Download Formats:

පරිච්ජේදය
මෙම පොත සහ ඔබ

ලොව විශ්මිත කරුණු දැනගැනීමට අප තුළ මොනතරම් කුතුහලයක් තිබේද? විද්වතුන් මෙම කරුණු හෙළිදරව් කරන කළ අප කොතරම් විශ්මිත වන්නෙමුද. ආකාශ වස්තූන් තමන්ට හිමි කක්‍ෂයේ ගමන් කරන්නාවූ පරිපූර්ණ නිරවද්‍යතාවය නිරීක්‍ෂණය කරන්නෙමු නම් මනුෂ්‍යයාට නිර්මාණය කළ හැකිවූ විශිෂ්ඨතම අත් ඔරලෝසු ආකාශයේ වන තාරකාවන් තරම් නිරවද්‍ය නොවන වග පැහැදිලි වේ. නිසැක වශයෙන් එක් එක් තරුවට ආවේණික ලක්‍ෂණ සැලසුම්කර එය එසේ නිම කරවූ යම් උත්තරීතර බුද්ධිමතෙකු මෙම විශ්වය පිටුපස සිටින බව මොහොතකටවත් ඔබට සිතුනේ නැද්ද?

ආකාශයේ වන ග්‍රහ වස්තූන් හා අන් සියලුම මැවිල්ලෙහි වන අරුමයට වඩා මිනිසා තුළ වන අරුමය උතුම් හා විශාලය. එය මනුෂ්‍ය ශරීරය නිරීක්‍ෂණය කිරීමෙන් මොනවට පැහැදිලි වේ. එසේ වන්නේ දෙවියන් වහන්සේගේ මැවිල්ලෙහි විශිෂ්ඨතමයා මිනිසා වන බැවින්‍ ය. දෙවියන්වහන්සේ මිනිසාට මෙතරම් විශිෂ්ඨතම ස්ථානයක් දෙන්නේ මන්දැයි අවබෝධකර ගැනීමට අපහසුය. ඒ ගැන බයිබලය ලියු කර්තෘවරයෙක් මෙසේ කියයි. මම හිස ඔසවා රාත්‍රී අහස දෙස බලන කල ඉතා කුඩා වූ මනුෂ්‍යයා හට ඔබවහන්සේ මෙතරම් අවධානය යොමු කරනුයේ මන්දැයි මා හට අවබෝධ කරගත නොහැක යනුවෙනි.

මේ පොත ලොව විශ්මිත දෑ විශ්මිත දෙවිඳුන් හා විශ්මිත දෙවිඳුන් මිනිසා වෙනුවෙන් කළ විශ්මිත දේ දැනගැනීමෙන් මේ විශ්මිත දෙවිඳුන් වෙතට හා උන්වහන්සේ දෙන විශ්මිත ගැලවීම ලබා ගැනීමට ඔබට උදව්දෙයි.


පරිච්ජේදය 1
විශ්වය පිළිබඳ විශ්මජනක කරුණු

අප ජීවත් වනුයේ විද්‍යාත්මකව ප්‍රගතිශීලීවූ යුගයකය. අපගේ ආදි පියවරුන් (මුතුන්මිත්තන්) කළ නොහැකි නොහොත් විය නොහැකි යයි සිතූ බොහෝ දෙය අපගේ පරම්පරාවෙහි මනුෂ්‍යයන් විසින් ඉටුකිරීම අප දැක ඇත්තෙමු.

විද්‍යාවෙහි ප්‍රගතියෙහි නොහොත් දියුණුවෙහි වේගය, නිරන්තර ත්වරණයක් තුළ වන්නේය. මැවීමෙහි සිට ක්‍රි. ව. 1750 තෙක් මනුෂ්‍යයා රැස්කරගත් සියලුම දැනුම හදිසියෙන් වසර 150ක් තුළදී එනම් ක්‍රි. ව. 1900 වන විටදී දෙගුණ වූයේ යයි ගණන් බලා ඇත්තේ ය. ක්‍රි. ව. 1900 වන විටදී මනුෂ්‍යයා හට හිමිව තිබුණු දැනුම, නැවතත් සහ මෙවර වසර 50ක්, එනම් ක්‍රි. ව. 1950 වනවිටදී දෙගුණ වූයේය. මෙම දැනුම නැවතත්, මෙවර දස වසරක් තුළ දී එනම් ක්‍රි. ව. 1960 වනවිටදී දෙගුණ වූයේය. එවකට සිට මනුෂ්‍යයා සතුව ඇත්තා වූ දැනුම සෑම වසර දෙකහමාරකට වරක් බැගින් දෙගුණ වෙමින් වර්ධනය වන්නේ යැයි ගණන් බලා ඇත්තේ ය.

උදාහරණයක් වශයෙන්, විද්‍යාත්මක දියුණුවෙහි එක් දර්ශකයක් වශයෙන්, ගමනාගමන වේගය නිරීක්‍ෂණය කරමු. වසර 200 කට ප්‍රථම අපගේ ඉපැරණි ආදි පියවරුන්, ඔවුන්ගේ යුගයට ඉහත වසර දහසකට ඉහත විසූ මනුෂ්‍යයන් මෙන් අසුන් පිට ගමනාගමනයෙහි යෙදුනහ. එනමුදු ක්‍රි. ව. 1900 වන විටදී විද්‍යාත්මකව දියුණු කරන ලද චලිත-උපක්‍රම මඟින්, අසුන් පිට අධිවේගයක් යයි සිතූ පැ.කි.මීී 80ක වේගයෙන් ගමන් කිරිමට මනුෂ්‍යයා හැකියාව ලබා සිටියේය. ක්‍රි.ව.1945 වන විටදී පැ.කි.මීී.1000ක වේගයෙන් ගමන් කිරීමට හැකියාව තිබූ ජෙට් ගුවන් යානා ගුවනෙහි පියාසර කරමින් තිබීය. වත්මන්ව මනුෂ්‍යයා අභ්‍යවකාශය තුළ පැ.කි.මීී.4000ක වේගයෙන් ගමන් කරන්නේය.

චන්ඳ්‍රයා තරණය කිරීම හේතුවෙන් මනුෂ්‍යයා විශ්වය අභිභවනය කර ඇත්තේ යැයි අප පවසන්නෙමු. එනමුදු, සඳු පිහිටා ඇත්තේ අභ්‍යවකාශ පියස්සෙහි බව අප අමතක නොකළ යුතුය. අභ්‍යවකාශය එතරම් විශාල වන බැවින් එය අපගේ සිතා ගැනීමේ ශක්තිය අභිබවා යන්නේ ය. අප විශ්වය හා අභ්‍යවකාශය දෙස කුඩා නිරීක්‍ෂණයක් කරමු. පෘථිවියේ සිට චන්ඳ්‍රයා දක්වා වන දුර ප්‍රමාණය සාමාන්‍ය වශයෙන් කි.මී.400,000ක් පමණ වන්නේය. පෘථිවියේ සිට සූර්‍යයා දක්වා වන කි.මී. දස ලක්‍ෂ 150ක දුර ප්‍රමාණය හා සැසදීමේදී මෙය ඉතා සුළු ප්‍රමාණයක් වන්නේය. සූර්‍යයා දක්වා වන දුර ප්‍රමාණය සෑහෙන පමණ විශාලත්වයකින් යුතු යැයි පෙනෙන නමුදු, පෘථිවියට ආසන්නව ම පිහිටා ඇති තාරකාවට වන දුර ප්‍රමාණය හා සැසදීමේදී ඉතාමත් අල්ප වන්නේය.

තාරකාවන් අතර වන දුර ප්‍රමාණයන් ගණන් බැලීමේදී, එය අප හට ඉතා විශාල වූ සංඛ්‍යා ගෙන දෙන හෙයින්, සාමාන්‍ය දුර මැනීමේ මිනුම් ඒකක ඒ සදහා භාවිතා නොකෙරේ. විද්වතුන් හා ජ්‍යෝතිෂ්‍යඥයින් ඒ සඳහා " ආලෝක වර්ශ" එනම් වසරක් තුලදී ආලෝකය ගමන් කරන්නාවූ දුර, නම් වූ මිනුම් ඒකකය භාවිතා කරන්නෝය. ආලෝකය තත්පරයකට කි.මී. 300,000ක (පෘථිවිය වටා සත් වරක්) වේගයෙන් ගමන් කරන බැව් සිහි තබා ගන්න. එහෙයින් ආලෝකය වසරක් තුළදී, ගමන් කරන්නා වූ දුර ප්‍රමාණය කි.මී. බිලියන 9000 කට අධික වන්නේ ය.

සමහර තාරකාවන් වෙතට ඇත්තාවූ දුර ප්‍රමාණයන් සලකා බලමු. පියවි ඇසට දිස්වන්නා වූ පෘථිවියට ආසන්නතයෙහිම පිහිටි "අල්ෆා සෙන්තෞරි" නම් වූ තාරකාව, පෘථිවියේ සිට ආලෝක වර්‍ෂ සතර හමාරක් - එනම් සූර්‍යයාට ඇති දුර ප්‍රමාණය මෙන්‍ 250,000ස් වාරයක් ඈතින් පිහිටියේය. මෙයින් අර්ථවත් වනුයේ අප ආලෝකයේ වේගයෙන් ගමන් කරන්නේ නම් චන්ඳ්‍රයා වෙත තත්පර එකහමාරකින් ළඟා වුවද, එමෙන්ම සූර්‍යයා වෙත විනාඩි 8 හමාරකින් ළඟා වුවද, " අල්ෆා සෙන්තෞරි" වෙත ළඟාවීමට වසර හතරහමාරක් ගත වන්නේය යන්නය. මේ පිළිබඳව වැඩි අවබෝධයක් ලබන පිණිස, පෘතිවිය වැලි කැටයක් මෙන් ද, සූර්‍යයා කුඩා වීදුරු බෝලයක් (ජිල් බෝලයක්) මෙන් වැලි කැටයට අඩි තුන හමාරක් ඈතින් පිහිටා වටපිටාව අභ්‍යවකාශයට ආකෘතියක් මෙන් සලකන්න. මෙම ආකෘතියෙහි, අපගේ සෞරග්‍රහ මණ්ඩලයෙහි පිහිටි අන් ග්‍රහයන් සූර්‍යයාගෙන් (ජිල් බෝලයෙන්) අඩි සියයක් වන කවයක් තුළ පිහිටන්නේය. එනමුදු එම පරිමාණය තුළ පෘථිවියට ආසන්නයෙන්ම පිහිටි තාරකාව වැලිකැටයට සැතපුම් 150ක් ඈතින් පිහිටන්නේය.

පියවි ඇසට දිස්වන්නා වූ, ඈතින්ම පිහිටි තාරකාව " ඇන්ඩ්‍රෝමීඩා තාරකා මණ්ඩලය" නමින් හඳුන්වන අතර එය ආලෝක වර්‍ෂ දශ ලක්‍ෂ 1.5 ක් ඈතින් පිහිටා ඇත. තවත් ඈතින් වන දුරදර්ශක මගින් දැකිය හැකි තවත් තාරකා මණ්ඩල, ආලෝක වර්ශ දශලක්‍ෂ 6500කට තරම් ඈතින් පිහිටා ඇත.

සමහර තාරකාවන්හි ප්‍රමාණයන් සලකා බලමු. එය එතරම් කුඩාවට දිස්වෙන හෙයින් කුඩා දරුවන් එය " දිලෙන පුංචි තරු කැට" යනුවෙන් හඳුන්වන්නෝ ය. පෘථිවිය ඉතා විශාල ලෙස දිස් වෙන්නේ ය. අප හට ඒ මත, එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට යෑමට මහත් කලක් ගත වන්නේය. එනමුදු සූර්‍යයා එතරම් විශාල වන බැවින්, එය කුහරාකාරව තිබුනේ නම්, පෘථිවිය මෙන් විශාලවූ ගෝල දශ ලක්‍ෂයක් එය තුලට පිරවිය හැකිය. එනමුදු සමහර තාරකාවන් හා සැසදීමේදී, සූර්‍යයාද කුඩාය. ඇතැම් තාරකා එතරම් විශාල වන බැවින්, එය කුහරාකාර වූයේ නම්, එය පිරවීමට සූර්‍යයා මෙන් විශාලවූ ගෝල දශලක්‍ෂ 500ක් අවශ්‍ය වන්නේ ය.

ඔරිඔන් තිරයේ වන දීප්තිමත්ම තාරකාවක් වන බෙතල්ජිස් තාරකාව, පෘථිවියේ සිට ආලෝක වර්‍ෂ 520 ක් ඈතින් පිහිටා ඇත්තේය. එහි විශ්කම්භය කිලෝමීටර් දසලක්‍ෂ 500ක් වනුයේය. එහෙයින් එය කුහරාකාරව තිබුයේ නම්, එම තාරකාව තුළ පෘථිවියට සූර්‍යයා වටා වන භ්‍රමණය(පෘථිවිය සූර්‍යයා වටා භ්‍රමණය වන කක්‍ෂයෙහි විෂ්කම්භය කි.මී. දශලක්‍ෂ 300ක් පමණ වන බැවින්) පහසුවෙන් කරගත හැකිය.


තාරකාවන්ගේ සංඛ්‍යාව සලකා බලමු. අපගේ සෞරග්‍රහ මඬල "අහස් ගඟ" යනුවෙන් හැඳින්වෙන තාරකා මණ්ඩලයෙහි කොටසකි. මෙම තාරකා මණ්ඩලය තුළ තාරකාවන් දසලක්‍ෂ 100,000ක් අවම වශයෙන් ඇත්තේ යයි ජ්‍යෝතීෂ්‍යයඥයින්‍ ගණනය කර ඇත්තේය. සූර්‍යයා ඒ අතුරින් එකකි. අහස් ගඟද තාරකා මණ්ඩලයන් රාශියක් අතරින් එකකි. දුරේක්‍ෂයන් මගින් නිරීක්‍ෂණය කළ හැකි විශ්ව භාගයෙහි පමණක් තාරකා මණ්ඩල දසලක්‍ෂ 100ක් හෝ අවම වශයෙන් ඇත්තේ යයි ‍ ජ්‍යෝතීෂ්‍යයඥයින්‍ අප හට පවසති. තවත් බොහෝ ඉන් ඔබ්බෙහි ඇත්තේ ය.

මෙම ස්වර්ගීය වූ ආකාශ වස්තූන් තමන් හට හිමි කක්‍ෂයන් තුළ ගමන් කරන්නාවූ පරිපූර්ණ නිරවද්‍යතාවය නිරීක්‍ෂණය කරමු. මනුෂ්‍යයාට නිර්මාණය කළ හැකි වූ විශිෂ්ඨතම අත් ඔරලෝසු වර්ගයන්හි වන තාරකාවන් තරම් නිරවද්‍ය නොවන්නේය. නිසැක වශයෙන්ම, එක් එක් තරුවට ආවේණික ලක්‍ෂණ සැලසුම්කර එය එසේ නිම කරවූ යම් උත්තරීතර බුද්ධිමතෙකු, මෙම විශ්වය පසුපස සිටිය යුතුය.

අභ්‍යවකාශය කෙතරම් විශාලද! මනුෂ්‍යයා කෙතරම් කුඩාද! බයිබලය ලියූ කතෘවරුන්ගෙන් එක් අයෙකු මෙසේ සඳහන් කළේය. " මා හිස ඔසවා රාත්‍රී අහස දෙස බලන කල ඉතා කුඩා වූ මනුෂ්‍යයා හට ඔබවහන්සේ මෙතරම් අවධානයක් යොමු කරනුයේ මන්දැයි මා හට අවබෝධ කරගත නොහැක". එනමුදු මෙම විශ්වයේ මැවුම්කාර දෙවියන් වහන්සේ, අප එක් එක් පුද්ගලයා පිළිබඳව සලකන සේක. එම කරුණ, අප බයිබලය තුළ ඉගෙන ගන්නා විශ්මජනක සත්‍යයකි.

යම්කිසි භාණ්ඩයක අගය තීරණය වනුයේ එහි විශාලත්වය අනුව නොවන්නේය. කෝටිපතියෙකු ඉඩම් අක්කර සිය ගණනාවකට හිමිකම් පවසනු ඇත. එනමුදු, ඔහුගේ කුඩා දරුවා ඔහුට එම ඉඩම් යායන් සියල්ලන්ට වඩා අගනේය. දෙවියන් වහන්සේ හා සමඟ ද එසේමය. තාරකාවක් විශාලත්වයෙන් අධික විය හැක. එනමුදු, දෙවියන්වහන්සේ උන්වහන්සේගේ අන් සියළු මැවිල්ලට වැඩියෙන් මනුෂ්‍යයාට ප්‍රේම කරමින් අගය කොට සලකන සේක. මනුෂ්‍යයා මවන ලද්දේ දෙවියන්වහන්සේ හට පුත්‍රයකු වීමට සහ උන් වහන්සේ හා සමඟ සහභාගිකම් පැවැත්වීමටය. මනුෂ්‍යයාගේ පැවැත්මට අර්ථයක් ලබාදිය හැකි වනුයේ, දෙවියන් වහන්සේ හා සමග වන එවන් සහභාගිත්වයකට පමණය.

මැවිල්ල තුළෙහි දෙවියන්වහන්සේගේ උතුම්කම අප හට දිස් වන්නේ ය. එනමුදු, දෙවියන්වහන්සේ, අප හට ප්‍රේම කරමින් සලකන්නා වූ තැනැන්වහන්සේ යයි බයිබලය පෙන්වා දෙන්නේය

පරිච්ජේදය 2
මනුෂ්‍යයා පිළිබඳ විශ්මජනක කරුණු

මනුෂ්‍යයා වනාහි දෙවියන් වහන්සේගේ මැවිල්ලෙහි ඔටුන්න වන්නේය. ස්වර්ගීය වූ ග්‍රහ වස්තූන් හා අන් සියලු මැවිල්ලෙහි වන අරුමයට වඩා මනුෂ්‍යයා තුළෙහි වන අරුමය උතුම් හා විශාලය. අපගේ ශරීරය නිරීක්‍ෂණය කරමින් දෙවියන් වහන්සේ කෙතරම් මවිතවත්ව එය මැවූ සේක් දැයි සලකා බලමු.

අපගේ මනුෂ්‍ය මොළය, සෑම එකක්ම වෝල්ට් 1/10කින් පමණවූ විද්‍යුත් විභවයකින්‍ ක්‍රියාත්මක වන ස්නායු සෛල බිලියන 30කින් පමණ සමන්විත වන්නේ යයි වෛද්‍යවරුන් පවසති. වයස අවුරුදු 35 ඉක්ම වන අපගේ මොළයෙහි වන සෛල වලින් දිනපතා සෛල 1000ක් බැගින් වැය වන අතර එම සෛල වෙනුවට නව සෛල නිපදවන්නේ නැත. එනමුදු ජීවිතයට අත්‍යවශ්‍ය වූ මොළයෙන් වන ප්‍රධාන ක්‍රියාකාරිත්වයන්, ජීවිතයේ අවසානය දක්වා, පංචේන් ද්‍රියයන්ගේ සංවේදීතාවෙන් යම් හීනවී යාම් ඇතිවුවද, දිගටම සිදුවෙමින් පවතින්නේ ය.

ඔබගේ එක ඇසක කළු/සුදු දෘෂ්ටිය සඳහා භාවිතා වීමට කුඩා දඬු ලක්‍ෂ 130 බැගින් සහ වර්ණ දෘෂ්ටිය සඳහා භාවිතා වීමට කේතු දසලක්‍ෂ 7 බැගින් ද ඇති බව ඔබ දැන සිටියේ ද? මෙම සියල්ල ස්නායු කේශ 300,000කින් මොළයට සම්බන්ධව ඇත්තේ ය. මනුෂ්‍ය ඇසට එක් වතාවකදී පණිවුඩ දශලක්‍ෂ 1.5ක් ලබා ගැනීමට හැකියාව ඇත! එක් ඇසකින් වන ක්‍රියාවලිය, එම අයුරින්ම පිටපතක් ලෙස කිරීමට, යාන්ත්‍රික වශයෙන් රූපවාහිනී සම්ප්‍රේක්‍ෂක හා විකාශන කට්ටල 250,000ක් අවශ්‍ය වන්නේ ය.

දෙසවන් සලකා බලමු. ශ්‍රවණ ස්නායුව අඟල් තුන්කාලක් පමණ දික්වූ හා සාමාන්‍ය පැන්සල් තුඩක පමණ විශ්කම්භයකින් යුක්ත වන්නේ ය. එනමුත් එය තුළ විදුලි පරිපථ 300,000ක් අඩංගුය. මනුෂ්‍ය සවන් පියානෝවක් සමඟ සසඳන විටදී, සාමාන්‍ය පියානොවක යතුරු- පුවරුවක නාදයන් 88කට යතුරු ඇති අතර, අපගේ කන් බෙරයේ යතුරු පුවරුව, එම සංඛ්‍යාත පරාසයෙහිම වන යතුරු 1100කින් සමන්විතය. වෙනත් වදනින් පවසන්නේ නම්, එය එතරම් සංවේදී වනුයෙන් පියානෝවක වන ඕනෑම යතුරු දෙකක් අතර හඬෙහි, ස්වර 12ක් වෙන්කර නිර්ණය කර ගැනීමට එයට හැකියාව ඇත්තේය.


හෘදය සහ රුධිර වහන පද්ධතිය සලකා බලමු. සාමාන්‍යයෙන් එයින් අප හට යම් අපහසුවක් ඇතිවන තුරු අප එයට අවධානය යොමු නොකරන්නෙමු! එනමුත් දෙවියන් වහන්සේ අප තුළෙහි බහා ඇති හෘදය, කිසිම ලිහිසිකරණයකින් හෝ විවේකයකින් තොරව, වසරකට දසලක්‍ෂ 40 වාරයක්, ස්පන්දනය වන්නේය. ඔබ හට ඒ පිළිබඳව අවබෝධයක් හෝ හැඟීමක් ඇති නොවුවද, ඔබගේ හිස සිට දෙපා දක්වා විවිධ රුධිර නාලිකාවන් කි.මී. 100,000ක් එසේ රුධිරය සංසරණය කිරීම පිණිස, ඉකුත් දිනය තුළ ඔබගේ හෘදය 100,000 වාරයක් ස්පන්දනය වූයේය. තවද, ඔබගේ ශරීරය, ඉකුත් දිනය තුළ වැය වී ගිය රතු රුධිරාණු වෙනුවට, නව රතු රුධිරාණු බිලියන 172ක් නිපදවා සැපයීය. ඔබ අද ජීවත්ව සිටීම ප්‍රාතිහාර්‍යයක් නොවේද!

ග්‍රන්ථීන් සලකා බලමු. ඔබගේ සිරුරෙහි වන තයිරොයිඩ් ග්‍රන්ථියට දිනපතා අයඩීන් ග්‍රෑම් 1/5000ක් අවශ්‍ය වන්නේ ය.‍ එහෙත් ඔබ ළදරුවකුව සිටියදී ඔබගේ ශරීරයෙහි විය යුතු එම අංශුමය ප්‍රමාණයෙහි යම් අඩුවක් වූයේ නම්, ඔබ නිසැකවම මන්දබුද්ධිකයකු වන්නේය!

පිටියුටරි ග්‍රන්ථිය තවත් අධිකව මවිතවත්‍ ය. එය දිනකට ශ්‍රාවය කරන හෝර්මෝන ප්‍රමාණය ග්‍රෑම් එකකින් 10,00000 කින් එකකි. එහෙත් මනුෂ්‍යයකුගේ වැඩීමේ අවධියෙහි මෙම ප්‍රමාණයට අංශුමය අඩු හෝ වැඩි වීමක් වූ විට, එය ඔහුව ශාරීරිකව හා මානසිකව ආබාධිත කරන්නේය! අප අද සෞඛ්‍ය සම්පන්නව ජීවත් වනුයේ, අපගේ ශරීර-යාන්ත්‍රණයේ දුර්බෝධ ක්‍රියාකාරීත්වය එතරම් පරිපූර්ණ වීමය.

බයිබලයේ කර්තෘවරයෙකු, " අහෝ දෙවියන් වහන්ස, මම ඔබ වහන්සේට ප්‍රශංසා කරන්නෙමි මන්දයත් මාව භයංකාරවත් හා මවිතවත් ලෙසින් සාදා ඇත්තේ ය" යනුවෙන් සැබවින් සහ සත්‍ය වශයෙන් පවසා ඇත්තේ ය. මානව ශරීරයෙහි ව්‍යුහය සහ දෙවියන් වහන්සේ එය තුළ සැලසුම්කර ඇති පරිපූර්ණ තුලනය සැබැවින්ම විශ්මජනකය. එසේම, මානව සිරුර තුළෙහි වන ඇතැම් අරුමයන්, තිරිසනුන්ගේ ද සිරුරු තුළ දකින්නට ඇත්තේය.

එනමුදු මනුෂ්‍ය ශරීරය තුළ ප්‍රාණයක් ද අන්තර්ගතව ඇත. එම ප්‍රාණය, ඔහුගේ පෞරුෂය සංස්ථාපනය කරන්නාවූද, ඔහුගේ මනස, හැඟීම් සහ කැමැත්ත කල්පනාව හා හේතු සහගතව විමසමින් කල්පනාවෙ හි යෙදී, ඔහුගේ අදහස් ලිඛිතව ප්‍රකාශ කර තම දැනගැන්ම අනතුරුව පැමිණෙන පරම්පරාවට පැවරිය හැකිය. තිරිසනුන් හට එය කිසිසේත් කළ නොහැකිය. (පක්‍ෂීන් තවමත් ඔවුන්ගේ කැදැලි නිම වනුයේ වසර දහස් ගණනකට ඉහත දී, තම ආදී පියවරුන් කැදැලි නිමවූ ආකාරයටමය). මනුෂ්‍යයාගේ බුද්ධිය වනුයේ ඔහු තුළ දිස්වන උත්තරීතර බුද්ධියෙන් ඉතා කුඩා කොටසකි.

එනමුදු, මනුෂ්‍යයා සම්බන්ධව තවත් ඇත්තේ ය. ඔහුට ඇත්තේ අරුමවූ සිරුරක් පමණක් නොව, ඊට වඩා අරුමවත්වූ ප්‍රාණයකි. තම ශරීරයට හා ප්‍රාණයට වඩා අධික වශයෙන් ගැඹුරු හා අරුමවත්වූ තවත් අංගයක් වන - ආත්මයක්ද ඔහු හට ඇත්තේය. අපගේ මනුෂ්‍ය භාවයෙහි ගැඹුරුම අංශයෙහි වන ආත්මය, දෙවිකෙනෙකු - අප චරිතවත් හා සදාචාරාත්මක ලෙසින් ගණන් දිය යුතු දෙවිකෙනකු සිටින බව අප හට පවසන්නේය. දෙවි කෙනෙකු සිටින බව අප හට පවසනුයේ මැවිල්ලෙහි වන අරුමයන් පමණක් නොවේය. අප තුළෙහි වන ආත්මයද අප හට එම කරුණම හඟවා දෙමින් පවසන්නේ ය.

දෙවිකෙනකු වෙසෙන බව අප හට උගන්වනුයේ ශිෂ්ඨාචාරය හෝ අධ්‍යාපනය නොවන්නේය. එය උගන්වනුයේ ආගම ද නොවන්නේය. ඔබ මෙම ලොවෙහි වෙසෙන නූගත් අශිෂ්ඨ ගෝත්‍රිකයන් වෙතට පිවිසියේ නම් මිලේච්ඡයින් අතරෙහිද දෙවියන් වහන්සේ පිළිබඳ හැඟීමක් ඇති ආකාරය දකින්නෙහිය. ඔවුන් යම් අප්‍රාණික වස්තුවකට නමස්කාර කරනුයේ, යම් උත්තරීතර තැනැන්වහන්සේ කෙනෙකු හට තමන් ගණන් දිය යුතු වන්නේ යයි ඔවුන් හට පවසන, ආත්මයක් ඔවුන් තුළ වන හෙයින්‍ ය. යම් වැරදීමක් සිදුවූයේ යැයි තමන් හට හඟවා දෙන්නාවූ හෘද සාක්‍ෂියක් ඔවුන් තුළ ඇත්තේ ය. මොනම තිරිසනකු තුළ හෝ එවන් සහජ දෝෂාරෝපිත හැඟීම් නොවන්නේය. තිරිසනකු හට දෝෂාරෝපණය හඟවා ගැනීමට පුහුණු කරවිය හැකි වුවද කිසිම තිරිසනකු හට එවන් සහජ හැඟීමක් නොවන්නේය. එවන් හැඟීමක් මනුෂ්‍යයා හට පමණක් ඇති වනුයේ ඔහු හට ආත්මයක් හා හෘද සාක්‍ෂියක් සතු වීම හේතුවෙනි. මෙම නිසා ලොව මුළුල්ලෙහි සියලු ජනයන් යම් ආගමකට නැඹුරු වෙති. එනමුදු, ඔබට කිසි විටෙක හෝ ආගමික රිළවකු හෝ බල්ලෙකු මුණ ගැසෙන්නේ නැත!

මනුෂ්‍යයාව මවන ලද්දේ තම භෞමික ජීවිත කාලය අභිබවා යන යම් හේතුවක් සඳහාය. නුෂ්‍යයා හට මිහිපිට අත්කරගත නොහැකි වූ වඩා උතුම් හා උසස් වූ යමක් පිළිබඳ ආශාවක් හා උනන්දුවක්‍ දෙවියන් වහන්සේ එක් එක් මනුෂ්‍යයා තුළ බහා ඇති සේක.

මනුෂ්‍යයා සදාකාලික මැවිල්ලකි. මනුෂ්‍යයන් හා සතුන් අතර වෙනසක් නොවන්නේ යයි පරිණාමවාදීන් හට ඇතැම්විට පැවසිය හැක. සෑම රටකම පාහේ බිළිඳකු ඝාතනය කිරීම ඇතකු ඝාතනය කිරීමට වඩා මහත් වරදක් හා අපරාධයක් යයි පිළිගන්නේ ය. ඇතෙකු දැවැන්ත වුවද, බිළිඳකු කුඩා වුවද, එම බිලින්දා දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් මවා ඇති හෙයින් විශාල ඇතකුට වඩා ඉතා අගනේය. දෙවියන් වහන්සේගේ මැවිල්ලෙහි ඔටුන්න වනුයේ මනුෂ්‍යයාය. ඔහුව මවා ඇත්තේ දෙවියන් වහන්සේ හා සමග සහභාගිකම් පැවැත්වීම සඳහාය.


පරිච්ජේදය 3
සැබෑ විප්ලවය පිළිබඳ විශ්මජනක කරුණු

වත්මන් ලොව වෙසෙන මනුෂ්‍යයන් තුළ - විශේෂිතව යොවුන් පරපුර අතරෙහි සෑහීමකට පත් නොවීමේ ආත්මයක් ඇත්තේය. පවතින්නාවූ පිළිවෙත් පෙරලා දමා, නව හා වඩා යහපත් වූ ක්‍රම සහ වත්පිළිවෙත් ඇති කිරීමට ආශාව පවතියි. "විප්ලවය" අපගේ මෙම යුගයෙහි ජනප්‍රිය වචනයකි. විප්ලවය යන්නෙන් අර්ථවත් වනුයේ වෙනස් වීමය. අප ජීවත් වනුයේ, සමාජීය වෙනස්කම් හා දේශපාලන වෙනස්කම් ඇතිවන යුගයක් තුළය. රටාවන්ද ඉතා සීග්‍රයෙන් වෙනස් වන්නේය. එක් වසරකදී රටාව හෝ රැල්ල වන දෙය ඊළඟ වසරේ දී රටාව හෝ රැල්ල නොවන්නේය. ආර්ථික ලෝකයෙහි පවා වෙනස්කම් ඇති වන්නේය. අද ලෝක වෙළඳ පොළවල් හි විකිණීමට ඇත්තාවු භාණ්ඩයන්ගෙන් 65% ක් වසර 5කට ඉහත දී වෙළඳපොළෙහි නොතිබිය.

අප අවට සෑම තැන්හිම වෙනස්කම් සිදු වන්නේය. මනුෂ්‍යයන් වඩා යහපත් දෙය සොයති. බොහෝ රටවල සන්නද්ධ විප්ලව සිදුවෙමින් පවතින්නේය. එනමුදු ඒ සියල්ල හා සමග අයහපත් තත්ත්වයන් වඩා උග්‍ර වෙමින් පවතියි. පුවත්පත් පිරී ඇත්තේ, වසංගත, සාගත, මරණ, විරැකියාව හා හිංසනය පිළිබඳ ප්‍රවෘත්ති වලින්‍ ය.

අපගේ ප්‍රජාවට ඉස්තරම්මවූ දෙය සපයා දීම පිණිස, පවතින්නා වූ තත්වයන් පිළිබඳව අසතුටින් සිටීම අයහපත් නොවේ. නිසැක වශයෙන් ම අපගේ ජනයන් හට වඩා යහපත් වූ ජීවන තත්වයන් අවශ්‍යය. අපගේ රටෙහි වෙසෙන ජනයන් සහ ලොව මුළුල්ලේ වෙසෙන ජනයන් හට, හිඟකමින් තොරව, වාසස්ථාන, ආහාර සහ වස්ත්‍ර තිබීම අප හට අවශ්‍යය. අපගේ රටෙහි ජනයන් සහ ලොව මුළුල්ලේ ජනයන්, විමුක්තිය හා නිදහස බුක්ති විඳීම යුතුය. සත්‍ය වශයෙන් පවතින තත්වයන් ගෙන් සතුටට පත් වී සිටීම මරණයේ සලකුණකි. පවතින තත්ත්වය හා සතුටට පත්වී සිටිනුයේ මළ මිනිසුන් පමණි. සොහොන් පිටි වල විප්ලවයන් නොවන්නේය! එසේම එහිදී කිසිම ප්‍රගතියක් හෝ දියුණුවක් ද නොවන්නේය.

අප නිදහස් රටක ජීවත් වන්නෙම් විය හැකිය. එනමුත් අපගේ පුද්ගලික ජීවිතයන්හි සැබෑ විමුක්තිය අප දැන සිටින්නෙමු ද? මනුෂ්‍යයා විද්‍යාත්මකව දියුණුව සිටින නමුදු චරිත - සදාචාරාත්මකව පිරිහී සිටින්නේය. අද ලොවෙහි වන බොහෝ රටවල් නිදහස්ව සිටින්නෝය. එනමුදු මනුෂ්‍යයාම තවමත් බන්ධනයට හසු වී සිටින්නේය. තමා හට බාහිර නිදහස ඇති නමුදු, තම ආත්මාර්ථකාමීත්වය හා පහත් ආශාවන් පරාජය කිරීමට මනුෂ්‍යයා හට හැකියාවක් නැත. " තමන්ගේ රාගයන් හා ආලයන් පාලනය කිරීම, රටක් පාලනය කිරීමට වැඩියෙන් යහපත්‍ ය" යනුවෙන් බයිබලය සඳහන් කරයි.

විප්ලවය තුළ, පවතින්නාවූ වත් පිළිවෙත් පෙරළා දැමීමක් අඩංගු වන්නේය. මේ හෙයින් මෙලොව විසූ ඉස්තරම්ම හා උතුම්ම විප්ලවවාදියා වූයේ යේසුස් වහන්සේය. එකම වෙනස වනුයේ අන් සියලූ විප්ලවවාදීන් බාහිර විප්ලවයන් පිළිබඳව ඉගැන්වූ අතර යේසුස් වහන්සේ අභ්‍යන්තර විප්ලවයක් ඉගැන්වූ සේක.

මනුෂ්‍යයා මෙම අභ්‍යන්තර විප්ලවය අත්දකින විටදී, බාහිරය ඒ හා සම්බන්ධ කරුණු ඉටු කර ගන්නේය. අවශ්‍ය වනුයේ ගැටලුවක මූලාරම්භක හේතු කරුණු හා ගනුදෙනු කිරීමය. වෛද්‍යවරයෙකු රෝගියකු හට ප්‍රතිකාර කිරීමේදී, බාහිර රෝග ලක්‍ෂණයන්ට පමණක් ප්‍රතිකාර නොකරන්නේය. ඔහු මුළු රෝගයටම ප්‍රතිකාර කරන්නේය. උදාහරණයක් වශයෙන් පිළිකාවකින් පෙළෙන්නෙකුගේ රෝග ලක්‍ෂණ ආහාර අරුචිය විය හැක. පිළිකාවට ප්‍රතිකාර නොකර ආහාර රුචිය වැඩි වීමට ප්‍රතිකාර කරන වෛද්‍යවරයකු ඉතා අඥාන වන්නේය. තවද අපගේ ගැටළු සඳහා වන විසඳුම බාහිර විප්ලවයන් තුළින් සෙවීම ඒ හා සමාන වරදවා ගැනීමකි. ඔවුන් රෝග ලක්‍ෂණ ඉවත් කිරීමට තැත් කරති. එනමුදු රෝගය එසේම පවතින්නේය.

පෙරළා දැමීමට අවශ්‍යව ඇති, මනුෂ්‍යයා තුළ වත්මන්ව පවතින වත් පිළිවෙත් කුමක්ද? මනුෂ්‍යයා වත්මන්ව ජීවත් වනුයේ දෙවියන් වහන්සේගෙන් නොයැපෙමින් ස්වාධීනවය. ආගමික මනුෂ්‍යයන් පවා තමාගේම දෙය නන් අයුරින් සොයති. තමන්ගෙ ජීවිත සැලැස්ම පිළියෙල කිරීමේදී ඔවුන් දෙවියන් වහන්සේව ගණන් නොගන්නෝය. සෙසු වත් පිළිවෙත් පෙරළා දැමීම පිණිස මනුෂ්‍යයාට දෙවියන් වහන්සේ ඉදිරිපත් කළ ආත්මික විප්ලවය ඇත්තේය. තවද ලොව මුළුල්ලේ ජනයන් අත් දකිනුයේ ද එයමය.

අප හට විප්ලවය අවශ්‍යව ඇත්තා වූ තවත් අංශයක් සලකා බලමු. අප සියල්ලෝම අපගේ දෙමව්පියන්ගෙන් ආගමක් උරුම කර ගෙන ඇත්තේය. එම ආගම් හා සමගම යුගයන්හිදී යම් යම් අගති හා මිථ්‍යා මතයන්ද අප වර්ධනය කර ගොඩ නගා ගෙන ඇත්තෙමු. ආගමික කරුණු හා සම්බන්ධව විමසා විචාරා සිටීම මනුෂ්‍යයන් තම ශක්තියෙන් නොකරන්නෝය. එම කරුණු සිතා බැලීම ඔවුන් පූජකවරයකු හට හෝ දේවගැතිවරයකු හට පවරන්නෝය. එනමුත් ඕනෑම මනුෂ්‍යයෙකු හට යොමුවිය හැකි ඉතාමත්ම ඵලදායි ක්‍රියාවලිය වනුයේ ආත්මික කරුණු මෙනෙහි කිරීමය. දෙවියන් වහන්සේ පිළිබඳව වන සත්‍යය නිවැරදිව දැන අවබෝධ කරගැනීමට අප තරයේ අධිෂ්ඨාන කර ගත යුතුය. මෙම කාරණය පිළිබඳව අප හට වරදවා ගැනීමට අවකාශ නැත.

විද්‍යාව පිළිබඳ කරුණු ගවේෂණය කිරීමේදී, මනුෂ්‍යයා දෙස තම ශක්තියෙන්ම සිතා බලා තෝරා බේරා ගැනීම ප්‍රතික්‍ෂේප කළේ නම් ඇතිවිය හැකි තත්ත්වය සිතා බලමු. තම පියවරුන් විශ්වාස කළ දෙය, එම පියවරුන් පැවසූ අයුරින්ම ඔවුන් විශ්වාස කළෝ නම්, විද්‍යා ලොවෙහි කිසිම ප්‍රගතියක් හෝ දියුණුවක් නොවනුයේ ය.

විද්‍යාව ප්‍රගතිශීලීව දියුණු වනුයේ, තම පියවරුන් විශ්වාස කර සිටින්නා වූ දෙය අන්ධ ලෙස විශ්වාස කිරීම, විද්‍යාඥයින් නොකරන හෙයින් ය. සියවසකට ඉහත දී පියාසර කළ හැකි යන්ත්‍රයක් තිබිය නොහැකි යැයි මනුෂ්‍යයන් විශ්වාස කළහ. තවද එනමුදු, වත්මන්ව මනුෂ්‍යයන් ලොව මුළුල්ලේ ගුවන් යානාවල ගමන් කරති. මෙම සියවස ආරම්භයේ දී පරමාණුව විභේදනය කිරීමට හැකි යැයි කිසිවකු විශ්වාස නොකළේය. වත්මන්ව, පරමාණුව විභේදනය කර ඇත්තේය. එමෙන්ම වසර කිහිපයකට ඉහතදී සඳු තරණය කිරීමට හැකි යැයි කිසිවකු නොසිතීය, එනමුත් මනුෂ්‍යයා සඳු මත ද පය තබා ඇත්තේය.

ආගමික සක්වල තුළදී පමණක්, තම දෙමව්පියන් හෝ පූජකවරුන් උගන්වන්නා වූ දෙය මනුෂ්‍යයන්, අහෝ අන්ධ ලෙස පිළිගනිති. ඔබ කෙබඳුද? ආගමික යැයි ඔබ පිලි ගනුයේ කුමක්ද? එය ඔබ අන්ධ ලෙස කරන්නා වූ පරම්පරාගත ඇදහීමක්ද? නැතහොත් එය දෙවියන්වහන්සේ හා සදා කාලය පිළිබඳව ඔබගේ මනසෙහි ඔබ එහා මෙහා පෙරළා කිරා බලා නිශ්චය කරගෙන සිටින්නාවූ යමෙක්ද?

මෙලොව විසූ උතුම්ම විප්ලවවාදියා යේසුස් වහන්සේ වනුයේ උන්වහන්සේ මනුෂ්‍යයන්ගේ අභ්‍යන්තරය වෙනස් කිරීමට පැමිණි හෙයින්‍ ය. මනුෂ්‍යයාගේ අභ්‍යන්තරය වෙනස් වූ විටදී ලොවෙහි හා සමාජයෙහි වන රෝගද නිවැරදි කරනු ලබන්නේය. මනුෂ්‍යයාම වෙනස් වනතුරු, ලොව හා සමාජය මුහුණ පා සිටින ගැටළු හට විසඳුමක් නොවන්නේ ය.


පරිච්ජේදය 4
අපගේ මහත්වූ පරම අවශ්‍යතාවය පිළිබඳ විශ්මජනක කරුණු

මනුෂ්‍යයාගේ පරම අවශ්‍යතාවය වනුයේ කුමක්ද?

ඒ පිළිබඳව ඔබ කිසිවිටක හෝ මෙනෙහි කළේද?

එය ආහාර හෝ වාසස්ථාන හෝ රැකියාව වන්නේද?

මෙම සියල්ල අප හට අවශ්‍ය බැව් සැකයක් නැත. ඉන් තොරව අපගේ පැවැත්ම නොවන්නේය. අපගේ ශරීරයන් හට ආහාර ද, පැළඳීමට වස්ත්‍රද, ජීවත් වීමට නිවසක් ද, අප හා අපගේ පවුල් නඩත්තු සඳහා රැකියාව ද අවශ්‍යය. මෙයින් ඕනෑම එක් කරුණක් වුවද වැදගත්කමෙහි අඩුවක් අප හට කළ නොහැක. එනමුත්, මනුෂ්‍යයා වත්මන් ව ජීවත්වන භෞතිකවාදී යුගය තුළ, මිනිසාගේ විශාල අන්තරාය වන්නේ ඔහු කාලයට සීමා නොවූ, සදාකාලික මැවිල්ලක් බව අමතක කිරීමයි - එනම් ඔහුගේ ශරීරය තුළ ආත්මයක් වාසය කරන අතර එය සාපේක්‍ෂ ඇගයීමට අනුව ශරීරයට වඩා වැදගත්‍ ය. ශරීරය හා එහි අවශ්‍යතා වැදගත් වන නමුදු, ආත්මය හා එහි අවශ්‍යතා වඩා බෙහෙවින් අතිශය වැදගත් ය.

ඔබගේ නිවසෙහි සුරතලට ඇතිකරන සුනඛයකු සිටින්නේ නම්, එම සුරතලා රෝගී වුවහොත් ඔබ වහා එම සත්වයා හට පශු වෛද්‍ය ප්‍රතිකාර සපයා ගන්නේ ය. එනමුදු, එම අවස්ථාවේදී ඔබ හට රෝගාතුරවූ දරුවෙකුද නිවසෙහි සිටින්නේ නම්, සහ ප්‍රතිකාර සඳහා ප්‍රථමයෙන් රැගෙන යා යුතු වන්නේ කවුරුන්දැයි තීරණය කිරීමට ඔබට සිදුවූයේ නම්, නිසැකවම ඔබ ප්‍රථමයෙන් දරුවා රැගෙන යන්නේය. එසේ වනුයේ ඔබගේ සුරතලා වැදගත් නොවන හෙයින් නොව. ඔබගේ දරුවා වඩා වැදගත් වන හෙයින්‍ ය. එම අයුරින්ම, අපගේ ආත්මය අපගේ ශරීරයට වඩා බෙහෙවින් අතිශය වැදගත්‍ ය.

ඔබ කිසි විටෙක හෝ පුර්ව නිගමනයන් ගෙන් තොරව හා අගතියට පත් නො වූ මනසකින්, බගේ ආත්මයට වන අවශ්‍යතා පිළිබඳව මෙනෙහි කර තිබේද? අගතිය, මනුෂ්‍යයන්ගේ මනස දෙවියන් වහන්සේ පිළිබඳවද, තමන්ගේ ආත්මික අවශ්‍යතා පිළිබඳවද, පෘථිවිය මත තමාගේ පැවැත්වීමට වන හේතුව පිළිබඳවද, සත්‍යය අවබෝධයකට තමා ගේ පැමිණීම වලක්වන්නා වූ මාරාන්තික දෙයකි. බොහෝ ජනයා ගැටලු හා සමග තම මුළු ජීවිතය ගත කරනුයේ, ඔවුන් අගතියෙන් හා ජීවිතය පිළිබඳව පූර්ව නිගමනයන් ඇසුරෙන් පිහිටි අදහස් වලින් යුක්තව ජීවිතය වෙත පිවිසීම හේතුවෙනි.

ආගම හා සදාකාලය පිළිබඳ සත්‍යය වෙත, විවෘත මනසකින් යුතුව පිවිසීමට ඔබ කැමති වන්නේද? ඔබ මෙතෙක් සත්‍යය යයි විශ්වාස කරගෙන සිටි යම් යම් කරුණු, සම්පූර්ණයෙන්ම වෙනස් බැව් ඔබ ඇතැම් විට දැනගන්නේය. එනමුත්, තවත් ඉදිරියට යාමට ප්‍රථම, ඔබට සැබැවින්ම ඕනෑම මිලක් ගෙවා සත්‍යය දැන ගැන්මට අවශ්‍යයද? ඔබ අව්‍යාජයෙන්ම මියයන පමණට උනන්දුවක් දක්වන්නේ නම්, ඔබට සත්‍ය දැනගත හැකිය. වෙනත් අයුරකින් නොහැකිය. දෙවියන් වහන්සේව උද්‍යෝගයෙන් යුක්තව සොයන්නන් හට උන්වහන්සේ විපාක දෙන බැව් බයිබලය සඳහන් කරන්නේය. ඕනෑම පුරුෂයෙක්, කාන්තාවක් හෝ දරුවකු කිනම් ආගම් ලබ්ධිකයෙකු වුවද, තමන්ගෙ විවෘත්ත වූ මනසින් හා පූර්ණ සිතින් සොයන්නේ නම් දෙවියන්වහන්සේ හා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ සත්‍යය දැනගැනීමට එම අයට හැකි වන්නේය.

මනුෂ්‍යයෙකු මියගිය පසු ඔහුට කුමක් වන්නේද? මරණය යනු සියලු පැවැත්මෙහි නැවතුම වන්නේද? එසේ නොවේ, මිහිපිට ජීවිතය වනාහි සදා කාලය වෙතට හැඳින්වීමකි. අප මිහිපිට දී සදා කාලය සඳහා පෙර-හුරුවක යෙදී සිටින අතර දෙවියන් වහන්සේ අපව නිරීක්‍ෂණය කරන සේක. මිහිපිට වන අපගේ ජීවිතය, අපගේ සදා කාලය කෙබඳු වන්නේ දැයි තීන්දු කරන්නේය. අප එක් එක් අයගේ ජීවිතය පිළිබඳ සියලු සත්‍යයය දෙවියන් වහන්සේ දන්නා සේක. අපගේ යහපත් කම් පිළිබඳව අපගේ මිතුරන් රැවටීමට අප හට ඇතැම් විට හැකි වුවද, දෙවියන්වහන්සේ රැවටීමට නොහැකිය. උන් වහන්සේගේ ඇස් හමුයෙහි සියල්ලන් දෝෂ සහිතව උන්වහන්සේගේ උතුම් හා ශුද්ධ වූ ප්‍රමිතියෙන් පහත සිටින්නෙමු. මනුෂ්‍යයා මවන ලද්දේ දෙවියන් වහන්සේ හා සහභාගීකම් පැවැත්වීමටය. ඔහුට මෙම සහභාගිත්වය නොමැත්තේ නම්, ඔහුගේ මිහිපිට පැවැත්මට වන ප්‍රාථමික හේතුව සපුරාලීමට අසමත් වී, සිටින්නේය. දෙවියන් වහන්සේ හා සමග විය යුතු මෙම සහභාගිත්වය, පාපයේ දෝෂාරෝපණය ඉවත් කරනු ලබන තුරු, ඔහුට භුක්ති විඳීමට කිසිසේත් නොහැකි වන්නේය.

දෙවියන් වහන්සේ කෙබඳු වන්නේ දැයි අප සිතා සිටින්නෙමුද? ලොව මනුෂ්‍යයන් හට දෙවියන් වහන්සේ පිළිබඳව විවිධ මතයන් ඇත්තේය. එනමුදු කිසිවෙකු කිසිකලකත් දෙවියන් වහන්සේව නොදුටුවේය. එහෙයින් දෙවියන් වහන්සේ පිළිබඳව අප හට වන සියලු මත හා අදහස් අප්‍රයෝජනය. බයිබලය සඳහන් කරනුයේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලොවට පැමිණ මනුෂ්‍යයා හට දෙවියන් වහන්සේව එළිදරව් කළ සේක යනුවෙනි. උන්වහන්සේම, දෙවියන් වහන්සේ මනුෂ්‍ය ස්වරූපයෙන් ප්‍රකාශ වීමය. සත්‍යය මෙයය. ශුද්ධ කමෙන් පූර්ණ වූ හා ප්‍රේමයෙන් පූර්ණ වූ දෙවියන් වහන්සේ වශයෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේව එළිදරව් කළ සේක.

අපගේ ජීවිත වලින් පාපයේ දෝෂාරෝපණය ඉවත් කරනුයේ කෙසේද? බොහෝ අය හට තම ජීවිතය තුළ වන දෝෂාරෝපණ හේතුවෙන් බොහෝ ගැටළු ඇත්තේය. ඔවුන් හට විසඳුමක් ලැබෙන්නේ නැත. එනමුත් ක්‍රිස්තුස් වහන්සේ තුළ විසඳුමක් ඇත්තේය! එය කුමක්ද?

පසුතැවිලි වෙමින් කණගාටුව ප්‍රකාශ කිරීම පමණක් නොසෑහෙන්නේය. මා අධිකරණයක් ඉදිරිපිට දී බැංකු කොල්ලයක් සඳහා වරදකරුවකු ව සිටිමින්ද, මාගේ පියා එම අධිකරණයේ විනිශ්චකරුව සිටින්නේ නම්, මාගේ අවංක කණගාටුව ප්‍රකාශ කිරීම හේතුවෙන් පමණක් ඔහු මා නිදහස් නොකරන්නේය. ඔහු මා හට පියකු ලෙසින් ප්‍රේම කරන්නේ වුවද, ඔහු අධිකරණයේ අසුන් ගෙන සිටිනුයේ විනිශ්චයකරුවකු ලෙසින්‍ ය. එහෙයින් මාගේ අවංක කණගාටුව මා ප්‍රකාශ කළ නමුදු, ඔහු මා හට පියෙකු පුත්‍රයකුට දක්වන ප්‍රේමය දක්වන නමුදු, මාගේ වරදට මා හට දඬුවම් පැමිණවිය යුතුය.

සාධාරණ හා යුක්ති සහගත දෙවි කෙනෙකුව අප විශ්වාස කරන්නෙමු නම් සැබැවින්ම උන්වහන්සේ මනුෂ්‍යයන් හට වැඩියෙන් සාධාරණ හා යුක්ති සහගත විය යුතුයි. එහෙයින් කනගාටුව ප්‍රකාශ කළ පමණින් හෝ උන්වහන්සේ අප හට ප්‍රේම කළ පමණින් හෝ අපව නිදහස් කරනුයේ කෙසේද? උන්වහන්සේ පරිපූර්ණව සාධාරණ හා යුක්ති සහගත වන සේක. සාධාරණත්වය හා යුක්තිය වරදට දඬුවම අය කරන්නේය.

එනමුදු, අධිකරණයෙහි දී මා හට යම් උපකාරයක් කිරීමට මාගේ පියාට හැකියාව ඇත්තේය. ඔහු හට එම අධිකරණයෙහි දී සම්පූර්ණ වන්දිය ලෙසින් ඔබ හට රුපියල් ලක්‍ෂයක දඩයක් නියම කරමි යනුවෙන් පවසා අනතුරුව තමා දුක් වෙහෙසින් යුතුව උපයාගත් මුදලින් එම රු.100000 ගෙන, " පුත්‍රය මෙම මුදල් ගෙන ගොස් ඔබගේ දඩය ගෙවා නිදහස් වන්න" යනුවෙන් පැවසිය හැක. ඔහු කළ දෙය ඔබට අවබෝධ වන්නේද? විනිශ්චයකරුවකු ලෙසින් ඔහු මට දඬුවම් පමුණුවා ඇති නමුදු, පියකු ලෙසින් මාගේ වන්දිය ඔහුම ගෙවා නිම කළේය. දෙවියන් වහන්සේ ඉටු කළේද මෙම දෙයමය. උන්වහන්සේ සියලු මනුෂ්‍යයන් හට පවසනුයේ " ඔබ වරද කරුවෙකි. එහෙයින් ඔබහට යුතු වූ දඬුවම මරණයය." යනුවෙනි. විනිශ්චයකරුවකු වශයෙන් උන්වහන්සේ අප හට දඬුවම පමුණුවන අතරම, උන්වහන්සේ අප හට එපමණ ප්‍රේම කරන හෙයින්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නම් වූ පුද්ගලිකත්වය තුළින් මිහිපිට පැමිණ අප හට යුතුව තිබූ දඬුවම විඳ දරා ගත් සේක. ක්‍රිස්තුස් වහන්සේ මරණය වින්දේ මෙම හේතුව සඳහාය. එනම් අපගේ වරද සඳහා යුතුව තිබූ වන්දිය නොහොත් දඬුවම දරන පිණිසය. මෙය සත්‍යයක් යැයි සාධනය කිරීමට ඇත්තා වූ සාධක රඳා පවතිනුයේ ක්‍රිස්තුස් වහන්සේ තමන් වහන්සේගේ මරණයට තෙදිනක් පසුව සොහොනින් නික්ම පැමිණීම මතය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණය පැරද වූ සේක. උන්වහන්සේ වත්මන් ව ජීවමාන වන සේක.


පරිච්ජේදය 5
ඇබ්බැහිවීම සහ කලකිරීම පිළිබඳ විශ්මජනක කරුණු

ලොව මුළුල්ලේ වෙසෙන ජනයා කරුණු සතරකින් එකක් හෝ වැඩියෙන් සොයති. එනම් වින්දනය, කීර්තිය, ධනය හා බලය වන්නේය.

එනමුදු, අප සියල්ලන්ම ප්‍රථම වශයෙන් දැන සිටීම යහපත්වූ න්‍යායක් මෙම කරුණු හා සම්බන්ධව ඇත්තේය. එම න්‍යාය ක්‍ෂයවන ප්‍රතිලාභ න්‍යාය යනුවෙන් අපට හැඳින්විය හැක.

මෙම න්‍යායේ ක්‍රියාවලිය අවබෝධ කර ගැනීම පිණිස උදාහරණයක් වශයෙන් වින්දනය ලුහුබැඳීම නිරීක්‍ෂණය කරමු. වින්දනය, එය දුම්කොළ, මද්‍යසාරය, රොක් සංගීතය, (මද්‍යසාරය සහ දුම සමග මුසුවූ) මත්ද්‍රව්‍ය, අසභ්‍ය ලිංගික දර්ශන නැරඹීම, හෝ නීත්‍යානුකූල නොවන අනවසර ලිංගිකත්වය හෝ කුමක් වුවද, ආරම්භයේ දී සෑහෙන පමණ තෘප්තියක් ලබා දෙන්නේය. එනමුදු එක්වරක් හෝ එහි නියැලුනු විට, එයට හසු වූවන් එයට ඇබ්බැහි වී ඔවුන් හට එයින් වන උත්තේජනයෙන් තොරව ජීවත්විය නොහැකි මට්ටමකට එය ඔවුන් කෙරෙහි වන ග්‍රහණය අධික කෙරෙන්නේය.

අනතුරුව ඇබ්බැහි වූවකු හට වනුයේ, එක් එක් අවස්ථාවෙහි, එම වින්දනය ඉහත අවස්ථාවෙහි තමා හට ලබාදුන් උත්තේජනයට අඩුවුවක් මෙවර ලබා දුන්නේ යැයි හැඟෙමින්, ඉහත අවස්ථාවට සමාන උත්තේජනයක් ලබා ගැනීමට තමාගේ උත්තේජනකාරකය අවස්ථාවට වැඩිකර ගත යුතුයැයි කෙමෙන් හැඟී යන්නේ ය. මුල් අවස්ථාවට සමාන තෘප්තියක් ලබා ගැනීම පිණිස, ඔහු වඩ වඩා විශාල උත්තේජනකාරකයක් ශරීරගත කිරීමට අවශ්‍ය වන්නේය. ක්‍ෂය වන ප්‍රතිලාභ න්‍යාය එයමය. මත්ද්‍රව්‍ය හා මද්‍යසාරය හට ඇබ්බැහිවූවන් හා සම්බන්ධව, මානසික හා ශාරිරික විනාශය එම පුද්ගලයාගේ අවසානය වන්නේය. අනවසර ලිංගිකත්වයෙහි ලිංගික සාහිත්‍යයට ඇල්ම වෙතට ඇබ්බැහි වූවන්, සාමාන්‍ය ලිංගිකත්වයේ සිට විකෘති ලිංගිකත්වය කරා යමින් ඇතැම් අවස්ථාවන්හි අමනුෂ්‍ය තිරිසන් හැසිරීම් කරා නැඹුරු වන්නෝය. සෑම අවස්ථාවකදීම ඇබ්බැහි වූ පුද්ගලයා හට දැනෙනුයේ, තමා හට ගැලවී යාමක් නොමැති ලෙසින් දඬුකඳක සිර වූවකු ලෙසින්‍ ය.

වඩා පිරිපහදු කරන ලද වින්දනයන් - එනම් විද්‍යාව හෝ සංගීතය තුළ යමක් ඉටු කර ගැනීමෙන් වන වින්දනය හෝ ලුහුබැඳීම වුවද, ක්‍ෂය වන ප්‍රතිලාභ න්‍යාය බල පවත්වන බැවින්, එයින් පූර්ණ තෘප්තියක් නොවන්නේය.

මෙම න්‍යාය කීර්තිය, ධනය ලුහුබැඳීමේදීද නොවෙනස් ආකාරයකින් ක්‍රියා කරමින්, මත්ද්‍රව්‍ය හා ලිංගිකත්වයට ඇබ්බැහි වූවනගේ අවසානය පමණටම අශෝබන හා දුක්ඛිත නොවන, ඇබ්බැහිවූවන් බිහි කරන්නේය.

කීර්තිය ලුහු බැඳීම සලකා බලමු. පාසැල් යුගයේදී මෙය ආරම්භ වනුයේ මිතුරන් අතරෙහි ජනප්‍රිය වීමට සෙවීමෙනි. අනතුරුව කීර්තිය ලුහුබැඳීම - මලල ක්‍රීඩා, රංගන කලාව, ක්‍රීඩා හෝ මොනයම් නීත්‍යානුකූල හා යහපත් වූ අංගයක් තුළින් වුවද අදියරින් අදියරට අධික වන්නේය. නාගරික හෝ ප්‍රාදේශීය මට්ටමින් ජාතික මට්ටම කරාද, අනතුරුව එතැන් සිට ලෝක ශුරතා මට්ටම කරාද එළඹීමට අවශ්‍යතාවය වන්නේය. මෙම ප්‍රයත්නයේදී එම උත්සාහවන්තයා තම උදර අභ්‍යන්තරයෙහි වන (තුවාල), තම ඇදහිල්ල හා විශ්වාසයන්හි මධ්‍යස්ථ ප්‍රතිපදාවන්හි පිහිටීම, වැනි දෙයට අවකාශ සළකමින්, අන් අය විනාශ කරමින් ඔවුන්ගේ කරපිට පවා තම ඉලක්කය කරා යාමට පෙළඹෙති. තවද අවසානයේදී එයින් වන ප්‍රතිඵලය කුමක්ද? තවත් සඵලත්වයක් ලබා ගැනීමට නොවන හෙයින් ඔහු කලකිරෙන්නේය. බොහෝ රංගන ශිල්පීන් (සිනමා තරු) හා එවන් ජනප්‍රිය හා ප්‍රසිද්ධ වූවන්, කෙතරම් ජනප්‍රිය හා ප්‍රසිද්ධ වුවද තම අභ්‍යන්තර කලකිරීම් හේතුවෙන් සියදිවි හානිකර ගෙන තිබෙන්නේය.

ධනය හා සම්පත් ලුහුබැඳීමේදී මෙම න්‍යාය ක්‍රියාත්මක වන අයුරු සලකා බලමු. ආරම්භයේ දී මනුෂ්‍යයකු ව්‍යාපාරයක් දියත් කරනුයේ තම පවුලේ නඩත්තුව සඳහා වියදම් උපයා ගැනීම පිණිස ලාභ ලැබීමටය. එනමුදු, තම අවශ්‍යතාවයන් සපුරාලීමෙන් අනතුරුව කෙමෙන් සිදුවන්නාවූ ධන සම්පත් අතිරික්ත තැන්පතු, තම ව්‍යාපාරික අධිරාජ්‍යය පුළුල් කිරීම කෙරෙහි ඔහුව පොළඹවන්නේය. මෙසේ ධන සම්පත් ලුහුබඳීමින් සිදුවන, කිසිවිටකත් අවසන් නොවන උණුසුම් හඹා යාමක්, ආරම්භ වන්නේය. මන්දයත්, ලොව වෙසෙන සියල්ලන්ගේ සියලු අවශ්‍යතාවයන් සපුරාලීමට ලොවෙහි සම්පත් තිබෙන නමුදු, එකඳු මනුෂ්‍යකුගේ හෝ ගිජුකම සපුරාලීමට එහි සම්පත් නොමැත්තේය. මනුෂ්‍යයකු ග්‍රහණය කර, ඔහුගේ ජීවිතය තුළ තෘප්තිය අවරෝහණ කිරීමට බලය, ධන - සම්පත් තුළ ඇත්තේය. ‍ද්‍රව්‍යමයවූ දෙය රැස් කිරීම,‍ ජීවිතයට හා නිවසට ප්‍රීතිය ගෙන දෙන්නේ යැයි මනුෂ්‍යයා සිතා සිටිය නමුදු, ඔහු එම වස්තුව රැස් කර ගත් පසු එම ප්‍රීතිය ගෙන දීම නවතින්නේය. ක්‍ෂයවන ප්‍රතිලාභ න්‍යාය මෙහිදීද බල පවත්වන්නේය. ධනය රැස් කිරීම තුළින් තමා හිමිකරගත්, විද්‍යුත් උපකරණ, ප්‍රණීත ආහාර, ලොව සංචාරය කර විවිධ ස්ථාන දැක බලා ගැනීමේ ප්‍රමෝදය, ඉහළපෙලේ සමාජ ඇසුර යනාදිය, ඔහුට ලබා දුන් තෘප්තිය කෙමෙන් හීන වන්නේය. ඒ සියල්ල තුළ පුහු හා බොල් භාවයක් ඇත්තේය. ඔහුට ධනය අඩුවෙන් තිබියදී අඩු ආතතියකින් යුතුවද වැඩි ප්‍රීතියකින් යුතුවද සිටියේ යයි හැඟෙන්නේය. ඔහුගේ විවාහක ප්‍රීතියද සංයුක්ත වනුයේ ඔහුට හිමිව ඇති බහුලත්වයෙන් නොවේය යන වදන් නිවැරදි හා සත්‍යය යයි සාධනය වන්නේය.

බලය හා අධිකාරිය සමග ගරු තනතුරු වලදී - එය දේශපාලන හෝ වෙනත් ඕනෑම සක්වළක් තුළ මෙම න්‍යාය ක්‍රියාත්මක වන ආකාරය පිරික්සමු. උදාහරණයක් වශයෙන් දේශපාලනය තුළ, පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට වරක් අපේක්‍ෂාකළ මනුෂ්‍යයා එම තනතුරට පත්වූ පසු ඔහුට තෘප්තියක් නොමැත්තේ යැයි අනාවරණය කර ගන්නේය. ඔහු හට අනතුරුව ඇතිවන ආශාව ඇමති වරයෙකු වීමටය. අවසාන වශයෙන් රට තුළ වන ඉහළම තත්ත්වයට ඔහු එළඹුණ නමුදු, තමන් හට තවදුරටත් මානසික අපහසුතාවය, හා බලාපොරොත්තු වීමට යමක් නොමැත්තේ යැයි කලකිරීමක් ඇති වන්නේය. ඔහු කිසිවෙකු විසින් නොහැඳින සිටින විටදී අභිරහස් ඝාතකයකුගේ ඉලක්කයක් නොවූයේය!

මෙම සෑම සක්වලක දීම මෙය මෙසේ වනුයේ මක්නිසාද?

අප සෑම පුද්ගලයෙක් තුළම දෙවියන් වහන්සේ විසින් පමණක් සපුරාලිය හැකි රික්තකයක් වන්නේය. මනුෂ්‍යයාගේ නිරන්තර උත්සාහය වනුයේ මෙම රික්තකය වින්දනය, කීර්තිය, ධනය හෝ ලාබය මගින් එය පිරවීමටය. එනමුදු එය පුහුවූ ප්‍රයත්නයකි. අප කිසි දිනක හෝ තෘප්තිමත් නොවන හෙයින් අවසාන ප්‍රතිඵලය වනුයේ කළකිරීමය.

දෙවියන් වහන්සේ මනුෂ්‍යයාගේ සිත තුළෙහි සදා කාලය බහා ඇති බැව් බයිබලය පවසන්නේය. අයෙක් එය මෙසේ අර්ථදක්වා ඇත. " අපගේ සිත් දෙවියන්වහන්සේ තුළ විශ්‍රාමය ලබාගන්නා තුරු, නිශ්කලංක රහිතව හා අවිවේකීව පවතින්නේය".

ක්‍ෂයවන ප්‍රතිලාභ න්‍යාය වනාහි මනුෂ්‍යයා තමන් සදාකාලික මැවිල්ලක් යයි අවබෝධ කර ගන්නා පිණිස, මිහි පිට වන මහත් හා ආකර්ශනීයවූ සියල්ල මත දෙවියන් වහන්සේ යොදා ඇති න්‍යායකි. මනුෂ්‍යයා මවන ලද්දේ දෙවිවූ ශුද්ධාත්මයාණන් හැරුණුවිට වෙනත් කිසිවකින් සපුරාලිය නොහැකි ආත්මික රික්තකයක් අඩංගු කරමිනි.

එනමුදු, පානය කිරීමට යමකින් බඳුනක් පිරවීමට ප්‍රථම එය පිරිසිදු කරගත යුතු ලෙසින්ම, දෙවිවූ ශුද්ධාත්මයාණන් වහන්සේගෙන් පූර්ණ වීමට ප්‍රථම අපගේ සිත් තුළින් සියලු පාප සෝදා ඉවත් කළ යුතු වන්නේය. ක්‍රිස්තුස් වහන්සේ අපගේ පාප වෙනුවෙන් මරණය වින්දේ, අපගේ සිත් වලින් පාප ඉවත් කර එය පවිත්‍ර කිරීමට හැකිවන පිණිසය.

අපගේ සිත් තුළ වන චංචල හා අවිවේකී භාවය පරාජය කරන්නාවූ සත්‍යවූ හා පවතින්නාවූ තෘප්තිය පැමිණෙනුයේ, අපගේ ජීවිතයෙහි සෑම අංගයක් හා අංශයක් කෙරෙහි ස්වාමීන් ලෙසින් ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව පිළිගත් විට පමණි.

පරිච්ජේදය 6
සමාප්ති විනිශ්වය පිළිබඳ විශ්මජනක කරුණු

මිහිපිට වන ජීවිතය සියල්ල නොවන්නේය. අපගේ ජීවිතය යනු මරණය වෙත ළඟා වීමය. දිනෙන් දින ජීවිතය වැය වෙමින් අපගේ මිහිපිට අවසාන වන සොහොන වෙතට ළඟා වන්නමු. අනතුරුව මරණයේදී අප මෙලොවෙන් පිටත් වන්නමු. මරණය යනු කුමක්ද? එනම් අපගේ ප්‍රාණය හා ආත්මය ශරීරයෙන් වෙන්වී ඉවත් වීමය​. එම අවස්ථාවෙහි ඇති වැදගත් ප්‍රශ්නය වනුයේ "අප පිටත්ව කොතැනකට යන්නමුද" යන්නය. ඔබගේ ගමනාන්තය ඔබ දැන සිටින්නේද?

මරණයෙන් පසු වන ජීවිතය මිහිපිට වන ජීවිතයට වැඩියෙන් වැදගත්‍ ය. කාලයට වැඩියෙන් වැදගත් වනුයේ සදාකාලයය. අප මෙලොවෙහිදී අපගේ ජීවිතය ගත කරන්නාවූ ආකාරයට වඩා අප සදා කාලය ගත කරනුයේ කොතැන්හිද යන්න අති වැදගත් ය. අඥාණයන් දුර - දර්ශි නොවෙමින් මෙලොව ජීවිතය පිළිබඳව පමණක් සැලකිලිමත් වන්නේය. ප්‍රඥාවන්තයින් අනාගතය පිරික්සමින් සදා කාලය සඳහා සූදානම් වන්නේය.

උදාහරණයක් වශයෙන්, රුපියල් දසලක්‍ෂ බොහෝමයක් උරුමකරගත්, බැංගලෝරයෙහි පදිංචි වීමට තීරණය කළ තරුණයෙක් සිටියේ යයි සිතන්න. එහි යන අතරමගදී ඔහු බොම්බායේ දින කිහිපයක් ගත කරන්නේය. මෙම දින කිහිපය තුළ ඔහු නොමසුරු ලෙස තම වින්දනය සඳහා වියදම් කරමින් තම මුළු බූදලය සූදුවකදී අහිමි කරගන්නේය. අවසාන වශයෙන් ඔහු බැංගලෝරයට පිවිසෙන විටදී ඔහු සතුව එකදු සතයක් හෝ නොවූ බැවින් ඔහුගේ ජීවිතයේ ඉතිරි වසර සැටක්, ජීවත්වීමට ස්ථානයක් නොමැතිව සිඟමනෙන් ගත කරන්නේය.

එවන් මනුෂ්‍යයෙකු ඔබ හඳුන්වනුයේ කුමන නමකින්ද? සැබැවින්ම "මෝඩයෙකි" යනුවෙනි. මෙලොව ජීවිතය පිළිබඳව පමණක් සැලකිලිමත්ව, සදා කාලය නොසලකා සිටින තැනැත්තා වඩා අධික වශයෙන් මහත් අඥාණයෙකි (මෝඩයෙකි).

මන්දයත්, අපගේ මිහිපිට ජීවිත කාලය එය වසර සියයක් වුවද, සදාකාලය හා සසඳන විටදී තත්පරයකින් කොටසක් වැනිය.

අපගේ මිහිපිට ජීවිතය ගත කළ ආකාරය පිළිබඳව ගණන් දීමක් දෙවියන් වහන්සේ හට කළ යුතු වන දිනයක් උදා වන්නේ යයි බයිබලය පවසන්නේය. මෙලොව ඉතිහාසයෙහි කල්පයන් තුළ ජීවත්වූ බිලියන සංඛ්‍යාත මනුෂ්‍යයන්, තමන්ගේ ජීවිත කාලය තුළ සිතූ හා පැවසූ සියල්ල පිළිබඳව වාර්තාවක් දෙවියන්වහන්සේ තබා ගනුයේ කෙසේද යන්න අප විමසන්නෙමු. මෙම වාර්තාව සටහන්ව ඇත්තේ මනුෂ්‍යයාගේ මතකය තුළය.

මතකය යනු, අප කරන්නාවූ හා කියන්නාවූ සෑම දෙයක්ම විශ්වාසවන්තව වාර්තා සටහන් කරන්නාවූ වීඩියෝ පටයක් හා සමාන වූවකි. තවද එය අපගේ අභ්‍යන්තර ආකල්ප හා චේතනාද වාර්තා ගත කරන්නේය. මනුෂ්‍යයෙකු මිය ගිය විටදී ඔහුගේ මෘත දේහය මිහිපිට ඉතිරි වන නමුදු ඔහුගේ මතකය ඔහුගේ ප්‍රාණයේ කොටසක් වන බැවින්, එම මතකය ඔහුගේ ප්‍රාණයත් සමග මළගිය ප්‍රාණ සැතපෙන්නාවූ ස්ථානය කරා යන්නේය. විනිශ්චයේ දිනය අවසානයේදී පැමිණි කළ, දෙවියන් වහන්සේට තම සම්පූර්ණ ජීවිත කාලයෙහි කර කියූ දෙය පිළිබඳ ගණන් දීමක් කිරීමට, ඔහු උන්වහන්සේ ඉදිරියෙහි සිට ගන්නේය.

එම දිනයේදී, විනිශ්චය සඳහා එක් එක් මනුෂ්‍යයාගේ වාරය පැමිණි කල, මනුෂ්‍යයා තම ජීවිතය ගත කළ ආකාරය, සෑම මනුෂ්‍යයකුම දැක බලා ගැනීම පිණිස දෙවියන් වහන්සේ හට කිරීමට වනුයේ, ඔහුගේම මතක සටහන් වාර්තාව නැවත රූප රාමුවට නැගීමය. එය එක් එක් මනුෂ්‍යයා විසින්ම තම ජීවිත කාලයෙහි විස්තර පුද්ගලිකව වාර්තාගත කළ සටහනක් වනුයෙන්, එහි නිරවද්‍යතාවය ප්‍රශ්න කිරීමට කිසිවකුට හැකියාවක් නොවන්නේය.

සාරධර්ම හා ආගම යනුවෙන් මනුෂ්‍යයා පැළඳ සිටින පිටස්තර සළුව එදින ඉවත් කරනු ලැබ සැබෑවූ අභ්‍යන්තර මනුෂ්‍යයා විවෘත හා හෙලිදරව් කරනු ලබන්නේය. එදිනදී කිසිවකුව නිදහස් කිරීමට ආගමකට නොහැකි වනුයේ, මනුෂ්‍යයා කිනම් ආගමක් තුළට උපත ලැබ බැතිමත්ව සිටියද, සියල්ලන්ම පව් කර ඇත්තේ යයි වාර්තාවන්ගෙන් පැහැදිලි වන හෙයින්, කරන ලද සියළු යහපත් ක්‍රියා - දේවස්ථාන පන්සල් කෝවිල් හට කරන ලද මුදල් හා අන් සියලු දාන පුද පූජා හා පරිත්‍යාග යනාදිවූ මෙම ආගමික ක්‍රියාවන් කිසිවකට, අපගේ පාප වාර්තාව මකා දැමීමට හැකියාවක් නොවන හෙයින්, එම සියල්ලෙන් වුවද කිසිවකු හට නිදහසක් නොවන්නේය.

අප විසින් කළ කියූ සෑම අපවිත්‍ර දෙය සමග චේතනා හා ආකල්ප පිළිබඳ දර්ශන වාර්තාව, විනිශ්චය දවසේ දී නැවත රූප රාමු ගත නොකෙරෙන ලෙස දෙවියන් වහන්සේ ඉදිරියේ සම්පූර්ණයෙන්ම මකා ඉවත් කිරීමට එකම එක ක්‍රමයක් ඇත්තේය. ඒ අපගේ යහපත් ක්‍රියා මගින් අපගේ පාපය හා නපුරු ක්‍රියා මකාලිය නොහැක. අප කළ පාපය සඳහා සාධාරණ හා ධර්මිෂ්ඨ දඬුවමක් නිකුත් කළ යුතුව ඇත්තේය. බයිබලය පවසනුයේ දිව්‍යමය ව්‍යවස්ථාවන් යටතෙහි පාපය සඳහා වන එකම දඬුවමක් වන බවත් - එයද සදාකාල මරණය යනුවෙනි. අපගේ පාපයක් සඳහා අප සියල්ලන් ලැබිය යුතු වූ විපාකය එම මරණයය.

මෙම දඬුවමින් අපව නිදහස් කිරීම පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, එනම් දෙවියන් වහන්සේගේම පුත්‍රයාණන් වහන්සේ, වසර දෙදාහකට ඉහතදී, මනුෂ්‍ය වෙස් රැගෙන මිහිපිටට පැමිණ, යෙරුසලම් නුවර කන්දක් මත කුරුසිපත්වූ සේක. එහිදී උන්වහන්සේ, මනුෂ්‍ය සංහතිය විසින් කරන ලද පාප වලට, සියලු ආගම් ලබ්ධිකයන් ගේ සෑම පාප වලට විපාක වශයෙන්වූ දිව්‍යමය දඬුවම, විඳ දරාගත් සේක. උන්වහන්සේව අසලවූ සොහොනක මිහිදන් කරන ලදී. එනමුදු, තෙදිනකින් අනතුරුව, උන්වහන්සේ සැබැවින්ම දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් බවත්, මනුෂ්‍යයාගේ පරම සතුරා වන මරණය පරාජය කළ හැකි බවත් සාධනය කරමින්, ජීවමානව එම සොහොනින් නික්මුණ සේක. තවද දින 40කින් අනතුරුව බොහෝ ජනකායගේ ඇස් ඉදිරිපිටදී, නියමිත අවස්ථාවෙහි සියලු මනුෂ්‍යයන් විනිශ්චය කිරීම පිණිස උන්වහන්සේ නැවත මිහිපිටට පැමිණෙන බවත් පොරොන්දු කරමින් ස්වර්ගස්ථවූ සේක. උන්වහන්සේ එම පොරොන්දුව නිකුත් කිරීමෙන් අනතුරුව වසර 2000 කට අධික සංඛ්‍යාවක් ඉකුත් වී ඇති අතර උන්වහන්සේ නැවත මිහිපිට පා තබන දිනය එපමණින් ළඟාවී ඇත්තේය. නුදුරු අනාගතයේ එක්තරා දිනක උන්වහන්සේ ස්වර්ගයේ සිට නැවත පැමිණීම අප ගුවන් ගැබෙහි දකින්නෙමු.

මනුෂ්‍ය වර්ගයාගේ පාපය වෙනුවෙන්, ඉතිහාසයෙහි මියගිය එකම පුද්ගලයා යේසුස් වහන්සේය. මරණින් නැගිටුණු එකම පුද්ගලයාද යේසුස් වහන්සේමය. මෙම කරුණු යුගලය හා උන්වහන්සේ අද්විතීයමය.

අද දින අපගේ පාපයන්ට සමාව ලැබ මතක දර්ශන වාර්තාව මකා ගත හැකි වනුයේ, අපගේ පාපයන් ගෙන් ඉවත්වීම පිණිස අප අව්‍යාජ අවංකභාවයෙන් ඒ පිළිබඳව පසුතැවෙමින්, යේසුස්වහන්සේගේ නාමයෙන් අප හට කමා කරන ලෙස දෙවියන් වහන්සේගෙන් අයැදිමින්, යේසුස් වහන්සේ අපගේ පාපය උදෙසා නැසී නැවත නැගිටිනු බැව් විශ්වාස කර අදහන්නමු නම් පමණකි.

එනමුදු එපමණක් නොව දෙවියන් වහන්සේ අප හට ප්‍රදානය කරන්නාවූ තවත් දෙය ඇත්තේය. අපගේ අනාගත ජීවිතයෙහි මතක පවිත්‍ර කමෙහිත්, ශුද්ධකමෙහිත්, යහපත්කමෙහිත්, වාර්තාවක් වන පිණිස, අපගේ පාපිෂ්ඨ පුරුදු පරාජය කරමින් ජීවත්වීම සඳහා, අප වෙතට පැමිණ ශුද්ධාත්මයාණන් වහන්සේ කරණකොටගෙන අප තුළෙහි වැඩ වාසය කිරීමටද උන්වහන්සේ පොරොන්දු කරන සේක.

මනුෂ්‍ය සංහතියට දෙවියන් වහන්සේ විසින් නියෝග කර පත්කරන ලද ගැලවීම සඳහා වන එකම ක්‍රමය මෙයය. ඔබ හට ඉතිරිව ඇති අනෙක් එකම විකල්පය වනුයේ විනිශ්චය දවසේදී වාර්තාගත කළ ඔබගේ මතක වාර්තාව නැවත රූපරාමුගත කර එය නරඹා තීන්දුවකට පැමිණීමය. මෙම සත්‍යය දැන උගත් පසු, හා සියලු පව්කරුන් සඳහා වන ගිනි විලෙහි සදාකාල විනිශ්චයකට මුහුණ දීමේ බැරෑරුම්කම අවබෝධ කරගත් පසු, එයින් ගැලවීමට වන එකම ක්‍රමය පිළිබඳව අන් අයට උගන්වා ප්‍රේමයෙන් යුක්තව ඔවුන්හට අනතුරු ඇඟවීම අපගේ මහත් යුතුකම හා වගකීම වන්නේය.



පරිච්ජේදය 7
ඉතිහාසයෙහි උතුම්ම සිද්ධිය ඇසුරෙන්වූ විශ්මජනක කරුණු

ලෝක ඉතිහාසයේ සටහන්ව ඇති අතිවිශිෂ්ඨ හා අති උත්තම සිද්ධීන් යුගලය වනුයේ, ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය හා නැවත නැගිටීමය. කිතුනු ඇදහිල්ල හා ධර්මය පදනම්ව ඇත්තාවූ න්‍යෂ්‍ඨියමය කරුණු යුගලයද එයමය. කල්වාරි කුරුසිය මත සිදුවූ ක්‍රිස්තුස් වහන්සේගේ මරණය කරණකොටගෙන අප හට උගත හැකිවූ පැහැදිලි සත්‍යයන් සතරක් අවම වශයෙන් ඇත්තේය.

1 මරණයෙන් ඔබ්බෙහි ජීවිතයක් ඇත්තේය.

මෙම මිහිපිට ජීවිතය සියල්ල වූයේ නම්, යේසුස් වහන්සේ කිසිවිටෙකත් මිය නොයන සේක. උන්වහන්සේ සතුව දිව්‍යමය බලය තිබූයෙන් උන්වහන්සේට අවශ්‍ය වූයේ නම්, තමන්වහන්සේගේ සතුරන්ගේ ග්‍රහණයට පත් නොවී සිටීමට හැකියාව තිබූ සේක. තවද එසේ නම්, ඔවුන් විසින් කුරැසිපත් කිරීම පිණිස උන්වහන්සේ හට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට හේතුවක් නොවන්නේය.

මරණයෙන් ඔබ්බෙහි වන ජීවිතය පිළිබඳ යථාර්ථය, හා මරණය සිදුවන සැණින් ප්‍රාණය සදාකාලික තත්වයට පිවිසීම එළිදරව් කරනුයේද, යේසුස් වහන්සේ, තමන් වහන්සේ හා සමඟ කුරැසිපත්කරන ලද සොරා හට පැවසූ, " අද නුඹ මා සමග පාරාදීසයේ සිටින්නෙහිය" යන්නා වූ වදනින් ය. යේසුස් වහන්සේ සහ එම පසුතැවෙන්නාවූ චෞරයා එකම දිනයේදී පාරාදීසයට පිවිසුණෝය.

මෙම වදන් වලංගු වනුයේ යේසුස් වහන්සේ මරණින් තෙදිනකට පසුව නැවත පැමිණීම හේතුවෙනි. යේසුස් වහන්සේ මරණය හා මරණින් ඔබ්බෙහි වන ජීවිතය පිළිබඳ පැවසූ දෙය වචනාර්ථයෙන්ම සත්‍යය බවට පැහැදිලි සාධනය වූයේ එයමය.

මරණින් ඔබ්බෙහි මෙම ජීවිතයට වඩා අතිශය වැදගත් ජීවිතයක් ඇති බැව් සිහි තබා ගන්න.

2. දෙවියන් වහන්සේ ශුද්ධය

ක්‍රිස්තුස් වහන්සේගේ මරණින් අප හට උගත හැකි අධ්‍යයනය වනුයේ, දෙවියන් වහන්සේ අනන්ත හා නිරපේක්‍ෂ ලෙස ශුද්ධව සිටින සේක් හා උන්වහන්සේ කිසිවිටක පාපය නොඉවසන සේක් යන්නය. කුරුසිය මතදී, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වන දෙවියන් වහන්සේගේ පාප රහිතවූ පුත්‍රයාණන් වහන්සේ මත ලොව පාප සියල්ල පවරනු ලැබූ විටදී, දෙවියන් වහන්සේ හට පාපය දෙස නෙත් හෙලිය නොහැකි බැවින්, උන්වහන්සේ තමන් වහන්සේගේ නෙත් පුත්‍රයාණන් වහන්සේ කෙරෙන්ද ඉවත්කර එතුමන්ව අත්හළ බැව්ද අප දකින්නෙමු. බයිබලය පවසන පරිදි " දෙවියන්වහන්සේගේ නෙත් පාපය දෙස නොබැලිය හැකි පමණට ශුද්ධ වන සේක". දෙවියන් වහන්සේගේ ප්‍රේමණීය පුත්‍රයාණන් ලොව පාපයන් තමන් වහන්සේ වෙත පවරා ගත් විටදී, උන්වහන්සේගේ විනිශ්චය එතුමන් වෙතද බල පැවැත්වූ සේක. දෙවියන් වහන්සේගේ ප්‍රේමය හේතුවෙන් උන්වහන්සේ පාපය නොසලකා නොසිටින සේක. මෙයින් දෙවියන් වහන්සේ ඉදිරියෙහි, පාපයෙහි වන භයංකාරත්වය පිළිබඳ යමක් අපට උගත හැකිය. දෙවියන් වහන්සේ අධික ලෙස ඔබ හට ප්‍රේම කරන නමුදු, ඔබ පාපයෙහි යෙදෙන්නෙහි නම්, උන්වහන්සේ තමන්වහන්සේගේ පුත්‍රයාණන් කල්වාරි කුරුසිය මත අත්හළ පරිදි නිශ්චිත වශයෙන් ඔබවද අත් හරින සේක. උන්වහන්සේ තමන් හට ප්‍රේම කරන බැවින් තම ජීවිතයෙහි වන ඇතැම් පාපයන් දෙවියන් වහන්සේ නොසලකා හරින්නේ යයි බොහෝ දෙනා සිතන්නේය. එනමුදු, එය කවරකු තුළ සම්බ වුවද පාපය නම් පාපය බැව් සිහි තබාගත යුතුය.

දෙවියන් වහන්සේ දවාලමින් විනාශ කරන ගින්නක් වැනිය. තම ජීවිතයෙහි පාපයෙන් යුක්තව සිටින්නන් උන්වහන්සේ විසින් දවා විනාශ කරන සේක. ශුද්ධවූ දෙවියන් වහන්සේ ඉදිරියෙහි අපගේ ජීවිත පිළිබඳ ගණන් දීමක් උන්වහන්සේට ලබා දීමට අප පෙනී සිටින විට, අප අපගේ ඇස් හමුවේ අන් අයට වඩා හොඳවූ අයය යන කාරණය, කිසිඳු වටිනාකමක් නැත. පාපය ලාදුරු, පිළිකා, හෝ උමතුවට වඩා බෙහෙවින් භයානකය. එය හට අපව සදාකාලිකව විනාශ කිරීමට හැකියාව ඇත්තේය.

3. දෙවියන් වහන්සේ නම් ප්‍රේමයය

ක්‍රිස්තුස්වහන්සේගේ මරණින් අප හට උගත හැකි තෙවන අධ්‍යයනය වනුයේ දෙවියන් වහන්සේ සදාකාලිකවම ප්‍රේම කරන බැව්‍ ය. දෙවියන් වහන්සේගේ ප්‍රේමය දිස්වනුයේ උන්වහන්සේ අප හට පවසන කරුණාබර වදන් හා දක්වන දයාබර කම තුළ පමණක් නොව, අපගේ පාපයෙන් හා කාලකන්නි ස්වභාවයෙන් අපව මුදා ගැනීම පිණිස උන්වහන්සේගේම පුත්‍රයාණන් හට මරණය විඳීමට සැලසුම් කිරීම තුළය. මනුෂ්‍යයකු වෙනත් මනුෂ්‍යයකු හට දක්වන ප්‍රේමයෙහි අගය හා ප්‍රමාණය හුවා දැක්වීම පිණිස, ඔහු උදෙසා තම දිවි පිදීමට වඩා මහත් හෝ උතුම්වූ ක්‍රියාවක් නොවන්නේය.

යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිපත් වීමේ වේදනා හා අපහාස සියල්ල විඳ දරා ගත්තේ, උන්වහන්සේ අප හට එපමණ ප්‍රේම කරන බැවින් අපගේ පාපයණට යුතුවූ දඬුවම උන්වහන්සේ මතට රැගෙන, අපව එයින් ගලවා නිදහස් කිරීම සඳහා පමණි. උන්වහන්සේ ශාරීරිකව, මානසිකව, හා හැඟීම් තුළ දුක් වේදනා විඳි සේක. ඒ සියල්ල අභිබවා, ස්වර්ගයෙහි විසූ උන්වහන්සේගේ පියාණන් විසින් උන් වහන්සේව අත්හළ විටදි, උන්වහන්සේ ආත්මිකව දුක් වේදනා විඳි සේක.

දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් කුරුසිය මත විඳ දරා ගත් එම දුක් වේදනා සියල්ල, දෙවියන්වහන්සේ මනුෂ්‍යයා හට කෙතරම් ප්‍රේම කරමින් ඔහුව අගය කරන්නේද යන්න පිළිබඳ දර්ශනයකි. මිහිපිටදි මනුෂ්‍යයා ඉතා අඩු අගයකින් යුක්තය. එනමුදු ඔබගේ සැබෑ අගය දැන ගැනීමට ඔබ හට අවශ්‍ය නම්, දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් වහන්සේ ඔබ වෙනුවෙන් දිවිපිදූ කුරුසිය වෙත ඔබ යා යුතුය. දෙවියන් වහන්සේ ඔබව එතරම් අගය කරන සේක.

බයිබලය තුල දෙවියන්වහන්සේ මනුෂ්‍යයා හට දක්වන ප්‍රේමය, මවක් දරුවකු හට දක්වන්නාවූ ප්‍රේමය හා සංසන්දනය කරන්නේය. දරුවකු තුළ වන ඕනෑම රෝගයක් හෝ දෝෂයක් තමන් වෙතට පවරා ගෙන තම දරුවා හට සුවය හා නිදහස ලබාදීමට මවක් ප්‍රියව උත්සුක වන්නාක් මෙන්, මනුෂ්‍යයාගේ පාපයනට යුතු දඬුවම තමන් වහන්සේ වෙතට පවරාගෙන මනුෂ්‍යයා නිදහස් කිරීමට දෙවියන් වහන්සේ ප්‍රිය වන සේක.

දෙවියන් වහන්සේගේ පරිපූර්ණ ප්‍රේමය හා පරිපූර්ණවූ ශුද්ධකම සම්මුඛ වනුයේ කුරුසියෙහිදීය. පරිපූර්ණ ශුද්ධකම, මනුෂ්‍යයා හට මරණයේ දඬුවම - එනම් පාපයේ කුලිය වන මරණය පැමිණවීම අය කර සිටියේය. පරිපූර්ණවූ ප්‍රේමය, එය මනුෂ්‍යය වේශය දරමින් එම දඬුවම විඳීමය.

4. ගැලවීම පිණිස වෙනත් කිසිම ක්‍රමයක් නොමැත

ක්‍රිස්තුස්වහන්සේගේ මරණයෙන් පළිඟු මෙන් පැහැදිලි වන්නාවූ තවත් සත්‍යයක් වනුයේ, දේව දඬුවමින් ගැලවුම පිණිස වෙනත් කිසිම ක්‍රමයක් නොතිබීමය.

දඬුවමින් ගැළවුම පිණිස වෙනත් ක්‍රමයක් තිබූයේ නම්, දෙවියන් වහන්සේ එම ක්‍රමය උපයෝගි කර, තමන් වහන්සේගේ පුත්‍රයාණන් හට එපමණ දුක් වේදනා විඳීමට අවකාශ නොසළකන සේක. යහපත් ජීවිතයක් ගත කළ පමණින් අප හට දෙවියන් වහන්සේගේ අබිමුවට යාමේ හැකියාව අත් වන්නේ නම්, තමන් වහන්සේගේ පුත්‍රයාණන් හට අනවශ්‍ය ලෙස කුරුසිය මත දුක් වේදනා විඳ මියයාමට පිළියෙල කිරීම අඥාන ක්‍රියාවකි.

අප දෙවියන් වහන්සේට වඩා ප්‍රඥාවන්තව නොසිටින්නෙමු. අනන්තවූ ශුද්ධකමෙහිද, අනන්තවූ සාධාරණ යුක්තියද අයකිරීම, මධ්‍යස්ථ ප්‍රතිපදාවක නොපිහිටා ඉටුකරමින්, මනුෂ්‍යයාව ඔහුගේ අකරතැබ්බයෙන් මුදා නිදහස් කිරීමට වෙනත් ක්‍රමයක් සිතාගැනීමට අනන්තවූ ප්‍රඥාව හට නොහැකි වුවේද? තවද ඒ සඳහා වූ එකම ක්‍රමය නම් දුක් වේදනා විඳීම වුවද, මනුෂ්‍යයා මුදා නිදහස් කරගැනීම පිණිස, එය එම අයුරින් ඉටුකිරීමේ මග යාමට අනන්තවූ ප්‍රේමය කැමතිවූ සේක.

දිව්‍යමය දඬුවමින් ගැලවීම පිණිස වෙනත් ක්‍රමයක් ඇත්තේ යයි සිතාගැනීම, අප දෙවියන් වහන්සේට වැඩියෙන් ප්‍රඥාවන්ත යයි සිතා ගැනීමය. තවද එය අපගේ චින්තනයේ වන අත්‍යාධික අනුවණකම දක්වන්නාවූ දර්ශකයකි.

ක්‍රිස්තුස්වහන්සේගේ මරණය අප හට උගන්වනුයේ කුමක්දැයි අප අවබෝධ කරගෙන සිටින්නෙමුද? එසේනම් අප හට දැක්විය හැකි වූයේ එකම එක් ප්‍රතිචාරයකි. එනම් අපගේ ජීවිත කාලයටත් සදා කාලයටත් ක්‍රිස්තුස් වහන්සේට භාර කරමින් අවනත වීමය. කරුණු හා යේසුස් වහන්සේ පිළිබඳ බුද්ධිමය පිළිගැනීමකින් යුක්ත වීම අර්ථ රහිතය. අපගේ ස්වාධීන හා නිදහස් කැමැත්තෙන් වන ප්‍රතිචාරය දෙවියන් වහන්සේ අපේක්‍ෂා කරන සේක.


පරිච්ජේදය 8
ඉතාමත්ම අති විශ්මජනක සිද්ධිය

අප සියල්ලෝම පාළු කතරක ගමන් කරමින් පිපාසයෙන් මිය යන්නවුන් වැනිය. යමෙකු හට යම් ස්ථානයක ජලය සම්භවූ විටදී, ඔහු නිසැකවම අන් අය හට ඒ බව දැන්වීමට ප්‍රිය වන්නේය. අන් අය හට එය පානය කිරීමට බලපෑමක් කිරීමට ඔහුට නුපුළුවන. එනමුත් ක්‍ෂේම භූමිය තිබෙන්නාවූ ස්ථානය ඔවුන් හට පෙන්වා දිය හැක. අප කරමින් සිටිනුයේද එම දෙයමය - ඒ සඳහා පිපාසයෙන් සිටින්නාවූ සියල්ලන් හට සදාකාල ජීවනය නොමිලේ ලබා ගත හැකි ස්ථානයක් පෙන්වා දීමය.

ලොවෙහි වන අති උත්තම හා අති විශ්මජනක සත්‍යය වනුයේ, මෙලොව සිටින අතිමහත් හා දරුණුම පව්කරු හට ඔහු දෙවියන් වහන්සේව උද්‍යෝගයෙන් සොයන්නේ නම්, එක් මොහොතකින් ඔහුට දෙවියන් වහන්සේගේ දරුවකු වීමට හැකියාව තිබීමය.

ඔබ මහමඟ ගමන් කරන විටදී ඔබගේ ශත 05ක කාසියක් බිම වැටී නොපෙනී ගියේ නම්, එය සෙවීම පිණිස ඔබ කෙතරම් කාලය ගත කරන්නේද? ඇතැම් විට විනාඩියක්වත් නොවන්නේය! එනමුදු, ඔබගේ රු 1000/- නෝට්ටු මිටියක් අවතැන් වූ යේ නම් එය සෙවීමට ඔබ කෙතරම් කාලය යොදවන්නේද? ඔබ එය සම්භවනතුරු සොයන්නේය. බොහෝ ඇතැමුන් දෙවියන් වහන්සේ හට සලකනුයේ ශත 05ක කාසියක් ලෙසින්‍ ය. උන්වහන්සේව ඔවුන්හට සම්භ නොවීම අරුමයක් නොවන්නේය! උන්වහන්සේ එයට වඩා මහත් වැඩියෙන් අගනේය. සැබැවින්ම රු 1000/- නෝට්ටු විශාල පොදියකට වඩාද අගනේය.

දෙවියන් වහන්සේ හට රොබෝවරුන් අවශ්‍ය නැත. උන්වහන්සේට අවශ්‍ය වනුයේ පුතුන්‍ ය. එහෙයින් උන්වහන්සේ අප හට නිදහස් හා ස්වාධීන තෝරා ගැනීමේ කැමැත්තක් දී ඇති සේක. එහෙයින් උන්වහන්සේට කීකරු වීමට හෝ අකීකරු වීමට අපට තෝරාගෙන තීරණය කළ හැකිය. මෙම ස්වාධීන හා නිදහස්ව තීරණ කරා එළඹීමේ ශක්තිය උන්වහන්සේට අකීකරු වීම පිණිස යෙදීමෙන් අප සියල්ලෝ නොමඟ ගොස් සිටින්නෙමු. පාපය අපගේ ජීවිත නාස්තිය කරා පමුණුවා ඇත්තේ පමණක් නොව එය අපගේ පවුල්ද විනාශ කර ඇත්තේය. එය අපව මිහි පිටදි කාලකන්නි කර අවසාන වශයෙන් අපව සදාකාලයට නිරයට පමුණුවන්නේය.

එනමුදු වත්මන්ව දෙවියන් වහන්සේ අපව පසුතැවීම (එනම් අපගේ පාපිෂ්ඨ ජීවිත රටාවේ ක්‍රමයෙන් ප්‍රතිවිරුද්ධ දිසාවට දෙවියන්වහන්සේ වෙතට හැරීම) කරා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මරණය තුළින් අපගේ ඉකුත් පාපයනට පූර්ණ කමාවක් නොමිළයේ ලබන පිණිස කැඳවන සේක.

දැන්ම එම තීරණය කර ගන්න. එවිට ඔබ හට මොහොතකින් දේව දරුකම ලැබ ගත හැක. ඔබ මෙය යථාර්ථවාදීව අවබෝධ නොකර ගත්තේ වුවද එය ජීවිතය හා මරණය සම්බන්ධ තීරණයකි.


වහාම මෙම යාඥාව නොකල යුතු ද:

" ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්ස, මා විනිශ්චය හා දඬුවම ලැබිය යුතු පව් කරුවකු බැව් පිළිගන්නෙමි. මා හට විඳිය යුතුව තිබූ දඬුවම ඔබ වහන්සේ රැගෙන මා වෙනුවෙන් කුරුසියෙහි මියගොස්, මරණින් පසු සොහොනින් නික්ම පැමිණීම නිසා ඔබවහන්සේට ස්තුතිවන්ත වෙමි. මාගේ පාපිෂ්ඨ ජීවිත රටාව අත්හැර දැමීමට මා සැබවින්ම ආශාවෙමි. ස්වාමිවූ යේසුස් වහන්ස, මාගේ සිත තුළට වැඩම කළ මැනව. මාව පවිත්‍ර කර නව ජීවිතයක් මෙතැන් පටන් ආරම්භ කිරීමට මා හට උපකාර කළ මැනව. ඔබවහන්සේව ගෞරවයට හා මහිමයට පැමිණවීම පිණිස ජීවත්වීමට ඔබවහන්සේගේ බලය මා හට දානය කළ මැනව. මාගේ යාඥාවට සවන් දී පිළිතුරු දෙන බැවින් ඔබ වහන්සේට ස්තූති වේවා.”

ඔබගේ මුළු ජීවිත කාලය තුළෙහිදී කළ වැදගත්ම තීරණය මෙය වන්නේය.


දේව ආශිර්වාද බහුලව ලෙසින් ඔබට ලැබේවා


- ආමෙන් -