බයිබලය මුලසිට අග දක්වා

කර්තෘ :   සැක් පූනන්
    Download Formats:

පරිච්ජේදය 1
හැඳින්වීම​: දෙවියන් වහන්සේ අපට ශුද්ධ බයිබලය දුන්නේ ඇයි?

දේව වචනය ඉගෙනීමට ප්‍රථම​, දෙවියන් වහන්සේ අපට මෙම දේව වචනය දුන්නේ මන්දැයි අප තේරුම් ගත යුතුය. වැරදි අරමුණු ඔස්සේ දේව වචනය හැදෑරීමට යොමු වීමේ හැකියාවක් ඇත. එබැවින් බොහෝ කිතුනුවන් එයම කරන බවට මම සිතමි. දෙවියන් වහන්සේ දුන්නාවූ ශුද්ධ ලියවිල්ලේ අරමුණම අප සැබවින්ම අධ්‍යයනය කල යුතුය.

මා මුලු ශුද්ධ දේව වචනයම ඉතා සැලකිල්ලෙන් අධ්‍යයනය කරන වකවානුවේදි සහ දෙවියන් වහන්සේගේ සිත (හදවත​) බැලීමට උත්සහ කරන විට මා හට දේව වචනයේ මෙම පාඨය සිතට පැමිණුනේය​. " මක්නිසාද දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේමකළසේක . එසේ කළේ උන්වහන්සේ කෙරෙහී අදහා ගන්නා සෑම දෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය​" (ශු. යොහාන් 3:16) . දෙවියන් වහන්සේ අපට ශුද්ධ ලියවිල්ල ලබා දුන් මූලික පරමාර්ථය නම්, උන් වහන්සේ මුළු මිනිස් සංහතියටම කොතරම් තදින් ප්‍රේම කරනවාදයත්, උන් වහන්සේ තම පුත්‍රයාණන්ව එවා පාපයේ ග්‍රහණයෙන් ඔවුන්ව ගලවා, ඔවුන්ව උන් වහන්සේ සමඟ ඇසුරට ගෙන ඒමට බව, ඔවුන් සියලු දෙනා දැනගන්නා පිණිසය. දෙවියන් වහන්සේගේ සිතේ (හදවතේ) ඇත්තාවූ මහත් ආශාව නම්, කිසිවකුත් පාපය කරණකොටගෙන නාස්ති වී විනාශ නොවීමය යන්නය​.

අපි දේව වචනය අධ්‍යනය කළ යුතු වන්නේ ඉහත දැක්වූ කාරණය අපගේ සිතෙහි දාරනය කර ගෙනය. දේව වචනයේ අපට සම්පූර්ණයෙන්ම තේරුම් ගැනීමට නොහැකි කාරණා තිබුනද​ ​අපි මෙසේ යාච්ඤා කරමු. " ස්වාමින් වහන්ස​; ඔබගේ ශුද්ධ වචනයේ සියලුම අර්ථයන් අපට තේරුම් ගත නොහැකි වුවත්, ඔබවහන්සේගේ හදවත තේරුම් ගැනීමට අවශ්‍යය​. "

ශුද්ධ ලියවිල්ල අධ්‍යයනය කිරීමේදී අප විසින් යාච්ඤා කළ යුතුම වේ. එවිට දෙවියන්වහන්සේගේ හදවතෙහි ඇති දේ අපට වටහා ගැනීමට හැකි වනු ඇත​. අපේ අධ්‍යයනයන්හිදි ඉතා සුළු කාරණා සවිස්තරාත්මකව දැනගැනීමට උත්සාහ කිරීමෙන් දෙවිය්න්වහන්සේගේ හදවත දැකීම අපට අහිමි වනු ඇත​. දෙවියන්වහන්සේ - උන්වහන්සේගෙ හදවත එළිදරව් කරනුයේ, උන්වහන්සේගේ දේව වචනය තුළිනි.

නුමුත් ගොඩනැගිල්ලක අත්තිවාරම දැමූ පමණින්ම එහි ඉදි කිරීම් නොනවතිනවා සේම, දෙවියන්වහන්සේගේ අරමුණද නොනවතිනු ඇත​. අපි(2 තිමෝති 3:16) මෙසේ කියවමු"දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණව , සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් ( දෙවියන්වහන්සේගේ හුස්මෙන්) දුන් මුලු ලියවිල්ල ඉගැන්වීමටත් , තරවටුවටත් , හික්මවීමටත් , ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ. "

දෙවියන්වහන්සේ ආදම්ට ජීවන හුස්ම හෙලුවා සේම මෙම පුස්ථකයටද ජීවන හුස්ම හෙලූ සේක​. දෙවියන්වහන්සේ ආදම්ට ජීවන හුස්ම - නොහෙලුවේ නම් ආදම් දූවිලි ගොඩක් පමණක් වනු ඇත​. දෙවියන්වහන්සේ හුස්ම නොහෙලූ සෑම පොතක්ම දූවිලි ගොඩක් පමණි.

දෙවියන්වහන්සේ දේව වචනය අපට දී ත්තේ:-

1) අපට සැබෑ මාවත් පෙන්වන පිණිස ඉගැන්වීමටය​.

2) හික්මවීමටත්, තරවටුවටත්‍ ය​.

දෙවියන්වහන්සේගේ මාවත්වල අප සුරක්‍ෂිත වන පිණිස මහත් තරවටු අවශ්‍ය වනු ඇත​.

3) අප මුළාව යන විට නිවැරදි කර අපව සැබෑ මාවත් කරා යොමු කිරීමටය​.

4) ධර්මිෂ්ඨකමට පුහුණු කිරීම පිණිසත්‍ ය​. එය​ පුහුණු කිරීම පිණිස ගුරුපොතකි.

එනිසා දෙවියන්වහන්සේගේ වචනය අපට දී තිබෙන්නේ අපගේ චරිතය (ස්වභාවය​) වෙනස්කර ගන්න පිණිසය​. එවිට අපට භක්තිමත් මනුෂ්‍යයන් සහ ස්ත්‍රීන් වන්නට හැකි වනු ඇත​.

මෙහි පරම ඉලක්කය වනුයේ - “ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණව සිටීමය​. එනම් නිර්දෝෂී හා සම්පූර්ණව සිටීමය​. ( සම්පූර්ණවූ නිර්දෝෂී වූ අයකු වීම සදහාය​.) දාරයට පුරවා ඇති වතුර වීදුරුවක් මෙන් අපගේ චරිතය වටකුරු, සමබර හා සම්පූර්ණ විය යුතුය. දෙවියන්වහන්සේට සේවය කිරීම උදෙසා ​ අප ආලේප ලත් හා සන්නද්ධ විය යුත්තෙමුව​.‍ එවිට​ දෙවියන්වහන්සේ අප හ​ට සැළසුම් කළ සෑම යහපත් දේ කිරීමට අපට පුලුවන් වන්නේය​ ​. ශුද්ධ ලියවිල්ලේ අරමුණ එයයි.

එමනිසා ඔබ දේව වචනය අධ්‍යයනය කරන්නේ නම්, අධ්‍යයනය කළ යුතුව ඇත්තේ මෙම අරමුණම ඉටු වන පිණීසය​.

ශුද්ධාත්මයාණන් වහන්සේට පමණක් අපට දේව වචනය ඉගැන්විය හැකිය. පළමු සියවසේ අපෝස්තලුවරුන්ට ඉගැන්වූ මෙම ශුද්ධාත්මයාණන් වහන්සේම විසි එක්වන ශතවර්‍ෂයේ අපටද ඉගැන්වීමට ආශා වන​සේක​. ක්‍රි:ව: 1959 ජුලි මස, නැවත උත්පාදනය ලැබූ මා ශුද්ධ ලියවිල්ල ඉගෙන ගනු ලැබුවේ මේ ආකාරයටමය​. කිසිම දිනෙක මා සෙමනේරිය ට (පූජක විද්‍යාලයට) හෝ බයිබල් පාසැලක​ට ගොස් නොමැත​. ශුද්ධාත්මයාණන් වහන්සේ මට දෙවියන්වහන්සේගේ වචන ඉගැන්වූවාක් මෙන් මමද ඉගෙනීම සඳහා බොහෝ පැය ගණන් වැය කළෙමි. යේසුස් වහන්සේ ගෝලයන් දෙදෙනෙකු සමග එම්මාවුස් වලට ගමන් කරද්දී " ඔවුන්ට" උන්වහන්සේ ලියවිල්ල තෝරා දුන් සේක. අදත් මේ ආකාරයෙන්ම අපිත් උන්වහන්සේ සමග ගමන් කරන්නෙමු නම්, උන්වහන්සේ අපටද මෙලෙසම කරන්නට උන්වහන්සේට අවශ්‍යව ඇත​. “ ස්වාමින්වහන්සේ ලියවිලි ඔවුන්ට තෝරා දුන් කල්හි ඔවුන්ගේ සිත් දැවුනු ආකාරය (ශු: ලූක් 24:32) එම ගෝලයන්ට දැනුනි. ශුද්ධාත්මයාණන් වහන්සේ අද දවසේදීද අපට ශුද්ධ ලියවිල්ල තෝරා දෙන කල්හි අපගේ හදවත් වලට එම දේම සිදුවනු ඇත.

දෙවියන්වහන්සේගේ වචනය තුළ දෙවියන්වහන්සේ එළිඳරව් කරන්නාවු සත්‍යයන් කවරදාවත් නීරස වන්නේ නැත​. මක්නිසාද යේසුස් වහන්සේ කවරදාවත් නීරස නොවන නිසාය​. අපි, අපගේ ස්වාමින්වහන්සේට ඇහුම්කන් දෙමින් ගමන් කරන්නෙමු නම්, අපගේ හදවත් අපත් සමග දැවෙනු ඇත​. මක්නිසාද දේව වචනය තුළ ක්‍රිස්තුස්වහන්සේගේ මහිමය දැක ගත හැකි වන බැවිනි.

පරණ ගිවිසුම තුළ මනුෂ්‍යයන් දෙවියන්වහන්සේගේ ලියවිල්ල මෙනෙහි කළහ​. නුමුත් අප දැන් මෙනෙහි කරනුයේ මාංශවත්වූ වාක්‍යාණෝ වන අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේය ( ශු: යොහාන් 1:14 ) . අප ශුද්ධ ලියවිල්ල මෙනෙහි කරන විටදී, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මහිමය අපට දැන් දැක ගත හැක ​ ( 2 කොරින්ති 3:18 ) . නිතරම එම මහිමය දෙස බලන්නාවූ මනුෂ්‍යයා දිය ඇළවල් ළග සිටවූ, නියම කලට ඵල දෙන​, නොමැළවෙන කොළ ඇති ගසක් හා සමාන වන්නේය​ (ගීතා: 1:3) . මහලු වයසේදී වූවත් ඔහු ඵල දරනු ලබන්නේය​. ( ගීත​: 92:14) අප එකිනෙකා සඳහා දෙවියන්වහන්සේගේ කැමැත්ත මේය​.

(හිතෝපදේශ 25:2) හි පවසන්නේ " කාරණයක් සඟවා තැබීම දෙවියන්වහන්සේගේ ගෞරවයක්‍ ය​: රජුන්ගේ ගෞරවය නම් කාරණයක් සොයා දැනගැනීමය ." රන් හා දියමන්ති හමු වන්නේ ඉතා ගැඹුරු ස්ථානයන්හිදීය​; පොළොව මට්ටමෙන් අඩි දහස් ගණන් ගැඹුරේදීය. ශුද්ධ ලියවිල්ලද එසේමය​. ඉතා අනර්ඝ දේ මෙම ලියවිල්ල තුළ ගැඹුරෙහි සඟවා ඇත​. ක්‍රිස්තුස්වහන්සේ තුළ රජවරුන් වන අපගෙ මහිමය නම් දෙවියන්වහන්සේගේ වචනය තුළ සඟවා ඇති මෙම නිධානය සොයා ගැනීමයි.

යේසුස් වහන්සේ වරක් මෙසේ පැවසූ සේක​, " ස්වර්ගයටත් පොළොවටත් ස්වාමීවූ පියාණෙනී, ඔබවහන්සේ ප්‍රඥාවන්තයන්ගෙන්ද, තේරුම් ඇත්තන්ගෙන්ද, මෙම කාරණා සඟවා ළදරුවන්ට එළිදරව් කළ බැවින් ඔබට ස්තුති කරමි." (ශු: මතෙව් 11:25) ශුද්ධ දේව වචනය තේරුම් ගැනීමට අපට දක්‍ෂකම (දක්‍ෂතාවය​) අවශ්‍ය නැත​. නුමූත් කුඩා ළදරුවන් මෙන් පවිත්‍රවූ, යටහත්වු, විශ්වාසී හදවත් ඇත්තාවූ අයවලුන් විය යුතුය​. එනම් දෙවියන්වහන්සේගේ වචනය අපි තේරුම් ගන්නේද නැද්ද යන්න තීරණය වන්නේ අපගේ බුද්ධිය නම්වූ දක්‍ෂතාවය මත නොව ඉහත කී අපගේ හදවතේ තත්වය අනුවය​.

දෙවියන්වහන්සේගේ වචනය අපට විශ්වාස කිරීමට පොරොන්දුද, කීකරු වීමට ආඥාද දෙන්නේය​. එහි අපට තරවටුව සඳහාත් සහ අපට යහපත් සැනසිල්ල ගෙන ඒමටත් වචන ඇත්තේය​.

ශුද්ධ බයිබලය, අපගේ විශ්වාසය හා බැඳුනු සියලු කාරණා ගැන අවසාන අධිකාරීත්වය කර නොගතහොත් අපගේ විශ්වාසය එහෙට මෙහෙට වී, සහමුලින්ම අහිමි වනු ඇත​.

ගීතිකාකරු අපට පවසා ඇත්තේ, දෙවියන්වහන්සේ, දෙවියන්වහන්සේගේ වචනය, දෙවියන්වහන්සේගේ සියලු නාම වලට වඩා උතුම් කළ බවය​. " මක්නිසාද ඔබගේ මුලු නාමයට ඉහළින් ඔබගේ වචනය උතුම් කළ සේක​." (ගීතා: 138:2). එම නිසා දේව වචනය එපා කරන්නාට ද නොසළකා හරින්නාට ද​, සහ සැහල්ලුවට ගන්නාට ද අවසානය අපරිමේය ​(කිව නොහැකි) හානියක් වනු ඇත. නුමුත් එයට මහත් ගෞරව දැක්වීම​ මහත් කිව නොහැකි වස්තූ සහිත ස්ථානයකට​ දොරක් සොයා දැනගන්නාක් මෙනි.

එනිසා හඳුන්වා දුන් මෙම වචනය සමඟම අපි දේව වචනය අධ්‍යයනය කිරීම ආරම්භ කරමු.

පරිච්ජේදය 2
මතෙව්

හැඳින්වීම

1. ස්වර්‍ග රාජ්‍යය හා සභාව​

2. යේසුස් වහන්සේගේ උපත

3. පරික්‍ෂා තුන

4. කන්ද උඩ දේශනාව

5. අගය කිරීම සහ ධෛර්‍යය දීම

6. වෘකයන් අතර බැටළුවන්

7. සිරගත වි සිටි යොහාන් බව්තිස්ත

8. එලිදරව්ව සහ නිවාඩුව

9. ස්වර්ග රාජ්‍යයේ උපමා හත

10. යේසුස් වහන්සේ ගොඩ නගන්නාවු සභාව

11. තවත් උපමා

12. ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණීම

13. උතුම් ආඥාව


break

මතෙව්: හැඳින්වීම

යේසුස් ක්‍රිස්තුස් වහන්සේ - පොරොන්දු වූ මෙසියස් වහන්සේ

අපි දැන් නව ගිවිසුමට පැමිණ සිටිමු. අප මෙහි කියවන පළමු දෙය නම්, ක්‍රිස්තුස් වහන්සේගේ පෙළපතයි. එය ආදම් දක්වා පැමිණෙන්නේ නැත ( ශු: ලූක් 3:23-38 හි සඳහන් පරිදි). මෙහි යන්නේ එය ආබ්‍රහම් දක්වා පමණි. යේසුස් වහන්සේ දාවිත්ගේ පුත්‍රයා සහ ආබ්‍රහම්ගේ පුත්‍රයා ලෙසද හැඳින්වේ - මතෙව් තුමා තම ශුභාරංචිය ලියන ලද්දේ මූලික වශයෙන්, ඔහුගේ කාලයේ සිටි යුදෙව් ජනතාව වෙනුවෙන් වූ අතර යේසුස් වහන්සේ, පොරොන්දු වූ මෙසියස් වහන්සේ බව ඔවුන්ට ඒත්තු ගැන්වීම සඳහාත්ය. යේසුස් වහන්සේ මෙසියස් වහන්සේ බව ඔප්පු කිරීම සඳහා පැරණි ගිවිසුමේ උපුටා දැක්වීම් 40 කට වඩා වැඩි ප්‍රමාණයක් මෙහි ඇත්තේ එබැවිනි. මතෙව් ශුභාරංචියෙහි, පැරණි ගිවිසුමේ උපුටා දැක්වීම් සියල්ලම 53 ක් පමණ තිබේ.

break

මතෙව්: ස්වර්‍ග රාජ්‍යය හා සභාව​

මෙම ශුභාරංචියේ, වෙනත් කිසි තැනක නොමැති වාක්‍ය ඛණ්ඩයක් තිබෙන බව අපට පෙනේ - "ස්වර්ග රාජ්‍යය". මෙම ශුභාරංචියේ එය 31 වතාවක් සඳහන් වී තිබේ. ශුද්ධාත්මයාණන් වහන්සේ මෙම පොතට ආනුභාවය ලබා දුන් බැවින්, උන්වහන්සේ මෙම වාක්‍යය ඛණ්ඩය මෙතරම් නිතර භාවිතා කිරීමට හේතුවක් තිබිය යුතුය​.යොහාන් බව්තීස්ත තුමා පැමිණ දේශනා කරමින් පැවසුවේ, "පසුතැවිලි වෙයල්ලා; මක්නිසාද ස්වර්ග රාජ්‍යය අත ළඟය​" යන ලෙසටය (ශු:මතෙව් 3:2).යොහාන් බව්තීස්ත තුමාගේ කාලයෙන් පසු,ශු: මතෙව් 4:17 හි යේසුස් වහන්සේද එමම පණිවිඩය දේශනා කළ සේක​. උන්වහන්සේ කන්ද උඩ දේශනාව ආරම්භ කරන විට​, උන්වහන්සේ පැවසූ මුල්ම වචන වන්නේ, "සිතින් දිළින්ඳෝ ආශිර්වාද ලද්දෝය​; මක්නිසාද ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේය​" (ශු: මතෙව් 5:3). එබැවින් අළුත් ගිවිසුමේ ආරම්භයේ සිටම "ස්වර්ගය" යන වචනය පිළිබඳව අවධාරණය කිරීම් අපට පෙනෙන අතර කන්ද උඩ දේශනාවේ පමණක් "ස්වර්ගය" යන වචනය 17 වතාවක් සඳහන් කර ඇත​.

දෙවියන් වහන්සේ ඉශ්‍රායෙල්වරුන් සමඟ කළ පරණ ගිවිසුම, මේ පොළොවේ රාජ්‍යයකට සම්බන්ධය​. ඉශ්‍රායෙල්වරුන්ට කානාන් දේශය ලබා දුන් අතර ද්‍රව්‍යමය සමෘද්ධිය, ශාරීරික සුවය යන වෙනත් භූමික ප්‍රතිලාභ පොරොන්දු වූ සේක​. පසුව​, ඔවුන්ට භූමික රජෙක්, භූමික වස්තුව සහ වෙනත් භූමික ආශිර්වාද ලැබුණි. නමුත් යේසුස් වහන්සේ පැමිණියේ මිනිසාව සම්පූර්ණයෙන්ම වෙනත් රාජ්‍යයකට ඔසවා තැබීමටයි - ස්වර්ගයට​. එබැවින් අප අළුත් ගිවිසුම කියවන විට, මෙහි ඇති ශුභාරංචිය මූලික වශයෙන් ස්වර්ගය ගැන මිස මේ පොළොව ගැන නොවන බව අප මතක තබා ගත යුතුය​. අප මෙය තේරුම් ගන්නේ නම්, එය අද කිතුණු ලෝකයේ දක්නට ලැබෙන බොහෝ ව්‍යාකූලතාවයන්ගෙන් අපව ගළවා ගනු ඇත​.

අපි පවසන්නේ, අපි "ගැළවුණෙමු" කියාය​. එය ඇදහිලිවන්තයන් අතර ඉතා පොදු ප්‍රකාශනයකි. නමුත් අප "ගැළවුණේ" කුමකින්ද​? අප භූමික මාර්ග වලින් ගැළවී තිබේද​, නැතහොත් අපගේ පාප වලට සමාව ලැබුවා පමණක්මද? භූමික දේ කෙරෙහි ඇති ආශාවෙන්, භූමික දෘෂ්ඨි කෝණයෙන් මිනිසුන්ව සහ තත්වයන් දෙස බැලීමෙන්, සහ භූමික හැසිරීම් වලින් අප ගැළවී තිබේද?

නව ගිවිසුම ස්වර්ග රාජ්‍යයේ ශුභාරංචියයි.

ඇමරිකා එක්සත් ජනපදය ජීවත් වීමට ඉතා ආකර්ශණීය ස්ථානයක් වන නිසා ලොව පුරා බොහෝ දෙනෙක් ඇමෙරිකාවේ පුරවැසියන් වීමට කැමැත්තෙන් සිටිති. නමුත් අප්‍රිකාවේ කිසියම් පසුගාමී රටක පුරවැසියන් වීමට කිසිවෙකු උනන්දු නොවනු ඇත​. එසේනම් සියල්ලන්ගෙන්ම ඉතා වඩාත් ආකර්‍ෂණීය ස්ථානය වන ස්වර්ගයෙහි පුරවැසියන් වීමට මෙම ලෝකයේ ඉතා සුළු පිරිසක් පමණක් උනන්දු වන්නේ ඇයි? මක්නිසාද සවර්ගීය පුරවැසිභාවයේ සැබෑ මහිමය ඔවුන් දැක නැති නිසාය​. එයට හේතුව, ශුභාරංචිය නිසි ලෙස දේශනා නොකිරීමයි. ස්වර්ග රාජ්‍යය ගැන උනන්දුවක් නොදක්වන "ඊනියා ඇදහිලිවන්‍තයන්" රාශියක් සභාව තුළ වාඩි වී සිටින්නේ ඒ නිසා බව​ අපට සොයා ගත හැක. ඔවුන් මැරෙන විට ඔවුන්ට ස්වර්ගයට යාමට අවශ්‍ය කළත් දැන්ම ඔවුන්ට ස්වර්ග රාජ්‍යය අවශ්‍ය නැත​.

"රාජධානිය​" යන වචනය අද අප පැහැදිළිව වටහා ගෙන ඇති වචනයක් නොවේ, මන්ද පළමු ශත වර්‍ෂයේ මෙන් නොව දැන් අපට රාජධානි පාලනය කරන රජවරුන් ඇත්තේ ඉතා ස්වල්පයක් පමණක් බැවින්‍ ය. අද අප භාවිතා කරන සමාන වචනය වන්නේ, 'රජය​' යන්නය​. අප කතා කරන්නේ, "ඉන්දියානු රජය​" කියා මිස "ඉන්දියානු රාජධානිය​" කියා නොවේය​.

ස්වර්ග රාජ්‍යය යනු එයයි - ස්වර්ගයේ රජය​. එයින් අදහස් කරන්නේ දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතය පාලනය කරන බවයි. ඔබ ශ්‍රී ලංකාවේ ජීවත් වන විට, ශ්‍රී ලංකා රජයේ නීති රීති යටතේ ජීවත් විය යුතුය​. ඔබ ස්වර්ගයේ රජයට පැමිණියහොත් ස්වර්ගයේ ආණ්ඩුවෙහි නීති රීති යටතේ ජීවත් විය යුතුය​. ඔබ​, ඔබගේ පුරවැසි භාවය පොළවෙන් ස්වර්ගයට මාරු කරගෙන තිබේද​?

ගැළවීම යන්නෙන් අදහස් කරන්නේ භූමික රාජ්‍යයේ සිට ස්වර්ග රාජ්‍යයට ගැළවීම ලැබීමයි. නමුත් බොහෝ ඇදහිලිවන්තයෙන්ගේ ගැළවීම, එතරම් දුර ගොස් නැත​. ඔවුන් මැරුණු විට ස්වර්ගයට යාමට ඔවුන්ට අවශ්‍යය​. නමුත් ඔවුන්ට දැන් ඔවුන්ගේ ජීවිත තුළට ස්වර්ගයේ පාලනය අවශ්‍ය නැත​. ඔවුන් දැන් මෙම පොළොවේ පූර්ණ පුරවැසියන් ලෙස ජීවත් වීමට අවශ්‍යය​. ඔවුන්ගේ කිතුණු ජීවිතය මෙතරම් නොගැඹුරු වන්නේ එබැවිනි.

වෙනත් ශුභාරංචියක හමුවන්නේ නැති, මතෙව් තුමා භාවිතා කළ තවත් වචනයක් ඇත. එය 'සභාව​' යන වචනයයි. එය තුන්වරක් දක්නට ලැබේ - ශු: මතෙව් 16:18 හි එක් වරක් ද, සහ ශු: මතෙව් 18:17 හි දෙවරක්ද වශයෙනි. මෙම වචනය අප සලකා බලමින් සිටි වාක්‍ය ඛණ්ඩය සමඟ තබන්න​, සභාව යනු මිහිපිට ස්වර්ග රාජ්‍යය යයි අදහස් කරන බව අපට පෙනෙනු ඇත​. ස්වර්ගයේ සෑම කෙනෙකුම ජීවත් වන්නේ, දෙවියන් වහන්සේ පාලනය කරන ස්වර්ගයේ රජය යටතේය​. නමුත් මෙහි මිහිපිට එය වෙනස්‍ ය​. සෑම කෙනෙකුම තමාගේම ජීවිතය පවත්වාගෙන යයි. එවැනි මිනිසුන් අතරේත්, තමන්ගේම ජීවිතයක් පවත්වාගෙන නොයන කණ්ඩායමක් දෙවියන් වහන්සේ සතුව ඇත​. ඔවුන් සිටින්නේ ස්වර්ගයේ රජය යටතේය​. සභාව යනු එයයි.

ලෝකයේ සභා ජීවත් වන්නේ, ස්වර්ගයේ ආණ්ඩුවෙහි පරම අධිකාරිත්වය යටතේද? නැත​. මෙය ගැන මාගේ හදවත හඬා වැළපෙමින් කදුළු සලන්නට ඇත​. එය ඔබගේ හදවටත් දුකක් ගෙන දෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. මම අනෙක් අයට දොස් තබන්නේ නැත​. "ඔවුන් එහෙමයි" කියා මම පවසන්නේ නැත​. මම පවසන්නේ, "අපි එහෙමයි" කියාය​. අප සභාව වන අතර ස්වර්ගයේ පාලනය යටතේ ජීවත් වීමේ ආශිර්වාදය ලොවට පෙන්වීමට අප අසමත් වී ඇත​. එබැවින් මම මෙසේ යාච්ඤා කරමි, "ස්වාමින් වහන්ස, අපගේ අසාර්ථකත්වයට අපට සමාව දුන මැනව​. දෙවියන් වහන්සේගේ පාලනය යටතේ ජීවත් වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි යන්න ලොවට පෙන්වීමට අපට උදව් කළ මැනව​".

මෙම ස්වර්ගීය ආණ්ඩුවේ පාලකයා මිහිපිට ජීවත් වූ ආකාරය සහ උන්වහන්සේ ඉඟැන්වූ දෙය​, මතෙව් තුමා සිය ශුභාරංචියෙන් අපට පෙන්වා දෙයි. මතෙව් තුමාගේ අවධාරණය වන්නේ, උන්වහන්සේ කළ දෙයට වඩා උන්වහන්සේ ඉඟැන්වූ දෙය ගැනය​.

මෙම ශුභාරංචිය තුළ, වෙනත් කිසිම ශුභාරංචියකට වඩා යේසුස් වහන්සේගේ උපමා ඇතුළත්ව ඇත​.

ශු: මතෙව් 13 වන පරිච්ඡේදය, ස්වර්ග රාජ්‍යයේ උපමා වලින් පිරී ඇත​. ශු: මතෙව් 23 වන පරිච්ඡේදය මුළුමනින්ම ආගමික වන්චාකරුවන් සමඟ සම්බන්ධ වේ - පරිසිවරුන්. යේසුස් වහන්සේගේ දේව සේවය, උන්වහන්සේව, පරිසිවරුන් සමඟ නිරන්තර ඝට්ටනයකට ගෙන ආවේය​. වෙනත් කිසිම ශුභාරංචියකට වඩා මතෙව් ශුභාරංචියේ විස්තර කර ඇති පරිසිවරුන් සමඟ ගැටීම් ප්‍රමාණය වැඩිය​. ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණෙන විට​, ස්වර්ග රාජ්‍යය පොළොවෙහි ස්ථාපිත කිරීම පිළිබඳව 24 වන සහ 25 වන පරිච්ඡේද වල සඳහන් වෙයි. 5 වන​, 6 වන සහ 7 වන පරිච්ඡේද වලදී, ස්වර්ග රාජ්‍යයේ මූලධර්ම සමඟ කටයුතු කරන අතර මෙම රාජ්‍යයේ සාමාජිකයින්, මිහිපිට ජීවත්විය යුතු ආකාරය අපට උඟන්වයි.

මෙම පොත කොටස් තුනකට බෙදිය හැකිය​: 1 වන සහ 2 වන පරිච්ඡේද​, යේසුස් වහන්සේගේ උපත ගැන වන අතර, 3 වන පරිච්ඡේදයේ සිට 18 වන පරිච්ඡේදය දක්වා පරිච්ඡේද ගලීලයේ, උන්වහන්සේගේ දේව සේවය ගැනය​. 19 සිට 28 වන පරිච්ඡේදය දක්වා ඇත්තේ යුදයේ උන්වහන්සේගේ දේව සේවය ගැනය​.

break

මතෙව්: යේසුස් වහන්සේගේ උපත​​

පළමු පරිච්ඡේදය ගෙනහැර පාන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පෙළපත පිලිබඳවය​. යුදෙව්ව්න් තමන්ගේවංශ පරම්පරාව සඳහන් කරන විට පුරුෂයන්ගේ නාම පමණක් සඳහන් කරයි. කෙසේ වුවද​, මෙහි කාන්තාවන් සතර දෙනෙකුගේ නාම මනා ලෙස සඳහන්ව ඇති බව අපට දැක ගත හැක​.එයින්අපට උගන්වන්නේ යේසුස් වහන්සේ පැමිණ තිබෙන්නේ යුදෙව්වන් හා මිථ්‍යා දෘෂ්ටිකයන්ගේ සමාජය තුළ කාන්තාවන්ට ලබා දුන් පහත් මට්ටමින් ඔවුන්ඔසවා තැබීමට බවයි. තවද මෙම ස්ත්‍රීන් සතර දෙනාටම පාපතර ඉතිහාසයක් ඇත​. මෙයින් අපට උගන්වන්නේ යේසුස් වහන්සේ පැමිණියේ මහත්වූ පාපිෂ්ඨයන් ගළවා ගැනීමට ය​න්නය​.
පළමුව සඳහන් කර ඇති කාන්තාව නම් , තාමර් ය ( ශු:මතෙව් 1:3 ).තාමර් යුදාගේ ලේලිය වන අතර යුදා නිසා ඇයට ලැබුණු පුත්‍රයා පෙරස් ය​.ඔහු යේසුස් වහන්සේගේ මව වන මරිය තුමීගේ මීමුතු පරම්පරාවය​. ඉතාම කිට්ටූ ඥාතීන් අතර සිදු වූ මෙම කායික සම්බන්ධතාවය (ව්‍යභිචාරය) වන අවස්තාවේ යේසුස් වහන්සේ ස්වර්ගයේ සිටි අතර ( උත්පත්ති 38:12-29 )මෙම පාපී පෙළපත තමාගේ පොළොවේ පවුල් පෙළපත විය යුතුයැයි තීරණය කළ සේක​. අප අතරින් කී දෙනෙකු මෙවැනි පාපී පෙළපතක් තෝරා ගනිත්ද​? එමෙන්ම අප පෙළපත තුල සිදුවූමෙවැනි ව්‍යභිචාරී සම්බන්ධතාවයන් ගැනඅපගේ ජීවන කථාවේ පළමුවන පිටුවෙහිම සඳහන් කරත්ද​?
මෙහි දෙවනුව සඳහන් කර ඇති කාන්තාව රාහබ් ය ( ශු:මතෙව් 1:5) . ඇය යෙරිකෝවේ "රතු එලි" ප්‍රදේශයේ සිටී ප්‍රසිද්ධ වෛශ්‍යාවකි (යොෂුවා 2:1).සල්මොන් නම් යුදෙව් මනුෂ්‍යයෙකු මෙම යුදෙව් නොවන ඇය හා විවාහ විය​. මෙම යුදෙව්වා හා යුදෙව් නොවන වෛශ්‍යාව අතර විවාහය යේසුස් වහන්සේස්වර්ගයේ සිට දුටු අතර එම පරම්පරාවෙන් පැමිණීමට තීරණය කළ සේක​.
තුන්වන කාන්තාව රූත්‍ ය ( ශු:මතෙව් 1:5). රූත් මෝවබ් ජාතික කාන්තාවක් වූවාය​. ඇගේ මීමුත්තා මෝවබ් වන අතරඔහු ලොත් ඇගේ යණිය සමඟ අනාචාරයෙන් ඇයට ලැබුණු තැනැත්තාය ( උත්පත්ති 19:30-37). නැවතත් යේසුස් වහන්සේ ස්වර්ගයේ සිට මෙම කිට්ටූ ඥාතීන් අතර වූ කායික සම්බන්ධතාවය දුටු අතර​, රූත් පැමිණෙන්නේ මෙම අනාචාරී පරම්පරාවෙන් වනබවදැක එම පරම්පරාව තෝරාගැනීමට තීරණය කළ සේක​.
සතර වන කාන්තාව උරියාගේ භාර්‍යාව වන බෙත්ශෙබාය ( ශු:මතෙව් 1:6).ඇය දාවිත් සමඟ අනාචාරයේ හැසිරුණු අතර පසුව දාවිත් ඇය විවාහ කර ගත්තේය​.නැවතත් පාපී ඉතිහාසයක් සහිත කාන්තාවක් අපට හමුවේ. අනෙක් කාන්තාවන් තිදෙනා මෙන්ඇය මරිය තුමීට මීමුත්තිය නොවූවාය​. ඇය යෝසප්ගේ මීමුත්තීය​. (මෙහි සඳහන් මෙම පෙළපතශු:ලූක් 3 හි සඳහන් මරිය තුමීගේ පෙළපත හා සැසදීමේදී මෙය අපට දැක ගත හැක​). යෝසප් පැමිණෙන්නේ දාවිත් රජුගේ රාජකීය පෙළපතෙනි. මතෙව් මෙම වංශාවලිය තුළින් සනාථ කරන්නේ යේසුස් වහන්සේ හරියටම ඉශ්‍රායෙල්හී සැබෑ රජු බවයි.
යේසුස් වහන්සේ මෙවන් පාපී පවුල් පෙළපතක් තෝරා ගත්තේ ඇයි?. පව්කාර මනුෂ්‍ය ජාතිය හා සමඟ තිබෙන සම්බන්ධතාවය පෙන්වීමට සහ උන්වහන්සේ පැමිණියේ ධර්මිෂ්ඨයන් කැඳවීමට නොව, නමුත් පව්කරුවන් පසුතැවිල්ලට ගෙන ඒම ප්‍රත්‍යක්‍ෂ කිරීමටය​.
එසේ නම් ඔහුගේ/ ඇයගේ පවුල් පරම්පරාව ගැන කිසිවෙකුටවත් ලැජ්ජා විය යුතු නැති බව අපට පෙනේ. ඉන්දියාව තුළ තමන්ගේ පවුල් පසුබිම ගැන ඔවුන් පාරට්ටූ කර ගනිති. කිතුණූවන් ද එසේ කරන විටදී ඔවුන් පෙන්වන්නේ, ඔවුන් ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මය කිසිසේත්ම තේරුම් ගෙන නොමැති බවය​.
මරියතුමී ගැබ් ගෙන ඇති බව යෝසප් දැනගන්නා විට​, ඇයගේ කුස තුළ දෙවියන්වහන්සේ ආශ්චර්‍යමත් ක්‍රියාවක් කර ඇති බව යෝසප් දැන සිටියේ නැත​. එතැන පවසන්නේ ඔහු ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙකු නිසා ඔහුට ඇයව නින්දාවට පමුණූවන්නට අවශ්‍යය නොවුනු බවය​. නමුත් යෝසප් සිතා සිටීයාවූ ඇයගේ පව වසන් කිරීමට ඔහුට වුවමනා විය ( ශු:මතෙව් 1:19).
මෙහිදී අපට ධර්මිෂ්ඨකම ගැන යමක් උගත හැක​. ශුභාරංචියේ අත්‍යවශ්‍යම පණිවිඩය වනුයේ අධර්මිෂ්ඨ මනුෂ්‍යයෙකුට ධර්මිෂ්ඨයෙකු විය හැක්කේ කෙසේද යන්නය​. අලුත් ගිවිසුම තුළ ධර්මිෂ්ඨයෙකු ලෙස හමුවන පළමු තැනැත්තා වනුයේ යෝසප් ය​. ඔහුගේ ධර්මිෂ්ඨකමින් හුවා දක්වනුයේ අනෙකුත් මනුෂ්‍යයන්ගේ පාප වැසීමට ඇති වුවමනාවේ සම්බන්ධකම සහ එම තැනැත්තා ලැජ්ජාවට පත් නොකීරීමය යන්නය​. සැබෑ ධර්මිෂ්ඨ මනුෂ්‍යයාගේ ආත්මය මේය​.
යම් කිසිවෙකු තුළ පාපය ඇතැයි ඔබට ඇසීමට ලැබුනහොත් ඔබගේ ක්‍ෂණික ප්‍රතික්‍රියාව කුමක්ද​? ඔබ ධර්මිෂ්ඨයෙකු නම් ඔබට එය, වැසීමට අවශ්‍ය වනු ඇත. අධර්මිෂ්ඨයෙකු නම්, අන් අයට ඒ ගැන පවසනු ඇත​. මෙහිදී, අපි දකින්නේ ශුද්ධාත්මය නොලැබුවාවූ සහ අලුත් ගිවිසුම යටතේ නොවූවාවූ යෝසප්, නැවත උත්පාදනය ලබා සිටිනවා යැයි පවසන​ මිලියන ගණන් ඇදහිලිවතුන්ගේ ධර්මිෂ්ඨකමට වඩා බොහෝ ධර්මිෂ්ඨව සිටි බවය​. පරණ ගිවිසුම තුළ සිටීයදී පවා යෝසප් තමාට පාපය යැයි සිතූ දේ වැසීමට තීරණය කළේය​. ඔහු මරියතුමීව කිසිසේත්ම අපකීර්තියට පත් නොකළ නිසා දෙවියන්වහන්සේට ස්තුති වේවා! ඔහු එසේ කලා නම් ( අපකීර්තියට පත් කළා නම් ), ඇය 100% පවිත්‍ර හා නිර්දෝෂී යන සත්‍යය ඔහු දැනගත් විට ඔහු තුළ ඇතිවන සන්තාපය හා බලවත් කනස්සල්ල ගැන ඔබට සිතා ගත හැකි ද​?. මෙම කාරණා ලියා ඇත්තේ අපට උපදෙස් දීම සඳහාය​.
ඔබ අන් අය ගැන පතුරුවන්නාවූ කථා, පසුව අසත්‍යයයි දැනගත් විට එය ආපස්සට ගන්නේ කෙසේද​?. ඔබ පළමුවෙන්ම ඒ ගැන පැවසූ පුද්ගලයා සමහරවිට තව දස දෙනෙකුට එය පැතිරවිය හැකි අතර එම දස දෙනා එය තව බොහෝ අයට පැතිරවිය හැක​. එනිසා අලුත් ගිවිසුමේ පලමු පරිච්ඡේදයෙන්ම අවවාදයක් කරනවා මෙන්ම, උදාහරණයක් ද මෙහිදී අපට සපයා ඇත​. අනෙක් අයගේ පාප වසන්න​. යෝසප්ගේ උදාහරණයෙන් ඉගෙන ගන්න​. ප්‍රේමය පව් රාශියක් වසනු ඇත​.
ශු ; මතෙව් 1:21 හි නව ගිවිසුමේහි ඇති පළමු පොරොන්දුව අපි කියවමු. " තමන්ගේ සෙනඟ ඔවුන්ගේ පාප වලින් ගළවන්නේ උන්වහන්සේය​". ' යේසුස් ' යන නාමයේ අර්ථය මෙයයි. එම පොරොන්දුවෙන් පවසන්නේ යේසුස් වහන්සේ අපගේ පාප වලට සමාව දීම යන්න නොවේය​. නමුත් උන්වහන්සේ අපගේ පාප වලින් අප ගළවා ගන්නා බවය​. හුදෙක් සමාව යනු අපගේ පරණ පාපවල සාපරාධි බවෙන් අපව ඉවත් කිරීමයි. පාපයෙන් ගැලවෙනවා යනු ක්‍රෝධය, ඇසේ තෘෂ්ණාව, මසුරුකම, තිත්තකම, ඊර්‍ෂ්‍යයාව යනාදී.... දේවලින් ගැළවීමයි. එහි අර්ථය නම් පාපයේ වහල් කමින් අප ගළවා ගැනීම යන්නය.
අලුත් ගිවිසුමෙහි තිබෙන දෙවන පොරොන්දුව අපට හමුවන්නේශු:මතෙව් 3:11 දීය​. " උන්වහන්සේ, ශුද්ධාත්මයාණන්ගෙන් ද ගින්නෙන් ද නුඹලා බව්තිස්ම කරන සේක​".
අලුත් ගිවිසුමේ ඇති පළමු පොරොන්දු දෙක මේවායැයි ශුභාරංචි පණීවිඩයේ සාරාංශයේ ගැබ්ව ඇත​. මෙම පොරොන්දු යුගලය පූර්ණය කිරීම අප අත්දැකිය යුතුය​. අපගේ පාප වලින් අපිට ගැලවීම අවශ්‍යය වන අතර ශුද්ධාත්මයාණන්ගෙන් හා ගින්නෙන් ද බව්තිස්ම වීමද අවශ්‍යය​.
අලුත උපන් යේසුස් වහන්සේ දැකගැනීමට පැමිණි ශ්‍රාස්ත්‍රවන්තයන් ගැන දෙවන පරිච්ඡේදය තුළදී අපි කියවන්නෙමු. එම ශ්‍රාස්ත්‍රවන්තයන් කළාවූ එක් අඥාන දෙයක් ගැනමෙහිදී අපි කියවන අතර එය අප සැමට අවවාදයක් වනු ඇත​. ශ්‍රාස්ත්‍රවන්තයන් වුවත් සමහර විට අඥාන දේවල් කරනු ඇත! සැතපුම් සිය ගණනක් අEත පෙරදිග දේශයේ සිට යෙරුසෙලම් දක්වා එන මාර්ගයේ ඔවුන් තාරකාවේ මගපෙන්වීම අනුව ගමන් කළෝය​. මෙම තාරකාවේ පූර්වාදර්ශය නම් සැමවිටම දේව වචනය යේසුස් වහන්සේ වෙතට අපව රැගෙන යන බවයි. නමුත් රජ මාලිගාව පිහිටා ඇති යෙරුසෙලමට ඔවුන් ලඟා වූ විට ඔවුන් අඥානයන් බවට පත් විය​. සාමාන්‍යයෙනa යුදෙව්වරුන්ගේ රජ ඉපදිය යුත්තේ මාලිගාව තුළ බව ඔවුන් අනුමාන කළ අතර ඔවුන් තාරකාව අනුව යාම නතර කළෝය​. එහි ඔවුන් අලුත උපන් රජු දැකීමට හෙරොද්ගේ මාලිගාවට ගියහ​!!. නමුත් මාලිගාවේ කිසිවකු අලුත උපන් රජකු ගැන කිසිවක් දැන සිටියේ නැත​. එනිසා එම ශ්‍රාස්ත්‍රවන්තයන්ට එලියට පැමිණ නැවතත් තාරකාව අනුව යන්නට සිදුවිය ( ශු:මතෙව් 2:10 ).
අවසානයේදී තාරකාව ඔවුන්ට මගපෙන්වූයේ මාලිගාවකට නොව කුඩා පැල්පතකටය,එලෙසම​ රජ්ජුරුවන්වහන්සේ එහි සිටි සේක​. ඔබ දෙවියන් වහන්සේගේ වචනය අනුව යන්නේ නම් එය සෑම විටම ඔබව යේසුස් වහන්සේ වෙත රැගෙන යනු ඇත. අද දවසේදී පවා, යේසුස් වහන්සේව හමුවිය හැකි දේව ගෘහයකට ඔබව මගපෙන්වීමට දෙවියන් වහන්සේට පුලුවන​. උන්වහන්සේ මහත් මලිගා තුළ හමු නොවන නමුත් උන්වහන්සේට ප්‍රේම කරන , උන්වහන්සේ අනුව යාමට වුවමනා කරන , අය ජීවත්වන කුඩා ස්ථානවල උන්වහන්සේ හමුවනු ඇත​.
නමුත් මෙම ශ්‍රාස්ත්‍රවන්තයන් කළ එක් වැරද්දක් නිසා සිය ගණන් මිනිසුන්ට වුන මහත් හානිය බලන්න​.මක්නිසාද ඔවුන්, උපන්නාවු රජු ගැන හෙරොද්ට පැවසූ අතරඔහු අවුරුදු දෙකට පහල වයස් ඇති පිරිමි දරුවන් සමූල ඝාතනය කරන පිණිස බෙත්ලෙහෙමට හමුදා භටයන් පිටත් කර යැව්වේය​. අපි දෙවියන් වහන්සේගේ වචනයට අකීකරු වන විටදීත් අපගේ එක අඥාන ක්‍රියාවක් නිසා අනෙක් අයට මහත් හානියක් ගෙනදීමට පුලුවන් වනු ඇත​. එවිට
සතුන්වන පරිච්ඡේදයේහි අපි පැමිණෙන්නේ යොහාන් බව්තිස්තගේ සේවයටයි. දේව වචනයේ ඇති "බව්තිස්මය​" යන වචනය ඉංග්‍රීසි භාෂාවට හඳුන්වා දී ඇත්තේ ක්‍රි.ව​. 1611 දී King James බයිබලය අනුවාදනය කළ පරිවර්තකයන් විසිනි. ඉතිහාසය අපට පවසන්නේ එංගලන්තයේ ජේම්ස් රජු මෙම පරිවර්තනය කිරීමට අණදුන් අතර ඔහු එක්තරා නීති කිහිපයක් මෙම පරිවර්තකයන්ට ලබාදුන් බවත් සභාවේ පවතින සම්ප්‍රධායන්ට හානියක් නොවිය යුතු බවත්‍ ය​. එම දවස්වල එංගලන්ත සභාව තුළ, අලුත උපන් බිළිඳුන් ක්‍රිස්තියානි කිරීමේදී වතුර ඉසීමේ චාරිත්‍රය භාවිතා කළහ​. මෙම තුන්වන පරිච්ඡේදයේහී "baptizo" හෝ "bapto"යන ග්‍රීක වචන කරා පැමිණීමේදී ඔවුන්ට උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුන දීමට සිදු විය​. ග්‍රීක භාෂාවේ එම වචනයේ අර්ථය වූයේ "ගිල්වනවා" (immerse) යන්නය​. ඔවුන් එය පරිවර්තනය කල යුතුව තිබුනේ එලෙසයි. ඔවුන් අවoකවම එය පරිවර්තනය කළේ නම් "බව්තිස්මය​" හෝ "බව්තිස්ත​" යන්න අපට ඇසීමට සිදු නොවනු ඇත​! නමුත් ඔවුන්ට හැගී ගියේ ඔවුන් එය නියමාකාරයෙන් පරිවර්තනය කළහොත්, එය සභාවේ පවතින්නාවූ චාරිත්‍රයක් වන ක්‍රිස්තියානිකිරීමට බාධාවන බව සහ ඔවුන්ට අවශ්‍යය වූයේ නැහැ ජේම්ස් රජ්ජුරුවන්ගෙන් හිස් ගැසුම් ලැබීමට​! එමෙන්ම ඔවුන්ට හැකිවූයේ නැහැ අවoකවම "ක්‍රිස්තියානි කිරීම​" හෝ "ඉසීම​" ("christen" or "sprinkle") යන වචනය පරිවර්තනය කිරීමට​. එනිසා ඔවුන් (අතිදක්‍ෂ ලෙස​) "බව්තිස්ම​" ( baptism) යන අලුත් වචනයක් ඉංග්‍රීසි භාෂාවට හඳුන්වා දුන්හ​. ( මෙය තරමක් "dhobi " සහ " sahib" යන ඉන්දියානු වචන ඉංග්‍රීසි භාෂාවට හඳුන්වා දුන්නාක් මෙනි). එකල සිටි සාමාන්‍ය මිනිසුන් මෙම අලුත් පරිවර්තනය සහ " බව්තිස්මය​" ("baptism") යන වචනය කියවද්දී එහි අදහස් කළ දෙය ඔවුන් දැන සිටියේ නැත​. මක්නිසාද එය ඔවුන්ට අලුත්ම වචනයක් විය​. එංගලන්ත සභාව තුළ පූජකයන් විසින් අලුත උපන් බිළිඳුන්ට කරන දේ මෙයයැයි ඔවුන් සිතූහ​. මෙය ක්‍රිස්තියානි කිරීම, "බව්තිස්ම​" ("baptism") කිරීම යන්නෙන් හැඳින්විය​.
"යොහාන්බව්තිස්ත" ("John the Baptist") යන්නෙහි සැබෑ පරිවර්තනය විය යුත්තේ "අවගාහක යොහාන්" ("John the Immerser") යන්නය​. නමුත් ධෛර්‍යවත්ව එම ග්‍රීක වචනය නියම ලෙස පරිවර්තනය කළ එකම එක බයිබලීය පරිවර්තනයක් මට හමුවී නැත​. මක්නිසාද ඔවුන් එසේ කලේ නම්, ළමා බව්තිස්මය සිරිතක් වශයෙන් ක්‍රියාත්මක කරන මිලියන ගණන් කිතුණුවන් එය මිලදී නොගනු ඇත​. එනිසා අද අපට පෙනී යන්නේ බයිබලයේ හොදම පරිවර්තනය පවා තීන්දු වී ඇත්තේ ආර්ථිකමය සාධක මත මිස සත්‍ය මතම පමණක් නොවන බවයි.
යේසුස් වහන්සේ බව්තිස්මය සඳහා යොහාන් වෙත පැමිණී විට යොහාන් පැවසූයේ " මට ඔබවහන්සේව බව්තිස්ම කළ නොහැකිය​, ඔබවහන්සේ මාව බ්ව්තිස්ම කළ යුතුය​" යන්නය​. යේසුස් වහන්සේට බව්තිස්ම වීමට අවශ්‍යතාවයක් තිබුනේ නැත - මක්නිසාද යොහාන්ගේ බව්තිස්මය​, ඔවුන්ගේ පව් වෙනුවෙන් පසුතැවිලි වුනාවු අය සඳහාය සහදැනුවත්ව හෝ නොදැනුවත්ව යේසුස් වහන්සේ කිසිවිටක පව් කොට නැත​, යේසුස් වහන්සේ උපන්නේ ශුද්ධවමය. එලෙසම යේසුස් වහන්සේට අපට මෙන් පාපී ස්වභාවයක් තිබුනේ නැත​. එසේ නම් ඔහු බව්තිස්ම වන්නාවු සෙනඟ සමඟ පෙලගැසී සිටියේ ඇයි? යේසුස් වහන්සේ අනෙකුත් සාමාන්‍ය වඩු ශිල්පියෙකු ලෙසම පෙනීසිටි අතර යොහාන් හැරෙන්නට අන් කිසිවකුත් ඔහු කවුදැයි දැන සිටියේ නැත.
එම මොහොතේදී බොහො හේතූන් යේසුස් වහන්සේගෙ මනසට ඇතුල්වන්නට ඇත​. " ඔබ බව්තිස්ම වුවහොත් මිනිසුන් ඔබ ගැන වරදවා වටහාගන්නට පුලුවන​. ඔබ පසුතැවිලි වන්නේ නම් පසුතැවිලි වීම සඳහා ඔබ යම් පාපයක් කර ඇතැයි ඔවුන් සිතීමට පුලුවන​" යනාදීය ය​. නමුත් යේසුස් වහන්සේ එවැනි හේතූන් වලට සවන් යොමු කරන්නේ නැත​.යේසුස් වහන්සේ පව්කර තිබුනේ නැතත්, බව්තිස්ම වෙන්නාවූ පව්කරුවන් අතර ඔහු කව්දැයි හඳුනාගන්නා ලෙස පියාණන් වහන්සේ ඔහුට පැවසූ අයුරු උන්වහන්සේට ශ්‍රවනය විය​. එසේම ඔහු ඔහුගේ පියාණන් වහන්සේට කීකරුවූ සේක​.
පව්කරුවන් අතර අප හඳුනාගන්නවාට අපි කැමති නැත​! අපි අපට වඩා මහත් පව්කරුවන්‍ යැයි සිතන අය දෙසපහත් කොට බලන්නෙමු. අපගේ සේවය මෙතරම් සීමාසහිත සහ මෙතරම් පහත් මට්ටමක​වන්නේ ඒ නිසාය​. යේසුස් වහන්සේ තුළ පාපය බිඳක්වත් නොතිබුනද​, යේසුස් වහන්සේ මුලුමනින්ම පව්කරුවන් සමඟ ඔහු හඳුන්වාගත්සේක​.අපි, අපව යටත් කර ගෙන ඔහුගේ පූර්වාදර්ශය අනුගමනය කරමු. අපි අන් අයට වඩා, වඩාත්ම හොඳ නැත​. අපගේ කණ්ඩායමද අනෙකුත් කණ්ඩායම්වලට වඩා, වඩාත් හොඳ වන්නේ නැත​. අප මෙසේ නොසිතුවහොත් දෙවියන්වහන්සේ අපට කරුණාකරන සේක්වා.
යේසුස් වහන්සේ යොහාන්ට මෙසේ පැවසූ සේක. "ඔබ මාව බව්තිස්ම කළ යුතු වන්නේය​. මක්නිසාද සියලු ධර්මිෂ්ඨකම් සම්පූර්ණ කිරීමට මෙය මට ඇති එකම මාර්ගයයි". යේසුස් වහන්සේට ධර්මිෂ්ඨකම යන්නෙහි අර්ථය වූයේ පියාණන් වහන්සේගේ කැමැත්ත කුමක් වුවද එය ඉෂ්ට කිරීමයි.

break

break

මතෙව්: පරික්‍ෂා තුන​​

ශු:මතෙව් 4:1-11 තුළදී යේසුස් වහන්සේ මුහුණ දුන්නාවූ පරික්‍ෂා ගැන අපි කියවමු. ශුද්ධ බයිබලයේ හෙබ්‍රෙව් 4:15 හි පවසන්නේ යේසුස් වහන්සේ " පව් කිරීමක් නැතිව​, සියලු ආකාරයෙන්ම අප වාගේ පරික්‍ෂා කරනු ලැබූ" බවයි. සමහර "බුද්ධිමත්" කිතුණුවෝ මෙය විස්තර වශයෙන් පරික්‍ෂා කිරීමට සොයමින් සිටින අතර​, මෙසේ ප්‍රශ්න නගති. "යේසුස් වහන්සේට පව් කළ හැක්කේද​? හෝ යේසුස් වහන්සේට පව් කළ නොහැකිද​?". උන්වහන්සේට පව් කිරීමට හැකියාවක් නොතිබුණේ යයි සමහරු පවසන අතර​, අනෙක් සමහරුන් උන්වහන්සේට පව් නොකිරීමට හැකියාවක් තිබුණේ යයි පවසති. නමුත් මෙම සාකච්ඡාවට අපි කොහෙත්ම මැදිහත් විය යුතු නැත​. සාමාන්‍ය මනුෂ්‍යයකුගේ මානසිකත්වය සොයා දැනගැනීමට අපහසු බව අපට සොයා ගත හැක​. එසේ නම් අප යේසුස් වහන්සේගේ මානසිකත්වය සොයා දැනගන්නේ කෙසේද​?. යේසුස් වහන්සේ පව් කිරීමක් නැතිවද අප වාගේ පරික්‍ෂා කරණු ලැබූ බව පමණක් දැන ගැනීමම අපට ප්‍රමාණවත් ය​. තවද එය තුළ යේසුස් වහන්සේ අපට ආදර්ශයකි. යේසුස් වහන්සේ, දෙවියන් වහන්සේව සිටි බව අප දන්නා අතර, උන්වහන්සේ මනුෂ්‍යයකු ලෙස පොළොවට පැමිණි විටදී දෙවියන් වහන්සේ ලෙස ඔහුගේ හැකියාවන් ක්‍රියාවට යෙදවූයේ නැති බව අපි දනිමුව​. දෙවියන් වහන්සේ පරික්‍ෂා කිරීමට නුපුළුවන, නමුත් යේසුස් වහන්සේ පරික්‍ෂා කෙරිණි. යේසුස් වහන්සේ පව් කිරීමක් නැතිව, සියලු ආකාරයෙන්ම අප වාගේ පරික්‍ෂා කරණු ලැබූ බව යන ශුද්ධ බයිබලයේ පවසන දෙය, මම සැබවින්ම විශ්වාස කරමි. මෙය, යේසුස් වහන්සේ ජය ගත්තාක් මෙන්ම මටද ජය ගත හැකිය (එළිදරව් 3:21)යන ඇදහිල්ල මට ගෙන දුන්නේය​.
සාතන් විසින් දින 40ක් යේසුස් වහන්සේ පරික්‍ෂා කරණු ලැබීය (ශු:ලූක් 4:2).උන්වහන්සේ එම දින 40 පුරාම සාතන්ට යටත් නොවී සිටිසේක​. අප මෙහි කියවනු ලබන්නේ අවසාන පරික්‍ෂා තුන ගැනය​. යේසුස් වහන්සේ එක් එක් පරික්‍ෂාවකින්ම ජය ලැබුවේ "එය ලියා තිබේ" යන ආත්මයාණන් වහන්සේගේ අසිපත කරණකොටගෙනය​. යේසුස් වහන්සේ දේව වචනයෙන් උපුටා ගෙන හැර දක්වන බව සාතන් දුටු විට, සාතන් ද ලියවිල්ලේන් උපුටා ගෙන හැර දක්වමින් පැවසූවේ "ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම්, පහතට පනින්න​. කුමක්හෙයින්ද උන්වහනසේ තමන් දූතයන්ට නුඹ ගැන අණ දෙන සේක​. නුඹේ පය යම් හෙයකින් ගලක නොවදින පිණිස ඔව්හූ තමුන්ගේ අත් පිට නුඹ උසුලා ගන්නෝය​, කියා එයත් ලියා තිබේ" යයි යේසුස් වහන්සේට කීවේය (ශු:මතෙව් 4:6).යේසුස් වහන්සේ පිළිතුරු දෙමින් "තාගේ දෙවිවූ ස්වාමින් වහන්සේ පරික්‍ෂා නොකරව කියාත් ලියා තිබේ" යයි ඔහුට කී සේක (ශු:මතෙව් 4:7). මුළු සත්‍යය එක ලියවිල්ලකින් පමණක් සොයා ගත නොහැක. නමුත් මුළු ලියවිල්ල තුළින් එක වාක්‍යයක්, වෙනත් වාක්‍යයකින් සමබරතාවයට ගෙනෙණු ලබයි. ලියවිල්ලේ උපුටා ගැනීම් තුළින්, යේසුස් වහන්සේම පාපයට ඇද දැමීමට සාතන් උත්සාහ කළා නම්, එසේම සාතන් ශුද්ධ ලියවිල්ල භාවිතා කර ඔබවද මුළා කිරීමට උත්සාහ දරණ බව ඔබට සහතික විය හැක​. ඔබ ලියවිල්ල ඉතා හොඳින් නොදන්නේ නම්, ඔබ මුළා වි නොමඟ යනවා ඇත​. ලියවිල්ලේ වචන යේසුස් වහන්සේ සතුව තිබුණු බැවින්, යේසුස් වහන්සේට එරෙහිව සාතන් ගෙන එනු ලැබූ එක් එක් පරික්‍ෂාවකින්ම යටත් නොවී සිටීමට පුළුවන් වූ සේක​.
යේසුස් වහන්සේ මුහුණ දුන්නාවූ පරික්‍ෂා වල අන්තර්ගතය පෙනීමට තිබීම හොඳය​. මන්ද මෙම අයුරින්ම අපවද පරික්‍ෂා කරණු ලබන නිසාය​.

1) ආත්මාර්ථකමීත්වය - Selfishness(ශු:මතෙව් 4:1-4).ඔබගේ කුසගින්න සංසිඳුවා ගන්නා පිණිස ගල් රොටී වෙන්න සලස්වන්න​.

අ) ඔබගේ ආත්මික අවශ්‍යතාවයන්ට වඩා ඉහළින් ඔබගේ ශාරීරික අවශ්‍යතාවයන් තැබීම​​. යේසුස් වහන්සේ පිළතුරු දෙමින් මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ මුඛයෙන් නික්මෙන සියළු වචන වලින් ජීවත්වනවා මිස​, රොටී පමණකින් ජීවත් නොවන්නේය කියා ලියා තිබේ යයි පැවසූ සේක​.

ආ) දෙවියන් වහන්සේ ඔබට දුන්නාවූ බලය, ඔබගේ පෞද්ගලික ලාභ ප්‍රයෝජනය සඳහා භාවිතා කිරීම​​. යේසුස් වහන්සේ එසේ කිරීම ප්‍රතික්‍ෂේප කළ සේක​. පසු අවස්ථාවකදී යේසුස් වහන්සේ රොටී කැබැල්ල පන්දහසකට දීම සඳහා වැඩි කර ගන්නට මෙම බලය උපයෝගී කර ගත් සේක​. නමුත් උන්වහන්සේගේම ප්‍රයෝජනය සඳහා නොවේය​. බොහෝ දේශකයන් මෙම පරික්‍ෂාවට හසුවී, දෙවියන් වහන්සේ ඔවුන්ට දුන්නාවූ බලය හා දීමනාව උපයෝගී කර ගනිමින් ඔවුන් සඳහාම මුදල් උපයා ගනිති.

2) අනුමානය - Presumption (ශු:මතෙව් 4:5-7).දේව මාළිගාවේ මුදුනේ සිට පනිමින් දෙවියන් වහන්සේගේ රැකවරණය පිළිබඳ පොරොන්දුවේ අයිතිවාසිකම ලබාගැනීම​​.
අ) දෙවියන් වහන්සේ ඔබට ගන්නට නොපැවසුවාවූ පියවරක් ඔබ ගනිමින් දෙවියන් වහන්සේගේ පොරොන්දු ලබා ගැනීම. යේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, අවදානම් සහගත දේ කරමින් දෙවියන් වහන්සේ පරික්‍ෂා නොකරන්න යයි පැවසූ සේක. සමහර අඥාන කිතුණුවන්, ඔවුන් අසනීප වු විට ඖෂධ ගැනීමෙන් වැලකෙති. දෙවියන් වහන්සේ ආශ්චර්‍යමත් (ස්වභාවෝත්තර) ලෙස ඔවුන් සුව කරණු ඇතැයි බලාපොරොත්තු වෙති. එය ඇදහිල්ල නොවේය. අනුමාන කිරීමකි. එය සිය දිවි හානි කර ගැනීමකි! ඖෂධ නිපදවා ඇත්තේ දෙවියන්වහන්සේගේ මැවිල්ල තුළින් වන අතර, අප ඒවා භාවිතා කළ යුතු වෙමු. මාළිගාවේ මුදුනේ සිට පහළට පඩිපෙලක් තිබේ නම්, අප එය භාවිතා කළ යුතු වන අතර බිමට පැනීම නොකළ යුතුය!! අපි පනින්නේ නම්, දෙවියන් වහන්සේ අපව ආරක්‍ෂා කරගන්නේ නැත. ඒ කෙසේ වෙතත් ඖෂධ නොමැති වනාන්තරයක අප සිටියේ නම්, ඖෂධ නොමැතිව අප සුවකරන ලෙස දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටිය හැකි අතර උන්වහන්සේ අපව සුවකරන සේක. නමුත් ඒ උන්වහන්සේ ඖෂධ සපයා නොමැති අවස්ථාවකදීය.
ආ) ඔබ දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයකු බව අන් අයට පෙන්වීමට යම් සංදර්ශන කිරීම. මෙම පරික්‍ෂාව තිබෙන්නේ මනුෂ්‍යයාගේ ගෞරවය සොයා බැලීමටයි. මනුෂ්‍යයාගේ ගෞරවය සඳහා වූ සිත් ගන්නා සුළු සංදර්ශන පැවැත්වීම සහ ආශ්චර්‍යමත් ක්‍රියා කිරීම යේසුස් වහන්සේ ප්‍රතික්‍ෂේප කළ සේක.
3) අවසානයේ දෙපාර්ශවයම සෑහීමකට පත්වන ගිවිසුමකට පැමිණීම - Compromise (ශු:මතෙව් 4:8-10). ලෝකයේ සියළු රාජ්‍යයන් සහ එහි ඓශ්චර්‍යයන්, සාතන්ට නමස්කාර කිරීමෙන් ලබා ගැනීම.

අ) නිවැරදි දෙය වැරදි මාර්ගයෙන් ලබා ගැනීම - ධාර්මික නොවන (අධර්මිෂ්ඨ) කෙටි මාවත් තුළින්! සාතන්ට නමස්කාර කිරීම, අධර්මිෂ්ඨ ක්‍රියා ගණනට වැටෙනු ඇත. සියළුම කෙටි මාවත් ප්‍රතික්‍ෂේප කරමින්, යේසුස් වහන්සේ දීර්ඝ, අසීරු කුරුසියේ මාවත තෝරාගත් සේක.


ආ) මෙම ලෝකයෙන් ලැබෙන මහිමය පසුපස හඹා යෑම - මුදල්, ගෞරවය, තනතුර හා බලය (ලෝකය තුළ හෝ සභාව තුළ). සාතන් විසින් දෙනු ලබන කිසිම දෙයකට නොව, දෙවියන් වහන්සේට පමණක්ම නමස්කාර කළ යුතු බව යේසුස් වහන්සේ පැවසූ සේක. පුළුල් සේවයක් බලාපොරොත්තු වන බොහෝමයක් දේශකයන්, සියළු දෙනාම සතුටු කිරීම සඳහා, සමහර දේ ගැන (දෙවියන් වහන්සේට දේශකයන් තුළින් දේශනා කිරීමට අවශ්‍යවූ දේ) නිහඬව තබා ගනිති. මෙසේ ඔවුන් පුළුල් සේවයක් ලබා ගනිති. නමුත් එය ලැබෙන්නේ සාතන්ට දනින් වැටීම තුළින්‍ය.

යේසුස් වහන්සේ වෙතට සාතන් පැමිණි මෙම සෑම ආකාරයකින්ම අප වෙතටද සාතන් පැමිණෙනු ඇත. යේසුස් වහන්සේ, දෙවියන් වහන්සේගේ වචනය කරණකොටගෙන සාතන් පලවා හැරියාක්මෙන්, අපටද දේව වචනය කරණකොටගෙන සාතන්ව පලවා හැරිය හැකිය.

break

මතෙව්: කන්ද උඩ දේශනාව​​​

ශු:මතෙව් 5,6 සහ 7 වන පරිච්ඡේද තුළින් කන්ද උඩ දේශනාව අපි කියවන්නෙමු. යේසුස් වහන්සේ එම දේශනාව පටන් ගන්නේ "සිතින් දිළින්දෝ ආශිර්වාද ලද්දෝය, මක්නිසාද ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේය" (ශු:මතෙව් 5:3) යැයි පවසමිනි. ස්වර්ග රාජ්‍යයට ඇතුළුවීමට අවශ්‍ය මූලිකම නියමය (ප්‍රධාන සුදුසුකම) වනුයේ දිළිඳුකමේ ආත්මයයි. "ස්වර්ග රාජ්‍යය" යයි පවසන මෙම මාළිගාවේ සියළුම දොරටු විවෘත කළ හැකි ප්‍රධානම යතුර එයයි. මෙම ප්‍රධාන යතුර අප සතුව තිබේ නම්, ස්වර්ගයේ තිබෙන සියළු සම්පත් අප සතු කරගත හැක.
දිළිඳුකමේ ආත්මය යන්නෙහි අර්ථය කුමක් විය හැකිද? නිදර්ශනයක් ලෙස භෟතිකමයව බොහෝ සෙයින් දිළිඳු වීම යනු කුමක්දැයි සලකා බලන්න. එක් දිනක ඔබ සුළු මුදලක් දුන් ඔබගේ දොරකඩ වෙත පැමිණි යාචකයකු ගැන සිතන්න. ඔහු ඊළග දිනයේත් නැවතත් පැමිණෙනු ඇත. නැවත නැවතත්, නැවත නැවතත් - සදහටම ඔහු එනු ඇත. ඇයි? මක්නිසාද ඔහු නිරන්තර අවශ්‍යතාවයන්ගෙන් පෙළෙන නිසාය. ඔහු නිතරම ඔහුගේ අවශ්‍යතාවයන් ගැන පරික්‍ෂාකාරී වන අතර, තවත් මුදල් යැදීමට, ලැජ්ජාවෙන් තොරවම, ඇති තරම් යටහත්ව ඔබගේ දොරකොඩ වෙත පැමිණෙමින් සිටිනවා ඇත. මක්නිසාද ඔබ නිර්ලෝභී අයෙකු බව ඔහු දන්නා නිසාය.
සිතින් දිළිඳුකමේ අර්ථය වන්නේද මෙයයි. අපි දෙවියන් වහන්සේ වෙත යමින් පවසනුයේ "ස්වාමිනි, මම ආත්මික අවශ්‍යතාවයන් ඇති පුද්ගලයෙක්මි. මට උවමනා දේ ඔබ වහන්සේ නොදෙන්නේ නම්, ඔබවහන්සේගේ වචනය තුළ ඇති කිසිවක් තේරුම් ගැනීමට මට නොහැකි වන අතර අද පාපය විසින් මාව පරාජය කරන්නේය". අපි ඊළග දිනයේද නැවතත් ස්වාමින් වහන්සේගේ දොරටුව අභියස සිට තවත් දෙන ලෙස යදින්නෙමු. ඊළග දිනයේදී, නැවතත් ඊළග දිනයේදී - නිරන්තරයෙන්ම. මක්නිසාද අපි ස්ථිර ලෙසම අපගේ අවශ්‍යතාවයන් ගැන පරික්‍ෂාකාරීව සිටින නිසාය. එවැනි පුද්ගලයන් ස්වර්ග රාජ්‍යයම හිමිකර ගන්නා බව යේසුස් වහන්සේ පැවසූ සේක. ස්වර්ග රාජ්‍යයම හිමිකර ගැනීමට අවශ්‍ය නම්, මෙම ස්වභාවය ඔබගේ ජීවිතය පුරාවටම පවත්වාගන්න.
ක්‍රිස්තුස් වහන්සේ වෙත බොහෝ දෙනෙක් ගෙන ඒමට සහ සභාව ගොඩනැගීමට, දෙවියන් වහන්සේ ඔබව මහත් ලෙස යොදාගන්නා විට, දිළිඳුකමේ ආත්මය පවත්වාගෙන යාම අමතක නොකළ යුතුය. නැවත නැවතත් දෙවියන් වහන්සේ වෙත යාම පවත්වා ගනිමින්, "ස්වාමිනි, මම දිළින්දෙක්මි. මට බලය දුන මැනව. මට ඉගැන්වුව මැනව. ඔබවහන්සේගේ ආත්මයේ පූර්ණකම මට දුන මැනව. මිනිසුන්ට ප්‍රේම කරීම මට දුන මැනව. ශුද්ධකම මට දුන මැනව....." යනාදී ලෙස පවසන්න. එවැනි "අවශ්‍යතාවය ඇති යාචකයින්" ශුද්ධකමට පැමිණෙන අතර, දෙවියන් වහන්සේ ඔවුන් බලවත් ලෙස භාවිතා කරන සේක. එවැනි "යාචකයින්" ආත්මිකව පොහොසත් වන අතර, දෙවියන් වහන්සේගෙන් උතුම් දේ ලබති. මනුෂ්‍යයන්ගෙන් යැදීම (හිඟාකෑම) සමහර විට නින්දාවට පමුණුවන නමුත් දෙවියන් වහන්සේගෙන් යැදීම ඔබට කළ හැකි ඉතා මහත් ආත්මික දේ වනු ඇත. දෙවියන් වහන්සේ දැනටමත් බොහෝ ආත්මික පොහොසත්කමින් මාව සාදා ඇත. නමුත් දෙවියන් වහන්සේට තවත් බොහෝ දේ මට දීමට ඇති බව මා දන්නා අතර උන්වහන්සේ සතු ඒ සියල්ලම මට අවශ්‍යය. සදහටම මේ ආකාරයේ "යාචකයකු" වීම සඳහා ඔබව ධෛර්‍යමත් කිරීමට මට ඉඩ දෙන්න.
"සිතින් පවිත්‍රව සිටින්නෝ ආශිර්වාද ලද්දෝය. මක්නිසාද ඔව්හු දෙවියන් වහන්සේ දකින්නෝය" (ශු:මතෙව් 5:8). පවිත්‍ර හදවතක සහ පිරිසිඳු හෘද සාක්‍ෂිය අතර අසමාන කමක් ඇත. පිරිසිඳු හෘද සාක්‍ෂිය යන්නෙහි අර්ථය වනුයේ අපි දැනගත්තාවූ සියළුම පාප වලින් නිදහස් වූ හදවතයි. එනම්, පාපයන් පිළිගත් හා පිරිසිඳු කළ හදවතයි. ඒ කෙසේ වුවත් පවිත්‍ර හදවතක් නම් සියළු දේ වලින් නිදහස් වූ සහ දෙවියන් වහන්සේට පමණක්ම වෙන්වූ ස්ථානයයි. මනුෂ්‍යයෙකුට හොඳ හෘද සාක්‍ෂියක් තිබිය හැකි අතර, තවමත් ඔහුගේ හදවතේ දෙවියන් වහන්සේට වඩා බොහෝ නීත්‍යානුකූල දේවල් තිබිය හැක. ඔහුගේ හෘද සාක්‍ෂිය පැහැදිලි වුවද, ලෞකීකව දියුණු වීමේ පරමාර්ථයක් ඔහුට තිබිය හැක. නමුත් පවිත්‍ර හදවතක් සහිත අයෙකුට ඇති එකම පරමාර්ථය වනුයේ දෙවියන් වහන්සේවම සතුටු කිරීමයි. ඔහුගේ මුළු හදවතම හිමි වන්නේ දෙවියන් වහන්සේටය.
ඔබගේ හදවත පවිත්‍ර වන විටදී, සෑම තැනකදීම ඔබට දෙවියන් වහන්සේ දැක ගත හැක. මිනිසුන්, ඔබට උපකාර කරන විටදීත්, ශාප කරන විටදීත් සහ හානි කරන විටදීත් යන ඔබගේ සෑම අවස්ථාවකදීම ඔබට දෙවියන් වහන්සේ දැක ගත හැක (ෂිමෙයි දාවිත්ට ශාප කළ විටදී, දාවිත් දෙවියන් වහන්සේ දුටුවා සේ). ඔබගේ හදවත පවිත්‍ර නොවන විටදී කොහොම නමුත් ඔබ දකින්නේ මනුෂ්‍යයන් ඔබට කරදර කරන බව පමණකි. සමහරවිට ඔබගේ අමාරු භාර්‍යාව හෝ පුරුෂයා හෝ අසල්වැසියා විය හැක. අපිරිසිඳු හදවත් ඇති පුද්ගලයන් හට බොහෝ ප්‍රශ්න ඇත. නමුත්, පවිත්‍ර හදවත් ඇත්තෙකු ආශිර්වාද ලබන්නේය, මක්නිසාද ඔහු සෑම තැනකදීම සහ සෑම විටදීම සහ සෑම දෙයක් තුළම දෙවියන් වහන්සේ පමණක් දකින්නේය, යයි යේසුස් වහන්සේ පැවසූ සේක.
ශු:මතෙව් 5:20 - 6:18 දක්වා ස්වාමින් වහන්සේ ප්‍රධාන කොටම අවධාරනය කර ඇත්තේ ඇතුළාන්ත ජීවිතය (ජීවිතයේ ඇතුළාන්තය) ගැනය. පරිසිවරුන්ගේ ධර්මිෂ්ඨකම පැවතියේ බාහිරින් වන අතර අපගේ ධර්මිෂ්ඨකම ඊට වඩා ඉක්මවිය යුතුය (ශු:මතෙව් 5:20). සැබෑවූ ශුද්ධකම පටන් ගැනෙන්නේ ඇතුළාන්තයෙන්‍ ය. ස්වාමින් වහන්සේ බලාපොරොත්තු වන්නේ, ධර්මිෂ්ඨකම තුළ ඇති ගුණාත්මකභාවය මිස ප්‍රමාණය නොවේය. අපගේ ධර්මිෂ්ඨකමේ ගුණාත්මකභාවය, පරිසිවරුන්ගේ ධර්මිෂ්ඨකමට වඩා මූලිකවම වෙනස් විය යුතුය. ඔවුන්ට බාහිර වූ භූමික ධර්මිෂ්ඨකම තිබූ අතර එය ඔවුන්ට මනුෂ්‍යයන්ගේ ගෞරවය ගෙනාවේය. නමුත් ස්වර්ග රාජ්‍යය තුළ වැදගත්ම දෙය වනුයේ ඇතුළාන්ත ජීවිතයයි. අපගේ ජීවිතයේ ඇති සෑම දෙයක්ම අපේ ඇතුළාන්තයෙන්ම ගලා ආයුතුය. ස්වර්ග රාජ්‍යය අප තුළ නිසා මිනී මැරීමෙන් හා කාමමිථ්‍යාචාරයෙන් අපගේ නිදහස් වීම ඇතුළාන්තයෙන්ම විය යුතුය (ශු:මතෙව් 5:21-30).
ශු:මතෙව් 6:1-18 හි යේසුස් වහන්සේ පැවසුවේ අපගේ දීමේ පුරුද්ද, යාච්ඤාව සහ නිරාහාරව සිටීමේ පුරුද්ද තිබිය යුත්තේ දෙවියන් වහන්සේගේම ඉදිරියේ පමණක් බවයි. නිරාහාරව සිටීම ගැන පළමුව සළකා බලමු. ඉන්දියාව තුළ මට හමුවූ නිරාහාරව සිටි බොහෝ කිතුණුවන්ගේ, වෙනස් නොවන දෙය නම්, ඒ ගැන කතා කිරීමයි. "ඔබ නිරාහාරව සිටිද්දී කිසිවෙකුට ඒ ගැන නොපවසන්න" යයි යේසුස් වහන්සේ නිරාහාරව සිටීම ගැන එකම ආඥාවක් දුන් අතර ඔවුන් අකීකරු වන්නේ එයටමය. දෙවියන් වහන්සේ ආදම්ට එකම ආඥාවක් දුන් අතර ඔහු එයට අකීකරු විය. දෙවියන් වහන්සේ දරුවන්ට දුන්නේ "ඔබගේ දෙමව්පියන්ට කීකරු වන්න" යන එකම ආඥාව වන අතර ඔවුන් එයට අකීකරු වෙති. නිරාහාරව සිටින බොහෝ අය අතර, මෙසේම අකීකරු වන අය අපට සොයා ගත හැක. නිරාහාරව සිටින, යාච්ඤා කරන සහ දන් දෙන නමුත්, එම ක්‍රියා ගැන කිසිවෙකුට කිසිසේත්ම නොපවසන තවත් කිතුණු පරම්පරාවක් අපි එක්ව ගොඩනගමු. අපි මෙවැනි දේවල් කරන විට ගෞරවය ලබා ගැනීම සඳහා මහත් ගිජුකමක් අප තුළ ඇතිවේ. ඒ නිසා අපි ඒ ගැන කතා කරමු. නමුත් ස්වාමින් වහන්සේ පවසන්නේ, ඒ නිසා ස්වර්ගයේ අපට හිමි ත්‍යාගය අහිමි වනු ඇත යනුවෙනි. පොළොවේ ආලේපයද අපට අහිමි වනු ඇත.
7 වන පරිච්ඡේදය තුළදී යේසුස් වහන්සේ, අන් අයව විනිශ්චය නොකරන්න යයි අපට අවවාද කරන අතරතුර "බැටළු හම් පොරවාගෙන එන බොරු අනාගතවක්තෘවරුන්" පැහැදිළිව දකින්න කියාත් (ආත්ම විමසීම තළින්) අවවාද කළ සේක (ශු:මතෙව් 7:15). බැටළු ඇඳුමෙන් සඳහන් වන්නේ කිතුණු ධර්මයට අනුකූල නිවැරදි ඉගැන්වීම් ඇත්තාවූ යන්නය. සමහර විට බොරු අනාගතවක්තෘන්ටද නිවැරදි ධර්මයක් ඇති නමුත් ඇතුළාන්තයෙන් ඔහු වෘකයෙකි. වෘකයන් සැළකිලිමත් වන්නේ බැටළුවන් ගිලදැමීමට පමණි. බොරු අනාගතවක්තෘවරුන් ප්‍රකටව ඇත්තේ ඔවුන්ගේ ලාභ ප්‍රයෝජනය සඳහා සාමාන්‍යය ඇදහිලිවන්තයන් ගසා කෑමටය. ඔබ ඔහුගේ ධර්මයට පමණක්ම සවන් දුන්නේ නම්, ඔහු බැටළුවකු හෝ එඬේරකු පවා කියා සිතනු ඇත!! නමූත් ඔහු, ඔබ මූල්‍යමය වශයෙන් ගසා කෑමට සොයනවා හෝ එක්තරා ආකාරයකින් ඔබව පාලනය කරන්ට බලන්නේ නම්, ඔහු වෘකයෙකි. මෙවැනි මනුෂ්‍යයන් ප්‍රකටව ඇත්තේ ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් තමන්ට ලාභ ප්‍රයෝජන ලබාගන්නන් ලෙසට පමණය. එනම් ඔබගේ මුදල් හෝ ඔබව පාලනය කිරීමෙන්‍ ය.
අවාසනාවකට මෙන් අද වන විට බොහෝ අය තේරුම් ගෙන ඇත්තේ බොරු අනාගතවක්තෘවරයා යනු වැරදි ධර්මයක් ඇති තැනැත්තකු යන්නය. කෙසේවෙතත් යේසුස් වහන්සේ පැවසුවේ, බොරු අනාගතවක්තෘවරයෙක්ව සොයා ගත හැක්කේ ඔවුන්ගේ ධර්මයෙන්වත් ඔවුන්ගේ සේවයේ ප්‍රතිපලයෙන්වත් නොව, නමුත් ඔවුන්ගේ චරිතයේ තිබෙන ආත්මික ඵලයේ හිඟකම තුළින්‍ බවය (ශු:මතෙව් 7:16). දේශකයන්ගේ දීමනා වලටවත්, ස්වභාවෝත්තර දීමනා වලටවත් අපි නොරැවටිය යුතුම වෙමු. ඔබගෙන්ම මෙය අසන්න, "ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මය ඔහුට තිබේද? ඔහු යටහත් පහත් සහෝදරයෙක්ද? ඔහු මුදලට ප්‍රේම කිරීමෙන් නිදහස් වූවෙක්ද? ඔහු මිනිසුන්ගෙන් මුදල් ඉල්ලන්නෙක්ද? ඔහු ඔහුගේ දේශනාවලදී ශුද්ධකම ගැන අවධාරනය කරනවාද? කාන්තාවන් සමඟ ඔහුගෙ තිබෙන සම්බන්ධය පවිත්‍රද? ඔහුගේ දරුවන් හා ළඟම හවුල් සේවකයන් භක්තිවන්තයන්ද?". බොරු අනාගතවක්තෘවරුන්ගේ රැවටීම් තුළින්, දෙවියන් වහන්සේ මාව ආරක්‍ෂා කර ගත්තේ මෙවැනි ප්‍රශ්න ඇසීම තුළින් ය. ක්‍රිස්තියානි සමූහයා තුළ බොහෝ දෙනෙක් මුළා වී ඇත, මක්නිසාද ඔවුන් දේශකයන්ගේ වටිනාකම තක්සේරු කරන්නේ හුදෙක් දේශකයන්ගේ මූලධර්ම වලින් නිසාය.
කන්ද උඩ දේශනාව මුළුල්ලේම ආත්මික ඵල ගැන කතා කළ පසුව, යේසුස් වහන්සේ අවසානයේ කතා කළේ ආත්මික දීමනා ගැනය. අවසාන දවසේදී, බොහෝ දෙනෙක් යේසුස් වහන්සේ වෙතට පැමිණ, "ස්වාමිනි, අපි ඔබගේ නාමයෙන් අනාගත වාක්‍ය නොකීයෙමුද? ඔබගේ නාමයෙන් යක්‍ෂයන් දුරු නොකළෙමුද? ඔබගේ නාමයෙන් බලවත් ක්‍රියා නොකළෙමුද?" යයි මට කියනවා ඇතැයි, යේසුස් වහන්සේ පැවසූ සේක (ශු:මතෙව් 7:22). යේසුස් වහන්සේ, ඔවුන්ට කියන සේක් : "මා කෙරෙන් අහක්ව පලයල්ලා, මක්නිසාද නුඹලා පාපයේ ජීවත් වූවහුය" යන්නය. යේසුස් වහන්සේගේ නාමයෙන් ඔවුන් අන් අයට දේශනා කළෝය, යක්‍ෂයන් දුරු කළෝය, සහ නොයෙක් බලවත් ක්‍රියාත් කළෝය. නමුත් මෙපමණ දෙයක් කළත් ඔවුන් පාතාලයට (ෂෙයොලට) ගියෝය.
නිවැරදි ධර්මය දේශනා කරන, එකවර සිය දහස් ගනන් ජනයා සහභාගී වන මහත් ආලෝක ධාරා මධ්‍යයේ පවත්වන, නවීන කාලයේ "සුව කිරීමේ එළිමහන් රැස්වීම්"දෙස බලන විට, ඔබ අතරින් කී දෙනෙක් යේසුස් වහන්සේගේ මෙම අවවාදය ගැන සහ අවසානයේදී, මෙම දේශකයා නිරයට යාමට ඇති හැකියාව ගැන සැළකිල්ලෙන් සිතා බැලුවෙහිද? මාගේ අනුමානය නම්, ඇදහිලිවන්තයන්ගෙන් 99.9% ක්වත් එය සිදුවීමට ඇති හැකියාව සැළකිල්ලෙන් සිතා බලා ඇත්තේම නැත යන්නය. යේසුස් වහන්සේගේ පැහැදිළි අවවාද නොසළකා හරිමින්, තවමත් බොහෝ ඇදහිලිවන්තයන්, දේශකයන්ගේ වටිනාකම මනිනු ලබන්නේ දීමනාව තුළින් මිස, ඔහුගේ චරිතය තුළින් නොවේය. කිසිවෙකුගේ අනාගත වාක්‍ය පැවසීමෙ දීමනාව හෝ යක්‍ෂයන් දුරු කිරීමේ දීමනාව තුළින් හෝ බලවත් ක්‍රියා කිරීමේ දීමනාව නිසා හෝ අපි අපව පුදුමයට පත් කීරීමට ඉඩ නොදිය යුතුය.
ඇසීමට කන් ඇත්තෝ අසත්වා. දැන් මම මේ සත්‍ය අවුරුදු කිහිපයක්ම දේශනා කර ඇත්තෙමි. නමුත් යේසුස් වහන්සේ පැවසූ දෙය විශ්වාස කරන ඇදහිලිවන්තයන්, මේ වන තුරු මට හමුවී ඇත්තේ ඉතාමත් ස්වල්ප දෙනෙකි. මේ මක්නිසාද, අපගේ අභිමානය, යේසුස් වහන්සේගේ අවවාද වලට වඩා, අපගේම තීන්දුව විශ්වාස කිරීමට අපව පොළඹවා ඇත. "සියළු මනුෂ්‍යයන් බොරු කාරයන් වුනත්, දෙවියන් වහන්සේ සැබෑ බව පෙනේවා" (රෝම 3:4).
යේසුස් වහන්සේ පැවසුවාවු මෙම සිද්ධිය දෙස ආපස්සට දැන් ඉතා සැළකිල්ලෙන් බලමු. විනිශ්චය දවසේදී ඇදහිළිවන්තයෙකු මෙසේ පැවසුවේයයි සිතුවහොත්, "ස්වාමිනි, ඔබගේ කරුණාවෙන් මාගේ පාපවලට සමාව ලැබුණි. ඔබගේ කරුණාව නිසා මට ජයග්‍රාහී ජීවිතයක් ඇතිව ජීවත් වන්නට ලැබුණී. නමුත් මම අනාගත වාක්‍ය පවසාම නැත, රෝගියෙකු සුව කළේද නැත, කිසිදු යක්‍ෂයෙක් දුරු කළේද නැත". "මා කෙරෙන් අහක්ව පලයන්න, නුඹ කිසිදු බලවත් ක්‍රියාවක් සිදු කළේම නැත. යක්‍ෂයන් දුරු කළේද නැත" යයි ස්වාමින් වහන්සේ ඔහුට පවසන සේක්ද? නැත. එය විය නොහැකිය.
ඵල රහිත දීමනා ඔබට ඇත්තේ නම්, ඔබගේ අවසානය නිරයේ විය හැක. නමුත් ඔබට දීමනා නැතත් ඵල තිබේ නම්, ඔබට අනිවාරයෙන්ම ස්වර්ග රාජ්‍යයට ඇතුල් විය හැක. අපි ජීවත් වන්නේ ඉතා භයානක රැවටීමේ කාලයකය. එනිසා සියළුම දේශකයන් ගැන, අපි පැහැදිළි දැක්මකින් සිටිය යුතුම වෙමු.

break

මතෙව්: අගය කිරීම සහ ධෛර්‍යය දීම​​​

අපි, ශු:මතෙව් 8 වන පරිච්ඡේදය තුළදී, යේසුස් වහන්සේ කළාවූ හාස්කම් කිහිපයක් ගැන කියවමු. උන්වහන්සේ දේශනා පමණක්ම කළේ නැති අතර, මිනිසුන් කෙරෙහිද සැළකිලිමත් වූ සේක. කිසිවෙකු විසින් අත ගැසීමට කැමති නොවූ කුෂ්ඨ රෝගීන්ට උන්වහන්සේ අත ගැසූ සේක. උන්වහන්සේ ඔවුන් සුව කළා පමණක් නොව, ඔවුන්ට වටිනාකමේ හැඟීමක් ගෙන දුන් සේක. අපි මෙහි කියවන, ඉතා යටහත් පහත් සහ මහත් ඇදහිල්ලක් ඇති, සියයකට මුළාදෑනියෙකු වූ රෝම නිළධාරියෙකුට යේසුස් වහන්සේ පවසා සිටියේ, ඔහුගේ සේවකයා සුව කිරීමට, ඔහුගේ නිවසට පැමිණෙන බවය. එවිට ඔහු යේසුස් වහන්සේට පැවසුවේ, "ස්වාමිනි, මාගෙ පියස්ස යටට ඔබගේ ඊමට මම නොවටිමි. වචන මාත්‍රයක් කිව මැනව, එවිට මාගේ මෙහෙකරුවා සුව වන්නේය" කියාය. සෑම විටම ඇදහිල්ල සහ යටහත්කම එකට යන්නේය. "ඉශ්‍රායෙල්හිවත් මෙබඳු මහත් ඇදහිල්ලක් නොදිටිමි" යයි එකෙණෙහිම යේසුස් වහන්සේ පැවසූ සේක (ශු:මතෙව් 8:10).
යේසුස් වහන්සේ මිනිසුන් අගය කිරීමට සහ ධෛර්‍යමත් කිරීමට අති දක්‍ෂයෙක් වූ සේක. එක් වරක් උන්වහන්සේ, පේත්‍රැස්ට ප්‍රසිද්ධියේම ප්‍රශංසා කරමින් පැවසුවේ, "සීමෝන් බර්-යෝනා, නුඹ ආශිර්වාද ලද්දෙක්‍ය මක්නිසාද ස්වර්ගයේ සිටින මාගේ පියාණන් වහන්සේ මිස මාංශය හා රුධිරය මේක නුඹට එළිදරව් නොකළේය" (ශු:මතෙව් 16:17). උන්වහන්සේ නතානියෙල් ගැන ප්‍රශංසා කරමින් පැවසුවේ "මෙන්න, සැබවින්ම ඉශ්‍රාලිතයෙක්! මොහු තුළ කිසි වංචාවක් නැතැයි" කීසේක (ශු:යොහාන් 1:47). මිනිසුන්ගෙන් එක්කෙනෙක්වත් සර්ව සම්පූර්ණ නොවූවද යේසුස් වහන්සේ ඉතා අධික ලෙස (නිර්ලෝභීව) ඔවුන් අගය කළ සේක. රෝම සියයකට මුලාදෑනියාද, පේත්‍රැස්ද, නතානියෙල්ද යන සියළු අය අසම්පූර්ණ මනුෂ්‍යයෝය. මෙම සියළු දෙනා තුළම අගය කිරීමට යම් දෙයක් යේසුස් වහන්සේ සොයා ගත් සේක. ගැළවීම නොලැබූ අයෙකු වුවද, රූප වන්දනය කරන්නෙකු වුවද, හමුදා නිළධාරියෙකු වුවද, සැබෑ දෙවියන් වහන්සේව හෝ ශුද්ධ බයිබලය ගැන කිසිවක් නොදන්නා අයෙකු තුළ වුවද, තිබෙන හොඳක් ගැන ප්‍රශංසා කිරීමට යේසුස් වහන්සේ පැකිලුනේ නැත. යේසුස් වහන්සේ කියූ එම වචන, එම රෝම සියයකට මුළාදෑනියාට ඔහුගේ ජීවිතයේ ඉතිරි කාලය තුළදී අමතක වූවායැයි ඔබ සිතනවාද? නැත. ඔහු එම වචන වලින් බොහෝ සේ ධෛර්‍යමත් වන්ට ඇත්ද, ඒ කෙතරම්ද යත් ඔහු නිසැකවම මුළු හදවතින්ම යේසුස් වහන්සේගේ ගෝලයෙකු බවට පත්වන්නට ඇත්තේය.
සැබෑ භක්තිවන්තකම ගැන සහ ස්වර්ග රාජ්‍යය ගැන යමක් මෙයින් අපට උගත හැක. ආදම්ගේ දරුවන්, මිනිසුන් අගය කිරීමට ලෝභයන් වන අතර, දොස් පැවරීමට නම් (විවේචනය කිරීමට නම්) අති දක්‍ෂයින්‍ ය. අපි ප්‍රසිද්ධියේ මිනිසුන් අගය කිරීමට පැකිලෙන්නේ, ඔවුන් උඩඟු වේය යන බිය නිසාය. අපි හැබෑ දේව භක්තික සෙනඟව වුවද, අගය කරන්නේ නැත. මෙම අගය කිරීමේ පුරුද්ද බොහෝ ඇදහිලිවන්තයන් යේසුස් වහන්සේගෙන් ඉගෙන ගෙන නොමැත. අපි කිසිවෙකු කිසිසේත් බොරුවට (ඉච්චාවට) ප්‍රශංසා නොකළ යුතුය. මන්ද චාටුව (ඉච්චාව) සාතනික ක්‍රියාවකි. නමුත් නියමාකාරයෙන් අගය කිරීම දිව්‍යමය ගුණාංගයකි. දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයෙකු තවත් සහෝදරයෙකුට අගය කිරීමේ වචනයකින් කතා කරන්නේ නම්, ඔහු දෙන්නාවු එම එකම වචනයකින් වුවද ඔහු මුළු හදවතින්ම යේසුස් වහන්සේ අනුගමනය කිරීමට ධෛර්‍යමත් විය හැක.
අපි, ශු:මතෙව් 9:27 දී යේසුස් වහන්සේ වෙත පැමිණි අන්ධයන් දෙදෙනෙකු ගැන කියවන්නෙමු. නමුත් යේසුස් වහන්සේ ඔවුන් සුව කිරීමට ප්‍රථමයෙන්, ඔවුන්ගෙන් ප්‍රශ්නයක් ඇසූ සේක. "මට මෙය කරන්නට පුළුවනිය කියා නුඹලා විශ්වාස කරනවාද?". "එසේය ස්වාමිනි" යැයි ඔවුහූ කීවෝය. එවිට යේසුස් වහන්සේ ඔවුන්ට, "නුඹලාගේ විශ්වාසයේ ප්‍රකාරයට නුඹලාට වේවායි" කීසේක (ශු:මතෙව් 9:29). මෙය දිව්‍යමය මූලදර්මයකි. අපගේ ඇදහිල්ලේ මට්ටමේ ප්‍රමානය අනුව අපි ලබන්නෙමුව - වැඩිපුර හෝ අඩුව නොව. මෙම අන්ධ මනුෂ්‍යයන්ට ප්‍රාතිහාරයක් අවශ්‍ය වුනිද? ඔව්. යේසුස් වහන්සේට ඔවුන් උදෙසා ප්‍රාතිහාරයක් කිරීමට අවශ්‍ය වුනිද? ඔව්. නමුත් ඔවුන්ට ඇදහිල්ලක් නොමැති වූයේ නම් ප්‍රාතිහාරයක් සිදු නොවනු ඇත.
දැන් එය ඔබ ගැනම අදාල කරගන්න. දෙවියන් වහන්සේගෙන් ඔබට ප්‍රාතිහාරයක් අවශ්‍යද? ඔව්. දෙවියන් වහන්සේට ඔබ සඳහා ප්‍රාතිහරයක් කිරීමට අවශ්‍යද? ඔව්. ඔබට ඇදහිල්ල නොමැති නම්, තවමත් ඔබට එය ලබාගත නොහැකිය.
එක අන්ධ මනුෂ්‍යයෙකු මෙසේ කියා ඇතැයි සිතුවහොත්, "හොඳයි ස්වාමිනි, අඩුම තරමේ මගේ එක ඇසක්වත් ඇරිය හැකි බව (සුව කළ හැකි බව) මට විශ්වාසය. ඇත්ත වශයෙන්ම එය මට ඕනෑවටත් වඩා සෑහේය". ස්වාමින් වහන්සේ එම වචනයෙන්ම ඔහුට පවසනු ඇත්තේ, "නුඹ අදහාගත් ලෙසටම නුඹට වේවා" යන්නය සහ ඔහු ලබන්නට ඇත්තේ එක ඇසක පෙනීම පමණය! දෙවන මනුෂ්‍යයා මෙසේ පවසා ඇත්නම්, "ස්වාමිනි, ඔබවහන්සේට මගේ ඇස් දෙකම ඇරිය හැකි යැයි (සුව කල හැකි යැයි) මම විශ්වාස කරමි", ඔහුගේ ඇදහිල්ල අනුවම ඔහු ලබන්නට ඇති අතර, ඔහු ඇස් දෙකෙහිම පෙනීම ලබාගන්නට ඇත.
එක් ඇසක පෙනීම ඇති මනුෂ්‍යයා "එක් ඇසේ" නිකායක් පටන් ගන්නා අතර, යේසුස් වහන්සේට එක ඇසක් සුව කළ හැකි බව ප්‍රකාශ කරනවා ඇත. ඇස් දෙකම සුවවූ මනුෂ්‍යයා "ඇස් දෙකේ" නිකායක් ආරම්භ කරන අතර, යේසුස් වහන්සේට ඇස් දෙකම සුව කළ හැකියැයි ප්‍රකාශ කරනු ඇත. මෙසේ අද දවසේ, සමහරු අර්ධ ශුභාරංචියක් ප්‍රකාශ කරමින් පවසන්නේ, යේසුස් වහන්සේට අපගේ පාපවලට සමාව දීම පමණක් සිදු කල හැකි බවයි. නමුත් ස්වල්ප දෙනෙක් පූර්ණ ශුභාරංචිය ප්‍රකාශ කරමින් පවසනුයේ, යේසුස් වහන්සේට කළ හැක්කේ අපගේ පාප වලට සමාව දීම පමණක්ම නොව , උන්වහන්සේට පාපය පරාජය කළ හැකි ජයග්‍රහනයක්ද අපට ලබා දිය හැකි බවයි. පලමු තැනත්තා දෙවන මනුෂ්‍යාට මිථ්‍යා ලබ්දිකයෙකු යැයි පවසමින් "නැත එය විය නොහැක, මක්නිසාද මාගේ අවස්ථාවේදී, යේසුස් වහන්සේ ඇරියේ එක ඇසක් පමණි". නමුත් එසේ වූයේ මක්නිසාද, ඔහුට තිබුනේ එක ඇසක් සුවය ලබන ඇදහිල්ල පමණි. නමුත් අනෙක් මනුෂ්‍යයාට තිබුනේ ඇස් දෙකම සුවය ලබන ඇදහිල්ලකි. ඔහු විශ්වාස කළේ ස්වාමින් වහන්සේට සමාව දීම පමණක්ම නොව, නමුත් ජයග්‍රහණයද දිය හැකි බවයි.

මෙම නිකායන් දෙකෙන් ඔබ අයත් වන්නේ කුමන නිකායටද? අපගේ පාප වලට පමණක් යේසුස් වහන්සේට සමාව දිය හැකි යයි ඔබ සිතන්නේ නම්, එවිට උන්වහන්සේගෙන් ඔබට ලබාගත හැකි වන්නේ එපමණකි. නමුත් ඔබගේ ක්‍රෝධය, රාගය, අභිමානය, ඊර්ශාව යනාදියෙන් ඔබ පරාජය වනු ඇත. අනෙක් ඇදහිලිවන්තයෙකු කෙසේනමුත් මෙසේ පැවසුවහොත් "නමුත් රෝම 6:14 හි පවසන්නේ පාපයට තවත් මා කෙරෙහි අධිපතිකම් කිරීමට නොහැකිය. මක්නිසාද මම දෙවියන් වහන්සේගේ අනුග්‍රහය යටතේ සිටිමි. එනිසා එය මාගේ ජීවිතයේ ඉෂ්ඨ කරනු ඇතැයි මම ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාස කරමින් සිටිමි". ඔහු ඇස් දෙකම ඇරීම (සුවය) ලබාගනු ලබන්නේය! ඔහුට මිථ්‍යා ලබ්දිකයෙකු යැයි නොපවසන්න. ඔහු, ඔබට වඩා යම් දෙයක් ලබාගෙන ඇත, මක්නිසාද ඔහු ඔබට වඩා හොඳ නිසාම නොවේය, නමුත් මක්නිසාද ඔහු ක්‍රිස්තුස් වහන්සේ බොහෝ සෙයින් විශ්වාස කළ බැවින් ය.

break

මතෙව්: වෘකයන් අතර බැටළුවන්​​​

ශු:මතෙව් 10 වන පරිච්ඡේදය තුළදී, යේසුස් වහන්සේ අපෝස්තුළුවරුන් 12 දෙනා තෝරා ගැනීම සහ ඔවුන්ගේ සේවය සඳහා අධිකාරීත්වය ලබා දීම ගැන අපි කියවන්නෙමු. උන්වහන්සේ ඔවුන්ට පවසා සිටියේ, ඔවුන්ගේ සේවය තුළ ඔවුන්ට ඇත්තේ උන්වහන්සේගේ අධිකාරී බලය පමණක්ම නොව, නමුත් වධ හිංසාවලටද ලක්වන බවත්‍ ය.
"වෘකයන් මැදට බැටළුවන් මෙන් මම නුඹලා යවමි. එහෙයින් සර්පයන් මෙන් නුවණ ඇතිව, පරවියන් මෙන් අහිංසකව සිටපල්ලා" (ශු:මතෙව් 10:16). දෙවියන් වහන්සේ, මෙම ලෝකය තුළ අපව වෘකයන් මැදට බැටළුවන් මෙන් යවන සේක. අප වටා සිටින වෘකයන් වාගේ අප පත් නොවිය යුතුමය. මෙහි අර්ථය නම් අප කිසි විටෙක පළිගැනීම හෝ කිසිම ආකාරයකින් අනුන්ට හිරිහැර නොකළ යුතුය. වෘකයන්ගෙන් අපව, දෙවියන් වහන්සේම ආරක්‍ෂා කරන බව අපි තරයේම විශ්වාස කළ යුතු වෙමු. නමුත් එසේ වුවත් සර්පයෙකු මෙන් සිහි නුවණ ඇතිව සිටිය යුතුමය. අප අඥානයන් නොවිය යුතුය. අප වටා සිටින කිතුණු නොවන සෙනඟ අනවශ්‍ය ලෙස කුපිත කරවන දේවල් අපි නොපැවසිය යුතු වෙමු. අපි ශුභාරංචිය ප්‍රඥාවන්ත ලෙස ඉදිරිපත් කළ යුතුමය. උදාහරණයක් ලෙස මුළු හදවතින්ම කරනු ලැබීම යන්නෙහි අර්ථය නම් අප රට තුළෙහි අප දකින රූප වන්දනය, ප්‍රසිද්ධියේ ප්‍රතික්‍ෂේප කරමින් යෑම නොවේය. අපගේ පණිවිඩය ධනාත්මකය. අප යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එසවිය යුත්තේ කිසියම්ම කෙනෙකුගේ ආගමකට හෝ සංකෘතියකට ප්‍රසිද්ධියේ චෝදනා කිරීමක් නොමැතිවය. (ඔවුන් නමස්කාර කරන දේවතාවියට එරෙහිව පාවුල් කිසිවක් කීවේ නැතැයි එපීසයේ ලේකම් තැන සාක්‍ෂි දෙන ස්ථානයේදී, ක්‍රියා 19:37 හි ඇති පාවුල්ගේ උදාහරණය බලන්න). සියළු මිනිසුන් (අපිත් ඇතුළුව) පව්කාරයන් බවද, යේසුස් වහන්සේ සියළු මනුෂ්‍යයන්ගේ ගැළවුම්කරු බවද අපි ප්‍රකාශ කළ යුතු වෙමුව. මිනිසුන්ට, ඔවුන්ගේ පාප සහ රූප වන්දනය අතහැර දැමීමට පුළුවන් වනුයේ, ක්‍රිස්තුස් වහන්සේට ඔවුන් බාර වන විටදී පමණක් වන අතර ඊට පෙර නොවේය. අපි මුදල් පරිහරණයේදීත් සර්පයන් මෙන් ප්‍රඥාවන්ත විය යුතුම වන්නෙමු - විශේෂයෙන්ම දෙවියන් වහන්සේගේ මුදල් පරිහරණයේදී -. එය ගැන දැනගැනීම අවශ්‍ය නොවන මිනිසුන් හට තොරතුරු එළිදරව් නොකිරීමටත් අප ප්‍රඥාවන්ත විය යුතුමය. අනවශ්‍ය ලෙස අප සතුරන් සාදා නොගත යුතුය.
මනුෂ්‍යයෙකුගේ සතුරෝ නම් ඔහුගේම ගෙයි වැසියෝය යයි යේසුස් වහාන්සේ පැවසූ සේක (ශු:මතෙව් 10:36). අපි ස්වාමින් වහන්සේ අනුගමනය කරන විට, අපගේ ඥාතීන් අපව වැරදියට වටහා ගන්නා බව අපට බලාපොරොත්තු විය හැක. සාමාන්‍යයෙන් ප්‍රොපේතවරයෙකුගේ ඥාතීන් විසින් ඔහු කිසිදා පිළිගන්නේ නැත. අපි ස්වාමින් වහන්සේට වඩා භූමික දෙමව්පියන්ට ප්‍රේම කරන්නෙමු නම්, එවිට අපි උන්වහන්සේට සුදුසු නොවෙමු (ශු:මතෙව් 10:37). නමුත් මනුෂ්‍යයන්ගෙන් ප්‍රතික්‍ෂේප වීම අපට බාධාවක් නොවේ නම් සහ යේසුස් වහන්සේ වෙනුවෙන් අපගේ ජීවිතය නැති කර ගැනීමට කැමති නම්, එවිට එය අපට සම්බවනු ඇත (ශු:මතෙව් 10:39). අප යේසුස් වහන්සේගේ ගෝලයෙකුට වතුර කෝප්පයක් පමණක්වත් දෙන්නේ නම්, යේසුස් වහන්සේ අපට ත්‍යාගයක් දෙන සේක (ශු:මතෙව් 10:42).
පරණ ගිවිසුම යටතේ ජීවත් වූ ඉශ්‍රායෙල් මිනිසුන්ගේ මනස පොළඹවා තිබුණේ කානාන් දේශය තුළ භෞතිකමය සහ ශාරීරීක ආශිර්වාද ලැබීම කෙරෙහිය - එනම් දේපල, සුවය සහ සෞභාග්‍යය මතය. අද දවසේ මෙම භූමික දේ මත මනස තබා තිබෙන ඕනෑම ඇදහිලිවන්තයෙකු ජීවත් වන්නේ පරණ ගිවිසුම යටතේය. මතෙව් ශුභාරංචිය ලියා ඇත්තේ එවැනි සියළු මනුෂ්‍යයන්ටය. "අපි ඉශ්‍රායෙල්වරුන් නොවේය" යයි ඔබට කිව හැකිය. නමුත් ඔබ තවම පරණ ගිවිසුම යටතේ ජීවත් වනවා විය හැක. අපි අපටම "කිතුණුවන්" යැයි කියා ගත හැක. නමුත් එහි අර්ථය වන්නේ, අප ජීවත් වන්නේ අළුත් ගිවිසුම යටතේ යන්න නොවේය. එය රඳා පවතිනුයේ අපගේ මනස තබා තිබෙන ස්ථානය මතය. ක්‍රිස්තුස් වහන්සේ වෙත හැරුනු විට අප සිතන ආකාරය වෙනස් විය යුතුය. "පසුතැවීම" යන වචනයේ අර්ථය වනුයේ "මනසින් හැරීමක්" යන්නය. අපගේ මනස තුළ හැරවීමක් විය යුත්තේ මොනාවාද? කොලොස්සි 3:2 හි පවසනුයේ "පොළොවේ තිබෙන දෙය නොව උසස් තැන්හි තිබෙන දෙයම සළකාපල්ලා" යන්නය. "මක්නිසාද පෙනෙන දේ කාලිකය, නොපෙනෙන දේ සදාකාලිකය" (2කොරින්ති 4:18).
අළුත් ගිවිසුමේ පළමුවන පොත වනුයේ මතෙව් ශුභාරංචියය. එහිදී අපට විගසින් හඳුන්වාදීමට බලාපොරොත්තු වන්නේ මෙම ස්වර්ගීය අළුත් ගිවිසුමේ ජීවිතයයි. කන්ද උඩ දේශනාවෙන්ම එය පටන්ගෙන ඇත්තේ ඒ නිසාය ( ශු:මතෙව් පරි. 5,6,7). එහි විස්තර කරන්නේ පොළොවේ ස්වර්ගීක ජීවිතය ගැනය. ශුද්ධාත්මයාණන් වහන්සේ තුළින් අපි උන්වහන්සේගේ ස්වභාවයට පංගුකාරයන් කර ඇතිවා සේ, අප දෙවියන් වහන්සේගේ ආඥාවන් පැවැත්විය යුත්තේ, බාහිරින් නොව ඇතුළාන්තයෙන්‍ ය. අනුන්ගේ සිත් තුළට කාවදින පිණිස යාච්ඤා කරමින් සහ නිරාහාරව සිටින, දස පනත අනුව ජීවත් වන කිතුණුවන් - මිනීමැරීම, කාමමිථ්‍යාචාරය සහ සොරකම් කිරීම වැනි බාහිර පාප වලින් වැළකුණාවූ - සත්‍ය වශයෙන්ම ජීවත් වන්නේ සියළු ඉශ්‍රායෙල්වරුන් මෙන් පරණ ගිවිසුම යටතෙහිය. අපට අළුත් ගිවිසුමට ඇතුල් විය හැක්කේ, ස්වර්ග රාජ්‍යයේ ඇතුළාන්ත ජීවිතය වටහාගත් විට පමණි.

break

මතෙව්: සිරගත වි සිටි යොහාන් බව්තිස්ත​​​

අපි ශු:මතෙව් 11:2-3 තුලදි , යොහාන් බව්තිස්ත සිරගත වි සිටියදී, යේසුස් වහන්සේ මෙසියස් වහන්සේදැයි නැතිදැයි සැක කරන්නට පටන් ගත් බව කියවන්නෙමු. ස්වර්ගය විවරව, ශුද්ධාත්මයාණන්, යේසුස් වහන්සේ මතට බසිනවා යොහාන් බව්තිස්ත දැක තිබු අතර, "මොහු මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, මොහු කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමි" යි (ශු:මතෙව් 3:16-17) යන ස්වර්ගීය හඬද ඔහුට ඇසුනේය. අපි මෙසේ කල්පනා කළහොත්, අපි මෙවන් දෙයක් එක් වරක්වත් දැක තිබුණා නම් සහ අසා තිබුණා නම්, අපට ඉන්පසු නැවත කිසි විටෙකත් ඒ ගැන කිසි සැකයක් ඇති වන්නේම නැත. නමුත් මෙහිදි, පරණ ගිවිසුම යටතේ සිටියාවු උතුම්ම තැනැත්තා වන යොහාන් බව්තිස්ත සැක කිරිමට පටන් ගන්නා අයුරු අපි දකින්නෙමු.
මේතාක් බිහිවු උතුම්ම තැනැත්තා යයි, යේසුස් වහන්සේ පවසා සිටි තැනැත්තාගේ හදවත තුළට සැකය පැමිණියේ කෙසේද? මක්නිසාද, යේසුස් වහන්සේ කරමින් සිටි පුදුමාකාර දේවල් (අන්ධයන්ට පෙනීම දීම, සහ රෝගීන් සුව කිරීම වැනි) යොහාන් ඇසූ කල, "මේ සියල්ල උන්වහන්සේට කළ හැකි නම්, උන්වහන්සේ හෙරොද්ව මරා මෙම සිරගෙයින් මාව නිදහස් නොකරන්නේ මන්ද?" කියා ඔහු කල්පනා කරන්නට පටන් ගත්තේය . පරණ ගිවිසුමේ මිනිසුන්ගේ මානසිකත්වයට අනුව සිරගතවී සිටීම පිලිගැනීමට නොහැකි කාරණයකි . ඒ කෙසේ නමුත්, අලුත් ගිවිසුම යටතේ සිටි පාවුල් සහ සීලස් සිරගෙයි සිටීම ගැන අවධාරනයෙන් බැලුවහොත්, ඔවුන් දෙවියන් වහන්සේව සැක කළේ නැත. ඒ වෙනුවට, මධ්‍යම රාත්‍රියේදි පවා දෙවියන් වහන්සේට ප්‍රශංසා කළෝය. ශුද්ධාත්මයාණන් වහන්සේගෙන් පිරීම සහ අලුත් ගිවිසුමට අවතීර්ණය වීමේ වෙනස එයයි. කිතුණුවන්ට අමාරුකම් පැමිණෙන විටදී, "දෙවියන් වහන්සේ, මා හට කරදර පමුණුවන මෙම පුද්ගලයා මරා, මාව මෙයින් නිදහස් නොකරන්නේ මන්දැයි ඔහු සිතන්නට පටන් ගන්නේ නම්, සත‍්‍ය වශයෙන්ම ඔහු සිතමින් සිටින්නේ, පරණ ගිවිසුමේ පුද්ගලයකු ලෙසින්‍ ය.
අති විශාල ඇදහිලිවන්තයන් ප්‍රමාණයක් ජීවත් වන්නේ පරණ ගිවිසුම යටතේය. ඔවුන් කාමමිථ්‍යාචාරයේ යෙදුනු විට , ඔවුන් පවසන්නේ "ඕ, හොඳයි, දාවිත්ද කාමමිථ‍්‍යාචාරය කළේය. ඔහු දෙවියන් වහන්සේගේ සිතට එකඟ වූ මනුෂ්‍යයකු වූ අතර තවද දෙවියන් වහන්සේ ඔහුට සමාව දුන්සේක". ඔවුන් අධෛ‍ර්‍යමත් වූ විට,ඔවුන් පවසන්නේ "හොඳයි, එලියාද අධෛර්‍යමත් වුණි. නමුත් ඔහු බලවන්ත ප්‍රොපේතවරයෙකි". ඔවුන් කේන්ති ගනිමින් ,ගෙදර යම් දෙයක් කැඩුවහොත්, "හොඳයි, මෝසස් දෙවියන් වහන්සේගේ සෙනඟගේ ශ්‍රේෂ්ඨතම නායකයාය. ඔහුටත් කේන්ති ගියේය. දෙවියන් වහන්සේ විසින් ලියන ලදුව, උන්වහන්සේම ඔහුට දුන්නාවූ ගල් ලෑලී ඔහු කඩා දැමුවේය". පරණ ගිවිසුමේ පුද්ගලයන් මෙන්, ඔවුන්, ඔවුන්ගේ ජීවිතයේ ඇති සෑම පාපයකටම නිදහසට කාරණයක් සොයා ගනිති. නමුත් යේසුස් වහන්සේ කිසි දිනෙක කේන්ති ගෙන තිබේද? හෝ කිසිම දෙයක් කඩා බිඳ දමා තිබුණු සේක්ද? යේසුස් වහන්සේ කිසි දිනෙක පසුබටවී දේවදාර ගසක් යට වාඩිවී සිටි සේක්ද?. යේසුස් වහන්සේ කවර දිනෙකවත් කාමමිථ්‍යාචාරය කළ සේක්ද? නැත.
පරණ ගිවිසුමේ කිතුණුවන් ඔවුන්ගේ දිවීම දුවන්නේ, මෝසස්, දාවිත්, සහ එලියා උදාහරණයට ගනිමින් වන අතර, අලුත් ගිවිසුමේ කිතුණුවන් ඔවුන්ගේ දිවීම දුවන්නේ, යේසුස් වහන්සේ දෙස බලමින්‍ ය. කෙසේ වුවද පරණ ගිවිසුමේ කිතුණුවන්, (පරණ ගිවිසුම තුළ තවමත් ජීවත්වන කිතුණුවන්) මෝසස් මෙන් පරාර්ථකාමි ලෙස අනුන් සඳහා යාච්ඤා කිරීම යනාදියද, එලියා සියල්ල අතහැර මුළු හදවතින්ම දෙවියන් වහන්සේගේ මුහුණ ඉදිරියේ සිටීමද, යනාදි දේ උදාහරණයක් ලෙස අනුගමනය නොකරති. ඔවුන් මෙම මනුෂ්‍යයන් දෙස බලන්නේ ඔවුන්ගේ පාපවලට නිදහසට කරුණක් සොයා ගැනිමට පමණි.
ශුද්ධ වූ බයිබලය ලියා තිබෙන්නේ, පාපයෙන් අපව ගලවා ගැනීම සඳහාය. නමුත් ඔබ එය කියවන්නේ ඔබගේ පාපවලට නිදහසට කරුණක් සොයා ගැනීමට නම් දෙවියන් වහන්සේ ඔබව මුළාව යාමට ඉඩ හරින සේක. ඔබගේ කේන්තිය හෝ ඔබගේ කාමමිථ්‍යාචාරය හෝ ඔබගේ පසුබට වීම යනාදිය සඳහා නිදහසට කරුණු සෙවීමට දේව වචනය වෙත නොයන්න. අලුත් ගිවිසුම අපට ගෙනහැර දක්වන්නේ,යේසුස් වහන්සේගේ ජීවිතය වන අතර අපටද එයට පංගුකාරයන් වන ලෙසටය. - උන්වහන්සේ කිසිදාකවත් පසුබට නොවූසේක, කේන්ති නොගත් සේක සහ අපවිත්‍රව නොසිටි සේක -. මෙතැන් පටන් මෙ අකාරයෙන් අලුත් ගිවිසුම දෙස බැලීම සඳහා ඔබ සියලු දෙනා ධෛර්‍යය කිරීමට අවශ්‍ය ය. ("අපි සියල්ලෝද මුහුණ වැස්මක් නැතුව, ස්වාමීන් වහන්සේගේ තේජස කැඩපතකින් මෙන් දක්වමින්, ආත්මයාණන් වහන්සේ වන ස්වාමීන් වහන්සේ කෙරෙන් තේජසින් තේජසට එම ස්වරූපයට වෙනස් කරනු ලබමුව" - 2කොරින්ති 3:18 -).
යොහාන් බව්තිස්ත සිරගත කළ විට දි ඔහු දෙවියන් වහන්සේව සැක කරන ලදී. නමුත් රෝම සොල්දාදුවන් විසින් යේසුස් වහන්සේ අල්ලා ගත් විට,යේසුස් වහන්සේ කළේ කුමක්ද? එම මොහොතේදීම, උන්වන්සේ නිදහස් කර ගැනීම සඳහා, දේව දූතයන් 72,000 කට හඬ ගැසීමට, උන්වහන්සේට හැකියාව තිබූ බව යේසුස් වහන්සේ පැවසූ සේක. නමුත් උන්වහන්සේ එය සිදු නොකළ සේක. එසේම යේසුස් වහන්සේ යොහාන් බවුතිස්ත වෙත මෙම පණීවිඩය යැවූ සේක. "නුඹලා අසන දකින දේ නුඹලා ගොස් යොහාන්ට දන්වා පල්ලා. අන්ධයෝ පෙනීම ලබති, කොරුන් ඇවිදිති, බිහිරන්ට ඇසෙති, මළාහු නැගිටිති , දිළිදුන්ට ශුභාරංචිය ප්‍රකාශ කරනු ලැබේ" (ශු: මතෙව් 11:4-5). අලුත් ගිවිසුමේ යහපත් පණිවිඩය නම්, පාපයෙන් ගලවා ගැනීම මිස හෙරොද් හෝ සීසර් හෝ පරිසිවරුන් හෝ ඝාතනය කරමින් සිරගෙවලින් ගලවා ගැනීම නොවේය. අපට හොඳ යැයි දෙවියන් වහන්සේ අනුමැතිය දුන් ඕනැම දෙයක් අප භාරගත යුතුය.

ඒ කෙසේ නමුත් ; අලුත් ගිවිසුම යටතේ අද අපට ලබා ගත හැකි ශුද්ධාත්මයාණන් වහන්සේ සමග ජීවත් වීම නොලද යොහාන් බව්තිස්තගේ සැකයන් ගැන අප අතරින් කිසිවකු විසින් ඔහුට දෝෂාරෝපණය කළ නොහැක. ඔහු සිටියේ අනුග්‍රහය යටතේ නොවේය. නමුත් ව්‍යවස්ථාව යටතේය. ශුද්ධාත්මයෙන් පිරී ඇතැයි යන සුදුසුකම කියාපාන නමුත්, පාපය සහ සැකය විසින් පරාජය කළ ජීවිත සහිතව ජීවත් වන කිතුණුවන් ගැන අපි කුමක් කියමුද?
යේසුස් වහන්සේ ප්‍රසිද්ධියේම මිනිසුන්ව අගය කිරීම ගැන පැහැදිළි ලෙස සඳහන් වන අලංකාර නිදසුනක් මෙහිදී අපට දැක ගත හැක. "සැබවක් නුඹලාට කියමි, ස්ත්‍රීන්ගෙන් උපන්නාවුන් අතරින් යොහාන් බව්තිස්තට වඩා උතුම් කෙනෙක් නොනැගිටුනේය" (ශු: මතෙව් 11:11) යයි උන්වහන්සේ පැවසු සේක. යේසුස් වහන්සේට අනුව, උන්වහන්සේට පෙර උපන්නාවු උතුම්ම මනුෂ්‍යයා කවරුන් විය හැකිද? එය යොහාන් බව්තිස්ත මිස සමහර කිතුණුවන් සිතන පරිදි යේසුස් වහන්සේගේ මව වන මරිය තුමිය නොවේය!! මරිය තුමීට ඉතා උසස් ලෙස ආදර ගෞරව දක්වන අය, ඊටත් වඩා වැඩියෙන් යොහාන් බව්තිස්තට ඉතා උසස් ලෙස ආදර ගෞරව දැක්විය යුතුය.!!
"නමුත් ස්වර්ග රාජ්‍යයේ කුඩා තැනැත්තේ ඔහුට වඩා උතුම්‍ය" යයි යේසුස් වහන්සේ පැවසු සේක (ශු:මතෙව් 11:11). එහි අර්ථය වනුයේ, අලුත් ගිවිසුමට ඇතුල්වූ කුඩාම තැනැත්තා, යොහාන් ඇසුවාක් මෙන්, "ස්වාමිනි, මාව නිදහස් නොකරන්නේ මන්ද?" වැනි ප්‍රශ්න නොඅසන නිසාය. ඔහුගේ යහපත පිණිස, සියල්ල දෙවියන් වහන්සේ කරන බව ඔහු දැන ගනු ඇත. අද ඔබගේ නිදසුන වනුයේ කවුද? අපට අනුගමනය කල හැකි බොහෝ හොඳ ගුණාංගයන් , ආබ්‍රහම්, මෝසස්, එලියා සහ යොහාන් බව්තිස්ත තුළ ඇත. නමුත් අප, ඔවුන්ගේ පරාජිත දේවල් අනුගමනය නොකල යුතුය. අද දවසේ අපගේ එකම පරමාදර්ශය විය යුත්තේ යේසුස් වහන්සේම පමණි. ශු: මතෙව් 11:12 තුළදී, "ස්වර්ග රාජ්‍ය බලයෙන් ගනු ලැබේ, බලහත්කාර කරන්නන් ඒක බලයෙන් අල්ලා ගනිති" යයි යේසුස් වහන්සේ පැවසූ සේක. බලහත්කාරකම් කරන මනුෂ්‍යයා යන්නෙහි අර්ථය කුමක් විය හැකිද? බාහිරව, කිතුණුවන් සෑම විටම සමාදානයේ මනුෂ්‍යයන් විය යුතුය. නමුත් ඇතුළාන්තයෙන්, ස්වාමින් වහන්සේගේ මාර්ගය අනුව යන විට, තිබෙන බාධක ඔහු බලහත්කාරයෙන් ඉවත් කළ යුතුය. මාංශයේ ආශාවන්ට එදිරවද, පාපයට සහ සාතන්ට එරෙහිවද, ඔහු ශක්තිමත්ව නැගී සිටිය යුතුය. එවැනි අයට පමණක් රාජ්‍යයට සහ අලුත් ගිවිසුමට ඇතුල් වීම, හිමිව තිබේ. ඔබ පූර්ණ හදවතින්ම නොසිටින්නේ නම්, යෙසුස් වහන්සේගේ ගෝලයකු වීමට ඔබට නොහැකි වන අතර, ස්වර්ග රාජ්‍යය ද හිමිකර ගත නොහැකිය. මෙසේ මුළු හදවතින්ම දෙවියන් වහන්සේට ප්‍රේම කිරීමට සෑම සම්බන්දයකටම එදිරිව ඔබ බලහත්කාර කම් නොකරන්නේ නම්, - දෙමව්පියන් සමඟ තිබෙන බැඳීම වුවත්, ඔබගේ මුදල් වලට තිබෙන බැඳීම වුවත්, ඔබගේ රැකියාවට තිබෙන බැඳීම වුවත්, ප්‍රේමවන්තියට තිබෙන බැඳීම වුවත් හෝ තවත් එවැනි දේ වුවත් - ඔබ තුන්වන මට්ටමේ සාමන්‍ය කිතුණුවකු ලෙස පවතිනු ලබන අතර, පරණ ගිවිසුමේ ඉශ්‍රාලිතයෙකුට වඩා හොඳ වන්නේ නැත, මක්නිසාද ඔබගේ මනස පොළොවේ දේවල් සමග බැඳී ඇත්තේ ඔවුන්ගේ (පරණ ගිවිසුමේ ඉශ්‍රාලිතයන්) මෙනි. ස්වාමින් වහන්සේ බලා සිටින්නේ අපව අලුත් ගිවිසුමට ඔසවා තැබීමටය-ස්වර්ගීය මානසිකත්වයකටය.

break

මතෙව්: එලිදරව්ව සහ නිවාඩුව​​​

එවිට යේසුස් වහන්සේ උත්තර දෙමින්; "ස්වර්ගයටත් පොළොවටත් ස්වාමි වූ පියාණෙනි, ඔබවහන්සේ ප්‍රඥාවන්තයන්ගෙන් ද තේරුම් ඇත්තන්ගෙන් ද මෙම කාරණා සඟවා ළදරුවන්ට එළිදරව් කළ බැවින් ඔබට ස්තූති කරමි" යි කීසේක (ශු:මතෙව් 11:25). දෙවියන් වහන්සේ විසින් අලුත් ගිවිසුමේ ඇති මහත් සත්‍යයන් සඟවා ඇති සේක. ඔබට මේවා අධ්‍යයනය තුලින් සොයා ගත නොහැක. ලොවෙහි තිබෙන සෑම විවරණයක්ම ඔබට කියවිය හැකි නමුත්, මේවා ඔබට හමු නොවනු ඇත. මක්නිසාද ප්‍රඥාවන්තයින්ගෙන් සහ උගතුන්ගෙන් මේවා සඟවා ඇති නිසාය. ඔබට එළිදරව් අවශ්‍ය වන අතර දෙවියන් වහන්සේ ඒවා දෙනු ලබන්නේ කුඩා දරුවන් වැනි අයට පමණි. එනම් පවිත්‍ර හදවත් ඇත්තන්ට වන අතර ඔවුන් නුවණක්කාරයන් වුවත් නැතත් කම් නැත. ප්‍රඥාව අපට දී තිබුණේ වුවත් දෙවියන් වහන්සේගේ රාජ්‍යය තුළ එය අපට වාසියක් ගෙන නොදේ. පවිත්‍ර හදවත දෙවියන් වහන්සේගේ එළිදරව් ලබා ගනු ඇත.
දරුවන් හටත් ඉගැන්විය හැක. කුඩා දරුවකු අඥාන (නූගත්) විය හැකි නමුත් එම නූගත් කම ගැන සතුටින් එත්තු ගනු ඇත. නිදසුනක් ලෙස, ඔහු ඔහුගේ පියාගෙන් අසන්නේ, "තාත්තේ, පාරවල් මත කහ ඉරි ඇඳ ඇත්තේ ඇයි?" ප්‍රවාහන පහසුව සඳහා මාර්ග වල මෙසේ ඉරි ඇඳ ඇති බව වැඩිහිටි අපි දනිමු. කුඩා දරුවකු, මෙවැනි ඉතා කුඩා දෙයක් වුවත් දන්නේ නැත. ඉතා සුළු ඇදිහිලිවන්තයන් ප්‍රමාණයක් එම අයුරින් ශුද්ධාත්මයාණන් වහන්සේ වෙත පැමිණ පවසනුයේ "ස්වාමිනි, ඔබවවහන්සේ මෙම පොත ලියා ඇත. මෙහි අර්ථය කුමක්ද? ආත්මික දේවල් ගැන මම අඥානයෙක්මි. කරුණාකර මට එය පහදා දුන මැනව ". අලුත් ගිවිසුම තුළ අපට ශුද්ධාත්මයෙන් පිරීමේ භාග්‍ය ඇති අතර, උන්වහන්සේම ලියූ ශුද්ධ වචනය උන්වහන්සේ කරණකොටගෙනම අපට ඉගෙන ගත හැකිය.
ක්‍රිස්තුස් වහන්සේ සභාව තුළ ගුරුවරුන් පත් කරන සේක. නමුත් එම ගුරුවරුන්ට ඇහුම්කන් දෙමින් සිටින ඔබ ඔවුන්ගෙන් ලබා ගන්නා දේ පමනින්ම සෑහීමට පත්වන්නේනම් ඔබ දෙවියන් වහන්සේව දැන ගන්නේම නැත. ඔවුන් ඔබට උගන්වන්නාවූ දේවල් සත්‍ය විය හැකිය. නමුත් ඔබ එය ඔවුන්ගෙන් ලබා ගන්නේ දෙවන අත් දැනුම ලෙසය. එම ඔබ ලැබූ දෑ, ස්වාමින් වහන්සේ වෙත ගෙන ගොස් "ස්වාමිනි, මා උදෙසා මෙය මුල් වරට අත් දැනුම කළ මැනව. මෙය මාගේම අත් දැකීම කළ මැනවි " කියා පවසන්න. එවිට මෙම සත්‍යයන් සදහටම ඔබගේම වනු ඇත. ඔබ එසේ නොකළේ නම්, එවිට ඔබ ලැබූ එම සත්‍යය ස්වර්ගයෙන් වූවද, පිළුණු වී යනු ඇත. පැය 24 ක් තුළ ස්වර්ගයෙන් එවූ මන්නා වලින් පණුවන් ඉපැද්දුවා සේය. නමුත් අති ශුද්ධස්ථානයේ දෙවියන් වහන්සේ ඉදිරියේ තැබූ මන්නා සෑම වේලෙහිදීම නැවුම්ව තිබුණි.
ශු:මතෙව් 11:28 හි යේසුස් වහන්සේ; "වෙහෙස වන්නාවු, බර උසුලන්නාවු සියල්ලෙනි, මා වෙතට වරෙල්ලා, මම නුඹලාට සහනය දෙමි"යයි පැවසූ සේක. මෙය පරණ ගිවිසුමේ සබත සම්පූර්ණ කිරීමකි. අලුත් ගිවිසුමේ සබත, භෞතික නිවාඩු දිනයක් නොවේය. නමුත් යේසුස් වහන්සේ අපට දී තිබෙන්නේ ඇතුළාන්ත නිවාඩුවකි. උන්වහන්සේ පළමුකොටම මෙය දෙනු ලබන්නේ, උන්වහන්සේ වෙත පැමිණි, තමන් වෙහෙසට පත්ව සහ බර උසුලමින් සිටින බව වටහා ගත් අයටය. මා වෙත පැමිණෙන අය මට පවසනු ලබන්නේ "සැක් සහෝදරය, මට ඔබගේ සභාවට සම්බන්ධ වීමට අවශ්‍යය". අපගේ සභාවට සම්බන්ධ වන්නට උවමනා වන්නේ ඇයි දැයි මම ඔවුන්ගෙන් පෙරළා අසමි. එවිට ඔවුන් පිළිතුරු දෙමින්, "මක්නිසාද, මම දැනට සිටින සභාව කෙරෙහි වෙහෙසට පත්ව එය එපා වී සිටිමි". එවිට මම පවසන්නේ "ඔබ දැනට සහභාගි වන සභාව එපාවී විඩාවට පත්වී ඇත්නම්, ටික දිනකට පසු, ඔබ අප ගැන එපාවී විඩාවට පත් වනු ඇත. එනිසා අපට සම්බන්ධ නොවන්න". සැබවින්ම අපි අප ගැනම එපාවූ සහ විඩාවට පත්වු මිනිසුන් සමූහයක් මිස, අන් අය ගැන එපා වී හෝ විඩාවට පත් වී නොවේය. ඔබට ඔබවම එපා වී සහ ඔබ ගැනම විඩාවට පත් වූවෙක් නම්, එවිට ඔබට අප හා සම්බන්ධ වීමට ආදරයෙන් ආරාධනා කර සිටිමු. එවිට චමත්කාර, එකමුතු සහභාගිත්වයක් අපට ලැබෙනු ඇත.
බොහෝ සභා පාලක වරුන්, නියත ලෙසම බලාපොරොත්තු වන්නේ ඔවුන්ගේ සභාවල සභිකයන් ගණන වැඩී කර ගැනීම ගැනය. නමුත් යේසුස් වහන්සේ උන්වහන්සේ වෙත ආරධනා කරනු ලැබුවේ තමුන්ගේ පරාජිත වූ ජීවිත ගැන එපාවූ සහ විඩාව ට පත් වූ අයට පමණි. ඔබ ඔබගේ මානසීක පීඩනය, අපැහැදිලි ජීවිතය සහ පරාජිතවූ පවුල් ජීවිතය ගැන එපා වී සහ පසුබට වී සිටින්නේද ? ඔබගේ සේවය තුළ ආලේපය සහ නැවුම් බවේ හිඟකම් ගැන විඩාවට පත්ව ඇත්ද? එවිට ස්වාමින් වහන්සේ ආරාධනා කරමින් පවසනුයේ, "මා වෙතට පැමිණෙන්න, මම නුඹට සහනය දෙමි" යි යනුවෙනි.
ඔබ, සැමදාම කැලඹිල්ලෙන් හෝ සිත් තැවුලෙන් සිටීම දෙවියන් වහන්සේගේ කැමැත්ත නොවේය. දවසේ පැය 24 පුරාම වුවද, සතියේ දින 7ම වුවද, අවුරුද්දේ සති 52 ම වුවද, අප වටා කුමක් වුවද, උන්වහන්සේට අවශ්‍ය වනුයේ අපට සහනය දීමටය. නමුත් එවැනි ජීවිතයක් ඇතිව ජීවත් විය හැක්කේ පළමුකොටම අපගේ පරාජිත තත්වය වටහා ගතහොත් පමණක් වන අතර, අපි ස්වාමින් වහන්සේ වෙත පැමිණ "ස්වාමිනි, කුමක් වුවත්, සබත් නිවාඩුව මට දුන මැනව" යයි පවසමු.
ශු:මතෙව් 11:29 හි යේසුස් වහන්සේ: "මම සිතින් මෘදුව යටහත්ව සිටින බැවින් මාගේ විය ගහ නුඹලා පිටට ගෙන මාගෙන් ඉගෙන ගනිල්ලා" යයි පැවසු සේක. ගෝලයා ආධුනිකයෙකි. ඔහු ඉගැන්විය හැකි ළමයෙකු ලෙස යේසුස් වහන්සේ වෙත පැමිණෙන්නේ ඉගෙන ගැනීමටය. ස්වාමින් වහන්සේට සියල්ලටම පළමුවෙන් අප හට ඉගැන්වීමට අවශ්‍ය වන්නේ කුමක්ද? බොහෝ අයට අවශ්‍ය වනුයේ දේශනා කරන්නේ කෙසේද, රෝගීන් සුව කරන්නේ කෙසේද සහ අනාවැකි පවසන්නේ කෙසේද යන්න ඉගෙන ගැනීමටය. නමුත් ස්වාමින් වහන්සේ කැමති වන්නේ සියල්ලටම පළමුවෙන් අප උන්වහන්සේගෙන් මෘදුකම සහ යටහත්කම ඉගෙන ගැනිමටය. ඇත්ත වශයෙන්ම උන්වහන්සේ වෙත ඉගෙනීමට පැමිණෙන ඕනෑම අයෙකුගෙන් උන්වහන්සේ සෑමවිටම අසන්නේ මෙම කාරණා දෙක ගැන පමණි. නමුත් බොහෝ කිතුණුවන් මෙම යහපත්වූ ගුණාංගයන් දෙක ඉගෙන ගැනීමට මහත් ඕනෑ කමක් දක්වන්නේ නැත. උන්වහන්සේගේ සබත් නිවාඩුව ගැන ඔවුන්ට අත් දැකීම් නැත්තේ ඒ නිසාය.
සඵලවත් වූ සේවයක් ඇති ආලේපිත දේව දාසයකු ඔබ දකින විට, ඔවුන්ගේ එවැනි සේවය ගැන ඔබටත් මහත් ආශාවක් ඇති වනු ඇත. නමුත් ඔහුගේ එම සේවය අනුගමනය කිරීම වැරදි දෙයකි. ඔබ මුලින්ම අනුගමනය කළ යුත්තේ ඔහුගේ දේව භක්තික ජීවිතයයි.
ස්වාමින් වහන්සේ, අපව කැඳවනු ලබන්නේ මනුෂ්‍යයන් ගළවා ගැනීමට හෝ උන්වහන්සේගේ සභාවේ ගුරුවරුන් වීමට විය හැකිය. නමුත් උන්වහන්සේට පළමුකොටම අවශ්‍ය වනුයේ, අප හට ජීවිත "සහනයක්" ලබා දීමටය. අපගේම හදවත් තුළ අපට සහනයක් නොමැති නම්, අපට අප ගැනම බොහෝ ගැටළු ඇතිවන අතර අනිත් අයටද ප්‍රශ්න ඇති කරනු ඇත.
යේසුස් වහන්සේ, මෙම නිවාඩුව ගැන ප්‍රකාශ කළ පසුව, ඉක්මනින්ම උන්වහන්සේ සබත ගැන යුදෙව්වන්ගේ වැරදි වැටහීම බිඳ හෙලමින් යෑම සුවිශේෂය(ශු:මතෙව් 12:1-3). පළමුව උන්වහන්සේගේ ගෝලයන් සබත් දින, ධාන්‍ය කරල් කඩා ගත් විට පරිසිවරු ඒ ගැන ප්‍රශ්ණ කළහ. ක්‍ෂණයකින්ම යේසුස් වහන්සේ, දාවිත් සහ ලෙවි පූජකයන්ගේ නිදසුනක් උපුටා දක්වමින් ගෝලයන් ආරක්‍ෂා කළ සේක. (ශු:මතෙව් 12:1-8). එවිට උන්වහන්සේ සබත් දින සිනගෝගය තුළ රෝගියකු සුව කළ අතර, "නුඹලා අතරෙන් එක බැටළුවෙක් ඇති කොයි මනුෂ්‍යකු නමුත්, ඒකා සබත් දින වළක වැටුණොත්, ඌ අල්ලා ගොඩට ගන්නේ නැත්ද? එසේ වී නම් බැටළුවෙකුට වඩා මනුෂ්‍යයකු කොපමණ උතුම්ද?" (ශු:මතෙව් 12:9-13) යයි පවසමින්, පරිසිවරුන්ගේ දොස් තැබීම නැවැත්වූ සේක. තදින්ම නීතිගරුක මිනිසුන්ට පටු මානසිකත්වයක් ඇති අතර ඔවුන් ආත්‍මාර්ථකාමින් ය. ඔවුන්, ඔවුන් ගැනම හොඳින් සැලකිලිමත් වන අතර අනුන්ගේ දුක් විඳීම සහ හිඟකම මහත්සේ නොසලකා හරිති.
ශු:මතෙව් 12:24,31,32 හි පරිසිවරුන්, යේසුස් වහන්සේ, යක්‍ෂාධිපතිවූ බෙල්සෙබූබ් කරණකොට ගෙන යක්‍ෂයන් දුරු කරති යි කීවෝය. යේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, "යමෙක් මනුෂ්‍ය පුත්‍රයාට විරුද්ධව වචනයක් කියන්නේද, එය ඔහුට කමා කරනු ලබන්නේය" යි පැවසූ සේක. "ඔබ එම ස්ත්‍රිය විවාහ කර ගත්තේ මන්ද?" යි මීරියම් මෝසස්ට දෝෂාරෝපණය කළ විට, ඇය කුෂ්ඨ රෝගියක වූවාය (දෙවියන් වහන්සේගේ විනිශ්චයට ලක්ව). නමුත් පරිසිවරුන්, යේසුස් වහන්සේ සාතන් සමඟ සම්බන්ධතාවයක් ඇතැයි දෝෂාරෝපණය කළ විටදී ඔවුන්ට සමාව ලැබුනේය!!. පරණ ගිවිසුම හා අලුත් ගිවිසුම අතර වෙනස එයයි. ආබෙල්ගේ ලෙය විනිශ්චය සඳහා මොර ගැසුවේය. යේසුස් වහන්සේගේ ලෙය කරුණාව සඳහා මොර ගසන්නේය(හේබ්‍රේව් 12:24). ඔබට පීඩා කළවුන් ගැන දෙවියන් වහන්සේගේ විනිශ්චය අවශ්‍ය වේ නම්, තවම ඔබ ජීවත් වන්නේ පරණ ගිවිසුම යටතේය. නමුත් දෙවියන් වහන්සේ ඔවුන්ට සමාව දීම ඔබට අවශ්‍ය නම්, එසේ නම් ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයෙකි.
ශු;මතෙව්:12:36-37 තුළදී, යේසුස් වහන්සේ ඉගැන්වූයේ අපගේ කථාවේ වැදගත් කමයි. "මනුෂ්‍යයා කියන්නාවු සියලු නිශ්ඵල වචන ගැන විනිශ්චය දවසේදී උත්තර දෙන්නට වන්නේය". ලොව නන් දෙස සිටින ඇඳහිලිවතුන් ගැන අවුරුදු 50 කටත් වඩා සොයා බැලුව පසුව, මට හැඟී ගියේ, 95% ක් වූ ඇඳහිලිවතුන්, යේසුස් වහන්සේ පැවසූ එම වචන විශ්වාස නොකරන බවයි. ඔවුන් නිරතුරුවම පැවසු සෑම නිශ්ඵල වචනයක් ගැනම දෙවියන් වහන්සේට උත්තර දෙන්නට (ගණන් දෙන්නට) සිදු වන බව ඔවුන් විශ්වාස නොකරති. අනුන්ට දුෂ්ඨ වචන පවසමින්, ප්‍රලාප පවසමින්, ඕපාදූප පවසමින්, අශික්කිත විහිළු පැවසීම යනාදී දේ කිරීම ඔවුන් දිගටම පවත්වා ගෙන යන්නේ ඒ නිසාය. ඔවුන් ගේ විහිළු වලිනුත් ඔවුන් අනුන්ට රිදවති. සිනහව උපදවන සරදම (හා‍‍ස්‍යය) හොඳ දෙයකි. නමුත් සිනහව උපදවන ඒ සරදමින් අනුන්ට රිදවන්නේ නම් එය අභක්තික කමකි. සරදම නිසා ඔබට ප්‍රසිද්ධියක් ලබා ගත හැක. නොසැලකිලිමත්ව (වැරදි සහිතව) ඔබ පවසන එක වචනයක් වුවද, විනිශ්චය දවසේ දී ඔබට ගණන් දීමට (උත්තර දීමට) සිදුවනු ඇත.
මේතාක් අප පැවසූ සෑම වචනයකම තොරතුරු අඩංගු සටහනක් (වාර්ථාවක්) දෙවියන් වහන්සේ සතුව තිබෙන බව බොහෝ අය විශ්වාස නොකරති. එය අපගේම මතකයේ සටහන් කර තබා ඇත. අප උපන්දා සිටම ක්‍රියාත්මක වෙමින් පවතින පටිගත වන පටියක් අපගේ මතකය තුළ ඇත. එය නියම ලෙසින් පරිඝනකයක ඇති, පරිඝනක මතකය මෙන්, අපගේ සෑම සිතුවිලි, වචන සහ ක්‍රියාවන් එහි පටිගත කර ඇත.
විනිශ්චය දිනයේදි, දෙවියන් වහන්සේ විසින්, දැක ගන්නා පිණිස එම සියලු දේ විදහා පෙන්වන (ප්‍රදර්ශනය කර පෙන්වන) සේක. ඔබ දේව වචනය විශ්වාස කරන්නේ නම්, ඔබගේ කථාව ගැන ප්‍රවේසම් සහිත විය යුතුය.
අපි සියල්ලෝම, ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨ කරනු ලබන බව විශ්වාස කරමු. එය ශුද්ධ ලියවිල්ලෙහි ඇත. නමුත් ඔබ සමබර කිතුණුවකු නම්, ක්‍රියාවන් තුලින් ද ධර්මිෂ්ඨ කරනු ලැබීම විශ්වාස කරනු ඇත. මන්ද එයද ශුද්ධ ලියවිල්ලෙහි අඩංගුව ඇත. රෝම 4හි කියනුයේ ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨ කිරීම ගැනය. නමුත් ක්‍රියා නොමැති ඇදහිල්ල මැරී තිබේ. ඒ නිසා යාකොබ් 2 හි පවසනුයේ ක්‍රියාවලින් ධර්මිෂ්ඨ කිරීම ගැනය. එනම් ඇදහිල්ලේ ක්‍රියාවන්‍ ය. මෙහි ශු:මතෙව් 12:37 හි අවසාන දිනයේදි අපගේ නිදහස් කිරීම හෝ වරදට පත් කරනු ලැබීම සිදුවන්නේ අපම කියූ වචන වලින් බව යේසුස් වහන්සේ පැවසූ සේක. විනිශ්චය දිනයේදි ඔබ විසින් පවසනු ලැබූ වචන, ඔබගේ මතකය මගින් ආවර්ජනය කරන විට, ඔබ, නිදොස් වෙයිද හෝ වරදට පත් වෙයිද? එය දැන්ම අප ඉතා සැලකිල්ලෙන් බැලිය යුතුම ප්‍රශ්ණයකි - ප්‍රමාද වීමට ප්‍රථම -.
අලුත් ගිවිසුම තුළ දී අපට තිබිය යුත්තේ ගිනි වැනි වූ දිව්‍ ය. පෙන්තකොස්ත දිනයේදි ගිනි වැනි දිව් මනුෂ්‍යයන් පිටට පැමිණුනේය. මෙයින් හඟවන්නේ ශුද්ධාත්මයාණන් වහන්සේගේ ස්ථාවර පාලනයට යටත් වු දිව්‍ ලැබීමය. බොහෝ කිතුණුවන් අන්‍යභාෂාව මෙය යයි වරදවා වටහා ගනිති. එය ඊට වඩා එහා ගිය දෙයකි. එම ගිනි දිව් සෑම විටම ශුද්ධාත්මයාණන් වහන්සේට යටත්වු දිව්‍ ය. බොහෝ අය ශුද්ධාත්මයාණන් වහන්සේගේ මග පෙන්වීමෙන් අන්‍යභාෂාව කථා කරති. ඉන්පසු ඔවුන් සාතන් ගේ මග පෙන්වීම මත ඔවුන් ගේ මව් භාෂාවෙන් කථා කරති. ශුද්ධාත්මයාණන් වහන්සේ මා හට අන්‍යභාෂාව කථා කිරිමේ දීමනාව පමණක්ම නොදී එයටත් වඩා මා දන්නාවු භාෂාවන් මනා පාලනයකින් යුතුව කථා කිරීමට දුන්නා වූ හැකියාව ගැන ස්තුති කරමි. පරණ ගිවිසුම තුළදී ඔවුන්ට, ඔවුන් ගේ දිව පාලනය කර ගැනීමට නොහැකි විය. මක්නිසාද ශුද්ධාත්මයාණන් වහන්සේ ඔවුන් තුළ වාසය කළේ නැති නිසාය. නමුත් අද අපට ඉහළ තලයක ජීවත් විය හැක.
ශු:මතෙව් 12:40 හිදී, යේසුස් වහන්සේ: යෝනා, පුරා රෑ දහවල් 3 ක්ම විශාල මත්සයකුගේ බඩ තුළ සිටීම ගැන ගෙන හැර දැක්වූ සේක. එවිට යේසුස් වහන්සේ "මනුෂ්‍ය පුත්‍රයා ද පොළෝ ගැබේ දහවල් 3 ක්ද රැය 3 ක්ද සිටින්නේය "යයි පැවසූ සේක. යේසුස් වහන්සේ මිය ගිය විට, උන්වහන්සේ ක්‍ෂණයකින්ම පාරාදීසියට පැමිණි සේක (එම කාලයේ එය පිහිටා තිබුනේ පොළොව මධ්‍යයේය). එහිදී, ඊට ටික වෙලාවකට පසුව ගැළවුනාවු සොරාද උන්වහන්සේ සමඟ එකතු වුනේය. යේසුස් වහන්සේගේ මෘත ශරිරය පමණක් ලෙන් ගුහාව තුළ තිබුණි (යේසුස් වහන්සේ ඔසවා ගන්නා විට, උන්වහන්සේ පාරාදීසිය, උන්වන්සේ සමඟ තුන්වන ස්වර්ගයට රැගෙන ගිය සේක). පාස්කු දිනයේ සවස 3 වන පැයේ දී යේසුස් වහන්සේ මිය ගිය සේක. එම අවුරුද්දේ එම පාස්කුව වැටි තිබුනේ බ්‍රහස්පතින්දාට මිස සිකුරාදා (සාමාන්‍යයෙන් විශ්වාස කරන පරිදි) නොවේය. පසු දින සිකුරාදා නුමුහුන් රොටී මංගල්‍යයේ පළමු දිනය විය. මෙය "විශේෂ සබත් දිනක්" ය (ඒ සබත් දවස මහත් සබත් දවසක්‍ ය) - ශු:යොහාන් 19:31 බලන්න -. ඊට පසු දින සති සබත් දින විය. ඒ නිසා යේසුස් වහන්සේගේ කුරුසපත් දිනට පසුව පිට පිට පැමිණෙන සබත් දෙකක් විය. ඉරිදා උදෑසන පමණක් යේසුස් වහන්සේව ආලේප ගැල්වීම සඳහා එම කාන්තාවන්ට යන්නට හැකි වූයේ ඒ නිසාය. යෝනා මහා මත්සයාගේ බඩේ පණපිටින් සිටිය ආකාරයටම, යේසුස් වහන්සේත් පණපිටින් පොළොව මධ්‍යයේ දහවල් 3 ක්ද රාත්‍රි 3 ක්ද සිටි සේක. ඉන්පසු උන්වහන්සේ, උන්වහන්සේගේම ශරීරය තුළට නැවත පැමිණ " මළවුන් ගෙන් නැගිටුණු සේක".

break

මතෙව්: ස්වර්ග රාජ්‍යයේ උපමා හත​​​

ශු:මතෙව් 13:1-52 තුළ යේසුස් වහන්සේ විසින් පවසන ලද උපමා 7 ක් ගැන අපි කියවන්නෙමු. මේවා ස්වර්ග රාජ්‍යයේ උපමා යයි කියනු ලැබේ. පළමුව වපුරන්නාගේ උපමාව වේ. මෙම පරිච්ජේදය පුරාම ස්වර්ග රාජ්‍යය දෙස පිතටස්තරයෙන් බැලීම ගැන යේසුස් වහන්සේ කථා කිරීම සැලකිල්ලෙන් බලන්න. එනම් ලෝකයේ මිනිසුන් "සභාව" දකින අයුරින්‍ය. හොඳ හෝ නරක භූමි සහිත හදවත් ඇති මිනිසුන් ස්වර්ග රාජ්‍ය තුළ සිටින බව යේසුස් වහන්සේ පැවසූවේ එනිසාය. එසේම ස්වර්ග රාජ්‍යය, තිරිඟු සහ කිරිඳි යන දෙවර්ගයම සොයා ගත හැකි කෙතක් මෙන් බව උන්වහන්සේ පැවසූ සේක. කෙත, ලෝකය මිස සභාව නොවන බව උන්වහන්සේ පසුව පහදා දුන් සේක (ශු:මතෙව් 13:38). සමහර කිතුණුවන් මෙම උපමාව වැරදි ලෙස උපුටා ඉදිරිපත් කරමින් පවසන්නේ, "තිරිඟු සහ කිරිඳි දෙවර්ගයම සභාව තුළ වර්ධනය වීමට ඉඩ හැරිය යුතු බව යේසුස් වහන්සේ පැවසු නිසා අපි ඔවුන් වෙන් නොකළ යුතුය. එනිසා අපි, නොගැළවුනාවු සහ ගැළවුනාවු යන දෙගොල්ලෝම සභාව තුළ එකට සිටීමට ඉඩ දිය යුතු වෙමුව" කියාය. ඔවුන් එසේ පවසන්නේ මක්නිසාදයත්, ඔවුන් නිසි ලෙස දේව වචනය කියවා නැති නිසාය. කෙත නම් ලෝකයය. දෙවියන් වහන්සේ, ඇදහිලිවන්තයන් හා නොඇදහිලිවන්තයන්, කෙත නැමති ලෝකය තුළ එකට වැඩෙන්නට ඉඩ දුන්නා මිස සභාව තුළ නොවේය. අප සහභාගිවන්නාවු සභාව තුළ තම පාප ගැන පශ්චත්තාප වුනාවූ ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇදහිල්ලෙන් නැවත උත්පාදනය වී ඇති බව අප සහතික වශයෙන්ම දැන ගත් (මනුෂ්‍ය මට්ටමින් පැහැදිළිව දැකිය හැකි පමණට) අයට පමනක්ම සාමාජිකත්වය ලැබීමේ හැකියාව තිබිය යුතු අතර, අනෙක් අයව පැමින දේශනා ඇසීම සඳහා ආදරයෙන් පිළිගත යුතුය. නමුත් නැවත උත්පාදනය ලබන තුරු අප සහභාගිවන්නාවු සභාව තුළ එනම් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය වන සභාවේ පංගුකාරයෙකු වීමට ඔවුන්ට නොහැකි වන බව අපි ඔවුන්ට තරයේ පැහැදිලි කළ යුතුම වෙමු.
ශු:මතෙව් 13:31,32 හි, සාමාන්‍ය ලෙස වැඩී කුඩා ශාකයක් බවට පමණක් පත්වන අබ ඇටය ගැන උපමාව ඇත. නමුත් මෙම අවස්තාවේදී, එය අසාමාන්‍ය ලෙස වැඩී, මහත් වෘක්‍ෂයක් බවට පත්වේ. මෙම උපමාව, දෙවියන් වහන්සේ අදහස් නොකරන ලෙස දේශීය (යම් ප්‍රදේශයක) සභාවක් (a local church) ගොඩ නැගෙන්නේ කෙසේද යන්න ගැන පැහැදිලි කිරීමකි. එකිනෙකාට ප්‍රේම කරන, එකිනෙකා හඳුනන, තමුන් වාසය කරන ප්‍ර‍දේශය තුළ අන් අය හට දෙවියන් වහන්සේගේ ජීවිතය තම ජීවිත තුළින් පිළිඹිබු කරන්නාවූ සහෝදර සහෝදරියන් කුඩා පිරිසකින් සැදුම් ලත් කුඩා දේශීය සභා (කුඩා අබ පැලයක් මෙන්) ඇති වීම දෙවියන් වහන්සේගේ අදහසය. නමුත් දීමනා ලත් දේශකයන්, මහත් සභා ගොඩ නගන අතර (විශාල වෘක්‍ෂ මෙන්) එය දෙවියන් වහන්සේගේ සැලැස්මට පටහැනිය. සෙනඟ, පාපන්ඳු තරඟ සහ චිත්‍රපටි නැරඹීමට යන මිනිසුන් මෙන්, සභාවට පැමිණෙන්නේ දේශනා ඇසීමට පමණි. ජීවනයට යන මාවත හමුවන්නේ ඉතාම ස්වල්ප දෙනෙකුට පමණක් බව යේසුස් වහන්සේ පැවසූ සේක (ශු:මතෙව් 7:13,14). නමුත්, ශුද්ධකමේ මිම්ම පහතට හෙළමින්, පසුතැවිල්ල, ස්ව කැමැත්ත අත් හැර කුරුසිපත්වූ ජීවිතයකට අවතීරණය වීම ගැන ඇති සියළු ඉගැන්වීම් මග හරිමින්, දක්‍ෂ දේශකයන් හට පහසුවෙන් විශාල පිරිසක් එකතු කර ගත හැකිය. මෙලෙස, ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයන් වීමට කැමැත්තක් නොදක්වන, ඉරිදාවන්ට පමණක් හොඳ දේශනා අසන, බොහෝ සෙනඟක්, කෙනෙකුට රැස් කර ගත හැක. මේ ආකාරයෙන් ඔබගේ සභාවේ සෙනඟ වැඩි කර ගන්නේ නම්, ඊලඟට සිදුවන්නේ කුමක්දැයි යන්න මේ උපමාවෙන් යේසුස් වහන්සේ කියන සේක. ආකාශයේ පක්‍ෂීන් (උන්වහන්සේ ඊට ඉහත උපමාවේ පැවසූ, සාතන්ගේ නියෝජිතයන් ලෙස ගෙන හැර පෑවාවු - ශු:මතෙව් 13:4,19) පැමිණ, වෘක්‍ෂයේ අතු වල වාඩී වන බව පැවසූ සේක. ඒ කෙසේ නමුත් ඔබ ගෝලයන් පමණක් සෑදීමට උත්සුක වන්නේ නම්, ඔබගේ සභාව ප්‍රමාණයෙන් කුඩා වන නමුත් පවිත්‍ර සහ සාතනික බලපෑමෙන් සහ එවැනි බලපෑම් වලින් ගෙනෙන ගැටළු වලින් නිදහස් වනු ඇත.
ශු:මතෙව් 13:33 හි, ස්වර්ග රාජ්‍යය, මුහුන් වලට සමාන බව යේසුස් වහන්සේ පැවසූ සේක. සභා තුළ දූෂ්‍ය වීම, පැතිරෙන්නේ කෙසේදැයි ගැන, මෙය අනාවැකියකි. නැවත නැවතත් යේසුස් වහන්සේ අනතුරු අඟවන්නේ සභාව මුහුණ දෙන තත්වයන් - අයහපත් භූමිය, කිරිඳි, යක්‍ෂයන් සභාව තුළ වාඩි වී සිටීම සහ මුහුන් - යන භයානක තත්වය ගැනය. කිතුණු නායකයකයන් මෙම උපමා ගැන අවධානය යොමු කළේ නම්, ආත්මික මරණයෙන් ඔවුන්ගේ සභාවන් බේරා ගැනීමට ඔවුන්ට හැකි වනු ඇත. එමෙන්ම ඔවුන්ද ගෝලකම ගැන අවධාරනය කරනු ඇත.
ඉන්පසු යේසුස් වහන්සේ ගෝලයකු වීමේ අර්ථය කුමක්දැයි පැහිදිළි කිරීම සඳහා උපමා දෙකකින් කථා කළ සේක. ශු:මතෙව් 13:44 තුළ ස්වර්ග රාජ්‍යය, මිනිසෙකුට සම්භ වූ කෙතක සඟවා තිබූ වස්තුවකට සමාන යයි උන්වහන්සේ පැවසූ සේක. එම මනුෂ්‍යයා තමන් සතු සියල්ල විකුණා එම කෙත මිළදී ගත්තේය. මෙය යේසුස් වහන්සේගේ ගෝලයකු වීම ඉතා මහැඟි දෙයක් නිසා තමන් සතු සියල්ල අත් හැර දෑමීමට කැමති වූ පුද්ගලයකු ගැන රූපාදර්ශයක් වේ. මෙසේ ඔවුන් දෙවියන් වහන්සේගේ රාජ්‍යය හිමි කර ගනිති. දෙවෙනි උපමාවේදී කියනුයේ, තමන් සතු සියල්ල විකුණා, ඉතා අනර්ඝ එකම එක මුතු ඇටයක් මිළදී ගත් මනුෂ්‍යයකු ගැනය. එය එම සත්‍යම අවධාරණය කරයි. මෙම අවස්ථා දෙකෙහිම ඇති "තමා සන්තක සියල්ල" යන වචන කෙරෙහි අවධානය යොමු කරන්න. "තමා සන්තක සියල්ල අත් නාරින කවරෙකුටවත් ගෝලයා වන්නට බැරිය" යයි යේසුස් වහන්සේ පැවසූ සේක (ශු:ලූක් 14:33). ගෝලයකු වීම සහ දෙවියන් වහන්සේගේ රාජ්‍යය හිමි කර ගැනීමට අනුගමනය කළ යුතු එකම මාර්ගය එයයි.
ශු:මතෙව් 13:47-50 තුළදී, යේසුස් වහන්සේ, පොළොවේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය යේ පිටස්තර ප්‍රකාශනය ගැන මත්‍යසයන් දෙවර්ගයක් (හොඳ එවුන් සහ නරක එවුන්) අලලා කථා කළ සේක. ලෝකාන්තිමයේදී දේව දූතයන් පැමිණ ධර්මිෂ්ටයන් කෙරෙන් දුෂ්ටයන් වෙන් කරන්නේය (ශු:මතෙව් 14:49).

ශු:මතෙව් 13:52 තුළදී, බයිබලය ඉගෙන ගන්නා ශිෂ්‍යයන් සඳහා හොඳ වචනයක් අපට ඇත. ලියන්නා යනු, ඉතා ප්‍රවේශම් සහිතව දේව වචනය පරික්‍ෂා කොට දැන ගන්නා තැනැත්තාය. නමුත් මෙහිදී එය පවසන්නේ, ලියන්නා, ගෝලයකු බවට පත් විය යුතු බවයි. එවිට ඔහු දේශනා කරන විටදී, නව සත්‍යයන් මෙන්ම පැරණි සත්‍යයන්ද නැවුම් බවින් යුක්තව ඔහුගේ නිධානයෙන් පිටතට ගෙන ඒමට ඔහුට පුළුවන. ඔබ ලියන්නෙක්වම සිටියහොත් , කෙසේ නමුත් ඔබගේ සේවය මැරී යනු ඇත.
ශු:මතෙව් 14:25-31 යේසුස් වහන්සේ ජලය මත ඇවිදීම අපි දකින්නෙමු. නමුත් මෙහි වඩාත් ආශ්චර්‍ය දේ නම් පේත්‍රැස් ද ජලය මත ඇවිදීමය. මෙය ජයග්‍රාහි ජීවිතයක පූර්වාදර්ශයකි. අපව ජලය මත ඇවිදීමෙන් වළක්වන්නේ කුමක්ද? අපව පහතට ඇද දමන්නේ ගුරුත්වාකර්ශන බලයයි. ගුරුත්වාකර්ශන බලය යේසුස් වහන්සේද පහතට ඇද දැමුවේය. නමුත් දෙවියන් වහන්සේගේ බලයෙන් උන්වහන්සේ ජය ගත් අතර, (එය පරාජය කළ අතර) ජලය මත ඇවිද්ද සේක. ගුරුත්වාකර්ශනය නැතිව හෝ විනාශ වී නොවේය; නමුත් පැරද වීමෙන්‍ ය. පේත්‍රැස්, යේසුස් වහන්සේ දෙස බැලූ තාක්කල් සහ විශ්වාස කෙරූ තාක්කල් පේත්‍රැස්ටද ගුරුත්වාකර්ශන බලය පරාජය කිරිමට හැකි විය. නැතහොත් ස්වල්ප මොහොතකට පසුව වූවා සේ, එය (ගුරුත්වාකර්ශන බලය) ඔහු පරාජය කරනු ඇත.
පාපයේ බලයද ගුර්ත්වාකර්ශන බලය මෙනි. පරික්‍ෂාව නිතරම බලන්නේ අපව පහතට ඇද දැමීමටය. යේසුස් වහන්සේ සියලු ආකාරයෙන්ම අප වාගේ පරික්‍ෂා කරනු ලැබූ සේක (හෙබ්‍රෙව් 4:15). නමුත් දෙවියන් වහන්සේගේ බලයෙන් උන්වහන්සේ, පරික්‍ෂාවෙන් පහතට ඇද දැමීම, පරාජය කළ සේක. එමනිසා උන්වහන්සේ කිසිවිටකත් පව් නොකළසේක. (ශු:මතෙව් 4:1-10). අපි එම බලය උදේසාම උන්වහන්සේ දෙස බලන්නේ නම්, උන්වහන්සේ එය පරාජය කළාක් මෙන්ම අපටද එය පරාජය කළ හැක-නමුත් අපි උන්වහන්සේ දෙස බලමින් සිටින තාක්‍ පමණි(එළිදරව් 3:21;හෙබ්‍රෙව් 12:1,2). ඒ කෙසේ නමුත්, අප අනෙකුත් කිතුණුවන් ජීවත් වන්නාවූ උප සම්මත මට්ටම දෙස බැලුවහොත් හෝ පරණ ගිවිසුමේ මෝසස් හා යෙරමියාගේ නිදසුන් දෙස බැලුවහොත් අපි ජය නොගන්නෙමුව.
"ඇදහිල්ල" ලබා ගැනීම යනු යේසුස් වහන්සේ දෙස බැලීමය. "අනුග්‍රහය" යනු දෙවියන් වහන්සේගේ ස්වභාවෝත්තර බලයයි. මෙසේ අපි මෙම අනුග්‍රහය යටතේ සිටින විට, පාපයට අප කෙරෙහි අධිපතිකම් කළ නොහැක (රෝම 6:14). පේත්‍රැස්, ස්වාමින් වහන්සේ දෙස බැලීමෙන් ඉවත් වූ මොහොතේ දීම ඔහු යට ගියේය - එසේම අපටත් වන්නේය-. අප ගිලෙන්නට යන්නේ නම් කුමක් කළ යුත්තෙමුද? පේත්‍රැස් කළාක් මෙන්‍ම කරමු. ඔහු මොරගසමින් පැවසුවේ "ස්වාමීනි, මා ගැලවුව මැනව" යන්නය. ඔහු මුහුදු පතුලට ලඟා වන තුරු බලා නොසිටියේය. නැත. ගිලෙන්නට පටන් ගන්නා විටදීම ඔහු මොර ගැසුවේය. එනිසා අපත් එසේම කළ යුතුය. පරික්‍ෂාවේ ඇද ගැනීම, ඉතා බලවත් බව දැනගත් මොහොතේ දීම ඔබව ගලවා ගැනීමට, ස්වාමින් වහන්සේට මොර ගැසිය යුතුය. "ස්වාමීනි, මා රාගයට (හෝ ක්‍රෝධයට හෝ වෙන මොනම එකකට හෝ) වැටීමට යන්නෙමි, කරුණාකර මාව ගලවාගත මැනව" යයි පවසන්න. උන්වහන්සේ එම මොහොතේ දීම ඔබට කරුණාව දෙන අතර, නොවැටී සිටින්නටද සලස්වන සේක. "නුඹලා නොපැකිලෙන සේ ආරක්‍ෂා කිරීමට උන්වහන්සේට පුළුවන" (යුදස් 24). මන්ද " යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඊයෙත් අදත්, සදාකාලයටත් ඒකාකරමය" (හෙබ්‍රෙව් 13:8).
ශු:මතෙව් 15:13 දී "මාගේ ස්වර්ගීය පියාණන් වහන්සේ විසින් නොඉන්දු සියලු පැළෑටි උදුරනු ලබන්නේය" යයි යේසුස් වහන්සේ පැවසූ සේක. මෙහි ඇති ගැටළුව, එය හොඳ පැළයක්ද, විශාල පැළයක්ද, අන් අය අගය කළ එකක්ද යන වග නොවේය. ගැටළුව නම් "එය පැළ කළේ කවුද යන්නය. එනම් ඔබද, දෙවියන් වහන්සේද? යන්නය. දෙවියන් වහන්සේගේ වැඩ කිරීම සඳහා අපගේම අනර්ඝ අදහස් අපට තිබිය හැකි අතර, මනුෂ්‍යයන්ගේ ඇසට ප්‍රිය උපදවන යම්කිසි දෙයක් එමගින් නිපදවිය හැක. නමුත් අවසාන දවසේදි මෙය දෙවියන් වහන්සේගේම දෙයක්ද හෝ අපගේම මොළයෙන් නිපදවන ලද දෙයක්දැයි දෙවියන් වහන්සේ විසින් බලනු ලබයි. මෙම ප්‍රකාශයට ඉතා ප්‍රවේශමෙන් ඇහුම්කන් දෙන්න. මෙම විශ්වය තුළ ඇති ඕනැම දෙයක නීත්‍යානුකූල උත්පාදකයා දෙවියන් වහන්සේය. ඔබ හෝ මා විසින් උපද්දවන ලද ඕනෑම දෙයක්, අන්තිම දවසේදි වරදට පත් කොට විනාශයට පත් වනු ඇත. ශුද්ධ බයිබලයේ ඇති පළමු වචන වනුයේ "පටන් ගැන්මේදී දෙවියන් වහන්සේ" යන්නය. අපගේ ජීවිතයේ සෑම තැනකදීම එය විය යුත්තේ එසේය. සදාකාලිකත්වයේ සම්මතයට අනුව ප්‍රයෝජනවත් ජීවිතයක් අපට ජීවත් විය යුතු නම්, අප දෙවියන් වහන්සේට යාච්ඤා කරමින් උන්වහන්සේවෙත රැඳී සිටිමින් ජීවිතයේ සෑම පියවරකදීම උන්වහන්සේගේ මග පෙන්වීම බලපොරොත්තු විය යුත්තේ ඒ නිසාය .
කොතැනක හෝ ගොස්, දෙවියන් වහන්සේට සේවය කිරීම ඔබට තිබිය හැකි හොඳ ආශාවකි. නමුත් එම අදහස හට ගත්තේ කොතනින් ද? කිසිවකු ඔබව යෑමට පොළොඹවනු ලද්දේද? සමහර විට ඔබටම යෑමට උවමනා විය හැකිය. නමුත් උන්වහන්සේගේ කැමැත්ත බලපොරොත්තුවෙන්, ස්වාමින් වහන්සේ දෙස බලා සිටියේද? එම බර උන්වහන්සේගේ නම්, එය සදාකාලික ඵලයක් වනු ඇත. නොඑසේ නම් එය එසේ නොවනු ඇත. යම්කිසිවෙකු විසින් ගොඩ නගන ලදුව, ඔබ දුටු ඒ ආකාරයේ සභාවක් යම්කිසි ස්ථානයක ඔබ ගොඩනගන්නට උත්සාහ කරන්නේද? එය ක්‍රිස්තුස් වහන්සේගේ සභාවක් නොවන අතර එය ඔබගේ සභාව වනු ඇත.
ඉන්දියාව වැනි රටක් තුළ, ඕනැම ස්ථානයකදී , මනුෂ්‍යයන් එකට එකතු කර ගැනීම ඉතා පහසු දෙයකි. මක්නිසාද ද්‍රව්‍යමය උපකාර අවශ්‍ය වූ බොහෝ දුප්පත් මිනිසුන් සිටින නිසාය. එවැනි පුද්ගලයන්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයකු වීම සඳහා හෝ තමාම ප්‍රතික්‍ෂේප කරමින් පාපයට ද්වේශ කරමින් ජයග්‍රාහකයන් වීම සඳහා ඔබ වෙතට නොඑනු ඇත. නැත. ඔවුන් පැමිණෙන්නේ, යම් භූමික ලාභයක් සඳහාය. මාගෙ මුළු ජීවිත කාලය පුරාම ඉන්දියාවේ ජීවත් වී ඇති අතර, මෙහි "කිතුණු කාර්‍ය භාරය" යයි කියා ගන්නා දේවල නියම ස්වභාවය මම දනිමි. උන්වහන්සේට සේවය කිරීම සඳහා යෑමට පෙර, ඔබගේ ජීවිතය උදෙසා උන්වහන්සේගේ කැඳවීම දැන ගැනීම සඳහා ස්වාමින් වහන්සේ දෙස බලා සිටියේද? දෙවියන් වහන්සේට වැඩ කිරීම තුළ ඔබ මුදල් (හෝ ගෞරවය) බලාපොරොත්තු වන්නේද? මේවා ඔබ ඔබගෙන්ම ඇසිය යුතු වැදගත් ප්‍රශ්ණ වේ. සමහරවිට දැන් ඔබ මෙම වචන ගැන සැලකිලිමත් නොවෙනු ඇත . නමුත් විනිශ්චය දවසේ දි "මම මේ වචන ගැන කලින් වග බලාගෙන තිබුනේනම් කෙතරම් යහපත් වන්නට ගියේදැයි" ප්‍රාර්ථනා කරනු ඇත. හොඳම දේ දැන්ම ඔබම යටහත් පහත් වීම සහ "ස්වාමිනි, ඔබවහන්සේගෙන් නොවන කිසිම දෙයක් මාගේ ජීවිතයට අවශ්‍ය නැත" යයි පැවසීමය.ය
එනිසා අප, අපගේම හෝ අනුන්ගේ කල්පනාවල පෙළඹවීම් වලට අනුව දෙවියන් වහන්සේගේ දේවල් කිරීම සඳහා කිසිසේත්ම ඉක්මන් නොවිය යුතුය. "අදහන අය ඉක්මන් නොවන්නේය" (යෙසායා 28:16). "තමාගේ වචන වලින් ඉක්මන් වන මනුෂ්‍යයකු ඔබ දුටුවෙහිද? ඔහුට වඩා අඥානයෙකු ගැන බලපොරොත්තු වෙන්ට පුළුවන" (හිතෝපදේශ 29:20). උන්වහන්සේගේ සිතිවිළි ඔබගේ මනසට දෑමීමට ඉඩ දෙමින් ස්වාමින් වහන්සේ දෙස බලා සිටින්න. උන්වහන්සේගේ යෝජනා, අහස පොළොවට වඩා උස්ව තිබෙන්නාක් මෙන්, ඔබගේ යෝජනා වලට වඩා හොඳය, උසස්‍ය, බොහෝ ඵලදායීය.(යෙසායා 55:8-9). නමුත් දෙවියන් වහන්සේගේ කාර්‍යය තුළදී ඔබ ඔබගේම ගෞරවය නොසොයන බවත් ඔබගේම බලපුලුවන්කම් මත යැපෙන්නෙ නැති බවත් ස්ථිර කර ගත යුතුය. උන්වහන්සේගේ ආඥාවන්ට අනුව දේවල් කළ යුතු වන අතර ඔබ පැළකරන්නාවූ සියල්ල සදහටම පවතිනු ඇත.

break

මතෙව්: යේසුස් වහන්සේ ගොඩ නගන්නාවු සභාව​​​

ශු:මතෙව් 16:15 හිදී, යේසුස් වහන්සේ, සීමොන් ගෙන් "මම කවුද?" යයි ඇසු සේක. සීමොන් පිළිතුරු දුන්නේ "ඔබ ක්‍රිස්තුස් වහන්සේය. ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝය" යයි කියන අයුරු අපි දකින්න්නෙමු. යේසුස් වහන්සේ එකෙනෙහිම, ඔහුට ප්‍රසිද්ධියේ ප්‍රශංසා කරමින් පැවසුවේ; "සීමොන් බර්- යෝනා, නුඹ ආශීර්වාද ලද්දෙක්‍ ය. මක්නිසාද , ස්වර්ගයේ සිටින මාගේ පියාණන් වහන්සේ මිස, මාංශය හා රුධිරය (ඥානවන්ත කම හා දක්‍ෂ කමින්) මේක නුඹට එළිදරව් නොකළේය". මෙහි ඇති "එළිදරව් කළ" යන වචන දෙස සැලකිල්ලෙන් බලන්න. මෙය අලුත් ගිවිසුමේ වචනයකි. පරණ ගිවිසුම යටතේදි, මිනිසුන් ව්‍යවස්තාව ඉගෙන ගත් අතර, එය මෙනෙහි කළහ. "ස්වාමින් වහන්සේගේ ව්‍යවස්තාව රෑ දහවල් දෙකෙහි මෙනෙහි කරන්නාවු මනුෂ්‍යයා ආශීර්වාද ලද්දේය" (ගීතාවලිය 1:2). නමුත් අලුත් ගිවිසුම යටතේ, ආශීර්වාද ලද මනුෂ්‍යයා වනුයේ, පේත්‍රෑස් මෙන්, එළිදරව් ලබන තැනත්තාටය. එපීසයේ කිතුණුවන් සඳහා, පාවුල් තුමාගේ යාච්ඤාව වූයේ, ඔවුන්ට "එළිදරව් කිරිමේ ආත්මයක් ලැබෙන ලෙසටය (එපීස 1:17). ශුද්ධාත්මයාණන් වහන්සේ, පේත්‍රෑස්ගේ හදවත විවෘත කර, මනුෂ්‍ය ඥානයෙන් කවරදාකටවත් සොයා ගත නොහැකි යම් කිසි දෙයක් ඔහුට පෙන්වූ සේක. එම අවදියේදි, ඔහුට වඩා බුද්ධිමත් මනුෂ්‍යයන් ඊශ්‍රාලයේ සිටි අතර, ඔහුට වඩා බයිබලය බොහෝ සේ හැදෑරු අයද සිටියහ. නමුත් ඔවුන් සිතුවේ, යේසුස් වහන්සේ යක්‍ෂ්‍යාධිපතියකු ලෙසය!! දෙවියන් වහන්සේ, දේව වචනය එළිදරව් කරන්නේ, උන්වන්සේ වෙත පැමිණි, කුඩා ළදරුවෙකු මෙන් යටහත් අයටය (ශු:මතෙව්:11:25).
ශු:මතෙව් 16:18 හිදී, යේසුස් වහන්සේ, සීමොන්ට මෙසේ පැවසූ සේක, "මම නුඹට කියමි; නුඹ පේත්‍රෑස් ය(petros-ග්‍රීක), මෙම පර්වතය(petra​-ග්‍රීක) පිට මාගේ සභාව ගොඩ නගන්නෙමි". උන්වහන්සේ සීමොන් නම් කෙරුවේ, "පේත්‍රෑස්" ("කුඩා ගලක්") ලෙස සහ සභාව ගොඩ නගනු ලබන්නේ "පර්වතය"- petra - ("විශාල පර්වතය") සීමොන් විසින් මොහොතකට කලින් එළිදරව්වීම තුළින් ප්‍රකාශ කරන ලද ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ වන ක්‍රිස්තුස් වහන්සේ මතය. පර්වත-අඩිතාලම (rock foundation) යනු සීමොන් පේත්‍රෑස් නොවේය. දැන් අපි දකින ග්‍රීක වචන තුළ ඇති නියම අර්ථය ඉංග්‍රීසි පරිවර්තනයේදී නොපෙණෙන නමුත් මෙහිදී යේසුස් වහන්සේ සම්පූර්ණයෙන්ම වෙනස් වූ වචන දෙකක් භාවිතා කළ සේක.
ශු: මතෙව් 16:18-19 හිදී "මෙම පර්වතය පිට මාගේ සභාව ගොඩ නගන්නෙමි. පාතාලයේ දොරටු ඒක පරාජය නොකරන්නේය. ස්වර්ග රාජ්‍යයේ යතුරු නුඹට දෙන්නෙමි, නුඹ පොළොවෙහිදී යමක් බඳින්නෙහිද, ඒක ස්වර්ගයේදි බඳීනු ලබන්නේය. නුඹ පොළොවෙහිදි යමක් මුදන්නෙහිද, ඒක ස්වර්ගයේදි මුදනු ලබන්නේය" යයි යේසුස් වහන්සේ පැවසූ සේක. මෙහිදි පළමු වතාවට, යේසුස් වහන්සේ සභාව ගැන කථා කළ අතර, සභාව, පාතාලයේ බළ ඇණි ("හේදිසි දොරටු") සමග සංග්‍රාමයකට මුහුණ දෙන බව උන්වහන්සේ පැවසු සේක. මම, මෙය ප්‍රථමයෙන්ම කියවු අවස්තාථාවේදි, මට සිතුවම් වූයේ (මනසේ ඇඳී ගියේ) සතර වටින් ම සාතන්ගේ ප්‍රහාර වලට ලක් වන සභාව, වන අතර, සභාව ස්වාමින් වහන්සේ පැමිණෙන තුරු, පාලනය අල්ලාගෙන බේරි සිටින අයුරුය. නමුත් යේසුස් වහන්සේ පැවසුවේ එය නොවේය. හේදිසියේ දොරටු, සභාවට ප්‍රහාර එල්ල කරන බව යේසුස් වහන්සේ නොපැවසු අතර, උන්වහන්සේ පැවසුවේ සභාව, හේදිසියේ දොරටු වලට ප්‍රහාර එල්ල කරන අතර එම දොරටු පරාජය කරන බවයි. ඒ දවස් වලදී, නගරයක් තාප්ප වලින් වටවී තිබූ අතර, එතුළට ඇතුල් විය හැක්කේ එහි දොරටු තුළින් පමණි. ඔබ දොරටු අත්පත් කරගන්නේ නම්, එවිට ඔබ නගරය පරාජය කර ඇත. එනිසා යේසුස් වහන්සේ කියා සිටියේ, - සාතන් ගේ ක්‍රියා බැඳ දමමින්, සහ සාතන් විසින් අල්ලා ගනු ලැබූ මිනිසුන් නිදහස් කරමින්- සභාව ආත්මික සංග්‍රාමයකට ඇතුල්ව පහර දෙන විට යක්‍ෂ සේනා පරාජය කළ හැකිය යන්නය.
මෙය ආරක්‍ෂාව පිණිස කරන සංග්‍රාමයක් නොවන අතර ප්‍රහාර එල්ල කරන එකකි. ලෝකයේ තිබෙන සාතන්ගේ බලකොටු වලට එරෙහිව අපි යන අතර එක ස්ථානයකින් තවත් ස්ථානයකට කුරුසියේ ජයග්‍රහණය සනාථ කළ යුතුය. අපි මුල්ලක වාඩි වී මෙසේ "අනේ ස්වාමිනි, ඔබ වහන්සේ එනතුරු, මෙය අල්ලා ගෙන සිටින්නට අපට උපකාර කළ මැනව" යයි අප පවසන්නේ නැත.
මම කිසිසේත්ම ගායනා කිරීමට කැමති නැති, ප්‍රසිද්ධ කිතුණු ගීතිකාවක් ඇත. එහි පවසන්නේ, "මම පැමිණෙන තෙක් බලකොටුව අල්ලා ගෙන සිටින්න" යයි ස්වාමින් වහන්සේ පවසති යන්නය. එයින් ඉදිරිපත් කරන චිත්‍රය වනුයේ, යක්‍ෂයන් සෑම දිසාවකින්ම සභාවට පහරදෙමින් සිටින අතර, ක්‍රිස්තුස් වහන්සේ එනතුරු, කෙසේ හෝ අල්ලා ගෙන සිටීමට බලාපොරොත්තුවෙන්, සභාව බලකොටුව තුළ මහත් පරිශ්‍රමයක් දරමින් සිටින අයුරුය. නමුත් එය එසේ නොවේය. බලකොටුව තුළ යක්‍ෂයන් සිටින අතර, අපි ඔහුගේ දොරටු වලට සහ ඔහුට පහර දෙමින් සිටින්නෙමු. අපගේ මනසේ අපි සෑම විටම තබා ගත යුතුම චිත්‍රය නම්, යක්‍ෂයන්ට ප්‍රහාර එල්ල කරමින් සිටින, ජයග්‍රාහි නායකයෙකු අනුව යන ජයග්‍රාහි සභාවක් බවයි. අපි සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේට යටත්ව සිටින අතර සාතන්ට විරුද්ධව සිටින්නේ නම්, ඔහු අප වෙතින් පලා යනවා ඇත (යාකොබ් 4:7). ඔහු නිකම්ම අපි වෙතින් ඇවිදගෙන ඉවතට යනවා නොව, අප වෙතින් පලා දුවනවා ඇත.
අප ගමන් කළ යුත්තේ යේසුස් වහන්සේ මෙම පොළොවේ ගමන් කළ ආකාරයටය, යේසුස් වහන්සේ කොතනකට ගියේද, ඒ සෑම තැනකදීම යක්‍ෂයන් වෙව්ලු අතර, සාතන් මහත් සේ භය වුනේය. අපි පොළොවේ ඇවිදිය යුත්තේ ඒ ආකාරයටය. "අපගේ අඩිය තබන සියළුම ස්ථාන, දෙවියන් වහන්සේ විසින් අපට දී ඇත" (යොෂුවා 1:3 ). එනිසා සාතන් අපට කුමක් කළත්, ඔහුට බිය වී ජීවත් නොවිය යුතුය. නැත. අපට බියවිය යුතු තැනැත්තා ඔහුය. අපි සාතන්ට විරුද්ධව ඒ ආකාරයේ ආකල්පයක් තබා නොගත හොත්, අපට කවරදාකවත්ම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සභාව ගොඩ නගන්නට නොහැකි වනු ඇත. අපගේ ස්වාමි වූ යේසුස් වහන්සේ දැනටමත් බලවන්තයා බැඳ දමා අවසානය. දැන් අපිට ඇතුලට ගොස් බලවන්තයා සතු සියල්ල ලබා ගත හැක. හලෙලූයා!!
ශු:මතෙව් 18:3 දි, " සැබැවක් නුඹලාට කියමි, නුඹලා හැරී කුඩා දරුවකු මෙන් නූණොත්, කිසිසේත්ම ස්වර්ග රාජ්‍යයට ඇතුල් නොවන්නහුය" යයි යේසුස් වහන්සේ පැවසූ සේක. මෙහිදි යේසුස් වහන්සේ කථා කළේ යටහත් වීම ගැනය. වෙනත් වචන වලින් නම්, "මෙම දරුවා මෙන්, තමාම යටහත් වන ඕනැම අයකූ............."යන්නය. යේසුස් වහන්සේ මෙහිදි පවසන්නේ, දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වීම සඳහා යටහත් පහත් කම, පළමු සහ ප්‍රමුඛතම නියමය බවයි.
සාමාන්‍යයෙන් මම මනුෂ්‍යයන්ට නිතර කියනුයේ භක්තිමත් කිතුණු ජීවිතයක් සහිතව ජීවත් වීම සඳහා රහස් තුනක් ඇති බවය. පළමු වැන්න යටහත් පහත් කමය. දෙවැන්න යටහත් පහත් කමය. තුන්වැන්නද යටහත් පහත් කමය. එපමනමය. ඔබ යටහත් වන්න. ලෞකික කාරණා වලදී ඔබ බුද්ධිමත් වුවත්, ආත්මික කාරණා පැමිණෙද්දි ඔබ අඥාන සහ නූගත් අයකු බව වටහා ගන්න.
මනුෂ්‍යයකු ලෙස අපගේ අභිමානය නිසා අපට මහත් ආත්ම ශක්තියක් ඇත. කුඩා දරුවන්ට ආත්ම ශක්තියක් නොමැත. හය මසක් වයසැති ළදරුවෙකු ඔබ ඔහුගේ මවගේ දෑතින් පිටතට ගතහොත් ඔහු හඩනු ඇත. මවගේ දෑතින් එපිට අනාරක්‍ෂිත බවක් ඔහුට දැනෙන නිසාය. මක්නිසාද ඔහු බොහෝ අසරණ නිසාය. අපි සාතන්ට මුහුණ දෙන විට නිර්භීතව සිටීම ස්වාමින් වහන්සේ අපගෙන් බලාපොරොත්තු වන්නාක්සේම අප අසරණ බව සහ අපි මුළුමනින්ම උන්වහන්සේ මත යැපිය යුතු බව, අපි දැන ගැනීමද ස්වාමින් වහන්සේට අවශ්‍ය වන්නේය. මෙය කිතුණුවන් ගේ ද්විත්ව රූපයකි. සාතන් හා ඔහුගේ යක්‍ෂ හමුදා වලට මුහුණ දෙන විට, නිර්භීත රණ ශූරයකු ලෙස හා සර්ව බලධාරි දෙවියන් වහන්සේ ඉදිරියේදි කුඩා දරුවෙකු ලෙස සිටීමය. මෙම ද්විත්ව ආකල්පය සැමදාම තබා ගත යුතුය. ආත්මික කාරණා වලදි "අ" යන්න "ආ" යන්නවත් දන්නේ නැති තරම් අපි නූගත් සහ අඥානය. අපි නිතරම දෙවියන් වහන්සේට ඇලී ගැලී සිටින්නේ එනිසාය. එවිට අපි සම්පූර්ණයෙන්ම සුරක්‍ෂිත වන අතර බොහෝ අඥාන දේවල් කිරීමෙන් සහ කීමෙන් ආරක්‍ෂා වී සිටින්නෙමුව.
ශු:මතෙව් 18:18-20 දි, යේසුස් වහන්සේ දෙවන වරටද සභාව ගැන කථා කරන අයුරු අපි දකින්නෙමු. මෙහිදී සාතන් බැඳීම හා ඔහුගේ ග්‍රහනයේ සිටින ඇදහිලිවන්තයන් නිදහස් කර ගැනීමට, සභාවට තිබෙන අධිකාරි බලය ගැන උන්වහන්සේ කථා කරන සේක. මෙම අධිකාරි බලය ක්‍රියාවට නැගීමට හැකි වන්නේ අඩුම වශයෙන් ඇදහිළිවන්තයින් දෙදෙනෙකු එක්සත් වූ විටය. ඇදහිළිවන්තයන් දෙදෙනෙකු, ඔවුන්ගේ ආත්මයෙන් ඒකත්වයට පැමිණෙන්නේ නම්, ස්වාමින් වහන්සේ ඔවුන් මධ්‍යයට එන සේක (ශු:මතෙව් 18:20). එවිට පමණක් ඔවුන්ට සාතන් ගේ ක්‍රියාකාරකම් බැඳ දැමීමට හැකි වනු ඇත. අපට සාතන් බැඳ දැමිමට නොහැකිය. ස්වාමින් වහන්සේ අනාගතයේ එක් දිනකදි ඔහුට එසේ කරන සේක (එළිදරව් 20). නමුත් දෙදෙනෙකු ආත්මයෙන් එක්සත් වුයේ නම්, අපට ඔහුගේ ක්‍රියාකාර කම් බැඳ දැමිය හැකිය. පුරුෂයෙක් හා භාර්‍යාවක් එක්සත් වූයේ නම්, ඔවුන්ගේ නිවසින් සාතන්ව සඳහටම එලවා දැමීමට හැක. සභාවක වැඩිමහල්ලන් දෙදෙනෙකු එක්සිත් වන්නේ නම්, ඔවුන්ගේ සභාවෙන් සාතන් සඳහටම එලවා දැමිය හැක. සාතන් මෙය දන්නා අතර, ඔහු නිතරම සොයා බලන්නේ පුරුෂයා හා භාර්‍යාව වෙන් කිරිමට සහ සභාව තුළ වැඩිමහල්ලන්ද වෙන් කිරිමටය.
ශු:මතෙව් 18;21-25 දි, යේසුස් වහන්සේ මෙම උපමාවෙන් කථා කරන්නේ, තමාගේ යටතේ සිටින දාසයාට සමාව නොදෙන, අකාරුණික දාසයකු ගැනය. උන්වහන්සේ මෙහිදි උගන්වන්නේ, දෙවියන් වහන්සේ විසින් වරක් අපට අපගේ පාප වලට සමාව දි තිබුණත්, අපි එකිනෙකාට සමාව නොදෙන්නේ නම්, නැවතත් අපව "සමාව නොලත්" අය බවට පත් විය හැකි බවයි. මෙම රජතුමා ඔහුට විශාල ණයක් ගෙවීමට තිබුණාවූ ඔහුගේ දාසයාට සමාව දුන්නේය. නමුත් එම දාසයා, ඔහුගේ යටතේ සිටි දාසයාට සමාව නොදෙන විටදි, ඔහුටම දි තිබුණු සමාව අත්හිටවන ලදි. එවිට යේසුස් වහන්සේ පැවසුවේ, "නුඹලා එකිනෙකා තම තමාගේ සහෝදරයාට තමන්ගේ හදවතින්ම කමා නොකරනවා නම්, ස්වර්ගයේ සිටින මාගේ පියාණන් වහන්සේද නුඹලාට එසේම කරනවා ඇත" (ශු:මතෙව් 18:35) යනුවෙනි. දෙවියන් වහන්සේ සමාව දී තිබු ඔබගේ පාපයන්, ඔබ කවුරු හරි කෙනෙකුට සමාව නොදෙන්නේ නම්, නැවතත් ඔබගේම ගිණුමට එය එකතු වන අතර, ඔබ කෙලින්ම නිරයට යනු ඇත. යේසුස් වහන්සේ පැවසුවේ එය පමණක්ම නොව, එම දාසයා වධ බන්දනයට භාර දුන් බවයි. මෙහි අර්ථය වනුයේ, අන් අයට සමාව නොදෙන ඇදහිලිවතුන්ට දෙවියන් වහන්සේ විසින් දෙනු ලබන රැකවරණය ඉවත් කර ගන්නා බවයි. එවිට ඔවුන්ට වධ බන්ධනය පැමිණිවීමට යක්‍ෂයන්ට හැකි වනු ඇත. ඇදහිලිවතුන් අතර තිබෙන සමහර රෝගයන්ට එක හේතුවක් එයයි.

break

break

මතෙව්: තවත් උපමා​​​​

ශු:මතෙව් 20:1-16 හිදී, දවසේ විවිධ පැය වලදි, වැඩ කිරීම සඳහා ඔවුන්ගේ ස්වාමියා වෙතට පැමිණි, කුලීකරුවන් ගැන උපමාවක් යේසුස් වහන්සේ පැවසූ සේක. කුලී කරුවන් කණ්ඩායම් පහක් මෙම උපමාව තුළ අන්තර්ගතය. පළමු කණ්ඩායම් හතරම, කුලී පදනම මත වැඩ කළ, එනම් පැය 12, 9, 6, 3 වශයෙන් වැඩ කළ කණ්ඩායම් ය. අවසාන කණ්ඩායම පමණක්, ගෙවීමක් ගැන කිසිම සහතිකයක් සහ කුලී පදනමක් නොමැති, එක් පැයක් පමණක් වැඩ කළ කණ්ඩායමය. දිනය අවසානයේදි එම අවසාන කණ්ඩායමට, පළමු කණ්ඩායම මෙන් වැටුප් ලැබුණි. වෙනත් වචනයකින් පැහැදිළි කළහොත්, පළමු කණ්ඩායම පැයකට ලැබුණු වැටුප මෙන්, දොළොස් ගුණයක් ඔවුන් ලැබුවෝය!! මෙයින් ස්වාමින් වහන්සේ උගන්වන්නේ, යහපත් විපාක බලාපොරොත්තුවෙන් ස්වාමින් වහන්සේට සේවය කරන සියල්ලන්, බොහෝ අවුරුදු ගණනක් උන්වහන්සේට සේවය කළ නමුදු, ඔවුන් ඔවුන්ගේ ත්‍යාගය ලබන්නේ අවසානයටය. නමුත් කළගුන සැලකීම හා ප්‍රිතියෙන් මිස කිසිම ත්‍යාගයක් බලාපොරොත්තු නොවි, ඉතා ස්වල්ප කාලයක් පමණක් වුවද, ස්වාමින් වහන්සේට සේවය කළ අයට, ස්වර්ගයේදි උසස්ම ත්‍යාගයක් හිමිවනු ඇත. දෙවියන් වහන්සේ බලන්නේ අප කරන සේවයේ ගුණාත්මක භාවය යන දේ මිස ප්‍රමාණය නොවේය. වැදගත් වන්නේ අප කුමන අභිප්‍රායකින් දෙවියන් වහන්සේට සේවය කරන්නේද යන්නය. අප කළ දේ "ඇයි" අප කළේ යන්න, අප "මොනවද" කළේ යන්නට වඩා, අවසාන දිනයේදි වැදගත් වන්නේය. එය දැන්ම ම අවබොධ කර ගැනීම හොඳය.
ශු:මතෙව් 22 වන පරිච්ඡේදයේදි, වැදගත් සත්‍යයන් 3 ක්, අපි දකින්නෙමු.
(අ) අපට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් විය හැක්කේ, ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මිෂ්ඨකමේ සළුව, අපි නොමිලයේ ලබා ඇත්නම් පමණි (ශු:මතෙව් 22:1-14).
(ආ) දෙවියන් වහන්සේට දෙන කිසි මුදලකට පෙර, මනුෂ්‍යයන්ට දීමට තිබෙන අපේ ණය වලින් අප නිදහස් විය යුතුමය (අද "කයිසාර්" නියෝජනය කරන්නේ රජය සහ සියළු මනුෂ්‍යයන්‍ ය). 21 වන පදය.
(ඇ) බයිබලයේම තිබෙන සම්පූර්ණ පණිවිඩය, ප්‍රකාශ දෙකකට ගොනු කළ හැකිය: මුළු හදවතින්ම දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න සහ ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න (ශු:මතෙව් 22: 37-40).
මේවා මෙනෙහි කිරීමට වටිනා මහත් සත්‍යයන්‍ ය. මක්නිසාද ස්වාමින් වහන්සේගේ ඉගැන්වීම් වලට වඩා, මනුෂ්‍යයන්ගේ ඉගැන්වීම් පසු පස යන බොහෝ මිනිසුන්, මෙවැනි අංශ වලදි මුළාවි යනු ඇත.
ශු:මතෙව් 23 වන පරිච්ඡේදයේදි, පරිසිවරුන් ගේ මූනිච්ඡාව හා ව්‍යාජ ධර්මය ගැන යේසුස් වහන්සේ අනාවරණය කළ අතර, ඔවුන් දැඩි ලෙස වරදට පත් කරණු ලැබූ සේක. නිරාහාරව සිටීම, යාච්ඤා කිරීම සහ දසයෙන් කොටස් දීම යන සියල්ල ඔවුන් අකුරටම පැවැත්වූ අතර ඔවුන්ගේ මූලධර්මයන් සියල්ලමද නිවැරදිය. එපමනක් නොව ඔවුන්ට ධර්මදූත සේවයේ වැඩ සටහන් පවා තිබුණි. (ශු:මතෙව් 23:15). ඔවුන්, ඔවුන්ගේ රැකියා වලින් ඉවත් වී, මිනිසුන් හරවා ගන්නා පිණිස, ඈත ප්‍රදේශ වලට ගමන් කළෝය. නමුත් එසේ හරවා ගත් අය, ඔවුන්ට වඩා දෙගුණයක් නිරයේ දරුවෝ වන්නහුය යයි යේසුස් වහන්සේ පැවසූ සේක. සෑම නීතික අයෙකුම එවැනිය. ඔහු ඔහුගේම නීතික ක්‍රිස්තියානි අනුවාදයට තවත් අයකු හරවා ගත් විට, ඔහු එම පුද්ගලයා දෙගුණයක් නිරයේ අයකු කරයි. එනිසා සියළු ධර්මදූත ක්‍රියාකාරකම් දෙවියන් වහන්සේගේන් යයි නොසිතන්න. අප ගෝලයන් හදමින් සහ යේසුස් වහන්සේට අති මහත් ලෙස ප්‍රේම කිරීම සහ ක්‍රිස්තුස් වහන්සේ අපට කළාක් මෙන් අන් අයට ප්‍රේම කිරීමද, ඔවුන්ට උගන්වන්නේ නම් පමණක්, අපට ඔවුන් නිරයෙන් ගලවා ගත හැක.
අනික් අතකින් අප බාහිරින් පමණක් "කිතුණුවන් වැනි" වු අය හරවාගෙන අප ඔවුන් වෙනුවෙන් සෑදුවාවු සියලු නීති අනුව යන්නට සැලැස්වුවහොත්, අපි ඔවුන් රැවටීමට ලක් කර ඇති අතර එසේ කරමින් අපි නිරය පුරවන්නෙමු. මනුෂ්‍යයන් බාහිරින් වෙනස් කර, ආකෘති පත්‍රයක් අනුගමනය කිරීමට සැලැස් වීම ඉතාමත්ම පහසුය. අවුරුදු කිහිපයකට පෙර, යම් මිෂනාරින් විසින් ඔවුන්ගේ අනුවාදයට අනුව වූ ක්‍රිස්‍තියානිත්වයට "හැරෙව්වාවු" සමහර මිනිසුන් බැලීමට මම ගමකට ගියෙමි. නමුත් ඔවුන්ගේ ජීවිත තුළ කිසිම ශුද්ධ කමක් තිබුණේ නැත. එකම වෙනස වී ඇත්තේ, අනෙකුත් දෙවියන් වෙනුවට, දැන් ක්‍රිස්තුස් වහන්සේට ගීතිකා ගයනා කිරීම පමණකි. එයිනුත් සමහර අය ඔවුන්ගේ නම් "කිතුණු" නම් ලෙස වෙනස් කර ඇත. එම මිෂනාරිවරුන් සාදා ඇත්තේ නිරයේ දරුවන් පමණි.


යේසුස් වහන්සේ, පරිසිවරුන්ට "සර්පයින්" ලෙස නම් කරමින්, ඉතා දැඩි වචන වලින් ප්‍රසිද්ධියේ චෝදනා කළ සේක(ශු:මතෙව්23:33). උන්වහන්සේට එය කිරීමට අයිතිය තිබූණේය. මක්නිසාද උන්වහන්සේ ඔවුන් තුළ තිබුණු, සහ එම චෝදනා කළාවු පාප වෙනුවෙන් මිය යාමට සිටි හෙයිනි. "කිකිළි ඇගේ පැටවුන් පියාපත් යට එකතු කරන්නාක් මෙන් තිගේ දරුවන් එකතු කර ගැනීමට ........."(ශු: මතෙව් 23:37) උන්වහන්සේ අවුරුදු ගණනාවක්ම බලාපොරොත්තු වූ සේක. අපටද අන් අයගේ පාප වලට චෝදනා කිරීමේ අයිතිය ඇත්තේ, ඔවුන්ව ඔවුන්ගේ පාප වලින් ගලවා ගැනීමට, අවශ්‍ය නම් අප අපගේ ජීවිත පූජා කරන්නට කැමැත්තෙන් සිටිනවා නම් පමණි. සෙනඟට එළෙස ප්‍රේම නොකර අප ඔවුන්ගේ පාප වලට ප්‍රසිද්ධියේ චෝදනා කරන්නෙමු නම් අප හුදෙක් "අපවම පත් කර ගන්නා ලද ප්‍රොපේතවරුන්" වන අතර මූනිච්ඡා කරුවන්‍ ය.

break

break

මතෙව්: ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණීම​​​​

ශු:මතෙව් 24 වන පරිච්ඡේදයේදි උන්වන්සේ අවසානයේදී නැවත පොළොවට පැමිණීම ගැන කථා කළ සේක. අන්තිම කාල වලදී සිදුවන්නට යන්නාවූ පළමු සලකුණ ලෙස යේසුස් වහන්සේ නැවත, නැවත ප්‍රකාශ කළ දේ නම්, අවසාන දවස් වලදි මහත් මුළාවීම් රාශියක් සිදු වනු ඇත යන්නය(ශු:මතෙව් 24:4,11,24). ඉන්පසුව උන්වන්සේ නැවත වරක් දළු ලෑවා වූ (ආත්මිකත්වයක් නොමැති ආගම), කොළ මිස (ආගමික වූවත්) ඵල නොමැතිවූ (කිසි ආත්මීකත්වයක් නොමැතිවු) (ශු:මාර්ක් 11:13-21) නිසා උන්වහන්සේ විසින් ශාප කරන ලද අත්තික්කා ගස (ඉශ්‍රායෙල් ජාතිය නිරූපණය කරන) ගැන යේසුස් වහන්සේ කථා කළ සේක (ශු:මතෙව් 24:32,33). ක්‍රිස්තුස් වහන්සේ කුරුස පත් වීමෙන්, අවුරුදු 40 ට පසුව ඉශ්‍රායෙල් ජනතාව සී සී කඩ හරින ලදි. නමුත් එතෙක් පටන් පළමු වතාවට නැවත ඔවුන් දේශයට පැමිණ, යෙරුසෙලම නැවත අයිති කර ගනු ලැබුවේ අපේ ජීවිත කාලය තුලදි එනම් ක්‍රි.ව. 1967 දීය. අපගේ ස්වාමින් වහන්සේගේ නැවත පැමිණිම ඉතා ආසන්න බව මෙසේ අපි දනිමු. උන්වහන්සේ සමග සිටින පිණිස උන්වහන්සේගේ දරුවන් ඔසවා ගැනීමට යේසුස් වහන්සේ නැවත පැමිණෙන්නේ මහත් පීඩාවෙන් පසුව (ශු:මතෙව්24:29) යන්නද මෙහිදී උන්වහන්සේ උගන්වන සේක . උන්වහන්සේ පැමිණෙන විටදි, සියළු දෙනාම උන්වහන්සේ දකින අතර, සියළු දෙනාට දැක ගත හැකි ලෙස, විදුලි කෙටීමේදි පැමිණෙන ආලෝකය මෙන්, උන්වහන්සේ පැමිණෙන බවත් යේසුස් වහන්සේ පැවසු සේක (ශු:මතෙව් 24:27). උන්වහන්සේ රහසින් එන බව කිසිවෙකු උගන්වන්නේ නම්, එය විශ්වාස නොකරන්න යයි ද උන්වහන්සේ ඉගැන්වු සේක (ශු:මතෙව් 24:26). උන්වහන්සේ මෙහිදි පැවසුවේ, "උන්වහන්සේ බලයෙන්ද, මහත් තේජසින්ද, වලාකුල් පිට, මහත් හොරණෑ ශබ්ද ඇතිව දූතයන් සමග පැමිණෙන්නේ, ලෝකයේ දස දෙසින් උන්වහන්සේගේ දරුවන් රැස් කරන්නට බවය" (ශු:මතෙව් 24:30-31). යේසුස් වහන්සේ මෙහිදි විස්තර කරන, ශුද්ධවන්තයන්ගේ නැගිටීම ගැන, ඒ ආකාරයෙන්ම පාවුල් තුමාද 1තෙසලෝනික 4:16,17 හි සඳහන් කර ඇත. මෙම නැගිටීම සිදුවන අවස්ථාව වනුයේ, මහත් පීඩාව අවසානයෙන් පසුව පමණක් බව යේසුස් වහන්සේ මෙහිදි ඉතා පැහැදිලිව ප්‍රකාශ කළ සේක (ශු: මතෙව් 24:29). මනුෂ්‍යයන්ගේ මේ සම්බන්ධයෙන් ඇති සම්ප්‍රධායන් විශ්වාස නොකළ යුතුම වන අතර අපගේ ස්වාමින් වහන්සේගේ ඉතා පැහැදිලිව ඉගැන්වු දේ පමණක්ම විශ්වාස කළ යුතුය.

ශු:මතෙව් 25 වන පරිච්ඡේදයේදි, යේසුස් වහන්සේ, උන්වහන්සෙගේ ඉගැන්වීම් පුළුල් කරමින් (24 වන පරිච්ඡේදයේ අවසාන පද වල) උපමා 3 කින්, උන්වහන්සේගේ පැමිණීමට මිනිසුන් සූදානම්ව සිටිය යුතුබව පැවසු සේක. ක්‍රිස්තුස් වන්සේගේ පැමිණීමට අප සූදානම් විය යුතු වන්නේ, උන්වහන්සේගේ පැමිණිමේ කාල සටහන් තෙරුම් ගැනීමෙන් වත්, ප්‍රොපේතමය සටහන් අධ්‍යනය කිරීමෙන් වත් නොව ආත්මිකව සූදානම් වීමෙන්‍ ය. අපගේ මනසට වඩා අපගේ හදවත වඩාත් වැදගත් ය. පළමු උපමාව පවිත්‍ර හදවත ගැනය. කන්‍යාවන් දස දෙනා ගෙන් පෙන්නුම් කරන්නේ බාහිරින් පවිත්‍ර කිතුනුවන්‍ ය. ඔවුන් ගෙන් "භාජන වල අමතර තෙල්" තබා ගත්තාවු නුවණ ඇත්තියෝ පස් දෙනා පෙන්නුම් කරනුයේ, ශුද්ධාත්මයාණන් වහන්සේ කරන කොට ගෙන, ක්‍රිස්තුස් වහන්සේට ප්‍රේමයෙන් පිරුණා වූ හදවත් ඇතිව සිටි අයය (ශු:මතෙව් 25:1-13). ස්වාමින් වහන්සේට කරන සෑම දෙයකදීම, අපගේ අරමුණ ක්‍රිස්තුස් වහන්සේට ඇති ප්‍රේමය නොවේ නම්, අපි බාහිරින් පවිත්‍ර වුවත්, අපි අඥානයෝ වෙමු. "පළමු ප්‍රේමය" නැති කර ගත්තා වූ එපීස සභාව, එම අඥාන කන්‍යාවන් මෙන් වුණි (එළිදරව් 2:4). දෙවන උපමාව අදාල වන්නේ, උන්වන්සේගේ රාජ්‍ය සඳහා අපට දුන්නා වූ දීමනා විශ්වාසයෙන් යුතුව භාවිතා කළේද යන්න ගැනය (ශු:මතෙව් 25:14-30). වෙනස් මට්ටම්වල හැකියාවන් සහ අවස්ථාවන්, දෙවියන් වහන්සේ අපට දී ඇත්තේ උන්වහන්සේට සේවය කිරිමටය. උන්වහන්සේ අපගෙන් බලපොරොත්තු වන්නේ, උන්වහන්සේ අපට දුන්නා වූ මිම්මට අනුව ඵල දැරීම පමණක් වන අතර, ඊට වැඩිය නොවේය. තලෙන්ත පහක් ලබාගෙන, පහක් ඉපැයු තැනැත්තාටත්, තලෙන්ත දෙකක් ලබාගෙන, දෙකක් පමණක් ඉපැයු තැනැත්තාටත් ලැබුණේ එකම ත්‍යාගයම හා ප්‍රශංසාවම වූයේ ඒ නිසාය(ශු:මතෙව් 25:21-23). තුන්වන උපමාවෙන් (බැටළුවන් හා එළුවන්) අපට පෙන්වන්නේ, අපගේ සහෝදර ඇදහිලිවන්තයන්ගේ අවශ්‍යතාවයේදි, අපි සලකන ආකාරය අනුවම, අප දෙවියන් වහන්සේගේන් ත්‍යාග ලබන්නේය යන්නය (ශු:මතෙව් 25:31-36). අපගේ ඇදහිල්ල ක්‍රියාකාරි හා අව්‍යාජ එකක් බව මෙය සනාථ කරයි (යාකොබ් 2:14-17).
ශු:මතෙව් 27:3 හිදි, අපට පෙනී යන්නේ "පසු තැවීම පවා" හිස් සහ වංක විය හැකි බවය. යුදස්ටද යම් ආකාරයේ පසුතැවිල්ලක් විය(ඔහුගේ පාප ගැන සෝක හැඟිමක් වැනි). නමුත් ස්වාමින් වහන්සේ වෙත ගොස් ඔහුගේ පාප ගැන පාපොච්චාරණය කරනවා වෙනුවට ඔහු පූජකයන් ලඟට ගියේය (බොහෝ අය අද දවසේ කරන්නාක් මෙන්). එනිසා ඔහු නිරයට ගියේය. අපගේ පාප වලට සමාව දිය හැක්කේ ස්වාමින් වහන්සේට පමණක් මිස අන් කිසිවකුට නොවේය.
ශු;මතෙව් 28 වන පරිච්ඡේදයේ පළමු පද කිහිපය තුළදි , ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය ගැන අපි කියවන්නෙමු. උත්ථානයෙන් තොරව, උන්වහන්සේගේ මරණය නිෂ්ඵල දෙයක් වනු ඇත. මක්නිසාද දෙවියන් වහන්සේගේ පුත්‍රයා යන උන්වහන්සේගේම ප්‍රකාශනය සනාථ කිරීමට නොහැකි වනු ඇත. ක්‍රිස්තියානි ආගම රැඳී තිබෙන්නේ මෙම නිවුන් සෙලවිය නොහැකි අඩිතාලම් මතය. අපගේ පාප උදෙසා ක්‍රිස්තුස් වහන්සේ මිය යාම සහ උත්ථානය වීම යන මේවාය. සියලු ආගම් වලට වඩා වෙනස් වන්නේ මේ නිසාය. දේව දූතයන් ගල පෙරලීමට ප්‍රථම ක්‍රිස්තුස් වහන්සේ ගල් ලෙනින් ඉවතට ගොස් ඇති බව සැලකිල්ලෙන් බලන්න (ශු:මතෙව් 28:2). දේව දූතයන් ගල ඉවත් කළේ ස්වාමින් වහන්සේට ගල් ලෙනින් එලියට යාමට නොව, නමුත් උන්වහන්සේගේ ගෝලයන්ට ඇතුලට පැමිණ උන්වහන්සේ උත්ථාන වී ඇති බව දැක ගැනීමටය.

break

break

මතෙව්: උතුම් ආඥාව​​​​

ශු:මතෙව් 28:18-20 හි, තම ගෝලයන්ට සහ අපට දුන්නාවු උතුම් ආඥාව ගැන අපි කියවන්නෙමු. උතුම් ආඥාවේ පදනම වන්නේ, ස්වර්ගය සහ පොළොවෙහි ඇති සෑම අධිකාරිත්වයක්ම ස්වාමින් වහන්සේට දී ඇත, යන්නය. ස්වාධීන අධිකාරිත්වයෙන් ස්වාමින් වහන්සේ ස්වර්ගය සහ පොළොව පාලනය කරන බව අප වටහා ගෙන නැත්නම්, අප ගෝලයන් සෑදිමට යාම නොකළ යුතුය. අප ගෝලයන් සෑදීමට යන්නේ, යම් කිසිවකු අපට එය කිරීමට කියපු නිසා හෝ ගෝලයන් සෑදිමේ අවශ්‍යතාවය කොහේ හෝ තිබෙන නිසා නොව, නමුත් යේසුස් වහන්සේට ස්වර්ගයේහි සහ පොළොවෙහි මුළු අධිකාරිත්වය තිබෙන බැවින් සහ උන්වහන්සේ අපට අණ කරන නිසාය.

අප සෑම ජාතියකට ගොස් කළ යුත්තේ කුමක්ද? අප ඇදහිලිවන්තයන් නොව, ගෝලයන් සෑදිය යුතුය. "ඔවුන්ගේ හදවතට ක්‍රිස්තුස් වහන්සේ පිළිගැනීම" යන්න පමණක් ඔවුන්ට ලබා ගැනීමට ඉඩ නොදිය යුතුය. ගෝලයා යනු ස්වාමිවු යේසුස් වහන්සේ ගැන ඉගෙන ගන්නෙකු හා අනුගමනය කරන්නෙක්‍ ය. සෑම ජාතියකම මිනිසුන්ව අප සෑදිය යුත්තේ මෙලෙසය. ගෝලයකු වීමට කැමැත්තෙන් සිටින අය පමණක් බෞතිස්ම කළ යුතුය.



ත්‍රිත්වයේ නාමයෙන් බෞතිස්ම වීම, කැමති නම් පමණක් කළ හැකි දෙයක් නොවේය. එය අත්‍යවශ්‍යය. අප, " අප බෞතිස්මය ගැන දේශනා නොකරන්නෙමු. මක්නිසාද එය අපගේ එක්සත් භාවයට බාධාවකි"යි කියා ගන්නාවු අන්තර් නිකායික කණ්ඩායම් මෙන්, නොවිය යුතුය. ස්වාමින් වහන්සේ අපට දේශනා කිරීමට පැවසුවාවු සෑම දෙයම අපි දේශනා කරන්නෙමු. ඉන්පසු එම සියලු ගෝලයන්ව ඔවුන් ජීවත්වන ප්‍රදේශවල සභා බවට ගොඩ නගමින්, යේසුස් වහන්සේ අණ කළා වූ එක් එක් සෑම දේම අපි ඔවුන්ට කිරීමට උගන්වනෙමු.


උතුම් ආඥාව ඉතා පැහැදිලිය. පළමුව: යන්න. ඉන්පසු ගෝලයන් සාදන්න. පසුව ඔවුන්ව බෞතිස්ම කරන්න. ඉන්පසු ඉතිරි කාලය යේසුස් වහන්සේ අණ කළාවු සෑම එක් එක් දෙයටම කීකරු වන හැටි ඔවුන්ට කියා දෙමින් ගත කරන්න. මෙම උතුම් ආඥාව එක් පැත්තකින් ප්‍රකාශයකින් හා අනෙක් පැත්තෙන් පොරොන්දුවකින් වටවී ඇත. පළමුව, "සෑම අධිකාරිත්වයක්ම ස්වාමිවු යේසුස් වහන්සේට දී ඇත" සහ අවසානයේදි, "අවසාන කාලය තෙක් සෑම විටම මම නුඹ සමග සිටිමි".


"බලව, මම නුඹ සමග සෑමවිටම සිටිමි" යි යන ස්වාමින් වහන්සේගේ පොරොන්දුවට බොහෝ අය, අයිතිවාසිකම් කියන්නට කැමතිය. නමුත් එය දුන්නේ කාටද? එය දුන්නේ එහෙ මෙහෙ යමින් මුදල් උපයන්නාවු ඇදහිලි වන්තයන්ට නොව, නමුත් ගොසින් ගෝලයන්ව සාදන්නාවු සහ ඉන්පසු යේසුස් වහන්සේ අණ කළාවු සෑම දෙයටම කීකරු වන හැටි උගන්වන අයට පමණි (ශු:මතෙව් 28:19- 20). එවැනි ඇදහිලිවන්තයන්ට (එහෙ මෙහෙ යමින් මුදල් උපයන්නාවු) එම පොරොන්දුව අත්පත් කර ගත නොහැකිය. නමුත් ඔබ යන සෑම තැනම, ඔබ ගෝලයන් සෑදීමට සොයා බලන්නේ නම්, ස්වාමින් වහන්සේ සෑම විටම ඔබ සමග සිටින්නේය යන පොරොන්දුව එවිට ඔබට අත්පත් කර ගත හැකිය.

පරිච්ජේදය 3
මාර්ක්

හැඳින්වීම​

1. ඉගෙනීම සහ අනුව යෑම​

2. දෙව් පියාණන්ගේ කැමැත්ත කිරීම

3. යේසුස් වහන්සේ මනුෂ්‍යයන්ට ප්‍රේම කළ සේක

4. මනුෂ්‍යයන්ගේ බාහිර චාරිත්‍ර ප්‍රතික්‍ෂේප කිරීම​

5. ත්‍රිවිධාකාර කිතුනුවන්

6. බලයෙන් යුක්තව පැමිණෙන දෙවියන් වහන්සේගේ රාජ්‍යය​

7. පාපයේ බරපතලකම

8. ඇදහිල්ල

මාර්ක්:හැඳින්වීම

යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා

යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා එක් තැනැත්තෙකු විසින් ලියන එක ජීවිත කථාවක් වෙනුවට, විවිධ පුද්ගලයන් සතර දෙනෙකු විසින් සතර ආකාරයකට, යේසුස් වහන්සේගේ ජීවිත කථාව ලිවීමට, දෙවියන් වහන්සේ ඉඩ දුන්නේ බොහෝ හොඳ හේතු ඇති නිසා විය යුතුමය.

මතෙව් තුමා ඔහුගේ ශුභාරංචියේදි, යේසුස් වහන්සේ නම් කෙරුවේ, "දාවිත් ගේ පුත්‍රයාණෝය, ආබ්‍රහම්ගේ පුත්‍රයාණෝය" ලෙස වූ අතර යේසුස් වහන්සේ, ඔවුන්ගේ පොරොන්දු වූ මෙසියස් වහන්සේ බව යුදෙව්වන් හට පෙන්වා දෙන පිණිස දේව වචනයේ අනේක පද උපුටා දක්වන්නේය. කෙසේ නමුත්, මාර්ක් තුමා පටන් ගනිමින් පවසන්නේ; "මෙය දෙවියන් වහන්සේගේ පුත්‍රවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශුභාරංචිය" ලෙසය. ඔහුට අවධාරනය කිරිමට අවශ්‍ය වූයේ යේසුස් වහන්සේගේ දේවත්වය ගැනය. මාර්ක් තුමාගේ ශුභාරංචිය තුළදි මහත් ලෙස විස්තර කරන්නේ, යේසුස් වහන්සේගේ හාස්කම් ගැනය; මතෙව් තුමාගේ ශුභාරංචියේ මෙන් බොහෝ ඉගැන්වීම් හෝ උපමා මෙහි එතරම් නොමැත. නමුත් මතෙව් තුමා විසින් තහවුරු කරන්නාවූ ඉගැන්වීම නම් පොළොව මත ඇති ස්වර්ග රාජ්‍යය ගැනය. මාර්ක් තුමා පෙන්නුම් කරමින් සිටියේ, යේසුස් වහන්සේ, පොළොවෙහි දෙවියන් වහන්සේගේ පුත්‍රයා බවය.

මාර්ක්:ඉගෙනීම සහ අනුව යෑම

උන්වහන්සේ ගලීලයේ මුහුද අද්දර යද්දී, මසුන් අල්ලන්නන්වූ සීමොන්ද, සීමොන්ගේ සහොදරයාවු ඇන්ඳ්‍රැ, මුහුදේ දැලක් හෙළනවා දැක; මා අනුව වරෙල්ලා, මම නුඹලා මනුෂ්‍යයන් අල්ලන්නන් වෙන්ට සලස්වමි ඔවුන්ට කී සේක" (ශු: මාර්ක් 1:16-17). ගලීල මුහුදු තීරය දිගේ සිය ගණනක් මසුන් අල්ලන්නන් සිටියහ. උන්වහන්සේ ඔවුන් සියලු දෙනාම කැඳෙව්වේ නැත. පේත්‍රැස්, ඇඳ්‍රැ, යාකොබ් සහ යොහාන් යන සතර දෙනා පමණක් උන්වහන්සේ කැඳවූ සේක. අප සියලු දෙනාම කැඳවා ඇත්තේ, ක්‍රිස්තුස් වහන්සේගේ සාක්‍ෂිකරුවන් වීම සඳහාය. දෙවියන් වහන්සේ විසින් විශේෂයෙන් කැඳවූ අය පමණක්, ස්වාමින් වහන්සේගේ පූර්ණ කාලීන සේවයට ඇතුල් විය හැක. මට එවැන්ජලිස්තවරයකු හෝ ගුරුවරයකු වීමට අවශ්‍ය යයි ඔබට කිව නොහැක. දෙවියන් වහන්සේ එම සේවය සඳහා ඔබව කැඳවනු ලබන අතර, එය සඳහා ඔබව සන්නද්ධ කරන සේක. අද දවසේ වුවද, දෙවියන් වහන්සේ ස්වාධීනව උන්වහන්සේගේ සේවකයන් කැඳවන සේක. මනුෂ්‍ය ශරීරය තුළ සෑම අංගයක්ම වැදගත් සේම, ක්‍රිස්තුස් වහන්සේ තුළ සෑම සේවයක්ම වැදගත්‍ ය. මුහුණ වැනි අංග සමහරක් දැකිය හැකි අතර, අක්මාව, වකුගඩු වැනි අංග පෙනෙන්නේ නැත. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය තුළත් එසේම වන අතර, සමහර සේවයන් අනෙක් සේවයන්ට වඩා බොහෝ දෘෂ්‍යමානය.ශු:මතෙව් 11:29 හි, යේසුස් වහන්සේ, "මාගෙන් ඉගෙන ගන්න" යයි පැවසූ සේක. මෙහිදී, උන්වහන්සේ, "මා අනුව වරෙල්ලා" යයි පැවසූ සේක. ගෝලයන්ට කීරිමට ඇත්තේ මෙම කාරණා දෙකය. ගෝලයා යනු, ඉගෙන ගන්නකු හා අනුව යන්නෙකුය. ඔහුගේ ජීවිත කාලය පුරාම ඔහුට ඇත්තේ, යේසුස් වහන්සේගෙන් ඉගෙන ගැනීම සහ උන්වහන්සේ අනුව යෑමය. හමුදාව තුළ, ඔවුන් පිළිවෙලින් ඇවිදිමින් පවසන්නේ, "වම, දකුණ, වම, දකුණ" යනුවෙනි. ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණෙන තෙක් අපට කියන්නට තිබෙන්නේ, ඉගෙන ගන්න,අනුව යන්න; ඉගෙන ගන්න, අනුව යන්න" යනුවෙනි. ඔබ ඉගෙනීම පමණක් කරමින්, අනුව නොයන්නේ නම්, හමුදා පෙරෙට්ටුවකදී, "වම, වම, වම, වම" යයි විධාන ලැබූ විට, ඔහුගේ වම් පයින් පමණක් ඇවිදීමට උත්සාහ කරන අයකු මෙන් ඔබ වනු ඇත!! නමුත් යේසුස් වහන්සේගේ සැබෑ ගෝලයකු, ඉගෙනීම කරන අතර, ඔහු ඉගෙන ගත් දෙය අභ්‍යාසයේ යොදවනු ලබයි. ඔබ ඉගෙන ගන්නා දෙය අනුව ජීවත්වන්නේ නැතිනම්, ඔබ හදන අයත්, ඔබ වාගේම තනි කකුලෙන් යන අයකු වනු ඇත.

අපි ඉගෙන ගත්තා ප්‍රමාණවත් යයි අපිට කිසිසේත්ම කිව නොහැකිය. අපගේ ජීවිතයේ අවසාන වන තෙක්ම යේසුස් වහන්සේගෙන් අපට ඉගෙනීමට ඇත.එම පදයේ දෙවන කොටස පොරොන්දුවකි. "ඔබ මා අනුව එන්නේ නම්, මම නුඹ සාදන්නෙමි......". "මම නුඹ සාදන්නෙමි" යන එම කියමන ගැන සිතා බලන්න. මෙය කුඹල්කරුවා භාජනයක් සාදනවා වැනිය. කුඹල් කරුවා සෑම භාජනයක්ම එකම හැඩයට සාදන්නේ නැත. දෙවියන් වහන්සේ අපවද නොයෙක් හැඩ තල වලට සාදන සේක. ඔබගේ සේවය, තවත් යම් සහෝදරයකුගේ සේවය මෙන් කරන ලෙස කිසි දිනක දෙවියන් වහන්සේගෙන් නොඅසන්න. දෙවියන් වහන්සේ කිසි දිනක එය නොකරන සේක. මක්නිසාද උන්වහන්සේ සෑම භාජනයක්ම සාදන්නේ එයටම අනන්‍යවු හැඩ තලයකටය. ඔබ තව කෙනෙකුගේ ආකාර සේවයක් ලබා ගැනීමට සොයා බලන්නේ නම්, දෙවියන් වහන්සේ ඔබව සාදන්නට යන්නාවු හැඩ තලය, ඔබ විසින් වලක්වනවා ඇත.මම මගේ සභාවේ අයට නිරන්තරයෙන් කියන්නේ, "කවදාවත් මාගේ සේවය අනුකරණය නොකරන ලෙසය. මක්නිසාද දෙවියන් වහන්සේට අවශ්‍ය වනුයේ ඔබගේම අනන්‍යතාවයක් ඇතිව සිටිමටය. උන්වහන්සේට අවශ්‍ය ඔබ, ඔබම වීමටය". උන්වහන්සේට අවශ්‍ය වන්නේ, උන්වහන්සේගේ සභාව තුළ මම වාගේ එක් අයෙකු පමණක් වන අතර, ඔබ වාගේද එක් අයකු පමණි.

ඔබ ස්වාමින් වහන්සේ අනුගමණය කරන්නේ නම්, ඔබව සාදනු ලැබිය යුතු ආකාරයටම උන්වහන්සේ ඔබව සාදන සේක. එය ස්වාමින් වහන්සේගේ වගකීමයි. මෙම මනුෂ්‍යයන්ගේ අවස්ථාවේදී, ඔවුන්ගේ හැඩය වුයේ, මනුෂ්‍යයන් ගලවා ගන්නන් ලෙසටය. සමහර විට ඔබගේ අවස්තාවේදී එය වෙනස් දෙයක් විය හැක. සමහර විට සභාව තුළ උදව් කරන්නට විය හැක. සමහර අය අපෝස්තලුවරුන්, සමහර අය ප්‍රොපේතවරුන් සහ සමහර අය එවැන්ජලිස්තවරුන් ලෙස කැඳවනු ලබති. එවැන්ජලිස්තවරුන් මනුෂ්‍යයන් ගලවා ගන්නන්‍ය. පාවුල් තුමා වැනි අය කැඳවා ඇත්තේ සෑම දෙයකටමය; අපොස්තලු, ප්‍රොපේත, ගුරුවරු, එඬේර සහ එවැන්ජලිස්ත වශයෙනි. නමුත් මෙම විශේෂ දීමනා, දෙවියන් වහන්සේ එක් අයෙකුට දෙනු ලබන අවාස්තා විරලය. අපගේ බොහෝ අයට, සාමාන්‍යයෙන් ලැබී ඇත්තේ එක දීමනාවක් පමණකි. පෙර දින වලදී, අපොස්තලුවරුන්ට බොහෝ දීමනා තිබී ඇත.මක්නිසාද සභාව තුළ දීමනා සහිත අය සිටියේ ඉතා ස්වල්ප දෙනෙකු නිසාය. නමුත් සභාව විශාල වීමත් සමගම, දෙවියන් වහන්සේ බොහෝ පුළුල්ව දීමනා බෙදා දුන් සේක. නමුත් ඔබගේ දීමනාව කුමක් වුවද, තවම එහි මූලධර්මය "මම නුඹ සාදන්නෙමි" යන්නය.ස්වාමින් වහන්සේට අවශ්‍ය ලෙස අපව සැදීමට, අප ඉඩ දිය යුතුමය. අපට අපවම සාදා ගත නොහැක.

ඔබ, ඔබව එවැන්ජලිස්තවරයකු හෝ ගුරුවරයකු හෝ අපොස්තලුවරයකු හෝ විමට කවරදාවත් උත්සාහා නොකරන්න. එසේ කළහොත් ඔබ සම්පුර්ණයෙන්ම අසාර්ථක වනු ඇත. දෙවියන් වහන්සේ ඔබ නොකැඳෙව්වා වු සේවයක් කිරිමට කිසිදා උත්සාහ නොකරන්න. ඔබ යටහත් පහත් වෙමින් ස්වාමින් වහන්සේ කෙරෙහි රැඳී සිටිමින්, උන්වහන්සේ ඔබව කැඳවා අත්තේ කුමකටදැයි පෙන්වීමට ඉඩ හරින්න. මෙම රට තුළ, බොහෝ අය තමන්ටම සේවයක් ගොඩ නැගීමට උත්සාහ කරන බව, මා දැක තිබේ. ඔවුන් ඇමෙරිකාවෙන් මුදල් ලබා ගෙන සේවයක් ආරම්භ කරති. නමුත් එක් දිනක, දෙවියන් වහන්සේ එය සම්පූර්ණයෙන්ම ඇද දමා, විනාශ කරන සේක. ඔබට ඇත්තේ එක ජීවිතයක් පමණක් බව මතක තබා ගන්න. ඔබට මහත් සේවයක් තිබේ යයි පවසමින්, මිනිසුන් විශ්මයට පත් කිරීමට උත්සහ කරමින් එම ජීවිතය අපතේ නොහරින්න. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය තුළ කිරීම සඳහා දෙවියන් වහන්සේ විසින් කැඳවා භාර දුන්නාවු වැඩය ඉෂ්ට කරන්න. "ස්වාමින් වහන්සේ තුළ නුඹ ලැබු සේවය සම්පූර්ණ කරන පිණිස, ඒ ගැන බලා ගනින්න" (කොලොස්සි 4:17). උන්වහන්සේට කැමති භාජනයක් ලෙස අඹන තෙක්, ස්වාමින් වහන්සේ දෙස බලා සිටින්න. උන්වහන්සේ එකම කාරණයක් සඳහා සෑම දෙනාවම නොකැඳවන සේක. ගලීල මුහුදේ සිටි එම සියලු මසුන් අල්ලන්නන් යේසුස් වහන්සේගේ ගෝලයන් බවට පත් වීමට හැකි විය. නමුත් එම සියලු දෙනාටම අපොස්තලුවරුන් වීමට නොහැකි විය. අපොස්තලුවරුන් විශේෂයෙන් කැඳවිය යුතුය. අපගේ ජීවිතයේ කැඳවීම සහ අපගේ සේවය අතර වෙනස වෙන්කොට පැහැදිලිව වටහා ගැනිම අවශ්‍යය. එනිසා ඔබගේම සේවයක් සඳහා යයි මිනිසුන් පොළොඹ වීමට උත්සහ නොකරන්න. එය අඥාන කමකි.

යේසුස් වහන්සේ යක්‍ෂාවේස මිනිසුන්ට උපස්ථාන කරන අවස්ථාවේදි, සමහර යක්‍ෂයන් මොර ගැසීමට උත්සාහ කළේ "මේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාය" යනුවෙනි (ශු: මාර්ක් 1:34). යක්‍ෂයන්, ඔබව දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයකු ලෙස හඳුනා ගත්තා යයි අනෙක් අයට අසන්නට ලැබුනා නම්, එය ඔබට ප්‍රිතියක් නොවන්නේද? නමුත් යේසුස් වහන්සේ යක්‍ෂයන්ට අණ කළේ නිශ්ශබ්ද වන ලෙසටය.මක්නිසාද කිසිම යක්‍ෂයකුගේ සාක්‍ෂියක් උන්වහන්සේට අවශ්‍ය වුයේ නැත. ඕනෑම අවස්ථාවකදි යක්‍ෂ්‍යයන් බොරු කාරයන්‍ ය. එනිසා උන්ගේ සාක්‍ෂිය වටින්නේද? නැත! යේසුස් වහන්සේ කළ දෙයම අපිත් කළ යුතුය. සමහර අය යක්‍ෂයන් දුරු කිරීමට පෙර, ඔවුන් සමග සාකච්ඡා පවත්වති. මෙය සෑම විටම අඥාන දෙයකි. යේසුස් වහන්සේ යක්‍ෂයන්ට කථා කිරීමට ඉඩ දුන්නේම නැත. එවෙලේම උන්වහන්සේ ඔවුන් එලවා දැමූ සේක.

මාර්ක්:දෙව් පියාණන්ගේ කැමැත්ත කිරීම

ශු:මාර්ක් 1:35 දී අප එක් එක් අයට තිබීමට යෝග්‍යවූ, උදෑසනම පිබිද, දෙවියන් වහන්සේට සවන් දීම (යෙසායා 50:4 බලන්න) යන යේසුස් වහන්සේ සතුව තිබූ පුරුද්ද අපි කියවන්නෙමු. පෙර දින රාත්‍රිය තෙක් අවිවේකීව උන්වහන්සේ සිටියත්, එහෙත් හිරු නැගීමටත් ප්‍රථම උදෑසනින්ම පිබිද, උන්වහන්සේ පියාණන් වහන්සේ සමඟ තනිව ගත කළ සේක. ප්‍රථමයෙන්ම ඔබ කුමන අංශයකින් යේසුස් වහන්සේ අනුගමණය කිරීමට කැමතිද? රෝගීන් සුව කිරීමෙන් ද? මෙහි ලියා තිබෙන ආකාරයට ආරම්භ නොකරන්නේ ඇයි? සෑම දිනකම උන්වහන්සේ ජීවත් වූයේ උදෑසන සිට රාත්‍රිය දක්වාම උන්වහන්සේ පියාණන් වහන්සේට ඇහුම්කන් දෙමිනි. යමෙක් පැවසූ ලෙස, සංචාරකයන් අලුත් ස්ථානයකට පැමිණි විට නැරඹීමට ඇති ස්ථාන සොයා බලන ආකාරයටම යේසුස් වහන්සේ, පියාණන් වහන්සේ සමඟ තනිවීම සඳහා හුදකලා සහ කාන්තාර ප්‍රදේශ ගැන සොයා බැලූ සේක. සමහර කිතුනුවන් හුදකලා වීමට කැමති නැත. ඔවුන්ට නිතරම වුවමනා වන්නේ අනෙක් අයත් සමඟ සිටීමටය. ඔවුන්ගේ ජීවිත මෙතරම් නොගැඹුරු මේ නිසාය. යේසුස් වහන්සේට සෑමදාම පියාණන් වහන්සේ සමඟ කතා කරමින් කාලය ගත කිරීමට අවශ්‍ය වුනි, මක්නිසාද උන්වහන්සේ, උන්වහන්සේගේ ශක්තිය හා ඥානය ලබාගත්තේ එම ගත කරන කාලය තුළින් ය.

මහත්වූ පිබිදීමක් හටගෙන ඇති හෙයින් මිනිසුන් යේසුස් වහන්සේ වෙත පැමිණ, ඔවුන් සමඟ තව ටික කාලයක් සිටින්නට යැයි බල කර සිටින විටද, උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේට එය කළ නොහැකිය කියාය. මක්නිසාද වෙනත් තැනකට යන්න යයි උන්වහන්සේගේ පියාණන් වහන්සේ, උන්වහන්සේට එම උදෑසනම පවසා ඇති නිසාය. පිබිදීමක් හටගත් තැනක තවදුරටත් එතැනම නැවතී සිටිය යුතු යැයි මනුෂ්‍ය බුද්ධියයෝජනා කරන්නේය. නමුත් මනුෂ්‍යයන්ගේ අවශ්‍යතාවයට ප්‍රමුඛත්වය දෙමින් යේසුස් වහන්සේ ක්‍රියා නොකළ නමුත්, පියාණන් වහන්සේගේ හඬට අනුව ක්‍රියා කළ සේක. යේසුස් වහන්සේ නැගිටීමට ප්‍රමාද වී, එම උදෑසනදී පියාණන් වහන්සේ සමඟ කාලය ගත නොකළේ නම්, උන්වහන්සේගේ සිතුවිලි අනුව යමින් එම ස්ථානයේම රැදී සිටීමෙන් ඒ දිනය උදේසා පියාණන් වහන්සේගේ කැමත්ත සිදු කිරීමට උන්වහන්සේට නොහැකි වනු ඇත. එක දිනකට පමණක්, දෙවියන් වහන්සේගේ කැමැත්ත නැති කර ගත්තාට මොනවා වෙනවාද? යැයි අපට පැවසිය හැක. නමුත් පියාණන් වහන්සේ විසින් යේසුස් වහන්සේට, පවරා ඇති කාර්‍යය සම්පූර්ණ කිරීම පිණිස සෑම දිනයක්ම උන්වහන්සේට ඉතා වැදගත් විය. අපි අපගේ මුදල් ගැන ප්‍රවේසම් වන්නා සේ උන්වහන්සේ, උන්වහන්සේගේ කාලය ගැන ප්‍රවේසම් වන සේක.

අපට මෙම ආකල්පය තිබිය යුතුය. "ස්වාමිනි, මාගේ ජීවිතයේ එක් දිනක් වත් නාස්ති වී යනවාට මම කැමති නැත. මාගේ ජීවිතයේ සෑම දිනකම, නිතරම ඔබවහන්සේට මා සිටීමට අවශ්‍ය ස්ථානයේ මා සිටිනා පිණිස මාගේ වාතාවරණය සකස් කළ මැනව". එය යාච්ඤා කිරීමට යෝග්‍ය යාච්ඤාවකි. අපට මගපෙන්වීමට ස්වර්ගයෙන් හඬක් කෙළින්ම ඇසෙන්නේ නැති වුවද, අපගේ ජීවිතයේ සෑම දිනකම දෙවියන් වහන්සේට අවශ්‍ය තැන සිටින පිණිස, අපගේ අවස්ථාවන් සකස් කරන්නට දෙවියන් වහන්සේට පුළුවන. එතැන ජීවත් වීමට සැප පහසු ස්ථානයක් නම්, එම නිසාම එම ස්ථානයට නොයන්න. ඔබ එතැන සිටීම දෙවියන් වහන්සේට අවශ්‍ය දැයි ඔබගෙන්ම අසන්න. එවිට දෙවියන් වහන්සේගේ කැමැත්ත කිරීම ඔබෙන් අතපසු නොවන අතර ඔබගේ ජීවිතයේ අවසාන අවස්ථාවට ඔබ පැමිණි විටද, ඔබ ජීවත් වූ ආකාරය ගැන කිසිම කණගාටුවක් ඇති නොවනු ඇත.

මාර්ක්:යේසුස් වහන්සේ මනුෂ්‍යයන්ට ප්‍රේම කළ සේක

ශු:මාර්ක් 2:3 හිදි, යේසුස් වහන්සේගේ නිවසට ගෙනාවා වූ අංශභාග රෝගියකු ගැන අපි කියවන්නෙමු. මිනිසුන් සතර දෙනෙකු විසින් ඔහු ඔසවාගෙන ආ අතර, බොහෝ සෙනඟ නිසා නිවස තුළට යා නොහැකි බව දුටු විට, වහල කඩා විවෘත කිරිමට ඔවුන් තීරණය කරන ලදී. මෙවැනි දෙයක් කිරිමට තරම්, ඔවුන් නිර්භීතව සිතුවේ කෙසේද? මක්නිසාද එම නිවස හිමිව තිබුණේ යේසුස් වහන්සේටය (ශු: මතෙව් 4:13 සමඟ මෙහි 1වන පදය සසදා බලන්න). යේසුස් වහන්සේ මනුෂ්‍යයන්ට බොහෝ සේ ප්‍රේම කරන බව ඔවුන් දැන සිටි අතර, එහි ප්‍රතිඵලයක් ලෙස යම් කිසිවකු සුව වන්නේ නම්, උන්වහන්සේගේ නිවසට වූ හානිය ගැන උන්වහන්සේ ගණන් නොගන්නා සේක!!.ඔහුව ඔසවා ගෙන ඇතුලට පැමිණි මිනිසුන් ගේ ඇදහිල්ල යේසුස් වහන්සේ දුටු අතර (ශු:මාර්ක් 2:5), උන්වහන්සේ එම මනුෂ්‍යයා සුව කළ සේක (ශු:මාර්ක් 2:11). සාමාන්‍යයෙන් පවසනුයේ "අපගේම ඇදහිල්ල අනුව" අපි දෙවියන් වහන්සේගෙන් ලබමුව. යේසුස් වහන්සේ නිතරම ක්‍රියා කළේ ඇදහිල්ල නැමැති මූලධර්මය මතය. නමුත් මෙහිදි වෙන කිසිවකුගේ ඇදහිල්ල, එම මනුෂ්‍යයාට දෙවියන් වහන්සේගේ ආශීර්වාදය ගෙනාවේය.

සමහර විට මෙම මනුෂ්‍යයාට කිසිම ඇදහිල්ලක් නොතිබුණා වන්නට පුළුවන.නමුත් ඔහුගේ මිත්‍රයන්ගේ අදහිල්ල ඔහුට සුවය ගෙනාවේය. එක් පියකුගේ අදහිල්ල, ඔහුගේ යක්‍ෂාවේශ වු පුත්‍රයාට නිදහස ගෙනාවේය (ශු:මාර්ක් 9:24). කානානීය මවගේ අදහිල්ල ඇගේ දියණියට සුවය ගෙනාවේය (ශු:මතෙව් 15:28). සියයකට මුළාදෑනියාගේ අදහිල්ල, ඔහුගේ සේවකයාට සුවය ගෙනාවේය (ශු:මතෙව් 8:13). අද දවසේ අපට,අංශභාග වූ අය, අධෛර්‍යමත් කමට හිරවු අය සහ භය පත් වු අය ද යාච්ඤාවෙන් යේසුස් වහන්සේ වෙත ගෙන ආ හැකි අතර, අපගේ ඇදහිල්ල නිසා ඔවුන් නිදහස් වන අයුරු බලා ගත හැක. අන් අයට දෙවියන් වහන්සේ ආශීර්වාද කරන පිණිස අපට යාච්ඤා කිරිමට පුළුවන.

අප මෙම සිද්ධියෙන් යේසුස් වහන්සේගේ ශරීරය තුළ ඇති අන්‍යෝන්‍ය රැඳියාව ඉගෙන ගනිමුව. අපගේ කිතුනු ජීවිතය, අප තනිවම නොව අනෙක් අය සමඟ ජීවත් විය යුතුය. නියත වශයෙන්ම, අපගේ වැඩ තනිවම කර ගැනීම වඩා පහසු වන්නේය. මක්නිසාද අප කැමති දෙයක්, අප කැමති විටෙක කළ හැකි අතර කිසිවෙකුට පිළිතුරු දිය යුතු වන්නේද නැත. නමුත් මෙම අයුරින් වැඩ කරන අය අවසානයේදි ඔවුන්වම විනාශ කර ගන්නවා ඇත. සහභාගිකමට ආශාවන්න. එය ඔබගේ ගැලවීම උදේසා වන්නේය. දේව භක්තික සහෝදරයකු සොයා ගෙන විශේෂයෙන්ම ඔබ තරුණ නම්, ඔහුගේ අධිකාරිත්වයට යටත් වන්න. ඔබ දුර්වල වූ විට ඔවුන්ගේ ඇදහිල්ල ඔබව එම දුර්වල කමින් එලියට ගෙනෙනු ඇත.

ශු:මාර්ක් 2:18-22 හිදි, බොහෝ අනෙකුත් ආගමික කණ්ඩායම් නිරාහාරව සිටිද්දී, ඔබගේ ගෝලයන් නිරාහාරව නොසිටින්නේ මන්දැයි යේසුස් වහන්සේගෙන් ප්‍රශ්න කරන අයුරු අපි කියවන්නෙමු. ස්වාමින් වහන්සේ අපට ප්‍රකාශ කර ඇත්තේ, නිරාහාරව සිටිය යුත්තේ රහසිගතව බව නිසා, තරයේම ප්‍රකාශ කර සිටින්නේ, යම් කිසිවකු නිරාහාරව සිටින්නේද නැද්ද යන්න දැන ගැනීම අපගේ කාර්‍යයක් නොවේය යන්නය. කෙසේවෙතත් යේසුස් වහන්සේ ඔවුන්ට කියා සිටියේ, උන්වහන්සේ (ගෝලයන්ගේ මනාලයා), ඔවුන් හැරදා නැවත ස්වර්ගයට ගිය විට, උන්වහන්සේගේ ගෝලයන් නිරාහාරව සිටින්නට යන බවයි. යේසුස් වහන්සේ නිරාහාරව සිටිම ගැන ආඥාවක් දුන්නේම නැත. නමුත් යේසුස් වහන්සේ ගේ මනාලිය නිරාහාරව සිට යාච්ඥා කරන්නේ රහසිගතව සහ ස්වේච්චාවෙන්‍මය. එවිට යේසුස් වහන්සේ පැවසුවේ, අලුත් ගිවිසුම තුළ සෑම දෙයම (නිරාහාරව සිටිම ඇතුළුව) පරණ ගිවිසුමෙන් වෙනස් වන බවයි. දැන් නීති නැත. සෑම දෙයම ස්වේච්ඡාවෙන්‍ ය. උන්වහන්සේ නිදර්ශණයකින් මෙය විස්තර කරමින් පැවසුවේ, අලුත් රෙදි කැබැල්ලක්, පරණ වස්ත්‍රයකට මහන්නේ නැත. මැසුවහොත් සේදිමකදි පරණ වස්ත්‍රය ඉරී යනු ඇත. මෙම යෙදුමෙන් පවසන්නේ, ඔබට අලුත් ගිවිසුමෙන් බිඳක් ගෙන පරණ ගිවිසුමට සම්බන්ධ කළ නොහැකිය යන්නය. 75%ක් පරණ ගිවිසුම අනුවද, අලුත් ගිවිසුමෙන් 25% ක අන්ඩයක් දමා සභාවක් පවත්වා ගෙන යා නොහැක. සභාවක් පවත්වාගෙන යා යුත්තේ 100% ක්ම අලුත් ගිවිසුමේ මූලධර්ම අනුවමය. එසේ නොමැති වුවහොත් එය බරපතල ගැටලුවකට මුහුණ දෙනු ඇත.

එවිට යේසුස් වහන්සේ නිදර්ශනයක් ගෙන හැර පාමින් එම සත්‍යම කියා දුන්නේ, අලුත් මුද්‍රික පානය දැමීමට අවශ්‍ය වන්නේ අලුත් සම් භාජනයක් බව පහදා දෙමින්‍ ය (ශු:මාර්ක් 2:22). එම දවස් වල මුද්‍රික පානය ගබඩා කරනු ලැබුයේ සත්ව සම් භාජන තුළය. මුද්‍රික පානය සම් භාජන තුළදි පැහෙන්නට පටන් ගන්නා විට, එහි පරිමාව වැඩි වෙන්නට පටන් ගන්නා අතර සම් භාජනයද ප්‍රසාරණය වෙයි. නමුත් සම් භාජන වලට එක්තරා ප්‍රමාණයකට වඩා ප්‍රසාරණය විය නොහැක. එම නිසා ඔබ, අලුත් නොපැසුණු මුද්‍රික පානය, ඇදුනු පරණ සම් භාජනයකට දැමුව හොත්, එය පැහෙන විට, එම පරණ සම් භාජනය පුපුරා යනු ඇත. පරණ මුද්‍රික පානය, පරණ ගිවිසුමේ ව්‍යවස්තාව යටතේ ඇති ජීවිත වන අතර, පරණ මුද්‍රික පාන සම් භාජනය, පරණ ගිවිසුම් සම්ප්‍රදාය (ක්‍රම වේදය) වේ. අලුත් මුද්‍රික පානය යේසුස් වහන්සේගේ ජීවිතය වන අතර, අලුත් මුද්‍රික සම් භාජනය, අලුත් ගිවිසුමේ සභාව වේ. අප යේසුස් වහන්සේගේ ජීවිතය රැගෙන, පූජකයන්, දසයෙන් කොටස්, චාරිත්‍ර හා නීතිමාලා සහිත පරණ ගිවිසුමේ ක්‍රම වේදය තුළට දැමුවේ නම්, යේසුස් වහන්සේගේ ශරීරය පුපුරුවා හරිනු ඇත. පරණ ගිවිසුමේ නීති සහ රෙගුලාසි පවත්වා ගෙන යාමට ඔබට වුවමනා නම්, ඔබ තෝරා ගත යුත්තේ මොසස් ගේ ව්‍යවස්ථා යටතේ ජීවත් වීමය. ඔබට, පරණ ගිවිසුම සහ අලුත් ගිවිසුම මිශ්‍ර කළ නොහැකිය. යේසුස් වහන්සේගේ ජීවිතය පැහැදිලි ලෙසම ප්‍රකාශ කිරීමට අලුත් ගිවිසුමේ සභාවක්ම අවශ්‍යය. පරණ ගිවිසුමේ නීති වලින් ඔබ,ඔබගේ සභාව සම්පූර්ණයෙන්ම නිදහස් කර ගත යුතුව ඇත. කෙසේ නමුත් අති විශාල කිතුනු බහුතරයක් ජීවත් වන්නේ පරණ ගිවිසුම අනුව යන සභා ක්‍රමය තුළය. ඔවුන් අලුත් මුද්‍රික පානය, ඔවුන් ගේ පරණ සම් භාජන තුළට දැමීමට උත්සාහ කරන අතර, යේසුස් වහන්සේ පැවසු පරිදිම, එහෙන් මෙහෙන් පුපුරා ඇති බව ඔවුන්ටම සොයා ගත හැක.

ශු:මාර්ක් 3:1-6 හිදි, සබත් දිනකදි යේසුස් වහන්සේ සිනගෝගයකට ගිය අයුරු අපි කියවන්නෙමු. එහි වියළි අතක් ඇති මනුෂ්‍යයකු සිටි අතර, උන්වහන්සේ සබත් දිනයේදි ඔහු සුව කරන සේක්දෝ කියා, පරිසිවරු බල බලා සිටියෝය. "යේසුස් වහන්සේ උදහස් වි" යන ලෙස ශුද්ධ ලියවිල්ලෙහි සඳහන්ව ඇති එක් ස්ථානයක් මෙය වන්නේය. දෙවියන් වහන්සේගේ නාමයෙන් දේව මාලිගාව තුළ මුදල් උපයමින් සිටි අය කසයක් ගෙන එලවා දැමු මොහොතේදීද, උන්වහන්සේ උදහස්ව සිටින්නට ඇත කියා මට විශ්වාසය. මෙහිදී යේසුස් වහන්සේ ඔවුන් දෙස උදහසින් බැලු සේක. මක්නිසාද ඔවුන්ගේ හදවත් වල දැඩි කම ගැන දුක් වූ නිසාය. පරිසිවරු උන්වන්සේ ගැන සිතන දේ කුමක් වුවත් ඒගැන නොසලකා හරිමින් උන්වහන්සේ එම මනුෂ්‍යයා සුව කළ සේක. මෙහිදී පරිසිවරුන් ගේ යක්‍ෂ ස්වභාවය ප්‍රත්‍යක්‍ෂ කරමින්,මෙම මනුෂ‍්‍යයා සුව වීම ගැන ප්‍රීති වනවා වෙනුවට "යේසුස් වහන්සේ විනාශ කිරීමට" මන්ත්‍රණය කිරීමට පටන් ගත්තෝය. ඔවුන්ට යේසුස් වහන්සේ විනාශ කිරිමට අවශ්‍ය වුයේ ඇයි? එම වියළි අත සහිත මනුෂ්‍යයා, අවුරුදු ගණනාවක්ම ඔවුන්ගේ සිනගෝගයේ වාඩි වි සිටි අතර,එම පරිසිවරුන්ට සුව කිරිමට නොහැකි විය. නමුත් මෙහිදි, අවමන් කළ නගරයක් වූ නාසරෙත් සිට පැමිණි නූගත් වඩුවකු වූ, උන්වහන්සේ මෙම මනුෂ්‍යයා ක්‍ෂණයකින් සුව කළ සේක. පරිසිවරුන්ට වඩා මහත් දෙයක්, මෙම දේශකයාට කිරිමට හැකි බව මෙම මිනිසුන් ප්‍රත්‍යක්‍ෂ ලෙස දැන ගත් විට එම මිනිසුන් උන්වහන්සේ අනුගමණය කරන නිසා පරිසිවරු, යේසුස් වහන්සේට ඊර්‍ර්‍ෂ්‍යා කළෝය. එනිසා ඔවුන් උන්වහන්සේ සහ උන්වහන්සේගේ සේවය විනාශ කිරිමට සැලසුම් කළෝය. ඔවුන් උන්වහන්සේ බොරු ප්‍රොපේතවරයකු ලෙස හෝ මිථ්‍යා ලබ්දිකයකු ලෙස නම් කළහ. දෙවියන් වහන්සේ ඔබව භාවිතා කරන විට කිතුනු පරිසිවරු තුළ ඊර්‍ෂ්‍යාවක් පැමිණිය හැකි අතර, ඔවුන් ඔබගේ සේවය හෝ ඔබව විනාශ කිරිමට තැත් කරනු ඇත. සමහර විට ඔවුන් උත්සාහ කරනු ලබන්නේ දුරාචාරය පතුරුවමින් ඔබව කළකිරිමට පත් කරමින් හෝ ඔබව බොරු ප්‍රොපේතවරයකු ලෙස නම් කරමින් ඔබගේ සේවය විනාශ කිරිමටය. දෙවියන් වහන්සේ ඔබ තුළින් කරන දේවල් ඔවුන්ට කළ නොහැකි නිසා ඔවුන් ඊර්‍ෂ්‍යා වනු ඇත. වෙන අයකුගේ සේවයක් ගැන ඊර්‍ෂ්‍යා කිරිමෙන් ප්‍රවේසම් වන්න.

මෙහිදී කෝපය ගැන යමක් පවසන්නට මට ඉඩ දෙන්න. එපීස 4:26 හි පවසන්නේ "කෝප වුවත් පව් නොකරල්ලා" යනුවෙනි. පාපි කෝපයක් තිබෙන අතර පාපි නොවන කෝපයකුත් තිබේ.යේසුස් වහන්සේගේ ජීවිතය තුළ පාපි රහිත කෝපය තිබූ බව අපට බලා ගත හැක. උන්වහන්සේ කෝප වුයේ සහ කෝප නොවුයේ කුමණ වේලාවන් හිදීද? තද සිත් ඇතිව දුප්පතුන් දෙස බලන මිනිසුන් කෙරෙහි උන්වහන්සේ කෝප වු බව මෙහිදි අපට දැක ගත හැක. ආත්මාර්ථය පිණිස දුප්පතුන්ගෙන් අයුතු ප්‍රයෝජන ගන්නා මිනිසුන් දුටු විටත් සහ දෙවියන් වහන්සේගේ නාමයෙන් දේව මාලිගාව තුළ මුදල් උපයනවා දුටු විටත් උන්වහන්සේ කෝප වූසේක. නමුත් මිනිසුන් උන්වහන්සේට යක්‍ෂයා යයි කියන විට හෝ උන්වහන්සේගේ මුහුණට කෙළ ගසන විට හෝ උන්වහන්සේ කුරුස පත් කරන විට හෝ උන්වහන්සේ කෝප නොවූ සේක. එනිසා අන් අය අපට කුමක් කරන විට හෝ පවසන විට අපගේ ප්‍රතික්‍රියාව ලෙස හට ගන්නා කෝපය පාපි වේ.- උත්තම පූජකයා, පාවුල් තුමාගේ කටට ගසන ලෙස අන් අයකුට අණ කළ විටදි, පාවුල් තුමා මොර දුන්නා සේ (ක්‍රියා 23:2,3)-. සභාව තුළ දෙවියන් වහන්සේගේ නාමය අගෞරවයට පත් කරන විටදි, නැගෙන කෝපය ධර්මිෂ්ඨ වන්නේය. කෙසේ නමුත් බොහෝ කිතුනුවන් මෙයට හාත්පසින්ම වෙනස්‍ ය. මිනිසුන් ඔවුන්ට හිරිහැර කළ විට ඔවුන් කෝප වෙති. නමුත් දෙවියන් වහන්සේගේ නාමය අගෞරවයට පත් වන විටදි ඔවුන් කෝප නොවෙති. ඉන්දියාව තුළ බොහෝ දේශකයන් යේසුස් වහන්සේගේ නාමයෙන් මුදල් ලබා ගනිති. කිතුනුවන් ඔවුන් සමග කෝප වන්නේද? නැත. ඇයි? මක්නිසාද ඔවුන් ක්‍රිස්තුස් වහන්සේ මෙන් නොවන නිසාය. යේසුස් වහන්සේ පැවසුවේ, "මාගෙන් ඉගෙන ගන්න, මා අනුව පැමිණෙන්න" යනුවෙනි.

ශු:මාර්ක් 4:38 දී, යේසුස් වහන්සේ ඔරුවක් තුළ මෙට්ටයක් මත නිදා ගත් බව අපි කියවන්නෙමු. මෙට්ටය යනු සැප පහසුවයි. බෝට්ටුව තුළ තද ලී තට්ටුව මත යේසුස් වහන්සේ නිදා නොගෙන, මෙට්ටය මත නිදා ගැනීම ගැන, මම කියවු විට, මගේ හදවතට ආශිර්වාදයක් විය. යේසුස් වහන්සේ නිදහසක් ලැබුණු විට, සුව පහසු ඇඳක් භාවිතා කිරීම ප්‍රතික්‍ෂේප කරන තාපසයකු නොවේය. තද පොළොව මත නිදා ගැනීම, මහත් ආත්මික දෙයක් ලෙස බොහෝ කිතුනුවෝ සිතති. එය ආත්මික නොවේය.- යේසුස් වහන්සේ අනුගමනය කිරීම ද නොවේය -. ශු: මාර්ක් 5 වන පරිච්ඡේදයේදි, යක්‍ෂාවේස වු මිනිසෙකුගේ නිදහස් වීම ගැන අපි කියවන්නෙමු. යක්‍ෂ්‍යයන් ඌරන් සමුහයකට ඇතුල් වීමට අවසර ඉල්ලා සිටිය අතර, යේසුස් වහන්සේ ඔවුන්ට අවසරය දුන් සේක. මෙම මනුෂ්‍යයා තුළ අඩුම තරමින් යක්‍ෂ්‍යයන් 2000 ක්වත් සිටිය යුතුමය. මක්නිසාද ඔවුන් ඌරන් 2000 ක් තුළට ඇතුල් වූහ. එම ප්‍රදේශයේ මිනිසුන්, එම මනුෂ්‍යයා සම්පුර්ණයෙන්ම නිදහස් වි හොඳ සිහියෙන් සිටිනවා දුටු විට, "ස්වාමිනි, මෙය පුදුමාකාර දෙයකි, අපගේ දේශයට පැමිණ සේවය කළ මැනව" යයි පවසනවා වෙනුවට, ඔවුන් යේසුස් වහන්සේට බල කරමින් කියා සිටියේ ඉක්මනින්ම ඉවත්ව යන ලෙසය (ශු:මාර්ක් 5:17). වටිනා කම ගැන ඔවුන් ගේ අවබෝධය ගැන යමක් මෙයින් අපට පවසයි. ඔවුන්ට මනුෂ්‍යයන්ට වඩා ඌරන් වටින්නෝය. වෙනත් තැනක යේසුස් වහන්සේ ඉගැන්වුයේ මුලු ලොවටම වඩා එක ආත්මයක් වටිනා බවය (ශු: මාර්ක් 8:36). යේසුස් වහන්සේ ඔවුන් ගේ කැමැත්තට ගරු කළ අතර, ඉන් ඉවත්ව යන විට ගැලවුනාවු එම මනුෂ්‍යයාට පැවසුවේ, එම දේශයට උන්වහන්සේගේ සාක්‍ෂිකාරයකු වන ලෙසටය (ශු: මාර්ක් 5:19). ශු:මාර්ක් 6:3 දි, යාකොබ්, යෝසෙස්, යුදස් සහ සීමොන් යන සහෝදරයන් සතර දෙනෙක් යේසුස් වහන්සේට සිටි බව අපි කියවන්නෙමු. අඩුම තරමින් සහෝදරියන් දෙදෙනෙක් වත් උන්වහන්සේට සිටින්නට ඇත. එනිසා අඩුම තරමින් ළමයින් හත් දෙනෙක් වත් මරිය තුමිට සිටින්නට ඇත. මේ වන විට යෝසප් ගැන අපට අසන්නට නොලැබේ. මේ වන විට ඔහු මිය ගොස් ඇතිවාසේය. එනිසා යේසුස් වහන්සේගේ ජීවිතයේ අවුරුදු ගණනාවක්ම සාමාජිකයින් අට දෙනෙකු ඉන්නා පවුලකට උපකාර කිරිම පිණිස වඩුවකු ලෙස උන්වහන්සේ වැඩ කළ සේක. දෙවියන් වහන්සේ, උන්වහන්සේගේ පුත්‍රයාට අත්දැකිම් තුළින් යෑමට ඉඩ හැරිය සේක. එනිසා විශාල පවුලක් අමාරු අවස්ථා තුළින් ගෙන යාමට මහත් පරිශ්‍රමයක් දරන දෙමව්පියන්ට, යේසුස් වහන්සේ උදාහරණයක් විය හැක. ඔවුන් ගේ මහත් පරිශ්‍රමයේදි උන්වහන්සේ අනුකම්පාව දක්වන සේක (හෙබ්‍රෙව් 4:15-16 ). ශු; මාර්ක් 6:4 හිදි, එවිට යේසුස් වහන්සේ " අනාගත වක්තෘ කෙනෙක් තමාගේ රටේදීත්, තමාගේ නෑයන් අතරෙදිත්, තමාගේම ගෙදරදිත් මිස ගෞරවය නැතිව නොසිටින්නේය" යයි කී සේක. පළමු වන ශත වර්‍ෂයේදි මෙන්ම 21 වන ශත වර්‍ෂයේදී ද එය සත්‍යයකි. ප්‍රොපේතවරයකුට, ඔවුන් ගේ ඥාතින් විසින් අවමන් කරන අතර, සාමාන්‍යයෙන් ඔහුගේ නගරයේදී ද අගය නොකරන්නේය.ඔහුගේ නගරයේ අයට වඩා වෙනත් නගරයක ඔහු දන්නාවු දේව භක්තික සුළු පිරිසක් ඔහු අගය කරනු ඇත. කුලුපගුකම අගෞරවය උපද්දවයි. එනිසා යේසුස් වහන්සේට උන්වහන්සේගේ නගරය තුළ බොහෝ ප්‍රාතිහාර්‍ය කිරීමට නොහැකිවූයේය (ශු:මාර්ක් 6:5). ඔබ දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයකු අගය නොකරන්නේ නම්, ඔහු අගය කරන මනුෂ්‍යයන්ට ලැබෙන ආශීර්වාදය තරම් ආශීර්වාදයක් ඔබට නොලැබෙනු ඇත. යේසුස් වහන්සේගේ නගරයේ සිටි මිනිසුන්ගේ අවිශ්වාසය හේතුවෙන්, ඔවුන් වෙනුවෙන් කිරිමට අවශ්‍ය සියළු දේ කිරීමට උන්වහන්සේට නොහැකි වූයේය . අපගේ නොඇදහිළි කමේදි අප යේසුස් වහන්සේගේ අත් බඳිනු ඇත. එවිට උන්වහන්සේට අපි වෙනුවෙන් කිරීමට අවශ්‍ය සියල්ල කිරීමට නොහැකි වනු ඇත. 

මාර්ක්:මනුෂ්‍යයන්ගේ බාහිර චාරිත්‍ර ප්‍රතික්‍ෂේප කිරීම​

ශු:මාර්ක් 7 වන පරිච්ඡේදයෙහි, පරිසිවරු තමන්ගේ චාරිත්‍ර වාරිත්‍ර, දෙවියන් වහන්සේගේ වචනයට වඩා ඉහලින් අගය කිරීම ගැන, යේසුස් වහන්සේ ප්‍රසිද්ධියේ හෙලා දුටුසේක. එදා මෙන් අද ද, බොහෝ ආගමික කිතුනුවන් ගැන මෙය සත්‍යයකි. යේසුස් වහන්සේගේ කාලයේදි, යේසුස් වහන්සේ සමග මිනිසුන්ට තිබුණු මහත් විරෝධය මෙයයි. යේසුස් වහන්සේ, දෙවියන් වහන්සේගේ වචනය වෙනුවෙන් නැගී සිටි අතර, වැඩිමහල්ලන්ගේ පරම්පරා ගත චාරිත්‍ර වාරිත්‍ර වෙනුවෙන් පරිසිවරු නැගී සිටියහ. මෙම මහත් විරෝධය, ඒ අයුරින්ම අද දවසේදීද කිතුනු ලෝකය තුළ අපට හමුවේ. බොහෝ කිතුනුවන්, තමුන්ගේ ආදි පියවරුන්ගේ විශ්වාසයන් සහ අවුරුදු ගණනාවක් පවත්වන ලද අභ්‍යාසයන්, දෙවියන් වහන්සේගේ ඉගැන්වීම් වලට අනුකූලද නැද්ද යයි සොයා බැලීමට කරදර නොවි ඒවා අගය කරති. අප, දේව වචනය තුළ සොයා ගත නොහැකි, ආගමික චාරිත්‍ර වාරිත්‍ර වැනි දේවල් අල්ලා ගෙන සිටින්නේ නම්, මෙහිදී පහතට වැටීයාමේ පියවර තුනක් ගැන, යේසුස් වහන්සේ අවවාද කළ සේක. පළමුව දෙවියන් වහන්සේගේ ආඥාවන් අතපසු කිරීමට එය අපව මගපෙන්වන්නේය (ශු:මාර්ක් 7:8). ඊලඟට, දෙවියන් වහන්සේගේ ආඥාවන් එපා කිරීම (ශු: මාර්ක් 7:9). අවසානයේදි, දෙවියන් වහන්සේගේ වචනය අවලංගු කිරීම (ශු:මාර්ක් 7:13). එය භයානකය. එනිසා ඔබ අල්ලාගෙන සිටින සෑම ආගමික සම්ප්‍රධායක්ම, දෙවියන් වහන්සේගේ වචනයට එකඟ දැයි සෝදිසි කර බලන්න. එය, දෙවියන් වහන්සේගේ වචනයට අනුකූල නොවේ නම්, ඒවා ඉවත දමන්න. කොපමණ දෙනෙක්, එය ඔබට තබා ගෙන සිටින්නැයි කිව්වත් කම් නැත. මෙම ආගමික සම්ප්‍රධායයන්, අද දවසේද නීති ගරුකයන් සහ පරිසිවරුන් උපද්දවයි.

භූමික කාරණා ගැන අපගේ ආකල්පයන් සැලකිල්ලෙන් සිතා බලන්න. අප අසනීප වූ විට, අපගේ මුත්තා ගිය රෝහලට, අප යන්නේ නැත. මක්නිසාද හොඳ සහ නවීන රෝහල් අද දවසේ ඇති බැවින්‍ ය. එය අධ්‍යාපනයට සැසදීමෙදී ද, අපගේ මුත්තා ගිය පාසැලට අපගේ දරුවන් යවන්නේ නැත. මක්නිසාද අද, ඊට වඩා හොඳ පාසැල් තිබෙන නිසාය. නමුත් ආත්මික කාරණා පැමිණි විටදී "ඇදහිලිවන්තයන්" යයි කියා ගන්නා බොහෝ අය, ඔවුන්ගේ මීමුත්තන් ගිය පාරම්පරික සභාව තෝරා ගනිති !!. ඔවුන් ආත්මික කාරණා වලදී හොඳම දේ සොයා නොබලන්නේ ඇයි? මක්නිසාද "නැවත උත්පාදනය වූ ඇදහිලිවන්තයන්" යැයි පවසා ගත්තද, ඔවුන්ට තවම ඇත්තේ භූමික මානසිකත්වයක් මිස ආත්මික මානසිකත්වයක් නොවේය. ඔවුන්ට අවශ්‍ය වන්නේ පොළොවේ හොඳම දේ වන අතර, හොඳම ආත්මික දේවල් නොවේය. ඔවුන්, ඔවුන්ගේ සෞඛ්‍ය සහ අධ්‍යාපනය ගැන මෙන්ම, ඔවුන්ගේ ආත්මික ජීවිතය ගැනත් සැලකිලිමත් වන්නේ නම්, ඔවුන්, වඩාත්ම ආත්මික සභාවක් තිබෙන්නේ දැයි සොයාබලන අතර, ඔවුන් ගේ දෙමව්පියන් නොගියද, එයට ඔවුන් සම්බන්ධ වනු ඇත. නමුත් කොපමණ ඇදහිලිවන්තයන් හට එය කිරීමට ධෛර්‍යක් තිබේද? සමහර විට සියයකට එක් කෙනෙකු විය හැක. යේසුස් වහන්සේගේ කාලයේ පරිසිවරු කළාක් මෙන්, අනෙක් සියලුම දෙනාම අනුගමණය කරන්නේ ඔවුන් ගේ වැඩිහිටි මීමුත්තන්ගේ සම්ප්‍රධායන්‍ ය. ඔවුන්ගේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ කැමැත්ත අහිමි කර ගනිමින්, ඔවුන් එක තැන පල් වෙමින් සිටින්නේ එබැවින්‍ ය. අඩුම තරමේ මෙම පරම්පරාවේ තරුණ අයට නිර්භීත වන ලෙස සහ දේව වචනයට පටහැනි සියලුම මනුෂ්‍ය සම්ප්‍රධායන් කඩන ලෙස, අභියෝග කිරීමට මට අවශ්‍යය. එවිට පමණක්, යේසුස් වහන්සේගේ සියලු මාවත් අනුගමණය කිරීමට ඔබට හැකි වනු ඇත. මම මෙහි සිටින්නේ, ඔබ කුමණ සභාවකට සම්බන්ධ විය යුතු දැයි කීමට නොවේය. ලේබලය කුමක් වුවත් ඔබගේ නගරයේ, ඔබට සොයා ගත හැකි හොඳ ගෝලයන් සමුහයකට ඔබව සම්බන්ධ කිරීමට පොලොඹ වීම පමණක් මට කළ හැකිය.

මම කිරීමට යන්නේ එයයි. ස්වාමින් වහන්සේ අප අතර ගොඩ නැගුවාවු සභා සමුහයකටවත්, එහි මට පැවරූ වගකීම් වලටවත් නොව, මම පක්‍ෂපාති වන්නේ යේසුස් වහන්සේට පමණි. එළිදරව් 1 සිට 3 දක්වා අප කියවන පරිදි , එක් එක් ප්‍රදේශයන්හි පිහිටි තනි තනි සභා ක්‍රමය මිස නිකායික සභා ක්‍රමය, මම විශ්වාස නොකරමි. අපගේ සභාවේ ජනතාවට මම පවසන්නේ, ඔවුන් වෙනත් නගරයකට ගියහොත්, එහි අප සහභාගි කම් පවත්වන සභාවට වඩා ආත්මිකව උසස් සභාවක් සම්භ වුවහොත්, අපට සම්බන්ධ සභාවට නොව, එම සභාවට ඔවුන් සම්බන්ධ විය යුතු බවය. සෑම දේශීය සභාවක් තුළම ගුණාත්මක භාවය රඳා පවතින්නේ එහි නායකත්වයේ ගුණාත්මක භාවය මතය.

ශු:මාර්ක් 7:10-11 හිදී, යේසුස් වහන්සේ පවසන්නේ, අපගේ දෙමව්පියන් ගේ මහලු කාලයේදී, උදව් කිරීමේ වැදගත් කම ගැනය. ඒ දිනවල සමහර මිනිසුන් (අද දවසේ වුවද) සිතුවේ, ඔවුන්ට ආත්මික දේවල් කිරීමට ඇති බැවින්, ඔවුන්ගේ දෙමව්පියන්ට පැවසුවේ, "සමාවන්න, මම දෙවියන් වහන්සේට සේවය කරන නිසා, කුමණ ආකාරයෙන් වත් ඔබලාට උදව් කිරීමට මට නොහැකිය" යන්නය. යේසුස් වහන්සේ පැවසුවේ, එය දෙවියන් වහන්සේගේ වචනය සම්පූර්ණයෙන්ම අවලංගු කරන බවය (ශු:මාර්ක් 7:13). අප අපගේ මහලු දෙමව්පියන්ට උදව් කළ යුතුය. "මම මගේ මුදල් දෙවියන් වහන්සේට දී තිබෙන බැවින්, ඔබලාට උදව් කිරීමට කිසිවක් ඉතිරිව නැත" යයි ඔබට ඔවුන්ට කිව නොහැකිය. ඔබ දෙවියන් වහන්සේට සේවය කිරීම තුළ ඔබගේ දෙමව්පියන්ට උදව් කිරීමත් ඇතුලත්‍ විය යුතුමය. ඔබ, ඔබගේ ගෙදරින් පිට වුවාට පසු, ඔබගේ දෙමව්පියන්ට කීකරු විය යුතු නැති අතර, ඔබ දෙවියන් වහන්සේට කරන සේවයකදි, ඔබගේ දෙමව්පියන්ට එයට බාධා කිරීමට ඉඩ නොදිය යුතුය. නමුත් ඔබ ඔවුන්ට මූල්‍යමය වශයෙන් උපකාර කළ යුතුම අතර, ඔවුන්ගේ අවශ්‍යතාවයන්හිදී වෙනත් ප්‍රායෝගික මාර්ග තුළින් උදව් කළ යුතුය. ඔබ ඔවුන්ට සැලකිය යුතුමය.

මාර්ක්:ත්‍රිවිධාකාර කිතුනුවන්​

යේසුස් වහන්සේ, උන්වහන්සේගේ ගෝලයන්ට ත්‍රිවිධාකාර මුහුන් වලට, එදිරිව සිට ප්‍රවේසම්ව සිටින්නැයි අවවාද කළ සේක. ශු:මතෙව් 16:11 දි, පරිසිවරුන්ගේද, සද්දුසිවරුන්ගේද මුහුන් වලට එදිරිව සිට ප්‍රවේසම් වන්න යයි උන්වහන්සේ ඔවුන්ට අවවාද කළ සේක. මෙහිදී උන්වහන්සේ හෙරෝද්ගේ මුහුන් වලින් ද ප්‍රවේසම්ව සිටින්නැයි තම ගෝලයන්ට අවවාද කළ සේක. මෙම තුන් ආකාර මුහුන් මොනවාද?

යේසුස් වහන්සේගේ කාලයේ සිටි පරිසිවරුන්, එවැන්ජලිස්තවරුන් වූ අතර, ඔවුන්ගේ සියලුම මූලධර්මයන් නිවැරදිය (ශු:මතෙව් 23:3 දි,යේසුස් වහන්සේම මෙම සහතිකය ඔවුන්ට දුන් සේක). යේසුස් වහන්සේගේ කාලයේ සිටි සද්දුසිවරුන්, නිදහස් මතධාරින් (ලිබරල් වාදින්) වු අතර, ඔවුන් හාස්කම්, දේව දූතයන්, නැවත නැගිටිම වැනි දේ විශ්වාස නොකළහ. තදින්ම ලෞකික වූ හෙරොද්වරුන්, හෙරොද්ව අනුගමණය කළහ. යොහාන් බෞතිස්තගේ බලවත් දේශනයන්ට, හෙරොද් සන්තෝෂයෙන් ඇහුම්කන් දුන් අතර, යම්තම් පිරිමැසුණු ඇඳුමින් සැරසුණු සලොමිගේ කාමුක නැටුමින් ද සන්තෝෂ විය (ශු:මාර්ක් 6:20-22). ඔහුද, හොඳ දේශනාවකින් හෝ ප්‍රශංසා කාලයකින් සන්තෝෂ වන සහ චිත්‍රපටියක තිබෙන කාමුක දර්ශණයකට එක වාගේම සමානව මුළු හදින්ම සන්තෝෂ වන කිතුනුවන් වාගේය!!

එවැන්ජලිස්ත, නිදහස් මතධාරින් (ලිබරල් වාදින්) සහ ලෞකික කිතුනුවන් යන මෙම ත්‍රිවිධාකාර කිතුනුවෝ අද දවසේ ද සිටිති. කෙසේ නමුත් විමසිලිමත් වන්න. යේසුස් වහන්සේට වඩාත් විරුද්ධකම් පෑවේ හෙරොදිවරුන්වත්, සද්දුසිවරුන්වත් නොව නමුත් පරිසිවරුන් ය. උන්වහන්සේගේ කාලයේ සිටි එවැන්ජලිස්තවරුන් (ධර්ම ප්‍රචාරකයන්) මහත් මූනිච්ඡාකරුවන්‍ය. සැබවින්ම අද දවසේද එය සත්‍යයකි. අද දවසේ මෙම මහත් කෛරාටිකයන්,ලෞකිකයන් සහ නිදහස් මතධාරි කිතුනුවන් අතරින් සොයා ගත නොහැකි නමුත් සොයා ගත හැක්කේ එවැන්ජලිත, මූලධර්මවාදි කිතුනුවන් අතරින් ය. බොහෝ මූලධර්මවාදින්, තමන් හට සියලු නිවැරදි මූලධර්මයන් ඔවුන් සතුව ඇතැයි ආඩම්බර වන අතර, ඔවුන් නෛතිකයන් සහ කෛරාටිකයන් බව වටහා නොගනිති. ශුද්ධාත්මයන් වහන්සේගේ පෙළඹවීමට ඔවුන් ප්‍රතිචාර නොදක්වති. එනිසා ඔවුන් ගේ නීතිගරුකත්වයෙන්,ඔවුන් කිසිදා නිදහස් වන්නේම නැත. අවුරුදු 2000 කට ප්‍රථම උන්වහන්සේ පොළොවේ ඇවිදින විට උන්වහන්සේට වුවා සේම, අද දවසේ වුවද එවැනි පුද්ගලයන් සමග ස්වාමින් වහන්සේ ගැටුමකට මැදි වී සිටින සේක.

ශු:මාර්ක් 8:23-26 දි, සුවය ගැන ඉතා වැදගත් ඉගැන්වීමක් අපට හමුවෙයි. යේසුස් වහන්සේ අන්ධ මිනිසෙකුට යාච්ඤා කළ අතර, ඔහු සම්පූර්ණ සුවය නොලැබුවේය."ඔබට සෑම දෙයම පැහැදිලිව පෙනෙනවාද" යයි යේසුස් වහන්සේ ඔහුගෙන් ඇසු සේක. ඔහු පැවසුවේ "නැත. මට මනුෂ්‍යයන්, ගස් වාගේ ඇවිදිනවා පෙනේ" යයි කියාය. යේසුස් වහන්සේ, අද දවසේ දේශකයන් මෙන් වුවා නම්, උන්වහන්සේ ඔහුට මෙලෙස කියන සේක."නැත. ඔබ ධනාත්මක ප්‍රකාශයක් සිදු කළ යුතු වන අතර, ඔබ රෝග ලක්‍ෂණ නොසලකා හැර සම්පුර්ණයේන්ම සුවවූ බව විශ්වාස කරන්න. ඔබ අවංකව පිළිගන්න. එවිට පමණක් ඔබ සුව වනු ඇත"යනුයි. නමුත් යේසුස් වහන්සේ ඔහුට එසේ පැවසුවේ නැත. මක්නිසාද කිසිවකුට බොරු කියවීමට, උන්වහන්සේට උවමනා වුයේ නැත. උන්වහන්සේ නැවත ඔහුට යාච්ඤා කළ අතර, සුව විමේ ක්‍රියාවලිය සම්පූර්ණ විය.යේසුස් වහන්සේ මේ ආකාරයෙන් ඔහු සුව කළේ ඇයි? අනෙක් සෑම අවස්ථාවකදීම, උන්වහන්සේ එක අත් තැබීමකින් හෝ වචනයකින් මිනිසුන් සුව කළ සේක. මෙහිදි දෙවරක් අත තැබීමට සිදු වුයේ ඇයි? යේසුස් වහන්සේ මෙසේ කළේ 20 වන ශත වර්‍ෂය ගැන උන්වහන්සේ දැන සිටි නිසාය. "සුවකරන්නා" සෑම තැනකම ගොස් උගන්වන්නේ, ඔවුන් සුව වුයේ නැතත්, ඔවුන් සුව වූ බව ඇත්ත වශයෙන්ම පිළිගත යුතුය කියාය.ධනාත්මක පාපොච්චාරනයක් යටතේ බොරු හේතු පවසන ලෙස යේසුස් වහන්සේ අපට උගන්වා නැත. මිනිසුන් ගස් වාගේ පෙනුන විට, අපට පැහැදිළිව පෙනෙනවා යැයි අප නොපැවසිය යුතුය. කිතුනු ලෝකය තුළ හමුවන, ඇදහිල්ල ගැන තිබෙන වැරදි ඉගැන්වීම නිසා ව්‍යාකූල නොවන්න. ඇදහිල්ල යනු ධනාත්මක පාපොච්චාරනයක් නොවේය. එය, දෙවියන් වහන්සේ මා හට විශේෂිතව පොරොන්දුවී ඇති දේ ප්‍රකාශ කර සිටීමයි. අප සුව වී නැත්නම් අප අවංක වි නියම ආකාරය පවසමු. එමෙන්ම පූර්ණ සුවය උදෙසා දෙවියන් වහන්සේගේ සුව කිරීම ඉල්ලා සිටිමු.

ශු:මාර්ක් 8:33 හිදි,යේසුස් වහන්සේ, කිසිවකුට කවරදාකවත් භාවිතා නොකළ තරම් දැඩි වචන වලින්, පේත්‍රැස්ට,"සාතන්, මා පස්සට යව" යයි තරවටු කරන අයුරු අපි දකින්නෙමු. උන්වහන්සේ එසේ පවසුවේ ඇයි? "සාතන්,මා පස්සට යව"යයි අපගෙන් කිසිවෙකුට වත් එසේ පවසයිද? අප පේත්‍රැස්ට වඩා හොඳ නැහැ, නොවෙද? පේත්‍රැස් සියල්ල හැර දමා යේසුස් වහන්සේ අනුව ගියේය. නමුත් සාතන් විසින් ඔහුව මුළාකර ඇත. සාතන් විසින් මුළා කරනු ලැබූ තැනැත්තා කවුද? එම ගැටලුවට පිළිතුර අප දන්නේ නම්, අපට මුළා වීමෙන් ආරක්‍ෂා විය හැක. සාතන්ගේ බලපැවැත්වීම යටතේ සිටින මිනිසාගේ ලක්‍ෂණ කුමක්ද?
පිළිතුර මෙයයි. එම වාක්‍ය කණ්ඩයේම ඇති "නුඹ නුඹගේම කාරණා මිස දෙවියන් වහන්සේගේ කාරණා කල්පනාවට ගන්නේ නැත" යන්නය.

දෙවියන් වහන්සේගේ කාරණා වලට නොව ඔහුගේම කාරණා වලට උනන්දු වෙන්නාවූ කිතුනු සේවකයකු සාතන් විසින් මුළා කරනු ලබන්නේය. සමහර විට ඔබ නැවත උත්පාදනය වි ශුද්ධාත්මයාණන් වහන්සේ තුළ, බෞතිස්ම ලබා ඇත. නමුත් ඔබගේ මනස ඔබගේම කාරණා සඳහා උනන්දු වන්නේ නම් සහ ඔබටම වාසි අත්කර ගන්නේ නම්, සාතන් විසින් ඔබව මුළුමනින්ම මුළා කර ඇත. ඔහුගේ මුළා කිරීම නම්, ඔබ ඔබට සේවය කරමින්, දෙවියන් වහන්සේට සේවය කරනවා යයි සිතීමට යොමු කිරිමය. ඔවුන්ටම ලබා ගැනීමට උත්සාහ කළ අය පාවුල් තුමාගේ කාලයේ සිටියහ. ඒ කෙසේ නමුත්, තිමොති ඔහුගේ කාරණා සොයා බැලු කෙනෙකු නොවීය(පිලිප්පි 2:19-21). එනිසා මුළාවෙන් බේරීමේ මාර්ගය නම්, අපගේ මනස අපගේම කාරණා සඳහා උනන්දු නොවන බව ස්ථිර කර ගැනීමය. අපගේම වාසිය හෝ අපගේම ලාභය නොව, නමුත් සෑම විටම දෙවියන් වහන්සේගේ කාරණා ගැන සැලකිලිමත් වීමෙන් ය.

මාර්ක්:බලයෙන් යුක්තව පැමිණෙන දෙවියන් වහන්සේගේ රාජ්‍යය​​

ශු:මාර්ක් 9:1 හි, "සැබවක් නුඹලාට කියමි, මෙහි සිටින්නන්ගෙන් සමහරෙක් දෙවියන් වහන්සේගේ රාජ්‍යය බලයෙන් යුක්තව පැමිණ තිබෙන බව දකින තෙක්, කිසිසේක් මරණ රසය නොවිඳින්නෝය" යයි යේසුස් වහන්සේ පැවසූ සේක. මෙය සිදු වුයේ පෙන්තකොස්ත දිනයේදි වන අතර, යේසුස් වහන්සේ මෙම වචන පවසන විට එහි සිටි සමහර අය එම අත්දැකීම ලබා ගත්හ. පෙන්තකොස්ත දිනයේදි, ශුද්ධාත්මයාණන් වහන්සේ, දෙවියන් වහන්සේගේ රාජ්‍යය පොළොවට ගෙනා විට(රෝම 14:17) දෙවියන් වහන්සේගේ බලය 120 දෙනෙකුගේ හදවත් තුළට පැමිණුනේය (ක්‍රියා 1:8). මෙහිදි, යේසුස් වහන්සේ, පෙන්තකොස්ත දිනය පැහැදිළි කළේ, දෙවියන් වහන්සේගේ රාජ්‍යය නොහොත් ආණ්ඩුව බලයෙන් යුක්තව පොළොවට පැමිණීම ලෙසය. සභාව යන්න පිළිඹිබු කළ යුත්තේ මෙයම වේ. එනම් එය යක්‍ෂයාගේ රාජ්‍යය මධ්‍යයේ තිබෙන දෙවියන් වහන්සේගේ බලය විද්‍යමාන කරන්නාවූ දෙවියන් වහන්සේගේ රාජ්‍යය නියෝජනය කරන්නාවූ කුඩා ප්‍රදේශයකි.

ශු:මාර්ක් 9 වන පරිච්ඡේදය තුළදී, යේසුස් වහන්සේ අන්වෙසක් වු කන්දේ,යේසුස් වහන්සේ සමඟ ගෝලයන් තිදෙනෙකු කන්දේ සිටි ආකාරය අපි දකින්නේමු. පේත්‍රස්, මෝසුස් හා එලියා දුටු විට, කුතුහලයට පත් වී පැවසුවේ"රබ්බී, මෙහි සිටීම හොඳය. ඔබට එකක්ද, මෝසස්ට එකක්ද එලියාට එකක්ද බැගින් මණ්ඩප තුනක් සාදමු" යයි කියාය (ශු මාර්ක් 9:5). ක්‍ෂණයකින්ම වලාපටලයක් ඔවුන් සියලු දෙනා මත්තට පැමිණ, දෙවියන් වහන්සේ ස්වර්ගයේ සිට කථා කරමින්, "මාගේ පුත්‍රයා එකම මට්ටමට නොදමන්න.මොහුට ඇහුම්කන් දීපල්ලා" යයි පැවසූ සේක. අපට මෙහි තිබෙන පණිවිඩය කුමක්ද? දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයකු විසින් අපට කෙතරම් බොහෝ ආශීර්වාද කළද, ස්වාමින් වහන්සේ සහ අප අතරට, ඔහුට පැමිණීමට ඉඩ නොදිය යුතුය. යේසුස් වහන්සේ ගැන අපගේ දර්ශණය නිතරම පැහැදිළි විය යුතුමය. ස්වාමින් වහන්සේ සහ අප අතරට, මනුෂ්‍යයකු පැමිණෙන මොහොතේදී , ක්‍රිස්තුස් වහන්සේ හා අප අතර සම්බන්ධය අපැහැදිලි කිරීම පිණිස වලාකුලක් පැමිණෙනු ඇත. අද දවසේ බොහෝ ඇදහිලිවන්තයින්ගේ එම දර්ශනය බොඳ වී ඇත්තේ ඇයි? මක්නිසාද ඔවුන් බලමින් සිටින්නේ, දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා දෙස මිස, දෙවියන් වහන්සේ දෙස නොවේය. ඔවුන් ඇහුම්කන් දෙන්නේ මනුෂ්‍යයන්ට මිස දෙවියන් වහන්සේට නොවේය. නිසැකවම අප දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයාට ගරු කළ යුතුය. නමුත් අපගේ තරගයේ දිවීම කළ යුත්තේ යේසුස් වහන්සේ දෙස බලාගෙන පමණක්‍ ය. (ශු:මාර්ක් 9:8).

ශු:මාර්ක් 9:20-29 හිදී, යක්‍ෂාවේශ වූ පුත්‍රයෙකුගේ පියාගේ ඇදහිල්ල නිසා එම පුත්‍රයා නිදහස් වූයේ කෙසේදැයි අපි දකින්නෙමු. එම ආත්මය දුරු කරන්නට අපට බැරිවුනේ මක්නිසාදැයි ගෝලයන් යේසුස් වහන්සේගෙන් විචාලහ. යේසුස් වහන්සේ පිළිතුරු දෙමින් පැවසුවේ, "මක්නිසාද, නුඹලාගේ ඇදහිල්ලේ මදිකම නිසාය සහ නුඹලාට ඇදහිල්ල නැත, මක්නිසාද නුඹලා නිරාහාරව සිට යාච්ඤා නොකළ නිසාය (ශු:මතෙව් 17:20,21). බලයෙන් වෙනස් තරාතිරම් ඇති යක්‍ෂයින් සිටින අතර සමහර යක්‍ෂයින් පලවා හැරිය හැක්කේ අප නිරාහාරව සහ යාච්ඤාව තුළින් ඇදහිල්ලෙන් ශක්තිමත්ව ඉන්නේ නම් පමණි. මට එය වටහා දිය නොහැක. යාච්ඤාව හෝ නිරාහාරව සිටීමේ න්‍යාය, තේරුම් කිරීමේ හැකියාවක් මට ඇත්තේම නැත. එය ක්‍රියා කරන බව මම දනිමි. මා සරලව විශ්වාස කරන්නේ යේසුස් වහන්සේ පැවසුවේ කුමක්ද යන්න සහ උන්වහන්සේට කීකරු වීමය.

මාර්ක්:පාපයේ බරපතලකම​​

ශු:මාර්ක් 9:43-48 හි,"නුඹේ අත නුඹට බාධා කෙරේ නම්, ඒක කපා දමන්න. අත් දෙක ඇතිව නිරයට, එනම් නොනිවෙන ගින්නට පැමිණීමට වඩා, අබ්බගාතව ජීවනයට ඇතුල් වීම නුඹට හොඳය. නුඹේ පය නුඹට බාධා කෙරේ නම්, ඒක කපා දමාපන්න. දෙපය ඇතිව නිරයේ හෙළනු ලැබීමට වඩා කොරව ජීවනයට ඇතුල් වීම නුඹට හොඳය. නුඹේ ඇස නුඹට බාධා කෙරේ නම්, ඒක උගුලා දමාපන්න. ඇස් දෙක ඇතිව නිරයේ හෙළනු ලැබීමට වඩා එක ඇසක් ඇතුව දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වීම නුඹට හොඳය" යයි යේසුස් වහන්සේ පැවසු සේක. කිසිවෙකු කථා කළාටත් වඩා, යේසුස් වහන්සේ නිරය ගැන, කථා කළ සේක. මක්නිසාද නිරයෙහි යථාර්තය දැක ඇත්තේ උන්වහන්සේම පමණය. ගින්න නිවෙන්නේ නැති, පණුවා නසින්නේත් නැති ස්ථානය, නිරය බව උන්වහන්සේ පැවසු සේක. ගින්නේදී පණුවා නසින්නේ නැත්තේ කෙසේදැයි කවරෙකු හෝ මගෙන් ඇසුවේ නම්, මගේ පිළිතුර වනුයේ "මට එය සෙවීමට අවශ්‍ය නැත.නිරයට යන කවෙරෙකුට හෝ එය සොයා දැන ගත හැක" යන්නය. ඔවුන්ගේ අත් වලින් සහ ඇස් වලින් පව් කරන අය, පාප කිරීම නොනැවැත්වුවහොත්, ඔවුන්ට නිරයට යාමට හැකි යයි යේසුස් වහන්සේ අවවාද කළ සේක. අන් අයට වඩා, පාපි මිනිසුන්ට මුහුණ දීමට සිදුවන භයානක තත්වය උන්වහන්සේ දැන සිටි සේක. සෑම සැබෑ දේව දාසයකුම නිරය ගැන උගන්වනු ඇත. මක්නිසාද යේසුස් වහන්සේ ඉගැන්වු නිසාය. නිරය ගැන සෑම දෙයක්ම අප තේරුම් ගත යුතු නැත. එය යථාර්තයයි. එනිසා අපි, මිනිසුන්ට එයට විරුද්ධව සිටිය යුතු යයි අවවාද කළ යුතුය.

ශු:මාර්ක් 9:49 හි "සියල්ලෝම ගින්නෙන් ලුණුලනු ලබන්නෝය" යයි යේසුස් වහන්සේ පැවසු සේක. මට වැටහෙන්නේ මෙම පදයේ අර්ථය නම්, ස්වර්ගයේ ගින්න හෝ නිරයේ ගින්න යන මේ ගිනි දෙකින් එකක් සෑම කෙනෙකුටම තිබිය යුතු බවය. තේරීම ඔබ සතුය. මම තෝරා ගෙන ඇත්තේ ස්වර්ගයේ ගින්නය. යොහාන් බෞතිස්ත මෙයට සමාන දෙයක් අනාගත වාක්‍යයෙන් පැවසුවේ, යේසුස් වහන්සේ ගින්නෙන් මනුෂ්‍යයන් බෞතිස්ම කරන අතර, බොල් නොනිවෙන ගින්නෙන් දවන බවත් පැවසුවේය (ශු: මතෙව් 3:11-12).

ශු:මාර්ක් 10:17 හිදී,යේසුස් වහන්සේ අනුව යෑමට අවශ්‍ය වූ, පොහොසත් තරුණ පාලකයකු ගැන, අපි කියවන්නෙමු. යේසුස් වහන්සේ, ඔහු මහත් ලෙස මුදලට ප්‍රේම කරන්නකු යන රෝග නිධානය සොයා ගත් අතර, ඔහුට පැවසුවේ,"පළමු කොටම නුඹ සන්තක සියලුම වස්තුව (මුදල්) දිළිඳුන්ට දීපන්න" යන ලෙසිනි. යේසුස් වහන්සේ එවැනි වචනයක් සියලු දෙනාටම පැවසුවේ නැත.- සාකෙවුස් දුප්පතුන්ට දුන්නේ, ඔහුගේ මුදලින් භාගයක් වන අතර, යේසුස් වහන්සේ එය පිළිගත් සේක (ශු:ලූක් 19......). මාර්තා හා මරියාට නිවසක් තිබුණු අතර, ඔවුන් ගේ නිවස විකුණන්න යයි යේසුස් වහන්සේ නොපැවසු සේක (ශු:යොහාන් 12:.....)-. ඇයි මෙම වෙනස? මක්නිසාද මුදලට ඇති ප්‍රේමය, පිළිකාවක් වැනිය. සමහර මිනිසුන් තුළ පිළිකාව පුළුල්ව පැතිරි ඇති විට ශරීරයේ එක අවයවයක් සම්පුර්ණයෙන්ම ඉවත් කිරීමට සිදුවේ. සමහර අයට කෙමොතෙරපි (Cහෙමොථෙරප්‍ය්) තුළින් පිළිකාව ඉවත් කළ හැක. සාකෙවුස් තුළ තිබුණු පිළිකාව, මෙම පොහොසත් පාලකයා තුළ තරම් පැතිරි ගොස් නැත. මරියා හා මාර්තා තුළ පිළිකාවක් නැති තරම්‍ය. ස්වාමින් වහන්සේ, සැමටම ඔවුන්ගේ සියලු මුදල් දෙන්න යයි නොකියන සේක. නමුත් තෘෂ්ණාව නැමති පිළිකාව ගැඹුරට මුල් ඇද ඇති බව දුටුවහොත් පමණක් සියල්ල දෙන ලෙස පවසන සේක. එවිට යේසුස් වහන්සේ, උන්වහන්සේගේ ගෝලයන්ට පැවසුවේ "ධනවන්තයකු ස්වර්ග රාජ්‍යයට ඇතුල් වීමට වඩා ඉඳිකටු සිදුරකින් ඔටුවෙකුට යෑම පහසුය" ලෙසටය (ශු:මාර්ක් 10:25). ස්වර්ග රාජ්‍යය හා භූමික රාජ්‍යය එකිනෙකට අතීශයෙන්ම දුරස්ව ඇත. අපට දෙකම තෝරාගත නොහැක. අප එකක් තෝරා ගත යුතුය.යේසුස් වහන්සේ තව දුරටත් පවසා සිටියේ මනුෂ්‍යයෙකුව වස්තු තෘෂ්ණාවෙන් බේරා ගත හැක්කේ දෙවියන් වහන්සේට පමණක් බවය(ශු:මාර්ක් 10:27).

මාර්ක්:ඇදහිල්ල​​

ශු:මාර්ක් 11:22-24 හිදි, යේසුස් වහන්සේ ඇදහිල්ල ගැන ඉගැන්වූ සේක. අප, අපගේ මාවතේ ඇති කන්දක් දුටුවහොත්, එය අප ආපස්සට අනිවාර්‍යයෙන්ම හැරිය යුතු යයි යන ඇඟවීමක් නොවේය. එය අපගේ ඇදහිල්ලට අභියෝගයක් විය හැක. දෙවියන් වහන්සේට අවශ්‍යව ඇත්තේ, අප එම කන්ද ඉවත් කර දෙවියන් වහන්සේගේ කැමත්ත කිරීමට ඉදිරියට යාමය (ශු:මාර්ක් 11:23).
මාර්ක් තුමාගේ ශුභාරංචිය තුළ විෂ්මපත් ප්‍රකාශ දෙකක් තිබේ. එකට දැමූ විට එම සත්‍යය ඉතා විශාලය.

"දෙවියන් වහන්සේට සියල්ලම පුළුවන" (ශු:මාර්ක් 10:27).
"විශ්වාස කරන්නාට සියල්ලම පුළුවන" (ශු:මාර්ක් 9:23).

සෑම ඇදහිලිවන්තයෙක්ම මෙම ප්‍රකාශ දෙකින් පළමු වැන්න විශ්වාස කරති. නමුත් දෙවන ප්‍රකාශය තුළ සඳහන් ඇදහිල්ල, දෙවියන් වහන්සේගේ බලය, අපගේ ජීවිතය හා සේවය තුළට ගෙන එන්නේ ය. අප සෑම දෙනාටම ඇදහිල්ලේ අති විශාල හිඟ කමක් ඇති බව අප පාපොච්චාරනය කළ යුතුය. අප සෙවිය යුත්තේ ඇදහිල්ලය. මක්නිසාද "ඇදහිල්ල නොමැතිව දෙවියන් වහන්සේ ප්‍රසන්න කළ නොහැක"(හෙබ්‍රෙව් 11:6). ඇදහිල්ලට අපගේ ජීවිතය සහ සේවය, සහමුලින්ම වෙනස් කළ හැක.

සමාව නොදෙන්නාවූ ආත්මයක් ඇදහිල්ලට ඇති විශාල බාධකයක් ලෙස යේසුස් වහන්සේ සඳහන් කළ සේක (ශු:මාර්ක් 11:25-26). මෙම පොළොවෙහි අප විසින් සමාව නොදුන්නාවු එක් මනුෂ්‍යයකු,කොහේ හෝ සිටී නම් එය අපගේ ගැළවීම සහ ඇදහිල්ල අපගෙන් සොරා ගනු ඇත.
ශු:මාර්ක් 12:17 හිදි, යේසුස් වහන්සේ අපට ඉගැන්වුයේ දෙවියන් වහන්සේට යමක් දීමට පෙර, මනුෂ්‍යයාට තිබෙන සෑම ණයක්ම අප පියවිය යුතුමය යන්නය: "(පළමුවෙන්ම) කයිසාර්ගේ දේ කයිසාර්ට දීපල්ලා, සහ (ඉන්පසු) දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේට දීපල්ලා". අප කයිසාර්ගේ මුදල් හෝ වෙන යම්කෙනෙකුගේ මුදල් දෙවියන් වහන්සේට දෙනවාට දෙවියන් වහන්සේ කැමති නැත. අප මුලින්ම මනුෂ්‍යයාට ඇති ණය පියවිය යුතුය.

ශු:මාර්ක් 12;42-44 හි, ශතයක් වටින්නාවු සල්ලි දෙකක් පූජා පෙට්ටියට දැමුවාවු වැන්දඹු ස්ත්‍රියක් ගැන අපි කියවන්නෙමු. යේසුස් වහන්සේ මුදල් ගබඩාව ලඟ වැඩ හිඳ, සෙනඟ ගබඩාවට මුදල් දමන ආකාරය බලා සිටි සේක (ශු:මාර්ක් 11:41). උන්වහන්සේ බලා සිටියේ ඔවුන් කොපමණ දැමුවේද කියා නොවේය. නමුත් ඔවුන් එය කෙසේ දැමුවාද කියාය. පරන ගිවිසුමේ ඉතා වැදගත් ප්‍රශ්නය වුයේ කොපමණ ද යන්නය. සියයට දහයක් ය. කෙසේ නමුත් අලුත් ගිවිසුමේදි එය බලන්නේ එය අප කෙසේ දුන්නාද යන කරුණය. මෙම වැන්දඹු ස්ත්‍රිය මෙන් අපද ඉතා සතුටු සිතින් සහ පරිත්‍යාගශිලීව දෙන්නේද?. ස්වාමින් වහන්සේ සොයා බලන්නේ එයයි.

ශු:මාර්ක් 14:34-36 හි යේසුස් වහන්සේ, පේත්‍රැස්ට, යාකොබ්ට සහ යොහාන්ට ගෙත්සෙමනේදී "මැරෙන තරම් මගේ සිත (ප්‍රාණය) ඉතා ශෝක වෙයි. නුඹලා මෙහි නැවතී අවධිව සිටපල්ලාය කියා, මදක් ඉස්සරහට ගොස් බිම වැටී, පුළුවන් නම් ඒ පැය තමන් කෙරෙන් පහව යන ලෙස යාච්ඤා කරමින්: අබ්බා පියාණනි, ඔබට සියල්ලම පුළුවන. මෙම කුසලාන මාගෙන් පහ කළ මැනව. එසේ වී නමුත් මා කැමති දෙය නොව, ඔබ කැමති දේ වේවා"යි කී සේක. යේසුස් වහන්සේ බොන්නට අකැමතිවූ මෙම කුසලානය කුමක්ද?. එය ශාරිරීක මරණයක් නොවේය. මක්නිසාද උන්වහන්සේ සෑම කිතුනු වේදසාක්‍ෂිකරුවන්ට වඩා බොහෝ නිර්භීතය. යේසුස් වහන්සේ මහත්ලෙස භීතියට පත් වු දෙය නම්, කුරුසපත් වීමෙදී අපගේ පව් උදෙසා දඬුවම උන්වහන්සේ ගත් විට, පියාණන් වහන්සේ සමග තිබෙන සහභාගිත්වය බිඳීම ගැනයි. සදාකාලයටම නොබිඳෙන්නාවු සහභාගිත්වයක් පියාණන් වහන්සේ සමග උන්වහන්සේට තිබුණේය. නමුත් දැන් පැය තුනකට කුරුසියේදි එම සහභාගිත්වය බිඳෙනු ඇත. උන්වහන්සේගේ මානුෂීය දුර්වලතාවය තුළ, උන්වහන්සේ පියාණන් වහන්සේගෙන් වෙනයම් මාර්ගයක් නැතිදැයි විමසු සේක. උන්වන්සේ පැය තුනක් පමණ දහදිය ලේ වනතුරු යාච්ඤා කළේ, උන්වහන්සේගේ සන්තාපය ඉතා අධික බැවිනි. උන්වන්සේ කිසි දිනෙක පව් නොකළ බැවින්, උන්වහන්සේට ගෙත්සෙමනින් නැවතත් ස්වර්ගයට යාමට හැකියාව තිබුණි. නමුත් උන්වහන්සේ ඔබට හා මට ඇති ප්‍රේමය, එවැනි දෙයක් කිරීමෙන් උන්වහන්සේ වැලකුවේය. එනිසා උන්වහන්සේ කුරුසියට ගිය සේක.

ඉන්පසු අප ශු:මාර්ක් 15;33-34 හිදී, කියවන්නේ, උන්වන්සේ අපගේ පාපය උදෙසා දෙවියන් වහන්සේගේ උදහසට ලක් වීම ගැනයි - පියාණන් වහන්සේ විසින් අත් හැර දමනු ලදුව, සහ සදාකාලික නිරයේ වේදනාව පැය තුනකට සාඳ්‍ර කර දරා ගැනීම ගැනයි. මෙය උන්වහන්සේ පියාණන් වහන්සේට, දෙවියන් වහන්සේය කියා ආමන්ත්‍රණය කළ එකම අවස්ථාවයි. මක්නිසාද එවිට, උන්වහන්සේ එල්ලී සිටියේ මුලු විශ්වයේම විනිශ්චයකාරයා ඉදිරියේය. එවිට එම වැඩය නිමා විය-. උන්වහන්සේගේ අවසාන හැඬීම වුයේ, එම සහභාගිකම නැවතත් ඇති කර ගනිමින් පියානන් වහන්සේට උන්වහන්සේ භාර දීමයි (ශු:මාර්ක් 15:37). එවිට දේව මාළිගාවේ තිරය ඉරී ගියේ, එම මාර්ගය අප සැමට, පියාණන් වහන්සේගේ අභිමුඛයට යෑමට විවෘතව ඇති බව පෙන්වා දෙමිනි(ශු:මාර්ක් 15:38). මෙවැනි වු ගැළවුම්කරයාණන්ට හලෙලූයා!

ශු:මාර්ක් 16:7 හිදි, "උන්වහන්සේගේ ගෝලයන්ට සහ පේත්‍රැස්ට......" කියා දෙවියන් වහන්සේගේ පණිවිඩය රැගෙන පැමිණි දේව දූතයා පැවසීම ගැන අපි දකින්නෙමු. "සහ පේත්‍රැස්ට..." ලෙස ඔහු පැවසුවේ ඇයි? පේත්‍රැස්ද යේසුස් වහන්සේගේ ගෝලයන්ගෙන් කෙනෙකු නොවන්නේද? මෙය ඉතා විශේෂය. යේසුස් වහන්සේගේ ගෝලයන් වෙත එවන්නාවු පණිවිඩයකට ඔහුත් අදාල යයි පේත්‍රැස් කිසිසේත්ම විශ්වාස නොකරන්නට ඇත. මක්නිසාද ඔහු ස්වාමින් වහන්සේ ප්‍රතික්‍ෂේප කළ හෙයින්,ඔහු ස්ථීරවම අපෝස්තළුවරයකු වීමට නුසුදුස්සකු බව නිසැකවම සිතා සිටියේය. ස්වාමින් වහන්සේ මෙම ප්‍රකාශයේදි ඉතා මෘදු ලෙස "සහ පේත්‍රැස්..." යනුවෙන් ඇතුලත් කළේ ඒ නිසාය - ස්වාමින් වහන්සේ හමුවීමේ ආරාධනාව ඔහුටත් පොදු යයි සහතික කිරීමටය-. අදටත් ස්වාමින් වහන්සේව නිශ්ප්‍රභා කළ අයට ස්වාමින් වහන්සේ කථා කරන්නේ මෙලෙසයි. උන්වහන්සේ විශේෂයෙන්ම ඔබටද උන්වහන්සේ වෙත පැමිණෙන්නැයි අමතන සේක. එම ආරාධනාව ඔබටත්‍ ය.

ශු:මාර්ක් 16:14 හිදි, අප දකින්නේ, යේසුස් වහන්සේ උන්වහන්සේගේ ගෝලයන් "ඔවුන්ගේ විශ්වාසය නැති කමත් සහ සිත් දැඩි කමත්" ගැන දොස් පවරන අයුරුය. ශුභාරංචි ලියවිලිවල සත්වරක්ම අප දකින්නේ ගොලයන්ගේ අවිශ්වාසය ගැන යේසුස් වහන්සේ ඔවුන්ට තරවටු කරන අයුරුය. වෙන කුමන දෙයකටත් වඩා උන්වහසේ තම ගෝලයන්ට තරවටු කර සිටියේ ඔවුන්ගේ අවිශ්වාසය ගැනයි. ඔවුන් තුළ උන්වහන්සේ දැකීමට ඉතා ආශා වූ දේ නම් ඇදහිල්ලයි. අප තුළද උන්වහන්සේ දැකීමට ඉතා ආශා වන්නේ එයමය.

ශු:මාර්ක් 16:15-18 හිදි, ස්වාමින් වහන්සේ, ගෝලයන්ට මුලු ලොවටම ගොස් සෑම මනුෂ්‍යයකුටම ශුභාරංචිය දේශනා කරන ලෙස අණ කරන අයුරු අපි දකින්නෙමු. ශු:මතෙව් 28 හි ජාතීන් ගෝලයන් කරන්න යයි යන නියෝගය උන්වහන්සේ විසින් ඔවුන්ට දී ඇති බව අපි දකින්නෙමු. මෙම නියෝග දෙක එක කාසියක දෙපැත්ත වැනිය. මෙහිදි අවධාරනය කර ඇත්තේ ඉවැන්ජලිස්ත සේවය (ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ සේවය) ගැන සහ ස්වාමින් වහන්සේගේ ස්වභාවොත්තර හාස්කම් මගින් ඉවැන්ජලිස්තවරයාගේ වචනය ස්ථිර කරන බව පොරොන්දු වන බවය. අද වන විටදී කොහේ හෝ ශුභාරංචිය පළමු වරට දේශනා කිරීමේදි උන්වහන්සේ එලෙසම කරන සේක(ක්‍රියා පොතෙහි මෙන්). ශු:මතෙව් 28 හිදි, නියෝගය වූයේ ගෝලයන් සාදන්න සහ සෑම අණ පනතක්ම නිසියාකාරයෙන්ම පවත්වා ගෙන යන ලෙස ඔවුන්ට කියා දීමයි. එයින් අදහස් කරන්නේ සභාව ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය මෙන් ගොඩ නැගීමයි. අද දවසේ මහත් ඛේදවාචකය නම්, දෙවියන් වහන්සේ විසින් එක් කළ දෙය, කිතුනුවන් වෙන් කිරීමයි - මෙම නියෝග දෙක -. ගෝලයන් නොසාදන ඉවැන්ජලිස්ත සේවය එක පැත්තක් පමණක් ඇති කාසියයක් වැනිය. එනිසා එය හොර කාසියකි.

දෙවියන් වහන්සේ අදහස් කළේ ඉවැන්ජලිස්තවරු ඔවුන්ගේ සේවය තුළ ගැලවුනාවු අයව ගෝලයන් බවට පත් කළහැකි එම ප්‍රදේශවල සභා වලට ගෙන ඒමය. ඉවැන්ජලිස්තවරුන්, අපෝස්තළුවරුන්,ප්‍රෝපේතවරුන් සහ එඬේරුන් සමග එකතුව ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ගොඩ නැගීම පිණිස වැඩ කළ යුතු වන්නේ එනිසයි (එපීස 4:11). පලමුවන ශත වර්‍ෂයේදි ඔවුන් එකතුව ක්‍රියා කළේ එලෙසයි. නමුත් අවාසනාවන්ත ලෙස අද දවසේ කිතුනු ලෝකයේදි එවැනි වූ එකමුතු බවක් දැක ගත හැක්කේ ඉතා කලාතුරකිනි. අද වන විට කිතුනු සභාවේ නොගැඹුරු නොගැලවුනාවු බොහෝ අය සිටින්නේ ඒනිසාය.

ඉවැන්ජලිස්තවරයකු හරියට, ගල් වලට ගොස් ගල් කපා ගෙන වැඩ බිමට ගෙනෙන්නාවු අය මෙන්‍ ය. අනෙක් සේවයන් 4 ට කිරීමට ඇත්තේ එම ගල්, ස්වාමින් වහන්සේට වාසය කිරීම සඳහා ශුද්ධවූ මාළිගාවක් ලෙස සෑදීමයි. මෙම සේවාවන් ගෙන් වඩාත් වැදගත් දෙය කුමක්ද? මෙම සේවාවන් පහම අවශ්‍යය. කිසිවෙකුට එය තනිවම කළ නොහැකිය. ඉවැන්ජලිස්ත සේවය අමාරු සහ භයානක එකකි එනිසා, දෙවියන් වහන්සේ හඬ ගැසුවොත් පමණක් මිස ඔබ මෙම සේවයට ඇතුලත් නොවිය යුතුය. නමුත් ඔවුන් ඔබට වඩා පහසු වැඩක් කරන්නේ යයි සිතමින් මෙම ගල්, ගොඩනැගිලි බවට පත් කරන්නාවු මේසන්වරුන් (පෙදරේරුවන්) විවේචනය නොකළ යුතුය. ඔවුනුත් ඔබ සමග ගල් වල වෙත එකතු වුවහොත් ස්වාමින් වහන්සේගේ මාළිගාව කිසිදා ගොඩ නගන්නට නොලැබෙනු ඇත. අප එක් එක් කෙනා, දෙවියන් වහන්සේ පැවරූ කාර්‍යය සම්පූර්ණ කළ යුතුය. සෑම අවධාරනයක්ම යොමුව තිබෙන්නේ ඉවන්ජලිස්ත සේවය උදේසා නම් අපට සෑම තැනම දක්නට හැකි වන්නේ ගල් ගොඩවල් මිස මාළිගාවන් නොවේය, එමෙන්ම ක්‍රිස්තුස් වහන්සේගේ ජීවමාන ස්වරූපය එහි දක්නට නොවනු ඇත. එනිසා මෙම මහත් නියෝග දෙකටම අනුකූලව අපගේ විශේෂ කැඳවීම සම්පුර්ණ කිරීමට ස්වාමින් වහන්සේගේ උපකාරය පතමු. ආමේන්

පරිච්ජේදය 4
ලූක්

හැඳින්වීම​

1. ශුද්ධාත්මයාණන් වහන්සේගේ සේවය​

2. පළමුවන ශත වර්ශයේ ඉතිරි වූ කොටස

3. යේසුස් වහන්සේගේ උපත සහ බෞතිස්මය

4. හාස්කම් සහ ඉගැන්වීම්​

5. ආශීර්වාද ලත් කාන්තාවෝ

6. අන් අයට ආශීර්වාද කිරීමට පුළුල් වූ හදවත්​

7. පණිවිඩයක් සහිත උපමා

8. ගෝලයන් සහ පසුබටවන්නන්

9. මුදල් ගැන ඉගැන්වීම්

10. ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණීම

11. අවසාන රාත්‍රි භෝජනය සහ කුරුසපත් වීම

ලූක්: හැඳින්වීම

යේසුස් ක්‍රිස්තුස් වහන්සේ - ආත්මයෙන් පිරුණාවු මනුෂ්‍යයා

යේසුස් වහන්සේ මරියතුමියගේ කුසට පැමිණීමේ සිට නැවත නැගිටීම දක්වා සහ උත්ථානයෙන් පසුවද යම් කිසි දේවල් ගැන හැකිතාක් දුරට නිවැරදිව සටහන් කර අපට දීමේ බර ලූක්තුමාට විය (ශු:ලූක් 1:3).
අළුත් ගිවිසුමේ, යුදෙව්වෙකු නොවන එකම කතුවරයා වන්නේ ලූක් තුමාය. ඔහු, ලූක් ශුභාරංචිය සහ අපොස්තළුවරුන්ගේ ක්‍රියා පොත සම්පාදනය කළේය. අළුත් ගිවිසුමේ අනෙක් පොත් 25 ම ලියා ඇත්තේ යුදෙව්වරුන්‍ ය (පරණ ගිවිසුමේ යෝබ් පොත හැර අනෙක් පොත් 38 ම ලියා ඇත්තේ යුදෙව්වන් ය). මෙම පොත් දෙක ලියූ ලූක් තුමා ග්‍රීක ජාතිකයකු වූ අතර, එම පොත් ලියනු ලැබුවේ තවත් ග්‍රීක ජාතිකයකු වූ තියෝපිලස්ටය. ග්‍රීක ජාතිකයකු තවත් ග්‍රීක ජාතිකයෙකුට ලියමින් උත්සාහ කර පෙන්වන්නේ, යේසුස් වහන්සේ මනුෂ්‍යයකු ලෙස පොළොවට පැමිණ ජීවත් වූ අයුරු සහ දෙවියන් වහන්සේගේ අරමුණු සාක්‍ෂාත් කරණ ආකාරයයි.

ලූක්: ශුද්ධාත්මයාණන් වහන්සේගේ සේවය

ලූක් තුමා ඔහු ලියුවාවු පොත් දෙක තුළින් වඩාත්ම කථා කරන්නේ ශුද්ධාත්මයාණන් වහන්සේගේ සේවය ගැනයි. ඇත්ත වශයෙන්ම, මෙය ඔහුගේ ප්‍රධානතම අවධාරනයන්ගෙන් එකකි. මෙම ශුභාරංචියේ ඇති මෙම උදාහරණය දෙස බලන්න; යොහාන් බෞතිස්ත මව් කුස තුළ දීම ශුද්ධාත්මයෙන් පිරීම (ශු:ලූක් 1:15). මරිය තුමිය මත ශුද්ධාත්මය පැමිණිම (ශු:ලූක් 1:35). එළිසෙබෙත් සහ සෙකරියස් ශුද්ධාත්මයෙන් පිරීම(ශු:ලූක්1:47,67). සීමොන් මත ශුද්ධාත්මය වැගිරී, ඔහුට එළිදරව් ලැබුණු අතර ආත්මයාණන් වහන්සේ විසින් දේව මාළිගාවට මඟ පෙන්වන ලදී (ශු:ලූක් 2:25-27). යේසුස් වහන්සේ ශුද්ධාත්මයෙන් බෞතිස්ම වීම (ශු:ලූක් 3:16). යේසුස් වහන්සේ බෞතිස්ම කරන විටදී උන්වහන්සේ යාච්ඥාවෙන් සිටි අතර (නිසැකවම ශුද්ධාත්මයාණන් වහන්සේගේ ආලේපය ලබන විටදී) ක්‍ෂණයකින්ම ශුද්ධාත්මයාණන් වහන්සේ, උන්වහන්සේ කරා පැමිණි සේක (ශු;ලූක් 3:21-22). යේසුස් වහන්සේ ආත්මයෙන් පිරී ආත්මයාණන්ගේ මඟ පෙන්වීමෙන් වනයට පැමිණෙන අතර ආත්මයේ බලයෙන් පූර්ණව නැවත පැමිණීම (ශු:ලූක් 4:1,14). ශුද්ධාත්මය තමන් කෙරෙහි බව යේසුස් වහන්සේ ප්‍රකාශ කර සිටීම (ශු:ලූක් 4:18). ශුද්ධාත්මය දෙනු ලබන්නේ උන්වහන්සේගෙන් ඉල්ලන්නන්ට පමණි (ශු:ලූක් 11:13).යේසුස් වහන්සේ උන්වහන්සේගේ ගෝලයන්ට ශුද්ධාත්ම බලය පැමිණෙන තුරු බලා සිටින්නැයි අණ කළ සේක (ශු:ලූක් 24:49).
ලූක් තුමා, අපොස්තළුවරුන්ගේ ක්‍රියා පොත තුළෙහි, පනස් වරකට වඩා ශුද්ධාද්මයාණන් වහන්සේ ගැන සඳහන් කර ඇත. ලූක් තුමා නිසැකවම ආත්මයෙන් පිරුණු මනුෂ්‍යයකු වූ අතර, ශුද්ධාත්ම දීමනාව කරනකොටගෙන මෙම අළුත් ගිවිසුමේ ජීවිතය ජීවත් වීමට හැකිවීම ගැන උද්වේගිමත් වූයේය. ඔහු වැනි උනන්දු කිතුනුවන් කොපමණ ඇද්දැයි දැනගන්නට මම කැමතිය.
අළුත් ගිවිසුමේ පළමු පොත් පහේම, සෑම ආරම්භයේදීම ශුද්ධාත්ම බෞතිස්මය ගැන සඳහන් කර ඇත. අළුත් ගිවිසුම් යුගය තුළ, ශුද්ධාත්ම සේවයේ ඇති, අති මහත් වැදගත් කම, මෙයින් අපට උගන්වයි. යක්‍ෂයා විසින් බොරු කිරීමට සොයා බලන එක් දෙයක් ඇත්නම් ඒ ශුද්ධාත්ම බෞතිස්මය ය. අද දවසේ මේ පිළිබඳව බොහෝ ව්‍යාජ අත්දැකීම් ඇති බව අපට දැක ගත හැකිය.

ඇදහිළිවන්තයන් කිසි විටෙකවත් ශුද්ධාත්මයෙන් බෞතිස්ම නොවන්නේ යයි යක්‍ෂයා සහතික කර ගන්නේ කෙසේද?
සියල්ලටම පළමුවෙන්, ඔවුන්ගෙන් සමහරෙකුට ශාරීරිකව හෝ මානසිකව අත්දැකීම් ලබා දෙමිණි. ඔවුන්ට පාපය පරාජය කිරීමේ බලය සහ ස්වාමින් වහන්සේට සේවය කිරීම හිඟව පවති. නමුත් ඔවුන් ශුද්ධාත්මයෙන් බෞතිස්ම වී යයි සාතන් ඔවුන්ට සහතික වෙයි. එවැනි ඇදහිළිවන්තයන් කිසිදා නැවතත් ශුද්ධාත්මයෙන් බෞතිස්ම වීම සොයා බලන්නේ නැත, මක්නිසාද ඔවුන් එය දැනටමත් ලබා ඇතැයි විශ්වාස කරති. මෙවැනි මිලියන ගණන් කිතුනුවන් සෑම තැනම සිටිති. ඔවුන්ව පාපය විසින් පරාජය කර ඇති අතර, ඔවුන් මුදලට ආශා කරමින් ඔවුන් ජීවත් වන්නේ ලෝකය උදෙසාය. නමුත් ඔවුන් අන්‍ය භාෂාව යයි කියමින් යම් වචන මාත්‍රාවන් උච්චාරනය කරමින් ඔවුන්ට අසාමාන්‍ය ශාරීරික සහ ද්‍රෘෂ්‍යමාන අත් දැකීම් ඇති බව පවසති.
දෙවනුව, සාතන් තවත් සමහර ඇදහිළිවන්තයන්ව (එනම් ශුද්ධාත්ම බෞතිස්මය ගැන දේවධාර්මික ඉගැන්වීම් අතින් අනෙක් අන්තයේ සිටින්නාවු අයව) මෙම ප්‍රකට ව්‍යාජත්වයට විරුද්ධව ප්‍රතික්‍රියා කිරීමට සලස්වන අතර, ශුද්ධාත්ම බෞතිස්මයෙන් සම්පූර්ණයෙන්ම ඈත්ව සිටීමට සලස්වන්නේය. මෙම ආකාරයෙන් සාතන් මේ කණ්ඩායම් දෙකම (ඉතා මහත් ඇදහිළිවන්තයන් ගනනාවකගෙන් යුක්ත වන) දෙවියන් වන්සේගේ සෑබෑ බලය හා ශුද්ධාත්මයාණන් වහන්සේ තුළ බෞතිස්මය කිසිවිටෙකත් ලබා ගන්නේ නැති බව වූ සාතන්ගේ බලාපොරොත්තුව ඉෂ්ට කර ගන්නා බව සහතික කර ගනියි.
මෙම කණ්ඩායම් දෙකින්ම ප්‍රවේසම් වන්න එමෙන්ම බේරෙන්න.
මව් කුසේදී යොහාන්, ශුද්ධාත්මයෙන් පිරුනේ කෙසේද? ඔහු කලලයක් ලෙස ඔහුගේ මවගේ කුස තුළදී, ශුද්ධාත්මය ලබන පිණිස රැඳී සිටියේද? කුස තුළදී ඔහුට යම් කිසිවකු යාච්ඤා කරන ලෙස අනුශාසනා කළේද? නැත. දෙවියන් වහන්සේ ඔහුව ශුද්ධාත්මයෙන් පිරෙවු සේක. ශුද්ධාත්මයෙන් පූර්ණ කිරීම දෙවියන් වහන්සේගේ කාර්‍යයකි. අප උන්වහන්සේට යටහත් වන්නේ නම්, උන්වහන්සේ අපව පුරවන සේක. මෙන්න ඔබගේ ඇදහිළ්ල උත්තේජනය කරන්නාවූ යමක් :කිසිම උපකාරයක් නොමැතිව, මවගේ කුසෙහි ඉන්නාවු කලලයක් දෙවියන් වහන්සේට, ශුද්ධාත්මයෙන් පිරවිය හැකි නම්, උන්වහන්සේට ඔබව පිරවිය නොහැකි මන්ද?
පහත් ව්‍යාජත්වයෙන් සෑහීමකට පත් නොවන්න. මම තරුණ අවධියේදි ස්වාමින් වහන්සේට කියා සිටියේ කිසිදා ව්‍යාජත්වයෙන් සෑහීමකට පත් නොවෙමියි සහ සෑබෑ අත් දැකීම් ලබා ගැනීමට අවශ‍්‍යනම් අවුරුදු 10 ක් වුවත් බලා සිටිමියි යන්නය. එය වටිනාකමක් ඇති බලා සිටීමක් විය. ඔබ සැබවින්ම ශුද්ධාත්මයෙන් බෞතිස්ම වූයේ නම්, එය ඔබගේ මුළු ජීවිතයම වෙනස් කරනු ඇත.
යොහාන් ශුද්ධාත්මයෙන් පිරුණු විට ඔහු දෙවියන් වහන්සේගේ ඇස් හමුවෙහි උත්තමයෙක් වූයේය (ශු:ලූක් 1:15). ආත්මයාණන් වහන්සේට අවශ‍්‍ය වන්නේ අපවද එවැන්නන් කිරීමටය. දෙවියන් වහන්සේගේ ඇස් හමුවේ උත්තමයෙක් වනවා මිස මනුෂ්‍යයන්ගේ ඇස් හමුවේ නොවේය.
ශු:ලූක් 1:34,35 හිදි, ගාබ්‍රියෙල්, මරිය තුමිය හමුවීමට පැමිණි අවස්ථාවේදි, ඇය ඉතා සාමන්‍ය ලෙස විමසුවේ, "මේක වන්නේ කෙසේද? මම කන්‍යාවක්මි. කන්‍යාවකට දරුවෙකු ලැබෙන්නේ කෙසේද?". දේව දූතයා ඇයට උත්තර දෙමින්" ශුද්ධාත්මයාණන් වහන්සේ නුඹ කෙරෙහි පැමිණෙන සේක. මහෝත්තමයාණන්ගේ ආනුභාවය නුඹ වසා ගන්නේය". ශුද්ධාත්මයාණන් වහන්සේ සෑම විටම අපට ගෙනෙන්නේ දෙවියන් වහන්සේගේ බලයයි (ක්‍රියා 1:8 සහ ක්‍රියා 10:38 බලන්න).
මරිය තුමිය තුළ, යේසුස් වහන්සේ සෑදීමට දෙවියන් වහන්සේගේ ආත්මය පැමිණි සේ , ප්‍රාථමිකවම, එම ආත්මයම ක්‍රිස්තුස් වහන්සේව අප තුළ සෑදීම පිණිස අප තුළට පැමිණෙන සේක. අපගේ ජීවිතයේදි සහ ස්වාමින් වහන්සේ උදෙසා අපගේ සේවයේදි, ශුද්ධාත්මයාණන් වහන්සේගේ සේවය වටහා ගැනීමට ඔබට ඇති පැහැදිලිම මඟ පෙන්වීම මෙයයි. මරිය තුමියගේ කුස තුළ එම ශරීරය වැඩීමට කාලය ගත්තා සේ, අපගේ ජීවිතය තුළද ක්‍රිස්තුස් වහන්සේ ප්‍රත්‍යක්‍ෂ වීමට කාලය ගත වේ.
ශු:ලූක් 1:37 හිදි, අලංකාර පොරොන්දුවක් අපි දකින්නෙමු, "දෙවියන් වහන්සේට කළ නොහැකි දෙයක් නැත". ("දෙවියන් වහන්සේගේන් වූ කිසි වචනයක් බල රහිත නොවන්නේය"). දෙවියන් වහන්සේ වචනයක් පවසා තිබේ නම්, එහි බලය තිබේ යයි ඔබට සහතික විය හැක. දෙවියන් වහන්සේ "එළිය වේවා" යයි පැවසු විට, යම් කිසි දෙයක් සිදුවිය. මෙය උත්පත්ති පොතේ පළමුවන පරිච්ඡේදය පුරාවටම අපි දකින්නෙමු. දෙවියන් වහන්සේගේ කිසිදු වචනයක් බල රහිත නොවේ. අප දෙවියන් වහන්සේගේ වචනය අධ්‍යයනය කරමින්, එහි පොරොන්දු අත්පත් කර ගැනීම වැදගත් වන්නේ එනිසාය. මෙය බලවත් පොරොන්දුවකි:"පාපය නුඹලා කෙරෙහි අධිපතිකම් නොකරන්නේය" (රෝම 6:14). දෙවියන් වහන්සේගේ කිසිදු වචනයක් බල රහිත නොවන බැවින්, ඔබ එය විශ්වාස කළහොත්, එය ඔබගේ ජීවිතයේදි සෑබෑ වනු ඇත.
දෙවියන් වහන්සේට අවශ්‍ය වන්නේ, උන්වහන්සේට සියල්ල කළ හැකි යයි කියා අප විශ්වාස කිරීමයි. පරණ ගිවිසුම සහ අළුත් ගිවිසුම පටන් ගැන්මේදි, උන්වහන්සේ මෙය සඳහන් කළේ ඒනිසාය (උත්පත්ති 18:14 සහ ශු:ලූක් 1:37 බලන්න). අප, අපගේ කිතුනු ජීවිතය ආරම්භ කරන විට බයිබලය දේව වචනය යැයි අපගේ ඇදහිල්ල, අන්ධ ඇදහිල්ලක් විය හැක. නමුත් එය අන්ධ ඇදහිල්ලක් ලෙසම පැවතිය යුතු නැත. ලියවිල්ලෙහි ඇති පොරොන්දු අප අත්පත් කර ගතහොත් දෙවියන් වහන්සේ තුළඅපට කළ නොහැකි දෙයක් නැත යන්න අපගේ ජීවිතයෙන් ඔප්පු කර පෙන්විය හැක. දෙවියන් වහන්සේගේ වචනය සහ අපගේ ඇදහිල්ල එවිට සනාථ වු ඇදහිල්ලක් වනු ඇත. මක්නිසාද දෙවියන් වහන්සේගේ වචනය බල රහිත නොවන බව රස බලා සහ අත් දැකීමෙන් දන්නා බැවිනි.
යේසුස් වහන්සේ පරණ ගිවිසුම ප්‍රශ්න කළේ නැත. උන්වහන්සේ, විවේචකයන් සහ දේවධර්මදරයන් කියූ කිසිවක් ගැන වද (කරදර) වූයේ නැත. උන්වහන්සේ එය විශ්වාස කළ අතර එහි බලයද උන්වහන්සේ අත් දැක්ක සේක. අද දවසේ යක්‍ෂයා විසින් බොහෝ සෙනඟව මෙවැනි සරල ඇදහිල්ලෙන් පවා ඉවතට ඇද දමනු ලබයි. දෙවියන් වහන්සේගේ වචනය විශ්වාස කරමින් එහි බලය අත් දකිනවා වෙනුවට ඔවුන්, ඔවුන්ගේ ඥානවන්තකම භාවිතා කරමින්, ලියවිල්ල විස්තර වශයෙන් පරික්‍ෂා කිරීමට උත්සාහ කරමින් දෙවියන් වහන්සේගේ බලය අත් නොදැකම ඔවුන් ගේ ජීවිත අපතේ යවයි. ඔබට ජීවත් විය යුත්තේ කෙසේද? ඔබට අවශ්‍ය ලියවිල්ල විස්තර වශයෙන් පරික්‍ෂා කරමින් ජීවත් වීමටද නැතහොත් දෙවියන් වහන්සේගේ බලය අත් දකිමින් ජීවත් වීමටද? තෝරා ගැනීම ඔබ සතුය.
මරිය තුමිය, දෙවියන් වහන්සේගේ වචනයට යටත් වෙමින් පැවසුවේ,"ඔබගේ වචනය ලෙස මට වේවා" කියාය (ශු:ලූක් 1:38). මම රෝමානු කතෝලිකයකු නොවුනත් මරිය තුමීව මහත් ලෙස අගය කරන්නෙක්මි. මක්නිසාද ඇය දේව භක්තික තරුණ කාන්තාවකි. දෙවියන් වහන්සේ මුළු ඉශ්‍රායලය පුරාම එක තරුණ සැබෑ දේව භක්තික කාන්තාවක් සෙවූ සේක. එවිට උන්වහන්සේට, ඒ වන විට අවුරුදු 18 ක් පමණ වූ මරිය තුමිය සම්භ විය. ශු:ලූක් 1:46-55 කියවා ඇයගේ කාව්‍ය කෙතරම් ගැඹුරු සහ පරිනත දැයි බලන්න. යමෙකු දේව භය ඇත්තෙකු නම්, ඔහු අවුරුදු 18 දී පවා කොතරම් පරිනත විය හැකි දැයි යන්න විශ්මිතය. දෙවියන් වහන්සේ තෝරා ගත්තා වු මනුෂ්‍යයන් ගැන උන්වහන්සේ කිසිඳු වැරදීමක් සිදු කරන්නේ නැත. ඇය ගර්භනී යයි දැන ගත් විට , නාසරෙත්හි සෑම දෙනාම ඇය ගැන ඉතා නින්දිත කථාන්දර පතුරු වන බව ඇය දැන සිටියාය. කිසිවෙකුත් මෙය ශුද්ධාත්මයාණන් වහන්සේගේ කාර්‍යයක් යයි විශ්වාස නොකරනවා ඇත. යේසුස් වහන්සේගේ ශරීරය, ඇයගේ ශරීරය තුළින් ගෙන ඒම පිණිස ඇය එම අවලාදයන් විඳ ගන්නට කැමැත්තෙන් සිටියාය.
දැන් එය ඔබගේ ජීවිතයට අදාල කර ගන්න. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ඔබගේ නගරය තුළ ගොඩ නැගීමට ඔබට අවශ්‍යද? ඔබට එය සඳහා ගෞරවය අවශ්‍යද නැතහොත් ඒ වෙනුවෙන් "ක්‍රිස්තුස් වහන්සේගේ නින්දාවන් " විඳින්නට කැමතිද? දෙවියන් වහන්සේගේ කාර්‍යයේදි ගෞරවය සොයන්නන්ට උන්වහන්සේ උපකාර කරන්නේ නැත. එවැනි වූ මනුෂ්‍යයන් ගොඩනගන්නේ රැස්වීමක් මිස ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය නොවේය. මරිය තුමිය නාසරෙත් හිදි මුහුණ දුන්නා සේ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ගොඩ නැගීමේදි සෑම විටම අවලාද ඇසීමට, වැරදි වැටහීම් සහ සරදම් සහිත දිව් වලින් නැගෙන ඕපාදූප වලට මුහුනදීමට සිදුවේ. නමුත් ඒ සියල්ල ඇයට වදයක් නොවීය. එහෙත් ඇය ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය උත්පාදනය කළාය . එය අදටත් එසේමය. " නිකායීක කිතුනු ලෝකයේ ආගමීක කඳවුරු වලින් පිටතට පැමිණ උන්වහන්සේගේ නින්දාවන් දරා ගන්නට" කැමති නම්, ක්‍රිස්තුස් වහන්සෙගේ ශරීරය ගොඩනැගෙනු ඇත.

ලූක්: පළමුවන ශත වර්ශයේ ඉතිරි වූ කොටස

සකරියස් සහ මරිය තුමිය දේව දූතයන්ගෙන් ඇසූ සම්පුර්ණයෙන්ම වාගේ සමාන වූ ප්‍රශ්ණය වන "මේක සිදුවන්නේ කෙසේද? "(ශු:ලූක් 1:18,34), යන්න දෙස සැලකිල්ලෙන් බලන්න. එහිදී සකරියස්ට දඬුවමක් ලෙස, කථා කරන්නට නොහැකි වූ අතර, මරිය තුමියට එසේ නොවුනේ මන්ද? හේතු දෙකක් නිසාය. පළමුකොටම, සකරියස්ට, වඩා මහලු යුවළක් වන ආබ්‍රහම් සහ සාරාට දරුවකු ලැබුනු ආදර්ශය තිබුනේය. එනිසා ඔහුගේ නොඇදහිල්ලට සමාවක් නොවීය. ඒ කෙසේ නමුත් මරිය තුමියට ඈට පෙර කිසිම කන්‍යාවක් පිළිසිද ගෙන දරුවෙකුට උපත දීම වැනි කිසිම අත්දැකීමක් නොවිණි. දෙවනුව, සකරියස් අවුරුදු ගණනාවක් ශුද්ධ ලියවිල්ල අධ්‍යයනය කළ නායකයෙකි. මරිය තුමිය තරුණ කාන්තාවකි. වැඩිපුර දෙනු ලබන්නේ කාටද, ඔවුන්ගෙන් වැඩිපුර අය කර ගනු ලැබේ. ඔබ වැඩිමහලු පුද්ගලයකු සහ නායකයකු නම්, දෙවියන් වහන්සේ, තරුණ පුද්ගලයෙකුට වඩා ඔබගෙන් වැඩිපුර බලාපොරොත්තු වන සේක. ඔබට ඉදිරියෙන් එක ආදර්ශයක් හෝ තිබියදීත් ඔබ, ඔහුව අනුගමනය නොකරන්නේ නම්, අනුගමනය කිරීමට කිසිම ආදර්ශයක් නොමැති යම් කෙනෙකුට වඩා ඔබව වරදකාරයකු වෙයි. ව්‍යවස්ථාව යටතේ සිටි මිනිසුන්ට අනුගමනය කිරීමට ආදර්ශයක් තිබුණේ නැත. නමුත් අද යේසුස් වහන්සේ තුළ අපට ආදර්ශයක් තිබේ. ඒනිසා අපගෙන් බොහෝ දේ බලපොරොත්තුවනු ඇත.

ශු:ලූක් 1:72-74 හි සකරියස් අනාගත වාක්‍ය ප්‍රකාශ කරමින් පැවසුවේ,"මෙසේ ස්වාමින් වහන්සේ අපේ සතුරන්ගේ අත් වලින් අප ගලවා අපගේ සියළු දවස් වල භයක් නැතිව උන්වහන්සේ ඉදිරියෙහි ශුද්ධ කමින්ද ධර්මිෂ්ඨ කමින්ද උන්වහන්සේට සේවය කරන්නට වර දෙන පිණිස" යන්නය. එම සතුරන් නම්, අප වහල් භාවයට පමුණුවන අපගේ පාපයයි. දැන් යේසුස් වහන්සේ පැමිණ ඇත්තේ ඔවුන් සියල්ලන් ගෙන් අපව නිදහස් කර ගැනීමටය. ශුද්ධාත්මයාණන් වහන්සේ පැමිණ ඇත්තේ, අපව අපගේ සියලු සතුරන් ගෙන් නිදහස් කර ගැනීමට සහ කිසි භයකින් තොරව දෙවියන් වහන්සේට සේවය කිරීමට අපට හැකියාව දෙන පිණිස ය. පරණ ගිවිසුමේ අවුරුදු 1500 ක් පුරාවටම ඉශ්‍රායෙල්වරු දෙවියන් වහන්සේට සේවය කළේ භයෙනි. එනම්, ඔවුන් දෙවියන් වහන්සේට කීකරු නොවුයේ නම්, උන්වහන්සේ ඔවුන්ට රෝගයෙන් ද, උමතුකමින් ද, දිළිඳුකමින් ද යනාදී දේ වලින් (ද්වීතීය කථාව 28:15-68) දඬුවම් කරාවි යන භියෙන්‍ය. සකරියස් අනාගත වාක්‍යයෙන් පැවසුවේ, භියෙන් නොව ප්‍රේමයෙන් දෙවියන් වහන්සේට සේවය කිරීමට අළුත් යුගයක් උදාවන බවයි. ඔබ එම ජීවිතයට ඇතුලත් වී තිබේද? ඔබ දෙවියන් වහන්සේට සේවය කරන්නේ ප්‍රේමය නිසාමද?
දෙවියන් වහන්සේ තම පුත්‍රයාගේ උපත දන්වනු ලැබුවේ, බිළිඳු යේසුස් වහන්සේ බැලීමට පැමිණි කණ්ඩායම් හතරකට පමණි - දුප්පත් එඬේරුන් කිහිප දෙනෙකුට, පර්සියාවෙන් පැමිණි ශාස්ත්‍රවන්තයන් කිහිප දෙනෙකුට , ආත්මයෙන් පිරුණා වූ මහළු මනුෂ්‍යයකුට (සීමොන්) සහ යාච්ඥාවෙන් සිටින මහළු ස්ත්‍රියකට (ආනා) ය. මෙම සියලුදෙනා මහත් ලෙස විවිධ පුද්ගලයන් වූ අතර, විවිධ වයස් වල සහ විවිධ දේශයන්ගෙන් පැමිණි අය වෙති - නමුත් ඔවුන් සියලු දෙනාම යටහත් පහත් සහ දේව භය ඇති මිනිසුන්‍ ය. ඔවුන්, දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේගේ දෙවන පැමිණීම සඳහා අද දවසේ ලෝකය මුළුල්ලෙන්ම දෙවියන් වහන්සේ සූදානම් කරන ඉතිරි වූ කුඩා සෙනගගේ පුර්වාදර්ශයකි. අද දවසේ ශ්‍රේෂ්ඨ බයිබල් විශාරදයන් සහ උඩඟු දේශකයන්, අවුරුදු 2000 කට පෙර සිටි අනනියස්, කයිපාස්, ලියන්නන් සහ පරිසිවරුන් මෙන්, අප ජීවත්වන්නාවූ කාලයන් ගැන තැකීමක් නොමැතිව සිටිති.
මෙම මනුෂ්‍ය කණ්ඩායම් හතරෙන් තුනක්ම, ඔවුන්ගේ රාත්‍රියේදි ක්‍රියාකාරකම නිසා සුවිශේෂ වීම සැලකිල්ලෙන් බැලීම ඉතාමත් සිත් ගන්නා සුළුය. එඬෙරුන් ඔවුන්ගේ රැළ රැක බලා ගන්නේ රාත්‍රියටය, ශාස්ත්‍රවන්තයන් තාරකාව දෙස බලමින් ගමන් කළේ රාත්‍රියේදීය.(තාරකා පෙනෙන්නේ රාත්‍රි කාලයේදි පමණක් බැවින්, දහවල් කාලයේදි ඔවුන්ට ගමන් කළ නොහැක). ආනා රාත්‍රියේදි යාච්ඥා කරමින් නිරහාරව සිටියාය. අද දවසේදි ඉතිරි වුවාවු කොටස පවා දෙවියන් වහන්සේව රාත්‍රි කාලයේදි සොයන්නාවු මනුෂ්‍යයන් ය. අන් අය නිදා ගන්නා විට, ඔවුන් දෙවියන් වහන්සේව සොයති. දෙවියන් වහන්සේ, ලෝකයේ ඉතා සුව පහසු ජීවිත සොයන්නාවු කම්මැළි කිතුනුවන්ට කිසිදා එළිදරව් නොකරන දේවල් උන්වහන්සේ මොවුන්ට එළිදරව් කරන සේක.
ඔබට, ඔබ ජීවත් වන කාලයන් තේරුම් ගනිමින් සහ දෙවියන් වහන්සේගේ බලවත් ඉතිරි වූ කොටසේ අයකු වන්නට අවශ්‍ය නම්, ස්වර්ගයේ එළිදරව් ලබන්නට අවශ්‍ය නම්, දෙවියන් වහන්සේ මුළු හදවතින් සොයමින්, උන්වහන්සේගේ වචනය අධ්‍යනය කරමින් සහ මනුෂ්‍ය සම්ප්‍රධායයන් බිඳ හෙලන අයකු වන්න. ස්වාමින් වහන්සේ එවිට , අන් අය කිසිදා නොදකින දේවල් ඔබට පෙන්වනවා ඇත (උන්වහන්සේ, සිමියොන්ට පෙන්වූවාක් මෙන්). ඔබ ක්‍රිස්තු භක්තිකයකු නොවන්නට පුළුවන. දෙවියන් වහන්සේ ශාස්ත්‍රවන්තයට දුන්නාක් මෙන් ඔබටද එළිදරව්වීම් දෙන සේක. 14 හැවිරිදි සාදු සුන්දර් සිං ඉතා ඕනැකමින් දෙවියන් වහන්සේව සෙව්ව හෙයින් ඔහුට යේසුස් වහන්සේව ස්වප්නයකින් දකින්නට උන්වහන්සේ සැලැස්සුව සේක. ඔහු ක්‍රිස්තුස් වහන්සේ හෝ ශුද්ධ ලියවිල්ල ගැන දැන ගැන්මක් නැති, නමුත් දෙවියන් වහන්සේව සොයා උන්වහන්සේව සම්බවුනාවු පෙරදිගින් පැමිණි ශාස්ත්‍රවන්තයන්ගෙන් එක් අයකු මෙනි. අද දවසේද, දෙවියන් වහන්සේව උත්සාහවන්තව සොයන අයට දෙවියන් වහන්සේගෙන් ත්‍යාග ලැබෙනු ඇත.

ලූක්: යේසුස් වහන්සේගේ උපත සහ බෞතිස්මය

ශු:ලූක් 2:7 හිදි, අප කියවනු ලබන්නේ යේසුස් වහන්සේගේ උපත බෙත්ලෙහෙමේදි සිදුවුණු බවය. මෙය පරණ ගිවිසුමේ අනාවැකියකි. එනිසා උන්වහන්සේගේ උපත පැමිණුනු කාලයේදි, ජනසංඝණනයක් ගැනීම සඳහා සියලු ඉශ්‍රායෙල්වරුන් තමුන්ගේම උපන් නගර වලට යායුතු යයි රෝමයේ සිටි කයිසාර්ගෙන් අණක් පැණවීමට දෙවියන් වහන්සේ සැළැස්වූ සේක. ඒ නිසා යෝසෙප් තුමා සහ මරිය තුමිය බෙත්ලෙහෙමට ගියහ. මෙය ඔවුන්ට අපහසුවක් වූ බවට සැක නැත. මක්නිසාද කොටළුවකු පිට නාසරෙත්හි සිට බෙත්ලෙහෙම දක්වා කිලොමීටර 100 ක් පමණ දුරක් ඔවුන්ට ගමන් කිරීමට ඇත. ඔවුන් බෙත්ලෙහෙමට ලඟා වූ විට, එහි කිසිම තානායමක කාමරයක් ඉතිරි වී නොතිබුණි.


ඔවුන් බෙත්ලෙහෙමට ලඟාවෙද්දි ඔවුන් සඳහා හිස් කාමරයක් වෙන් කර තබා ගැනීමට සර්ව බලධාරි දෙවියන් වහන්සේට (යේසුස් වහන්සේගේ උපත සැළසුම් කිරීමට මුළු සදාකාලයම තිබුණා වූ) එය අමාරු කාර්‍යක්ද? එය එසේ නොවේය. විශ්වයම පාලනය කරන්නාවූ උන්වහන්සේට එය ඉතා පහසු කාර්‍යක් වුවද, උන්වහන්සේට උන්වහන්සේගේ පුත්‍රයා ඉපදීමට අවශ්‍ය වූයේ ගවහල තුළ ඇති ගව ඔරුවක(ගවයන් කෑම කන කුඩා ඔරුව) හොවා තිබෙන ළදරුවකු ලෙසය. ඔවුන් බෙත්ලෙහෙමට ලඟා වන කාලය වන විට, එහි තානායම් වල සියලුම කාමර පිරී තිබීමට, දෙවියන් වහන්සේ ඔවුන්ගේ ගමන පමා කළා විය හැක. දෙවියන් වහන්සේගේ පමා වීම්, උන්වහන්සේගේ සැළසුමේ කොටසක්‍ ය - යේසුස් වහන්සේට ගවහලකම ඉපදීමට යුතු විය.


ගවහලක ඉපදීම කෙතරම් ලජ්ජාවක් දැයි සිතන්න. ගවහලක ඉපදුන මිනිසෙකු මට කවදාවත් හමුවී නොමැත. නමුත් යේසුස් වහන්සේ පැමිණ ඇත්තේ මනුෂ්‍ය ප්‍රජාවටම සේවය කිරීමටය. එනිසා සියලු මනුෂ්‍යයන්ගේ සෑම මට්ටමකටම වඩා පහතටම උන්වහන්සේට යා යුතුව තිබිණි. එනිසා කිසිවෙකුටවත්, තමා ඉතා පහත් මට්ටමක සිටිනා බැවින්, යේසුස් වහන්සේ විසින් ඉසිළිය නොහැකි යයි හැඟෙන්නේම නැත.


මෙහිදී අපි එක මූලධර්මයක් තේරුම් ගත යුතු වෙමු - මක්නිසාද අප ස්වාමින් වහන්සේට සේවය කළ යුත්තේද මෙසේමය. යම් කිසිවෙකු යේසුස් වහන්සේගේ නාමයෙන් අන් අයට සේවය කිරීමට යන විට, ඵලදායි ලෙස සේවය කිරීමට නම්, ඔහු, ඔවුන්ට වඩා පහත් මට්ටමකට යා යුතුමය.

නමුත් අද දවසේ බොහෝ ප්‍රසිද්ධ දේශකයන් මීට වඩා බොහෝ වෙනස්‍ ය. ඔවුන් ඉහළ මට්ටමකින් ජීවත් වීමට බලාපොරොත්තු වන අතර, ඒ සඳහා මනුෂ්‍යයන් ගෙන් මුදල් එකතු කරති. යමෙකුට ඔවුන්ව හමු වීමට පෙර, ඔවුන් ගේ ලේකම්වරුන් හරහා යා යුතුව ඇත. යේසුස් වහන්සේ ඔබට මුණ ගැසීමට අවශ්‍ය නම්, උන්වහන්සේට පෙර, ලේකම් වරයකු හරහා යාම සඳහා උන්වහන්සේට ලේකම්වරයකු සිටියේද? නැත. යේසුස් වහන්සේ සියලු මනුෂ්‍යයන්ගේ සේවකයාණෝය - සේවකයන්ට ලේකම්වරුන් නැත. ලේකම් වරුන් ඇත්තේ රජවරුන්‍ටය. යේසුස් වහන්සේ වෙතට ඕනෑම වේලාවකදි ඕනෑම මනුෂ්‍යයකුට ලඟා විය හැක. ඔබට අවශ්‍ය වු ඕනෑම විටෙක කෙළින්ම උන්වහන්සේ වෙත ඒමට ඔබට පුළුවන. නිකදේමුස්ට රාත්‍රි කාලයේදි ගොස් උන්වහන්සේව දැකීමට හැකි විය.

ඔබට දෙවියන් වහන්සේට සේවය කිරීමට අවශ්‍ය නම්, යේසුස් වහන්සේ, ඔබගේ නිදසුන කර ගන්න - අද දවසේ දේශකයන් ගේ නිදසුන් අනුගමනය නොකරන්න. සෑම දෙනාටම වඩා පහතට ගොසින් එතැන රැඳෙන්න. යේසුස් වහන්සේ, උපතේදි පටන් ගත්තේ එතැනින්‍ය. එමෙන්ම උන්වහන්සේගේ ජීවිතයේ අවසානයේදීද උන්වහන්සේ එතැනම සිටි සේක - සේවකයකු මෙන් උන්වහන්සේගේ ගෝලයන් ගේ පාද සෝදමින්. උන්වහන්සේ කිළිටි ගවහලක ඉපදුන අතර ලජ්ජා සහිත කුරුසියක මැරුණු සේක. අපගේ මුළු ජීවිතයේම අපගේ ගැළවුම්කරුවාණන් ගිය මාර්ගයේම අපටද යෑමට ස්වාමින් වහන්සේ අපට උපකාර කරත්වා. දෙවියන් වහන්සේ ඔබව කොපමණ පාවිච්චි කළද, ඔබගේ ජිවිතාන්තය දක්වා ඕනෑම වේලාවකදි අන් අයගේ පාද සේදීමට හැකි පරිදි සේවකයකු ලෙස රැඳෙන්න.


ගවහලේදි මරිය තුමියට ඇති වුනාවු කරදරකාරි අවස්ථා ගැන, ඇය චෝදනා නොකරන්නට ඇතැයි මට සහතිකය. මරිය තුමිය, අද දවසේ නරක් වූ බාල වයස්කාරියක මෙන් වූවා නම්, කෙසේ වේදැයි සිතා බලන්න. ඇය යෝසෙප්ට මෙසේ කෑ ගසනු ඇත. "මෙම ගමන යෑමට තිබුණේ මීට දින දෙකකට පෙර යයි මා ඔබට පැවසුවා නොවේද, දැන් අපට එකම කාමරයක්වත් ඉතිරිව නැත. මට මෙහි කිසිම පුද්ගලිකත්වයක් නැත. අනෙක මෙම ජරාවෙන් පිරුණාවු ගවහල තුළ මගේ දරුවා බිහිකිරීමට මට සිදුවී ඇත. ඔබ කිසිදු වගකීමක් නැති ස්වාමි පුරුෂයෙකි" යනාදීය. මෙවැනි කෙඳිරීම් හා චෝදනාවෙන් පිරුණා වූ වාතාවරනයක් තුළ යේසුස් වහන්සේ ඉපදෙනවා ඔබට සිතින් මවා ගත හැකිද? දෙවියන් වහන්සේ එයට අවසර නොදෙනු ඇත. එනිසා උන්වහන්සේට, චෝදනා නොකරන්නාවු ගැහැණු ළමයෙකු අවශ්‍ය විය. ඇයගේ ජීවිතයේ යෞවන කාලයේදීම අමාරු අවස්ථා වලදි හා දුප්පත් කමේදි සෑහීමකට පත්වන්නා වු මරිය තුමිව, යේසුස් වහන්සේගේ මව ලෙස උන්වහන්සේ තෝරා ගත්තේ එනිසාය. ඉශ්‍රායෙල්හි සිටියාවු වෙන කිසිවෙකුවම, දෙවියන් වහන්සේට තෝරා ගැනිමට බැරි වුයේ ඒ නිසාය.

ශු:ලූක් 2:34,35 දි, සිමියොන් ගේ අනාගත වාක්‍ය ගැන අපි කියවන්නෙමු. "බලව, මේ ළදරුවා ඉශ්‍රායෙල්හි බොහෝ දෙනෙකුගේ වැටීම පිණිසත්, නැගිටීම පිණිසත් විරුද්ධව කථා කරනු ලබන පිණිසත් නියමව සිටියි; එසේය, නුඹේම ආත්මයට කඩුවකින් අනිනු ලැබේ; මෙසේ වන්නේ බොහෝ දෙනෙකුගේ සිත්හි කල්පනා එළිදරව් වන පිණිස"යයි කීවේය. ඔහු එළිදරව් කරමින් සිටියේ, යේසුස් වහන්සේට තිබිය හැකි සේවය ගැනයි. එය අපට බැලීමටද ඉතා වැදගත් කරුණකි. මක්නිසාද සභාවේ එයට සමානම සේවයක් තිබිය යුතුය. සභාව ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය යයි පැවසෙන්නේ යේසුස් වහන්සේ, උන්වහන්සේගේ භූමික දවස් වලදී පටන් ගත්තා වු සේවය දිගටම පවත්වා ගෙන යායුතු හෙයිනි. උන්වහන්සේ සියලු මනුෂ්‍යයන්ගේ සේවකයකු වූ බැවින්, අපවද කැඳවා ඇත්තේ සියල්ලන්ටම සේවකයකු වීමටය. මෙම පොළොවේ සේවකත්වයේ ශ්‍රේෂ්ඨතම නිදසුන් විය යුත්තේ සභා නායකයන් ය. සිමියොන් පැවසුවේ යේසුස් වහන්සේ විරුද්ධත්වයේ සළකුණක් වනු ඇති බවයි. අද දවස වන විට ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ ඔබ නායකයකු නම්, යේසුස් වහන්සේට මෙන් ඔබටද විරුද්ධ වනු ඇත. එසේ ඔබට විරුද්ධ වන්නේ පරිසිවරුන් වැනි ආගමික පුද්ගලයන් ය. නමුත් ඔවුන් ඔබට විරුද්ධ වන විට ඔවුන් ගේ සිත් වල ඇති අදහස් එළිදරව් වනු ඇත (ශු:ලූක් 2:35). එම පරිසිවරුන්, යේසුස් වහන්සේගේ සේවය දුටු විට, ඔවුන් තුළ කෙතරම් ලොකු ඊර්‍ෂාවක් තිබේදැයි සොයා ගනු ඇත. අද දවසේදි දෙවියන් වහන්සේ, මනුෂ්‍යයකුගේ සේවයට ආශීර්වාද කරන විට, බොහෝ අන් අය ඔවුන්ගේ සිත් වල තිබෙන්නාවු මහත් ඊර්‍ෂාව දකිනු ඇත.

ශු: ලූක් 2:47-52 හිදි, යේසුස් වහන්සේ යෙරුසලමට ගොස් යෝසෙප් තුමා සහ මරිය තුමිය විසින් උන්වහන්සේව දේව මාළිගාවේ දමා එන අයුරු අපි දකින්නෙමු. වයස අවුරුදු 12 හිදි යේසුස් වහන්සේ ඉශ්‍රායෙල්හි සිටියාවු සියලුම උගතුන්ට වඩා ශුද්ධ වූ ලියවිල්ල ගැන දැන සිටි සේක. උන්වහන්සේ, ලියවිලි පැහැදිළි කළ අයුරු ගැන ඔව්හු පුදුම වූහ. යේසුස් වහන්සේගේ නිවසෙහි බයිබලයක් තිබුණේම නැත. එම දින වල මුද්‍රිත බයිබලයන් නොතිබුණු අතර, පරණ ගිවිසුමේ අතින් ලියනු ලැබූ පිටපතක් ගැනීම පවා ඉතා මිල අධික විය. කිසිම මනුෂ්‍යයකුගේ නිවසෙහිවත් එය නොතිබුණි. එසේ නම් යේසුස් වහන්සේ වයස අවුරුදු 12 හිදි ලියවිලි ගැන දන්නේ කෙසේද? පාසලේදි සහ සිනගෝගයේදි එය කියවීමේදි උන්වහන්සේ ඉතා ඕනැකමින් ඇහුම්කන් දුන් සේක.

අද දවසේදි, අපගේ නිවෙස් වල මුද්‍රිත බයිබලය අපට ඇති අතර, එහි බොහෝ අනුවර්තනද අපට ඇත. නමුත් බොහෝ කිතුනුවන් අද දවසේ බයිබලය ගැන දන්නේ ඉතා සුළුවෙනි. ඔබ දෙවියන් වහන්සේගේ වචනය අධ්‍යයනය නොකරන්නේ නම්, ඔබට ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ගොඩ නැගිය නොහැකිය. යේසුස් වහන්සේට පවා පියාණන් වහන්සේට සේවය කිරීම පිණිස, උන්වහන්සේටත් කුඩා අවදියේම ලියවිල්ල අධ්‍යයනය කිරීමට සිදු විය.

ඔබ ලියවිල්ල අධ්‍යයනය කිරීමට ඉතා මැළි නම්, දෙවියන් වහන්සේ ඔබව කිසිදා පාවිච්චි නොකරන බවට මට සහතිකය. නමුත් ඔබ ලියවිල්ල අධ්‍යයනය කිරීමට උත්සාහවන්ත නම් සහ ශුද්ධාත්මයෙන් පිරීමට සොයන්නේ නම්, දෙවියන් වහන්සේ ඔබව ඉතා මහත් ලෙස භාවිතා කරන සේක. එනිසා ඔබ ගැළවිම ලැබුවාවු මුල්ම දවසේ සිට දෙවියන් වහන්සේගේ වචනය මෙනෙහි කිරීම පුරුද්දකට තබා ගන්න. මෙසේ ඔබ දෙවියන් වහන්සේගේ සිත සහ දෙවියන් වහන්සේගේ මාර්ග ගැන දැන ගන්නවා ඇත. මනුෂ්‍යයන් භුමික විභාග සමත් වීම සඳහා ඉතා උත්සාහවන්තව පාඩම් කරති! කිතුනුවන්ට එම උත්සාහයෙන් 5% ක්වත් දෙවියන් වහන්සේගේ වචනය අධ්‍යයනය කිරීමට හැකි නම් ඔවුන්ගේ ජීවිත දෙවියන් වහන්සේට මහත් ලෙස ඵලදායි වනු ඇත. බයිබලය, පෙළපොතක් මෙන් අකාර්‍යක්‍ෂමව අධ්‍යයනය නොකරන්න. දෙවියන් වහන්සේව, උන්වහන්සේගේ වචන තුළින් සොයා දැන ගන්න.


ශු:ලූක් 2:49 හිදී, යෙසුස් වහන්සේ තුළ, අපට නිදසුනක් ලෙස යම් කිසි වෙනත් දෙයක් අපි දකින්නෙමු. "පියාණන් වහන්සේගේ කාර්‍යය" (KJV) කෙරෙහි උන්වහන්සේට මහත් බරක් සහ මහත් ලැදි කමක් තිබුණි.බොහෝ දේශකයන් දේව වචනය අධ්‍යයනය කරන්නේ දේශකයන් ලෙස ගෞරවය ලබා ගැනීමට මිස පියාණන් වහන්සේගේ කාර්‍යය කිරීමට නොවේය. අප දෙවියන් වහන්සේව, උන්වහන්සේගේ වචනය තුළින් දැක ගත යුතු අතර, උන්වහන්සේගේ කාර්‍යයට මහත් ලැදි කමක් දැක්විය යුතුය. එසේ නැතිනම් මෙම පොළොවේ ගත කරන අපගේ ජීවිතය අප නාස්ති කර ගන්නවා ඇත. අපව මෙම පොළොවට එවනු ලැබුයේ දෙවියන් වහන්සේගේ කාර්‍යය කිරීමටය. අප මාළිගාවක නැතහොත් පැල්පතක ජීවත් වන්නේය යන්න එයට අදාල නැත. අප ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් දිවි පුදනවාද නැතහොත් ස්වභාවික මරණයකට මුහුණ දෙනවාද යන දෙකම කම් නැත. මෙම පොළොව හැර යාමට පෙර අප විසින් පියාණන් වහන්සේගේ කාර්‍යය අනිවාර්‍යයෙන්ම සම්පූර්ණ කළ යුතුමය.


ශු:ලූක් 3:1 හා 2 හි, යොහාන් බෞතිස්තගේ සේවය ගැන අපි කියවන්නෙමු. මෙහි ලියා තිබෙන දෙය කියවීම ඉතා සිත් ගන්නා සුළුය: තිබේරියස් කයිසාර් එම කාලයේදි ලෝකයේ සිටින ලද ශ්‍රේෂ්ඨතම මිනිසාය. පොන්තියුස් පිලාත්, යුදාවේ සිටිය ශ්‍රේෂ්ඨතම මිනිසාය. හෙරොද්, ගලීලයේ සිටිය ශ්‍රේෂ්ඨතම මිනිසාය. පිලිප්, ඉතුරය සහ ත්‍රකොනිතිස් හි සිටිය ශ්‍රේෂ්ඨතම මිනිසාය. ලුසානියස්, අබිලේනියේ සිටිය ශ්‍රේෂ්ඨතම මිනිසාය. අන්නාස් සහ කායපස් ආගමීක ලෝකයේ ඉශ්‍රායෙල්හි සිටිය ශ්‍රේෂ්ඨතම මිනිසුන්‍ ය. නමුත් දෙවියන් වහන්සේගේ වචනය ඔවුන් සියලු දෙනාවම මගහැර, වනාන්තරයේ සිටියාවු යොහාන් බෞතිස්ත වෙතට ආවේය.


අදටත් එය එසේමය. දෙවියන් වහන්සේගේ වචනය, ලොකයේ සිටින සියලුම ශ්‍රේෂ්ඨතම මිනිසුන් සහ කිතුනු ලෝකයේ සිටින සියලුම ශ්‍රේෂ්ඨ දේව ධර්මාචාර්‍යයන් මගහැර, ඔබ යොහාන් බෞතිස්‍ත වාගේ වන්නේනම් නම් ඔබ වෙතටද එනු ඇත. එනම් ක්‍රිස්තුස් වහන්සේ උසස් වන පිණිස තමාව අඩු කරගැනීමට දැඩි ආශා වන්නකු වීම(ශු:යොහන් 3:30). වනාන්තරයේදි නොහඳුනන හඬක් බවට පත්වීමට කැමති වීම (ශු:ලූක් 3:4). යොහාන් බෞතිස්ත දේශනා කිරීමට ඉක්මන් නොවූයේය. දෙවියන් වහන්සේගේ කාලය පැමිණෙන තෙක් ඔහු බලා සිටියේය."ඉශ්‍රායලයට තමා ප්‍රකාශ වන දවස දක්වා වනාන්තර ස්ථාන වල සිටියේය" (ශු:ලූක් 1:80). එක් දිනෙක දෙවියන් වහන්සේ, යොහාන්ට පැවසුවේ, "සියල්ල හරිය, මම නුඹට ඉගැන්නුවා ප්‍රමණවත්‍ ය. දැන් ගොසින් දේශනා කරපන්න". ඔහු ගොස් දේශනා කෙරුවේය. ඔහු එකදු හාස්කමක් වත් කළේ නැත (ශු:යොහාන් 10:41). නමුත් දෙවියන් වහන්සේ ඔහු සමඟ සිටි බැවින්, මුළු යුදාවම ඔහුට ඇහුම්කන් දෙන පිණිස වනාන්තරයට ගියෝය (ශු:මතෙව් 3:5). දෙවියන් වහන්සේව දන්නාවූ සහ උන්වහන්සේගේ සිත ප්‍රකාශ කරන්නාවු, මනුෂ්‍යයාට ඇහුම්කන් දෙන පිණිස සෑම තැනින්ම මිනිසුන් එනු ඇත.

ශු:ලූක් 3:8-13 හිදි, යොහාන් බෞතිස්තගේ සේවය කෙතරම් ගිනි වැනි සහ ප්‍රායෝගික දැයි අපි දකිමුව. ඔහු වෙතට පැමිණි සියලු දෙනාවම ඔහු බෞතිස්ම කළේ නැත. ඔහුට අවබෝධය තිබුණු අතර, පරිසිවරු වැනි සමහරුන්, සැබවින්ම පසුතැවී නැති බව අවබෝධ වූ විට ඔවුන්ව බෞතිස්ම කිරීම , ඔහු ප්‍රතික්‍ෂේප කළේය. ඔහුගේ දේශනාවේ තත්වය ඉතා ඉහළින් තබා ගත්තේය, මක්නිසාද ඔහුට වැදගත් වූයේ ප්‍රමිතිය මිස ප්‍රාමානය නොවේය. ඔහු කිසිදු ධර්ම ප්‍රචාරක කමිටුවකට බැඳී නොතිබුනු හෙයින්, ඔවුන්ට වාර්තා යැවීමට ඔහුට අවශ්‍ය වුයේ නැත. ඔහු, ඔහුගෙන් විමසුවාවු සෑම දෙනාටම මුළුමනින්ම ප්‍රායෝගික අවවාද දුන්නේය - සුංගම් අය කරන්නන්ට හෝ සොල්දාදුවන්ට වුවත්, "මිනිසුන්ව සූරා නොකන්න", යැයි ඔහු ඔවුන්ට පැවසුවේය. ඔහුගේ දේශනාවන්, තර්කාත්මකව පරණ ගිවිසුමේ පද විශ්ලේෂනය කිරීමක් නොව, එය ප්‍රායෝගිකය. යේසුස් වහන්සේගේ සහ ගෝලයන්ගේ ඉගැන්වීම්ද සෑම විටම ප්‍රායෝගික විය. බයිබල් විද්‍යාලයන්හි, බොහෝ දේශකයන් උගන්වන්නේ, දේශනා කිරීමට හොඳම මාර්ගය, අර්ථව්‍යාපක විය යුතු බවයි - මුලු බයිබලයම පදයෙන් පදය පැහැදිළි කර දීම. නමුත් බයිබලයේ සඳහන් වන කිසිදු ගුරුවරයෙක්, ප්‍රොපේතවරයෙක්, අපෝස්තළුවරයෙක් හෝ යේසුස් වහන්සේ මෙසේ කරනවා අප කිසිදා දැක නැත. ඔවුන් සෑම විටම සමහර පරණ ගිවිසුම් පද ගෙන කාලෝචිතව සහ අවස්ථානුකූලව එය දේශනා කළෝය. යේසුස් වහන්සේගේ සහ අපෝස්තළුවරුන්ගේ නිදසුන් මිස අද දවසේ දේව ධර්මාචාර්‍යවරයන්ගේ අදහස් ඔබගේ ඉගැන්විම් වලදී අනුගමනය නොකරන ලෙස ඔබව දිරිමත් කිරීමට මට ඉඩ දෙන්න.

ශු:ලූක් 3;21,22 හිදි, යේසුස් වහන්සේගේ බෞතිස්මය සහ ශුද්ධාත්මයාණන් වහන්සේ, උන්වහන්සේ වෙත පැමිණීම ගැන අපි කියවන්නෙමු. යොහාන් බෞතිස්‍ත, මවගේ කුස තුළ ශුද්ධාත්මයෙන් පිරී සිටියා නම්, යේසුස් වහන්සේද එසේම සිටි සේක. ආත්මයාණන් වහන්සේගේ බලයෙන්, අවුරුදු 30 ක් තිස්සේ උන්වහන්සේ පරික්‍ෂාවන්ගෙන් ජය ගත් සේක. එහෙත් මෙහිදි අප කියවන්නේ ශුද්ධාත්මයාණන් වහන්සේ උන්වහන්සේ තුළට අවුරුදු 30 දි පැමිණ, උන්වහන්සේගේ සේවය සඳහා උන්වහන්සේව ආලේප කරන අයුරුය (ක්‍රියා 10:38 බලන්න). බොහෝ අය වාද විවාද කරමින් පවසන්නේ, අප ආත්මයාණන් ගෙන් උපන් බැවින්, ආත්මයාණන් වහන්සේ තුළ දෙවැනි අත් දැකීමක් අපට අවශ්‍ය වන්නේ නැත කියාය. නමුත් යේසුස් වහන්සේද මරිය තුමියගේ කුස තුළ ඉපදුනේ ශුද්ධාත්මය සමඟයි. යේසුස් වහන්සේ තුළ අවුරුදු 30 ක් පුරාවටම ශුද්ධාත්මය තිබුනේය. නමුත් උන්වහන්සේ සේවය පටන් ගැනීමට පෙර උන්වහන්සේට ශුද්ධාත්ම ආලේපය ලැබීමට අවශ්‍ය විය.

ශුද්ධත්මයාණන් වහන්සේ දෙවියන් වහන්සේය, එමනිසා දේව ධර්ම නියමයන් මඟින් අපට සම්පුර්ණයෙන්ම උන්වන්සේගේ කාර්‍යය පැහැදිළි කළ නොහැක. ශුද්ධාත්මයාණන් වහන්සේගේ සේවය පැහැදිළි කිරීම හරියට, එක බල්ලෙකු තවත් බල්ලෙකුට මනුෂ්‍ය හැසිරීම පැහැදිළි කරනවා වැනි මෝඩ කමකි!! එක බල්ලෙකු තවත් බල්ලෙකුට කීමට හැකි දෙය මෙයයි: "මනුෂ්‍ය මනෝවිඥානය ගැන මම කිසිවක් දන්නේ නැත. නමුත් මාගේ ස්වාමියා මට ඉතා කරුණාවන්ත බව මම දනිමි. ඔහු මාව හොඳින් රැක බලා ගනියි - එමනිසා මම ඉතා සතුටින් සිටිමි". එම බල්ලාට උගේ ස්වාමියාගේ යහපත්කම අත් දැකිය හැකි නමුත් ඌට, උගේ ස්වාමියාගේ මනෝවිඥානය ගැන පැහැදිළි කළ නොහැක. ශුද්ධාත්මයාණන් වහන්සේ සහ අප ගැනද එය එසේමය. අපට උන්වහන්සේගේ කාර්‍යය සම්පූර්ණයෙන් පැහැදිළි කළ නොහැක. නමුත් අපට උන්වහන්සේගේ ප්‍රේමය, උන්වහන්සේගේ යහපත්කම සහ උන්වහන්සේගේ බලය අත් දැකිය හැක - එය ප්‍රමාණවත්‍ය. දෙවියන් වහන්සේ (මැවුම් කරයාණන්) සහ මනුෂ්‍යයා අතර ඇති දුර ප්‍රමාණය මවන ලද ජීවීන් දෙදෙනකුට වඩා ඉතා වැඩිය - මනුෂ්‍යකු සහ බල්ලකු. එනිසා ශුද්ධාත්මයාණන් වහන්සේගේ කාර්‍යයන් සියල්ලම පැහැදිළි කිරීම අපට කළ නොහැකි දෙයකි.

යේසුස් වහන්සේ බෞතිස්ම වන විටදී උන්වහන්සේ යාච්ඥා කරමින් සිටි බව අපි කියවන්නෙමු (ශු:ලූක් 3:21). ඒ මක්නිසාද? නිසැකවම ශුද්ධාත්ම ආලේපය ලැබීමටය. උන්වහන්සේගේ යාච්ඥාවන්ට ක්‍ෂණයකින්ම පිළිතුරු ලැබුණු හෙයින් අපි ඒ ගැන දනිමු -එමෙන්ම උන්වහන්සේ වතුරෙන් එලියට එනවාත් සමගම ශුද්ධාත්මයාණන් වහන්සේ උන්වහන්සේ තුළට වඩිනවා අපි දකිමු. මෙහිදි අප දකින්නේ, උන්වහන්සේ පවා ආලේපය ලබන්නේ යාච්ඥාවන්ට පිළිතුරු ලෙස බවය. අපටද ඇති මාර්ගය මෙයයි. දෙවියන් වහන්සේගේ බලය අපට නොමැති බව අපි ඒත්තු ගත හොත් (ක්‍රියා 1:8) සහ ජීවන ගංගා අප තුළින් නොගලන බව ඒත්තු ගතහොත් (ශු:යොහාන් 7:38) සහ යාච්ඥාවෙන් දෙවියන් වහන්සේව සෙව්ව හොත්, උන්වහන්සේ අපවද ශුද්ධාත්මයෙන් පුරවනු ඇත (ශු:ලූක් 11:13) - එමෙන්ම එවිට අපටද මෙම පොළොවේ දෙවියන් වහන්සේ තුළ මහත් සේවාවක් සම්පූර්ණ කිරීමට හැකි වනු ඇත.

ශු:ලූක් 3:28-33 හිදි මරිය තුමියගේ පෙළපත ගැන අපි කියවන්නෙමු. 23 වන පදය පවසන්නේ යේසුස් වහන්සේ "හේලිගේ පුත්‍රයා වන යෝසෙප්ගේ පුත්‍රයාය" කියා මනුෂ්‍යයන් සිතූ බවය. මෙහි සඳහන් "පුත්‍රයා" යන වචනය, මුල්ම ග්‍රීක පිටපත්වල නැත. ශු:මතෙව් 1;7,16 අනුව යෝසෙප්ගේ පියාගේ නම යාකොබ් මිස හේලි නොවන බව නිසැකවම අපි දනිමු. හේලි, ඔහුගේ මාමන්ඩියයි. මරිය තුමියගේ පියාණන්‍ ය. මෙය තව දුරටත් තහවුරු වන්නේ ලූක් ශුභාරංචියෙහි, පෙළපත් හි, ලූක් තුමා පෙන්වන්නේ දාවිත්ගේ පුත්‍ර වූ නාතන් ගෙන් පැවතෙන පෙළපත(ශු:ලූක් 3:31) මිස ඔහුගේ පුත්‍ර වූ සාලමොන් ගෙන් නොවේය.(ශු: මතෙව් 1:7 බලන්න). ලූක් පොතෙහි ඇති පෙළපත ආදම් දක්වාම දිව යයි. ඒ මන්දයත් ලූක් තුමා ලියන්නේ අන්‍ය ජාතිකයන්ටය.

ශු:ලූක් 4:14 හි, අප කියවන්නේ යේසුස් වහන්සේ පරික්‍ෂා කරනු ලැබුවාට පසුව උන්වහන්සේ ශුද්ධාත්ම බලයෙන් පූර්ණව දේශනා කිරීමට පැමිණෙන අයුරුය. පරික්‍ෂාවන් ජය ගැනීම සෑම විටම, දෙවියන් වහන්සෙගේ වචනය බලයෙන් යුක්තව පැවසීමට අපට ඉඩ දෙයි. නාසරෙත් හි, සිනගෝගයේදි යේසුස් වහන්සේ යෙසායා 61 වන පරිච්ඡේදය කියවමින් පැවසුවේ, මෙම අනාගත වාක්‍ය දැන් සම්පූර්ණ වී ඇති බවයි.

දෙවියන් වහන්සේගේ ආත්මය අනුන්ට ආශීර්වාද කිරීම පිණිස උන්වහන්සේව ආලේප කළ සේක - ශුභාරංචිය අන් අයට දේශනා කිරීමට, අන් අය හිරගෙයින් මුදවා ගැනීමට, අන් අයගේ ඇස් ඇරීමට සහ අන් අයව නිදහස් කර මුදා හැරීමටය. ආලේප කිරීමේ සෑම ප්‍රතිඵලයක්ම අන් අය උදෙසාය.

ආත්මයාණන් වහන්සේගේ ඵල අප උදෙසාය - ප්‍රේමය, ප්‍රිතිය, සමාදානය, බොහෝ දුක් විඳීම, මෘදු කම, යහපත් කම, ඇදහිලිවන්ත කම, මොළොක් කම, ස්ව පාලනය. නමුත් ආත්මයාණන් වහන්සේගේ දීමනා නම් අන් සියලු දෙනාටමය. දෙවියන් වහන්සේ ඔබට සුව කිරීමේ හෝ දේශනා කිරීමේ දීමනාව දෙන්නේ නම්, එය අන් අයට ආශීර්වාද කිරීම පිණිසය- ඔබට මුදල් ඉපයීමටවත්, ඔබට ගෞරවය ඉපයීමටවත් නොවේය. අන්‍ය භාෂාවේ දීමනාව පවා ඔබව නිරතුරුවම නැවුම්ව තබන්නේ අන් අයට ආශිර්වාද කිරීම පිණිසය. ශුද්ධාත්ම දීමනාවන් ඔබ, ඔබ උදෙසාම භාවිතා කරන්නේ නම්, ඔබ එමගින් ගොඩ නගන්නේ බබිලෝනිය පමණි. එය සෑම විටම මතකයේ තබා ගන්න.

ලූක්:හාස්කම් සහ ඉගැන්වීම්

ශු:ලූක් 5:1-11 හිදි, ආශ්චර්‍යමත් මසුන් ඇල්ලීම ගැන අපි කියවන්නෙමු. මුහුදට ගොස් මසුන් ඇල්ලීමට දැල හෙළන්න යැයි යේසුස් වහන්සේ සීමොන්ට පැවසු සේක. සීමොන් පෙර දින මුළු රාත්‍රිය පුරාම මසුන් අල්ලා ගැනීමට නොහැකිව විඩාවට පත් වි සිටියේය. නමුත් - මහත් ඇදහිල්ලකින් තොරව - ඔහු ස්වාමින් වහන්සේට කීකරු වීමට තීරණය කළේය. ඔහුගේ මුළු ජීවිත කාලය පුරාවටම ඔහු ඇල්ලූ විශාලතම මසුන් ප්‍රමාණය ඔහු අල්ලා ගත්තේය. ස්වාමින් වහන්සේ අපට යම් දෙයක් කිරීමට පවසන විට අප සමහර විට පවසන්නේ "ස්වාමිනි, මම එය බොහෝ වරක් උත්සාහ කළෙමි. නමුත්, එය ක්‍රියාවට නැගුනේ නැත" යන ලෙසටය. නමුත් ස්වාමින් වහන්සේ පවසන්නේ, "නමුත් නැවත එය කරන්න, මක්නිසාද එය කිරීමට මම නුඹට පවසන නිසා" යන ලෙසටය. ඔබට ප්‍රතිඵලය ලැබෙන විට ඔබ පුදුම වනු ඇත. වෙන තැනකට නොව, ස්වාමින් වහන්සේ පවසන ස්ථානයට යෑම හොඳම දෙයයි. ඔබ කැමති ස්ථානයට ඔබ ගියේ නම්, ඔබට ආත්මික ඵල දැකීමට හැකි වන්නේ නැත. නමුත් ඔබ ස්වාමින් වහන්සේගේ මඟ පෙන්වීමෙන් ගියේ නම්, සදහටම පවතින ඵල දැක ගත හැකි වනු ඇත. දෙවියන් වහන්සේට පැවසීමට ඉඩ හරින්න - ඔබ යා යුතු තැන සහ කවදාද යන්න.
ශු:ලූක් 5:15,16 හිදි, ඉතා විශාල සෙනඟක් යේසුස් වහන්සේට ඇහුම්කන් දීම පිණිස සහ ඔවුන් ගේ රෝග වලින් සුවපත් වීම සඳහා පැමිණි බව අපි කියවන්නෙමු.(අප ලියවිල්ල අධ්‍යයනය කරන විට, සමහර විට අපවම එම තත්වයේ තබා, අප කුමක් කරාවිදැයි සිතා බැලීම හොඳය). ඔබගේ සේවයේ එවැනි ප්‍රතිඵල ඔබ දැක තිබේ නම්, ඔබ අනතුරකට පත් වීමට ඉඩ ඇත්තේ කුමකින් ද? ආඩම්බර කමින්. යේසුස් වහන්සේ අප මෙන්ම පරික්‍ෂා කරනු ලැබූ සේක. උන්වහන්සේ කළේ කුමක්ද?" උන්වහන්සේ වනාන්තර ස්ථාන වලට අහක්ව ගොස් යාච්ඥා කළ සේක" (ශු:ලූක් 5:16). අන් අය වටේට හිඳ කථා කර කර සිටින මොහොතේ, උන්වහන්සේ අහක්ව ගොස් පියාණන් වහන්සේට යාච්ඥා කරමින් පියාණන් වහන්සේ සමඟ තනිව ගත කළ සේක. එම පුරුද්ද ඔබේ ජීවිතයේද ගොඩ නගා ගන්න. දෙවියන් වහන්සේ සමඟ තනි වෙන්න. මිනිසුන් සමඟ සිටීම හොඳය. නමුත් දෙවියන් වහන්සේ සමඟ තනිව ගත කිරීමට, ඔබට බොහෝ කාලය අවශ්‍යය. ඔබගේ සේවය ව්‍යාප්ත වන තරමටම ඔබ දෙවියන් වහන්සේ සමඟ ගත කරන කාලය දීර්ඝ විය යුතුය. මෙය යේසුස් වහන්සේ කලකට වරක් කළ දෙයක් නොව, නිරන්තරයෙන්ම කළ දෙයකි.
ශු:ලූක් 5: 27-29 හිදි, යේසුස් වහන්සේ විසින් මතෙව් (ලෙවි) කැඳවීම සහ මතෙව් විසින් ස්වාමින් වහන්සේට මහත් මංගල්‍යයක් සුදානම් කරන අයුරු අපි කියවන්නෙමු. ඔබ මෙය මතෙව් විසින් ඔහුගේ ශුභාරංචියෙහි ලියා ඇති අයුරු සසඳා බැලුවහොත්, ඔහු, එය ඔහු විසින්ම සුදානම් කළ මහත් මංගල්‍යයක් බව එකදු වචනයක්වත් ලියා නැති බව ඔබට දැකීමට හැකිවනු ඇත (ශු: මතෙව් 9:9-10). ඔබ යම්කිසි යහපත් දෙයක් කළහොත් ඔබ විසින්ම වාර්තා නොකර, අන් අයට එය වාර්තා කිරීමට ඉඩ දෙන්න.
ශු:ලූක් 6:12,13 හිදී, යේසුස් වහන්සේ ගෝලයන් කැඳවන අයුරු අපි දකින්නෙමු. උන්වහන්සේ මුළු රාත්‍රියම යාච්ඥා කළ සේක - මක්නිසාද උන්වහන්සේගේ සිතින් කවුරු තෝරා ගත යුතුදැයි පැහැදිලි කර ගැනීමට අවශ්‍යය නිසාය. පව් රහිත යේසුස් වහන්සේට පවා පියාණන් වහන්සේගේ කැමැත්ත දැන ගැනීම පිණිස යාච්ඥා කිරීමට සිදු විය. යේසුස් වහන්සේ යුදස් ඉස්කාරියොත් තෝරා ගන්නා විට, ඔහු වංචනිකයකු නොවූ බව පෙන්වා දීමට මට ඉඩ දෙන්න. ශු:ලූක් 6:16 හි පවසන්නේ, යුදස් ඉස්කාරියොත් " ද්‍රෝහියෙකු වූයේය"යන්නය. ඔහුව තෝරා ගන්නා විටදී ඔහු ද්‍රෝහියකු වී සිටියේ නැත. පසුව ඔහු ද්‍රෝහියකු බවට පත් වුනේය. ඔහුව තෝරා ගන්නා විටදි, පේත්‍රැස්, යාකොබ් සහ යොහාන් මෙන් ඔහුද මුළු හදවතින්ම අවංකයෙක් විය. යේසුස් වහන්සේ මුළු හදවතින්ම අවංක මනුෂ්‍යයන් තෝරා ගත් අතර, පසුව ඔහු සටකපටයෙක් වී නිරයට ගියේය.
ශු:ලූක් 6:20-49 හිදි, සංක්‍ෂිප්ත ලෙස කන්ද උඩ දේශනාව අප සතුව ඇත. එනම් ඔවුන්ව පීඩා කරනු ලබන විට, වරදවා වටහාගන්නා විට, විවේචනය කරන විට, අඩම්තේට්ටම් කරන විට, නින්දා කරන විට, අපහාස කරන විට සහ ශාරිරීකව පහර දෙන විටදී අප ස්වාමීන් වහන්සේගේ මෙම වදන් මෙනෙහි කර ගැනීමෙන් සැනසීම ලබා ගත හැකිය. : "මනුෂ්‍ය පුත්‍රයා නිසා මනුෂ්‍යයන් නුඹලාට වෛර කරන කලද, තමුන් ගේ සමාගමෙන් නුඹලා වෙන් කර, නුඹලාට නින්දා කර, නුඹලාගේ නාමය නපුරු යයි පහ කරන කලද, නුඹලා ආශීර්වාද ලද්දෝය. ඒ දවසේ දී ප්‍රීති වෙයල්ලා, ප්‍රීතියෙන් නටා පල්ලා. මක්නිසාද ස්වර්ගයෙහි නුඹලාගේ විපාකය මහත්‍ ය. ඔවුන් ගේ පියවරු අනාගතවක්‍තෘවරුන්ටත් එසේම කළෝය"(ශු:ලූක් 6:22,23). මිනිසුන් ඔබට වෛර කරන විට සහ ඔබත් සමඟ කිසිදා ගනුදෙනුවකට එන්නේ නැති විට සහ ඔබගේ නාමයට පවා නිග්‍රහ කරන විට, ඔබ ආශීර්වාද ලද්දෙක්‍ යැයි ඔබ විශ්වාස කරන්නේද? මෙය කරන්නේ ඔබගේ නෑදෑයන්, අනෙකුත් කිතුනුවන්, කිතුනුවන් නොවන අය, ඔබගේ අසල් වැසියන් හෝ ඕනෑම කෙනෙකු විය හැක. ඔබ යේසුස් වහන්සේගේ ගෝලයෙකු සහ ඔබ දෙවියන් වහන්සේගේ මුළු උපදේශයන් ප්‍රකාශ කරන විට ඔවුන් ඔබව ප්‍රතික්‍ෂේප කරන්නේ නම්, ඔබ කෙතරම් ආශීර්වාද ලද්දෙක් දැයි කිවහොත් යේසුස් වහන්සේ පැවසුවේ, ප්‍රීතිය නිසා නටන්නටය. එම කාලය" ආත්මයෙන් නැටිය යුතු" කාලයයි. එසේ නම් බොහෝ කිතුනුවන් ප්‍රසිද්ධිය සහ ගෞරවය සොයන්නේ මන්ද? ඔබගේ මනාලයා වන යේසුස් වහන්සේ එපා කරන ලදුව, නිග්‍රහ කරන ලදුව සහ නෙරපන ලද්දෙක්‍ ය. උන්වහන්සේගේ මනාලිය , ඇගේ මනමාලයා සමඟ සිට ගැනීමට අකමැති මන්ද?
එසේ නොමැතිව, සෑම මනුෂ්‍යයාම ඔබව පසසමින්, ඔබ ගැන යහපත් දේවල් පවසනවා නම්, එයින් ඔප්පු වන්නේ, ඔබ බොරු ප්‍රොපේතවරයකු යන්නය - මක්නිසාද පරණ ගිවිසුමේ බොරු ප්‍රොපේතවරුන්ට සෑම විටම ගෞරවය සහ ප්‍රශංසාව ලැබුනු අතර, සැබෑ ප්‍රොපේතවරුන්ට සෑම විටම චෝදනා සහ ප්‍රතික්‍ෂේප කරනු ලැ බුනි - සෑම ශත වර්‍ෂයේදීම එය එසේමය.
මෙම මිනිසුන්ට අප සැළකිය යුත්තේ කෙසේද? ශු:ලූක් 6;27 පවසන්නේ, "ඔවුන්ට ප්‍රේම කරන්න. ඔවුන්ට යහපත කරන්න. ඔවුන් සඳහා යාච්ඥා කරන්න"යනුවෙනි. මට පීඩා කරන්නන් උදෙසා මම මෙසේ යාච්ඥා කරන්නෙමි : " ස්වාමිනි, ඔවුන් මට කළ සෑම දෙයක් උදෙසාම දෙවියන් වහන්සේගේ ප්‍රේමය තුළ, ඔවුන්ට මම පෙරළා ප්‍රේම කරන බව දැන ගන්නා පිණිස ඔවුන්ට සේවය කිරීමට සහ යහපත කිරීමට මට අවස්ථාව ලබා දෙන්න. ඔවුන්ට අවශ්‍යතාවයක් වෙතොත්, ඔවුන්ට ආර්ථික වශයෙන් වුවද උපකාර කිරීමට මම කැමතිය. මාගේ රාජධානිය මෙම ලෝකයේ එකක් නොවේ යයි මට, ඔවුන්ට පෙන්වීමට අවශ්‍යව ඇත". අප අයත් වන්නේ ප්‍රේමයෙන් පිරුණාවූ රාජධානියකටය. එහි ශ්ලේෂයක් තරම්වත් වෛරයක් නැති හෙයින් අපට ශාප කරන්නාවූ සියල්ලන් හටම, අපට ආශීර්වාද කළ හැක (ශු:ලූක් 6:28).
ඔබ ශුද්ධාත්මයෙන් පිරී නැත්නම් මෙම ජීවිතයෙන් ජීවත් විය නොහැක. මිනිසුන් ඔබට වරදවා සලකන විට, ඔවුන්ට සමාව දීම පමණක් ප්‍රමාණවත් නැත. එය හොඳය. ඔවුන් උදෙසා යාච්ඥා කළ යුතුය. අපගේ කම්මුලට ගසන තැනැත්තා සමඟ සටනට යෑම අපි ප්‍රතික්‍ෂේප කරන්නෙමු. ඔවුන් ඔබගේ කබාය ගැලවුවහොත්, ඔවුන්ට අපගේ කමීසය ගැල වීමට පුළුවන් යැයි අපි ඔවුන්ට කියන්නෙමු. මිනිසුන් එකිනෙකා පහළට ඇද දමමින්, ඔවුන් ඉහළට යෑමට උත්සාහ කරන්නාවූ ලෝකයේ ආකාරයට වඩා මෙම ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස්‍ ය. ඔබට ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ගොඩ නැගීමට අවශ්‍ය නම්, ඔබගේ සභාවේ ඉන්නාවු අයට මෙම වචන ඉගැන්විය යුතුය.
යේසුස් වහන්සේ පැවසුවේ,අපට යහපත කරන අයට පමණක් අප යහපත කෙරුවහොත් අපට කිසි ලකුණක් නොලැබෙන බවයි (ශු:ලූක් 6:33). අපට ත්‍යාග දුන් අයකුට,අපද ත්‍යාග දුන්නහොත් එයට දෙවියන් වහන්සේගෙන් අපට ලැබෙන්නේ 0% ක්‍ය. අප හට කරදර කළාවු කෙනෙකුට අප යහපතක් කළහොත් දෙවියන් වහ්න්සේගෙන් අපට 100% ක් ලැබෙනු ඇත.
ශු:ලූක් 6:31 දී, යේසුස් වහන්සේ පැවසුවේ, අප සැලකිලි ලබන්නට කැමැති විදියටම අන් අයටත් සලකන ලෙසය. අන් අය ඔබ නැති තැන ඔබ ගැන නරක දේවල් ප්‍රකාශ කිරීම ඔබට අවශ්‍යද? නැත. එසේ නම්, අන් අය නැති තැන ඔවුන් ගැන නපුරු දේවල් පවසන්න. ඔබ, ඔබගේ අඥානකම නිසා වරදක් කළ විට, මිනිසුන් ඔබට සමාව දීමට ඔබට අවශ්‍යද? ඔව්. එසේ නම්, අන් අයගේ අඥානකම නිසා වරද කළ විට ඔවුන්ට සමාව දෙන්න. එය එතරම්ම පහසු දෙයකි.
ශු:ලූක් 6:36 දී, යේසුස් වහන්සේ පැවසුවේ, එක පැත්තකින් අප, අපගේ ස්වර්ගීය පියාණන් වහන්සේම මෙන් සම්පූර්ණ විය යුතුය - එක පැත්තකින් සමාදානයයි. මෙය ශු:මතෙව් 5:48 සමඟ සසඳා බලන්න:"එබැවින් නුඹලාගේ ස්වර්ගීය පියාණන් වහන්සේ සම්පූර්ණව සිටින්නාක් මෙන් නුඹලාද සම්පූර්ණව සිටපල්ලා". අපට දෙවියන් වහන්සේ මෙන්, ශුද්ධව, ප්‍රේමවන්තව, ඥාන්වන්තව, බලවන්ත විය නොහැක. නමුත් අප සැමට උන්වහන්සේ මෙන් අන් අයට සමාව දීමෙහි සම්පූර්ණ විය හැක. එහි අර්ථය වන්නේ, අපට සතුරන් දස දෙනෙකු ඇත්නම්, ඔවුන් දස දෙනාටම සමාව දීමයි. "ස්වර්ගීය පියාණන් වහන්සේ මෙන් අනුකම්පා සහගත වන්න".
අන් අය විනිශ්චය නොකරන්න (ශු:ලූක් 6:38). ඔවුන්ව විනිශ්චය කිරීම දෙවියන් වහන්සේට භාර දෙන්න. උන්වහන්සේට එය කිරීම සඳහා ඔබගේ උදව්ව අවශ්‍ය වන්නේ නැත.
මසුරු නොවී, අවශ්‍යතා ඇති අයට නිර්ලෝභීව දෙන්න(ශු:ලූක්6:38)- දෙවියන් වහන්සේද ඔබට නිර්ලෝභීව දෙන සේක. ඔහුගේ ආදායමෙන් 90% ක් ස්වාමින්වහන්සේට දෙන්නාවු ව්‍යාපාරිකයෙක් වරක් පැවසුවේ," මම ඉස්කෝප්පයෙන් මුදල් බෙදමි, දෙවියන් වහන්සේද මට ඉස්කෝප්පයෙන් බෙදන සේක - නමුත් දෙවියන් වහන්සේට ඇත්තේ ඉතා ලොකු ඉස්කෝප්පයකි!".
ශු:ලූක් 6:40 දි, යේසුස් වහන්සේ අපට සහතික කළේ, අප උන්වහන්සේට(අපගේ ගුරුතුමාට) අපව සම්පුර්ණයෙන්ම පුහුණු කිරීමට ඉඩ දුන්නහොත්, දවසක අපට උන්වහන්සේ වාගේ විය හැකි බවයි. මෙම ආශ්චර්‍යමත් පොරොන්දුව නිසා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න. එවිට උන්වහන්සේ අපව ගෙන යන්නාවු අමාරුකම් සහ පරික්‍ෂා තුළින් යෑම සඳහා අපව පුහුණු කිරීමට අපි උන්වහන්සේට ඉඩ හරිමු.

ලූක්:ආශීර්වාද ලත් කාන්තාවෝ

ශු:ලූක් 7:13 හිදි, මනුෂ්‍යයන් දුක් විඳිනවා දකින විට, යේසුස් වහන්සේ අනුකම්පාවෙන් පිරුණු හැටි අපි දකින්නෙමු. ස්වාමින් වහන්සේ, නායින් නුවර සිටි ඇයගේ එකම පුත්‍රයා නැතිවුණ වැන්දඹු ස්ත්‍රිය දුටු විට, උන්වහන්සේ අනුකම්පාවෙන් පිරුණු සේක. ඔබ ශුභාරංචි පොත් වල කියවන්නේ, යේසුස් වහන්සේට රෝගීන් සුවකිරීමට, සමූහයකට කෑම දීමට සහ ලියවිල්ල ඉගැන්වීමට බලපෑවේ අනුකම්පාව බවයි. සභාවක ඇති සෑම සේවයක්ම යේසුස් වහන්සේ අපගේ හදවත් පිරවූ අනුකම්පාවෙන් ගලා එන්නාවූ ඒවා විය යුතුය. ඔබ අවට සිටින දුක් විඳින, මුළා කරන ලද සහ යක්‍ෂයා විසින් නොමඟ යවන ලද මිනිසුන් ගැන හොඳින් සිතා බලන්න. ඔවුන් උදෙසා, ඔබ අනුකම්පාවෙන් පිරවීමට දෙවියන් වහන්සේට ඉඩ දෙන්න. එවිට එම අනුකම්පාව සහිතව ගොස් සේවය කරන්න, දේශනා කරන්න, උගන්වන්න සහ ඔවුන් උදෙසා යාච්ඥා කරන්න.

ශු:ලූක් 7:36 හිදි, යේසුස් වහන්සේට කෑමකට ආරාධනා කළාවු ඵරිසිවරයකු ගැන අපි කියවන්නෙමු. ඵරිසිවරයකුගේ ගෙදරට නොයාමට තරම් යේසුස් වහන්සේ ආඩම්බර කෙනෙකු නොවේය. මිනිසුන්ට ආශීර්වාද කළ හැකි ඕනෑම තැනකට උන්වහන්සේ ගිය සේක. උන්වන්සේ ගියේ පව් කරුවන්ගේ නිවෙස් වලට පමණක් නොවේය. ඒ වාගේම උන්වහන්සේ ඵරිසිවරුන් ගේ නිවෙස් වලටද ගිය සේක. හැරුණාවු වේශ්‍යා ස්ත්‍රියක් එහි පැමිණ, සුවඳ තෙලින් පිරුණාවු කරඬුවක් ගෙනවිත්, ඇයගේ පාප වලට දුන්නාවු සමාව සහ ඇයට දුන්නාවු ගැළවීම ගැන කෘතඥතාවය පළකරමින් උන්වහන්සේගේ පාද ආලේප කළාය. වේශ්‍යාකමින් ඉපයු මුදල් වලින් මෙම සුවඳ ද්‍රව්‍ය මිළදී ගත් බවට සැකයක් නැත. ද්වීතීය කථාව 23:18 හි, විශේෂ වූ ආඥාවක් වනුයේ වේශ්‍යාවකගේ වේතනය දෙවියන් වහන්සේට පූජා නොකළ යුතුමය කියාය. යේසුස් වහන්සේ එම පාඨය නොදැන සිටිය සේක්ද? උන්වහන්සේ අනිවාර්‍යෙන්ම දැන සිටි සේක. උන්වහන්සේ, උන්වහන්සේගේ ආගන්තුක සත්කාර කරන්නා මෙන් නීතියට යටත් වූ කෙනෙක් නොවුනු සේක. ආගන්තුක සත්කාර කළාවු සීමොන් නම් ඵරිසිවරයා සිතුවේ, "මුන්වහන්සේ අනාගතවක්තෘ කෙනෙක් නම්, මුන්වහන්සේට අත ගසන මේ ස්ත්‍රිය කවුද කියා දැන ගන්නවා ඇත" කියාය. එවිට යේසුස් වහන්සේ, මිනිසුන් දෙදෙනෙකුට සමාව දුන්නාවු මනුෂ්‍යයකු ගැන උපමාවක් කී සේක - එක් අයකු මසු 500 ක් සහ අනෙක් අයකු මසු 50 ණයට ගත් මිනිසුන් දෙදෙනෙකුට, එම ණය ගෙවා ගැනීමට නොහැකි වූ අතර, දෙදෙනාටම සමාව ලැබුණි. ඔවුන් දෙදෙනාගෙන් ඔහුට වැඩිපුර ප්‍රේම කරන්නේ කවුද? සීමොන් පැවසුවේ, "සාමාන්‍යයෙන් වැඩිපුර සමාව ලත් තැනැත්තාය" කියාය. යේසුස් වහන්සේ එවිට පෙන්නුම් කළේ, සීමොන්, හැරුනාවු, බොහෝ පව් කළාවූ මෙම ස්ත්‍රිය තරම් ඔහු පව් කර නැති බැවින් ඔහු ස්වාමින් වහන්සේට එතරම් ප්‍රේම නොකළ බවයි. ස්වාමින් වහන්සේට තිබෙන අපගේ ප්‍රේමය රඳා පවතින්නේ, අපට ලැබුණා වූ සමාව කෙතරම්ද යන්න මතය.

බොහෝ කිතුනුවන් ව්‍යාජ නිහතමානීකමක් සාදා ගෙන ඔවුන් පවසනුයේ, " මම මහත් පව්කාරයෙකි" යන්නය. ඔබ, ඔබ ගැන එසේ විශ්වාස කරන්නේනම්, එවිට ඔබ අනෙක් සියලු දෙනාටම වඩා ස්වාමින් වහන්සේට ප්‍රේම කරනු ඇත. බොහෝ සමාව ලැබුණු අය බොහෝ ප්‍රේම කළ යුතුය. බොහෝ පව් කාරයන් යන සුදුසුකම කියා ගන්නාවු බොහෝ අය නිරන්තරයෙන්ම බොහෝ මුදල් කෙරෙහි ලුහු බැඳ යන අතර, ස්වාමින් වහන්සේ උදෙසා ජීවත් නොවනෝය. නිහතමානී ප්‍රසිද්ධියක් ලබා ගැනීම සඳහා ඔවුන් ධාර්මික භාෂාවක් භාවිතා කරති. ඔබ "මහත් පව් කාරයකු" යයි තවදුරටත් නොකියන්න. ඔබ පාවුල් තුමා මෙන් ක්‍රිස්තුස් වහන්සේ උදෙසා සියල්ල අත් හැරීමට කැමති නම් පමණක් එසේ පවසන්න. ඔබ බොහෝ සමාව ලැබ ඇත්නම්, ඔබ බොහෝ ප්‍රේම කරනවා ඇත. ඔබ ස්වාමින් වහන්සේ උදෙසා ස්වල්පයක් අත් හරිනවා නම්, එයින් ඔප්පු වන්නේ, ඔබ ඉතා සවල්ප ප්‍රමාණයක් සමාව ලැබු බව විශ්වාස කරන බවයි.

ශු:ලූක් 8:1-3 හිදි, යේසුස් වහන්සේගේ කණ්ඩායමට සහ උන්වහන්සේගේ සේවයට ප්‍රධාන ලෙස උපකාර කරන්නාවු එක්තරා පොහොසත් ස්ත්‍රීන් ගැන අපි කියවන්නෙමු. යේසුස් වහන්සේ පොහොසත් මිනිසුන්ට විරුද්ධ වුයේ නැත. උන්වහන්සේ විරුද්ධ වන්නේ උඩඟු අයටය. නමුත් පොහොසත් හෝ දුප්පත් වුවත් ඔවුන් යටහත්පහත් නම්, ඔවුන්ට උන්වහන්සේගේ ගෝලයන් විය හැකි අතර සහ මුල්‍යමය වශයෙන් උන්වහන්සේට උපකාර කළ හැක. වයස අවුරුදු 30 වන තෙක්, යේසුස් වහන්සේ, උන්වහන්සේටම උපකාර කර ගන්නා වූ වඩු කාර්මිකයකු වූ සේක. ඊට පසුව පූර්ණ කාලීන සේවකයකු ලෙස, උන්වහන්සේගේ සමහර ගෝලයන් විසින් ස්වේච්ඡාවෙන් දෙන ත්‍යාග උන්වහන්සේට උපකාර වූයේය. උන්වහන්සේ, උන්වහන්සේගේ අවශ්‍යතාවයන් කිසිවෙකුට දැන ගැනීමට සැළැස්වුයේ නැති අතර, කිසිවක්, කිසිවෙකුගෙන් ඉල්ලා සිටියේ නැත. එමෙන්ම උන්වහන්සේගේ ගෝලයන්ට වැටුපක් දීමට උන්වහන්සේ පොරොන්දු නොවූ සේක. උන්වහන්සේගේ පියාණන් වහන්සේ, ඔවුන්ගේ සියලු අවශ්‍යතාවයන් සැපයීම සඳහා මිනිසුන් පෙළඹවූ සේක. මෙහිදි අප දකින්නේ පොහොසත් අයටද සේවයක් ඇති බවය - දෙවියන් වහන්සේගේ වැඩට මුල්‍යමය වශයෙන් උපකාර කිරීම.
ශු:ලූක් 8:16-18 හිදි, ස්වාමින් වහන්සේ, ආලෝකයක් වීම ගැන කථා කළ සේක. ඔබ, ඔබගේ කාමරය තුළ පහනක් තබන්නේ නම්, එය භාජනයකින් වසන්නේවත් ඇඳ යට තබන්නේවත් නැත. ඔබ එය නිතරම තබන්නේ සියලු දෙනාටම පෙනෙන ස්ථානයකය. ස්වාමින් වහන්සේ උදෙසා අපගේ එළිය විහිදිය යුත්තේ මෙසේය. ඉන්දියාව තුළ ඇති බැංකු සහ රාජ්‍ය ආයතනවල කිතුනුවන් නොවන අය තමුන්ගේ දෙවිවරුන් ගේ රූප, ඔවුන් ගේ මේස අසල එල්ලා තිබෙන අයුරු මම දැක ඇත්තෙමි. බයිබල් පාඨයන් එල්ලා තිබෙන කිතුනුවකු මා දැක නැති තරම්‍ ය. බොහෝ කිතුනුවන් ලැජ්ජා වෙති. සමහර අය, ඔවුන්ගේ උසස් විමේ අපේක්‍ෂාවන් බොඳ වෙතැයි බිය වෙති - එනිසා ඔවුන්, ඔවුන්ගේ ආලෝකය සඟවා ගනිති. මෙය කුමණ ඛේදවාචකයක් ද! අප උදෙසා ප්‍රසිද්ධියේම කුරුසියේ එල්ලීමට යේසුස් වහන්සේ ලැජ්ජා නොවු සේක. අපි, නිර්භීතව උන්වහන්සේව ප්‍රකාශ කිරීමට ලැජ්ජා නොවෙමු. මා නාවික හමුදාවේ සේවය කරන කාලයේදි, ප්‍රසිද්ධියේ සාක්‍ෂිකාරයකු වීමට මට නොහැකි විය. නමුත් මම, මාගේ මේසය මත බයිබලය සහ පත්‍රිකා තබා තිබුණි. පත්‍රිකා අවශ්‍ය වූ අයට පත්‍රිකාවක් ගැනීමට හැක. අපගේ ආලෝකය බැබළවීමට බොහෝ ක්‍රම ඇත. සභා ගොඩනැගිල්ලක ඇතුලට වඩා පිටත සිට ක්‍රිස්තුස් වහන්සේව ප්‍රකාශ කිරීම ඉතා වැදගත්‍ය. වෙන ආලෝකයක් නැති තැන අපගේ ආලෝකය දීප්තිමත්ව බැබළීමට අවශ්‍ය ය.
ශු:ලූක් 8:43,44 හිදී, යේසුස් වහන්සේගේ දාවල්ලට අත ගැසූ කාන්තාවක් ගැන අපි කියවන්නෙමු. එම වේලාවෙ යේසුස් වහන්සේ වටා බොහෝ සෙනඟක් ගැවසුන නමුත්, ඇය පමණක් සුවය ලැබුවාය. සභා රැස්වීම් තුළදීද, යේසුස් වහන්සේ වටා බොහෝ සෙනඟක් සිටිති. නමුත් ඇදහිල්ල ඇති අය පමණක් - මෙතැනින් කෙනෙකු සහ එතැනින් කෙනෙකු - ස්වාමින් වහන්සේට අත ගසති. සෑම රැස්වීමකදීම අපද එම කාන්තාව මෙන් ඇදහිල්ලෙන් ස්වාමින් වහන්සේට ළංවන සහ අත ගසන අය විය යුතුය.

ලූක්:අන් අයට ආශීර්වාද කිරීමට පුළුල් වූ හදවත්

ශු:ලූක් 9:16 හිදි, 5000 කට කෑම දීම ගැන අපි කියවන්නෙමු. මේ, ආකාරයෙන්ම අන් අයට ආශීර්වාද කිරීමට අප එක් එක් කෙනා පාවිච්චි කරන්නට දෙවියන් වහන්සේට අවශ්‍ය වන්නේය. පළමු පියවර නම්, අප සතු සියල්ල ස්වාමින් වහන්සේට භාර දීමයි. එම කුඩා පිරිමි දරුවා සතුව, රොටි පහක් සහ මසුන් දෙදෙනෙක් තිබුණු අතර, ඔහු ඒ සියල්ල ස්වාමින් වහන්සේට දුන්නේය. ඔහු කිසිම දෙයක් ඔහු වෙනුවෙන් තබා ගත්තේ නැත. යේසුස් වහන්සේ එවිට එම රොටි වලට සහ මසුන් දෙදෙනාට ආශීර්වාද කළ සේක. අප විසින් උන්වහන්සේට දුන්නාවු දෙයට දෙවියන් වහන්සේගේ ආශීර්වාදය තැබීම දෙවන පියවරයි - උන්වහන්සේ, උන්වහන්සේගේ ආත්මය අප මත වැගිරිය යුතුය. නමුත් තවම සමූහයාට ආහාර සැපයී නැත. තුන්වන පියවර වනුයේ, ස්වාමින් වහන්සේට අපව බිඳීමට ඉඩ හැරීමයි. යේසුස් වහන්සේ එම රොටි කැඩූ සේක. එලෙසම උන්වහන්සේ, විවිද මිනිසුන් තුළින් සහ අවස්ථාවන් තුළින්, අපවද බිඳින සේක. ඉන්පසු උන්වහන්සේ සමූහයාට ආහාර ලබා දුන් සේක. ඔවුන්ගේ ජීවිත තුළ දෙවියන් වහන්සේගේ අරමුණ ඉටු නොවුනාවු, ආත්මයෙන් පිරුනාවු බොහෝ ඇදහිලිවන්තයන් මම දැක ඇත්තෙමි-මක්නිසාදයත් අවසාන පියවර වන බිඳීම තුළින් ස්වාමින් වහන්සේට ඔවුන්ව ගෙන යාමට ඔවුන් ඉඩ දෙන්නේ නැති නිසාය. ඔවුන් සියල්ල ස්වාමින් වහන්සේට භාර දී ඇති අතර, ආත්මයෙන්ද ආලේප වී ඇත. නමුත් ඔවුන්ගේම ආත්ම විශ්වාසය ඇතිව සිටින අතර, බිඳීමක් වී නැත. ඔවුන්ගේ සේවය තුළ ඔවුන්ට විශාල සාමාජික සංඛ්‍යාවක් සිටිය හැක. නමුත් ඔවුන්ගේ වැඩ වල ප්‍රමිතිය දිළිඳුය. ලබ්ධිකයන්ට පවා විශාල සෙනඟක් ඇත. එනිසා ඔබගේ සභාවට එකතු වන විශාල සංඛ්‍යාව ගැන පාරට්ටු කර නොගන්න. එම මිනිසුන්ගේ තිබෙන ප්‍රමිතිය කුමක්ද? ඔවුන් ගෝලයන්ද නැතහොත් හැරුනා වු අය පමණක්ද?

මෙවන් උපමාවක් ඇත: හා ධේනුවක්, ඇය එම අවුරුද්දේ කුඩා පැටවුන් 20 ක් බිහි කළා යැයි සිංහ ධේනුව සමඟ පාරට්ටු කර ගනිමින්, සිංහ ධේනුවගෙන් අසා සිටියේ, සිංහ ධේනුව කීදෙනෙකු බිහි කළේද කියාය. සිංහ ධේනුව පිළිතුරු දෙමින්," මම බිහි කළේ එක් කෙනෙකුය. නමුත් ඒ සිංහයෙකි" යි කීවාය. හැරුනාවු විසි දෙනෙක් ලබා ගන්නවාට වඩා එක ගෝලයෙකු ලැබීම හොඳය.

ශු:ලූක් 9:23, ලූක් ශුභාරංචියේ ඇති ඉතාම වැදගත් පදයකි: "යමෙක් මා පස්සේ එන්ට කැමති නම්, ඔහු තමාගේ ආශා වළක්වා ගෙන, දවස් පතා තමාගේ කුරුසිය රැගෙන මා අනුව ඒවා". ඔබගේ කැමැත්ත අත් හරින්න කැමති නැතිනම් සහ දවස් පතා ඔබගේ ස්ව කැමැත්තට මැරෙන්නට කැමති වන තුරු, ඔබට යේසුස් වහන්සේ අනුගමනය කළ නොහැක. ස්ව කැමැත්ත ප්‍රතික්ශේප කිරීම යන්නෙහි අර්ථය වන්නේ, ඔබගේ ස්වකැමැත්තේ ජීවිතයට අවශ්‍ය සෑම දෙයකට නැත කියා පැවසීමය. "කුරුසිය රැගෙන" යන්නෙහි අර්ථය කුමක් විය හැකිද? අපට එය මෙසේ දැක්විය හැක: අපගේ කැමැත්ත හරහා දෙවියන් වහන්සේගේ කැමැත්ත වැටී ඇති ස්ථානය ලෙස, ඔබගේ කැමැත්ත කුරුසියේ තිරස් අතට වැටුනු ලීය සහ දෙවියන් වහන්සේගේ කැමැත්ත සිරස් අතට ඇති ලීය මෙනි. කුරුසිය රැගෙන යාමෙහි අර්ථය වන්නේ, ඔබගේ කැමැත්ත ප්‍රතික්‍ෂේප කිරීම සහ දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු කිරීමයි. එහි අර්ථය නම්, ඔබගේ තෝරා ගැනීම්, ඔබගේ පරමාර්ථයන්, ඔබගේ ප්‍රසිද්ධිය, ඔබ වඩා කැමති දේවල් සහ ඔබ මිනිසුන්ට ප්‍රතික්‍රියා කිරීමට කැමති වන්නාවු ක්‍රම වේදය යනාදිය......අත් හැර දැමීමයි. එනම් දිනපතාම ඔබ ක්‍රිස්තුස් වහන්සේ සමඟ මැරී සිටින ලෙස සැලකීමය.

ශු:ලූක් 9;49-50 හිදි, යේසුස් වහන්සේ අපට උගන්වන ලද්දේ, අපගේ සේවයට සම්පූර්ණයෙන්ම වෙනස් වූ තව කෙනෙකුගේ සේවයක් දුටු විට අප ක්‍රියා කළ යුතු ආකාරයයි. සමහර අයකු යක්‍ෂයන් එලවා දමන නමුත් ඔහු ගෝලයන්ට එකතු වූයේ නැත. යොහාන්, යේසුස් වහන්සේගෙන් ඉල්ලා සිටියේ ඔහු නවත්වන ලෙසයි. නමුත් යේසුස් වහන්සේ යොහාන්ට පිළිතුරු දෙමින්: ඔහුගේ සේවය දිගටම කිරීමට ඉඩ හරින ලෙස පැවසීය. ඔබගේ කැඳවීමේහි ඔබ රැඳෙන්න එමෙන්ම ඔවුන්ගේ කැඳවීම ඔවුන්ට ඉටු කර ගැනීමට ඉඩ හරින්න. එනිසා බොහෝ කිතුනුවන් ඔවුන්ගේම සේවය, ඉතා වැදගත් යයි අල්ලා ගෙන සිටින අතර, අන් සියලු දෙනාම එම දෙයම කළ යුතු යැයි ඔවුන්ට හැඟෙයි. "නමුත් මුලු ශරීරය ඇසක් නම්, ඇසීම කොයිද? මුළු ශරීරය ඇසීම නම් ගඳ සුවඳ දැනීම කොයිද?" (1 කොරින්ති 12:17). පරිනත කිතුනුවන්, දෙවියන් වහන්සේ, විවිධ සේවයන් විවිධ මිනිසුන්ට ලබා දී ඇති බව අවබෝධ කර ගනිති. එක් අයකුට එවැන්ජලිස්ත සේවය කිරීමට අවශ්‍ය නම් සහ තව කෙනෙකුට සමාජ සේවය කිරීමට අවශ්‍ය නම්, ඔවුන්ගේ සේවය ඉෂ්ඨ කර ගැනීමට ඉඩ හැරිය යුතුය. ක්‍රිස්තුස් වහන්සේගේ යම් දෙයක්, මෙම සේවාවන් දෙක තුළින්ම ප්‍රත්‍යක්‍ෂ විය හැක. නමුත් අපි එකිනෙකාව විවේචනය නොකළ යුතුය. මැවිල්ල තුළද විවිධත්වයක් ඇත. දෙවියන් වහන්සේ, සෑම මලක්ම එකම වර්ණයට, එකම හැඩයට, එකම ප්‍රමාණයට නොසෑදූ සේක. දේදුන්නෙහි බොහෝ විවිධ වර්ණ ඇත. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයත් එසේමය. බයිබල් විද්‍යාලයට කිසිවකු යායුතු නැතැයි සමහර අයට හැඟෙයි. මක්නිසාද ඔවුන් එසේ නොකළ නිසාය. සියලු දෙනාම බයිබල් විද්‍යාලයට යායුතු යැයි අනෙක් අයට හැඟෙයි. මක්නිසාද ඔවුනුත් ගිය නිසා වෙනි. දෙකම වැරදිය. එකිනෙකාගේ කැඳවීම අනුව, දෙවියන් වහන්සේට මෙම ක්‍රම දෙකම භාවිතා කළ හැක. කෙසේ නමුත් පටු මානසිකත්වයක් ඇති අය ඔවුන්ගේම සේවයට වඩා කිසි දෙයක් දකින්නේම නැත. එවැනි අයට මෙය හොඳ වැකියකි: "සෑම සේවයක් ගැනම දෙවියන් වහන්සේට ස්තුති වේවා. ඔබගේ දෙය තුළම ඔබ රැඳී සිටින්න".
ශු:ලූක් 9:52 හි, යේසුස් වහන්සේ සමාරියට පැමිණෙන අයුරු අපි දකින්නෙමු. මෙයට අවුරුද්දකට පෙර, එය මහත් පිබිදීමක් ඇතිවූ නගරයකි. හැරුණා වු එක් පාපි ස්ත්‍රියක් තුළින් මුළු නගරයම යේසුස් වහන්සේ වෙතට ඇදුනි(යොහාන් 4 වන පරිච්ඡේදය). සියල්ල එහි පිළියෙල කරන පිණිස උන්වහන්සේට පෙරටුව පණිවිඩ කරුවකු, යේසුස් වහන්සේ පිටත් කර හැරිය සේක. නමුත් මෙම වේලාවේදි ඔවුන් උන්වහන්සේව පිළි නොගත්තෝය (ශු:ලූක් 9:53). සමහර විට සමාරිය තුළ ගැළවුනාවු බොහෝ අය, යුදෙව්වන්ට විරුද්ධව ඇති අගතියෙන් බේරීමට තීරණය කළා විය හැක. එමෙන්ම ඔවුන්ගේ අජීවී ආගමික ක්‍රම වලින් ඉවත්ව ස්වාමින් වහන්සේ අනුගමනය කිරීමට තීරණය කරන්නට ඇත. මෙය ඔවුන්ගේ ආගමික නායකයන්ට කරදරයක් වන්නට ඇත; එනිසා යේසුස් වහන්සේට නැවත නගරයට ඇතුළු වීමට ඉඩ නොදීමට ඔවුන් තීරණය කළා විය හැකිය. එහිදි යාකොබ් සහ යොහාන් හට, සමාරිතයන් මතට අහසින් ගිනි බැස්ස වීමට උවමනා විය. යේසුස් වහන්සේ ඔවුන්ට තරවටු කරමින්, උන්වහන්සේ පැමිණියේ මිනිසුන්ගේ ජීවිත විනාශ කිරීමට නොව ඔවුන් ගලවා ගැනීමට බව පැවසූ සේක (ශු:ලූක් 9:55). සමහර සභා වලින් ඔබ නෙරපා හැරියේ නම්, ඔබ යටහත් පහත් වී, වෙන කොහේ හෝ යන්න. මමද එක වරකට වඩා ඒ අයුරින්ම කළෙමි.

මෙම ඉහත ඇති උදාහරණ දෙකින්ම, යේසුස් වහන්සේ උත්සාහ කළේ උන්වහන්සේගේ ගෝලයන්ගේ හදවත් පුළුල් කිරීමටය. බොහෝ කිතුනු කණ්ඩායම් තුළ, බොහෝ විට නායකයන්ගේ හදවත් පුළුල්ව ඇති බව මා දැක ඇත. නමුත් ඔහුගේ අනුගාමිකයන්ගේ හදවත් පටුය. මක්නිසාද ඔවුන්ගේ නායකයා මෙන්, ඔවුන් දෙවියන් වහන්සේව නොදන්නෝය. ජෝන් වෙස්ලි සහ ජෝර්ජ් වයිට්ෆීල්ඩ් යන දෙදෙනා 18 වන ශත වර්‍ෂයේදි එංගලන්තයේ විසූ ශ්‍රේෂ්ඨ දේශකයන්‍ ය. ජෝන් වෙස්ලි සහ ඔහුගේ අනුගාමිකයන් විශ්වාස කළේ සහ දේශනා කළේ ගැළවුනාවු අයකුට තමාගේ ගැළවීම නැති කර ගත හැකි බවයි. ජෝර්ජ් වයිට්ෆීල්ඩ් සහ ඔහුගේ අනුගාමිකයන් දේශනා කළේ එක් වරක් මනුෂ්‍යයකු ගැළවුන හොත් ඔහු සදාකාලිකවම ගැළවී ඇති බවය. නමුත් වෙස්ලි සහ වයිට්ෆීල්ඩ් යන දෙදෙනාම හොඳ මිත්‍රයන් ය. වයිට්ෆීල්ඩ් මිය ගිය විට, ඔහුගේ අවසාන කටයුතු මෙහෙය වූයේ වෙස්ලිය. එවිට වෙස්ලිගේ එක් අනුගාමිකයකු ඔහුගෙන් විමසුවේ, "ස්වර්ගයේදි ඔබට ජෝර්ජ් වයිට්ෆීල්ඩ් දැක ගත හැකිද?" ජෝන් වෙස්ලි පිළිතුරු දෙමින්, "මා සිතන්නේ නැහැ. මක්නිසාද ඔහු කිරුළට බොහෝ ළංව සිටින අතර, මා ඔහුට හුඟාක් පසු පසින් සිටින බැවින් සමහර විට මට එහිදී ඔහුව දැක ගත නොහැකි වනු ඇත" යැයි පැවසුවේය. වෙස්ලි තුමාගේ අනුගාමිකයන් පටු හදවත් ඇත්තන් විය. නමුත් වෙස්ලි තුමා යටහත් පහත් අයකු සහ පුළුල් හදවතක් ඇති අයකු වූ අතර වයිට්ෆීල්ඩ් තුමා ඔහුට වඩා උතුම්ව සිටින බව බාර ගත්තේය.

ශු:ලූක් 10:5,6 හිදි, යේසුස් වහන්සේ ගෝලයන්ට පැවසුවේ,"නුඹලා යම් ගෙයකට ඇතුල් වූ කල මෙම ගෙයට සමාදානය වේවායි පළමු කොටම කියාපල්ලා: සමාදානයේ පුත්‍රයෙක් එහි සිටී නම්, නුඹලාගේ සමාදානය ඔහු කෙරෙහි රැඳෙන්නේය, නැතහොත් එය නුඹලා කරා පැමිණෙන්නේය" ලෙසටය. අපගේ නිවෙස් මෙම ලෝකයේ තිබෙන චංචල මුහුද මැද ඇති නිශ්චල දූපත් මෙන් විය යුතුමය. කාන්තාව සමාදානයේ කාන්තාවක් නොවූවත් පුරුෂයා ප්‍රධානියා ලෙස, විශේෂයෙන්ම සමාදානයේ මනුෂ්‍යයකු විය යුතුය. පුරුෂයා අනිවාර්‍යෙන්ම ආරවුල් කරගන්නේ නැති, දබරයට යන්නේ නැති, විවාද කරන්නේ නැති, කේන්තිය නැති කරගත්තාවූ හෝ මතභේද වලට ඇතුලු නොවූ කෙනෙකු විය යුතුමය. සෑම කිතුනු නිවසකම මේ වාගේ නායකත්වය දෙන මනුෂ්‍යයකු සිටිය යුතුමය.

ශු:ලූක් 10:19 හිදි, යේසුස් වහන්සේ උන්වහන්සේගේ ගෝලයන්ට, සාතන්ගේ සියලු බලය අභිබවා යෑමට අධිකාරීත්වය දෙන හැටි සහ ඔවුන්ට කිසි හානියක් නොවන බවට පොරොන්දුවක් දෙන අයුරු අපි කියවන්නෙමු. අධිකාරිත්වය සහ බලය අතර වෙනසක් ඇත. ට්‍රක්‍ රථයකට බොහෝ බලයක් තිබිය හැක. නමුත් කුඩා පොලිස් නිළධාරියකු අතක් ඔසවන විටදි, සහ නවත්වන්න යයි පවසන විටදී, එය නවත්වනු ඇත - මක්නිසාද පොලිස් නිළධාරියා සතුව අධිකාරිත්වය ඇත. සාතන්ගේ සියලු බලයට විරුද්ධව සිටීම, අපට ඇති අධිකාරිත්වයට පූර්වාදර්ශයකි. ශුද්ධ වූ බයිබලය පවසන්නේ, "එබැවින් දෙවියන් වහන්සේට යටත්ව සිටපල්ලා ; නමුත් යක්‍ෂයාට විරුද්ධව සිටපල්ලා. එවිට ඔහු නුඹලා වෙතින් පලා යනවා ඇත. දෙවියන් වහන්සේට ළං වෙයල්ලා, එවිට උන්වහන්සේ නුඹලාට ළං වන සේක" (යාකොබ් 4:7,8). සාතන්, විදුලි වේගයෙන් අප වෙතින් පලා යනවා ඇත -තත්පරයකට කිලෝ මීටර 300,000 වේගයකිනි - එම වේගයෙන් සාතන් වැටෙන අයුරු යේසුස් වහන්සේ දුටු සේක (ශු:ලූක් 10:18)! අප සතුටු වන්නේ සාතන් අපට යටත් කිරීම යන කාරණය ගැන නොව නමුත් අප සතුටු වන්නේ අප දේව දරුවන් නිසාය. අප ප්‍රීති වන්නේ අප දෙවියන් වහන්සේට කළ දේ නිසා නොව, නමුත් දෙවියන් වහන්සේ අප උදෙසා කළ දෙය නිසාය - උන්වහන්සේ අපගේ නාමයන් ජීවන පොතෙහි ලියා ඇති සේක.

ලූක්:පණිවිඩයක් සහිත උපමා

ශු:ලූක් 10:30-37 හි, යහපත් සමාරියයා ගැන උපමාව අපි කියවන්නෙමු. ලෙවිවරුන් සහ පූජකයන් සියලු දේවධාර්මික ඉගැන්වීම් නිවැරදිව තිබුනාවූ ගෞරවනීය නිකායකට අයත් වූ ආගමික කොටසක්‍ ය. නමුත් ඔවුන් මෙහිදි, අවශ්‍යතාවයක් ඇති මෙම මනුෂ්‍යයාට කිසිවක් කළේ නැත. කිසිම දෙයක් නොකළද අපට පව් කළ හැක! කෙසේ නමුත් මේ සමාරියයා අයත් වූයේ අවමන් නාමයක් ඇති නිකායකටය(ඔවුන්ගේ ඉගැන්වීම් වල බොහෝ වැරදි ඇති නිසා). නමුත් අවශ්‍යතා ඇති මනුෂ්‍යයාට උපකාර කළේ ඔහුය. යේසුස් වහන්සේ ඉගැන්වුයේ, ඔවුන් ගේ ඉගැන්වීම් නිවැරදි නොවූවත්, දුප්පත් සහ අවශ්‍යතා ඇති අය හට, ඉවැන්ජලිස්තවරුන්ට වඩා බොහෝ දේ කරන්නේ ඔවුන්‍ බවය. මඟ අසල වැටී සිටි උපකාර අවශ්‍ය, පුද්ගලයකුට උදව් කිරීමට වඩා, යෙරුසලමේ තිබෙන රැස්වීමට යාමට, මෙම ලෙවිවරයා සහ පූජකයා වඩාත් උනන්දුවක් දැක්වූහ. යහපත් සමාරියයාට රැස්වීම මඟ හැරුණු නමුත් ඔහු මෙම මනුෂ්‍යයාට උදව් කළේය. සමහරවිට සියලු දේවධාර්මික ඉගැන්වීම් නිවැරදිව ඇති අපට වඩා සමහර කුඩා පැති වලින් වැරදි ඉගැන්වීම් සහිත අය, ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චාසනයේදි මහත් ත්‍යාග ලබන අයුරු අපට අනාවරණය විය හැක. එනිසා අපට වඩා ක්‍රියාවෙන් වෙනස් විය හැකි නිකායන් වලට අවමන් නොකර සිටිමු. දෙවියන් වහන්සේ අගය කරන්නේ, ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්, අනුකම්පා සහිතව දිළිඳුන්ට සේවය කරන අයවය. උන්වහන්සේ ඔවුන්ට පවසන්නේ, "මම කුසගින්නේ සිටි විට, නුඹ මට ආහාර දුන්නෙහිය, මම රෝගීව සිටින විට, නුඹ පැමිණ සුව දුක් විමසා බැලුවෙහිය, මම පිපාසව සිටි විට, නුඹ මට පානයට යමක් දුන්නෙහිය, මාගේ සෙනඟ (ඉගැන්වීම් නිවැරදිව තිබු) රැස්වීම් වලට සහභාගි වෙමින් සිටියදී නුඹ (සමහර වැරදි ඉගැන්වීම් ඇතිව සිටි) පැමිණ මට උපකාර කළෙහිය"ලෙසටය.

මෙම උපමාව ඇසූ සමහරුන්ට, දැන් සිතා ගත හැක්කේ, ජීවිතයේ වඩාත්ම වැදගත්ම දෙය නම් දුප්පතන්ට උපකාර කිරීම තුළින් ස්වාමින් වහන්සේට සේවය කිරීම යන්නය. එහෙයින් මෙයට පසුව, ඉක්මනින්ම වෙනත් සිද්ධියක් ශුද්ධත්මයාණන් වහන්සේ මෙහිදී පෙන්වා දෙමින් අපට සමබරතාවයක් ලබා දෙන සේක. ශු:ලූක් 10:38-42 හිදි, සැබවින්ම ජීවිතයේ වැදගත්ම දෙය කුමක්දැයි යේසුස් වහන්සේ අපට කියා දෙන සේක - එය දිළිඳුන්ට සේවය කිරීම නොව, උන්වහන්සේට ඇහුම්කන් දීම සහ උන්වහන්සේ අපට පවසන දෙය කිරීමය! මෙහිදී අප දකින්නේ, මාර්තා මහත් කලබලයෙන් ස්වාමින් වහන්සේට උපස්ථාන කරන අතර මරියා, උන්වහන්සේට අවධානයෙන් ඇහුම්කන් දෙමින් සිටින අයුරුය. මරියාගේ ක්‍රියා අලස සහ ක්‍රියාශීලි නොවන බව පෙනෙන නමුත් යේසුස් වහන්සේ, මාර්තා උන්වහන්සේට සේවය කිරීම ගැන තරවටු කළ අතර, ඇයට පවසා සිටියේ, මරියා කරමින් සිටියේ "අවශ්‍යම වූ එකම දෙය" බවයි (ශු:ලූක් 10:42). අපව කැඳවා ඇත්තේ, "දෙවියන් වහන්සේ උදෙසා කුමක් හෝ කිරීමට" නොව, නමුත් "දෙවියන් වහන්සේගේ කැමැත්ත කිරීමටය". "සේවකයා ගැන වඩාත්ම වැදගත් කාරණය වන්නේ ඔහුගේ ස්වාමියා, ඔහුට පවසන දෙය කිරීම පමණය" (1 කොරින්ති 4:2 - Living).

ශු: ලූක් 11:1-13 හිදි, අප කියවන්නේ, යේසුස් වහන්සේ එක්තරා ස්ථානයක යාච්ඥා කරමින් සිටීම සහ ගෝලයන් උන්වහන්සේට ඇහුම්කන් දෙන අයුරුය. ඔවුන් මවිත වූහ, මක්නිසාද ඒ ආකාරයෙන් කිසිවකු යාච්ඥා කරන අයුරු ඔවුන් අසා තිබුනේ නැත. සිත් ගන්නා සුළු දේශනයක් දෙවියන් වහන්සේට නොදෙමින් (ඵරිසිවරුන් සිනගෝග තුළ යාච්ඥා කරන අයුරු ඔවුන් අසා තිබුණාක් මෙන්) යේසුස් වහන්සේ, ප්‍රේමණීය පියාණන් වහන්සේ සමඟ ඉතා හිතවත්ව කථා කරන අයුරු ඔවුන්ට ඇසුණි. එනිසා ඔවුන් උන්වහන්සේගෙන් ඉල්ලා සිටියේ, උන්වහන්සේ කළ ආකාරයෙන්ම ඔවුන්ටද යාච්ඥා කිරීමට උගන්වන ලෙසය. එනිසා පියාට මෙන් දෙවියන් වහන්සේට කථා කරන අයුරු යේසුස් වහන්සේ ඔවුන්ට ඉගැන්වූ සේක. මෙය විප්ලවයකි. මක්නිසාද ඉශ්‍රායෙල් ඉතිහාසය තුළ කිසිවකු, දෙවියන් වහන්සේට " තාත්තේ " කියා අමතාම නැත. ("අබ්බා" යන හෙබ්‍රෙව් වචනයෙහි සැබෑ අර්ථය වන්නේ " තාත්තේ " ය). අද දවසේ අප, දෙවියන් වහන්සේට "යෙහොවා" කියා යාච්ඥා කරන්නට වත්, ගායනා කරන්නට වත්, අමතන්නට වත් බැරිය. නමුත් අද අප ඇමතිය යුත්තේ "පියාණෙනි" කියාය. යාච්ඥාව ගැන ඔවුන්ගේ පැනයට පිළිතුර සම්පූර්ණ කරමින් යේසුස් වහන්සේ ඔවුන්ට උපමාවක් කියා දුන් සේක. මධ්‍යම රාත්‍රියේදි මනුෂ්‍යයකුගේ නිවසට අමුත්තකු පැමිණි අතර, ඔහුට දීම සඳහා පිළියෙල කරගත් ආහාර කිසිවක් ඔහු සතුව තිබුණේ නැත. එනිසා ඔහු අසල් වැසියාගේ නිවසට ගොස් කෑම ලැබෙන තුරු දොරට තදින් තට්ටු කර, ඔහු එම අසල් වැසියාගෙන් කෑම ලබා ගත්තේය. ශුද්ධාත්මයාණන් වහන්සේගේ බලය ඔවුන් සොයා දැන ගත යුත්තේ ඒ ආකාරයෙන් බව යේසුස් වහන්සේ පැවසූ සේක (ශු: ලූක් 11:13) . මෙහි ප්‍රධාන කාරණය නම් ඔබට මුණගැසෙන්නාවු අවශ්‍යතාවයන්ගෙන් පෙලෙන්නාවු සෙනඟ කෙරෙහි සියල්ලටම පළමුවෙන් අනුකම්පාව සහ බරක් ඔබ සතුව තිබිය යුතුය. ඉන්පසුව, ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපුරාලීමට අවශ්‍ය දේ දෙවියන් වහන්සේට පමණක්ම ඔබ හට ලබා දිය හැකි බව හඳුනා ගත යුතුය. එනිසා ආත්මයාණන් වහන්සේගේ බලය සඳහා ඔබ දෙවියන් වහන්සේ දෙසම බලා සිටිය යුතුමය. වචනය දේශනා කිරීම සඳහා ඔබ කැඳවා ඇත්නම්, එවිට ඔබ දේශනා කිරීමට සියල්ලටම පළමුවෙන්, ඔබ දේශනා කිරීමට යන්නාවූ අය කෙරෙහි, ප්‍රේමය සහ අනුකම්පාව දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටිය යුතුය. ඉන්පසු ඔවුන්ගේ විශේෂිතවු අවශ්‍යතාවයන් මුණගැසීමට, ආත්මයාණන් වහන්සේගේ ආලේපය සහ විශේෂිතවු එළිදරව්වේ වචනයක් උන්වහන්සේගෙන් ඉල්ලාගෙනම සිටිය යුතුය. යම් කෙනෙකුගේ සුවය සඳහා යාච්ඥා කිරීමට ඇත්නම් හෝ කිසිවෙකුගෙන් යක්‍ෂයන් දුරු කිරීමට අවශ්‍ය නම් මේ ආකාරයෙන්ම අපට දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටිය හැක. ලෝකයේ සිටින සියලු දෙනාටම සේවය කිරීමට අපව කැඳවා නැත. නමුත් දෙවියන් වහන්සේ අප වෙතට එව න්නාවූ අයට පමණක් එසේ කළ යුතුය. මෙම මනුෂ්‍යයාට ගමේ සිටින සියළුම කුස ගිනි ඇති අයට දීමට රොටි අවශ්‍ය වූයේ නැති නමුත් ඔහු වෙත පැමිණි එක මනුෂ්‍යයයකුට දීම සඳහා පමණක් ඔහුට රොටි අවශ්‍ය විය. එම අවශ්‍යතාවය ඇති පුද්ගලයා ඔබගේ පුතා හෝ දුව විය හැක. යේසුස් වහන්සේ පැවසුවේ, ඉල්ලන්නාවු සහ තට්ටු කරන්නාවු සැමට(මෙම මනුෂ්‍යයා කළාක් මෙන්) ඉල්ලූ සියල්ල ලැබෙන බවයි (ශු:ලූක් 11: 9,10). නමුත් දෙතුන් වරක් පමණක් තට්ටු කර අත හැර දමන්නාට කිසිවක් ලැබෙන්නේම නැත. ලෝකයේ සිටින සියලුම පියවරුන්ට වඩා දෙවියන් වහන්සේ හොඳය. එනිසා උන්වහන්සේ අපට යහපත් කිසිවක් දීම ප්‍රතික්‍ෂේප නොකරන සේක (ශු: ලූක් 11:11). එනිසා අපි "ප්‍රේමය අනුව යමු - ශුද්ධාත්ම දීමනා ගැන උනන්දුවෙන් ආශා වෙමු" (1 කොරින්ති 14:1).

ශු:ලූක් 12:1 හිදි, යේසුස් වහන්සේ, උන්වහන්සේ ගේ ගෝලයන්ට පැවසුවේ,"ඵරිසිවරුන්ගේ වංචා නැමැති මුහුන් වලින් ප්‍රවේසම් වෙයල්ලා" ලෙසිනි. "hypocrisy" යන වචනය ඉංග්‍රීසි වචනයක් නොව ග්‍රීක වචනයකි - "hupokrisis". පරිවර්තකයින් එය පරිවර්තනය කළා නම්( ඔවුන් අලුත් ගිවිසුමේ අනෙක් කොටස කළාක් මෙන්) සහ එම භාෂාවේ ශබ්දය අන් භාෂාවක අකුරු වලින් එය ලියා දැක්වුයේ නැති නම්, එහි නිවැරදි පරිවර්තනය "රඟ පෑම" (acting) හෝ "රඟ දැක්වීමක්" (playacting) වනු ඇත. පුරාණ ග්‍රීසියේ, "hypocrite" යනු "නළුවකු" යන්නය. එනිසා මෙහිදී යේසුස් වහන්සේ, ශුද්ධ මනුෂ්‍යයන් ලෙස රඟපෑමට විරුද්ධව අවවාද කළ සේක. හොලිවුඩයේ නළුවෙක්, යොහාන් බෞතීස්ත (ශුද්ධ මනුෂ්‍යයකු) ලෙස චිත්‍ර පට චරිතයක රඟපාන්නේය. නමුත් රඟපෑම අවසන් වූ පසුව, ඔහු නැවත සුපුරුදු ජීවිතය වන, කමින් බොමින් සහ කාමමිථ්‍යාචාරය කරමින් සහ දික්කසාද වෙමින් සිටී. ඒ ඔහුගේ සැබෑ ජීවිතයයි. ඒනිසා ඊලඟ සතියේ නැවත චිත්‍රථපට රඟ පෑම පටන් ගනිද්දී, නැවත වරක් ඔහු " ශුද්ධ මනුෂ්‍යයකු" වන්නේය.
බොහෝ කිතුනුවන් සැබවින්ම මේ වාගේය. ඔවුන් ඉරු දින මෙහෙයට පැමිණෙන විට ඔවුන්"ශුද්ධ" මිනිසුන් ය. ඔවුන් ආත්මික දේ ගැන කථා කරති. "අන්‍ය භාෂාවෙන්" දෙවියන් වහන්සේට ප්‍රශංසා කරති. නමුත් ඔවුන් නිවෙස් වලට ගිය විට, ඔවුන්, ඔවුන්ගේ "මව් භාෂාවට" පැමිණ, ඔවුන්ගේ භාර්‍යාවන් ගැන කෝප වන අතර බොරු කියති. එලෙසම ඔවුන් මුලු සතිය පුරාම නැවත මුදල් පසුපස හඹා යති. නැවතත් ඉරිදා පැමිණි විට, ඔවුන් නැවතත් ශුද්ධ මනුෂ්‍යයන් ලෙස "රඟපාති". ඇත්තෙන්ම හොලිවුඩයේ නළුවන් වඩා අවංකය. එහිදි ඔවුන්ගේ රඟපෑම සත්‍ය යැයි බොරුවට හඟවන්නේ නැති අතර, ඔවුන් නිතරම ශුද්ධ මනුෂ්‍යයන් යයි හඟවන්නේ නැත. කෙසේ නමුත් මෙම කිතුනුවන් ඔවුන් සැම විටම ශුද්ධ යැයි බොරුවට හඟවති! යේසුස් වහන්සේ ඔවුන්ගේ ගෝලයන්ට අවවාද කළේ මෙයට විරුද්ධ වන ලෙසටය. ඉරිදා මෙන් අනෙකුත් සතියේ දවස් වලදීද, අප එලෙසම සිටිය යුතුමය. වංචාවට අප ද්වේෂ කළ යුත්තේ එනිසාය.

ශු:ලූක් 12:3-12 හිදි, යේසුස් වහන්සේ අපට පැවසුවේ, හිංසා පිඩා වලට භය නොවෙන ලෙසයි. මක්නිසාද පියාණන් වහන්සේ අපගේ හිසෙහි සෑම කෙස් ගසක්ම ගණන් කර ඇති නිසාය. උන්වහන්සේ මෙම ලෝකයේ සිටින සෑම ගේකුරුල්ලෙකුම දන්නා අතර, බොහෝ ගේකුරුල්ලන්ට වඩා උන්වහන්සේට අපව වටින්නේය. අපව අල්ලා අධිකරණ වලට ගෙන යාමට හෝ අපව මරා දැමීමට පවා දෙවියන් වහන්සේ, මනුෂ්‍යයන්ට ඉඩ දිය හැක. නමුත් අප කිසි දිනක මිනිසුන්ට භිය විය යුතු නොවේය. අපගෙන් ප්‍රශ්න නගන විට ඔවුන්ට පිළිතුරු දෙන්නේ කෙසේදයැයි සිතීමටවත් අපට අවශ්‍ය වන්නේ නැත. නියමාකාරයෙන් පැවසීමට අවශ්‍ය දෙය ශුද්ධාත්මයණන් වහන්සේ විසින් ඒ මොහොතේදීම අපට උගන්වන සේක (ශු:ලූක් 12:12). අප දේශනා කරන අවස්ථාවේදි එය අපට අත්පත් කර ගත හැකි පොරොන්දුවක් නොවේය. නමුත් අධිකරණය හමුවට ඉදිරිපත් කර අපගේ ඇදහිල්ලට පිඩා කරන විටදී, අපට එය අත්පත් කර ගත හැක. ඔබ දේශනා කරන විටදී, මෙය ලබා ගැනීමට උත්සාහ නොකරන්න. මක්නිසාද එය ක්‍රියා කරන්නේ නැත. දේශනාවක් කිරීමට පෙර ඔබ ඊට හොඳින් සූදානම් විය යුතුය. දේශනා කිරීම, ගෞරවනීය අමුත්තන්ට ආහාර පිළිගැන්වීමක් මෙන්‍ ය. ඉන්දියානු ගෘහණියන් එක ආහාර වේලක් සාදා ගැනීමට, ඔවුන්ගේ මුළුතැන් ගෙයෙහි බොහෝ වේලාවක් ගත කරන්නහුය. දේව සෙනඟකට පණිවිඩයක් දීම සඳහා එය පිළියෙල කිරීමට අපද මහන්සියෙන් වැඩ කළ යුතුමය.

ශු:ලූක් 12:13 හි, ස්වාමින් වහන්සේ වෙතට පැමිණි මනුෂ්‍යයකු පවසන්නේ, " ස්වාමීන් වහන්ස, මා සමඟ උරැමය බෙදා ගන්නට මාගේ සහෝදරයාට කිව මැනව" යන ලෙසින්‍ ය. සමහර විට ඔහුගේ ඉල්ලීම සැබෑ වු සහ යුතු වූ ඉල්ලීමක් වුවද, යේසුස් වහන්සේ එවැනි ආරවුලකට මැදිහත් වීම ප්‍රතික්‍ෂේප කළ සේක. යේසුස් වහන්සේ පැමිණියේ, ස්වර්ගයේ සම්පත් ලබා ගැනීමට අවශ්‍ය අයට උපකාර කිරීමට මිස පොළොවේ ඉඩ කඩම් ලබා ගැනීමට උපකාර කිරීමට නොවේය!

"පළමු කොටම දෙවියන් වහන්සේගේ රාජ්‍යය සොයාපල්ලා. එවිට මේ දේවලුත් නුඹලාට දෙනු ලබන්නේය" (ශු:ලූක් 12:31). යමෙක් දෙවියන් වහන්සේගේ රාජ්‍ය පළමු කොටම සොයනවාද, ඔහුගේ භූමික අවශ්‍යතා සියල්ලම ඔහුට සපයනු ලැබේ. සෑම කිතුනුවෙකුටම, ඔහුගේ පොළොවේ ජීවිතය ගත කළ යුතු වන්නේ මෙයට සාක්‍ෂිකරුවකු වශයෙනි.

ශු:ලූක් 12:35 හිදි, අපව උනන්දු කරවන්නේ ස්වාමින් වහන්සේගේ පැමිණීමට සුදානම්ව සිටීමටය. ස්වාමින් වහන්සේ, අනෙක් ඇදහිලිවන්තයින් ඔබට භාර දී තිබේ නම්, තළා පෙළා නොදමා නියම කාලයේදි ඔවුන්ගේ ආහාර ඔවුන්ට සපයන්නට විශ්වාසවන්ත වන්න (ශු:ලූක් 12:45). සමහර දේශකයන් බැටළුවන් පෝෂණය කරනවා වෙනුවට ඔවුන් හට තළති. ඔවුන් දේශනා කරන කලද ආත්මිකව වැඩීමට මිනිසුන්ට ආහාර ලබා දෙන්නේ නැත. ඔවුන්, එම අයට පහර දෙන්නේ එක බයිබල් පදයකට පසු තවත් පදයකින්‍ ය. ස්වාමින් වහන්සේ පැවසුවේ, උන්වහන්සේ නැවත පැමිණෙන දිනයේදි උන්වහන්සේගේ දරුවන්ට තැළුවාවු සියලු දෙනාටම දඬුවම් කරන බවයි.

ශු:ලූක් 13:34 හිදි අප දකින්නේ යෙරුසලම කෙරෙහි යේසුස් වහන්සේ දැක්වු අධිකතර අනුකම්පාව කෙතරම්දයත් ඒ නගරය උදේසා උන්වහන්සේ ඇඬීමය.

ශු:ලූක් 14:13,14 හිදි, ඇදහිලිවන්තයන් ඉතා සුළු ප්‍රමාණයක් පමණක් කීකරු වන ස්වාමින් වහ්න්සේගේ ආඥාවක් අපට හමුවේ. උන්වහන්සේ පවසන්නේ, ඔබ දිවා භෝජනයක් හෝ රාත්‍රි භෝජනයක් දෙන විට, ඔබ ආරධනා කළ යුත්තේ පෙරලා නැවත ඔබට දිය නොහැකි අයට බවයි. යේසුස් වහන්සේගේ සැබෑ ගෝලයකු, වඩාත් බලා ගත යුත්තේ සභාවේ සිටින දිළිඳුන්‍වය. ඔබ දේශකයෙක් නම්, ප්‍රධාන කොටම පොහොසත් අය ළඟට නොයන්න(මක්නිසාද බොහෝ අය ඔවුන් වෙත යති), නමුත් ඔබට තෑගි දිය නොහැකි දුප්පතුන් වෙත යන්න. ස්වාමින් වහන්සේ එක් දිනකදී, උන්වහන්සේම ඔබට ත්‍යාගයක් දෙන සේක. ඔබට කිසිම සම්මාදමක් දිය නොහැකි අයට, දෙවියන් වහන්සේගේ වචනයෙන් පිරුණු මංගල භෝජනයක් දිග හරින්න.

ලූක්:ගෝලයන් සහ පසුබටවන්නන්

ශු:ලූක් 14:25-34 හිදී, ස්වාමින් වහන්සේ ගෝලත්වය පිළිබඳ අත්‍යව​ශ්‍ය කොන්දේසි තුනක්, පනවන සේක​.

1. ඔබ අන් කිසිවෙකුටත් වඩා යේසුස් වහන්සේට ප්‍රේම කළ යුතුමය (ශු:ලූක් 14:26).

2. ඔබ​, ඔබගේ කුරුසිය දිනපතාම උසුලා ගෙන යේසුස් වහන්සේ අනුව යෑම කළ යුතුමය (ශු:ලූක් 14:27).

3. ඔබ මෙම පොළොවේ කිසිම දෙයක් හිමි කර නොගත යුතුමය ​(ශු:ලූක් 14:33).

ඔබට බොහෝ දේවල් සතුව තිබිය හැක​. නමුත් ඔබ​, ඔවුන්ගෙන් කිසිවක් හිමි කර නොගත යුතුමය​. ඇතිව සිටීම සහ හිමිව සිටීම අතර වෙනස කුමක්ද​? සමහර විට ඔබට නිවසක් තිබිය හැක​. නමුත් ඔබ එය​, දෙවියන් වහන්සේට අයත් වූ නිවසක් සේ සළකා එය පිළියම් කළ යුතු අතර එහි උන්වහන්සේ ඔබට නිදහසේ ජීවත් වීමට ඉඩ හැර ඇත​. ඔබගේ සෑම දේපලක්මත් එසේය​. ඔබ සතුව ඇති සියල්ලම දෙවියන් වහන්සේට අයිති බව ඔබ හඳුනාගත යුතුමය​. ගෝලයන් පමණක්ම, ලුණු වල රසය නැති කර නොගත්තාවු ලුණු වන්‍නේය​ (ශු:ලූක් 14:34). අද​, අප සතුව ලුණු බොහෝ ඇති නමුත් ඒවා නීරසවී ඇත්තේ ඉවැන්ජලිස්තවරුන්, මිනිසුන් ගෝලයන් නොකර​, පාපයට සමාව දීම ගැන දේශනා කරනු ලබන නිසාය​.

ශු:ලූක් 15 වන පරිච්ඡේදයේ සඳහන් උපමා තුන තුළින් පසුබට වුනාවු අයගේ රූපාකාර හතරක් අපි දකින්නෙමු - නැති වූ බැටළුවා, නැති වු පුත්‍රයා, නැති වු වැඩි මහලු පුත්‍රයා සහ නැති වු කාසිය - එපමනක් නොව​ ත්‍රිත්වයේ දෙවියන් වහන්සේත්‍ ය​. නැති වු බැටළුවා, හදිසියේම මුළා වී නොමඟ ගිය හෝ නොසැළකිලිවන්තකම තුළින් ගියාවු ඇදහිලිවන්තයකුගේ චිත්‍රය නිරූපනය කරයි. එඬේරා, දෙවියන් වහන්සේගේ පුත්‍ර වූ යේසුස් වහන්සේගේ චිත්‍රය නිරූපනය කරයි. අකීකරු පුත්‍රයා දෙවියන් වහන්සේට සහ සභාවට විරුද්ධව කැරලි ගසා ඉවත්ව යන ඇදහිලිවන්තයන්ගේ චිත්‍රය නිරූපනය කරයි. පියාගේ චිත්‍රයෙන් නිරූපනය වන්නේ පිය වූ දෙවියන් වහන්සේය​. ඔහු, පළමු අවස්ථාවේදි මෙන් (නැතිවූ බැටළුවාට මෙන්) මෙවැන්නෙකු පසුපස ගොස් සොයා නොබැලූවේය​. පුත්‍රයා ඌරන්ගේ තත්වයට වැටෙන තුරු සහ නැවතත් ඔහුගේම ස්ථානයට පැමිණෙන තුරු ඔහු බලා සිටියේය​. වැඩි මහලු පුත්‍රයා, නීතිගරුකත්වය, තම ධර්මිෂ්ඨකම සහ උඩඟුකම තුළ සිරවී ඇති අයකුගේ චිත්‍රය නිරූපනය කරයි. නැතිවූ කාසිය සොයා බලන ස්ත්‍රිය​, ශුද්ධාත්මයෙන් පිරුණු සභාවක චිත්‍රය නිරූපනය කරයි. ඇය පහනක් දල්වා නිවස අතු ගෑවාය ​(ශු:ලූක් 15:8). එමෙන්ම​ එය හමුවන තුරු ප්‍රවේසමෙන් සොයා බැලුවාය​. ඇය කාසිය නැති කර ගත් අවස්ථාව​, සමහර අයට පසුබට වීමට හේතු වුනාවු නොසැළකිලිමත් සභාවයි (කාසිය නැති වීම). එවිට ඇය පහනක් දැල්වු​( ඇය ශුද්ධාත්මයෙන් පිරුණු​) අතර සොයා බලන්නට පටන් ගත්තාය​. ඇය පසුබට වූ තැනැත්තන් සොයා ගෙන​, නැවත සභාවට ගෙනාවාය​. බොහෝ ඇදහිලිවන්තයන් හට​ පසුබට වු සහ නැති වුනාවු අය උදෙසා බරක් නැත​. ඔවුන්, ඔවුන් ගැනම පමණක් උනන්දු වූහ​. එවැනි ඇදහිලිවන්තයින්, දෙවියන් වහන්සේ, පුත්‍රයාණන් වහන්සේ සහ ශුද්ධාත්මයාණන් වහන්සේ සමඟ සම්බන්දතාවයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්ව ඇත​. මම අවුරුදු ගණනාවක් තිස්සේම යාච්ඥා කළාවු (මෙය ගැනම යාච්ඥා කරන ලෙස, අපගේ සභාවේ සියලු වැඩිහිටියන්වද​ උනන්දු කළාවු) යාච්ඥාව නම් "ස්වාමීනි, මෙම ප්‍රදේශයේ සිටිනා කිසිවකු දේව භක්තික ජීවිතයක් සොයන්නේ නම්, කරුණාකර ඔහුව අපට මුනගැස්සුව​ මැනව​, එසේ නැතිනම් අපව ඔහුට මුනගැස්සුව මැනව​. ඔබ වහන්සේ මෙයින් එකක්වත් නොකරන්නේ නම්, අපගේ වරද අපට කියා දුන මැනව​. එවිට අපට එය නිවැරදි කර ගත හැක​. එළෙස​ ඔබ වහන්සේ සමඟ අපට එකඟවී ​, නැති වුවන් සොයා ගත හැක​". එම යාච්ඥාව අයුරින් ඔබටද යාච්ඥා කරන පිණිස මම ඔබව ධෛර්‍යමත් කරන්නෙමි.

නැතිවු බැටළුවා අප රැගෙන ගාල් කර ගන්නාවු රැලෙහි තත්වයද ඉතා වැදගත්‍ ය​. 99 ක් සිටිනා ගාලක සියල්ල රෝගි නම් සහ සපා ගනිමින් සහ එකිනෙකා ඉරා ගන්නේ නම්, එවිට එම නැතිවූ බැටළුවා එම ගාල තුළ සිටිනවාට වඩා වනාන්තරයේම සිටීම වඩා හොඳය​. එනිසා නැතිවූ බැටළුවන් පසු පසම යන සේවයක් පමණක්ම අවශ්‍ය නැති නමුත් බැටළුවන් 99 ම නිරෝගීව සහ සාමකාමීව තබා ගත හැකි සේවයකුත් අවශ්‍යය.​ යේසුස් වහන්සේ : "පශ්චාත්තාපය ඕනෑ නැති ධර්මිෂ්ඨයන් එකුන් සියයකට වඩා පශ්චාත්තාපවන්නාවු එක පව් කාරයකු ගැන ස්වර්ගයෙහි ප්‍රීතිය වන්නේය​" යයි පැවසූ සේක (ශු:ලූක් 15:7). කිසි දෙයක් ගැන පශ්චාත්තාප වීමට​ අවශ්‍ය නැති ධර්මිෂ්ඨ මිනිසුන් 99 ක් ඉන්නා වු සභාව​, කෙතරම් විශ්මිත සභාවක්ද (රැලක්ද) මෙය​! එසේ වන්නේ කෙසේද​? මක්නිසාද ඔවුන්, තමන්වම​ විනිශ්චය කරගනිමින් දිනපතාම පසුතැවීමෙන් ය​. බොහෝ අවුරුදු ගණනාවක් සිටම මට මෙය පුරුද්දක් විය​. එහි ප්‍රතිඵලය ලෙස, පසුගිය අවුරුදු ගණනාවක් සිට සෑම දිනකම වාගේ මාගේ ජීවිතයේ තිබුණා වු සමහර ක්‍රිස්තුස් වහන්සේ මෙන් නොවන දේවල් මම සොයා ගතිමි - ඒ ගැන පසුතැවිළි වෙමින්, මම ම එයින් පවිත්‍ර වුනෙමි. ඔබත් ඒ වාගේ නම්, අනෙක් අයගේ වැරදි සෙවීමට ඔබට කාලයක් නොමැත ​- මක්නිසාද ඔබම පවිත්‍ර වීම සදහා ඔබගේ කාලය නියුතු කර ගන්නේය​. එවිට නැතිවූ බැටළුවන්ට පැමිණ සුව විය හැකි, "පසු තැවීමට අවශ්‍ය නොවන​" මිනිසුන් සිටින සභාවක් ගොඩ නැගීමට ඔබට පුළුවන​. එනිසා අපගේ සභාවල නිරන්තරයෙන්ම පසුතැවිල්ල ගැන අප දේශනා කළ යුතුමය​. ක්‍රමක්ක්‍රමයෙන්, කාල පරිච්ඡේදයකට පසුව​, තමන් ගැනම විනිශ්චය කිරීමට ඉගෙන ගන්නා වූ සහ අනුන් විනිශ්චය නොකරන මිනිසුන් සිටින සභාවක් අප සතුව තිබෙනු ඇත​.

එඬේරෙකුට බැටළුවකු නැති වන අවස්ථාවේදි අලාභ වූයේ එඬේරාටය​. ස්ත්‍රියකුට කාසියක් නැති වන අවස්ථාවේදි අලාභය වූයේ එම ස්ත්‍රියටය​. පියෙකුට​, පුත්‍රයෙක් නැති වුන අවස්ථාවේදි, අලාභය වූයේ පියාටය​. මෙම සෑම උපමාවක් තුළම​, යේසුස් වහන්සේ ඉගැන්වුයේ, එලෙස මනුෂ්‍යයකු පව් කළ විට​, දෙවියන් වහන්සේට යම් දෙයක් අලාභ වූ ලෙසය​. අපගේ සභාවේ කාර්‍ය භාර්‍ය විය යුත්තේ නැති වුන දෙය නැවත දෙවියන් වහන්සේට රැගෙන ඒමය​.

නැති වුන පුත්‍රයා දැන සිටි එක දෙයක් තිබේ. එනම් ඔහුගේ පියා ඔහුට ප්‍රේම කරන බවයි. එනිසා ඔහු නැවත ගෙදර ඒමට තීරණය කළේය​. ඒ දවසේදි ඔහුගේ පුත්‍රයා නැවත එන බව පියා දැන ගත්තේ කෙසේද​? මක්නිසාද ඔහුගේ පුත්‍රයා නැවත එන තෙක්, සෑම දිනකම ඔහු ජනේලයෙන් පිටත බලා සිටි නිසාය​. එක දිනක් ඔහු, පුත්‍රයා එනවා දුටුවේය - පුත්‍රයා පිළිගන්නා පිණිස ඔහු දිව්වේය​. කෙසේ නමුත් වැඩි මහලු පුත්‍රයා, පියාගේ කාරුණික හදවත බෙදා නොගත්තේය​. ඔහු, ඔහුගේ පියාට මහන්සි වී වැඩ කළ අතර නිතරම කීකරු වුයේය​ (ශු:ලූක් 15:28,29). නමුත් ඔහුට නැති වුන කෙනා ගැන බලවත් හැඟීමක් නොතිබුණි. ඔහුට​, ඔහුගේ පියාගේ හදවත සමඟ සහභාගිකමක් තිබුනේ නැත​." මාගේ බාල සහෝදරයා බලා ඔහුව සොයා ගැනීමට මට යන්න ඉඩ දෙන්න" යයි ඔහු එක් වරක්වත් පියාගෙන් මෙසේ ඇසුවේම නැත​.

දෙයාකාරයේ කිතුනු සේවකයන් සහ වැඩිමහල්ලන් ඇත​. එක් අයෙක් ප්‍රේමයෙන් සහ අනුකම්පාවෙන් පිරුණු මෙම කථාවේ සිටින පියා වාගේය​. අනෙක් අය​, වැඩි මහලු සහෝදරයා මෙන් දැඩි, නොනැමෙන සුළු, වෘත්තිකයන්‍ මෙන්‍ ය​. මෙම දෙයාකාරයෙන් කුමන ආකාර කෙනෙකු බවට පත්විය යුතුදැයි අප එක් එක් කෙනාට තෝරා ගත හැක​. මෙම කථාවේ ආරම්භයේදි, වැඩි මහලු පුත්‍රයා නිවස තුළ සිටි අතර​, බාල පුත්‍රයා පිටත සිටියේය​. නමුත් කථාව අවසානයේදි, බාල පුත්‍රයා නිවස තුළත් වැඩි මහලු පුත්‍රයා පිටතත් සිටියේය.​ දැන් ප්‍රථමයන් වී සිටින බොහෝ අය දෙවියන් වහන්සේගේ රාජ්‍ය තුළදි අන්තිමයන් වනවා ඇත​. එසේ වන්නේ පියාණන් වහන්සේගේ හදවතත් සමඟ ඔවුන්ට සහභාගිකමක් නොතිබීම​ නිසාය​. සභාවක සිටින සෑම සහෝදර සහෝදරියක්ම ස්වාමින් වහන්සේගේ සේවකයන් විය යුතුම වන අතර​, නැති වුන අය වෙනුවෙන් පියාණන් වහන්සේගේ හදවත සමග සහභාගි කමක් පැවැත්විය යුතුමය​.

මම තරුණ කාලයේදි, ඉවැන්ජලිස්තවරයකු වී උතුරු ඉන්දියාවේ මගේ ජීවිතය ගත කිරීම සඳහා මට මහත් ආශාවක් තිබුණි. ඔබ වහන්සේ යවන ඕනෑම තැනකට යාමට සුදානම් යයි මම ස්වාමින් වහන්සේට පැවසුවෙමි ​- මම අදටත් එසේමය​. නමුත් උතුරු ඉන්දියාවට යන ලෙස උන්වහන්සේ කවරදාවත් මට පැවසුවේ නැත ​- ස්වාමින් වහන්සේ මාව නොයවන තැනකට කිසිදා මම යන්නේ නැත​. එවිට දෙවියන් වහන්සේ මට ඉවැන්ජලිස්ත දීමනාව නොදී, ඉගැන්වීමේ දීමනාව දුන් සේක​. නමුත් මම තවමත් ස්වාමින් වහන්සේගේ වැඩය උතුරු ඉන්දියාව තුළ කිරීමට ඉතාමත්ම උනන්දුය. එනිසා උතුරු ඉන්දියාවේ කුමක් සිදුවන්නේ දැයි දැන ගැනීම සඳහා මම ඉවැන්ජලිස්ත සඟරා කියවන්නෙමි. ඔබ මිෂනාරි වරයකු නොවූවත්, ලෝකයේ අමාරු ස්ථාන වල සේවය කරන අනෙක් අයගේ තොරතුරු දැන ගැනීමට ආශාවක් ඔබට ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

ලූක්:මුදල් ගැන ඉගැන්වීම්

ශු:ලූක් 16 වන පරිච්ඡේදයේ සිට 21 වන පරිච්ඡේදය දක්වා ඇතුලත් වන්නේ මුදල් ගැන විෂයවේ. යේසුස් වහන්සේ, මුදල් ගැන බොහෝ කථා කළ සේක​. ශුභාරංචි තුළදි, උන්වහන්සේගේ ඉගැන්වීම් වලින් 16% ක්ම​ සිත යොමු කර ඇත්තේ මුදල් ගැන බව​, ඔබට සොයා ගත හැක - සෑම පද හයකට වරක්ම මුදලේ ආදීනත්වය ගැන සඳහන් කිරීමෙන්, යේසුස් වහන්සේ එම විෂයට දුන්නාවු වටිනාකමේ වැදගත්කම පෙන්වා දෙනසේක​. එහෙත් යේසුස් වහන්සේ, මුදල් වලට ප්‍රේම කිරීමෙන් නිදහස් වීම ගැන කථා කළ නමුත්, බොහෝ දේශකයන්, පොළඹවනු ලබන්නේ, ඔවුන්ගේ දසයෙන් කොටස් ගෙවීම ගැන පමණි - යේසුස් වහන්සේ, උන්වහන්සේගේ ගෝලයන්ට කිසිවිටෙකත් අනුගමනය කිරීමට ඉගැන්වූයේ නැතිම දෙය එයයි. (පරණ ගිවිසුම යටතේ සිටි ඵරිසිවරුන්ට පමණක් එය කරන්න යයි උන්වහන්සේ කිවූ සේක - ශු:මතෙව් 23:23 ).

යේසුස් වහන්සේ මෙහිදී කථා කළ පළමු උපමාව​, අධර්මිෂ්ඨ ගබඩා පාලකයා ගැනය​. එම කථාවේ සාරය වනුයේ ඔහු, ඔහුගේ අනාගතය සැලසුම් කරන අයුරුය​. ඔහු, ඔහුගේ රැකියාව අහිමි වන බව දැනගත් අතර​, එනිසා ඔහු එක්තරා වංචාවක් කළ නිසා ඔහුට, ඔහුගේ රැකියාව අහිමි වන විට​, ඔහුට වෙනත් රැකියාවක් ලබා දීමට ඔහුට මිත්‍රයන් සිටියහ​. එවිට යේසුස් වහන්සේ පැවසූවේ, "මුදල් වලින් සදාකාලය සඳහා මිත්‍රයන් සාදා ගන්න​" ලෙසටය​. එම ගබඩා කාරයාට​, ඔහුගේ අනාගතය තිබුණේ මෙම පොළොව මත පමණි. අපට​, අපගේ අනාගතය තිබෙන්නේ සදාකාලය තුළය​. ඔහු, ඔහුගේ අනාගතය පිළියෙල කරගත්තේ, ඔහු සතුව තිබූ මුදල් වල බලය උපයෝගි කර ගෙනය​. ශුභාරංචිය පැතිරවීමට සහ ආත්ම දිනා ගැනීම සඳහා අපගේ මුදල් භාවිතා කරමින්, සදාකාලයට මිතුරන්, අපි සාදා ගත යුතු වෙමු. එවිට එක් දිනක ස්වර්ගයෙහිදි මනුෂ්‍යයන් ඔබට හමු වූ විට​, "ශුභාරංචිය පැතිර වීමට ඔබ, ඔබගේ මුදල් දුන් නිසා, මම ගැළවී, මෙහි සිටිමි" යයි පවසනු ඇත ​(ශු:ලූක් 16:9).

එවිට යේසුස් වහන්සේ, "එබැවින් නුඹලා අධාර්මික වස්තුව ගැන විශ්වාසව නොසිටියා නම්, සැබෑ වු වස්තුව නුඹලාට භාර දෙන්නේ කවුද​?" යන ඉතා තද වචන පැවසූ සේක ​(ශු:ලූක් 16:11). සැබෑ වස්තුව නම්, දේව ස්වභාවය​, ශුද්ධාත්මයාණන් වහන්සේගේ ආලේපය සහ දෙවියන් වහන්සේගේ වචනය එළිදරව් වීමය​. බොහෝ ඇදහිලිවන්තයන්, ඔවුන්ගේ කථාවේදි, ක්‍රිස්තුස් වහන්සේ මෙන් පැමිණෙන්නේම නැත්තේ හෝ දේව වචනය ගැන ආත්මයාණන් වහන්සේගෙන්, කිසිම නැවුම් එළිදරව්වක් ලබා නොගන්නේ ඇයි? මක්නිසාද ඔවුන් මුදල් සඳහා විශ්වාසවන්ත නොවූ නිසාය​.

එවිට යේසුස් වහන්සේ පැවසුවේ, ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවය කරන්නට කිසිම සේවකයකුට නුපුළුවන​. දෙවියන් වහන්සේටත්, වස්තුවටත් සේවය කරන්නට නුඹලාට බැරිය​, යන ලෙසටය ​(ශු:ලූක් 16:13). ඔබට තීරණයක් ගත යුතුව ඇත​. ඵරිසිවරුන්ට මිෂනාරි වැඩ සටහන් තිබුණ නමුත් ඔවුන් මුදලට මහත් ලෙස ආශා ඇත්තෝ වූහ ​(ශු:ලූක් 16:14). යේසුස් වහන්සේ ඔවුන්ට පැවසුවේ, "නුඹලා නම් මනුෂ්‍යයන් ඉදිරියෙහි, තමුන් ධර්මිෂ්ඨ කර ගන්නා අයය​, (ඔබ මනුෂ්‍යයන් ඉදිරියේහි සිටීමට උත්සාහ කරන්නේ ඉතා ආත්මික අය ලෙසටය​) නමුත් දෙවියන් වහන්සේ නුඹලාගේ සිත් දන්නා සේක​. මක්නිසාද මනුෂ්‍යයා අතර උතුම් කොට සලකන දෙය​, දෙවියන් වහන්සේ ඉදිරියෙහි පිළිකුලක්‍ ය​" යන ලෙසය​ (ශු:ලූක් 16:15). එය මාගේ ජීවිතය පුරාම මතක තබා ගැනීමට බලාපොරොත්තුවෙන්, මම මෙම පදය නිතරම මා ඉදිරියෙහි තබා ගත්තෙමි​. මනුෂ්‍යයා මහත් ලෙස වැදගත් යැයි සැලකු සියලු දෙය ගැන ලැයිස්තුවක් සාදා ගෙන​, දෙවියන් වහන්සේ නින්දිත සේ සැලකු එම සියල්ල හඳුනා ගන්න​. මනුෂ්‍යයා මහත් ලෙස අගය කළ කිසිම දෙයක් තුළින් කීර්තියක් ලබා ගන්නට එපා. සමහර එවැනි දේ ඔබ සතුව තිබිය හැක;​ නමුත් ඒ මත තබා තිබෙන වටිනාකමට​, දෙවියන්වහන්සේ දෙන්නාවූ වටිනාකමම දෙන්න එනම් - බින්දුවය. ඒවා ගැන මෙනෙහි කිරීම හෝ ඒවා ගැන ලොකුවට කතා කරන්නටවත් එපා. ඔබ හොඳ පෙනුමකින් හෝ බුද්ධිමත්ව හෝ පොහොසත්ව හෝ උසස් සුදුසුකම් ලබා සිටින්නේද​? මේවායින් කිසිම දෙයක් වැරදි නැත​. නමුත් මේ සියල්ල දෙවියන් වහන්සේ ඉදිරියේ අනර්ඝ යැයි නොසිතන්න​. මක්නිසාද ලෝකයේ සිටිය බොහෝ දේව භක්තික මිනිසුන් හට,​ අනර්ඝ පෙනුමක් නැත​, මහත් බුද්ධියක් නැත​, ධනවත් නැත සහ විශ්ව විද්‍යාල සුදුසුකම්ද නැත​. ලෝකය අගය නොකරන​, යටහත් පහත්කම සහ උන්වහන්සේට මහත් ගෞරවය දක්වන අය උන්වහන්සේ අගය කරන සේක. දෙවියන් වහන්සේ අගය කරන දෙය ඔබ අගය කරන්නේ නම්, උන්වහන්සේ සඳහා ඔබගේ සේවය මහත් ලෙස ඵලදායි වනු ඇත​.

එවිට යේසුස් වහන්සේ, එක්තරා පොහොසත් මිනිසෙක් සහ ලාසරස් නම් හිඟන්නෙක් ගැන සත්‍ය කථාවක් පැවසූ සේක ​(ශු:ලූක් 16:19). යේසුස් වහන්සේ කිසිම උපමාවක් තුල කිසිම නමක් (ලාසරස් සහ ආබ්‍රහම් වැනි) භාවිතා නොකළ නිසා මෙය උපමාවක් නොවේය​. දෙවියන් වහන්සේ විසින් බොහෝ මුදල් භාර දුන්නාවු මනුෂ්‍යයකු ගැන සත්‍ය කථාවකි මෙය​. ඔහු ආත්මාර්ථකාමීව ඔහු සඳහාම ඒවා භාවිතා කළ නමුත් අවශ්‍යතාවය ඇති ඔහුගේ සහෝදරයාට ආශීර්වාදයක් වන පිණිස භාවිතා කළේ නැත​. ලාසරස් නම් දුප්පත් හිඟන්නෙක් ඔහුගේ ගේට්ටුව අසල වාඩි වි සිටි අතර​, ඔහු ලාසරස් ගැන සොයා බැලුවේ නැත​. ලාසරස් ඔහුගේම සහෝදරයා විය - මක්නිසාද ඊසාක් සහ යාකොබ් ආබ්‍රහම් ගේ පුත්‍රයෝය​. නමුත් පොහොසත් මනුෂ්‍යයා ලාසරස් ගැන සැලකිල්ලක් දැක්වූයේ නැත​. එයින් සනාථ වන්නේ, ඔහු තුළ දෙවියන් වහන්සේ ගැන කිසිම ක්‍රියාකාරි ඇදහිල්ලක් තිබුනේ නැති බවය​. යාකොබ් තුමා පවසන්නේ, "මාගේ සහෝදරයෙනි,තමාට ඇදහිල්ල ඇතැයි යමෙක් කියන නමුත් ක්‍රියාවල් නැත්නම්, මොන ප්‍රයෝජනයක්ද​? ඒ ඇදහිල්ල නිසා ඔහුට ගැළවෙන්නට පුළුවන්ද? සහෝදරයෙක් නොහොත් සහෝදරියක් ඇඳුම් නැතිව​, දවස් පතා කෑම නැතිවද සිටිද්දී, නුඹලාගෙන් යමෙක් සමාදානයෙන් පලයල්ලා, උණුසුම් වෙයල්ලා, කෑම කා තෘප්තියට පැමිණෙල්ලා යයි ඔවුන්ට කියනවා මිස ශරීරයට ඕනෑ දේවල් නොදෙනවා නම්, මොන ප්‍රයෝජනයක්ද​? ඇදහිල්ල ක්‍රියා නැතිව තනිවම තිබේ නම් මැරිලාය​" යන ලෙසය​ (යාකොබ් 2:14-17). ඇදහිල්ල කරනකොටගෙන​ ගැළවීම පැමිණෙන්නේය​ - එම පොහොසත් මිනිසා නිරයට ගියේ ඔහුට ක්‍රියාකාරි ඇදහිල්ලක් නොතිබුණු නිසාය​. ලාසරස් මිය ගිය විට​, ඔහු භූමදාන කළා යයි කිසිවකු ඒ ගැන පවසා නැත ​(ශු:ලූක් 16:22). සමහර විට ඔහුගේ ශරීරය කුණු ගොඩට විසි කරන්නට ඇත​. නමුත් ලාසරස් පාරාදීසියේ සිටින විට​, ලාසරස්ගේ මළ සිරුරට පොළොවේදී මොනවා කළද කම් නැත​. කෙසේ නමුත් පොහොසතාට ගරු ගාම්භීර අවසන් කටයුත්තක් සිදු කෙරෙන්නට ඇත. උත්තම පූජකයා (අගරදගුරු ට සමානය​) එහි සිටින්නටම ඇත(මක්නිසාද, සාමාන්‍යයෙන් ආගමික නායකයන්, පොහොසතුන්ගේ අවමංගල්‍ය කටයුතු වලට සහභාගි වෙති) සහ මෙම පොහොසත් මනුෂ්‍යයා ගැන හොඳ ගුණ කථනයක්ද කරන්නට ඇත. නමුත් එම මනුෂ්‍යයාගේ අවමංගල්‍ය කටයුතු කර ගෙන යද්දී, ඔහු නිරයේ සිටියේය​![සමහර මිනිසුන්ට ඉතිරි වන්නේ,මැරුණු නාමයක් පමණි, මක්නිසාද ඔවුන්ට අවශ්‍ය වන්නේ ශෝභන භූමදානයක් හෝ ප්‍රධාන දේවස්ථානයක කරන ගරු ගාම්භීර විවාහ මංගල්‍යයක්‍ ය!​]. අවමන් කරන ලද ලාසරස් ස්වර්ගයේ ඉන්නවා, පොහොසතාට දැක ගත හැකිවිය​. පොහොසතාගේ වස්තුවට සහ ආගමට, ඔහු එයින් ගළවා ගැනීමට නුපුළුවන් විය.​"ඇදහිල්ලෙන් ධනවත් වු ලෝකයේ සිටින දිළින්දන්, දෙවියන් වහන්සේ තෝරා ගත් සේක”​ (යාකොබ් 2:5). දෙවියන් වහන්සේ ඔබට වස්තුව දී තිබේ නම්, ඔබ ඒවා අන් අයට ආශීර්වාදයක් වන පිණිස භාවිතා කරනු ඇතැයි උන්වහන්සේ බලාපොරොත්තු වන සේක​. පොහොසත් මිනිසා නිරයට යාමට තවත් එක හේතුවක් ඇත​. ඔහු නිරයට ගිය​ විට, ඔහු එය දැන​ගත්තේය - ඔහු පසුතැවිලි වී නොතිබුණු බව (ශු:ලූක් 16:30). එමෙන්ම​ ලාසරස් පසුතැවී අදහාගත් නිසා පාරාදීසියේ සිටින බව ඔහු වටහා ගත්තේය​.

ශු:ලූක් 17:10 හිදි, උන්වහන්සේ පැවසුවේ, ස්වාමින් වහන්සේ අණ කළ සියල්ලටම කීකරු වූ පසුවත් අප "නිෂ්ප්‍රයෝජන දාසයන්" බව අපටම සමාලෝචනය කළ හැකි බවය​. මක්නිසාද අප කළේ, අප කළ යුතුදේ පමණි. ලෝකය තුළ සිටින කිතුනුවන් පවා දේව ධර්ම උපාධියට ගිජු කමක් දක්වති. ලබනවානම් ලබා ගැනීමට මෙ න්න​ හොඳ උපාධියක් : "නි.දා. - නිෂ්ප්‍රයෝජන දාසයා ( U.S. – Unworthy Servant)”! ඔවුන්ගේ නමට පසු පසින්, මෙම උපාධිය තබා ගැනීමට කී දෙනෙක් උනන්දු වන්නේද​? නමුත්, මෙම පහත් උපාධිය පවා ලබා ගන්නේ කවදාද​? ස්වාමින් වහන්සේ අණ කළ සියල්ලටම අප කීකරු වූ විට පමණි! අප​, ස්වාමින් වහන්සේට ඉතා ප්‍රයෝජනවත් සේවකයන් යැයි අපෙන් සමහරෙක් සිතනවා ඇත​. ස්වාමින් වහන්සේගේ වචනය​, අප නිසි ආකාරයෙන්, බරපතල ලෙස ලබා ගෙන නැත​. මක්නිසාද ස්වාමින් වහන්සේ අපට​ ස්වල්ප වශයෙන් එක් තැනකදී හෝ තව ස්ථානයකදී ආශීර්වාද කළ පමණින්ම​, දෙවියන් වහන්සේට අප ඉතා වැදගත් සහ ප්‍රයෝජනවත් යැයි අපි සිතන්නට පටන් ගනිමු! එයට අපව මුළා කිරීමට කොපමණ පහසුද? අපගේ හොඳම අවස්ථාවේදි පවා අප තවම නිෂ්ප්‍රයෝජන දාසයන් පමණක්‍ ය​. අප යම් ස්වභාවයකට පැමිණ සිටිත්ද​, එසේ සිටින්නේ දෙවියන් වහන්සේගේ අනුග්‍රහයෙන්‍ ය​ (1 කොරින්ති 15:10). සෑම වේලෙහිදීම ඔබ ගැන මධ්‍යස්ථ තක්සේරුවකින් ඔබ සිටින්න​. එවිට ඔබගේ ජීවිතයේ මහත් දේවල් සඳහා දෙවියන් වහන්සේගේ අනුග්‍රහය නිරන්තරයෙන්ම ලැබෙනු ඇත​.

ශු:ලූක් 17:12 -19 හිදි, ඔවුන්ව සුව කරන්නැයි මහත් හඬින් ස්වාමින් වහන්සේගෙන් ඉල්ලා සිටි කුෂ්ඨ රෝගීන් දස දෙනෙකු ගැන අපි කියවන්නෙමු. ඔවුන් සියල්ලෝම සුව වුවෝය​. නමුත් ඔවුන්ගෙන් එක් අයකු පමණක් ස්වාමින් වහන්සේ වෙත නැවත පැමිණ​, මහත් හඬින් ස්තුති කළේය​. ඔහු ස්තුති කළ නිසා ඔහුට තවත් දෙයක් ලැබුනේය​."නුඹේ ඇදහිල්ල නුඹ ගැළෙව්වේය​​" (ශු:ලූක් 17:19). අනෙක් 9 දෙනාම ශාරීරික සුවයක් පමණක් ලැබුවෝය​. මෙම මනුෂ්‍යයා නිග්‍රහ කරන ලද සමාරිතයෙක් ය​, නමුත් අනෙක් ගෞරවනීය යුදෙව්වන් 9 දෙනාම ලබා නොගත් දෙයක් ඔහු ලබා ගත්තේය - "ගැළවීම​". උන්වහන්සේගේ ආශීර්වාද ගැන, ඔබ ස්වාමින් වහන්සේට ස්තුති කළ විට, ඔබට උන්වහන්සේගෙන් තවත් බොහෝ දේවල් ලැබෙනු ඇත​.

ලූක්:ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණීම

එවිට යේසුස් වහන්සේ, උන්වහන්සේගේ දෙවන පැමිණීම ගැන කථා කළ සේක​. අප ශු:මතෙව් 24 වන පරිච්ඡේදයෙහි කියවන ලද දේ, ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් නැවත මෙහිදි ලියා ඇත​, මක්නිසාද කිසිවකු මුළා වි යනවාට​, උන්වහන්සේට උවමනා නොවූ නිසාය​. 'බලව​, උන්වහන්සේ පැමිණීමට ඇත්තේ මෙහිය හෝ එහිය ​(රහසින්) යයි ඔවුන් කියන කල විශ්වාස නොකරන්න​'. ආකාශයෙහි එක් දිසාවෙන් නික්මෙන විදුලිය ආකාශයෙහි අනෙක් දිසාව දක්වා බැබළෙන්නාක් මෙන්, උන්වහන්සේ පැමිණෙනවා සියල්ලන්ටම දැකිය හැකි වනු ඇත​. උන්වහන්සේ රහසින් නොපැමිණෙන බව​, යේසුස් වහන්සේ එය නැවත නැවතත් පැහැදිළි කළ සේක​. දෙවන පැමිණීම වන්නේ එක් වරක් පමණි. උන්වහන්සේගේ නැවත පැමිණීමට පෙරටුවෙන් ගමන් කරන මහත් පීඩා කාලයේදි සියළු ඇදහිලිවන්තයන් පොළොවේ සිටිනු ඇත​. මක්නිසාද අන්ත ක්‍රිස්තුගේ පාලන කාලය තුළදී, ඇදහිලිවන්තයන්ගේ සාක්‍ෂි මහත් ලෙස උන්වහන්සේට අවශ්‍ය වන බැවින්, උන්වහන්සේගේ හොඳම සොල්දාදුවන් ස්වාමින් වහන්සේ ඉවත් කර ගන්නේ නැත​. අපට දුක් විඳීමට සිදුවනවාට කිසිදු සැකයක් නැත​. බොහෝ අය ඇදහිල්ලෙන් වැටෙනවාට කිසිදු සැකයක් නැත​. නමුත් සමහර අය ස්වාමින් වහන්සේ වෙනුවෙන් සැබෑ ලෙසම සූදානම්ව සිටින අතර උන්වහන්සේගේ නාමය මහිමයට පත් කරනු ඇත​. එනිසා "උන්වහන්සේ රහසින් පැමිණෙන්නේ එතැනින්‍ ය​, මෙතැනින් ය​" (ශු:ලූක්17:23) යැයි මිනිසුන් දේශනා කරන විට​, ස්වාමින් වහන්සේ අපට පැවසුවේ, ඔවුන් විශ්වාස නොකරන ලෙසය​. එනිසා මා ඔවුන් විශ්වාස කරන්නේ නැත​. අපොස්තළුවරුන්ගෙන් එක් අයෙක්වත්, මෙම අමුතු මූලධර්මය​, උගන්වා හෝ විශ්වාස කළේ නැත​. පෙන්තකොස්ත දිනයේ සිට 18 වන ශත වර්‍ෂය පසු වන තෙක් කිසිවකු එය දේශනා කළේ නැත​. පළමු කොටම 18 වන ශත වර්‍ෂය මැද භාගයේදි පමණ එංගලන්තයේදි මෙම රහසිගත ඔසවාගැනීමේ මූලධර්මය​, මහත් ප්‍රමෝදයෙන් නැගිටුනේය - එය රැව් පිළිරැව් දෙමින්, මුළු ලොව පුරාම දැන් ඇසෙනවා ඇත​. ශත වර්‍ෂ ගණනාවක්ම තාඩන පීඩන වලට මුහුණ නොදුන්, සැප පහසුවට ප්‍රේම කරන කිතුනුවන් සිටින රටවල්(එංගලන්තය වැනි) විසින් මෙම මූලධර්මය ප්‍රබන්ධ කළ එක ගැන මම පුදුම නොවෙමි.

ස්වාමින් වහන්සේගේ අවසාන පැමිණීමේදි, උන්වහන්සේ පොළොවට පැමිණීම පිළිගැනීම සඳහා අහසේදි හමු වීමට කිහිප දෙනෙක් ඔසවා ගනු ලැබේ. බොහෝ අය අත හැර දමනු ලැබේ. එක යහනක සිටින දෙදෙනෙකුගෙන්(ප්‍රත්‍යක්‍ෂ ලෙසම පුරුෂයා සහ භාර්‍යාව​); එක් කෙනෙකු ගනු ලබන්නේය​. අනෙක් කෙනා අත් හරිනු ලබන්නේය ​(ශු:ලූක් 17:34). එකම ස්ථානයේ දෙදෙනෙකු එකට වැඩ කරමින් සිටින අතර​; එක් අයකු ගනු ලබන්නේය​, අනෙක් අය අත් හරිනු ලබන්නේය​ (ශු:ලූක් 17:35). එනිසා ස්වාමින් වහන්සේ අපට පැවසුවේ, නිරන්තරයෙන්ම සූදානම්ව සිටින ලෙසය​. නිදසුනක් ලෙස, ඔබ​, ඔබගේ නිවසෙහි වහල උඩ සිටින්නේ නම්, ඔබගේ නිවස තුළට යාම සඳහා පහළට යාමට ඔබට අවශ‍්‍ය නොවනු ඇත​. ඔබ කෙතෙහි සිටින්නෙහි නම්, ඔබට ආපසු යන්නට නොහැකි වනු ඇත​. ඒ දවස් වල මිනිසුන් වැඩ කළේ කෙතෙහිය​. අද වැඩ කරන්නේ කාර්‍යාල තුළය​. ස්වාමින් වහන්සේ අදහස් කළ දෙය පැහැදිළි කිරීමට මට ඉඩ දෙන්න​: ස්වාමින් වහන්සේ පැමිණෙන විට ඔබ කාර්‍යාලයෙහි ඉන්නේ නම්, "ස්වාමිනි, කරුණාකර රැඳී සිටිනු මැනව​, මෙම උදෑසන මම භාර්‍යාව සමග දඹර වුනෙමි, එනිසා මම ගෙදර ගොස් ඇයගෙන් සමාව ඉල්ලා ගත යුතුය​"යැයි ඔබට පැවසිමට සිදු නොවිය​ යුතුය​. නිරන්තර සුදානම යන්නෙහි අර්ථය වනුයේ, ඕනෑම වේලාවක, ඔබගේ සියලු කාරණා විසඳා තිබිය යුතුය යන්නය​. ඔබ වහල උඩ සිටින්නේ නම්, එහි සිට ඔසවා ගැනීමට සුදානම්ව සිටිය යුතුමය​. ඔබගේ නිවස තුළ ඇති කිසිම භෞතීකමය​ දෙයකට ඇලී නොසිටිය යුතුමය​. ස්වාමින් වහන්සේගේ පැමිණිම සඳහා සූදානම් විමේ ක්‍රමවේදය නම්, සම්පූර්ණයෙන්ම පැහැදිළි හෘද සාක්‍ෂියක් සහ පොළොවේ සියලු දෙයකින්ම තරයේම වෙන් වි සිටිමය - සෑම වේලාවේදීම​.

ශු:ලූක් 18:1-17 හිදි, යේසුස් වහන්සේ නැවතත් පවසා සිටියේ, යාච්ඤාව තුළ අධෛර්‍ය නොවි උත්සාහ කරන ලෙසයි. අවධාරණයෙන් යුතුව ධෛර්‍යයෙන් යුක්තව යාච්ඤා කිරීම ගැන යේසුස් වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ උපමා දෙකකින් පමණක්‍මය​. ශු:ලූක් 11 වන පර්ච්ඡේදය තුළ ඇත්තේ අන් අයට සේවය කිරීමට බලය අවශ්‍ය බවය​. මෙහිදි අවශ්‍යතාවය​ වන්නේ, සාතන්ගේ දුෂ්ඨ පාලනයෙන් පෞද්ගලිකව ගැළවීමයි. වැන්ඳඹුව​ ඇදහිලිවන්තයන් ගැන චිත්‍රයකි. ස්වාමින් වහන්සේ සෑම විටම පෙන්වා දුන්නේ, ඇදහිලිවන්තයන්, දුර්වල සහ අසරණ බවයි - වැන්ඳඹුව හෝ බැටළුවකු. එනිසා අප උපකාරය සඳහා දෙවියන් වහන්සේ සෙවිය යුතු අතර, අපගේම හැකියාව මත රඳා නොපැවතිය යුතුය​. අප බිය වූ විට හෝ පාපය අපව පැරදුව විට​, සාතන් විසින් අපට අතීශයින්ම හිරිහැර කරනු ඇත​. මෙම දුෂ්ඨ පාලනයෙන් නිදහස් වන තුරුම අප දෙවියන් වහන්සේ සෙවීය යුතුමය​. වැන්ඳඹුව සතුරාගේ මහත් පීඩාවෙන් නිදහස ලබා ගන්නා තුරුම ඇය​, අධෛර්‍ය නොවී උත්සාහය නොනවත්වා, විනිශ්චය ඉල්ලා සිටියාය​. අපද කළ යුත්තේ එසේමය​. යේසුස් වහන්සේ උපමාව අවසාන කරමින් කෙසේ නමුත් ප්‍රකාශ කර සිටියේ, උන්වහන්සේ නැවත පොළොවට පැමිණෙන විටදි, එවැනි නිරන්තර ජයග්‍රාහි ජීවිතයක් සඳහා ඇදහිල්ල ඇති අය ඉතා ස්වල්පයක් උන්වහන්සේට සොයා ගත හැකි බවයි (ශු:ලූක් 18:8). අප දැන් ජීවත් වන්නේ එවන් දවස් වලයි. ජයග්‍රහණය ලැබිය හැකිදෝ නොහැකිදෝ කියා බොහෝ කිතුනුවන් දේව ධර්ම​, වාද විවාද කරමින් ඔවුන්ගේ කාලය ගත කරති. කෙසේ නමුත් යේසුස් වහන්සේ පැවසුවේ, වැළපෙන අය (තමන්ගේ පාප ගැන​) පමණක් වඩා ශක්තිමත් බවයි. අප, අපගේ අසරණ කම බොහෝ හඳුනා ගන්නා තරමටම අපි බොහෝ යාච්ඤාවෙන් දෙවියන් වහන්සේ වෙත යමු සහ ජයග්‍රහණය සඳහා රාත්‍රියේදි අපි වැළපෙමු. එවිට අපට එය ලබා ගත හැක​.

ඊළඟ උපමාවෙන් යේසුස් වහන්සේ කථා කළේ (ශු:ලූක් 18:9-14) තම ධර්මිෂ්ඨකම සහිත මිනිසුන්ගේ උඩඟුකම එළිදරව් කරමිනි - ඵරිසිවරයාගේ සහ සුංගම් අය කරන්නාගේ උපමාව​. ඵරිසිවරයා මෙහිදි දෙවියන් වහන්සේට යාච්ඤා කළේවත් නැත​. ඔහු යාච්ඤා කරමින් සිටියේ තමාටමය​ ​(ශු:ලුක් 18:11). ඔහු, ඔහුගේම දෙවියන් වූයේය​! උඩඟු මනුෂ්‍යයන්, තමාටම නමස්කාර කරන අතර, ඔහුගේ, යාච්ඤාව ගැන​, නිරාහාරව සිටිම ගැන​, දස භාග දීම ගැන​, මිෂනාරි වැඩ යනාදි දේ ගැන පාරට්ටු කර ගනිති. " පව් කාරයෙකු වූ මට කරුණා කළ මැනව​" යැයි සුංගම් අය කරන්නා යාච්ඤා කරමින් පැවසුවේය​. පොළොවේ සිටින එකම පව්කරුවා ඔහු මෙන්, ඔහු, ඔහුටම "පව් කාරයා" යයි කියා ගත්තේය​. මොහු ධර්මිෂ්ඨ කොට ගණන් ගනු ලැබ තමාගේ ගෙදරට ගියේය​. දැන් ප්‍රථමව සිටින්නෝ අන්තිමයෝද, දැන් අන්තිමව සිටින්නන් ප්‍රථමයෝද වන්නෝය​.

එසේම​, මුදල් ගැන සම්බන්ධතාවයක් ඇති තවත් සිද්ධීන් දෙකක්ම පැමිණේ. පළමුවැන්න​, යේසුස් වහන්සේ අනුගමනය කිරීම සඳහා මිලයක් ගෙවීමට​ කැමති නොවූ සහ උන්වහන්සේගෙන් ඉවත්ව ගියාවු පොහොසත් තරුණ මුළාදෑනියකු ගැනය​ (ශු:ලූක් 18:18-27).

දෙවන සිද්ධිය නම්, ඔහුගේ ජීවිත කාලය තුළම බොහෝ මනුෂ්‍යයන්ට වංචා කළ, සාකෙවුස් නම් පොහොසත් සුංගම් අය කරන්නා ගැනය ​(ශු:ලූක් 19:1-10). නමුත් සාකෙවුස්ට, ස්වාමින් වහන්සේ හමු විමට මහත් ආශාවක් තිබූ අතර, උන්වහන්සේ දැක ගැනීමට ගසකට නැග්ගේය​. යේසුස් වහන්සේ පාර දිගේ ඇවිද ගෙන එන විටදී, ශුද්ධාත්මයාණන් වහන්සේ අප්‍රමාදව​, උන්වහන්සේ නවත්වා ගස උඩ බැලීමට සැලැස්වූ සේක​. එවිට ස්වාමින්වහන්සේ, සාකෙවුස්ට ඔහුගේ ගෙදරට යාමට කැමති බව පැවසූ සේක.​ සාකෙවුස් ප්‍රිතියට පත් විය​. නමුත් ස්වාමින් වහන්සේ, ඔහුගේ නිවස ඉදිරි පිටට පැමිණි විගසම​, " සාකෙවුස් නැවතුණේය​" (ශු:ලූක් 19:8). සහ මේ ආකාරයෙන් පැවසුවේය​"ස්වාමිනි, ඔබ වහන්සේ ශුද්ධය​. ඔබ වහන්සේට පැමිණීමට නොහැකිය​, මක්නිසාද මම බොහෝ මනුෂ්‍යයන්ගෙන් වංචා කර අධර්මිෂ්ඨ කමින් උපයා ගත් මුදලින් මෙම නිවස ගොඩ නගා ඇත්තෙමි. නමුත් ස්වාමින් වහන්ස​, මා සතු ධනයෙන් භාගයක් දිළිඳුන්ට දෙන්නට යන අතර​, මම අයුක්තියෙන් මුදල් ලබා ගත් මිනිසුන්ට, හතර ගුණයක් නැවතත් දෙමි" යි යන ලෙසිනි. සාකෙවුස් වෙනස් වූයේ කෙසේද​? යේසුස් වහන්සේ ධර්මිෂ්ඨකම ගැන දේශනාවක් එහිදි කළේම නැත​. එය​, යේසුස් වහන්සේගෙන් නික්මුනාවු ආලෝකය සාකෙවුස්ගේ වරද ඔප්පු කළේය​. පරණ ගිවිසුමේ ව්‍යවස්ථාවෙහි, ප්‍රකාශ කර ඇත්තේ, වන්දි ගෙවීමේදි එම ගණනට​, 20% ඔබ එකතු කර දිය යුතු බවය ​(ගණන් කථාව 5:7). නමුත් මෙහෙදි සාකෙවුස්, 300% ක් එකතු කළේය​. මක්නිසාද ඔහු මිනිසුන්ට වංචා කළේ අවුරුදු ගණනාවකට පෙර වන අතර​, එහි පොළිය සමග ඒවා ගෙවීමට ඔහුට අවශ්‍ය විය​. මෙය යේසුස් වහන්සේට ඇසුණු සැණින්ම උන්වහන්සේ පැවසූවේ,"ගැළවීම අද මෙම ගෙදරට පැමිණුනේය​" ලෙසටය ​(ශු:ලූක් 19:9). සාකෙවුස් කළ දේම කිරීම මනුෂ්‍යයකු කැමති වන විට​, ඔහු ගැළවී ඇති බවට ඔබට සහතික විය හැක​.

ශු:ලූක් 19:11-20 හිදි, අප කියවන්නේ, මුදලට සම්බන්ධතාවයක් ඇති උපමාවක් ය​. වංශවත් මනුෂ්‍යයකු දුර ගමනක් යමින්, ඔහුගේ දාසයන් දස දෙනාට කථා කොට​, සෑම අයෙකුටම මුදල් දෙමින්, ඔවුන්ට පැවසුවේ, ඒවායින් ව්‍යාපාර කරන ලෙසය​. එක දාසයකු විශ්වාසවන්තව මුදල් යොදවා එයින් එක පවුමකින් තවත් පවුම් දසයක් ඉපද විය​. අනෙක් මිනිසා පවුම් පහක් උපයද්දී, තවත් අයෙක් පවුම ලේන්සුවක ඔතා පොළොවේ වැළලූ අතර​, ස්වාමියා නැවත පැමිණි විට​, එය පෙරළා ඔහුට දුන්නේය​. ඔහු කිසිදු පාපයක් සිදු කළේ නැත​. ඔහු ඔහුගේ ජීවිතය අපතේ හැරියා පමණය​. ශු:මතෙව් 25 වන පරිච්ඡේදයේ ඇති උපමාවේ, ලබා දුන් මුදල් ගණන එකිනෙකාට වෙනස්‍ ය​. එම උපමාව දීමනා ගැනය​. එක් අයෙකු අපොස්තළුවරයකු විය හැකි අතර​, අනෙක් අය මවක් විය හැක​. අපොස්තළුවරයාට, චාරිකා සහ සේවය කිරිමට බොහෝ අවස්ථා මවකට වඩා ලැබෙන නිසා, දෙවියන් වහන්සේ අපොස්තළුවරයාගෙන් බොහෝ බලාපොරොත්තු වන සේක​. නමුත් මෙම උපමාව තුළදි, සෑම පුද්ගලයකුටම ලැබුණු ගණන එක හා සමානය​. මෙහි කාරණා දෙකක් සඳහන් කරයි. සියල්ලටම පළමුවෙන්, අපගේ කාලයටය. අප සියලු දෙනාටම සෑම දිනකටම ඇත්තේ, එකම කාලයකි - පැය 24කි. නමුත් අපගේ කාලයත් සමග කරන දෑ වෙනස්‍ ය​. සමහර අය ඔහුන්ගේ කාලය දේව වචනය අධ්‍යයනය කිරීමට ප්‍රයෝජනවත් ලෙස යොදා ගන්නා අතර​, අනෙක් අය හිස් දේවල් සඳහා කාලය නාස්ති කරති. දෙවනුව​, මෙහි සඳහන් වන්නේ අපගේ ශරීරය ගැනය​. අප සියල්ලටම​, සමාන ශරීර තිබෙන අතර​, අපගේ අධික ආශා තුළින් එකම ආකාරයෙන්ම පරික්‍ෂාවට පොළඹවනු ලබයි. අධික ආශාවන්ට අප දක්වන ප්‍රතිචාරය වෙනස්‍ ය​. සමහරෙක් එයට විරුද්ධව සටන් කර පරික්‍ෂාවෙන් ජය ගනිද්දී, අනෙක් අය ඔවුන්ගේ ආශාවන්ට යටත් වි පව් කරති. එම නිසා එක සහෝදරයකු ඔහුගේ කාලය​, ඔහුගේ ශරීරය​, දෙවියන් වහන්සේට මහිමය ගෙන දෙන පිණිස යොදවමින් පවුම් දසයක් අත්පත් කර ගනිද්දී, තවත් අයෙකු පහක් පමණක් උපයා ගනියි.

ශු:ලූක් 19:30 හිදි, කොටළුවකු පිට යේසුස් වහන්සේ හිඳ යෙරුසලමට ඇතුල් වන අයුරු අපි කියවන්නෙමු. අශ්වයන් පිට නැගී යන්නේ රජවරුන් ය​. නමුත් යේසුස් වහන්සේ තෝරා ගත්තේ කොටළුවකුය​. උන්වහන්සේ එයින් පෙන්වා දෙනු ලැබුවේ, ලෝකයේ ඇස් හමුවේ තිබෙන විශාල සහ මහත් දේවල් සියල්ලම දෙවියන් වහන්සේගේ අභිමුඛයේදී නින්දිත දේවල් බවය​. පරණ ගිවිසුම තුළදි, දෙවියන් වහන්සේ කොටළුවකු තුළින් බාලාම්ට එක් වරක් කථා කෙරවූ සේක​. දැන ගැනීමට මහත් ධෛර්‍යක් වන එය​, අප මෝඩ කොටළුවකු මෙන් වෙනවා නම්, ස්වාමින් වහන්සේට අපව අවශ්‍ය වන අතර​, උන්වහන්සේගේ කාරණා සඳහා අපව භාවිතා කිරීමට උන්වහන්සේට පුළුවන​. එම දවසේදී, එම කොටළුවා බොහෝ ගෞරවය ලැබුවේය - එසේම ස්වාමින් වහන්සේ ඔබව භාවිතා කරන විටදීත්. නමුත්, කොටළුවා මිනිසුන් ඌව අගය කරන්නේ යැයි සිතුවේ නම්, එවිට එය දුක්මුසු වරද්දා ගැනීමක් වනු ඇත​. ඔවුන් ගෞරවය කළේ ස්වාමින් වහන්සේටය​. එම මොහොතේ, යේසුස් වහන්සේ උගේ පිටින් බැස්සේ නම්, ඌ පෙර සිටි පරණ කොටළුවා බවට පත් වන අතර​, කිසිවකු කිසිදා ඌට ගෞරව නොකරනු ඇත​. අප මෙය​, අපගේ මනසේ තබා ගත යුතු හොඳ ආදර්ශයකි. මිනිසුන් අපව අගය කරන විටදි, ක්‍රිස්තුස් වහන්සේ අප තුළ සිටින සේක් නම්, ඔවුන් අපව අගය කරනු ඇත​.

ශු:ලූක් 20:25 හිදි, ස්වාමින් වහන්සේ නැවතත් මුදල් ගැන කථා කළ සේක​. "කායිසාර්ගේ දේ කායිසාර්ටත්, දෙවියන් වහන්සේගේ දේ, දෙවියන් වහන්සේටත් දීපල්ලා" යන ලෙසටය​. ඔවුන්ට ගෙවිය යුතු දේ ඔවුන් සැමටම දෙන්න​.

ශු:ලූක් 21 වන පරිච්ඡේදයේදී, ස්වාමින් වහන්සේගේ දෙවන පැමිණීම ගැන අපි කියවන්නෙමු. එහිදී බොහෝ හිංසා පීඩා පැමිණෙන අතර​, අපගේ ඥාතීන් පවා අපට​, ද්‍රෝහීව අපව පාවා දෙනු ඇත​. නමුත් අපට අවශ්‍ය වන්නේ, බිය නොවී සිටිමටය, මක්නිසාද අපගේ හිසෙහි ඇති එක කෙස් ගසක්වත්, ස්වාමින් වහන්සේගේ අවසරයකින් තොරව කිසිවෙකුටවත් අත ගැසීමට නොහැකිය​ (ශු:ලූක් 21:18).

ලූක්:අවසාන රාත්‍රි භෝජනය සහ කුරුසපත් වීම

ශු:ලූක් 22:24 හිදි, එම අවුරුදු ගණනාව මුළුල්ලේම ස්වාමින් වහන්සේට ඇහුම්කන් දීමෙන් පසුව වුවත්, ඔවුන් අතරින් ඉතා උතුම් කොට ගණන් ගනු ලබන්නේ කවරෙක් දැයි ගෝලයන් තවම සාකච්ඡා කරමින් සිටින අයුරු අපි දකින්නෙමු. ස්වාමින් වහන්සේ, උන්වහන්සේගේ ගෝලයන් ලෙස සර්ව සම්පූර්ණ මිනිසුන් තෝරා නොගත් අතර​, ඔවුන් නිවැරදි කිරීම උන්වහන්සේ ඉතා මෘදුව​ කළ සේක​. ඔවුන් ශුද්ධාත්මයෙන් පිරුණු විට​,ඔවුන් වෙනස් වන බව උන්වහන්සේ දැන සිටි අතර​, ඔවුන් වෙනස් වුනෝය​. එක් වරක් ඔවුන් ශුද්ධාත්මයෙන් පිරුණු විට​, ඔවුන්ගේ ස්ථානය හෝ ගෞරවය ගැන ඔවුන් එකිනෙකා තවත් සන්ඩු කළේ නැත​.

ශු:ලූක් 22:31 හිදි, සීමොන් ගෝධුම මෙන් පොළන පිණිස​, සාතන් දෙවියන් වහන්සේගෙන් අවසර පතන බව​, යේසුස් වහන්සේ සීමොන්ට අවවාද කරන අයුරු අපි කියවන්නෙමු. - දෙවියන් වහන්සේ සාතන්ට එම අවසරය දුන් සේක​. මෙහිදි යෝබ් ගේ කථාව අපට මතක් වන අතර​, යෝබ්ට හිරිහැර කිරීමට ප්‍රථම මෙහිදීද​, සාතන්ට දෙවියන් වහන්සේගෙන් අවසර ගත යුතුව තිබිණි. අපට ඉසිලිමට එහා ගිය පරික්‍ෂාවක් කිරීමට සාතන්ට දෙවියන් වහන්සේ ඉඩ නොදෙනම සේක​ (1 කොරින්ති 10:13). සාතන් අපට කරදර කිරීමට සොයා බලන විට හෝ පරික්‍ෂා කරන විටදි හෝ අපට පහර දෙන විටදි හෝ පීඩා කරන විටදි හෝ එම සෑම වේලාවකදීම සාතන්, දෙවියන් වහන්සේගෙන් අවසර ගත යුතුවම ඇත​. මෙම සිද්ධාන්තය අපට අතීශයින්ම සැනසීමක් වනු ඇත​. සාතන්, පේත්‍රැස්ව පරික්‍ෂා කරන විටදි, ඔහු වැටෙන බව යේසුස් වහන්සේ,පේත්‍රැස්ට පැවසූ සේක - එක් වරක් නොව තුන් වරක්ම​. පේත්‍රැස් නොවැටෙන පිණිස යේසුස් වහන්සේ තවම යාච්ඤා කළේ නැත​. පේත්‍රැස්ගේ ඇදහිල්ල නැති නොවන පිණිස පමණක් උන්වහන්සේ යාච්ඤා කළ සේක​.යේසුස් වහන්සේ, පේත්‍රැස් නොවැටෙන පිණිස යාච්ඤා නොකළේ ඇයි? මක්නිසාද, ඔහු යටහත් පහත් අයකු වීම සඳහා ඔහු පාපයට වැටීම හැර වෙන දෙයක් නොවන තරම් පේත්‍රැස් ඉතා උඩඟු අයෙකි. අපගේ මාංශයේ කිසිම හොඳක් ජීවත්නොවන අතර​, අපටම පාපය ජය ගත නොහැකි බව අප හඳුනා ගන්නේ අප නැවත නැවතත්, වැටෙන විට පමණි. අපගේ ජීවිතය අවුල් විී පහළම අඩියට වැටෙන විටදි, අප පැමිණ ඇත්තේ, අපගේ හැකියාව කෙරෙහි ඇති විශ්වාසයේ අවසානය වන බින්දුවේ සීමාවටය - එවිටද අප ඇදහිල්ල නැති නොකර ගත යුතුය​. දෙවියන් වහන්සේ තවමත් අපට ප්‍රේම කරන අතර​, උන්වහන්සේ අපව ජයග්‍රාහකයන් බවට පත් කරන සේක​. අසමර්ථ වීම​, දෙවියන් වහන්සේගේ සැලැස්මෙහි අරමුණ ඉෂ්ඨ වීමකි.

පේත්‍රැස් අසමර්ථ වීම සහ ඔහුගේ අසමර්ථය ගැන මහත් ශෝකයෙන් වැළපීම යන සියල්ල පෙන්තකොස්තය සඳහා සුදානම් කිරීමකි. එම රාත්‍රියේදි ඔහු පාපයේ පතුළටම නොවැටුනේ නම්, පෙන්තකොස්ත දිනයේදි ඔහු නැගිට​, එහි සිටි පව්කාරයන් දෙස පහත් සේ සළකනු ඇත​. නමුත් බිඳුනු මිනිසෙකු ලෙස, ඔහු ඔවුන් දෙස බැලුවේ, ඔහු වාගේම පව්කාරයන් ලෙසිනි. සියල්ලටම වඩා ඔහු විශාලතම පව්කාරයා බව ඔහුට දැනුනි​. ඒ ආකාරයේ පුද්ගලයන්, දෙවියන් වහන්සේ රැගෙන, ශුද්ධාත්මයෙන් පුරවා, උන්වහන්සේගේ සේවය සඳහා භාවිතා කරන සේක​. දෙවියන් වහන්සේ ඔහුව බලවත් ලෙස භාවිතා කරන විට​, එවැනි දෙයක් පේත්‍රැස්ගේ හිසට එන්නේ නැත​. මක්නිසාද ඔහු වින්දාවු අසමර්ථකම ඔහු දන්නා නිසාය​. පේත්‍රැස්ගේ වැටීම මොන තරම් විශ්මිත අදහසක් නොවේද​.

ශු:ලූක් 23:40-42 හිදි, ගැළවුනාවු, කුරිසියේ සිටි සොරා ගෙන් අපට පාඩම් දෙකක් උගත හැකිය​.

සියල්ලටම පළමුවෙන්, යේසුස් වහන්සේ කිසි වරදක් නොකළ බව ඔහු හඳුනා ගත්තේය​. ඔහු එය දැන ගත්තේ කෙසේද​? මක්නිසාද, යේසුස් වහන්සේට චෝදනා කළ විටදි, උන්වහන්සේ හැසුරුණු ආකාරය ඔහු දුටුව නිසාය​. එම සොරා, බොහෝ මිනිසුන් කුරුසිපත් කරන විටදි, ඔවුන් ශාප සහ දෙස් තබන ආකාරය දැක තිබු නිසාය​. නමුත් මෙහිදි, "පියාණෙනි, ඔවුන්ට කමා වුව මැනව​; මක්නිසාද ඔවුන් කරන්නේ කුමක්ද කියා ඔව්හු නොදනිති " ලෙසින් කිසිවකු කියන අයුරු ඔහු දුටුවේය​. එය ඔහුගේ දෑස් විවර කළේය​. "සැබැවින්ම මේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාය​" යයි ඒත්තු ගත් රෝම සියයකට මුළාදෑනියාගේ දෑස් විවර කළේද එම දෙයමය​. සමාව දීමේ ස්වභාවය අප තුළ තිබෙන බව අන් අය දකින විට​, ඔවුන්ගේ පව් ගැන ඔවුන් වරද කරුවන් බව ඔවුන්ටත් ඔප්පු වනු ඇත​.

දෙවන කාරණය අප දකින්නේ, අනෙක් සොරාට අවශ්‍ය වූයේ කුරුසියෙන් පහතට ඒමට (මැරීමට තරම් සුදුසු වරදක් ඔහු නොකළැයි ඔහු විශ්වාස කළේය) වන අතර​, මෙම සොරා තමා කුරුසිපත් කිරීමට යෝග්‍ය යයි පිළි ගත්තේය​. ආදම්, ඔහු කළ පාපයට, භාර්‍යාවට දොස් තැබූ අතර​, පාරාදිසියෙන් පිටමං කළේය​. මෙම සොරා, තම පාපය ඒත්තු ගත් අතර​, ක්‍ෂණයකින්ම පාරාදිසියට පිළි ගත්තේය ​(ශු:ලූක් 23:43). පාරාදිසිය පිළියෙල කර ඇත්තේ, තමන්ට පාපය ඇති බවත්, නිරයට යෑමට සුදුසු යැයි අවංකවම ඒත්තු ගත් අය පමණක් සඳහාය​.

ශු:ලූක් 24:13-33 හි, අප කියවන්නේ, ගෝලයන් දෙදෙනෙකු එම්මාවුස් වලට යන අතර​, උත්ථාන වූ යේසුස් වහන්සේ ඔවුන්ට සම්බන්ධ වන අයුරුය​. එය සැතපුම් හතක පමණ ගමනක් වූ අතර​, සාමාන්‍ය ගමනකට පැය දෙක තුනක් ගනු ඇත​. එම මුළු කාලය තුළම උත්පත්ති පොතෙහි සිට මලාකි පොත දක්වා බයිබල් අධ්‍යයනයක් ඔවුන්ට ලැබුණි. යේසුස් වහන්සේ ඔවුන්ට, මෙම මුළු ලියවිල්ල තුළම සිටිනා "ක්‍රිස්තුස් වහන්සේ" පෙන්වා දුන් සේක (ශු:ලූක් 24:27). උන්වහන්සේ ඔවුන්ට කථා කරද්දි ඔවුන්ගේ සිත් දැවුණේය ​(ශු:ලූක් 24:32). යේසුස් වහන්සේ කථා කරන විට​, සිදු වුනේ එසේය​. දේව වචනය දේශනා කරන කවුරු නමුත් දේශනා කළ යුත්තේ මේ ආකාරයටය - මිනිසුන්ගේ ඇස් ඇරී ඔවුන්ගේ හදවත් ඔවුන් සමග දැවෙන විට, ඔවුන් දේව වචනය අසනු ඇත​.

අවසානයේදි, උන්වහන්සේගේ ගෝලයන් 11 දෙනාට පෙණුනු පසුව, "ඉහළින් නුඹලා බලයෙන් සරසනු ලබන තුරු"(ශු:ලූක් 24:49) යෙරුසලමෙහි නැවති සිටින්නැයි උන්වහන්සේ ඔවුන්ට පැවසූ සේක​. ඔවුන් උන්වහන්සේට කීකරු වූ අතර​, ඊළඟ දින දහයේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් ගත කළෝය​ (ශු:ලූක් 24:53). ප්‍රශංසාවෙන් ආකාශතලය පිරෙන විට උඩුමහලේ සිට ඔවුන් මත ශුද්ධාත්මය පැමිණුනේය​. අද දවසේද මනුෂ්‍යයන් මත ශුද්ධාත්මය පැමිණෙන්නේ ඒ හා සමාන ආකාරයෙන්මය​! හාලේලූයා !


පරිච්ජේදය 5
යොහාන්

හැඳින්වීම

1. කරුණාව සහ සත්‍යය​

2. ඇවිත් බලා අනුගමනය කරන්න

3. පළමු ලකුණ

4. හෙලාදැකීමක් නැත

5. දෙවියන් වහන්සේගේ කැමැත්ත කිරීම


යොහාන්: හැඳින්වීම

යේසුස් ක්‍රිස්තුස් වහන්සේ - සදාකාලික දෙවියන් වහන්සේ


උත්පත්ති 1:1 හි සඳහන් වන "පටන් ගැනීමටත්” පෙර වූ සැබෑ "පටන් ගැනීම​" ශු:යොහාන් 1:1 හිදි සඳහන් වන්නේය. මෙහිදී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, "වාක්‍යයාණෝ" ලෙස අදාල කර ඇති අතර​, උන්වහන්සේව ආමන්ත්‍රණය කර ඇත්තේ "දෙවියන් වහන්සේ" ලෙසය​. යොහාන් තුමා අවධාරණය කරන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ දේවත්වය ගැනය​. මුළු සදාකාලය තුළම​, යේසුස් වහන්සේ දෙවියන් වහන්සේය​. එක් දිනකදි, "වාක්‍යයාණෝ මාංසවත් වූ සේක”​(ශු:යොහාන් 1:14). අපගේ මාංශාකාරයෙන් උන්වහන්සේ මෙම පොළොවේ සැරිසරන අවස්ථාවේදීද උන්වහන්සේ දෙවියන් වහන්සේව සිටිය අතර, අදත් උන්වහන්සේ දෙවියන් වහන්සේය​. අප​, උන්වහන්සේට නමස්කාර කරන්නේ සහ උන්වහන්සේට යාච්ඤා කරන්නේ ඒ නිසාය​. යේසුස් වහන්සේම පැවසුවේ, "දෙවියන් වහන්සේට පමණක් නමස්කාර කරව​ (ශු: මතෙව් 4:10) යන ලෙසටය - පොළොවේදි, මිනිසුන් උන්වහන්සේට නමස්කාර කරන විට​, ඔවුන්ගේ නමස්කාරය උන්වහන්සේ පිළිගත් සේක​.

උන්වහන්සේ, "වාක්‍යයාණෝ" ලෙස අමතන්නේ මන්ද​? එහි අර්ථයෙහි කිසි දර්ශනවාදී හෝ සංකීර්ණභාවයක් නැත​. බයිබලය සරල පොතක් වන අතර​, අවාසනාවකට මෙන් උගතුන් විසින් එහි අර්ථය සංකීර්ණ කරගෙන​ ඇත​. එය තේරුම් ගැනීමට දක්‍ෂ මනසක් ඕනෑ නොකරන අතර​, එය තේරුම් ගැනීමට හැකි වන්නේ, "ළදරුවන්" මෙන් පිරිසිදු හදවතක් ඇති අයටය ​(ශු:මතෙව් 11:25). මෙම ශුභාරංචිය ලියූ යොහාන් තුමා, උගත් දාර්ශණිකයකු නොවූ නූගත් ධීවරයෙකි. අද මිනිසුන් බයිබල් සෙමනේරි (වි‍ද්‍යාල) වලට ගොස් ​, මෙම ධීවරයා ලියු දේ ගැන දීර්ඝ උපාධි ප්‍රබන්ධ(theses) ලියා, දේව ධර්මාචාර්‍ය උපාධිය ලබා ගනිති - යොහාන් තුමාට පවා කිසිසේත් ලබාගැනීමට නොහැකිවූ උසස් උපාධියක් ​!

වාචික හෝ ලිඛිත "වචනය​" යනු නෑසෙන​ (හෝ නොපෙනෙන​) සිතිවිල්ලක ඇසෙන (හෝ පෙනෙන) ප්‍රකාශනයකි. අපගේ සිතුවිලි, වචනය තුළට දැමුවහොත් පමණක් අන් අයට​, අපව තේරුම් ගත හැකිවේ. දෙවියන් වහන්සේ ස්වර්ගයේ නැවති සිටියේ නම් හෝ උන්වහන්සේ ආත්මයක් ලෙස පමණක් පොළොවට පැමිණියේ නම්, අපට උන්වහන්සේව තේරුම් ගැනීමට හැකි වන්නේම නැත​. නමුත් උන්වහන්සේ, යේසුස් වහන්සේ ලෙස පැමිණි සේක - එනිසා අපට උන්වහන්සේව තේරුම් ගැනීමට හැක​. යේසුස් වහන්සේව, වාක්‍යයාණෝ ලෙස අමතන්නේ ඒනිසාය​. උන්වහන්සේ, නොපෙනෙන දෙවියන් වහන්සේගේ දෘශ්‍යමාන සහ ශ්‍රාව්‍ය ප්‍රකාශනයයි. වෙන​ කිසිවෙකුටත් නොව​ නමුත් උන්වහන්සේට පමණක්ම​ එම තානාන්තරය හිමිවන්නේය​ ​.

"උන්වහන්සේ (යේසුස් වහන්සේ) තුළ ජීවනය ත්බුණේය​. ඒ ජීවනය මනුෂ්‍යයන්ගේ ආලෝකය වූයේය​" (ශු:යොහාන්1:4). නිතරම ආලෝකය​, අන්ධකාරය පළවා හරියි. යේසුස් වහන්සේගේ ජීවන​ය, සෑම තැනම සිදු ක​රන්නේ එයමය​. අප එම ජීවනයට ඉඩ දෙන්නේ නම්, යේසුස් වහන්සේගේ ජීවනය අප තුළට පැමිණ​, සියලු අන්ධකාරය පළවා හරිනවා ඇත​. පිටත හිරු එළිය දීප්ත්මත්ව තිබෙන විට​, ඔබ ඉන්නා කාමරයේ දොර ජනේල වසා ඇත්නම්, එම කාමරය තුළ ඇත්තේ අන්ධකාරයය​. නමුත් ඔබ​ කුඩා වා කවුළුවක් වුවත් විවෘත කළේ නම්, එය තුළින් ක්‍ෂනයකින්ම ආලෝකය ඇතුළතට පැමිණෙනු ඇත​. ජනේලයේ තිබෙන කුඩා පැල්මකින් වුවද​, ආලෝකය ඇතුළට පැමිණෙනු ඇත​. ආලෝකය​, කුඩා පැල්මකින් වුවද​, ඇතුල් වීමට මහත් ආශාවෙන් සිටියි. යේසුස් වහන්සේගේ ජීවනයත් ඒ වාගේය - ඔබගේ හදවතට පැමිණ​, එය උතුරා යන පිණිස මහත් ආශාවකින් බලා සිටියි. නමුත් උන්වහන්සේ දොර ළඟ සිට තට්ටු කරනු ඇත​. ඔබගේ හදවත විවෘත කරන ප්‍රමාණය අනුවම උන්වහන්සේ, උන්වහන්සේගේ ජීවනය ගලා එවන සේක​.

යේසුස් වහන්සේ, උන්වහන්සේගේ ගෝලයන්ට ​(අපටද​) පැවසුවේ: "නුඹලා ලෝකයේ ආලෝකය​" (ශු:මතෙව් 5:14) බවය . පරණ ගිවිසුම තුළදි, දෙවියන් වහන්සේගේ ලිඛිත වචනය ආලෝකය වූයේය​. "ඔබගේ වචන මාගේ පාදයන්ට පහනක් ය​. මාගේ මාවතට එළියක් ය​"(ගීතාවලිය 119:105). ඒ දවස් වලදි ඔවුන්ට තිබුණ එකම එළිය දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව විය​. නමුත් අද, දෙවියන් වහන්සෙගේ ආලෝකය ප්‍රධාන කොටම බයිබලය නොවේය​. එය මාංශය බවට පත් වූ වාක්‍යයාණෝය​. යේසුස් වහන්සේ ආලෝකයය. ​"මාගේ ඉගැන්වීම් ආලෝකය" යයි උන්වහන්සේ නොපැවසුව සේක​. යේසුස් වහන්සේ පැවසුවේ, "මම ලෝකයේ ආලෝකයය​"(ශු:යොහාන් 8:12) යන ලෙසය​. "නුඹලාගේ ඉගැන්වීම් ආලෝකයය​" යැයි උන්වහන්සේ නොපැවසූ සේක​. උන්වහන්සේ පැවසුවේ, "නුඹලා ආලෝකයය​"යන ලෙසය​. එනිසා ආලෝකය, අපගේ ජීවිතය වන අතර, අප උගන්වන විශ්මිත දේවල් නොවේය​. ඔබගේ ජීවිතය, ආලෝකය නොවේ නම්, ඔබ අරුම පුදුම සත්‍යයන් පැවසුවත් ඔබ​, මුහුනිච්චාකරුවෙකි - එම මුහුන් ඔබව විනාශ කරනු ඇත​. අප උගන්වන සෑම දෙයම අපගේ ජීවිතයෙන් අනුබල දීමක් විය යුතුය​. යේසුස් වහන්සේගේ ජීවිතය, අපගේ සිතුවිලි වලට​, අපගේ මුදල් ගනු දෙනු වලට​, අපගේ පවුල් ජීවිතයට,​ අපගේ භාර්‍යාවන්ට කථා කරන ආකාරයට​, අපගේ දරුවන් ගොඩ නගන ආකාරයට​, අපගේ කාර්‍යාලයේ සිටින අනෙක් අය සමඟ ක්‍රියා කරන ආකාරයට​, සහ අපගේ සභාවේ සහාය හවුල්කරුවන් සහ තරුණ සහෝදරයන් සමඟ ක්‍රියා කරන ආකාරය යනාදියට බලපෑමක් විය යුතුමය​. යේසුස් වහන්සේගේ ජීවිතය ආලෝකයය​. අද අපගේ රටට මෙය මහත් හිඟ කමකි.

"යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද, එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහාගන්නෝද, ඔවුන්ට දෙවියන් වහන්සේගේ දරුවන් වෙන්ට උන්වහන්සේ බලය දුන් සේක​(ශු:යොහාන් 1:12). උන්වහන්සේ, අපගේ ස්වාමින් වහන්සේ ලෙස අප පිළිගන්නා විටදී, අප දෙවියන් වහන්සේගේ දරුවන් බවට පත්වේ. ළමයින් සහ පුත්‍රයින් අතර වෙනසක් ඇත​. පුත්‍රයෙක් වර්ධනය වී පරිනත වෙයි. ළමයා, ළදරුවකු වාගේය​. ඔබ යේසුස් වහන්සේ, ගැළවුම්කරුවාණන් ලෙස පිළිගන්නා විට​, ඔබ පරිනත පුත්‍රයකු බවට පත් වන්නේ නැති අතර, ඔබ ළදරුවකු බවට පත්වේ. පරිනත පුත්‍රයකු බවට පත්වීමට ඔබ වර්ධනය විය යුතුව ඇත​.

යොහාන්: කරුණාව සහ සත්‍යය​

යේසුස් වහන්සේ වාක්‍යයාණෝ ලෙස පොළොවට පැමිණෙන විට, "කරුණාවෙන්ද සත්‍ය්‍යයෙන්ද පූර්ණ​" වූ උන්වහන්සේ තුළින් දෙවියන් වහන්සේගේ මහිමය ගෝලයන් දුටුවහුය​ (ශු:යොහාන් 1:14). ක්‍රිස්තුස් වහන්සේගෙන් ප්‍රකට වූ මහිමයේ සමබරතාවයක් විය - එහි කරුණාව මෙන්ම​ සත්‍යයද විය​. සත්‍යය, නියම ස්වභාවය ගැන කතා කරනවා මෙන්ම​​, දේව​ වචනය තුළ ප්‍රකාශිත​ සත්‍යය ගැනද කතා කරයි. "ඔබගේ වචනය සත්‍යය​" යැයි යේසුස් වහන්සේ පැවසූ සේක ​(ශු:යොහාන් 17:17). මෙම ශුභාරංචිය තුළ 70 වාරයකට වඩා වාරගනනක් "සත්‍යය​" (truth), "සත්‍ය​" (true), සහ "සත්‍ය ලෙසම​" (truly) යන වචන සඳහන් වී තිබීම​ අපට දක්නට ලැබේ​. එය යොහාන්තුමාගේ ප්‍රධාන තේමාවලින් එක​කි.

නමුත් එම සත්‍යය​ (ආඥා​, ව්‍යවස්ථා සහ මූලධර්ම වලින් සමන්විතවූ), මිනිසුන්ට ආකර්‍ෂණමත් වීමට නම්, එය​ කරුණාවෙන් වැසී තිබිය​ යුතුය​. අපගේ ශරීරය තුළ අපට අස්ථි (සත්‍යය ගැන චිත්‍රයකි) තිබෙන අතර​, අස්ථි වසා දැමීමට බාහිරින් මාංශය​(කරුණාව ගැන චිත්‍රයකි) ඇත​. අප​, අස්ථි පමණක්ම වූයේ නම් අපගේ, ආකර්‍ෂණීයභාවය කෙතරම් විය හැකිද​? රාත්‍රියකදි ඇවිදින ඇට සැකිල්ලක් දුටුවේ නම් ඔබ පැන දුවනු ඇත​. ඵරිසිවරුන් වෙතින් මිනිසුන් පැන දිව්වේ ඒනිසාය​. ඔවුන් සතුව සත්‍යය බොහෝසේ තිබුන නමුත් ඔවුන් සතුව කරුණාව තිබුණේ නැත​. සමහර කිතුනුවන් බොහෝ නීතිගරුකව සත්‍යය​, අණ පනත් සහ ආඥාවන් සෑම විටම අවධාරණය කරමින් මිනිසුන් පලවා හරිති. යේසුස් වහන්සේටත් අස්ථි තිබුණි. නමුත් ඒ අස්ථි මාංශයෙන් වැසී තිබුණි. උන්වහඅනන්සේ තුළ සත්‍යය​, කරුණාවෙන් වැසී තිබුන නිසා ඉතා නරක පව්කාරයකු වුවත් උන්වහන්සේ වෙතට ඇද ගන්නා ලදී. අපගෙන් බොහෝ අය විසින් අපගේ නොහැරුණාවු ඥාතීන්, ස්වාමින් වහන්සේ වෙතින් පලවා හැර ඇත්තේ සත්‍යය ගැන අපගේ අධික​ අවධාරණය නිසාය​. ඔවුන් අපව ඇට සැකිල්ලක් ලෙස දකින අතර​, අපගෙන් විද්‍යාමාන වන "බොරු ක්‍රිස්තු" ගෙන් පැන දුවනවා ඇත​.

අනෙක් අතකින් මිනිසුන්, කරුණාව ගැන ඕනෑවටත් වඩා අවධාරණය කරති. අපගේ ශරීරය තුළ අස්ථි නොතිබුනේ නම්, අපට කුමක් විය හැකිද​? අපට නැගිටීමට නොහැකි වනු ඇත මක්නිසාද අප අස්ථි නැති ජෙලි මත්ස්‍යයකු වාගේ වන නිසාය​. ඒ කෙසේ නමුත්, අස්ථි නොමැති වීමත් සමහර විට වාසි ගෙන දෙයි. අපට ඕනෑම සිදුරක් තුළින් රිංගා යා හැකිය - ඕනෑම හැඩයක් ගෙන​!! සමහර කිතුනුවන් ඒ වාගේය​. ඔවුන් හට කිසිම ස්ථිර මූලධර්මයක් නැත​. ඔවුන් ඕනෑම කණ්ඩායමක් සමඟ ගිවිසුම් ඇති කර ගෙන එයට අනුකූල වෙති. මක්නිසාද ඔවුන් "ඉවැන්-ජෙලි මත්ස්‍යයන්ය" (evangelifish)! කටුස්සන් මෙන් ඔවුන්ගේ පාට වෙනස් කරමින් ඔවුන්ගේ වටපිටාවට අනුගත වෙති.

අප, ක්‍රිස්තුස් වහන්සේ ප්‍රමාණවත් ලෙසට ලෝකයට ඉදිරිපත් කිරීමට නම්, සත්‍යය සහ කරුණාව යන දෙකම​ අවශ්‍ය බව එනිසා අපට පෙනේ.

අපගෙන් කිසිකෙනෙකුට මෙම ක්‍ෂේත‍්‍රය​ තුළ සම්පූර්ණයෙන්ම සමබර විය නොහැක​. දෙවියන් වහන්සේ, ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය​ අපට දී තිබෙන්නේ ඒනිසාය​. අප "සත්‍යය​" තුළ ශක්තිමත් නම්, අප සමග වැඩ කිරිමට "කරුණාවෙන්" ශක්තිමත් සහෝදරයන්, දෙවියන් වහන්සේ අපට ලබා දෙන සේක​. අප නොමැතිව​, ඔවුන්ට දෙවියන් වහන්සේගේ මහිමය ප්‍රකාශ කරන්නට නුපුළුවන් අතර​, ඔවුන් නොමැතිව අපටද​ දෙවියන් වහන්සේගේ මහිමය ප්‍රකාශ කරන්නට නුපුළුවන. නමුත් එක්ව​, සම්පූර්ණ ක්‍රිස්තුස් වහන්සේව අපට ඉදිරිපත් කර පෙන්විය හැක​. අපගේ ජීවිතය අවසාන වන තුරු, අප අසමතුලිත බව හඳුනා ගත යුතුව ඇත - එක දිසාවකට හෝ අනෙක් දිසාවට -. අපගේ ගැළවීම සොයා ගත හැකි වන්නේ, ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ අනෙක් සාමාජිකයන් සමග අප එක්ව වැඩ කළහොත් පමණි. යේසුස් වහන්සේ පමණක් සම්පූර්ණයෙන්ම සමතුලිතය​. මක්නිසාද උන්වහන්සේ, උන්වහන්සේ තුළම සම්පූර්ණ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයයි. ඒ කෙසේ වුවද අප උන්වහන්සේගේ ශරීරයේ එක කොටසක් පමණය​. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය තුළ අපට වඩා වෙනස් අවධාරණයන් ඇති අය අප භාර ගත යුතු වන්නේ ඒ නිසාය​.

"ව්‍යවස්ථාව මොසෙස් කරන කොට ගෙන දෙන ලද්දේය; අනුග්‍රහයද, සත්‍යයද පැමිණුනේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරන කොට ගෙනය​"(ශු:යොහාන් 1:17). එම පදයෙන් අපට උගන්වන්නේ, යේසුස් වහන්සේ පැමිණෙන තුරු, ලෝකය තුළ අනුග්‍රහය නොපැවතුණු බවය​. ව්‍යවස්ථාව පැමිණුනේ මොසෙස් තුළින්‍ ය​. එය පරණ ගිවිසුමයි. පරණ ගිවිසුම යටතේ අනුග්‍රහය නොමැත​. "අනුග්‍රහය​" යන වචනය පරණ ගිවිසුම තුළ හමුවන්නේම නැත​. එය හමුවන්නේ අලුත් ගිවිසුම තුළදි පමණක් ය​. "අනුග්‍රහය​" යන වචනය king James අනුවාදය තුළ පමණක් වැරදි පරිවර්තනයක් කරන කොට ගෙන, උත්පත්ති 6:8 හිදි හමුවෙයි. NASB (New American Standard Bible) අනුවාදයන්හි එය "කරුණාව” (favour) ලෙස නිවැරදිව පරිවර්තනය කර ඇත. අනුග්‍රහය යන්නෙහි අර්ථය කුමක්ද​? "අනුග්‍රහය" යන්නට බහුතරලෙස පොදුවේ පිළිගත් අර්ථදැක්වීම​ වන​, ' අපගේ කිසිඳු සුදුසුකමක් නැතිවිටදී දෙවියන් වහන්සේගෙන් ලැබෙන උපකාරය​ ​​' යන්න වැරදිය​. සියලුම මනුෂ්‍යයන්, දෙවියන් වහන්සේගෙන් වන යෝග‍්‍ය නොවූ උපකාරය​ ලබා ගෙන ඇත - එය අනුකම්පාව මිස අනුග්‍රහය නොවේය​. පරණ ගිවිසුම යටතේ ඔවුන්ට තිබුණේ අනුකම්පාවය​. දෙවියන් වහන්සේගේ අනුකම්පාව තුළින් ඔවුන් ගේ පාපයට සමාව ලබා ගත්හ (ගීතාවලිය 103:3). නමුත් අනුග්‍රහය කරනකොටගෙන​ පාපයට එදිරිව අපට ජය ලබා ගත හැක​. අනුකම්පාව ක්‍රියා කරන්නේ අපගේ පාපයේ වරද වූ අපගේ පරණ ජීවිතය සමගය. අනුග්‍රහය , පාපය පරදවා අපට ජය ගෙන දෙමින්, අපගේ අනාගතය සමග ක්‍රියා කරන්නේය. " මාගේ අනුග්‍රහය නුඹට සෑහේ" යැයි ස්වාමින් වහන්සේ අපට පවසන විටදි, එයින් අදහස් වන්නේ, අපගේ අනාගතය තුළ අපගේ සියලු අවශ්‍යතාවයන් මුණගැසීමට අනුග්‍රහයට පුලුවන් බවය​.

අනෙක් සියලුම ශුභාරංචි මෙන්, යොහාන්තුමාත් ආරම්භ කරන්නේ, මිනිසුන් ශුද්ධාත්මයෙන් බෞතිස්ම(ගිල්වීම) කරන්නේ යේසුස් වහන්සේය​ (ශු:යොහාන් 1:33) යන පොරොන්දුවත් සමගය​. ගිල්වීම දෙයාකාරයකින් සිදු කෙරේ. එකක් ගඟක හෝ තටාකයක ගිල්වීමෙන් වන අතර, අනෙක් ගිල්වීම කරන්නේ දිය ඇල්ලක් යට සිටවීමෙන් ය​. ජල බෞතිස්මය කරන්නේ තටාකයක් තුළ හෝ ගංගාවක් තුළය​. ශුද්ධාත්මයෙන් බෞතිස්ම කරනු ලබන්නේ, පෙන්තකොස්ත දිනයේ සිට සෑමවිටම දෙවියන් වහන්සේගේ සිංහාසනයේ සිට පොළොවට ඇදහැලෙන්නාවූ මෙම දිය​ඇල්ල වන දෙවියන් වහන්සේගේ ගංගාවේ ගිල්වීමෙන්ය . දිය ඇල්ල වැටෙන ස්ථානයට පවසන්නේ, " යටහත් පහත් කම​" යන්නය​. අපගේ ජීවිතයේ සෑම දිනකම​, අප යටහත් පහත් කම තුළ රැඳෙන්නේ නම්, මෙම ගංගාව අප මත වැටෙමින් පවතින අතර​, අපව ගිල්වන අතර​, අප තුළින් අන් අය වෙතට ගලා යනු ඇත​.

යොහාන්: ඇවිත් බලා අනුගමනය කරන්න

"ඔබ නැවතී සිටින්නේ කොතනද? යැයි යොහාන් බෞතිස්තගේ ගෝලයන් දෙදෙනා, යේසුස් වහන්සේගෙන් ඇසූ විට​, "ඇවිත් බලාපල්ලා" යැයි උන්වහන්සේ පැවසූ සේක​ (ශු:යොහාන් 1:38-39). පරණ ගිවිසුමෙහි, දෙවියන් වහන්සේගේ සේවකයන් පවසනු ඇත්තේ, "පැමිණ අසන්න​" යනුවෙනි. නමුත් අලුත් ගිවිසුමෙහි දෙවියන් වහන්සේගේ සේවකයන් පවසන්නේ, "පැමිණ, බලන්න​" යනුවෙනි. පරණ ගිවිසුම තුළදී, ආරාධනාව වූයේ, "දෙවියන් වහන්සේගේ පණිවිඩය රැගෙන මෝසෙස් කන්දෙන් බැස ඇවිත් ඇත. පැමිණ​, අසන්න" යන්නය​. නමුත් අලුත් ගිවිසුමේහි පණිවිඩය නම්, "ස්වර්ගයේ සිට යේසුස් වහන්සේ පැමිණ ඇත​. පැමිණ උන්වහන්සේ ජීවත්වන ආකාරය දකින්න" යනුවෙනි. පරණ ගිවිසුම යටතේදි, අවධාරණය කරනු ලැබුවේ, පණිවිඩය ගැනය​. නව ගිවිසුම යටතේදි අවධාරණය කරන්නේ, පණිවිඩකරුවා මිස, පණිවිඩයට නොවේය​. පණිවිඩය නම් අපය​. එනිසා අප පවසන්නේ, "මම​, මගේ භාර්‍යාව සමග ජීවත්වන ආකාරය​, මගේ සභාවේ සහාය හවුල්-කරුවන් සමග මම හැසිරෙන ආකාරය​, සභාවේ ඉන්නාවූ මට වඩා බාලවූ සහෝදරයන්ට මා සලකන ආකාරය​, මගේ මුදල් ගනුදෙනු තබාගන්නා ආකාරය සහ මම දරුවන් ගොඩ නගන ආකාරය, පැමිණ, බලන්න​" යනුවෙනි. මගේ ජීවිතයේ සෑම පැතිකඩක්ම පැමිණ බලන්න​. "මා ක්‍රිස්තුස් වහන්සේ ආදර්ශයට ගත්තාක් මෙන් (අනුගමනය කළාක් මෙන්), නුඹලා මා ආදර්ශයට ගනිල්ලා (අනුගමනය කරපල්ලා)" (1 කොරින්ති 11:1).

මේ කාලයේදි, ඇමෙරිකාවෙන්, ඉන්දියාවට පැමිණෙන බොහෝ දේශකයන් අපට ඇත​. නමුත් එම මනුෂ්‍යයා ඔහුගේ භාර්‍යාව සමග ජීවත්වන ආකාරය​, ඔහු දික්කසාද වූවෙක්ද​, ඔහුගේ දරුවන් කෙසේ ගොඩ නගා ඇත්තේද සහ ඔහු, එහි කුමන ආකාරයේ සභාවක් ගොඩ නගා ඇත්දැයි අප නොදන්නේ නම්, එවිට මගේ සභාව තුළ, එවැනි කෙනෙකුට​, අප සමඟ වචනය බෙදා ගන්නය කියා මම අසා නොසිටිමි​. බලවත් දේශනා නිසාම මගේ සිත යමෙකු වෙත ඇදී යාමට ඉඩ නාරින්නෙමි. "මම ජීවත්වන ආකාරය​, පැමිණ බලන්න​" යැයි පැවසිය හැකි මනුෂ්‍යයාට පමණක් මම ගරු කරන්නෙමි. ඒකෙසේ නමුත් ඔබට කියන්නට හැකිවන්නේ ​"ඇවිත් අසන්න කෙතරම් හොඳින් මා දේශනා කරන්නේද​​(හෝ රෝග සුව කරනේද​​) යන්න පමනක්ම නම්, එවිට මම උනන්දු නොවෙමි. එවැනි මනුෂ්‍යයන් පරණ ගිවිසුමේ සේවකයන්‍ ය - ඔහු විසින් ගොඩ නගනු ලබන්නේ පරණ ගිවිසුමේ සභාවක්‍ ය​. බබිලෝනිය ගොඩ නැගිය හැක්කේ "පැමිණ අහන්න"යැයි පමණක්ම පවසන අයට ය​. ඔවුන් නිවැරදි මූලධර්මයක් අවධාරණය කරනවා පමණක් නොව​ ඒ වෙනුවෙන් සටන් කරනවාත් විය හැක​. නමුත් ඔවුන් ජීවත්වන ආකාරයෙන් සත්‍යය පෙන්වන්නේ නැත​. ඔවුන්ගේ මූලධර්මයන් නියමාකාරයෙන් සැබෑ නම්, ඒවාගේම ඔවුන්ගේ ජීවිත තුළින්ද සත්‍යය​(නියම ස්වභාවය​) ගෙන හැර දැක්විය යුතුය​. ඔවුන්ගේ මූලධර්ම තුළින්, ශුද්ධ ජීවිතයක් ගෙන හැර පාන්නේ නැති නම්, එවිට ඔවුන්ගේ මූලධර්මයන් වැරදි විය යුතුය​. යේසුස් වහන්සේට ජීවිතයක් තිබුනු අතර​, එම ජීවිතය මිනිසුන්ගේ ආලෝකය වූයේය​. යොහාන්තුමාගේ ශුභාරංචිය මුළුල්ලේම සහ ඔහුගේ යැවුම් පත්‍ර පුරාම තිබුන තේමාව​​, මේ ජීවනයයි. අවුරුදු දහස් ගණනාවක්ම මෙම ජීවනය සැඟවී තිබුනේය​. දෙවියන් වහන්සේගෙන් වචන පමණක් ලබා ගැනීමට මිනිසුන්ට හැකිව තිබුනේය. නමුත් ඉන්පසුව​ වචනය​, මාංශවත් වූ අතර​, දැන් එම සදාකාලික ජීවිතය අපට අත්දැකීමට හැක​. සැබෑ ශුභාරංචිය මෙයයි. "මා ක්‍රිස්තුස් වහන්සේ අනුගමනය කළාක්මෙන් මාව අනුගමනය කරන්න​"යැයි පාවුල්තුමා පැවසුවේ ඒනිසාය (1කොරින්ති11:1). අද දවසේ, දෙවියන් වහන්සේගේ සෑම සේවකයකුටමත්, එසේ කීමට හැකියාවක් තිබිය යුතුම ය​.

සමහර දේශකයන් පවසන්නේ, "මාව අනුගමනය නොකරන්න​. ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කරන්න​" යනුවෙනි. එසේ පැවසීමේදී මහත් නිහතමානී කමක් හඟවාදෙන නමුත් එසේ පැවසීම දේවවචනයට අනුකූල නැත​​. ඔහු එසේ පවසන්නේ ඇයි? මක්නිසාද ඔහුගේ ජීවිතය නරක ආදර්ශයක් බව ඔහුම දන්නා නිසාය​. එසේ නම් ඔහු, මුළුමනින්ම දේශනා නොකළ යුතුමය​. ඔහු ගෙදර ගොස්, පළමු කොටම ඔහුගේ ජීවිතය හරි ගස්සා ගත යුතුය​. අප ක්‍රිස්තුස් වහන්සේ අනුගමනය කරන්නාක් මෙන් අපවද අනුගමනය කරන්නැයි අප අනෙක් අයට පවසන විට​දී, අප ක්‍රිස්තුස් වහන්සේ මෙන් වී සිටිමු යැයි ප්‍රකාශ නොකරමුව​​. නැත​. තවම අප කඳු මුදුනට ලඟා වී නැත​. එය සිදු වන්නේ නැවත ක්‍රිස්තුස් වහන්සේ එන විට පමණි. මේ කොයික නමුත්, අප කඳු පාමුල වාඩි වි සිටින්නේද නැත​. අප පවසන්නේ, අප ජීවත් වන ආකාරය, අප සිතන ආකාරය​, අප කතා කරන ශෛලිය​, අප මුදල් හසුරුවන ආකාරය සහ සාමාන්‍යයෙන් හැසිරෙන ආකාරය ශුභාරංචිය විසින් වෙනස් කිරීමට පටන් ගත් බව වන අතර, අප අනෙක් අයගෙන් ඉල්ලා සිටින්නේ, ක්‍රිස්තුස් වහන්සේ වාගේ මෙන්, වෙනස් වීමක් සඳහා අපත් සමඟ මෙම කන්ද නගින මෙන්‍ ය​.

ඉන්දියාව බැලීමට බටහිරින් පැමිණි සහෝදරයකු, පළමු පංතියේ ප්‍රවේශ පත්‍රයක් රැගෙන කෝච්චියට ගොඩ වූ ආකාරය ගැන මට අසන්නට ලැබුණේය​. කිසිවකු තමාගේ ආසනයේ වාඩි වී සිටිනවා ඔහු දුටු අතර​, එහි වාඩි වී සිටි තැනැත්තා නැගිටීමට මැලිකමක් දක්වන බව ඔහුට පෙණුනේය​. ඔහුත් සමඟ ආරවුලක් ඇති කර ගන්නවා වෙනුවට​, වැසිකිලිය ළඟ පත්තරයක් බිම එළා එහි වාඩි වුයේය​. ප්‍රවේශ පත්‍ර පරික්‍ෂකයකු පැමිණ​, බිම වාඩි වී සිටින්නේ ඇයි දැයි මෙම සහෝදරයාගෙන් විමසුවේය​. "මක්නිසාද කිසිවකු මාගේ ආසනයෙහි වාඩිවි සිටියි" යැයි ඔහු පිළිතුරු දුන්නේය. මෙම විදේශිකයා කළ දේ ගැන පරීක්‍ෂකයා පුදුමයට පත්වු අතර​, ඔහු එසේ කළේ ඇයිදැයි ඔහුගෙන් විමසුවේය​. "මක්නිසාද මම කිතුනුවෙක් වෙමි. මම මිනිසුන් සමඟ ආරවුල් නොකරමි" යැයි මෙම සහෝදරයා පිළිතුරු දුන්නේය. මෙම ප්‍රවේශ පත්‍ර පරීක්‍ෂකවරයා ගැළවීම ලබා ගත්තේය​! එම මනුෂ්‍යයා ගැළවීම ලබා ගත්තේ, බලවත් දේශනාවකට සවන් දීම තුළින් ද​? නැත​. එම සහෝදරයාගේ හැසිරීම තුළින් ඔහු බලවත් දේශනාවක් දුටුවේය​. ලෝකයට ආලෝකයක් වීම යන්නෙහි අර්ථය එයයි. කෝච්චියෙන් ගමන් කරන විට හෝ බසයක ගමන් කරන විට​, ආත්මාර්ථකාමි මිනිසුන්ගේ ඉතා නරක හැසිරීම් බොහෝ විට අපි දකින්නෙමුව​. ක්‍රිස්තුස් වහන්සේගේ අලංකාරය, යටහත්කම​ සහ ඉවසීම​ අප​, දේව අභක්තික ලෝකයාට ප්‍රකාශ කළ යුත්තේ එතැනදීය​.

ශු:යොහාන් 1:47 හිදි, යේසුස් වහන්සේ නතානියෙල් ගැන,"මෙන්න​, මොහු තුළ කිසි වංචාවක් නැත​" යැයි පැවසූ අයුරු අපි දකින්නෙමු. ස්වාමින් වහන්සේගෙන් ලැබීමට එය කෙතරම් විශ්මිත සක්‍ෂියක් ද​? නතානියෙල් පව් රහිත හෝ සම්පූර්ණ යැයි උන්වහන්සේ නොපැවසු සේක - මක්නිසාද නතානියෙල් පව් රහිත හෝ සම්පූර්ණ අයකු නොවන අතර​, ස්වාමින් වහන්සේ අසත්‍ය පවසන්නේ නැත​. එම මිනිසා අවංක සහ පැහැදිලි වීදුරුවක් මෙන් විනිවිද පෙනෙන බව පමණක් යේසුස් වහන්සේ පැවසූ සේක​! බොහෝ කිතුනුවන් මිදුනු වීදුරුවක් මෙන්‍ ය - ඔවුන්ගේ විනිවිද භාවයක් නැත​. ඔවුන් බොහෝ දේවල්, විනිවිද නොපෙනෙන වීදුරුවක අනෙක් පැත්තේහි සඟවා ඇත​. ඔවුන් ඉදිරි පසින් ඉතා ශුද්ධය​. නමුත් මිදුනු වීදුරුවේ පසු පසින්, ඔවුන් වෙනස් ජීවිතයක් ගත කරති. වංචාවක් නොමැති වීමට නම්, පැහැදිලි වීදුරුවක් මෙන් අපගේ ඇතුළාන්ත ජීවිතය හෝ පෞද්ගලික ජීවිතය තුළ අපට වසන් කිරීමට අවශ්‍ය කිසි දෙයක් නැතිව සිටීමය​​. අප, කේන්තිය වැනිවු තවත් බොහෝ දේ වලින් තවමත් පරාජයවී සිටිනවා වන්නට පුළුවන​. නමුත් අප ඒගැන අවංකය​. අප නැති දෙයක් ඇති දෙයක් ලෙස දක්වන්නේ නැත​. එළිදරව් 21 තුළදි, අපට ප්‍රකාශ වන්නේ, නව යෙරුසලම (යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සභාව​) පැහැදිලි වීදුරුවක් මෙන් වන බවය​. එම සභාවේ සිටීමට අවශ්‍ය නම්, අපගේ ජීවිතය එසේ විය යුතුය​.

යොහාන්: පළමු ලකුණ​

ශු:යොහාන් 2වන පරිච්ඡේදයේදි, යේසුස් වහන්සේ සහ උන්වහන්සේගේ ගෝලයන් සහභාගි වුනාවූ කානාහි සරණ මංගල්‍යයක් ගැන අපි කියවන්නෙමු. ශු:යොහාන් 2:11 හිදි,"යේසුස් වහන්සේ ගලීලයේ කානාහි දී තමන් ලකුණු වලින් මේ පළමු එක කළ සේක​" යැයි අපි කියවන්නෙමු. යේසුස් වහන්සේගේ හාස්කම, යොහාන්තුමා නම් කරන්නේ ලකුණක් ලෙසිනි. එහි අර්ථය වන්නේ, සෑම හාස්කමක්ම​, උපමාවක්ද බවයි. එහි ආත්මික පණිවිඩයක් ඇත​. මෙහි පණිවිඩය කුමක්ද​? සියල්ලටම පළමුවෙන්: පොළොවේ දේවල් තුළ තිබෙන ඔබගේම මිදි යුෂවල ප්‍රීතිය එක් දිනකදී අවසාන වේ. යේසුස් වහන්සේට ස්වර්ගීය මිදිපැන් ඔබට ලබා දිය හැකිය - ධර්මිෂ්ඨකමද​, සමාදානය සහ ශුද්ධාත්මයාණන් වහන්සේ තුළ ප්‍රීතියද​ ඇති ජීවිතයක් (රෝම14:17). ඔබගේ පොළොවේ මිදියුෂ වියලී ගිය අවස්ථාවේදී, ඒ ගැන අවංක වී, ගොස් ස්වාමින් වහන්සේට පවසන්න - මරියතුමිය කළාක් මෙන්. ඔබට කරන්නට ඇත්තේ එපමණය​. මිදිවත්තට ගොස් මිදි එකතු කර​, ඒවා මිරිකා, මිදියුෂ සෑදීම​, ඔබට අවශ්‍ය නොවනු ඇත​. නැත​. ඔබ යේසුස් වහන්සේ වෙත පැමිණ පැවසීමට ඇත්තේ මෙපමණය​, "ස්වාමිනි, මාගේ ජීවිතය තුළ, ප්‍රීතිය හෝ සමාදානය හෝ ජයග්‍රහනය හෝ මට නොමැත​. ඔබ වහන්සේ ප්‍රකාශ කළ ලෙස, නිතරම ස්වාමින් වහන්සේ තුළ ප්‍රීති වීමට මට නොහැකිය​"යන්නය​. ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ අලුත් මිදියුෂ ඔබට දෙන සේක - උන්වහන්සේගේ ජීවිතය.

මෙම හිස් භාජන තුළ කිසිවකින් තොරවම​, යේසුස් වහන්සේට මිදියුෂ මැවීමට හැක​. නමුත් උන්වහන්සේ එසේ නොකළ සේක​. එම නිවසේ සිටි සේවකයන්ට උන්වහන්සේ සමග වැඩ කිරීමට උන්වහන්සේ ඔවුන් කැඳවූ සේක​. අද දවසේදී ද, ස්වාමින් වහන්සේ, උන්වහන්සේගේ සහාය සේවකයන් ලෙස පහත් මිනිසුන් භාවිතා කරන සේක​. සේවකයකුගේ ආත්මය ඇත්නම් - ස්වාමින් වහන්සේ ඔබ තුළින් හාස්කම් කරන සේක​. මෙහිදී සේවකයන්, භාජන වතුරෙන් පුරවනු ලැබූහ​. යේසුස් වහන්සේ ඒවා මිදියුෂ බවට හැරවූ සේක​. අපට කිරීමට ඇත්තේ පහසු කොටස පමණක් වන අතර​, ස්වාමින් වහන්සේ අමාරු කොටස කරන සේක​. ස්වාමින් වහන්සේට අවශ්‍ය වන්නේ, උන්වහන්සේගේ කාර්‍යයන් තුළදී ඔබ, උන්වහන්සේ සමග කොටස් කරුවකු වීමටය​. සේවකයන් මිදියුෂ පිළිගන්වන අවස්ථාවේදි, ඔවුන්ගේ ජීවිත කාලය තුළදීම රස බැලීමට නොහැකි වුනාවූ, මෙතරම් හොඳ මිදියුෂ ගැන ඔවුන් පුදුම වූවෝය​.

මගේම සේවය තුළදී, ස්වාමින් වහන්සේ වෙත​, මම නීරස ජලය​ (මගේම සිතුවිලි) නිතර රැගෙන එන අතර​, උන්වහන්සේ ඒවා මිදියුෂ බවට පරිවර්තනය කර​, එය දේශනා කිරීමට මට පවසන සේක​. කානාහිදි මෙන්ම​, මම එවැනි හොඳ මිදියුෂ කොතනින් ලබා ගත්තේ දැයි, මිනිසුන් කල්පනා කරති!! ඒවා ස්වාමින් වහන්සේගෙන් ය​. මෙම ලකුණු වල පටන් ගැන්ම තුළින්, උන්වහන්සේට කෙසේ සේවය කළ යුතුදැයි, ස්වාමින් වහන්සේ අපට උගන්වන සේක​. අලසකමට මෙහි ඉඩක් නොමැත​. සියල්ලටම පළමුවෙන් අපට මහන්සි වි වැඩ කිරීමට සහ දේව වචනය ඉගෙනීම කළ යුතුව ඇත​. මෙම භාජන වලට, ලීටර 600 ක් වතුර පිරවීම අමාරු කාර්‍යයකි(ශු:යොහාන් 2:6). දෙවියන් වහන්සේ කිසිවිටෙක අලස මිනිසුන් තුළින් වැඩ නොකරන සේක​.

ශු:යොහාන් 2:14-17 හිදි, වෙළඳ පොළෙහි ආත්මය​, යාච්ඤා ගෘහය තුළට රැගෙන ආවා වූ අය​, යේසුස් වහන්සේ විසින් දේව මාලිගාවෙන් පන්නා දමන ආකාරය ගැන අපි කියවන්නෙමු. පළමුවෙන්ම උන්වහන්සේ ලනු වලින් කසයක් සාදා ගත් සේක​. මෙහි චිත්‍රය ඔබේ මනසින් දැක ගත හැකිද​: යේසුස් වහන්සේ මුල්ලක වාඩි වී, නොයෙක් වර්ගයේ ලනු කැබලි එකතු කර ලනුවකට එකට අල්ලා ඇඹරූ සේක. එය කිරීමට කාලයක් ගන්නා අතර​, උන්වහන්සේ කුමක් කරන්නේ දැයි, උන්වහන්සේගේ ගෝලයන් කල්පනා කරන්නට ඇත​.

ශු:යොහාන් 2 වන පරිච්ඡේදයේ මෙම අවස්ථා දෙක තුළම ඇති​, කරුණාව සහ සත්‍යය අපි දකින්නෙමු. යේසුස් වහන්සේ, විවාහ මංගල්‍යයයේදි පළමු පංතියේ මිදියුෂ පිළිගැන්වූ අතර​, උන්වහන්සේ කසයක් සාදා ගෙන​, දෙවියන් වහන්සේගේ නාමයෙන් මුදල් උපයන අයව, දේව මාලිගාවෙන් පන්නා දැමූ සේක​. අපගේ සේවය තුළ​, මිදියුෂ සහ කස පහර තිබිය යුතුමය ​- "මිදියුෂ​" අවශ්‍යතාවය ඇති අයට, වන අතර​, "කස පහර​" වංචා සහිත ජාවාරම්කාර කිතුනු අයටය​.

අප දේශනා කූඩුවේ සිටිනා විට​, අප සිටිය යුත්තේ, දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයකු ලෙසය - මෙම පොළොව මත සිටින දෙවියන් වහන්සේගේ නියෝජිතයකු ලෙසය​. මගේම සභාව තුළදී, මා මිනිසුන්ට කියනු ලබන්නේ: " ඔබට කිරීමට ඇති හොඳම දෙය නම්, දෙවියන් වහන්සේට බය වීමය​. නමුත් ඔබ දෙවියන් වහන්සේට බය නැත්නම්, එවිට මට බිය වීම වඩා හොඳය​, මක්නිසාද මෙම සභාව තුළ​, කිසිම නිරර්ථක දේවල් කිරීමට මා ඉඩ දීමට යන්නේ නැත​. ලාභ උපයා ගැනීමට හෝ ප්‍රලාප කීමට හෝ ඔබ පසුපස මිනිසුන් ඇද ගැනීමට හෝ ඔබ සඳහාම නමක් ලබා ගැනීමට උත්සාහ කිරීමට​, මෙහිදි මා ඔබට ඉඩ දෙන්නේ නැත​. ඔබ මෙහි පැමිණෙන්නේ නම්, ඔබට සේවකයකු වීමට අවශ්‍ය නොමැති නම්, ඔබට යටහත් වීමට අවශ්‍ය නොමැති නම්, මෙම ගොඩනැගිල්ලේ තිබෙන වැසිකිළි පිරිසිදු කිරිීමට අකැමති නම්, එවිට මෙම සභාව තුළ ඔබ සඳහා ස්ථානයක් නොමැත​. මෙහිදි අප සියල්ලෝම එක සමානය - කිසිවකු ජේෂ්ඨ හෝ කනිෂ්ඨ හෝ නැත​. අප සියළු දෙනාම එකතුවිී බිම අතුගාන අතර​, අපි සියළු දෙනාම වැසිකිළි පවිත්‍ර කරන්නෙමු. අප සියළු දෙනාම සහෝදරයන් ය​. කිසිවකු අනෙකෙකුට වඩා උසස් නැත​. ඔබ ගෞරවය සොයා බලන්නේ නම්, එවිට ඔබ වෙන සභාවක් සොයා ගෙන යායුතුම අතර​, මෙම සභාව ඔබට නොවේය​". අප අතර සිටිනා " බැටළුවන් සහ පරවියන් විකුණන්නන්" අප එලවා දමන්නේ එලෙසය​. අප ස්ථිර නොවේ නම්, ඉන්දියාව තුළ දෙවියන් වහන්සේගේ නාමය අගෞරවයට පත් කරන, සිය ගණන් සභා මෙන්, අපද නිපදවන්නේ කිසි වැදගැම්මකට නැති නීරස සභාවන් ය​.

ශු:යොහාන් 2:24,25 හිදි, " යේසුස් වහන්සේ සියලු දෙනා උදෙසා ම කැපවී සිටියේ නැහැ​" කියා අපි කියවන්නෙමු. බොහෝ මිනිසුන් උන්වහන්සේව විශ්වාස කළ අතර​, උන්වහන්සේ සෑම දෙනාම විශ්වාස නොකළ සේක - මක්නිසාද උන්වහන්සේ එක එක මනුෂ්‍යයාගේ හදවත තුළ ඇති දේ දන්නා නිසාය​. අප සම්පූර්ණයෙන්ම ස්වාමින් වහන්සේට භාර දෙනවා නම්, උන්වහන්සේද අපට භාර දෙනවාක් මෙන්‍ ය​.

ශු:යොහාන් 3 වන පරිච්ඡේදයේදි, රාත්‍රි කාලයේදි නිකදේමුස්, යේසුස් වහන්සේ වෙත පැමිණෙන අයුරු අපි කියවන්නෙමු. යේසුස් වහන්සේ, කවදා නමුත් මෙම පොළෝ තලයේ සැරිසැරුවාවු වඩාත්ම වැදගත් තැනැත්තා වූ සේක​. නමුත් කාල වේලාවක් වෙන් කර නොගෙනම​, බොහෝ රෑ බෝවී තිබියදීත්, නිකදේමුස්, උන්වහන්සේගේ නිවසට පැමිණියේය​. එය මධ්‍යම රාත්‍රිය දැයි මම නොදන්නා නමුත් , යේසුස් වහන්සේ ඔහුට කථා කිරීමට වේලාව ගත් සේක​. යේසුස් වහන්සේට, උන්වහන්සේගේ ආහාර ගැනීමටවත් වෙලාවක් නොතිබුණු අතර ​(ශු:මාර්ක් 3:20), නිදා ගැනීමටවත් සමහර වේලාවන්හිදි, වෙලාව නොතිබුණි (ශු:ලූක් 6:12). ඔබ ස්වාමින් වහන්සේට සේවය කරන්නේ නම්, අපහසුතාවයන්ට කැමති විය යුතුමය​. ඔබ වඩාත් උනන්දු වන්නේ කෑමට සහ නිදා ගැනීමට නම්, ස්වාමින් වහන්සේට සේවය කරනවාට වඩා, වෙනත් ව්‍යාපාරයක් කිරීම වඩා හොඳය​.

යේසුස් වහන්සේ මෙහිදී, වතුරෙන් ද ආත්මයෙන් ද ඉපදීම ගැන කථා කළ සේක​ (ශු:යොහාන් 3:5). ජලය ශුද්ධාත්මය ගැන ලකුණකි. ගින්දර අනෙක් ලකුණය​. යොහාන් ගේ ශුභාරංචිය තුළදී, අප දකින්නේ, ශුද්ධාත්මයාණන් වහන්සේ තුළ අප අපගේ ජීවිතය​, වර්ධනය වන්නේ කෙසේද පිළිබඳ විස්තරයක් ය​. අප නැවත ඉපදෙන විටදී ​(වතුරෙන් ඉපදීම​), අපට තිබෙන්නේ වතුර කෝප්පයක් ය. ​("ගැළවීමේ කුසලානය​"- ගීතාවලිය 116:13). මෙම වතුර කෝප්පය ඉන්පසු "ජල උල්පතක්" (ශු:යොහාන් 4:14) බවට පත් විය යුතු අතර​, අවසානයේදි, "වතුර ඇති ගංගාවක්" (ශු:යොහාන් 7:38) බවට පත්විය යුතු වේ.

අප​, වතුරෙන් ඉපදෙන අවස්ථාවේදි, ශුද්ධාත්මයාණන් වහන්සේ පැමිණ, අප තුළ අලුත් ජීවිතයක් බිහි කරන සේක​. ඉන්පසු ස්වාමින් වහන්සේ අපට මඟ පෙන්වමින් දිය උල්පතක් සතු වන්නට සලස්වන සේක​. ඔබගේ නිවසේ දිය උල්පතක් තිබේ නම්, ඔබගේ ජල අවශ්‍යතාවය සඳහා අනෙක් ප්‍රභවයන් කෙරෙහි රඳා පැවතිය යුතු නැත - අපගේ ප්‍රීතිය සහ සමාදානය සහ ජයග්‍රහණය යන කාරණා මත හෝ මිනිසුන් අපට සලකන ආකාරය ගැන අප රඳා පවතින්නේ නැත​. එවිට ස්වාමින් වහන්සේ අපව තුන්වන අධියරය වන​, බොහෝ මිනිසුන්ට ආශීර්වාද කරන පිණිස​, මෙම වතුර නොයෙක් පැති වලට ගලා යන ගංගාවක් මෙන් පිටාර ගලන්නට සලස්වන සේක​. තුන්වන අධියරට අප ලඟා වනතෙක්, අප සෑහීමකට පත් නොවිය යුතුය​.

යොහාන්: හෙලාදැකීමක් නැත​

ශු:යොහාන් 3:17 දී, අපි කියවන්නේ, "මක්නිසාද දෙවියන් වහන්සේ, පුත්‍රයාණන් ලෝකයට එව්වේ, ලෝකයා විනිශ්චය කරණ පිණිස නොව​, ලෝකයා උන්වහන්සේ කරණ කොට ගෙන ගළවනු ලබන පිණිසය​" යනුවෙනි. මෙම පදයෙන් අපට කාරණා 3ක් ඉගෙන ගත හැක​. සියල්ලටම පළමුවෙන්, අපගේ හදවතට ඇසෙන ඕනෑම හෙළා දැකීමේ හඬක්, සෑම විටම පැමිණෙන්නේ සාතන්ගෙන්‍ ය​. ශුද්ධාත්මයාණන් වහන්සේ අපට හඟවා දෙන්නේ නියත පාප පමණි​. නමුත් උන්වහන්සේ කිසිදා අපව නිෂ්ප්‍රයෝජන හෝ අපට බලාපොරොත්තුවක් නැත යනාදි දේ කියා හෙළා දකින්නේ නැත. දෙවනුව​, මිනිසුන් අපට ඇහුම්කන් දුන්නාට පසුව​, ඔවුන්ව හෙළා දුටුවේ යැයි හැඟෙන ආකාරයෙන් කිසිවිටක අප දෙවියන් වහන්සේගේ වචනය දේශනා නොකළ යුතු වෙමු. ධෛර්‍යමත්වූ බව නිතරම ඔවුන්ට හැඟී යා යුතු අතර ඔවුන්ගෙන් ඉතාම නරකම අයට පවා බලාපොරොත්තුවක් තිබේ යැයි විශ්වාස කිරීමට හැකි විය යුතුය ​. තුන්වෙනුව​, කිතුනුවන් නොවන අයට, අප සාක්‍ෂියක් දෙන විට​, එය ඔවුන් හෙලාදකින පිණිස නොව ​, ඔවුන් ගළවා ගන්නා පිණිස විය යුතුමය​. මාගේ තරුණ දවස් වල​, මම බොහෝ පත්‍රිකා, පාරේදී සහ කෝච්චිය තුළදී සහ බසයන් තුළදි බෙදා හැර ඇත්තෙමි. මම මෙය සිදුකළේ, ඔවුන්ගේ ලේ වලින් මාගේ දෑත් නිදොස් වීමෙන් මාගේ හෘද සාක්‍ෂිය සැනසවීමටය​. ඔවුන්ගේ ගැළවීම මාගේ ඉලක්කය නොවුනේය​; එමෙන්ම නිසැකවම යේසුස් වහන්සේ කළාක් මෙන්, මා ඔවුන් වෙනුවෙන් මිය යෑමට කැමති වූයේ නැත​. මම පත්‍රිකා දෙන සෑම වේලාවකදීම​, මා කියා සිටියේ (නිශ්ශබ්දවම​),"දැන් මම ඔබට පත්‍රිකාවක් දී ඇත්තෙමි. ඔබගේ ලෙය මාගේ අත් වල නැත​"යනුවෙනි. මා ඔවුන්ට පත්‍රිකා දෙනු ලැබුවේ, මාගේ හෘද සාක්‍ෂියට සැනසිල්ලක් වන පිණිසය​. ඒනිසා ඔවුන්ට මා වෙත ඇඟිල්ල දිගු කළ නොහැකි අතර​, මා ඔවුන්ට​, ශුභාරංචිය නොදුන්නේ යයි ඔවුන්ට කිව නොහැකිය​. "යේසුස් වහන්සේ ගැන ඔබ මට පැවසුවේ නැත​" කියා අවසාන දිනයේදී, ඔවුන් මට කියනවා අසන්න, මට අවශ්‍ය නැත​. නමුත් ක්‍රිස්තු ධර්මය පතුරුවන ආකාරය එය නොවේ යැයි මම සොයා ගත්තෙමි. දෙවියන් වහන්සේ, උන්වහන්සේගේ පුත්‍රයා එවනු ලැබුවේ, මිනිසුන් ගළවා ගන්නට මිස​, ඔවුන් විනිශ්චය කිරීමට නොවේය​. පත්‍රිකා 1000 ක් දී, කිසිවෙකු නොගැළවෙනවාට වඩා එක් පත්‍රිකාවක් දී එක් අයෙකු ගැළවෙනවාට දැන් මම වඩා කැමැත්තෙමි.

ශු:යොහාන් 3:30 දී, අප කියවන්නේ, යොහාන් බෞතිස්තගේ ආදර්ශ වාක්‍ය වන "උන්වහන්සේ (ක්‍රිස්තුස් වහන්සේ) වර්ධනය වෙන්නටත්, මා අඩු වෙන්නටත් ඕනෑය" ගැනය​. එය අපි, අපගේද ජීවිතයේ ආදර්ශ පාඨය කර ගනිමු.

ශු:යොහාන් 4 වන පරිච්ඡේදයේදී, යේසුස්වහන්සේ සමාරියට පැමිණිම ගැන අපි කියවන්නෙමු. යේසුස් වහන්සේ සහ උන්වහන්සේගේ ගෝලයන් ඇවිදිමින් සමාරියට පැමිණි අතර​, ඔවුන් සියලු දෙනාටම බඩගිනි විය​. අප ඉවැන්ජලිස්ත කණ්ඩායමක් ලෙස, නගරය තුළ කුසගිනි ඇති වුවහොත්, අප කුමක් කරන්නේද​? අපි සියල්ලෝම එක්ව භෝජනාගාරයකට ගොස්, කෑම කන්නෙමු. නමුත්, මෙහිදි අප දකින්නේ යේසුස් වහන්සේ, ශුද්ධාත්මයාණන් වහන්සේගේ පෙළෙඹවීමෙන්, මඟ අසල නැවතුන අතර​, භෝජනාගාරයට නොගිය සේක​. ඒ නිසා උන්වහන්සේ," නුඹලා ගොස් කෑම කා,මා සඳහා කෑම ටිකක් රැගෙන එන්න​" යැයි උන්වහන්සේගේ ගෝලයන්ට පැවසූ සේක​. උන්වහන්සේ නැවතී සිටියදී, කාන්තාවක් පැමිණි අතර​, ඇය තුළින් මුළු නගරයම යේසුස් වහන්සේ ගැන ඇසීමට පැමිණියෝය​. යේසුස් වහන්සේ ශුද්ධාත්මයාණන් වහන්සේගේ පෙළඹවීමට ඇහුම්කන් දුන් සේක​. අපෝස්තළුවරුද එසේම කළෝය​. පිබිදීම ඇතිවූ අවස්ථාවේදී සමාරියෙන්, පිටවෙන්න යැයි පිලිප්ට කියන ලදුව​, ඔහු කාන්තාරයට ගියේය​. ඔහු කීකරු වන අවස්ථාවේදී, ඉතියෝපීය නපුංසකයකු පිලිප්ට මුණ ගැසුණු අතර, එම ඉතියෝපීය නපුංසකයා ගැළවීම ලබාගෙන​, ඉතියෝපියාවටම ශුභාරංචිය රැගෙන ගිය අතර​, දහස් ගණනක් ගැළවීම ලබාගත්තෝය​. අවුරුදු 2000 ක්ම ඉතියෝපියාවේ කිතුනුවන් සිටියහ​. මක්නිසාද ඒ දවසේ පිලිප්, ශුද්ධාත්මයාණන් වහන්සේගේ හඬට ඇහුම්කන් දුන් නිසා​, ඔහු විශ්වාසයෙන් යුක්තව කාන්තාරයට පැය ගණනක් ඇවිද ගියේය. දෙවියන් වහන්සේ ඔහුව ඔසවා ගෙන චාරිකවක් ලබා දී, ඔහුගේ ගෙදරටම නොමිලයේ ඇරලූ සේක​ (ක්‍රියා 8). පේත්‍රැස් යාච්ඤා කරමින් සිටියදි, පොළඹවනු ලැබ කොරනේලියස් ගේ නිවසට ගියේය​ (ඔහුට යෑමට සැලැස්මක් නොතිබුනි) (ක්‍රියා 10).

යේසුස් වහන්සේ සමාරීය ස්ත්‍රියට, ඇයගේ පුරුෂයා කැඳවා එන ලෙස පැවසූසේක (ශු:යොහාන් 4:16). ඇය පිළිතුරු දෙමින් මට පුරුෂයකු නැතැයි කීවාය​. යේසුස් වහන්සේ පිළිතුරු දෙමින්,"පුරුෂයකු නැතැයි නුඹ කීවා හරිය​. මක්නිසාද නුඹට පුරුෂයන් පස් දෙනෙක් සිටියෝය​. නුඹට දැන් සිටින තැනැත්තා නුඹේ පුරුෂයා නොවේය​" (ශු:යොහාන් 4:18) පැවසු සේක. දැන් ඇය නියත වශයෙන්ම වික්‍ෂිප්ත වූ අතර​, ඉක්මනින්ම විෂය වෙනස් කර, යේසුස් වහන්සේගෙන් නමස්කාරය ගැන විමසන්නට පටන් ගත්තාය ​(ශු:යොහාන්4:20). මෙහිදී, යේසුස් වහන්සේගේ කරුණාභරිතකම අපි දකින්නෙමු. උන්වහන්සේ, ඇයගේ වික්‍ෂිප්තභාවය අවබෝධ කරගත් අතර​, උන්වහන්සේද විෂය මාරු කළ සේක​. උන්වහන්සේ කරුණාවෙන් සහ සත්‍යයෙන් පූර්ණය​. මෙහිදී, යේසුස් වහන්සේගේ මහිමය ඔබට පෙන්වීමට ශුද්ධාත්මයාණන් වහන්සේට ඔබ ඉඩ දෙන්නේ නම්, උන්වහන්සේ ඔබව උන්වහන්සේගේ රුවට වෙනස් කරන සේක​. යේසුස් වහන්සේ , නායක දේවගැති තැනට​ (Bishop) ගැළවිමේ මූලික සත්‍යය කියා දුන් අතර​ (ශු:යොහාන් 3) මහත් ගැඹුරු නමස්කාරයේ සත්‍යය ගැන​, පස් වරක් දික්කසාද වූ ස්ත්‍රියකට කියා දීම ​(ශු:යොහාන් 4), මහත් විශ්මයට පත් කරුණකි. බිෂොප්වරයාට වඩා මහත් ආශාවක්, සත්‍යය ගැන දැන ගැනීමට ඇයට ඇති බව​, යේසුස් වහන්සේ ප්‍රත්‍යක්‍ෂ ලෙසම දුටු සේක​. ස්වර්ගීය පියාණන් වහන්සේ, මුළු ලොවේම "ආත්මයෙන්ද​, සැබෑකමෙන්ද (අව්‍යාජවම​)" නමස්කාර කරන්නන් සොයන සේක​. පරණ ගිවිසුම යටතේදී, මිනිසුන්ට නමස්කාර කිරීමට හැකි වූයේ, ඔවුන්ගේ ශරීරයෙන් සහ මාංසාකාරයෙන් පමණක් ය - අත්පුඩි ගැසීමෙන් සහ උද්වේගයෙන් යනාදියෙන්‍ ය​. දෙවියන් වහන්සේට කරන බොහෝ නමස්කාරයන් අද ද මේ වාගේ පමණක් ය​. නමුත් යේසුස් වහන්සේ පැවසූවේ, සැබෑ නමස්කාර කරන්නන් විසින් ආත්මයෙන්ද​, සැබෑකමින්ද නමස්කාර කරන කාලය පැමිණ ඇති බවය​. යේසුස් වහන්සේගේ මරණින් පසු පැමිණි මේ කාලයේදී, දේව මාලිගාවේ අති ශුද්ධස්ථානය ඉදිරියේ තිබූ තිරය දෙකට ඉරී, මිනිසුන්ට දෙවියන් වහන්සේගේ අභිමුඛයට පැමිණ, ඔවුන්ගේ ශරීරයෙන් ජීවමාන යාගයක් කිරීමට හැකි වී ඇත්තේ,"ආත්මයෙන් නමස්කාර කිරීමේ ප්‍රතිථලයක් ලෙසය​ (රෝම 12:1 – NASB).

දෙවියන් වහන්සේගේ කැමැත්ත කිරීම​

යේසුස් වහන්සේ එවිට​, උන්වහන්සේගේ ගෝලයන්ට කාරණා දෙකක් පැවසූ සේක​. පළමුවැන්න​, "මාගේ කෑම නම්, මා එවූ තැනැන්වහන්සේගේ කැමැත්ත කොට​, උන්වහන්සේගේ වැඩ ඉෂ්ට කිරීමය​" (ශු:යොහාන් 4:34). යේසුස් වහන්සේගේ ආහාරය වූයේ සෑම තැනම දුව ගොස් “දෙවියන් වහන්සේ වෙනුවෙන් යමක් කිරීම” නොව, පියාණන් වහන්සේට උන්වහන්සේ ලවා කිරීමට අවශ්‍ය වූ දේවල් නියමාකාරයෙන් කිරීමය. දෙවැන්න​, උන්වහන්සේ, උන්වහන්සේගේ ගෝලයන්ට පැවසූවේ, "නුඹලාගේ ඇස් ඔසවා කුඹුරු දෙසට යොමා, ගොයම දැනටම පැහී තිබෙන බව බලාපල්ලා" යනුවෙනි (ශු:යොහාන් 4:35).

සමහරෙක්, වැපිරීමට කැඳවා ඇති අතර​, සමහරෙක් කැඳවා ඇත්තේ කපා ගැනීමටය (ශු:යොහාන් 4:37). මගේ දේවසේවය මූලික වශයෙන් අස්වැන්න කපා ගැනීමටය​. යේසුස් වහන්සේ පැවසුවේ, "නුඹලා විසින් වැඩ නොකළ ගොයම් කපන්නට මම නුඹලා යැවීමි. අන්‍යයයෝ වැඩ කළෝය (ශු:යොහාන් 4:38). අවුරුදු 200 කට පෙර​, විලියම් කේරි ඉන්දියාවට පැමිණ​, බොහෝ දුක්වින්ද අතර​, බොහෝ වැපුරුවේය​. දේව භක්තික වෙනත් මිෂනාරිවරුන් පසුව පැමිණි අතර​, මහන්සි වි වැඩ කරමින්; වපුරමින්, වපුරමින් සිට දකින්නට ලැබුනේ ඉතා සුළු ඵලදාවකි. නමුත් අද මම තමිල්නාඩුවේ දුර බැහැර ගම්මානවලට යන විට මෙම මිෂනාරිවරුන් වපුරන ලද අස්වැන්න නෙළා ගනිමි​. ඔවුන්, මම කිසි විටෙක ලබා ගන්නවාට වඩා විශාල විපාකයක් ලබා ගනු ඇත, මන්ද ඔවුන් වසර ගණනාවක් වැඩ කළ අතර අස්වැන්න නෙළා ගත්තේ ඉතා අල්පයක් හෝ කිසිත් නැති තරම්‍ ය. ඉවැන්ජලිස්තවරුන් පිටතට ගොස් ක්‍රිස්තුස් වහන්සේට මිනිසුන් රැගෙන එති. එම හැරුණාවූ අය, ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයට ගොඩ නැගීම සඳහා ඔවුන්ව ගුරුවරයකු සහ එඬේරෙකුට, භාර දිය යුතුය​. මෙහි තරඟයක් නැත​. සමහර සභා පාලකයන් පවසන්නේ, "ඔබ මගේ බැටළුවන් සොරකම් කරයි" යනුවෙනි. මෙහි ඇත්තේ දෙවියන් වහන්සේගේ බැටළුවන් මිස ඔබගේ හෝ මාගේ නොවේය​. ඔවුන් ඔබගේ බැටළුවන් නම් , ඔවුන් සියලු දෙනාම නිරයට යනු ඇත​. ස්වර්ගයට යන්නේ දෙවියන් වහන්සේගේ බැටළුවන් පමණි. මට මතකයි එක් වරක් වීථියේදී බේබද්දෙකු මුණගැසුණු එවැන්ජලිස්තවරයෙකුගේ කතාව. බේබද්දා, "ඔබට,මාව හඳුනා ගත හැකිද​? ඔබ හරවා ගත්තා වූ අයගෙන් කෙනෙකි මම" යයි ඇසුවේය​. එවිට ඉවැන්ජලිස්තවරයා පැවසූවේ," ඔබ ඉන්නා බීමත් තත්වයෙන්, ඔබ ස්වාමින් වහන්සේගේ ගැළවුනාවු අයෙකු නොව​, ඇත්තටම ඔබ ගැළවුනාවු මාගේ අයෙක්මය​!" යනුවෙනි. කවදාවත් කිසිවෙකු මාගේ බැටළුවන් සොරා ගත්තේ නැත​, මක්නිසාද මට කිසිවකු නැති නිසාය​. ඔවුන් සියලු දෙනාම ස්වාමින් වහන්සේගේ බැටළුවන්‍ ය​. ඔවුන්ට වඩාත් හොඳ තණ බිම් ඇති වෙනත් සභාවල් සොයා ගත හැකි නම්, ඔවුන් එහි යෑමෙන් මා ඔවුන් නවත්වන්නේ නැත​. ඔබත් ඔවුන්ව වළක්වන්න එපා. ​ස්වාමින් වහන්සේගේ ස්වාමීත්වය දරන බැටළුවෙක් නම්, ඔවුන් ඔබගේ පුද්ගලික දේපලක් කරගන්නට කවරදාවත්ම එපා.

ශු:යොහාන් 4:46 -54 දී, රෝගී වූ පුතෙක් ඇති කපර්ණවුමෙන් පැමිණි, රාජ්‍ය නිළධාරියකු ගැන අපි කියවන්නෙමු. යේසුස් වහන්සේ හමුවීමට ඔහු කානා නුවර සිට පැමිණියේය​. "පලයන්න​, නුඹේ පුත්‍රයා ජීවත්ව සිටී" යැයි යේසුස් වහන්සේ ඔහුට පැවසූ සේක. ඔහු නිවසට ගිය පසු, ළමයා සුව වන්නට පටන් ගත්තේ කොයි වේලාවේ දැයි සේවකයන්ගෙන් විමසුවේය​. "ඊයේ පස්වරු 1 ට යැයි ඔවුන් පැවසුවෝය​. එබැවින් නිලධාරියා සැබවින්ම ඔහුගේ නිවසට පැමිණියේ පසුදා පමණි​. රාජ්‍ය නිළධාරියකු වූ නිසා, කානා වලට එන්නට ඇත්තේ අශ්ව රථයකින් බව සැකයක් නැත​. කපර්ණවුමේ සිට කානා වලට දුර කිලෝමීටර 25ක් පමණ වන අතර​, අඩුම තරමින් පැය 2කින් හෝ 3කින් ඔහුගේ නිවසට පහසුවෙන්ම ළඟා විය හැක​. නමුත් ඔහු එම දවසේම ගෙදර නොගියේය​. ඔහු කානාහි, රාත්‍රිය ගත කළ අතර​, ඊළඟ උදයේ ගෙදර ගියේය​! දරුවා ගෙදර අසාධ්‍යව සිටියදී, එසේ කරන්නේ කවුද​? යේසුස් වහන්සේගේ වචනය කෙරෙහි ඔහුගේ ඇති විශ්වාසය අප දකින අතර​, දරුවා සුව වී සිටියේය​. එනිසා ඔහුට ඉක්මනින්ම ගෙදර යෑමට අවශ්‍ය වූයේ නැත​. " ඔබගේ පුත්‍රයා සුවෙන්" යයි යේසුස් වහන්සේ පවසන විටදි, ඔබ එය විශ්වාස කර​, ඉක්මනින් ගෙදර ගොස් එය සනාථ කර ගැනීමට අවශ්‍ය නැතිද​? එවැන් ඇදහිල්ලක් අපට තිබේද​?

ශු:යොහාන් 5 වන පරිච්ඡේදයේදි, අප කියවන්නේ, බෙතෙස්දා පොකුණ අසල,​අන්ධයන්, කොරුන්, වියළි අවයව ඇත්තන්ගෙන් සමන්විත රෝගීන් මහා සමූහයක් සිටි බවය (ශු:යොහාන් 5:3). එය අද තිබෙන බොහෝ සභාවන් වල විස්තරයකි. ඔවුන් අතරින්, විශාල සමූහයක්, ආත්මිකව අන්ධව, රෝගීව​, කොරුව, වියළිව සිටින ඇදිහිලිවන්තයන්‍ ය​. යේසුස් වහන්සේ පැමිණ ඔවුන්ව සුව කළ යුතුයි​. එක් මනුෂ්‍යයකු අවුරුදු 38ක් එහි වැතිරී සිටියේය​. අවුරුදු 38ක කාලය යනු, කානාන් දේශයට ඇතුල් නොවූ නිසා දෙවියන් වහන්සේ ඉශ්‍රායෙල් වරුන්ට දඬුවම් කරමින්, තැනින් තැන යැවූ කාලයයි. අපි ශෙරද් ඔයෙන් එතෙර වීමු. අපි කාදේශ් - බර්නේය (කානාන්හි සීමාව​) කෙරෙන් පිටත් වී, ශෙරද් ඔයෙන් එතරව​, යුධකාරයන්ගේ මුළු පරම්පරාව​, ස්වාමින් වහන්සේ ඔවුන්ට දිවුල ලෙස සෙනඟ අතරින් නැතිවී යන තුරු ගතවුන කාලය 38 අවුරුද්දක් ය (ද්විතීය කථාව 2;14). මෙම කොර මිනිසා, පාපයට එරෙහිව ජය නොගෙන​, පරාජය වී, ඇවිදීමට නොහැකිව සිටින ඇදහිලිවන්තයන් ගැන සලකුණකි. දේව දූතයා වතුර කලඹන කල​, පොකුණට බැසීමට ඔහු අවුරුදු 38ක්ම උත්සාහ කර ඇත​. සෑම අවුරුද්දකම ඔහු අසමත් වූ අතර​, අන්තිමේදී ඔහු එය අතහැර දැමුවේය​. මෙය පරණ ගිවිසුම් ව්‍යවස්ථාව යටතේ සිටින ජීවිත වල චිත්‍රයකි. ඔබ ජයග්‍රහණය සඳහා නිරන්තරයෙන්ම උත්සාහ කරන නමුත් සෑම විටම අසමත් වෙමින්, අවසානයේදි අතහැර දමන්නේය​. එවිට යේසුස් වහන්සේ පැමිණෙන අතර​, එක මොහොතකින් ඔබ ජයග්‍රහණයට ඇතුල් වන්නේය​. මෙම හාස්කම ලකුණක් සහ උපමාවක් ය​. කාන්තාරය තුළ අවුරුදු 38ක කාලය තුළදී, සියලු යුධකාරයන් මිය ගියහ​. මනුෂ්‍යයාගේ ඇති පරිශ්‍රමය සහ ශක්තියද මිය යා යුතුය​. ස්වාමින් වහන්සේ ඒමට පෙර​, අප බිංදුවේ සීමාවට පැමිණෙන තෙක්, උන්වහන්සේ නැවති සිටින සේක​. ශු:යොහාන් 5:14 දි, මෙයට වඩා නරකක් සිදු නොවන පිණිස පව් නොකරන්නැයි, යේසුස් වහන්සේ මෙම මිනිසාට අවවාද කළ සේක​. එනිසා මෙම මනුෂ්‍යයාගේ රෝගයට හේතු වූයේ පාපයයි. සමහර රෝග වලට හේතුව පාපය වන අතර, පාපය ගැන පසුතැවිළි වී, නිවැරදි වී පිරිසිදු වන තුරු සුව කළ නොහැක​.

යුදෙව්වන්, උන්වහන්සේ සබත් දවසේදී මිනිසුන් සුව කළේ ඇයි දැයි යේසුස් වහන්සේගෙන් විමසන අවස්ථාවේදී, උන්වහන්සේ පිළිතුරු දුන්නේ," මක්නිසාද මාගේ පියාණන් වහන්සේ සබත් දවසේදි ද වැඩ කරමින් සිටින බැවිනි" ලෙසය ​(ශු:යොහාන් 5:17). පියවූ දෙවියන් වහන්සේට කිසිම සබත් නිවාඩුවක් දැන් නැත​. මිනිසා පාපයට වැටීමට පෙර දෙවියන් වහන්සේට තිබුණාවූ එකම සබත් දවස නම් උත්පත්ති 2: 2 හි සඳහන් කර ඇති සබත් නිවාඩුවය. එතැන් පටන් දෙවියන් වහන්සේ වැඩ කරමින් සිටින සේක​, මක්නිසාද මනුෂ්‍යයා වැටී සිටින බැවිනි. එනිසා," මාගේ පියාණන් වහන්සේ ක්‍රියා කරන අතර​, මමත් ක්‍රියා කරමි, මට ද කිසි සබතක් නැත​" යැයි යේසුස් වහන්සේ පැවසූ සේක​. යේසුස් වහන්සේ පූර්ණ කාලීන සෙවකයෙක් ය - දිනයේ පැය 24 ම​, සතියේ දින 7 ම, උන්වහන්සේ වැඩ කළ සේක​. සාතන්ද "දවල් රෑ" වැඩ කරයි - ශුද්ධවන්තයන්ට දෝෂාරෝපනය කරමින් (එළිදරව් 12:11). දෙවියන් වහන්සේගේ සෑම දරුවෙකුම ඒ හා සමානවම මුළු හදවතින්ම උන් වහන්සේට ප්‍රයෝජන ගත හැකි අය විය යුතුය - ඔවුන් ලෞකික රැකියාවක නිරත වුවද.

ශු:යොහාන් 5:30 හිදි, "මට තනියම කිසිවක් කරන්නට නුපුළුවන​" යැයි යේසුස් වහන්සේ පැවසූ සේක​. එහි අර්ථය වන්නේ, උන්වහන්සේ කුමක් කළ යුතුදැයි දැන ගන්නා පිණිස, නිතරම පියාණන් වහන්සේ කෙරෙහි නැවතී බලා සිටින බවය​. උන්වහන්සේ දේවල් කළේ, උන්වහන්සේගේ පියාණන් වහන්සේ, උන්වහන්සේට පැවසූ විටය​. උන්වහන්සේට මහත් ලෙස බඩගිනි වුවද​, උන්වහන්සේ ගල්, රොටී බවට පත් නොකළේ එම නිසාය - උන්වහන්සේගේ පියාණන් වහන්සේ, උන්වහන්සේට එය කිරීමට නොකියූ සේක​. අපද ජීවත් විය යුත්තේ මේ අයුරින්‍ ය​. සෑම විටම ස්වර්ගයෙන් වාචික අණක් ලැබෙන තුරු නැවති සිටිය යුතු යැයි එයින් අදහස් නොකෙරේ. අප තුළ සිටින ශුද්ධාත්මයාණන් වහන්සේ අපට කථා කරන්නේ අපගේ ආත්මය තුළ යමක් කිරීමට අපව පෙළඹවීමෙන් සහ වෙනත් දෙයක් කිරීමෙන් අපගේ ආත්මය තුළ අපව වළක්වා ගැනීමෙන්‍ ය.

ශු:යොහාන් 5:34,41 හිදි, "මම මනුෂ්‍යයන්ගේ සාක්‍ෂි නොලබන්නෙමි......මම මනුෂ්‍යයන්ගේ ගෞරවය නොලබමි" යැයි යේසුස් වහන්සේ පැවසූ සේක​. උන්වහන්සේගේ පියාණන් වහන්සේ, උන්වහන්සේ ගැන දුන්නා වූ සාක්‍ෂි වලින්, යේසුස් වහන්සේ තෘප්තියට පත් වූ සේක​. වෙන කිසිවෙකුගේ සාක්‍ෂියක් උන්වහන්සේට අවශ්‍ය වූයේ නැත​. ශු:යොහාන් 5:44 දි, උන්වහන්සේ පැවසූවේ, මනුෂ්‍යයන්ගේ ගෞරවය ලැබීමට කැමති වන්නේ නම්, ජීවමාන ඇදහිල්ල තබා ගැනීමට​, එය අපට බාධාවක් වන බවය​. ඔබට ඇදහිල්ලේ මිනිසෙකු / ස්ත්‍රියක් වීමට අවශ්‍යද​? එසේනම්, නැවත කිසි දිනක කිසිඳු මිනිසෙකුගෙන් ගෞරවය බලාපොරොත්තු නොවන බවට ඔබ තීරණය කරන්න. මිනිසුන්ගේ සිත් ඇදගැනීමට දේවධර්ම උපාධි සොයන්න එපා. දේවධර්ම උපාධි ඇති කිසිවෙකුට සාතන් බිය වන්නේ නැත. ලෞකික ලෝකයේ ඔබට එම උපාධි අවශ්‍ය වන්නේ ඔබට රැකියාවක් ලබා ගත හැක්කේ ඒ නිසාය. නමුත් ස්වාමින් වහන්සේගේ වැඩයෙහිදි ඔබට අවශ්‍ය වන්නේ ඇදහිල්ලය.

ශු:යොහාන් 6:37 දී, යේසුස් වහන්සේ පැවසුවේ, " පියාණන් වහන්සේ මට දෙන සියල්ලෝම මා වෙතට එන්නෝය​; මා ළඟට එන තැනැත්තා මා විසින් කිසිසේත් අහක දමන්නේ නැත​"යනුවෙනි. මෙම පදයේ තිබෙන ප්‍රකාශ දෙකක්, මට මහත් ලෙස උපකාර වුණි - එකක් මගේ ජීවිතයට වන අතර​, අනෙක උපකාර වූයේ මගේ සේවය තුළදීය​. මෙම පදයේ දෙවන කොටස, 1959 යේ ජූනි මාසය තුළදි, මාගේ ගැළවීම ලබා ගන්නා විට, මෙය මට සම්පූර්ණ ආත්ම විශ්වාසයක් ලබාදුනි. එම කාලයට අවුරුදු 6 කට පෙර​, මම මාගේ ගැළවීම ගැන අවිශ්වාසයෙන් එහාට මෙහාට වැනෙමින් සිටියෙමි. නමුත් ඒ දිනයේ පටන්, ස්වාමින් වහන්සේගේ මෙම වචනය මම විශ්වාස කළ අතර​, එය නැංගූරමක් හෙළුවාක් මෙන් විය​. එයින් පසුව, මාගේ ගැළවීම ගැන මට සැකයක් වූයේම නැත​.

එම පදයේ පළමු කොටස​, මට මගේ සේවයේදි උපකාර වුනි. සේවය කිරීමට දෙවියන් වහන්සේ විසින් මා කැඳවනු ලැබූ සියල්ලන් මා වෙත පැමිණෙන බව මම තේරුම් ගතිමි. එනිසා එහෙන් මෙහෙන් මිනිසුන් ඇද ගැනීමට වටේටම දිව යෑමට, මට අවශ්‍ය වූයේ නැත​. දෙවියන් වහන්සේට බොහෝ සේවකයන් පොළොවේ ඇති අතර​, උන්වහන්සේ එම සෑම සේවකයෙකුටම සේවය කිරීමට බෙදා දෙනු ඇත​. දෙවියන් වහන්සේ විසින් වෙනත් අයෙකුට වෙන් කර දුන් අයෙකු ඔබ ඇද නොගත යුතුය​. එය හොරකමක් වනු ඇත​. සහෝදරයකු වෙනත් නායකයකු විසින් රැක බලා ගත යුතු යැයි, දෙවියන් වහන්සේ නියම කර ඇත්නම්, එවිට ඔබ දෙවියන් වහන්සේ සමඟ සහභාගීත්වයෙන් ඉන්නේ නම්, ඔබ එයට අනුබල දිය යුතු අතර​, ඔහුට එම සභාවට යන ලෙස ධෛර්‍යමත් කළ යුතුවා මිස මගේ සභාවට ඇද ගැනීම නොකළ යුතුය​. මෙය මට මහත් සහනයක් ගෙන දුන්නේය​.

ශු:යොහාන් 6:38 හිදි, යේසුස් වහන්සේ පොළොවට පැමිණියේ මන්දැයි යන්න සඳහා පැහැදිළිම විස්තරය (එක පදයකින්ම) අප සතුව ඇත​. "මම ස්වර්ගයෙන් පැමිණියේ, මගේම කැමැත්ත කරන්නට නොව (එය නම්, "මගේම කැමැත්ත ප්‍රතික්‍ෂේප කරමින්"), නමුත් මා එවූ තැනැන්වහන්සේගේ කැමැත්ත කිරීමටය​". එයින් අපට පෙනී යන්නේ මිනිසෙකු වශයෙන්, උන් වහන්සේට, ප්‍රතික්‍ෂේප කළ යුතුවූ තමාගේම ස්වකැමැත්තක් තිබුනු බවය. කුරුසිය උසුලා ගෙන යාම යන්නෙහි අර්ථය වන්නේ, කෙනෙකුගේ තම කැමැත්ත ප්‍රතික්‍ෂේප කිරීම යන්නය​. ස්වර්ගයේදි උන්වහන්සේගේ කැමැත්ත උන්වහන්සේට සිදු කළ හැක​. මක්නිසාද එය සහ පියාණන් වහන්සේගේද කැමැත්ත එකම වන නිසාය​. නමුත් උන් වහන්සේ අපගේම මාංශයෙන් පැමිණීම මූලික වශයෙන් අදහස් කරන්නේ උන් වහන්සේගේ පියාණන්ගේ කැමැත්තට වඩා වෙනස් වූ මිනිස් කැමැත්තක් උන් වහන්සේට ලැබී ඇති බවය - එබැවින් එය සැමවිටම ප්‍රතික්‍ෂේප කළ යුතුව තිබුණි. මෙය ගෙත්සෙමෙනේදි ඉතා පැහැදිළි වුනේය​. එහිදි, යේසුස් වහන්සේගේ තමාගේම මනුෂ්‍ය කැමැත්ත වූයේ, එම කුසලානය නොබී සිටිමටය​. නමුත්, පියාණන් වහන්සේගේ කැමැත්ත වූයේ, එම කුසලානය යේසුස් වහන්සේ පානය කළයුතු බවය​. එනිසා උන්වහන්සේ, උන්වහන්සේගේ කැමැත්ත අත් හැරිය අතර​, පියාණන් වහන්සේගේ කැමැත්ත කළ සේක​. මෙම මොහොතට පෙරදී ද​, උන්වහන්සේගේ ජීවිත කාලය පුරාම උන්වහන්සේ කරමින් සිටියේ මෙයයි. අපගේ පාප සඳහා පමණක්ම මිය යාමට උන්වහන්සේ මෙම පොළොවට පැමිණියේ නැත​. උන්වහන්සේ පැමිණියේ උන්වහන්සේගේ කැමැත්ත මනුෂ්‍යයකු වශයෙන් ප්‍රතික්‍ෂේප කිරීමට සහ උන්වහන්සේගේ පියාණන් වහන්සේගේ කැමැත්ත කිරීමටය​. පියාණන් වහන්සේගේ කැමැත්තේ එක කොටසක් වූයේ, අපගේ පාප සඳහා යේසුස් වහන්සේ මිය යාමටය​. අනෙක් කොටස වූයේ, අවුරුදු 33 1/2 ක උන්වහන්සේගේ ජීවිතය අපට අනුගමනය කිරීම සඳහා නිදසුනක් වීමටය​. උන්වහන්සේගේ මානුෂික කැමැත්තට උන්වහන්සේ "නැත​" කියූ අතර​, උන්වහන්සේගේ පොළොවේ ජීවිතයේ සෑම මොහොතකම පියවූ දෙවියන් වහන්සේගේ කැමැත්තට "ඔව්" යයි පැවසූ සේක​. උන්වහන්සේ පව් නොකළේ ඒනිසාය​.

සියළුම පරික්‍ෂාවන්ම​, ඔබ​, ඔබගේ කැමැත්ත කිරීමට ඉඳුරාම බල කරයි. ඔබ, ඔබගේ කැමැත්තට "නැත​" කියන්නේ නම්, ඔබ​, ඔබවම ප්‍රතික්‍ෂේප කරන අතර​, තම ජීවිතය වෙනුවෙන් මැරෙනු ඇත (ඔබ කුරුසිය උසුලා ගෙන ඇත​). එවිට ඔබ පරික්‍ෂාවන් පරාජය කරන අතර​, ජයග්‍රහණය ලබා ගන්නේය​. එවිට ඔබ කරන්නේ, පියවූ දෙවියන් වහන්සේගේ කැමැත්තය​. අප සෑම දෙනාටම ශුද්ධාත්මයාණන් ගේ බලය අවශ්‍ය වන්නේ මෙහිදීය - අපගේ කැමැත්ත මරණයට දැමීමටය​. "මාංශය කුරුසපත් කිරීම​" (ගලාති 5:24) යන්නෙහි අර්ථය වන්නේ, " ඔබගේ ස්ව කැමැත්ත මරණයට පත්කිරීම " යන්න පමණය​. එය ඔබගේ ශක්තියෙන් ඔබට කළ නොහැක​. නමුත් ඔබට එය සැමවිටම ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් කළ හැකිය. දෙවියන් වහන්සේගේ බලය නොමැතිව දාවිත්ට, ගොලියත්ව මැරීමට හැකි වන්නේ නැති අතර​, දෙවියන් වහන්සේගේ බලය නොමැතිව සැම්සොන්ට සිංහයා මරා දැමීමට නොහැකිය​. නැතහොත්, දෙවියන් වහන්සේගේ බලය නොමැතිව​, ඔබගේ මාංශය​, මරණයට පත්කිරීමට ඔබට නොහැකිය​. නමුත් දෙවියන් වහන්සේගේ බලය ඇතිව ඔබට එය කළ හැක​. ඔබට ශුද්ධාත්මයෙන් පිරීමට අවශ්‍ය වන්නේ ඒ නිසාය​.