සැබෑ සත්‍යය

    Download Formats:

පරිච්ජේදය 1
නපුර​ පිළිබඳ සැබෑ සත්‍යය

ලෝකයේ වසන මනුෂ්‍යයන් දැඩි ලෙස තේරුම් ගැනීමට උත්සාහ කරණ මහත් අභිරහස් අතුරින් එකකි නපුර පිළිබඳ අභිරහස සියලූ ප්‍රඥාවෙන් පූර්ණ, යහපත්, දෙවියන්වහන්සේ විසින් මවන ලද ලෝකයට නපුර ඇතුලත් වූයේ කෙසේද ?
ලෝකයේ සෑම ස්ථානවල නපුර ඉහළ ස්ථානයක් ගෙන ඇත්තේ ඇයි? මේ තරම් ලෙඩ රෝග, දිළිඳුකම, දුක සහ වේදනාව සෑම තැනම ඇත්තේ ඇයි? මේ සම්බන්ධයෙන් අපට පිහිටවීමට දෙවියන්වහන්සේට උවමනාවක් නැද්ද? මෙම ප්‍රශ්න වලට පිලිතුරක් අවශ්‍යය. බයිබලය මේ ගැන අපට පිළිතුරක් ලබාදෙයි.
අප මින් ඉදිරියට යාමට ප්‍රථම, දෙවියන්වහන්සේ ගැන සමහර කරුණු පැහැදිලි කරගත යුතුය.
දෙවියන්වහන්සේ සදාකාලිකව වැඩ වාසය කරණ සේක. උන්වහන්සේට ආරම්භයක් නැත. අප සීමාවී සිටින කාලයට උන්වහන්සේ සීමාවී නැත. උන්වහන්සේ එයින් පිටත සිටින සේක. මෙම කාරණය අපට අවබෝධ කරගැනීමට අපහසු වනු ඇත. එසේ වන්නේ කෝප්පයකට සාගරයක ජලය දැමිය නොහැකි සේ අපගේ මනසට දෙවියන්වහන්සේගේ ප්‍රඥාවේ විශාලත්වය දරා ගැනීමට නොහැකි වන නිසාය. බයිබලයේ මුල් පදය ආරම්භ වන්නේ මෙලෙසය.
..පටන්ගැන්මේහිදී දෙවියන්වහන්සේ....... (උප්පත්ති 1:1)
පැවතුනු සදාකාලය මුලූල්ලේ දෙවියන්වහන්සේ වැඩ වාසය කල බවට බයිබලය විස්තර කිරීමක් නොදක්වන අතර මෙය පවත්නා සත්‍යයක් වශයෙන් ප්‍රකාශ කරයි.
මනුෂ්‍යයා සමඟ පුද්ගලික සම්බන්ධතාවයක් ඇතිව සිටීමේ අභිලාෂයක් ඇති තැනැන්වහන්සේ ලෙස බයිබලයේ දෙවියන්වහන්සේව එලිදරව් කරයි. අපි දන්නා ලෙස උන්වහන්සේ මනුෂ්‍යයෙක් නොවේ. උන්වහන්සේ ආත්මයක්‍ය. එලෙස උන්වහන්සේ සෑම අයුරකින්ම සීමා රහිත වූ නොවෙනස්වන්නාවූ ස්වභාවයක් ඇතිව සිටින සේක. තවද උන්වහන්සේ සියලූ බලය ඇති සියල්ල දන්නා වූ, අසීමිත වූ, ප්‍රඥාවන්ත වූ, අසීමිතව ප්‍රේම කරන සහ අසීමිතව ශුද්ධ වූ තැනන්වහන්සේය.
දෙවියන්වහන්සේගේ අසීමිත ප්‍රේමය ආත්මාර්ථකාමීත්වයෙන් තොරය. මේ හේතුවෙන් මුල සිටම උන්වහන්සේගේ අභිප්‍රාය වූයේ අන්‍යයන් සමඟ උන්වහන්සේගේ ප්‍රීතිය භූක්තිවිඳීමටය.
ඉන්පසු දෙවියන්වහන්සේ ජීවමාන ප්‍රාණීන් මැවූ සේක. පලමුව උන්වහන්සේ දශලක‍ෂ සංඛ්‍යාත දේවදූතයන් මැවූ සේක. මෙසේ කරණු ලැබුවේ උන්වහන්සේගේ මහිමය සහ ප්‍රීතිය දේවදූතයන් සමග භූක්ති විඳීම පිණිසය. දේවදූතයන් මවනු ලැබුවේ, උන්වහන්සේ විසින් මනුෂ්‍යයා මැවීමට බොහෝ කලකට පෙරය.
දේවදූතයන් අතරේ නායකයා වීමට උන්වහන්සේ එක් දූතයෙක් මැවූසේක. ඔහුගේ නාමය ලූසිෆර් විය. මෙම නම දැන් කාලයේ නපුර පිළිබඳ සංඛේතවත් කරණ නාමයක් වුවත් මුලදී මේ නම අන් දේවදූතයන්ට වඩා ප්‍රඥාවෙන් පූර්ණ වූ, ශෝභමානකමින් අගතැන් වූ දේවදූතයාගේ නාමය විය. ඔහු සියලූ දේවදූතයන්ගේ නායකයා විය.
ස්වාමීන්වහන්සේ ලූසිෆර් ගැන මෙසේ සඳහන් කරයි -

..නුඹ සම්පූර්ණකම මුද්‍රාකරන්නාවූ ප්‍රඥාවෙන් පිරී අලංකාරකමෙන් සම්පූර්ණව සිටිනෙහිය...... නුඹ මවනු ලැබූ දා පටන් නුඹ තුල අධර්මිෂ්ඨකම සම්බවෙන තුරු නුඹේ මාර්ගවල නුඹ සම්පූර්ණව සිටියෙහිය.. (එසකියෙල් 28 12-15)

දෙවියන්වහන්සේ මැවූ තාරකා සහ වෘක්‍ෂලතා මෙන් නොව, ලූසිෆර් සහ අනිකුත් දේවදූතයන්ට නිදහස් කැමැත්තක් තිබූ බැවින් එමගින් උන්වහන්සේට කීකරු වීමේ හෝ අකීකරු වීමේ හැකියාව තිබුණි. සදාචාරාත්මක පුද්ගලයෙකු වීමට, කෙනෙකුට නිදහස් කැමැත්තක් තිබීම මූලික අවශ්‍යතාවයක් වේ. තාරකා සහ වෘක්‍ෂලතා වලට යහපත හෝ නපුර කිරීමේ හැකියාවක් නැත. මෙලෙස වන්නේ ඒවාට තීරණය ගැනීමේ හැකියාවක් නොමැති නිසාය. මේවා දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට නිරායාසයෙන්ම කීකරු වේ. මන්ද ඒවා මවනු ලැබුවේ නිදහස් කැමැත්තක් ඇති හැකියාව නොමැතිවය. එම නිසා මේවාට දෙවියන්වහන්සේගේ දරුවන් වන්නට බැරිය. යාන්ත්‍රික රොබෝවක් එය නිර්මාණය කල විද්‍යාඥයා නියම කරන සියලූ අණ ක්‍රියාත්මක කරන පිණිස සැකසුම් කල හැකිය. මෙලෙස රොබෝව ක්‍රියාත්මක වන අතර, විද්‍යාඥයාගේ පුත්‍රයා මෙන් කිසිලෙසකින්වත් පැමිණිලි කරන්නේ නැත. නමුත් රොබෝවකුට කිසිදා ඔහුගේ පුත්‍රයා වන්නට නොහැකිය. සදාචාරාත්මක පුද්ගලයෙකු වීමට අවශ්‍ය දෙවන ප්‍රධාන අවශ්‍යතාවය නම් හෘද සාක්‍ෂියයි. සත්වයන්ට සහ පක්‍ෂීන්ට ඉවෙන් දේවල් කිරීමට තෝරා ගත හැකිය. එහෙත් මොවුන් සදාචාරාත්මක ජීවීන් නොවන්නේ හෘද සාක්‍ෂියක් නොමැති නිසාය. එම නිසා මොවුන්ට ශුද්ධව හෝ පව්කාර ලෙස සිටීමට නොහැකි වන අතර දෙවියන්වහන්සේගේ දරුවන් වීමටද බැරිය. මන්ද දෙවියන්වහන්සේ සදාචාරාත්මක ගුණාංග ඇති තැනැන්වහන්සේය. එලෙසම පක්‍ෂීන්ට සහ සිවුපාවුන්ට ඔබගේ දරුවන් වන්නටද නොහැකිය.
බල්ලෙකුට අපගේ සෑම අණකට කීකරු වීමට පුහුණු කල හැකිය. නමුත් බල්ලෙකුට කිසිසේත් අපගේ දරුවෙක් වන්නට බැරිය. මන්ද ඔබගේ දරුවාට ඔබගේම ස්වභාවය තිබිය යුතුය. ඔබගේ බල්ලාට එවැනි ස්වභාවයක් නැත. දෙවියන්වහන්සේ මනුෂ්‍යයා මවනු ලැබුවේ උන්වහන්සේගේ ස්වරූපය සහිතවය. මේ හේතුවෙන් අපට උන්වහන්සේගේ දරුවන් වීමේ හැකියාව ඇත. හෘද සාක්‍ෂිය නමැති අප තුලින් නික්මෙන්නාවූ හඬ තුලින් අප සදාචාරාත්මක ගුණාංග ඇති අය බව සිහිපත් කරණ අතර අප දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව කඩ කරන විට අපව වරදට පත් කරයි.
දේවදූතයන් මවනු ලබුවේ නිදහස් කැමැත්තක් සහ හෘදසාක්‍ෂියක් ඇතිවය. මේ හේතුවෙන් මැවිල්ලේ මුල් සමයේදී ඔවුන්ට අද්වීතීය තත්වයක් තිබුණි. දේවදූතයන් සදාචාරාත්මක ගුණාංග ඇති අයවලූන් ලෙස සිටියෝය. නමුත් ඔවුන්ගේ නායකයා වූ ලූසිෆර් තුල අයහපත් සිතුවිලි සහ අරමුණු ඇතිවන්නට යෙදුනි.
විශ්වයේ පලමු වතාවට නපුර ආරම්භවූයේ මේ අවස්ථාවේදීය. ලූසිෆර්ගේ සිතුවිලි අයහපත් වූවා පමණක් නොව ඒවා උඩඟු කැරළිකාර වියවුල් සහගත ඒවා විය. මෙතෙක් විශ්වය පූර්ණ පවිත්‍රතාවයෙන් පැවතුනේය. නමුත් දැන් නිදහස් කැමැත්තක් ඇතිව මවනු ලැබූ තැනැත්තාගේ හදවත තුල නපුර හිස ඔසවන්නට විය. නපුර පළමුකොට ආරම්භවූයේ හදවත තුල බව අප සිහිතබාගත යුතුය. මුලින් මෙයට පිටත බලපෑමක් නොවීය. අදත් නපුර ආරම්භ වන්නේ සිත තුලය.ලෝකයට නපුර ගෙනාවාවූ පළමුවන පාපය වූයේ උඩඟුව බව අප සිහිතබා ගත යුතුය. දෙවියන්වහන්සේගේ සමීප අභිමුඛයෙන් ලූසිෆර්ව පහ කරන ලදී. ඒ මොහොතේ සිට ලුසිෆර්, සාතන් යන නමින් හඳුන්වනු ලබයි.
බයිබලය සාතන්ගේ වැටීම විස්තර කරණු ලබන්නේ මෙලෙසය. (යෙසායා 141:2-15)
..අලූයම් පුත්‍රය, නුඹ ස්වර්ගයෙන් වැටුණු හැටි ජාතීන් හෙළාදැමුවාවූ නුඹ බිමට සිඳ දමනු ලැබූ හැටි නුඹ සිත තුල සිතාගෙන මම ස්වර්ගයට නැගී, මාගේ සිංහාසනය දෙවියන්වහන්සේගේ තාරකාවලට උඩින් තබා උතුරේ ඉතා දුර සීමාවල තිඛෙන රැස්වීමේ කන්ද පිට හිඳගන්නෙමි. මම වලාකුල් මුදුන් පසුකොට ඉහළ නගින්නෙමි. මහෝත්තමයාණන්ට සමානවන්නෙමියි කීයෙහිය. එහෙත් නුඹ පාතාලය නම් වළේ ගැඹුරටම බසිනවා ඇත. ..
සාතන් පහ කරණු ලැබූ අවස්ථාවේදී ඔහු සමග ඔහුගේ කැරැල්ලට සම්බන්ධ වීමට දශලක්‍ෂ සංඛ්‍යාත දේවදූත සමූහයක් එක්කර ගැනීමට ඔහු සමත්විය. මෙම මහත් සංඛ්‍යාව ස්වර්ගයේ සිටි මුළු දේවදූතයින්ගෙන් 1⁄3 ක ප්‍රමාණයක් විය. (එළිදරව් 12 4) දෙවියන්වහන්සේ ඔවුන් සමඟ ලූසිෆර්ද ස්වර්ගයෙන් පහ කල සේක. මෙම වැටුවානූ දේවදූතයන් නපුරු ආත්ම ලෙස ක්‍රියා කරමින් අද දවසේත් මනුෂ්‍යයන්ට හිරිහැර සහ පීඩා කරන්නෝය. සමහරවිට ඔබ නපුරු ආත්ම නිසා හෝ වෙනත් අය ඔබට විරුද්ධව කරණ ලද යක‍ෂ බන්ධන නිසා පීඩා විඳිනවා ඇත. එසේ නම් බයිබලය ඔබට යහපත් ආරංචියක් ලබාදෙයි. ඔබට සදහටම මෙම පීඩාවලින් සම්පූර්ණයෙන් නිදහස් වීමට පුළුවන.
මෙම පොත ඔබ අවධානයෙන් කියවා අවසාන වූ විට දෙවියන්වහන්සේට ඔබ වෙනුවෙන් මොනතරම් හාස්කම් කල හැකිද යන කාරණය පැහැදිලි වනවා ඇත.
සමහර අය දැන් අසන ප්‍රශ්නයක් නම් ..මේ ලෝකයේ තිඛෙන සියලූ ආකාර නපුරට හේතුව සාතන් නම් දෙවියන්වහන්සේ සාතන් සහ සියලූ නපුරු ආත්ම විනාශ නොකරන්නේ ඇයි?.. යන්නයි
දෙවියන්වහන්සේට මෙය කිරීමට අවශ්‍ය නම්, එක මොහොතකින් එය කල හැකිය. නමුත් උන්වහන්සේ එසේ නොකරන සේක.
මෙයින් ඔප්පුවන්නේ දෙවියන්වහන්සේ, උන්වහන්සේගේ අසීමිත ප්‍රඥාව තුල, සාතන්ටත් ඔහුගේ සගයන් වූ යක‍ෂ ආත්ම වලටත් ක්‍රියා කිරීමට ඉඩදීම සම්බන්ධයෙන් උන්වහන්සේට යම් අරමුණක් හා හේතුවක් තිඛෙන බවය. මෙම අරමුණේ කොටසක් නම් මෙලොව ජීවිතය මනුෂ්‍යයාට අපහසු, අවිනිශ්චිත, භයානක තත්වයක් තුල තමාගේ පහසුව පමණක් මෙලොව නොසොයා සදාකාලික ජීවිතය ගැන හැඟීමක් ඇතිවී මනුෂ්‍යයා දෙවියන්වහන්සේ වෙතට හැරෙන පිණිසය.
මෙලොව ජීවිතය ලෙඩරෝගයෙන් පීඩාවලින් දුගීකමින් දුක්විඳීමෙන් තොරවූ සැපපහසු එකක් වූයේ නම්, කිසිවෙක් දෙවියන්වහන්සේ ගැන සිතන්නට යොමු වන්නේ නැත. එම නිසා දෙවියන්වහන්සේ මෙලොව ජීවිතයේ දුක, අවිනිශ්චිතකම, පීඩාව උපයෝගී කරගනිමින් මේවා තුලින් මනුෂ්‍යයාට උන්වහන්සේ ගැන සිතන්ටත් උන්වහන්සේ වෙතට හැරෙන්ටත් පාවිච්චි කරණ සේක.
යක‍ෂයා විසින් ගෙන එනු ලබන රෝග සහ පරික‍ෂා ප්‍රේමවන්ත දෙවියන්වහන්සේගේ අවසරය ඇතුව එන ප්‍රශ්න වන අතර, ඒවා තුලින් අපව උන්වහන්සේ වෙතට හරවා ගැනීමට ක්‍රියාත්මක වේ. මේ ආකාරයෙන් මේවා, උන්වහන්සේ අප කෙරෙහි ඇති ප්‍රේමය පෙන්වන සංඛේත වේ.
දෙවියන්වහන්සේට බොහෝ සේ ලංව සිටියාවූ ව්‍යාපාරිකයෙක් ගැන කථාවක් මා අසා ඇත. ඔහුගේ ව්‍යාපාරය දියුණුවන අතර ඔහු උන්වහන්සේගෙන් ඈත් විය. සභාවේ වැඩිමහලූන් ඔහුව නැවත දෙවියන්වහන්සේ වෙත හරවා ගැනීම පිණිස නැවත නැවතත් ඔහුට කථා කලත් ඔහු තමාගේ ව්‍යාපාර සමඟ තදින් බැඳී සිටියේය. දිනක් ඔහුගේ පුත්‍රයන් තිදෙනාගෙන් බාලයා විසකුරු සර්පයෙක් විසින් දෂ්ඨ කරණු ලැබ බරපතල අසාධ්‍ය තත්වයකට පත්වුනි. දොස්තර වරුන් පවා ඔහුව සුවකර ගැනීමේ සියළු බලාපොරොත්තු අත්හැරියෝය. බොහෝ සේ කැළඹීමට පත් වූ පියා තමාගේ පුත්‍රයාට යාච්ඤා කරණු පිණිස සභාවේ වැඩිමහල්ලන් කැඳවූයේය. ප්‍රඥාවෙන් පිරී වැඩිමහල්ලෙක් පැමිණ මෙලෙස යාච්ඤා කලේය. ..ස්වාමිනී මේ දරුවා සපා කෑමට මෙම සර්පයා එවීම ගැන ස්තූතියි. මන්ද ඔබ වහන්සේ ගැන සිතීමට මෙම පවුල යොමු කර ගැනීමට මට මෙතෙක් කිසිසේත් නොහැකි විය. මට අවුරුදු හයක් තුල කරන්නට බැරි වූ දේ මේ සර්පයා මොහොතකින් කර ඇත. ඔවුන් දැන් පාඩම ඉගෙන ගෙන තිඛෙන නිසා ස්වාමිනි දැන් මේ දරුවා සුව කල මැනව.. එලෙසම ස්වාමීනි ඔබ වහන්සේ වෙත යොමුවෙන පිණිස සර්පයන් එන්නට අවශ්‍යතාවයක් නැවත නොවන්නට කරුණා කල මැනව..
තමන්ට තදබල අසනීපයක් හෝ පිළිකාවක් නිසා හදිසියේ ආරෝග්‍යශාලාවට යෑමට සිදුවනතෙක්, දෙවියන්වහන්සේ ගැන කිසිසේත් සිත යොමු නොකරණ අය සිටිති. එවැනි අවස්ථාවකදී ඔවුන් දෙවියන්වහන්සේ වෙත හැරී ගැලවීම ලබාගන්නෝය. සුව නොවන රෝග, අසනීප, දිළිඳුකම, සහ වෙනත් ලෝකයේ ඇති නපුරු දේ මනුෂ්‍යයන් පාපයෙන් හරවන පිණිස දෙවියන්වහන්සේ ඒවා භාවිතා කරණ සේක. මෙලෙස උන්වහන්සේ ඔවුන්ට ස්වර්ගයේ තිඛෙන තමන්ගේ සදාකාලික නිවස වෙත යන්නට මඟ පෙන්වන සේක මේ ආකාරයෙන් දෙවියන්වහන්සේ සාතන් විසින් සිදුකරන නපුරු දේම පාවිච්චි කර සාතන්ගේ ග්‍රහණයෙන් මනුෂ්‍යයන් මුදවා සදාකාල ගැලවීමට ගෙන එන සේක.
මෙලෙස දෙවියන්වහන්සේ නැවත නැවතත් සාතන්ව මෝඩකමට පත්කරන සේක. අන්‍යයන් වෙනුවෙන් හෑරූ වලටම නැවත නැවතත් සාතන්ව තල්ලූ කරනු ලබයි.
සාතන්ට ක්‍රීයා කිරීමට දෙවියන්වහන්සේ විසින් ඉඩ සලස්වන තවත් හේතුවක් නම් උන්වහන්සේගේ දරුවන් පවිත්‍ර කරන පිණිසය. උදාහරණයක් වශයෙන් ගින්දර ගැන බලමු. ලෝක ඉතිහාසයේ දස ලක‍ෂ ගණන් මිනිසුන් ගින්නෙන් පිලිස්සී මියගොස් ඇති බව අප දනිමු. නමුත් කිසිවෙක් ගින්දර පාවිච්චි කිරීමෙන් වැලකී සිටින්නේ නැත. මෙයට හේතුව කුමක්ද ? ආහාර පිසීම පිණිස ගින්දර අවශ්‍යය. එලෙසම රථ වාහන ගුවන් යානා සහ යන්ත්‍ර ක්‍රියාත්මක කරණ පිණිසද, රන් පවිත්‍රකරණ පිණිසද, ගින්දර අවශ්‍ය දෙයකි. එම නිසා ගින්දර වල හානිදායක ස්වභාවයක් තිබුනත් ප්‍රයෝජනවත් දේ කරගැනීමට ද උපකාර වේ.
මෙලෙසම සාතන් නපුරෙන් යුක්තව සිටිමින් අන්‍යයන් නොමඟ යැවීමට කටයුතු කරතත්, දෙවියන්වහන්සේ, උන්වහන්සේගේ කාරණා කර ගන්නා පිණිස ඔහුව පාවිච්චි කරන සේක. දෙවියන්වහන්සේගේ දරුවන් නොයෙකුත් දරුණු පීඩා සහ පරික‍ෂා තුලින් සෝදිසි කරන්ට උන්වහන්සේ සාතන්ට අවසර දෙන්නේ ගින්න තුලින් පවිත්‍රවන රත්‍රන් මෙන් මේවා තුලින් ඔවුන් වඩා පවිත්‍රකමට සහ ශුද්ධ කමට පැමිණවීම පිණිසය.

පරිච්ජේදය 2
පාපය පිළිබඳ සැබෑ සත්‍යය

සමහර මිනිසුන් සතුන් වගේ හැසිරෙන්නේ ඇයි ?
මෙයට පිළිතුර වන්නේ - ඔවුන්ට උවමනාව තිඛෙන්නේ තමන්ගේ ශාරීරික අවශ්‍යතා සහ පොළොවේ ඔවුන්ගේ ජීවත්වීම ගැන පමණක් නිසාමය.
සතෙකුට උවමනාව ඇත්තේ කුමක් ගැනද ? කෑම, නිදාගැනීම සහ ලිංගික සතුටය. මනුෂ්‍යයෙකුට, මෙම කාරණාවල් ගැන පමණක් උවමනාවෙන් සිටිනවානම් එම තැනැත්තා සත්වයෙකුගේ තත්වයට බැස ඇති බව පැවසීමට හැකිය.
නමුත් දෙවියන්වහන්සේ මනුෂ්‍යයා මවා තිඛෙන්නේ සත්වයෙකු මෙන් සිටීමට නොව, උන්වහන්සේ අපව මවා තිඛෙන්නේ උන්වහන්සේ මෙන් සදාචාරාත්මක ලෙස ධර්මිෂ්ඨ ලෙස, තමා පාලනය කර ගනිමින් යහපත් චරිතයක් ඇතුව සිටීමට මිස සත්ව ආශාවන්ට පමණක් වහලෙකු වීමට නොවේ.
අප සත්වයන්ට වඩා උගත් වූවත් බුද්ධිමත් වූවත් ඒවායින් අප සත්වයන්ට වඩා හොඳ තත්වයකට ගෙන එන්නේ නැත. උගත් බුද්ධිමත් අයවලූන් පවා කෑදරකමට, ආත්මාර්ථකාමීත්වයට, වැරදි ලිංගික තෘෂ්ණාවන්ට, කෝපයට යනාදී දේවලට වහලූන්ව සිටිති.
අපගේ මනසට වඩා ගැඹුරින් පිහිටි කොටසක් ඇත. එය නම් දෙවියන්වහන්සේ ගැන අවබෝධය ගෙන දෙන ආත්මයයි. සතුන්ට මෙම ආත්මය නැත.
කළින් සඳහන් පරිදි, දෙවියන්වහන්සේ අපව මවා තිඛෙන්නේ කැමති දේ තෝරා ගැනීමේ බලය ඇති සදාචාරාත්මක අයවලූන් ලෙසය. කැමති දේ තෝරා ගැනීමේ බලය තිබීම භයානක වන්නේ එය අපව සතුටු කරන දේ කිරීමට භාවිතා කරමින් දෙවියන්වහන්සේගේ වචනයට පිටුපා යෑමෙන්‍ය. නමුත් දෙවියන්වහන්සේ මෙම අවදානම ගැනීමට කැමති වූ සේක. මන්ද උන්වහන්සේට අවශ්‍ය වූයේ ඔවුන් උන්වහන්සේව කැමැත්තෙන්ම තෝරා ගැනීමටය. මේ ලෝකයේ තිඛෙන සියළු වියවුල්, රෝග සහ නපුර, මනුෂ්‍යා දෙවියන්වහන්සේට අකීකරුවී යක‍ෂයාට ඇහුම්කම් දීමේ ඝෘජු ප්‍රථීපලයක් වශයෙන් ඇති වූ ඒවාය.
දෙවියන්වහන්සේ විසින් මවන ලද මුල් පුරුෂයා සහ ස්ත්‍රිය ආදම් සහ ඒව යනුවෙන් හඳුන්වන ලදී. මැවීමේ මුල් අවධියේදී මනුෂ්‍යයා නිර්මලව සිටියේය. ඔවුන්ට ශුද්ධව සිටීමට ඔවුන් විසින්ම තෝරා ගත යුතුව තිබුණි. ඔවුන්ට තෝරා ගැනීමක් කරණ පිණිස, පරික‍ෂාවට ලක්වීම සිදුවිය යුතුව තිබුණි. පරීක‍ෂාවට මුහුණ දීම තුලින් ඔවුන්ට නපුර ප්‍රතිප කර ඒ වෙනුවට දෙවියන්වහන්සේ තෝරාගැනීම හැකිවන්නේය. එම නිසා, මනුෂ්‍යයා පරික‍ෂාවට ලක් කිරීමට දෙවියන්වහන්සේ සාතන්ට ඉඩ දුන්සේක. මේ සම්බන්ධව අප බයිබලයේ පලමුවෙනි පොතවූ උප්පත්ති 2 වන සහ 3 වන පරිච්ඡේද වල කියවමුව.
නිර්මලභාවයත්, ශුද්ධකමත් අතර විශාල වෙනසක් ඇත. නිර්මලභාවය අප ළදරුවෙකු තුල දකින ලක‍ෂණයකි. ආදම් මවනු ලැබූ අවස්ථාවෙදී කුමන ස්වභාවයකින්් සිටියාද යනු දැකිය හැක්කේ, නිර්මල ස්වභාවයකින් යුක්ත වූ යහපත සහ අයහපත ගැන නොදැන සිටි ළදරුවෙකු දෙස බැලීමෙන්‍ය. නමුත් මේ කුඩා ළදරුවා ශුද්ධකමින් හෝ පරිපූර්ණත්වයෙන් යුක්ත නොවේ.
පරිපූර්ණත්වයට සහ ශුද්ධකමට පැමිණීමට ළදරුවා වැඩී, නපුර ප්‍රතික්‍ෂේප කොට දෙවියන්වහන්සේ තෝරා ගැනීම පිණිස තීරණ ගැනීමක් කල යුතු අවස්ථාවට පැමිණිය යුතුය.
පරික‍ෂාවට හසුවීම, හදවතින් ප්‍රතික්‍ෂේප කරන විට අපගේ චරිතය වර්ධනය කර ගනිමු. අද ඔබ සිටින තත්වයේ එලෙස සිටින්නේ මෙතෙක් ඔබගේ ජීවිතය සම්බන්ධයෙන් ගත් තීරණ නිසාය. අනික් අය ඔබට වඩා ඉදිරියෙන් සිටින්නේ ඔවුන් ඔබට වඩා ඔවුන්ගේ ජීවිතය සම්බන්ධයෙන් යහපත් තීරණ ගත් නිසාය. අප දිනපතාම තීරණ ගතිමුව. අප කොයි වාගේ අය බවට පත්වෙනවාද කියන දේ තීරණය කරන්නේ මෙම තීරණ ගැනීමේදීය.
දෙවියන්වහන්සේ පලමුවෙනි මනුෂ්‍යා සහ ස්ත්‍රිය මැවූ අවස්ථාවේදී උන්වහන්සේ ඔවුන්ව සාතන් විසින් පරික‍ෂා කරනු ලැබීමට ඉඩදීමෙන් ඔවුන්ට ශුද්ධකම රැක ගැනීමට අවස්ථාව දුන්සේක. උන්වහන්සේ ඔවුන්ව උයනේ තබමින් එක් ගසක් ඇරෙන්නට අනිකුත් සියලූම ගස්වල ඵල කෑමට හැකි බව ප්‍රකාශ කල සේක.
මෙම පරික‍්‍ෂණය පහසු එකක් වුනි. මන්ද ඔවුන්ව උයනට යවනු ලැබුවේ එක ගසක ඵල ඇරෙන්නට අනෙකුත් සියලූම ගස්වල රසබර ඵල අනුභව කිරීමට අවසර ඇතිවය. නමුත් මෙම සරල කීකරු වීමේ පරික‍ෂණයෙන් ඔවුන් අසමත් වූහ. සාතන් උයනට පැමිණ, ආදම් සහ ඒව පරික‍්‍ෂාවට ලක්කරමින් තහනම් කරණ ලද ගසේ ගෙඩි කෑමෙන් ඔවුන් දෙවියන්වහන්සේට සමාන වන බව පැවසීය. ආදම් සහ ඒව එම අවස්ථාවට මුහුණ දුන් පරීක‍්‍ෂාව, ගසකින් ගෙඩියක් කෑමේ සරල දෙයක් පමණක් නොව, නමුත් ඔවුන්ට අවශ්‍ය නම්, දෙවියන්වහන්සේ හා සමාන වීමටය.
මීට පෙර, සාතන්ට මෙවැනි තත්වයකට ඒමට අවශ්‍යව තිබුණි. ආදම්ට සහ ඒවට එලෙස වන්නට හැකි බව සාතන් ඔවුන්ට හඟවන ලදී. නමුත් සාතන් ඔවුන්ට පැවසුවේ බොරුවකි. අදත් සාතන්ගේ බොරුවලට මනුෂ්‍යයන් හසුවී රැවටීමට ලක්වෙති. එදා ආදම් සහ ඒව පාපයට වැටුණෝය. ඔවුන් දෙවියන්වහන්සේට අකීකරු වී සාතන්ට අත්වුණාවූ ඉරණමට ඔවුන්ද ලක්වුනි. ඔවුන් දෙවියන්වහන්සේගේ අභිමුඛයෙන් පහ කරණ ලදී. මේ සම්බන්ධ සියලූ විස්තර බයිබලයේ මුල් පොතේ සඳහන් වේ. (උප්පත්ති 3 වන පරිච්ඡේදය)
දෙවියන්වහන්සේගේ වචනයට අකීකරු වීමෙන් තමන්ට දෙවියන්වහන්සේ මෙන් සර්වබළධාරී සහ නිදහස් කම හිමිවේ යැයි ආදම් සහ ඒව සිතූහ. නමුත් ඔවුන් නිදහස් වූවාද? නැත. ඔවුන් සාතන්ගේ වහලූන් බවට පත් වූහ. අපට සැබෑ නිදහස් කම ලැඛෙන්නේ දෙවියන්වහන්සේගේ අණට කීකරු වීම තුලින්‍ය. සාතන් මෙලෙස බොහෝ අය රැවටීමට හසු කරයි. සාතන් පවසන්නේ, ඔවුන් සැබෑ ලෙස ජීවිතයේ ප්‍රීතිය භූක්ති විඳීමට නම්, දෙවියන්වහන්සේගේ අණපනත් නොසලකා හැරිය යුතු බවයි.
මනුෂ්‍ය සංහතිය තුල පාපය ආරම්භ වූ අයුරු අප දැන් අවධාරනය කර සිටිමු. ආදම් සහ ඒව එදින ඒදන් උයනේදී ඉතා බරපතල තීරණයකට එළඹුණෝය. මේ තුලින් ඔවුන්ගේ සහ ඔවුන්ගේ දරුවන්ගේ ජිවිත කාලය තුලම බලපෑ ප්‍රතිඵල ඇතිවිය. අපගේ ජීවිතයේ ගත්තාවූ සෑම තීරණයක් තුලින් ප්‍රතිඵල හටගන්නේය. අප වපුරන්නාවූ දේ කපා ගන්නෙමු.
බොහෝ අවස්ථාවලදී අප වපුරන්නාවූ දේ නිසා අපගේ දරුවන් තික්ත ඵල නෙලාගන්නෝය. ආදම් සම්බන්ධයෙන් ඔහුත් ඔහුගේ භාර්‍යාවත් ඔවුන්ගේ මුළු ජීවිත කාලයටම දෙවියන්වහන්සේගේ අභිමුඛයෙන් නෙරපන ලදී.
අප අද ගන්නාවූ කුඩා තීරණ වැදගත් නොවන බවත් අද අප වපුරන දෙයින් අනාගතයේදී අස්වැන්නක් කපා නොගන්නා බවත් අප නොසිතිය යුතුය. දෙවියන්වහන්සේ අපව නොයෙකුත් අය සහ සිද්ධීන් තුලින් සෝදිසිකිරීමට සහ පරික‍ෂාවට ලක්වීමට ඉඩහරින්නේ, අප මේ පොලොවේ තිඛෙන සියලූ දේට වඩා උන්වහන්සේව අපට සැබෑ ලෙස අවශ්‍ය බව උන්වහන්සේට ඔප්පු කර දැක්වීමටය. අප ලක්වන්නාවූ සෑම පරික‍ෂාවක් තුලින් අරමුණු කරන්නේ මෙයයි. මවනු ලැබූ දේට වඩා මැවුම්කාරයාණන් අපට වටිනා බව අප තේරුම් ගෙන ක්‍රියා කරණ වා දැයි ඔප්පු කිරීමටයි.
සියළු පාපයේ සැබෑ හරය වන්නේ, දෙවියන්වහන්සේට වඩා, මවනු ලැබූ දේ සහ අපව ඉහලින් තබා ගැනීමටයි. එය දෙවියන් වහන්සේගේ මාර්ගය වෙනුවට අපගේ මාර්ග තෝරා ගැනීමයි. තවද එය දෙවියන්වහන්සේ සතුටු කරනවා වෙනුවට අපව සතුටු කර ගැනීමයි.
පාපය යනු කාමමිත්‍යාචාරය කිරීමවත්, මිනී මැරීමවත්, සොරකම් කිරීමවත් පමණක් නොව, පාපය නම් අපගේම මාර්ග අනුව ගමන් කිරීමට ඇති උවමනාවයි.
පාපය ආරම්භ වීම අප කුඩා දරුවෙකුගේ මුරණ්ඩු කම තුලින් දකිමු. උප්පත්තියේ සිට දරුවෙකුගේ ස්වභාවය තුල පාපය පිළිසිඳ තිබේ. දරුවා වැෙඩන අතර තමාගේ උවමනාව හැටියට දේවල් කිරීමට පෙළඹෙන්නේය. අනික් දරුවන්ගේ දේ උදුරාගැනීමෙන් සහ රණ්ඩු වීමෙන් තමාට උවමනා දේ ලබා ගැනීමට ක්‍රියා කරයි.
අප පුරුෂත්වයට වැෙඩන අතරේදී, දරුවෙකුව සිටියදී තිබූ ස්වභාවය අප තුල වැඩි වෙනසක් වන්නේ නැත. අප දැනුවත් කමින් වැඩිවී අපගේ ක්‍රියා පටිපාටිය අප වෙනස් කරගන්නවා පමණක්‍ය. යහපත් පරිසරයක හැදුනු වැඩුනු අය තුල පවා මෙම තත්වය පවතී. ඔවුන්ගේ ඇතුලත ඇති ආත්මාර්ථකාමීත්වය, ගිජුකම, සහ නොමනා ආශාවන් පිටස්තරයෙන් පෙන්වන කරුණාභර ස්වභාවයෙන් හෝ ආගමික ලැදියාවෙන් වසා ගන්නෝය.

පාපය අපගේ ජීවිතයේ සෑම කොටසකටම ගලා ගොස් ඇත. ආගමික වතාවක් වූ යාච්ඤා තුලින්, වන්දනාවන් තුලින් සහ තමාව පාලනය කරගැනිමෙන් පාපය ඉවත්කර ගැනීමට නොහැකිය. පාපයෙන් අපව නිදහස් කරන්ට පුළුවන් දෙවියන්වහන්සේට පමණය. නමුත් පාපයේ දරුණුකම අප හැඳිනගන්නාතෙක් දෙවියන්වහන්සේට බලා සිටීමට සිදුවන්නේය. යේසුස්වහන්සේ ආවේ පාපිෂ්ඨයන් කැඳවීමට මිස ධර්මිෂ්ඨයන් කැඳවීමට නොවන බව උන්වහන්සේ වරක් පැවසූ සේක. මින් අදහස් කරන්නේ මිහිපිට සිටින කොටසක් ධර්මිෂ්ඨයන් බවත් අනික් කොටස අධර්මිෂ්ඨයන් බවත් නොව, උන්වහන්සේ මේ දේ ප්‍රකාශ කලේ තමන් ශුද්ධයයි සැලකූ තම ධර්මිෂ්ඨකමින් පූර්ණ වූ සමහර ආගමික පිරිස් වලටය. යේසුස් වහන්සේ මෙයින් අදහස් කලේ තමන් ධර්මිෂ්ඨයන් ලෙස අදහස්කරගෙන සිටි අයව උන්වහන්සේට ගලවන්නට නොහැකි බවය.
තමන් රෝගී බව හඳුනා ගෙන සිටින අය පමණය දොස්තර වෙතට යන්නේ. එම නිසා පළවන අවශ්‍යතාවය වන්නේ අප පව්කරුවන් බව හඳුනා ගෙන සිටීමය. කුමණ ආගමකට අප අයත්ව සිටියත් අප සියලූ දෙනා පව්කරුවෝය. අප සිතුවිලි වලින්, ක්‍රියාවෙන්, ආකල්ප වලින්, අරමුණුවලින් දෙවියන්වහන්සේගේ ශුද්ධ ව්‍යවස්ථාවට විරුද්ධව පව් කර ඇත. දෙවියන්වහ්සේගේ තත්වයෙන් අප හීන වී ඇත. රෝගය අපගේ ශරීරයට හානිදායක වීමට වඩා පාපය අපගේ ආත්මයට හානිදායකවේ. අප මෙම කාරණය හඳුනාගෙන තිබේද?
ලොව පුරා ලිංගාශ්‍රිතව පැතිරෙන භයානක වූ ඒඩ්ස් රෝගය ගැන ඔබගේ ප්‍රතිචාරය කුමක්ද? මෙය කොයිතරම් දරුණු ලෙස පැතිරෙනවාද යත් ඒඩ්ස් රෝගියෙකු ලඟට යෑමටවත් මිනිසුන් බිය වෙති. පාපය මීට වඩා භයානක තත්වයක පවතී. වෙනස වන්නේ පාපයෙන් හානිය සිදුවන්නේ අපගේ ආත්මයට නිසාය. එම නිසා මෙය පිටතින් දැකිය නොහැකිය. පාපයේ ප්‍රතික්‍රියාව ඒඩ්ස් රෝගයට වඩා බලවත් ලෙස දරුණුය. අප එයින් ගැලවුණේ නැත්නම්, පාපය අපගේ ජීවිතය විනාශයට පත්කර, ලෝකයේද අපව අසතුටට පත්කර අවසානයේදී අපව සදාකාලිකව විනාශයට පත්කරයි.

පරිච්ජේදය 3
හෘද සාක්‍ෂිය පිළිබඳ සැබෑ සත්‍යය

අප සදාචාරාත්මක මිනිසුන් බව නිරන්තරයෙන්ම මතක් කරදෙන හෘද සාක්‍ෂියක් සමග අප සියලූ දෙනා මවනු ලැබ සිටියි. හෘද සාක‍ෂිය යනු අපගේ ක්‍රියාවලට අප වගකිව යුතු බව ප්‍රකාශ කරණ අප තුල ඇති දෙවියන් වහන්සේගේ හඬයි. යම් දිනක අප ජීවත් වූ ජීවිතය ගැන දෙවියන්වහන්සේට පිළිතුරු දීමට තිබේ. කිසිම කරුණක් ගැන දෙවියන්වහන්සේට පිළිතුරු දීමට අවශ්‍ය නොවූ, හෘද සාක‍ෂියක් නොමැති සතුන් මෙන් අප නොසිටිමුව. සතෙක් මැරුණු විට එය අවසානය වේ. නමුත් මිනිසාට එසේ නොවේ. මනුෂ්‍යයා මවනු ලැබුවේ දෙවියන්වහන්සේගේ ස්වරූපය අනුව වන අතර, සදාකාලික ස්වභාවයක්ද සහිතවය.
අපව විනිශ්චය කරණු ලබන දවසක් ඇත. එදින අප මුළු ජීවිත කාලය තුලදී ප්‍රකාශ කල, සිතූ, ක්‍රියා කල දේ සිහිගන්වනු ලැබ දෙවියන්වහන්සේ විසින් තක්සේරු කරණු ඇත. බයිබලයේ සඳහන් උන්වහන්සේගේ ශුද්ධ ව්‍යවස්ථාවේ ප්‍රමිතීන් අනුව අපිව විනිශ්චය කරණු ලැබේ. එවිට අපට අපගේ සෑම ක්‍රියාවන්, වචන සහ සිතුවිලි සම්බන්ධව දෙවියන්වහන්සේට උත්තර දීමට සිදුවේ.
..මනුෂ්‍යයෙකුට එක් වරක් මරණයද, ඉන් පසු විනිශ්චයද තිබේ.. යයි බයිබලය පවසයි (හෙබ්‍රෙව් 9:27)
මෙලොවදී බොහෝ අය තමන් කල අපරාධ වලින් බේරෙන්නෝය. නමුත් දෙවියන්වහන්සේගේ විනිශ්චය ආසනය ඉදිරිපිට ඔවුන් අවසානයේදී පැමිණ කල තමන්ට සතු දඩුවම ලබන්නෝය. එලෙසම අන්‍යයන් උදෙසා තමන් කල සියළු යහපත් දේ ගැන මෙලොව අගයකිරීමක් හෝ ප්‍රසාදයක් නොලැබූ අය ක්‍රිස්තුස්වහන්සේගේ මෙලොවට පැමිණීමේදී උන්වහන්සේගෙන් ත්‍යාග ලබන්නෝය. අපගේ ක්‍රියා ගැන දිනකදී දෙවියන්වහන්සේට පිළිතුරු දෙන්නට තිඛෙන නිසා අපගේ හෘද සාක‍ෂියේ හඬට ඇහුම්කන් දිය යුතුය.
හෘද සාක‍ෂිය යනු දෙවියන්වහන්සේ විසින් මිනිසාට දෙනු ලැබූ ශ්‍රේෂ්ඨ දායාදයකි. එය අපගේ ශරීරයේ ..වේදනාව.. නමැති දයාදයට සමානය. බොහෝ අය වේදනාව සලකන්නේ කරදරයක් ලෙසය. නමුත් වේදනාව අප ජීවිතයට මොන තරම් ආශිර්වාදයක් ගෙන දේද යන්න අප වටහාගෙන නැත. අපගේ ශරීරයේ කොතැනක හෝ වරදක් තිඛෙන බව අනතුරු අඟවන්නේ වේදනාව තුලින්‍ය. රෝගයක් ගැන පලමු සංඥාව දෙන්නේ වේදනාවයි. වේදනාව ඇති නොවන්නේ නම් අපට රෝගයක් තිඛෙන බව නොදැන, මරණයට පවා පත්විය හැකිය. අපව අකල් මරණයෙන් වලක්වන්නේ වේදනාවයි.
කුෂ්ඨ රෝගීන්ට වේදනාව දැනෙන්නේ නැත. මන්ද කුෂ්ඨ රෝගය සියලූ ස්නායු නසා දැනීම පහකරයි. කුෂ්ඨ රෝගියෙකුගේ පාදය ඇනයකින් සිදුරු කලත් එය ගැන දැනීමක් නැත. පාදය ආසාධනය වුවත් එයද දැනෙන්නේ නැත. අවසානයේදී පාදය ඉවත් කරණ තරමටම ආසාධනය වැඩිවන්නේ ..වේදනාව නමැති ආශිර්වාදය.. නොමැති කම නිසාය.

හෘද සාක‍ෂිය වේදනාවට සමාන කල හැකිය. අප පව් කලවිට හෝ පව් කිරීමට අදහස් කරන විට අප දෙවියන්වහන්සේගේ නියෝග කඩ කරන බව හෘද සාක‍ෂිය අනතුරු අඟවයි. අප මෙම අනතුරු ඇඟවීම නොසලකා සිටියොත් හෝ එයට විරුද්ධව සිටියොත් එමගින් අප තුල ඇති පාපය ගැන හැඟීම දුරුකරයි. පාපය ගැන කිසිම හැඟීමක් ඇති නොවන තත්වයක් ඇති දවසක් එන්නට ද පුළුවන. තවද අප මැරුණාවූ හෘද සාක‍ෂියක් ඇති ආත්මික කුෂ්ඨ රෝගීන් බවට පත්වන්නෙමු. එවිට අප හෘද සාක‍ෂියක් නොමැති සත්වයන්ට සමාන වන්නෝය. සමහර මනුෂ්‍යයන් සත්වයන්ට වඩා පහත් ලෙස හැසිරෙන්නේ මේ හේතුවෙන්‍ය. මෙවැනි ජීවිතයක අවසාන ප්‍රථීපලය වන්නේ දෙවියන්වහන්සේ විසින් ඔවුන් සදාකාලික දඬුවමට ලක්කිරීමය.
හෘද සාක‍ෂිය ඇස හා සමාන බව යේසුස් වහන්සේ පැවසූ සේක. (ලුක් 11:34-36) අප ශරීරයේ පවිත්‍රවූ කොටසක් ලෙස ඇස් තිඛෙන්නේ ඒවා දිනපතාම නිතරම කදුළු වලින් සේදෙන නිසාය. අප ඇසිපිය හෙලන හැම අවස්ථාවකම (අප නොදැනුවත්වම මෙය දිනකට දහස් වාරයකට වඩා සිදුවේ.) අපගේ ඇසේ ඇති දූවිලි සේදී යන්නේය. ඉතා කුඩා දූවිලි අංශුවක් ඇසට ගිය විට එය සෝදා හරින තෙක් ඇස කැවෙන්නට වී වැඩක් කර ගැනීමට අපහසු තත්වයක් ඇතිවන්නේය. අපගේ හෘද සාක‍ෂියද තබා ගත යුත්තේ මෙලෙසය. නිතරම පවිත්‍රව තබාගැනීමෙන්‍ය. අපගේ පාපයට කමාව දීමටත්, පාපයෙන් පවිත්‍ර කිරීමටත් කල හැකි වන්නේ දෙවියන්වහන්සේට පමණය. අප හෘද සාක‍ෂියේ ඇති වරදකාරකම ඉවත් කරගැනීමට ඇති එකම මග මෙයයි. නමුත් පාපයට කමාව අපට ලෙහෙසියෙන් ලබාදුන් එකක් නොවේ.

පරිච්ජේදය 4
සමාව පිළිබඳ සැබෑ සත්‍ය

දෙවියන්වහන්සේට සමාව දිය හැකි වන්නේ කෙසේද?
දෙවියන්වහන්සේ සාධාරණ වූ ධර්මිෂ්ඨ වූ තැනැන්වහන්සේ නිසා උන්වහන්සේට පාපය ගැන නොබලා සිටීමෙන් කෙනෙකුට සමාව දීමට නොහැකිය. මන්ද එය සාධාරණත්වයෙන් තොරවූ දෙයක් නිසාය. උන්වහන්සේ ශුද්ධ වූ සාධාරණ වූ තැනැන්වහන්සේය. එම නිසා උන්වහන්සේට පාපයට දඩුවම් කිරීමට සිදුවන්නේය. නමුත් උන්වහන්සේ ප්‍රේමයේ දෙවියන්වහන්සේ නිසා අපගේ පාපයට සමාව දෙන මාර්ගයක් සාදා ඇත.
සියළු ආගම් උගන්වන්නේ අපට යහපත්ව කැරණාවන්තව සහ සත්‍යවාදීව සිටීමටයි. නමුත් මේවා පාපයට සමාව ලැබුණු පසු ජීවිතයක ඇතිවන ගුණාංග වේ. යහපත්කම, කරුණාව සහ සත්‍යවාදීකම ගොඩනැගිල්ලක ඉදිකිරීමට සමාන වන අතර, කමාව ලබාගැනීම ගොඩනැගිල්ලේ අත්තිවාරමට සමානය. ගොඩනැගිල්ලක ප්‍රධාන කොටස වන්නේ අත්තිවාරමය.
දෙවියන්වහන්සේට, අපට පව් කමාව ලබාදීම පිණිස, උන්වහන්සේට මැවිල්ලේදී වූ තත්වයට වඩා අමාරු වේදනාකාරී වූ අවස්ථාවක් ඇතිවූයේය. මැවිල්ලේදී, දෙවියන්වහන්සේ වචනයක් ප්‍රකාශ කල විට ක්‍ෂණිකව ලෝකය උදාවිය.
නමුත් වචනයක් ප්‍රකාශ කිරීමෙන් උන්වහන්සේට පාපයට කමාව දීමට නොහැකිය. මනුෂ්‍යයාගේ පාපයට කමාව දීමට ඇත්තේ එකම මාර්ගයකි. එය නම් දෙවියන්වහන්සේ අප හා සමාන මනුෂ්‍යයෙක් බවට පත්වීමය. මනුෂ්‍යයන් වශයෙන් අප මුහුණ දෙන පරීක‍ෂා සහ අරගල තුලින් උන්වහන්සේ ගමන් කල යුතු විය. පාපය නිසා ඇතිවන ද දඬුවම උන්වහන්සේ උසුලා, පාපයට පූජාවක් වශයෙන් අප වෙනුවෙන් මරණයට පත්වීමට ද උන්වහන්සේට සිදුවිය.
පාපයට දඩුවම යනු වේදනාව විඳීමවත්, රෝගයවත්, දිළිඳුකමවත් සමාජ මට්ටමේ පහත් තත්වයකට නැවත නැවතත් මේ ලෝකයට ඉපදීමවත් යන මේ කිසිවක් නොව, එය සදාකාලික මරණයයි. එය සදාකාලිකවම දෙවියන්වහන්සේගෙන් වෙන්වීමකි. ශාරීරික මරණය යනු ශරීරයෙන් වෙන්වීමකි. එලෙසම ආත්මික මරණය යනු ජීවනයේ උල්පත වූ දෙවියන්වහන්සේගෙන් වෙන්වීමකි.
ඔබ අනාගතයේ කරණු ලබන යහපත් දේ වලට ඔබ අතීතයේ කලාවූ නපුරු දේවල් පහ කිරීමට නොහැකිය. පාපය යනු දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට අදාලව ගෙවිය යුතු ණයකි. අප බදු ගෙවීමේදී වංචාකාරී ලෙස රටේ නීතිය උල්ලංඝනය කලහොත්, අනාගතයේදී නියමාකාරව බදු ගෙවීම් කරණ පොරොන්දුව මත නිදහසක් ලැඛෙන්නේ නැත. අනාගයේදී බදු ගෙවීම් කලත් අතීතයේ හිඟ බදු ගෙවිය යුතු වන්නේය. පාපයත් එලෙසමය.
අප අනාගතයේදී කොයිතරම් හොඳ වැඩ කලත්, අප අතීතයේ කලාවූ පාපවලට වන්දිය ගෙවිය යුතුවේ. තවද, අපගේ ධර්මිෂ්ඨකම කිලිටු වැරහැලි බව බයිබලය පවසයි. (යෙසායා 64‍: 6)
දෙවියන්වහන්සේ යහපත් ක්‍රියා අගය කරන සේක. නමුත් උන්වහන්සේගේ මහත් ශුද්ධකම නිසා අපගේ හොඳම ක්‍රියා උන්වහන්සේගේ ශුද්ධකමේ මට්ටමට පැමිණෙන්නේ නැත. එම නිසා අප බලාපොරොත්තුවක් නැති තත්වයක සිටිමු. මන්ද අපගේ හොඳම වැඩ සෑහෙන්නේ නැත. දෙවියන්වහන්සේගේ අභිමුඛයට ඇතුල්වීමට අපට කිසිම මගක් නැත. අප බලාපොරොත්තු රහිත අතරමංවූ තත්වයක සිටිමු. නමුත් දෙවියන්වහන්සේ උන්වහන්සේගේ මහත් ප්‍රේමය නිසා පාපයට කමාව ලබාගැනීම පිණිස මාර්ගයක් සාදා ඇත. දෙවියන්වහන්සේගේ සංකීර්ණත්වය නිසා මනුෂ්‍ය මනසට උන්වහන්සේව සම්පූර්ණයෙන් අවබෝධ කරගැනීමට නොහැකිය. දෙවියන්වහන්සේ එකම වූ තැනැන්වහන්සේ බවත් එම ඒකත්වය තුල තැනැන්වහන්සේලා තිදෙනෙක් ලෙසත් බයිබලය එළිදරව් කරයි. මේ ත්‍රිත්වය තුල පියාණන්, පුත්‍රයාණන් (පියාණන් හා සමාන ස්වභාවය ඇති එහෙත් පියාණන්ගෙන් බිහි නොවූ) සහ ශුද්ධාත්මයාණන්‍ය. මෙම තැනැන්වහන්සේලා එක හා සමාන තත්වයක් තුල ඒකත්වයකි.
තැනැන්වහන්සේලා තිදෙනෙක් එකම දෙවියන්වහන්සේ වන බව යන කාරණය මනුෂ්‍ය මනසට අවබෝධ කරගැනීමට අපහසුය. අපට කල්පනා කල හැකි වන්නේ වෙනම ශරීර ඇති පුද්ගලයන් ගැනය. නමුත් දෙවියන්වහන්සේ ආත්මයක්‍ය. අපගේ මනස සීමාසහිත බැවින් එයට දෙවියන්වහන්සේගේ සංකීර්ණ වූ ස්වභාවය අවබෝධ කරගැනීමට අපහසුය. සත්වයන්ට මනුෂ්‍ය වර්ගයාගේ අවබෝධ ශක්තිය නොමැති ලෙස මනුෂ්‍යයන්ටද දෙවියන්වහන්සේ සම්බන්ධව අවබෝධ කර ගත නොහැකි කාරණා ඇත. අපට දැනගැනීමට හැකිවන්නේ දෙවියන්වහන්සේ, උන්වහන්සේ ගැන, බයිබලයේ එළිදරව් කර තිඛෙන කාරණා පමණය.
හොඳ වර්ගයේ බල්ලෙකු ඉදිරියේ මස් කටු තුනක් තබා එකින් එක තුන දක්වා ගණන් කිරීමෙන් 1+1+1= 3 යැයි ඌට ගණන් එකතු කිරීමට ඉගැන්විය හැකිය. නමුත් කිසිවිටෙක බල්ලාට වැඩි කිරීමට ඉගැන්විය නොහැකිය. මන්ද එක එකෙන් කීපවතාවක් වැඩිකරත් උත්තරය එකමය 1x1x1=1 ඉතා හොඳම වර්ගයේ බල්ලෙකුටවත් මෙය තේරුම් ගැනීමට නුපුළුවන. නමුත් මනුෂ්‍යයාට එක එකෙන් කීප වතාවක් වැඩි කලත් උත්තරය එකම බව තේරුම් ගත හැකිය.
සත්වයන්ට වඩා මනුෂ්‍යයා ඉහළ තත්වයක සිටින ලෙසම දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට වඩා ඉතා උසස් තත්වයක සිටින සේක. බල්ලෙකුට වැඩි කිරීම අබවෝධ කර ගැනීමට නම් මනුෂ්‍යයෙකු බවට පත්විය යුතුය. අපටද දෙවියන්වහන්සේව අවබෝධ කරගැනීමට දෙවියන්වහන්සේගේ ස්වභාවයට පත්විය යුතුය.
එමනිසා, දෙවියන්වහන්සේ පුද්ගලයාණන් තුන් දෙනෙක් වුවත් එකම දෙවියන්වහන්සේ යන කාරණය අපට හරියාකාරව තේරුම් ගැනිමට අපොහොසත්වීම පුදුමයට කරුණක් නොව. අපට මෙය නොතේරුනත් මෙම කාරණය සත්‍ය බව දැනගන්නේ එය දේව වචනයේ සඳහන් කර තිඛෙන නිසාය.
මෙලෙස දෙවියන්වහන්සේ සෑම තැනකම වැඩ වාසය කරන සේක් නම් උන්වහන්සේ සෑම මනුෂ්‍යයෙක් තුලද, සත්වයන් සහ ගස්වැල් තුලද, සෑම ආගමික නමස්කාර කරණ ස්ථානයක් තුලද සිටිය යුතු යැයි බොහෝ අය මනුෂ්‍ය කල්පනාවෙන් තීරණය කරති. දිව්‍යමය සත්‍ය තේරුම් නොගත් කුඩා මනුෂ්‍ය මනසට මෙය ගැලපෙන දෙයක් ලෙස වැටහේ. නමුත් මෙය සම්පූර්ණයෙන්ම ව්‍යාජ දෙයකි. දෙවියන්වහන්සේ සෑම තැනම සිදුවන දේ ගැන සෑම දෙයක්ම දැන සිටින සේක. උන්වහන්සේ නිරයේ සිදුවන සෑම දෙයක් ගැන දැනුවත්ව සිටියත් උන්වහන්සේ සැබවින්ම නිරයේ නොසිටින සේක.
නිරය යනු පව්කරුවන්ට අත්වන සදාකාලික දඩුවමයි. එය දෙවියන්වහන්සේ නොමැති ස්ථානයක් ලෙස අර්ථවත් වේ. මේ නිසා නිරය තුල පව්කරුවන්ගේ දුක්වේදනාව නොදැරිය හැකි දෙයක් වන්නේය.
එම නිසා දෙවියන්වහන්සේ සැබෑ ලෙස සෑම කෙනෙක් තුලම වැඩ වාසය නොකරණ සේක.
පාපය නිසා ඇති වූ සදාකාලික දඩුවමින් මනුෂ්‍යය වර්ගයා ගලවා ගැනීමට පියවූ දෙවියන්වහන්සේ, කන්‍යාවක තුලින් ශුද්ධාත්මාණන්ගේ ආනුභාවයෙන් වර්‍ෂ දෙදහසකට ප්‍රථම ළදරුවෙකු ලෙස උපත ලැබූ පුත්‍රයාණන් එවූ සේක. උන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේය. උන්වහන්සේ මනුෂ්‍යයන්ට මුහුණ දීමට සිදුවන සියලූ පරික‍ෂා වලට මුහුණ දෙමින් ලමා කාලයේ සිට වැඩිහිටි කාලය දක්වා වැඩුණු සේක. මෙම සියලූම පරික‍ෂාවලින් උන්වහන්සේ ජයගෙන පාපයක් නැතුව සිටිසේක.
යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වයස 33 දී නපුරු මනුෂ්‍යයන් විසින් අල්ලා කුරුසියෙහි ඇණ ගසනු ලබන පිණිස දෙවියන්වහන්සේ උන්වහන්සේට ඉඩ දුන් සේක. කුරුසිය පිටදී උන්වහන්සේ අප උදෙසා ශාපයක් වී මනුෂ්‍යය වර්ගයාගේ පාපයට දඬුවම ඉසිලු සේක. මේ තුලින් දෙවියන්වහන්සේගේ මහත් ප්‍රේමය පැහැදිලි වන්නේය.
කුරුසිය මතුපිටදී යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මැරුණු අවස්ථාවේදී උන්වහන්සේ ලේ වගුරුවමින් අපගේ පාපවලට ධර්මිෂ්ඨවූ වන්දිය සම්පූර්ණයෙන් ගෙවූ සේක. සාධාරණත්වයේ අවශ්‍යතාවයන් මෙයින් ඉටුවුනි.
තැන්පත් කිරීමෙන් දින තුනකට පසු දෙවියන්වහන්සේ, යේසුස් ක්‍රස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටවීමෙන් උන්වහන්සේ කුරුසිය මත කල පූජාව දෙවියන්වහන්සේ විසින් පිළිගත් බව ලෝකයට ඔප්පු කර පෙන්වන ලදී.
ඇත්තේ එකම දෙවියන්වහන්සේ බවත්, පෘථීවිය මත දෙවියන්වහන්සේ, එක් වරක් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ලෙස මාංසවත් වූ බවත් යන සත්‍යය කාරණා දෙකක් තුලින් ඔප්පු කර පෙන්වන ලදී.
1)ලෝකයේ පාපය උදෙසා මැරුණු එකම තැනැත්තා ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමණි.
2)මරණයට පත්වී නැවත වාරයක් නොමැරෙණ ලෙස මරණය පරාජය කර නැවත ජීවමාන ලෙසම පැමිණි එකම තැනැත්තා ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමණි.
මෙයින් උන්වහන්සේ මනුෂ්‍යයාගේ ප්‍රධානතම සතුරා වන මරණයෙන් ජයගත් බවත් පැහැදිලිව ඔප්පු කරණ සේක.
මෙලොව මළවුන්ගෙන් නැවත නැගිටීමෙන් තවත් දින හතලිහකින් පසුව උන්වහන්සේ නැවත ස්වර්ගයට ගොස් අද දවසේ එහි සිටිනසේක. උන්වහන්සේ මෙලොවින් යන්ට ප්‍රථම, ලෝකය විනිශ්චය කරන පිණිසත්, ධර්මිෂ්ඨකමින් සහ සමාදානයෙන් පාලනය කරණ පිණිසත් නැවත පැමිණෙන බව පොරොන්දු වූ සේක. උන්වහන්සේ පොලොවට නැවත පැමිනීමට ප්‍රථම සිදුවන ලකුණු පෙන්වා දුන් සේක. එම සලකුණු සම්පූර්ණ වීම අපි දැන් දකින විට ක්‍රිස්තුස්වහන්සේගේ දෙවැනි පැමිණීම ඉතා ලඟ බව දනිමුව. උන්වහන්සේ නැවත පැමිණීමට පෙර දෙවියන්වහන්සේ තුල අපට ලබාදුන් පව් කමාව අප ලැබ සිටීම ඉතා වැදගත් වේ.

පරිච්ජේදය 5
පසුතැවිල්ල පිළිබඳ සැබෑ සත්‍යය

පාපයට ඇති දඩුවම නම් ආත්මික මරණයයි. මෙය දෙවියන්වහන්සේගේ අභිමුඛයෙන් සදහටම වෙන්වීමකි. මෙම වෙන්වීම ක්‍රිස්තුස්වහන්සේ කුරුසිය මතු පිටදී අත්දැක්ක සේක. ඒ අවස්ථාවේදී පියාණන්වහන්සේ උන්වහන්සේව අත්හැරිය සේක.
යේසුස්වහන්සේ දෙවියන්වහන්සේ වූ නිසා උන්වහන්සේගේ අභ්‍යන්තර තැනැන්වහන්සේ සදාකාලික වූ සේක. උන්වහන්සේට කෙටි කාලයකට පියාණන්ගෙන් වෙන්වීමේ මහත් වේදනාව අත්දැකීමට සිදුවුනි. කුරුසිය මතුපිට පැය තුනක පූර්ණ අන්ධකාරය තුල උන්වහන්සේ සදාකාලික නිරයේ වේදනාවන් වින්ඳ සේක. මෙම වේදනාවන් සදාකාලිකව දැරිය යුතුව තිබුනේ අප විසින්‍ය.
අපගේ පාපයට තිබූ දඬුවම උන්වහන්සේ දැරූ සේක. නමුත් අප දෙවියන්වහන්සේ ලබාදෙන මෙම පව්කමාව පිළිගෙන සමාව ලබාගන්නාතුරු මෙම දඩුවමින් අප නිදහස් වන්නේ නැත. ක්‍රිස්තුස්වහන්සේ සියලූ දෙනා උදෙසා මැරුණත්, ලෝකයේ බොහෝ දෙනා පව් කමාව ලබා නොසිටින්නේ මේ නිසාය. ක්‍රිස්තුස්වහන්සේ මැරුණේ ක්‍රිස්තියානි අයගේ පාප උදෙසා පමණක් නොව, මුළු ලෝකයේ සියලූ ආගම් වලට අයත් ලෝකයේ සියලූ දෙනාගේ පාප උදෙසාය.
දෙවියන්වහන්සේ අප උදෙසා ක්‍රිස්තුස්වහන්සේගේ ලේ වැගිරීම සහ මරණය තුලින් ගෙවීමක් කර සතු කරගත් දේ අප ලබාගැනීම පිණිස පළමුකොට සියලූ පාප ගැන පසුතැවිලි විය යුතුය. මෙයින් අදහස් කරන්නේ අපගේ පාපි වූ මාර්ග ගැන කණගාටු වන බවත්, අප දන්නාවූ සෑම පාපයකින් හැරී ඒවා අත්හැරීමට අවංක උවමනාවක් ඇති බවත්‍ය. දෙවියන්වහන්සේ ප්‍රසන්න කාරණ සහ නොකරණ දේ ගැන අපගේ හෘද සාක්‍ෂියට මුලදී එතරම් හැඟුමක් නොතිබුනි. එබැවින් දෙවියන්වහන්සේ ප්‍රිය නොකරණ කාරණාවල් වලින් හැරීමට පුළුවන් කමක් නොතිබුනි. දෙවියන්වහන්සේ මෙය තදින් ඉල්ලා සිටින කාරණයක්ද නොවේ. උන්වහන්සේ හරි ලෙස ක්‍රියා කරණ සේක. උන්වහන්සේට අවශ්‍ය කරන්නේ උන්වහන්සේ ප්‍රිය නොකරණ දේ අත්හැරීමට ඔබ කැමති වන එකය. ඔබගේ හෘද සාක‍ෂිය දොස් කියන සෑම දෙයකින් හැරීමෙන් ඔබට හොඳ ආරම්භයක් කල හැකිය.
ඔබගේ නරක පුරුදු අත්හැරීමට ඔබ තුල ශක්තියක් නොමැති වන්නට පුළුවන. මෙහිදී ඔබගේ දුර්වලකම දෙවියන්වහන්සේ සම්පූර්ණයෙන් අවබෝධ කරගන්නා සේක. ඔබගේ ශක්තිය දෙවියන්වහන්සේ බලාපොරොත්තු නොවන සේක. උන්වහන්සේ අසන්නේ ..ඔබ මෙම පුරුදු අත්හැරීමට කැමතිද.. යනුයි ඔබ අවංක බවත්, ඔබ සැබවින්ම සියලූ පාපිවූ දේ අත්හැරීමට උවමනාවකින් සිටින බවත්, උන්වහන්සේ දකින විට, ඔබ නොයෙකුත් ආකාරයේ නරක පුරුදු වලින් පරාජයට පත්ව සිටියත් ඔබ සිටින ආකාරයෙන් උන්වහන්සේ ඔබව පිළිගන්නා සේක. මෙය මොන තරම් යහපත් ආරංචියක්ද.
ඔබගේ පාපී වූ මාර්ග අත්හැරීමට කැමති බව පෙන්වන එක් සාක්‍ෂියක් නම් ඔබ අතීතයේ කලාවූ වැරදි හරිගස්වා ගැනීමට ඇති කැමැත්තය. මෙහිදී දෙවියන්වහන්සේ ඔබගේ සීමාවන් තේරුම් ගන්නා සේක. මොන තරම් උත්සහ කලත්, ඔබට හරිගස්වා ගැනීමට කිසිසේත් නොහැකි ඔබ අතීතයේ සිදු කලා වූ පාප දහස් ගණනක් තිඛෙන්නට පුළුවන. නමුත් සමහර ඒවා ඔබට හරිගස්වා ගැනීමට හැකියාව තිබේ. දෙවියන්වහන්සේ බලාපොරොත්තු වන්නේ අපට හැකි උපරිමයෙන් වරදවල් හරිගස්වා ගැනීමය. උදාහරණයක් වශයෙන් ඔබ කෙනෙකුගෙන් මුදල් සොරකම් කර තිබුණේ නම් ඒ හා සමාන මුදලක් ඔබ ලඟ එකතු වුනු වහාම එය නැවත භාරදීමට කැමති විය යුතුය. ඔබගේ වචන වලින් තව කෙනෙකුගේ හදවත රිදවා තිබුනේ නම් ඒ තැනැත්තා වෙත ගොස් හෝ ලිපියකින් දන්වා, ඒ කාරණය ගැන සමාව ඉල්ලා සිටීමට කැමති විය යුතුය. මෙවැනි ක්‍රියා තුලින්, දෙවියන්වහන්සේ, ඔබගේ අවංකභාවය සහ යටහත්කම පරික‍ෂා කර බලන සේක. උන්වහන්සේගේ උපකාරය ලැඛෙන්නේ යටහතුන්ටය.
දෙවියන්වහන්සේගේ උපකාරය නැතිව අපට ගැලවීම ලබන්ට නොහැකිය. සැබෑ පසුතැවිල්ල බයිබලයේ විස්තර කරන්නේ ..රූප වලින් දෙවියන්වහන්සේ වෙත හැරීමක්.. ලෙසය (1 තෙසලෝනික 1:9)
සියලූ ආකාර රූප වන්දනාව දෙවියන්වහන්සේ පිළිකුල් කරණ සේක. රූප වන්දනාව යනු කිමෙක්ද? එය මැවුම්කාරයාණන්ට ඉදිරියෙන් මැවිල්ල තැබීමය. එම මැවිල්ලට අයත් වූ දේ, මුදල්, ලක‍ෂණ ස්ත්‍රියක් හෝ අපගේ නම්බුව වීමට හැක. මවනු ලැබූ දෙයක් මුල්කොට තෝරා ගැනීම රූප වන්දනාව වේ. මන්ද එය මැවුම්කාරයාණන්ට වඩා මැල්ලට නමස්කාර කිරීමකි. සියලූ පාපයට මූලික වන්නේ මෙයයි.
පිළිම සාදා තිඛෙන්නේ ලී. ගල් හෝ යඩක වලින්‍ය. මිනිසුන් විසින් සදා තිඛෙන මේවා ඔවුන් නමස්කාර කරණ දෙවියන් පිළිඹිබු කරයි. නමුත් විශ්වයේ මැවුම්කාරයාණන්ව දුරින්ව හෝ සමාන වූ චිත්‍රයක් හෝ රූපයක් තනන්ට කිසිවෙකුටත් නොහැකිය. සමහර අය පවසනවා සේ ..දෙවියන් සිහිපත් කරවන.. රූප හෝ චිත්‍ර අපි පාවිච්චි නොකල යුතුය. මැවිල්ලේ කොටසක් වූ පුරුෂයකුගේ, ස්ත්‍රියකුගේ හෝ සත්වයෙකුගේ හැඩරුව අනුව, සර්වබලධාරී දෙවියන්වහන්සේගේ ස්වරූපය මෙය යයි දැක්වීමේ චිත්‍රයක් හෝ පිලිමයක් සෑදීම පහත් ක්‍රියාවකි.
පියවි ඇසට දෙවියන්වහන්සේ අදෘශ්‍යමානය. ඉතා හොඳින් සාදන ලද රූපයකට සංකේතවත් කිරීමට නොහැකි ලෙස උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨකම අති මහත්‍ය. කෙසේ වෙතත් දෙවියන්වහන්සේ ගැන සිහිපත් කිරීමට අපට මෙවැනි පෙනෙන සංඛේත අවශ්‍ය නැත. මක්නිසාද මැවුම්කාරයාණන් ගැන දිවා රෑ නිරන්තරයෙන්ම සිහිපත් කරණ හෘද සාක‍ෂියක් අප තුල ඇත. රූප නමස්කාරය, ආගමික ක්‍රියාවලියන් සහ වන්දනා මාන කිරීම්, හෘද සාක‍ෂියේ හඩට සවන්දිම වෙනුවට තිඛෙන අනුප්‍රාප්තික කාරණාවන්‍ය.
මනුෂ්‍යයන් දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව කඩ කර අනාගතයේදී ද ඒවා කඩ කිරීමට සැලසුම් කිරීමෙන් ඔවුන් ඔවුන්ගේම හෘද සාක‍ෂියේ හඬ නිවා දැමීමට නොයෙකුත් ආගමික වත් පිළිවෙත් සහ ක්‍රියාවල් වල යෙදෙති. ඔවුන්ගේ පූජාවන් සහ වන්දනා ගමන් හේතුකොටගෙන ඔවුන්ගේ නොයෙකුත් පාපවලට දෙවියන්වහන්සේගෙන් සමාව ලබාගත හැකිබව ඔවුන් කල්පනා කරති. මෙය රැවටීමට හසුවීමකි. දෙවියන්වහන්සේ බලන්නේ අප කරන ආගමික වතාවත් හෝ ක්‍රියාවල් දෙස නොවේ. අපගේ හෘද සාක‍ෂියට සවන් දෙනවාද නැද්ද යනු නිශ්චිත කර ගැනීමට උන්වහන්සේ අපේ හදවත දෙස බලන සේක.
මෙලෙස පසුතැවීලිවීම යනු සියලූ ආකාර රූපවන්දනාවෙන් හැරීමය. සැබෑ පසුතැවීම තුල අප සියලූ මවනු ලැබූ දේ වලින් හැරී මැවුම්කාරයාණන් වෙතට විත් මෙලෙස යාච්ඤාවේ යෙදිය යුතුවේ. ..සියලූ බල ඇති දෙවියන්වහන්ස, ඔබවහන්සේ පමණක් නමස්කාර කිරීමට සහ සේවය කිරීමට වටිනාකම ඇතුව සිටින සේක. මෙතෙක් මවනු ලැබූ දේවලට නමස්කාර කිරීම ගැන සමාවුව මැනව. දැන් සිට ඔබවහන්සේ පමණක් මගේ ජීවිතයේ අති උතුම්ව සිටින සේක..
පසුතැවිලිවීම යනු අපගේ රැකියා සහ පවුල් අත්හැර වනාන්තරයකට ගොස් තාපසයන් සේ සිටීම නොවේ. අප සියලූ දෙනා පවුල් ජීවිතයක් තුල සිටීම දෙවියන්වහන්සේගේ කැමැත්තය. එලෙසම රැකියාවක යෙදී හරි හම්බ කිරීමද උන්වහන්සේ අනුමත කරන දෙයකි. මුදල් ඉපයීම පාපයක් නොවේ. නමුත් දෙවියන්වහන්සේට වඩා මුදල් වලට ප්‍රේම කිරීම පාපයකි. නවීන ලෝකය විසින් අපට ලබාදෙන පහසුකම් පරිභෝජනය කිරීමද පාපයක් නොවේ. නමුත් දෙවියන්වහන්සේට වඩා මෙම පහසුකම් වලට ප්‍රේම කිරීම පාපයකි. දෙවියන්වහන්සේ අපගේ ශරීර මවා තිඛෙන්නේ ආහාර වලින්, නින්දෙන්, ලිංගික ආශ්වාදයෙන් ඇතිවන ප්‍රීතිය භූක්ති විඳීන පිණිසය. මේ එක දෙයක්වත් වැරදි නොවේ. අප බඩගිනි වූ සහ වෙහෙස වූ අවස්ථා සඹ්න්ධයෙන් ලැජ්ජාවෙන් ක්‍රියා නොකරන අන්දමින් ලිංගික අවශ්‍යතාවන් ගැනද ලැජ්ජා විය යුතු නොවේ. නමුත් අප බඩගිනි වූ විට කෑම සොරකම් නොකල යුතු අතර අප රැකියාවේ නියුතු අවස්ථාවේදී නිදා නොසිටිය යුතුය. ඒ ආකාරයෙන්ම ලිංගික අවශ්‍යතාවයන් සපුරා ගැනීම සම්බන්ධයෙන් තව කෙනෙකු වරදට හසුකර ගැනීමට බැරිය. දෙවියන්වහන්සේ විවාහය නියම කර තිබේ. උන්වහන්සේ නියම කර ඇත්තේ එක් පුරුෂයෙකුට එක භාර්‍යාවක් ලෙසය. මෙලෙස විවාහය තුල ලිංගික අවශ්‍යතාවන් සම්පූර්ණ වේ. විවාහයෙන් පිටත සිදුවෙන්නාවූ සෑම ලිංගික සම්බන්ධතාවයක්ම පාපයයි. ලිංගික පාපයන් ගැන අප පසුතැවිලි වී ඒවා අත්හැර, අවංකව දෙවියන්වහන්සේ වෙතට හැරී ආ යුතුය.
අප පසුතැවිලි වී අත්හැරිය යුතු තවත් පාපයක් නම්, අන්‍යයන් වෙත සමාව නොදීමේ ස්වභාවයයි. ඔබට දෙවියන්වහන්සේගේ සමාව ලබාගැනීට අවශ්‍ය නම් ඔබට විරුද්ධව කොයි ආකාරයකින් හෝ හිංසා කලාවූ අයට සමාව දීමට ඔබ කැමති විය යුතුය. දෙවියන්වහන්සේ ඔබ හට ක්‍රියා කල පරිදි ඔබ අන්‍යයන්ට ක්‍රියා කල යුතුය. මෙලෙස කිරිමට ඔබ අකමැති නම්, දෙවියන්වහන්සේද ඔබට සමාව නොදෙන සේක. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පැවසුවේ ..නුඹලා අන්‍යයන්ට සමාව නොදෙන්නේ නම් ස්වර්ගයේ සිටින නුඹගේ පියාණන් වහන්සේ නුඹලාට සමාව නොදෙන්නේය.. යන බවය. (මතෙව් 6:15) ඔබට බොහෝ පීඩා කල කෙනෙකුට සමාව දීමට ඉතා අපහසු දෙයකි. නමුත් ඔබ යාච්ඤා කර එම තැනැත්තාට සමාව දීමට උපකාර කරණ පිණිස දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටිය හැක. මෙය කිරීමට හැකි වන පරිදි ඔබට උපකාර කිරීමට සර්වබලධාරී දෙවියන්වහන්සේ සූදානම්ව සිටින සේක. උන්වහන්සේගේ මහත් බලයෙන් දෙවියන්වහන්සේ ඔබට උපකාර කරන සේක් නම් කිසි දෙයක් ඔබට කල නොහැකි නොවන්නේය.

අපගේ පාපය කොයිතරම් දුෂ්ඨ වුවත් දෙවියන්වහන්සේ අපට සමාව දෙනු ලබන්නේ අප පාපය ගැන පසුතැවිලි වුවොත් පමණි. ඒ නම් අපගේ පාප ගැන සැබෑ ලෙස කණගාටු වී අවංකව අපගේ පාපීවූ මාර්ග අත්හැරීමට කැමති වීමයි.

පරිච්ජේදය 6
ඇදහිල්ල පිළිබඳ සැබෑ සත්‍යය

අප ගැලවීම ලැබූ පසු ඊළඟ අවශ්‍යතාවය වූ දෙවියන්වහන්සේගේ කමාව ලබාගැනීම ඇදහිල්ලවේ. ..නුඹලා අනුග්‍රහයෙන් ඇදහිල්ල කරණකොට ගෙන ගැලවීම ලබා තිබේ.. යයි බයිබලය පවසයි (එපීස 2: 8)
අනුග්‍රහය යනු අපට උන්වහන්සේගේ පිහිට සහ ආශිර්වාදය ලබාදීම පිණිස දිගු කරණ ලද දෙවියන්වහන්සේගේ හස්තයයි. ඇදහිල්ල යනු එම පිහිට සහ උපකාරය දෙවියන්වහන්සේගේ දිගහරින ලද හස්තයෙන් ලබාගැනීමට අපගේ හස්තය දිග හැරීමයි.
අප කලින් දුටු පරිදි, උන්වහන්සේට ඕනෑ විධියට ක්‍රියාකිරීමට පමණක් සකසා තිඛෙන, මනසක් නැති රොබෝ යන්ත්‍රයක් මෙන් සිටීම, දෙවියන්වහන්සේ බලාපොරොත්තු වන දෙයක් නොවේ. උන්වහන්සේට අවශ්‍ය වන්නේ අප විසින්ම තීරණ ගැනීමය.
දෙවියන්වහන්සේ යහපත් බවත්, උන්වහන්සේ ඔබට බොහෝ සේ ප්‍රේම කරණ බවත් විශ්වාස කරනවාද? දෙවියන්වහන්සේ උන්වහන්සේගේ පුත්‍රයාණන් වූ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, ඔබගේ පාප උදෙසා කුරුසිය පිට මරණය විඳීමට එවූ බවත්, තුන් දවසකට පසු උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටුනු බවත්, උන්වහන්සේ දැන් ස්වර්ගයේ ජීවමානව වැඩ වාසය කරන බවත් විශ්වාස කරනවාද? එසේ නම් දෙවියන්වහන්සේ ප්‍රදානය කරන පව් කමාව දැන් ඔබට ලබාගත හැකිය. ඔබට තවත් බලා සිටින්නට ඕනෑ නැත. පාපයෙනුත්, නිරයෙනුත් ගැලවීම ලබන පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයට වඩා වෙනත් නාමයක් මෙම පොළොවේ නැත. උන්වහන්සේ ඔබගේ ගැලවුම්කාරයාණන් සහ ස්වාමින්වහන්සේ ලෙස පිළිගැනීමට නම්, විවාහයකදී මෙන් ..සියල්ල අත්හැර උන්වහන්සේට පමණක් ඇළුම්ව සිටීම.. අත්‍යාවශ්‍ය වේ. විවාහයකදී ස්ත්‍රියකට කලින් සිදුවූ සියළු සම්බන්තාවයන් අත්හැර, ඇගේ මුළු ඉදිරි ජීවිත කාලය තුලදී, තමන්ගේ ස්වාමිපුරුෂයා ලෙස එක මනුෂ්‍යයෙකුට ඇළුම්ව සිටිය යුතු වේ.
අප හා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමඟ ඇති සම්බන්ධතාවය බයිබලය සමාන කරන්නේ උන්වහන්සේම දිව්‍යමය ස්වාමිපුරුෂයා ලෙස සිටින ආත්මික විවාහයක් ලෙසය. එම නිසා ඔබට අනිකුත් දේවතාවන්ට නමස්කාර කරමින් හෝ යාච්ඤා කරමින් සිටියදී ක්‍රිස්තුස්වහන්සේ පිළිගැනීමට කැමති යයි කීමට නොහැක. ඔබ තීරණයක් ගත යුතුව තිබේ. එම තීරණය ගැනීමට ඔබට අවශ්‍ය නම් එයට අවස්ථාව දැන්ය. ඔබගේ ඇස් වසා ඔබගේ මනසෙන් දෙවියන්වහන්සේ වෙතට යොමුවී, සැබෑ ලෙස මෙම වචන උන්වහන්සේට පවසන්න. ඔබ කොතැන සිටියත් උන්වහන්සේට ඔබගේ බස් ඇසෙන සේක. ඔබට ඇහුම්කන් දීමට උන්වහන්සේ උවමනාවෙන් සිටින සේක.
මෙලෙස පවසන්න-
- ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස් වහන්ස, මම පව්කරුවෙක්මි, මාගේ සියළු පාපයෙන් හැරී ඒමට මට සැබවින්ම අවශ්‍යව තිබේ. ඔබ වහන්සේ මාගේ සියළුපාප උදෙසා මැරුණු බවත්, ඔබ වහන්සේ මළවුන්ගෙන් නැගිට අද ජීවමානව වැඩ වාසය කරන බවත් මම විශ්වාස කරමි. මාගේ සියලූ පාප ගැන මට කමා කළ මැනව. අද සිට මගේ හදවතටත් ජීවිතයටත් පැමිණ මාගේ ජීවිතයේ ස්වාමින් වුව මැනව. දැන් සිට අන් සියලූ දෙවිවරුන් අත්හැර ඔබ වහන්සේට පමණක් නමස්කාර කරමි.
මෙම සරල යාච්ඤාව ඔබට ඉතා ඉක්මණින් කල හැකිය. නමුත් ඔබ මෙම යාච්ඤාව සියලූ අවංකකමින් දෙවියන්වහන්සේට ප්‍රකාශ කරනවා නම් සදාකාලයටම ඔබ ගැලවීම ලබන්නේය. ක‍ෂණයකින් ඔබ දෙවියන්වහන්සේගේ දරුවෙකු බවට පත්වන්නේය.
මෙම යාච්ඤාව ගිරවෙකු මෙන් නැවත නැවතත් ප්‍රකාශ කිරීමෙන් විජ්ජාවකින් මෙන් දෙවියන්වහන්සේගේ ආශිර්වාදය ලබා ගත නොහැක. අපගේ හදවතේ අවංකකම මෙයට බලපාන කරුණකි. ඔබ ප්‍රකාශ කරන්නාවූ දේ හදවතින්ම පැමිණෙනවානම් ඔබව උන්වහන්සේගේ දරුවෙකු කරගන්නා සේක. ඔබ අවංක නැත්නම් මේ යාච්ඤාව කිරීමෙන් ඔබට කිසිඳු වෙනසක් නොවන්නේය.
අපට සැබවින්ම සමාව ලැබී තිඛෙන බවත්, උන්වහන්සේ විසින් අප පිළිගෙන තිඛෙන බවත්, උන්වහන්සේගේ දරුවන් බවට අපව පත්කරගෙන තිඛෙන බවත් යන කරුණු ගැන සහතිකයක් ඇතුව සිටීම ඉතා වැදගත්ය. මෙම සහතිකය නොමැතිව සිටීම දෙවියන්වහන්සේ කැමති දෙයක් නොවේ. ශ=ද්ධාත්මයාණන් අප හදවත් තුලට පැමිණ අප උන්වහන්සේගේ දරුවන් බවට පැවසීමෙන් මෙම සහතිකය උන්වහන්සේ අපට දෙන සේක. තවද දෙවියන්වහන්සේගේ වචනයේ (බයිබලයේ) සඳහන් උන්වහන්සේ දුන් පොරොන්දු තුලින්ද මෙම සහතිකය උන්වහන්සේ අපට දෙන සේක.
..මා වෙතට එන තැනැත්තේ මා විසින් කිසිසේත් අහක දමන්නේ නැත.. යයි ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පවසන සේක. (යොහාන් 6:37)
ක්‍රිස්තුස්වහන්සේගේ පොරොන්දු තුල අපට සදාලාකයටම රඳා පැවතීමට හැකිය. යේසුස් ක්‍රිස්තුස්වහන්සේට අවංකකමින් මෙම යාච්ඤාව ඔබ කෙරුවෙහිද? එසේනම් ඔබ සැබවින්ම උන්වහන්සේ වෙතට පැමිණ ඇත. එවිට උන්වහන්සේ ඔබව ප්‍රතික‍ෂ්ප නොකල බව ඔබට සහතිකයක් ඇත. උන්වහන්සේ ඔබව පිළිගෙන ඇත. උන්වහන්සේ වෙතට පැමිණීමෙන් ඔබගේ කොටස කර තිබේ නම්, උන්වහන්සේගේ කොටස කරමින් දෙවියන්වහන්සේ ඔබව පිළිගෙන තිඛෙන බව සහතිකය තිබේ.
දෙවියන්වහන්සේ ඔබව පිළිගෙන තිඛෙනවාද, නැද්ද යන්න ගැන ඔබගේ හැඟීම් මත රඳා පැවතීමට අවශ්‍ය නැත. හැඟීම් අපගේ භෞතික ශරීරය සම්බන්ධව ක්‍රියාත්මක වන අතර ආත්මික කාරණා ගැන ඒවා රැවටිලිකාරය. හැඟීම මත අපගේ විශ්වාසය තැබීම, වැලි මත අත්තිවාරමක් දැමීම හා සමානය. අපගේ ඇදහිල්ල දේව වචනයේ ඇති උන්වහන්සේගේ පොරොන්දු මත තැබිය යුතුය. එය ගලක් මත ගොඩනැගීමට සමානය. දෙවියන්වහන්සේගේ දරුවෙක් වූ බවට ඔබට ස්ථීර කම ඇතිවූ විට ඔබ එම කාරණය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කල යුතුය. ඔබ හදවතේ විශ්වාස කරන දේ දිවෙන් (මුවින්) ප්‍රකාශ කළ යුතු බව බයිබලය සඳහන් කරයි. එම නිසා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබගේ පාපයට කමාව දුන් බවත් දැන් ඔබගේ ජීවිතයේ එකම ස්වාමීන් උන්වහන්සේ බවත්, ඔබගේ මිතුරන්ට සහ ඥාතීන්ට ප්‍රකාශ කල යුතුය.
ඉන්පසු ඔබ වතුර බෞතීස්මය තුලින් ක්‍රිස්තුස්වහන්සේ සමග ඇති සම්බන්ධතාවය ප්‍රකාශ කල යුතුය. ක්‍රිස්තුස් වහන්සේට ඔබගේ හදවත සහ ජීවිතය භාර දීමට තීරණය ගත් පසු වැඩිකල් නොගොස් වතුර බෞතීස්මය ලැබීම අවශ්‍යය. වතුර බෞතීස්මය යනු ආගමික පිළිවෙතක් නොවේ. එය දැන් ඔබ ක්‍රිස්තුස්වහන්සේට පමණක් අයිති බව දෙවියන්වහන්සේටත්, මනුෂ්‍යයන්ටත්, දේවදූතයන්ටත් සහ සාතන්ටත් ප්‍රසිද්ධියේ කරන්නාවූ සාක‍ෂියකි. බෞතිස්මයේදී තවත් ඇදහිලිවන්තයෙකු (නායකයෙක්) විසින් ඔබව පියාණන්ගේද, පුත්‍රයාණන්ගේද, ශුද්ධාත්මයාණන්ගේද, නාමයෙන් සම්පූර්ණයෙන් වතුරේ ගිල්වා නැවතත් වතුරෙන් එළියට ගනු ලබන්නේය. මෙම සරල ක්‍රියාව තුලින් ඔබ තුල සිටියාවූ පැරණි මනුෂ්‍යයා මැරුණු බව සාක‍ෂි දරයි. ඔබ සංඛේතාක්මකව, පැරණි ස්වාභාවය ගිල්වා තැන්පත් කරයි. වතුරෙන් නැවත එළියට එන අවස්ථාවේ ඔබ දැන් අළුත් කෙනෙක් බව (ආත්මික වශයෙන් මරණින් නැගිටුනාවූ කෙනෙක්) පිළිගන්වන අතර දෙවියන්වහන්සේ පමණක් මින්පසු ප්‍රසන්න කරණ කෙනෙක් බවත් ප්‍රකාශ කරයි. මෙයින් ඔබ සම්පූර්ණභාවයට පත්වී සිටින කෙනෙක් බවට පත්වන්නේ නැත. සම්පූර්ණ භාවයට පත්වන්නට ජීවිත කාලයම මදිය. නමුත් ඔබගේ ජිවිත ගමන ඔබ වෙනස් කරගෙන ඇත. දැන් ඔබට තවත් පව් කරන්ටත්, තවදුරටත් දෙවියන්වහන්සේව අසතුටට පත් කරන්ටත්, ඕනෑ නැත. ඔබ ස්වර්ගයේ පුරවැසියෙක් සහ දෙවියන්වහන්සේගේ දරුවෙකු බවටත් පත්වී ඇත.

පරිච්ජේදය 7
ගැලවීම පිළිබඳ සැබෑ සත්‍යය

..යේසුස්.. යන නාමයේ අර්ථය ..ගැළවුම්කරු.. යනුයි. උන්වහන්සේ පොළොවට ආවේ ඒ නම සමගය. එසේ වූයේ ඒ දේ කිරීමටම ආ නිසාය. එය නම් මනුෂ්‍යයන් ඔවුන්ගේ පාපවලින් ගලවාගැනීමටය. ගැලවීම යනු පව් කමාව ලැබීමට වඩා දෙයක්‍ය. මෙම වෙනස පැහැදිලි කර දීමට උදාහරණයක් යොදා ගනිමි.
මගේ නිවස ඉදිරිපස මාර්ගයේ අළුත්වැඩියාවක් කෙරෙමින් එහි විශාල වලක් කපා තිබේ යයි සිතමු. මගේ කුඩා පුතුට අවවාද කරමින් ඒ අසලට නොයන ලෙසත්, එසේ කලහොත් වලට වැටෙන්නට ඉඩ තිඛෙන බවත් අනතුරු අඟවමි. නමුත් පුතා මගේ අවවාදයට අකීකරු වී වල බැලීමට ඒ අසලට ගොස් අඩි 10 ක් ගැඹුරු එම වලට වැටුනහොත් ඔහු හඬා මට මහත් හඩින් අමතනු ඇත.
මම එතනට පැමිණි කල මගේ අණට අකීකරු වීම ගැන සැබවින්ම කණගාටු වී මගෙන් සමාව ඉල්ලා සිටින්නේයයි සිතමු. එම අවස්ථාවේදී මම ඔහුට හොඳයි පුතා මම නුඹට සමාව දෙනවා, මම එහෙනම් ගිහිං එන්නම්, කියා පැවසුවොත් මම කර තිඛෙන දේ කුමක්ද? මම ඔහුට සමාව ලබාදී ඇත. නමුත් ඔහුව ගලවාගෙන නැත.
ගැලවීම යනු පව් කමාව ලැබීමට වඩා දෙයකි. එයට ඔහු වැටුනාවූ වලෙන් ගොඩගැනීමේ කාර්‍යද ඇතුලත්වේ. යේසුස්වහන්සේ මෙලොවට ආවේ මේ දේ අප උදෙසා කරදීම පිණිසය. උන්වහන්සේ අපගේ පාපයට සමාව ලබාදෙනවා පමණක් නොව පාපයෙන්ම අපව ගලවන පිණිස පැමිණි සේක.
අපගේ හෘද සාක‍ෂියට නැවත නැවතත් අකීකරු වීමෙන් අප පාපය නමැති වලට ගැඹුරු ලෙස වැටී ඇත. දැන් දෙවියන්වහන්සේ අපට සමාව ලබාදෙන සේක් නම් එය මණහර ආරංචියක් වන්නේය. නමුත් යේසුස් වහන්සේ පිළිබඳ ශුභාරංචිය නම් උන්වහන්සේ අපට සමාව දෙනවා පමණක් නොව පාපයේ බලයෙන්ද අප ගලවන බවය. ගැලවීම අත්දකිනු ලබන්නේ කාල වකවානු තුනකදීය. අතීතය, වර්ථමානය සහ අනාගතය තුලදීය. අප පළමුකොට පාපයේ දඬුවමින් මිදීම ලැබිය යුතුය. ඉන්පසු පාපයේ බලයෙන් ගැලවීම ලැබිය යුතුය. අවසානයේදී පාපයේ අභිමුඛයෙන් අප ගැලවීම ලබන්නේ ස්වර්ගයට ගිය විටය.
ගැලවීමේ මූලික අවස්ථාවේදී පාපයට සමාව ලැබීම සම්බන්ධ වේ. මෙය නම් අපගේ අතීතයේ වරදකාර ස්වභාවය ඉවත් කිරීමයි. නමුත් මෙය සෑහෙන්නේ නැත. ඉන්පසු අපට ධර්මිෂ්ඨව ජීවත් වීමට දෙවියන්වහන්සේගේ උපකාරය අවශ්‍ය වේ. මේ සම්බන්ධව දෙවියන්වහන්සේ ශුද්ධාත්මයාණන් වහන්සේගේ බලය අපට ලබාදෙන සේක. මානසික දුබලතාවයන්ට ප්‍රතිකාර ලබාදෙන එක්තරා මානසික රෝහලක් සම්බන්ධ කථාවක් මට අසන්නට ලැබුණි. මෙම රෝගීන් ප්‍රතිකාර වලින් පසු හරි කල්පනා ශක්තියට ඇවිත් තිබේදැයි නිගමනය කිරීම පිණිස යම්කිසි පරික‍ෂණයකට භාජනය කරණ ලදී. ඔවුන් රෝගියෙකු, වතුර දිගටම ගලාගෙන එන විවෘත කරන ලද පයිප්පයක් ඇති කාමරයකට දමන ලදී. ඉන්පසු ඔහුට කොස්සක් සහ බාල්දියක් දී පොළොවේ තෙත මාත්තුකිරීමට ඉල්ලා සිටිනු ලැබේ. පළමුව ඔහු පයිප්පය නොවසා මෙම කාර්‍යය කිරීමට පෙළඹුනහොත් එයින් රෝගියා හරි කල්පනාව ඇති තත්වයට ඇවිත් නැති බව පෙන්නුම් කරයි.
අපගේ ප්‍රශ්නයත් මෙයාකාරය. අප තුලද නිතරම පාපය ගලායන ..පයිප්පයක්.. ඇත. යේසුස්වහන්සේ අප කල පාප අතුගා ඉවත් කරනවා පමණක් නොව, මෙම පයිප්පය වැසීමටද බලය දෙන සේක. එස් නොවේ නම් ශුභාරංචිය කිසිසේත් යහපත් ආරංචියක් නොවනු ඇත.
මෙම ශුභාරංචිය, බයිබලය මෙලෙස විග්‍රහ කරයි. ..ගැලවීම පිණිස එය දෙවියන්වහන්සේගේ බලයව තිබේ.. (රෝම 1:16) බලය සම්බන්ධ මූලික දේ වන්නේ දෙවියන්වහන්සේගේ වචනයයි. බයිබලය යනු පරික‍ෂාවෙන් ජය ගැනීමට උපකාර වන්නාවූ බලවත් ආයුධයකි. යේසුස්වහන්සේම, සාතන්ගේ පරික‍ෂාවලින් ජය ලැබුවේ දෙවියන්වහන්සේගේ වචනයේ ඇති බලය තුලින්‍ය. (මතෙව් 4: 1-11) මේ හේතුව නිසා අප දෙවියන්වහන්සේගේ වචනය දිනපතා කියවීමේ පුරුද්දගොඩනගාගත යුතුය. ඒ තුලින් ස්වාමීන් වහන්සේ අපට කථා කරමින් අපගේ දිනපතා ජීවිතයේ සටන් වලට මුහුණ දීමට ශක්තිය දෙන සේක.
බයිබලය තරුණයින්ට මෙලෙස පවසයි. ..තරුණයෙනි, නුඹලාට ලියා එව්වේ නුුඹලා ශක්තිමත් බැවිනුත්, නුඹලා තුළ දෙවියන්වහන්සේගේ වචනය පවතින බැවිනුත් නපුරාගෙන් නුඹලා ජයගත් බැවිනුත්‍ය.. (1යොහාන් 2: 14)
බලය සම්බන්ධ දෙවන කාරණය නම් අප තුල වැඩ වාසය කිරීමට පැමිණෙන ශුද්ධාත්මයාණන් වහන්සේය. අප තුල ස්ථීරව වාසය කිරීමට උන්වහන්සේට අවශව ඇති අතර, දිනපතා අපට කථා කරන්ටත්, ජිවිතයේ අරගලවලට මුහුණ දීමේදී ශක්තිය දීමටත් යේසුස්වහන්සේගේ ගෝලයෙකු වශයෙන් උන්වහන්සේව අනුගමනය කිරීමට සහය දීමටත් උපකාර වන සේක. අප නිරන්තරයෙන්ම ශුද්ධාත්මයාණන්ගෙන් පිරී සිටින පිණිස දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටිය යුතුය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙලෙස පැවසූ සේක. ..මෙසේ නපුරු වූ නුඹලා නුඹලාගේ දරුවන්ට යහපත් දේ දෙන්ට දනිවු නම්, කොපමණ වැඩියෙන් නුඹලාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ තමන්වහන්සේගෙන් ඉල්ලන්නට ශුද්ධාත්මය නොදෙන සේක්ද.. (ලුක් 11: 13) බලය ගෙන දෙන තුන්වන කාරණය නම් සමාන සිතක් ඇති ක්‍රිස්තියානි අය සමඟ තිඛෙන සහභාගීත්වයයි. බොහෝ දර එකට ගින්නේ දැවෙන විට ඒ සියල්ල දීප්තිමත්ව ඇවිලේ. හොඳින් දැවෙන එක දර කෑල්ලක් ඉවත් කලොත් ගින්න අවිලීම අඩුවී එය නිවීයයි. අනික් ක්‍රිස්තියානි අයගේ සහභාගීත්වය නැතිව තනිවම දෙවියන්වහන්සේ උදෙසා ජීවත්වීමට ගියහොත් අපටත් සිදුවන්නේ මෙයාකාර දෙයකි. මේ සම්බන්ධව අප බොහෝ ප්‍රවේශම් විය යුතුය. මන්ද ක්‍රිස්තියානි අය කියා හඳුනාගන්නාවූ සියලූ දෙනා සැබෑ ක්‍රිස්තියානි අය නොවේ. ක්‍රිස්තියානි අය කියා හඳුනාගන්නා වූ ඕනෑම ක්‍රිස්තියානි නිකායන්ට අයිති වූ 90% පමණ දෙවියන්වහන්සේගේ දරුවන් නොවන බව නිසැකවම කිව හැකිය. මේ අය ඔවුන්ගේ පාප අත්හැර ක්‍රිස්තුස්වහන්සේව තමන්ගේ ජීවිතයේ ස්වාමීන් ලෙස පිළිගැනීමට පුද්ගලික තීරණයක් ගෙන නොමැත. ඔවුන් සිතන්නේ උප්පත්තියෙන් ඔවුන් ක්‍රිස්තියානි පවුල්වලට ඉපදුනු නිසා ඔවුන් ක්‍රිස්තියානි අය බවට පත්වී තිඛෙන බවය.
මෙලෙස නාමිකව සිටින ක්‍රිස්තියානි අය අප මගහැර අත්දැකිමෙන් ක්‍රිස්තියානි අය බවට පත්වූ දිනපතා තමන්ගේ ජීවිතයෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමය කිරීමට සොයන අය සමග සහභාගීකම් පැවැත්වීමට ක්‍රියා කල යුතුය.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ ගැලවුම්කරුවාණෝ සහ ස්වාමීන් ලෙස පිළිගත් විට අප ඉහලින් උපත ලබන බව බයිබලය ප්‍රකාශ කරණ අතර, අප දෙවියන්වහන්සේගේ දරුවන් බවට පත්වමු. දෙවියන්වහන්සේ දැන් අපගේ පියාණන්වහන්සේය. අනිකුත් භෞමික පියවරුන් මෙන්, අපගේ ජීවිතයට අවශ්‍ය කරණ ආත්මික සහ ශාරීරික අවශ්‍යතාවන් සම්පූර්ණ කරණ පිණිස අවශ්‍ය සියල්ල ලබාදීමට දෙවියන්වහන්සේ මහත් සැලකීමෙන් ක්‍රියා කරන සේ්ක. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පැවසූ ලෙස අප උන්වහන්සේගේ උවමනාවන් පලමුකොට සොයනවා නම්, අපගේ ජීවිතයට අවශ්‍ය කරණ අනිකුත් සියල්ල අපට එකතු කරණු ලබන්නේය. උන්වහන්සේ මෙලෙස පැවසූ සේක ..නමුත් පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨයකමද සොයා පල්ලා, මේ සියල්ලත් නුඹලාට දෙනු ලබන්නේය.. (මතෙව් 6: 33)
දෙවියන්වහන්සේගේ දරුවෙකුට ඇති ශ්‍රේෂ්ඨතම වරප්‍රසාදය නම් යාච්ඤා කිරීමේ වරප්‍රසාදයයි. එනම් සර්වබලධාරී දෙවියන්වහන්සේට කථා කිරීමත්, උන්වහන්සේ අප ආත්මයට කථා කරන දේ ඇසීමත්‍ ය. දෙවියන්වහන්සේ සාමාන්‍යයෙන් අපගේ කන්වලට ඇසෙන පරිදි හඩකින් කථා කරන්නේ නැත. නමුත් සැබෑ ලෙස හඬකින් ඇසුනා සේ අපගේ ආත්මය තුල සටහනක් ඇතිවීමට සලස්වයි. අපගේ හදවතට බරක් වූ සෑම දෙයක් ගැනම දෙවියන්වහන්සේට පවසන ලෙස යේසුස්වහන්සේ අපව ධෛර්‍ය්‍යමත් කරන සේක. තමන්ගේ දුක් වේදනා ඛෙදා ගැනීමට කිසිවකුත් නොමැතිව බොහෝ අය නිශ්ශබ්දතාවයේ වේදනා විඳිති. නමුත් දෙවියන්වහන්සේගේ දරුවෙකුට ඔහුගේ සියලූ දේ ඛෙදා ගන්නට පුළුවන් ස්වර්ගීක පියාණන් කෙනෙක් ඇත. මේ පොලොවේ අවශ්‍ය කරන සියළු දේ ලබාදීමට හැකි තමන්ගේ ස්වර්ගීක පියාණන් කෙරෙහි විශ්වාසය තැබිය හැකිය.
දේවල් වෙනස් කිරීමට, දෙවියන්වහන්සේට ඒවා වෙනස් කරන පිණිස ඉල්ලා සිටින්නැයි ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපට ඉගැන්වූ සේක. යාච්ඤාවේ හාස්කම මෙයයි. සියළු දේ සිදුවන්නේ දෙවියන්වහන්සේගේ කැමැත්ත තුල යැයි පවසමින් අපට සිදුවන සෑම දේ ඒවා අපට සහ අපගේ පවුලට කිසියම් අයුරකින් හානිදායක නම් මේවා අපගේම ඉරණම වශයෙන් පිළිගත යුතු නැත. කාරණාවල් දෛවයක් ලෙස පිළිගැනීම දෙවියන්වහන්සේගේ කැමැත්තට යටත් වීමට වඩා වෙනස් දෙයකි. අපිව ධෛර්‍ය්‍ය_මත් කරනු ලබන්නේ අපගේ අවශ්‍යතාවයන් සියල්ල ගැන දෙවියන්වහන්සේට යාච්ඤා කිරීමටයි. බයිබලයේ ඇති පොරොන්දුව මෙලෙසය. ..දෙවියන්වහන්සේ.... නුඹලාගේ සියලූ හිඟකම් සම්පූර්ණ කරන සේක.. (පිලිප්පි 4: 19).

සියලූ ප්‍රඥාවන්ත පියවරුන් මෙන්, දෙවියන්වහන්සේට අප යාච්ඤා කරන කල අපට ඕනෑ කරණ සියළු දේ ලබාදෙන්නේ නැත. උන්වහන්සේ අපට ලබාදෙන්නේ අපට යහපතක් වන්නට යන අපට අවශ්‍ය කරණ දේ පමණය.
දෙවියන්වහන්සේ යහපත්‍ය. උන්වහන්සේගේ කිසිම දරුවෙකු කිසිම අවස්ථාවකදී නපුරට ලක්වීම උන්වහන්සේගේ අභිලාෂය නොවන්නේය. එම නිසා අපට උන්වහන්සේ වෙතට නිර්භයව ගොස් සියලූ නපුරෙන් අපව මුදවන ලෙස ඉල්ලා සිටිය හැක.
අන් අය විසින් යක‍්‍ෂ බන්ධන සහ හූනියම් කර තිඛෙන නිසා දුක් විඳින බොහෝ දෙනා මෙලොව ඇත. ඔබගේ ජීවිතය ක්‍රිස්තුස්වහන්සේට භාර දී තිබේ නම් මෙම සාතන්ගේ ක්‍රියාවල් වලට තවත් ඔබට හානි කිරීමට නොහැකිය. සාතන්ව පරාජය කල ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් ඔබට සාතන් පලවා හැරිය හැක. ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් යක‍්‍ෂයාට විරුද්ධව සිටි විට කිසිම යක‍්‍ෂ බන්ධනයකට හෝ හූනියමකට ඔබව හෝ ඔබගේ දරුවන්ව හානියට පත්කිරීමටවත් ඔබට අතගැසීමටවත් බැරිය. ඔබව මිදීමට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් හඩ ගසන කල ඕනෑම යක‍්‍ෂ බන්ධනයක බලයෙන් දැන් මේ මොහොතේ ඉවත් කිරීමට හැකිය.
බයිබලය පවසන ලෙස යේසුස් වහන්සේ කුරුසියේදී මැරුණු අවස්ථාවේදී උන්වහන්සේ සාතන්ව පරාජය කර ඔහුගේ බලය ඉවත් කල සේක. මෙය දැන් සිදුවී හමාරය. අපගේ පාපයට සමාව ලබා ගන්නවා ලෙසම මේ අවස්ථාවේදීත් අප මේ සත්‍යය පුද්ගලීකව පිලිගන්නාතෙක් සාතන්ගේ පරාජය අපගේ ජීවිතයේ අත්දැකීමට හැකි වන්නේ නැත ..එහෙයින් දරුවන් ලේ හා මංසයට පංගුකාරයන්ව සිටින නිසා උන්වහන්සේත් එම ආකාරයෙන් ඒවාට පංගුකාරයෙක් වූ සේක. එසේ කලේ මරණය කෙරෙහි බලය ඇත්තා වන යක‍ෂයාව මරණය කරණකොට ගෙන බල නැති කොට, ජිවිතයේ මුළුල්ලේහිම මරණයට භයින් වාල්කමට යටත්ව සිටි සියල්ලන් නිදහස් කරණ පිණිසය. (හෙබ්‍රෙවී 2:14, 15)
..එබැවින් දෙවියන්වහන්සේට යටත්ව සිටපල්ලා නමුත් යක‍්‍ෂයාට විරුද්ධව සිටපල්ලා, එවිට ඔහු නුඹ වෙතින් පලා යනවා ඇත.. (යාකොබ් 4:7)
අප දෙවියන්වහන්සේගේ දරුවන් වූවාට පසුවත් අපව පරික‍්‍ෂාවට ලක්කිරීමට සාතන්ට ඉඩදී ඇත. මන්ද අප ශක්තිමත් වන්නේ මේ තුලින්‍ය. සාතන්ගේ ප්‍රහාර වලට විරුද්ධව සිට ඒවායින් ජය ගැනීමට අප තුල වැඩ වාසය කරන දෙවියන්වහන්සේගේ ශුද්ධ ආත්මයාණන් තුලින් අපට බලය තිබේ.
දෙවියන්වහන්සේගේ දරුවන්ට මේ පොළොවේ ජීවිතයේදී බාධා සහ ප්‍රශ්න වලින් තොරව ජීවත් වීමට දෙවියන්වහන්සේගේ පොරොන්දුවක් නැත. දෙවියන්වහන්සේට අවශ්‍ය කරන්නේ සමහර ධනවත් දෙමව්පියන්ගේ, උපන් දා සිටම අධික සැප ලබන නරක් වූ දරුවන් මෙන් නොව, ඕනෑම දෙයකට මුහුණ දිය හැකි ශක්තිමත් දරුන්ව සිටිමය. එම නිසා මෙලෙස ශක්තිමත් කිරීමට උන්වහන්සේ අපට අනික් මනුෂ්‍යයන්ට මෙන් කරදර වලට ලක්වීමට ඉඩ හරින සේක.
අප මෙම පීඩා තුලදීම, උන්වහන්සේගේ හාස්කමේ උපකාරය සෑම අවස්ථාවකදීම අත්දකිමින්, අප වඩා හොඳින් දෙවියන්වහන්සේව දැනගැනීමට පැමිණෙන්නේය.

පරිච්ජේදය 8
සදාකාලය පිළිබඳ සැබෑ සත්‍යය

දෙවියන්වහන්සේගේ් දරුවෙක් බවට පත්වූ කෙනෙකුට කාලයේ දේවල් වලට වඩා සදාකාලික දේවල් වඩා වටින්නේය. හෙතෙමට පොළොවේ තිඛෙන වටිනාකම් වලට වඩා ස්වර්ගික වටිනාකම් වඩා වැදගත්ය. වර්‍ෂ 2000 කට ප්‍රථම ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිට ස්වර්ගයට වැඩම කිරීමට පෙර මෙම පොළොවට නැවත එන බව පොරොන්දු වූ සේක. මෙය .. ක්‍රිස්තුස් වහන්සේගේ දෙවෙනි පැමිණීම.. ලෙස හැඳින්වේ. ලෝක ඉතිහාසයේ සිදුවීමට තිඛෙන ඊලඟ ශ්‍රේෂ්ඨ සිදුවීම මෙය වේ.
ක්‍රිස්තුස්වහන්සේ නැවත පොළොවට එන අවස්ථාවේදී තමන්ගේ ජීවිත ගැන ගණන් දීමක් දෙවියන්වහන්සේ ඉදිරියේ දියයුතු බව සෑම දෙවියන්වහන්සේගේ දරුවෙක්ම දැන සිටී. සදාකාල ජීවිතය දක්වා යන ගමනේදී, මේ ලෝකයේ ජීවිතය අප පසුකර යන්නාවූ වකවානුවක් පමණක් වේ. මෙහි අප පරිවාස කාලයක් ගත කරමු. මෙම කාලයේ ජීවිතයේ වන සිදුවීම් තුලින් අප තෝරාගන්නේ මේ ලෝකයේ ඇති තාවකාලික දේවල්ද නැත්නම් ස්වර්ගයේ සදාකාලික දේවල්ද යනු සම්බන්ධව දෙවියන්වහන්සේ සියලූ දෙනා සෝදිසි කරණ සේක. අප ප්‍රඥාවන්ත නම් අප තෝරාගන්නේ සදාකාලික වටිනා කම් ඇති දේවල්‍ ය.
කුඩා දරුවෙකු රුපියල් 500ක නෝට්ටුවකට වඩා දිලිසෙන වර්ණවත් කොලයකට ආසා කරන්නේ වටිනාකමක් ඇති දේ තෝරා ගැනීමට තේරුමක් නැති නිසාය. අප ස්වර්ගීක සදාකාලික දේට වඩා පොළොවේ දේට වඩා කැමැත්තක් දක්වනවා නම් අපද එම දරුවා මෙන් හැසිරෙමු.
ලෝකය සහ එහි ඇති සියළු දේත් පහව යන බව දෙවියන්වහන්සේ බයිබලයේ පැහැදිලි ලෙස පවසා තිබේ. පොළොවේ ඇති තාවකාලික දේ මුල්කරගෙන ජීවත්වීම, බංකොලොත් වන්නට යන බැංකුවක මුදල් තැන්පත් කරනවා හා සමානය. ප්‍රඥාවන්ත පුද්ගලයෙක් තමාගේ මුදල් ආයෝජනය කරන්නේ ස්ථාවරව පවතින බැංකුවක පමණය. ඒ හා සමානවම ප්‍රඥාවන්ත අය ජීවත් වන්නේ සදාකාලික වටිනාකමක් ඇති දේ මුල් කරගෙනය. අපගේ චරිතයට සම්බන්ධ මෙම දේවල් නම් ශුද්ධකම, ප්‍රේමය, සමාව දීම, යටහත් කම යනාදියයි. මෙම පොළොව හැර යන අතර අපට ගෙනියන්ට පුළුවන් දේ මේවා පමණි. තමුන්ගේ පාපය ගැන පසුතැවිලි නොවී මරණයට පත්වන්නාවූ සියලූ දෙනාගේ කෙළවර අති භයානක බව බයිබලය අපට පවසයි.
..තවද එක වරක් මරණයත් ඉන්පසු විනිශ්චයත් මනුෂ්‍යයන්ට නියමව තිඛෙන්නාක් මෙන්ම........ (හෙබ්‍රෙව් 9 27)
කෙනෙක් මැරුණු පසු ඔහුට වෙනස්වීමට අවස්ථාවක් නැත. එවැනි කෙනෙකු දෙවියන්වහන්සේට වෙනස් කරන්ටත් බැරිය. මන්ද දෙවියන්වහන්සේ මනුෂ්‍යයාගේ කැමැත්තට විරුද්ධව එම තැනැත්තා වෙනස් කිරීම නොකරණ සේක. මේ පොළොවේදී අප වෙනස් කිරීමට කැමැත්ත දක්වනවා නම් පමණක් දෙවියන්වහන්සේට අප වෙනස් කල හැකිය.
අනාගතයේදී එක් දිනයක මේ පොළොවේ ජීවත් වුණු සෑම කෙනෙක්ම මරණයෙන් නැගිටුවණු ලැබ තමාගේ ජීවිතය ගැන දෙවියන්වහන්සේට ගණන් දීමක් කරණු ලබන්නේය.
නැවත නැගිටීම් දෙකක් ගැන බයිබලය පවසයි. දූවිලි බවට පත්වූ මැරුණාවූ ශරීර දෙවියන් වහන්සේගේ ආශ්චය්‍ය_මත් බලයෙන් නැවතත් ශාරීරිකව නැගිටුවනවා ඇත. පළවෙනි නැවත නැගිටීම ධර්මිෂ්ඨයන්ට පමණක් සීමා වේ. මේ අය පොළොවේ සිටියදී ක්‍රිස්තුස්වහන්සේ වෙත හැරී ඔවුන්ගේ පාපයට සමාව ලබාගෙන දෙවියන්වහන්සේගේ දරුවන් බවට පත්වූ අයවලූන් වේ.
දෙවෙනි නැවත නැගිටීම අදාල වන්නේ තමන්ගේ ගැලවුම්කරු සහ ස්වාමීන් ලෙස ක්‍රිස්තුස්වහන්සේ පිළිනොගත්, තමන්ගේ පාපවලට සමාව නොලබා මියගිය අයවලූන්ටය.
කෙනෙකු තමාගේ පාපය ගැන පසුතැවිලි නොවී, පව්කමාව පිණිස ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාසය නොතබා මියගිය හොත්, හෙතෙම එක් දවසකදී ඔහුගේ මුළු ජීවිතයම විමර්‍ෂණයට ලක්කරන දෙවියන්වහන්සේගේ විනිශ්චයාසනය ඉදිරියේ විනිශ්චය කරනු ලබන්නේය. එවිට හෙතෙම තමාගේ පාපයට සදාකාලික විනිශ්චයක් ලැබීමට යෝග්‍ය කෙනෙක් බව මුළු විශ්වය ඉදිරියේ ඔප්පු කර පෙන්වනු ලැබේ. ඉන්පසු හෙතෙම සදාකාලයටම ගිණිවිලට හෙලනු ලබන්නේය. එය අවසානයක් නැති දඬුවමක් වනු ඇත. ක්‍රිස්තුස් වහන්සේ ප්‍රතික්‍ෂේප කර සදාකාලයටම මුහුණ දීමට යන්නාවූ සියලූ දෙනාගේ භයානක අනාගතය මෙය වන්නේය.
මුළු විශ්වයේම නපුර ආරම්භ කළා වූ, මනුෂ්‍යයන් පාපයට පෙළඹවීමට ප්‍රධාන හේතුව වූ සාතන්, පළමුකොට ගිණි විලට හෙලනු ලබන්නේය. අනික් අතට, යටහත් වී, තමන්ගේ පාපය පිළිගෙන ඒවා කියාදී ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසිය පිට මරණය තුලින් ප්‍රදානය කරණු ලබන පව්කමාව පිලිගත් අය ස්වර්ගයේ ප්‍රීතියට ඇතුලත් වන්නෝය. එහිදී ඔවුන් දෙවියන්වහන්සේත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේත් සමග සදාකාලයට වාසය කරන්නෝය. ස්වර්ගය ශුද්ධකම, සමාදානය සහ ප්‍රීතිය ඇති ස්ථානයක්‍ය. එහිදී දේවදූතයන්ද මනුෂ්‍යය වර්ගයා අතරින් තමන්ගේ පාපයෙන් ගැලවීම ලත් සියලූ දෙනාද, සදාකාලයටම දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින් සහ නමස්කාර කරමින්, නොයෙකුත් අන්දමින් උන්වහන්සේට සේවය කරන්නෝය. අපට පෙර මෙලොවින් ගියාවූ අපගේ ප්‍රේමවන්ත අය, ගැලවීම පිණිස ක්‍රිස්තුස්වහන්සේව පිළිගෙන, දෙවියන්වහන්සේගේ දරුවන් ලෙස මිය ගියා නම්, ඔවුන් සමග නැවත ඉමහත් ප්‍රීතියෙන් එකතුවන්නා වූ ස්ථානයක් ද වන්නේය. දෙවියන්වහන්සේගේ සැබෑ දරුවන්, දෙවියන්වහන්සේ සමග සදාකාලය ගත කිරීමේ මෙම මහිමාන්විත දවස, මහත් ආශාවෙන් බලා සිටින්නෝය.
  • • දැන් ඔබ සැබෑ සත්‍ය දැනගත් කෙනෙකු වශයෙන් ඔබගේ ප්‍රතිචාරය කුමක් වන්නේද?
  • • යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අමතමින් ඔබගේ පාපයට සමාව දෙන ලෙසත්, ඔබව දෙවියන්වහන්සේගේ දරුවෙක් කරගන්නා ලෙසත් අයදිමින් යාච්ඤා කලාද?
  • • මෙම යාච්ඤාව කිරීමට අවස්ථාව දැන්ය. මන්ද දෙවියන්වහන්සේ ඔබගේ හදවතට කථා කරන අවස්ථාව දැන්ය.
  • • අප මරණයට පත්වී මෙලොවින් වෙන්ව යන අවස්ථාව කිසිවෙකුටත් කිවනොහැකිය.
  • • ඉදිරියේ එක් දවසක්, මේ පොළොවේ අපගේ අන්තීම දවස වනු ඇත.
  • • ඒ දිනය පැමිණීමට කලින් ඔබගේ පාපයට සමාව ලබාගත් බවත් දෙවියන්වහන්සේ මුණ ගැසීමට සූදානම් බවත් සහතික කර ගන්න.