසය සහ එහි සිටි සියළුම ප්‍රාණ තුන්වන ස්වර්‍ගයට ගෙන ගියේය.

2 කොරින්ති 12:2 සහ 4 පද එකට සන්සන්දනය කර බැලීමේදී අපට පෙණෙනවා දැන් පාරාදීසය තුන්වන ස්වර්‍ගයේ පිහිටුවා ඇති බව. යේසුස්වහන්සේගේ ගෝලයින් මරණයට පත් විගස යන්නේ මෙම ස්ථානයටය (පිලිප් 1:23).

ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීමේ සලකුනු

බයිබලය අපට යේසුස්වහන්සේ නැවත පොළවට පැමිණීමට ආසන්නයේ සිදුවන සිදුවීම් ගණනාවක් ගැන පවසන්නේය. මේ ඉන් සමහරකි:

  1. යුද්ධ සාගත සහ භූමිකම්පා (ශු:මතෙව් 24:7) මේවා සියළුකාල වලදී පොළවේ තිබුණේය. නමුත් මේවායේ වාර ගණන දෙවන ලෝක යුද්ධයෙන් පසු (1939–1945) මහත්ලෙස වර්ධනයවී ඇත.

  2. දැනුම ක්‍ෂනිකව වර්ධනය වීම සහ ලොව පුරා සංචාර කිරීම විශාල ලෙස වැඩිවීම (දානියෙල් 12:4). මෙම කරුණු දෙකම අවසන් වසර පනහ තුළ වෙන කවරදාකටත් වඩා ඉතාමත් වැඩියෙන් දක්නට ලැබේ.

  3. මනුෂ්‍යයෝ සැපසෙල්ලමට ප්‍රේමකරන්නෝ වන්නෝය (2 තිමෝති 3:4). දුෂ්චරිතය අපේ කාලයේදී විශේෂයෙන් නපුරු චරිතගුණාංගයක් බවට පත්ව ඇත. කාමුක චිත්‍රපට සහ වීඩියෝ පට දුෂ්චරිතයේ වර්ධනය සඳහා සාතන්ට සේවය කරයි.

  4. මනුෂ්‍යයින් අහංකාරව, අපහාස කරන්නෝව, දෙමව්පියන්ට අකීකරුවන්නෝය (2 තිමෝති 3:2–4). අද දවසේ අපට දැක ගත හැකියි කැරලිකාරකමේ ආත්මය අප වටා, නිවෙස්වල, පාසල්වල, උසස් විද‍්‍යාල සහ කර්මාන්ත ශාලා තුළ පැතිරී ඇති ආකාරය.

  5. ඇදහිලිවන්තයින් ඇදහිල්ලෙන් වැටී යනු ඇත (1 තිමෝති 4:1) අපේ කාලයේ මෙයත් අපට දැක ගත හැකිය, නොයෙක් ලබ්දිවාධීන් විශාල ලෙස ප්‍රමාණයෙන් වැඩිවීම තුළින් බොහෝ ඇදහිලිවන්තයින් ඔවුනට ගොදුරුවේ.

  6. ඉශ්‍රායල් දේශය නැවත ඉපදීම (අත්තික්කා ගස – ඉශ්‍රායලයේ සලකුණ – එහි දළු ලෑමවේ – ශු:ලූක් 21:29–32) ක්‍රි:ව70 සිට යුදෙව්වරු ලොව පුරා විසිරී ගියෝය. ශතවර්ෂ 19 කට ආසන්නව අත්තික්කා ගස වියලී තිබුණි. නමුත් 1948 මැයි මස ඉශ්‍රායල් දේශය නැවත ඉපදුණි. යේසුස්වහන්සේ අන්‍යජාතීන් විසින් ඔවුන්ගේ කාලය සම්පූර්ණ වන තුරු යෙරුසලම අත්පත් කරගන සිටින බව පැවසීය (ශු:ලූක් 21:24). 1967 ජූනි මාසයේදී ඉශ්‍රායලය විසින් ශතවර්ෂ 20ට පසු ප්‍රථම වරට යෙරුසලෙම් නගරය අත්පත් කර ගන්නා ලදී.

අද ලෝකය තුළ සිදුවන දෑ දැකීමෙන් අප ඉතා උනන්දු කරවනු ලබන්නේය. සියළුම සලකුනු ක්‍රිස්තුස්වහන්සේගේ ඉක්මණින් පැමිණීම වෙත යොමුවී තිබේ.

පළමු නැගිටීම සහ ක්‍රිස්තුස්වහන්සේගේ විනිශ්චයාසනය

ක්‍රිස්තුස්වහන්සේ පැමිණෙන විට උන්වහන්සේට අයිති සියල්ලන් ඇසිපිය හෙලන වේගයෙන් වෙනස් කරනු ලැබේ. අපට නැවත නොමැරෙන වයසට නොයන අලුත් ශරීර ලැබේ (1 කොරි 15:51–53). අපේ අලුත් ශරීර හරියටම යේසුස්වහන්සේ නැවත නැගිටුනු මොහොතේ උන්වහන්සේගේ ශරීරය මෙන්වේ (පිලිප්පි 3:20, 21) ක්‍රිස්තුස්වහන්සේ තුළ මැරුණාවූ සියළු දෙනාද ඔවුන්ගේ මිනීවල් වලින් අලුත් ශරීරය සහිතව නැගිට ඒ සමග ඒ වනතුරු ජීවත්ව සිටින යේසුස්වහන්සේගේ ගෝලයන්ද සමග ස්වාමින්වහන්සේ සම්මුඛවන පිණිස වලාකුලින් අහසට ඇදගනු ලබන්නෝය (1 තෙස 4:13–17).

ඉන්පසු ක්‍රිස්තුස්වහන්සේගේ විනිශ්චයාසනය පිහිටුවීමෙන් අප හැම කෙනෙක්ම මෙලොවෙහි අපේ ජීවිත තුළ දැක්වූ විශවාසවන්තභාවය ගැන පෞද්ගලිකව විනිශ්චය (අගය) කරනු ලැබ ත්‍යාග ලබන්නෙමුව.

විශ්වාසවන්තව සිටි සියළු දෙනා ඒ දවසේදී ඔටුනු ලබන බව බයිබලය පවසයි. ඔබට 2 කොරි 5:10, 1 කොරි 3:11–15 සහ 4:5; 2 තිමෝති 4:8 සහ 1 පේත්‍රස් 5:4 කියවා තවදුරටත් ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ ගෝලයන්ට ඒ දවසේදී දෙන ත්‍යාග ගැන දැන ගැණීමට හැකිය.

“ප්‍රථමයෝ බොහෝ දෙනෙක් අන්තිමයෝද අනතිමයෝ බොහෝ දෙනෙක් ප්‍රථමයෝද වන්නෝය” (ශු:මතෙව් 19:30) යන්න ඒ දවසේ අපට දක්නට ලැබෙයි. අපට පොළොවේ බොහෝ ආත්මික ලෙස පෙනුනු අය දෙවියන්වහන්සේගේ දෑස් ඉදිරියේ එතරම් විශ්වාසවන්තව සිට නැතිබව දක්නට ලැබේවි. තවත් සමහර අය අප එතරම් උසස් ලෙස ගණන් නොගත්තත් දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ ඉතා විශ්වාසවන්තව සිට ඇති බව පෙනේවි. ඒ දවසේදී අප්‍රසිද්ද නමුත් විශ්වාසවන්තව සිටි වැන්දඹු ස්ත්‍රිය, ලෝක ප්‍රසිද්ධ නමුත් විශ්වාසවන්ත නොවූ දේශකයා, පසු කරනු ඇත.

ඒ දවසේදී අපට බොහෝ දේ එනම් මුදල් සහ කීර්තිය වැනි මනුෂ්‍යයන් මෙලොව ඉතා වටිනා ලෙස සැලකූ දේ දෙවියන්වහන්සේ ඉදිරියේ කිසිදු වටිනා කමක් නැති බවට අනාවරනය වනු ඇත. ඒ වගේම මනුෂ්‍යයන් විසින් නොසැලකූ ගුණ යහපත් කම් එනම් ශුද්ධකම, යටහත්කම, පරාර්ථකාමිත්‍වය, කරුණාව සහ යහපත්කම ඉතා මහත් ලෙස දෙවියන්වහන්සේ විසින් අගය කරනු ඇත.

ඉන් පසු සිදුවන්නේ බයිබලය සඳහන් කරන “දෙවියන්වහන්සේගේ බැටළු පැටවාණන්ගේ සරණ මංගල්‍යයයි” – යේසුස්වහන්සේගේ මණාලිය එනම් තමන්වම එපාකර දිනපතා කුරුසිය ඔසවා ගෙන උන්වහන්සේගේ ගෝලයින් ලෙස පොළවේදී උන්වහන්සේව අනුගමණය කළවුන් සමග ආත්මික විවාහයයි (එළි 19:8–10). ඒ දවසේදී අප දකින්න යනවා ස්වාමින්වහන්සේ සහ උන්වහන්සේගේ ශුභාරංචියේ නාමයෙන් වින්දාවූ වරදවා වටහා ගැණීම්, ලජ්ජාව, පීඩා ඒ වගේම මරණය පවා අන් සියළු දේට වඩා වටිනා බව.

අවුරුදු දහසක ඉතා වාසනාවන්ත කාලපරිඡ්ඡේදය

සාමය රජයන කාලයක් අවුරුදු 1000 ක් සඳහා ආරම්භ වෙමින් ඒදන් උයනේ තිබූ තත්වය ලොව පුරා පැතිර යනු ඇත, සිංහයා බැටළුවා සමඟ සාමකාමීව වැතිර සිටින අතර ලමයා හානිකර නොවන නාගයා සමඟ සෙල්ලම් කිරීම යනාදි ලෙස වේ…(යෙසායා 11:6–9).

යේසුස්වහන්සේ යෙරුසලමේ සිට රජු ලෙස ලොව පුරා රාජ්‍ය පාලනය කරනු ඇත (සෙකරියා 14:9–21). මෙම අවුරුදු කාලය තුළදී සාතන් බැඳ තබන නිසා දැන් මෙන් ඔහුට පොළවට පැමිණීමේ මාර්ගයක් නැතිවනු ඇත. මෙම අවුරුදු 1000 අවසානයේදී ලොව පුරා වාසය කරන නොහැරුන අය පරික්‍ෂා කිරීම සඳහා සාතන්ව කෙටි කලකට නිදහස් කරනු ඇත. නැවතත් විශාල ජන සමූහයක් සාතන්ව අනුගමනය කර ඔහු පසු පස යාම සිදුවේ. මන්ද ඔවුන් අවුරුදු 1000 ක සාමය දැක තිබියදීත් ඔවුන්ව ක්‍රිස්තුස්වහන්සේ විසින් පාලනය කරනු ලැබීම එපා කළාවූ අය බවට මෙය දේවදූතයින් සහ මනුෂ්‍යයන්ට දෙවියන් වහන්සේගේ ඔප්පු කිරීමය. මනුෂ්‍යයාගේ අන්‍ධභාවය සහ මුරන්ඩු කම සහ දුෂ්‍ඨකම එවැනිවේ. නමුත් දෙවියන්වහන්සේගේ විනිෂ්‍චය එම විශාල කැරලිකාර පිරිස සහ සාතන් ගිණිවිලට හෙලනු ඇත (එය නිරයේ තවත් විශාල කොටසකි – එළි 20:7–10).

දෙවන නැවත නැගිටීම සහ අන්තිම විනිශ්චය

ඉන්පසු දෙවියන්වහන්සේ සියළු නොඇදහිලිවන්තයින් විනිශ්චය කිරීම සඳහා තම විනිශ්චයාසනය පිහිටුවනු ඇත. මෙය දෙවන නැවත නැගිටීම වේ. මළවුන් ඔවුන්ගේ මිනිවලෙන් නැගිටවනු ලැබේ. සියළු නොඇදහිලිවන්තයින්ගේ ප්‍රාණ නිරයෙන් නැවත ඔවුන්ගේ පොළවේ ශරීර වෙත පැමිණ දෙවියන්වහන්සේ ඉදිරියේ විනිශ්‍චය කරනු ලැබීම සඳහා සිටිනු ඇත. එවිට ඔවුන්ව “පොත්වල ලියා ඇති ඔවුන්ගේ ක්‍රියා ලෙස විනිශ්‍චය කරනු ලබන්නෝය” (එළි 20:12).

මතකය මෙලොවදී අපගේ සිතුවිලි, කියපු සහ කරපු සහ අපගේ ආකල්ප සහ අභිප්‍රායන් සියල්ල විශ්‍වාසවන්ත ලෙස පටිගත කර තබන වීඩියෝ පටයක් වැනි වේ. එම දවසේදී දෙවියන්වහන්සේ විසින් එම වීඩියෝ පටය නැවත ක්‍රියා කරවා සියළු දෙනාගේ සැඟවුනු ජීවිත මුළු ලොවට දක්නට සලස්වනු ඇත. මෙය දෙවියන්වහන්සේ විසින් මනුෂ්‍යයින් සදාකාල විනිශ්‍චයට යැවීමේදී උන්වහන්සේ සම්පූර්ණයෙන්ම ධර්මිෂ්‍ඨ බව පෙන්වා දෙන මාර්ගය වේ.

ජීවන පොතේ නම නොලියවුනු සියළු දෙනා තමන් පොළවේදී සේවය කළාවූ සාතන් සමඟ සම්බන්ධවීමට ගිණිවිලට හෙළනු ලැබේ (එළි 20:15).

කාල අවසානය

ඉන්පසු කාලය අවසන්වී සදාකාලය ආරම්භවේ. ගැලවුනාවූ මනුෂ්‍යයින් සහ ස්ත්‍රීන් අලුත් අහස සහ අලුත් පො‍ළොවට අවතීර්ණ වන අතර ක්‍රිස්තුස්වහන්සේගේ මණාළිය ඇගේ සියළුම මහිමශ්‍රීයෙන් ඉදිරියටත් බැබලෙනු ඇත (එළි 21 විස්තර කර ඇති ආකාරයට).

සාතන් සහ සියළුම නොඇදහිලිවන්තයින් සර්‍වසම්පූර්ණ ස්‍වර්‍ගයෙන් සහ පොළොවෙන් ඉවත් කරනු ලැබ ඇත. එම මහිමාන්විත අලුත් විශ්‍වය තුළ යලි කිසි දිනෙක පාපය තම අශෝභන හිස ඔසවනු නොමැති අතර අප මාංශය තුළ කිසිදු තෘෂ්‍ණාවක් නොමැතිවනු ඇත. ස්වර්‍ගය දෙවියන්වහන්සේගේ කැමැත්ත සදාකාලයටම ඉතා සන්තෝෂයෙන් පිළිගත්තවුන්ගෙන් පිරෙනු ඇත.

ජයග්‍රහණය පිණිස කැඳවීම

පේත්‍රස් මෙලෙස පවසයි “මේ සියල්ල මෙසේ නාස්ති වෙන්ට තිබෙන බැවින් (පවතින අහස සහ පොළොව) නුඹලා සියළු ආකාර ශුද්ධවූ හැසිරීමෙහිත් භක්තිවන්ත කමෙහිත් කොයි ආකාර අයවල්ව සිටින්ට යුතුද” (2 පේත්‍රස් 3:11, 12).

මේ අන්තිම දවස්වල ආත්මයාණන්ගේ පණිවිඩය එක් වචනයකට සංක්ෂේපගත කල හැකිය “ජයගන්න” (බලන්න එළි 2:7, 11, 17, 26; 3:5, 12, 21; 21:7).

අප මෙම පොත ආරම්භ කලේ නොඇදහිලිවන්තයන්ට අද දවසේ දේශනාවල බොහෝසේ අතපසු කර ඇති පණිවිඩය අවධාරනය කරමිනි: “පසුතැවෙන්න” (Repent).

අපි මෙම පොත අවසන් කරන්නේ ඇදහිලිවන්තයින්ට අද දවසේ දේශනාවල බොහෝසේ අතපසු කර ඇති පණිවිඩය අවධාරණය කරමිනි – “ජයගන්න” (Overcome).

මනුෂ්‍යයා පාපයට වැටුනු දා සිට දෙවියන්වහන්සේ ඔහුව ජයග්‍රහකයෙකු වීම සඳහා කැඳවයි. දෙවියන්වහන්සේ කායින්ට පැවසුවා

“පාපය නුඹේ (හදවතේ) දොරකඩ ලැග සිටියි නමුත් නුඹ එය පාලනය කල යුතුයි” (උත් 4:7).

බයිබලයේ අවසාන පොත තුළ එම කැඳවීමම නැවත සදහන් වේ.

ජය ගන්නා මේ දේවල් උරුම කර ගන්නේය මම ඔහුගේ දෙවියන්වහන්සේ වන්නෙමි ඔහු මාගේ පුත්‍රයා වන්නේය (එළිදරව් 21:7).

මිහිපිට කිසිම දෙයක් දෙවියන්වහන්සේ සමග සහභාගිත්වයෙන් ගත කරන මහිමාන්විත ජීවිතයකට හෝ උන්වහන්සේගේ කැමැත්ත ඉෂ්‍ඨ කිරීම සමග සමාන කල නොහැක. යේසුස්වහන්සේ මෙලොව ගත කළ ජීවිතය ඕනෑම මනුෂ්‍යයකුට මෙලොව ගත කල හැකි වඩාත්ම ආශ්චර්යමත්, වඩාත් මහිමාන්විත සහ සතුටුදායකම ජීවිතය වේ. උන්වහන්සේ ලෝක ප්‍රසිද්ධ හෝපොහොසත් නොවූයේය. නමුත් උන්වහන්සේගේ ජීවිතය තුළින් දෙවියන්වහන්සේගේ මහිමාන්විත රැස් විහිදුණි.

ශුභාරංචියේ යහපත් පණිවිඩය නම් ඔබටත් එම මහිමයේ රැස් විහිදිය හැකි බවයි. පොළොවේ ඔබගේ ජීවිතයේ සියළු දවස් වලදී ඔබටත් ජයග්‍රාහකයෙකු විය හැක. එසේ නම් ඔබ විශ්වාසවන්තව සදාකාලික වටිනා කම් සෑම මොහොතකම මතකයේ තබාගෙන ජීවත්වන්න. ආමෙන්.