WFTW Body: 

“සුළු පාප" ලෙස අපි අමතන එසේම එය කළාවු සමහර අයව දෙවියන්වහන්සේ ප්‍රතික්ෂේප කළ ආකාරයත්, සහ—"මහ පාප" ලෙස අපි අමතන එසේම එයකළාවු සමහර අයට උන්වහන්සේ ආශිර්වාද කළ ආකාරයත් සලකා බලන්න. 

සාවුල් රජතුමාගේ සිද්ධිය පළමුව ගන්න. ඔහු සිදූකලේ “සුළු පාපය" ලෙස අපි අමතන දෙයයි අමෙලෙක්වරුන්ගේ සියළුම බැටළුවන් මරන්ට කියා දෙවියන්වහන්සේ ඔහුට පැවසුවද, ඒ වෙනුවට ඔහු නරක බැටළුවන් පමණක් මරා හොඳ බැටළුවන් දෙවියන්වහන්සේට පුජා කිරිම සඳහා තබාගත්තේය. ඒ විධියේ වැරැද්දකට වැරදි කරුවෙකු ලෙසට සාවුල්ව ඔබත් පත්කරනු ලබයිද? සමහරවිට නැත. නමුත් දෙවියන්වහන්සේ ඔහුට දඬුවම් කළසේක - එසේම ඒ දඬුවම  දරුණුයි උන්වහන්සේ සාවුල් ගෙන් රාජධානියද අයින් කළසේක.

අනෙක් අතට, දාවිත්රජ කළාවූ දේ සලකා බලන්න. පුරුෂයා නගරයෙන් පිට සිටිමොහොතේ (දාවිත්ගේම යුධ හමුදාවේ සටන් කරද්දී) එම මනුෂ්‍යාගේ භාර්යාව සමග අනාචාරකම් කළේය. එසේම ඒ පාපය වසා ගැනීමට, දාවිත් එම මනුෂ්‍යාගේ මරණය යුධබිමේදී සිදූවෙන්න සලස්වා ඉන්පසුව එම ස්ත්‍රියව සරණපාවා ගත්තේය. මෙවැනි මනුෂ්‍යයෙක් වු දාවිත් ගැන ඔබ කුමක් කරයිද? සමහරවිට ඔබ ඒ මොහොතේදීම දාවිත්ව නිරයට යවයි. නමුත් දෙවියන්වහන්සේ එය සිදූ කලේ නැත. උන්වහන්සේගේ මාර්ග අපේ මාර්ග නොවේය. දෙවියන්වහන්සේගේ මාර්ග අපේ මානුෂික බුද්ධියට තේරුම්ගත නොහැක. මනුෂ්‍යයන් කරන යුක්තිය හෝ අයුක්තියට අනුරූපව ඔවුන්ව කොටස් කිරීම අපි කරණුඇත. නමුත් දෙවියන්වහන්සේ ඔවුන්ව කොටස් කරන්නේ එක්කෝ ඔවුන්ගේ උඩඟුකම (සහ වංකබව) එසේනැත්නම් යටහත්කම (සහ අවංකකම) අනුවය. දාවිත්ගේ පාපයට දඬුවම් කිරීමෙන් පසු, දෙවියන්වහන්සේ ඔහුව පිළිගත්සේක.

දෙවියන්වහන්සේ දාවිත්ව, උන්වහන්සේගේ සිතට එකඟ මනුෂ්‍යා ලෙසද, එසේම ඔහු දෙවියන්වහන්සේගේ මන්ත්‍රණය ලෙස තම පරම්පරාවේදී මෙහෙකළ මනුෂ්‍යයා බවද සඳහන් කළ සේක (ක්‍රියා 13:22,36). දාවිත්ගේ අවසානය සාවුල්ගේ අවසානය මෙන් නොවුයේ, ඔහුගේ යටහත්කම නිසාමය.

පාපයට වැටුන කිතුණුවන් හා කිතුණු නායකයන් දෙස බලනවිට, එක වෙනස්කමක් මා සැලකිල්ලට ගත්තෙමි. එනම් සමහරුන්ගේ පාප අනෙක් අයට හෙලිවීමටත් තවත් සමහරකගේ පාප එසේ අනෙක් අයට හෙලිනොවීමටත් දෙවියන්වහන්සේ ඉඩහරිනසේක. සමහරුන්ගේ පාප ඉතා කුඩාවූවත් (මනුෂ්‍යයන්ගේ ඇස් හමුවේ) සියලූදෙනා ඉදිරිපිට ඒවා ප්‍රසිද්ධවී අවමන්ද ලබයි. එහෙත් සමහර අයව (මම දන්නා තරමින් රහසිගතව මහත් පාප සිදූකළාවූ අය) කොහෙත්ම ප්‍රසිද්ධවීමක් සිදුනොවේ. 

ඔවුන්ගේ අසමත්වීම් දෙවියන් වහන්සේ වසාදමනවා පමණක් නොව, උන්වහන්සේ ඔවුන්ට ආශිර්වාද කොට ඔවුන්ව බොහෝසේ ප්‍රයෝජනයටද ගන්නා සේක. මේ සියල්ල අසාධාරණ ලෙස අපට පෙනෙන නමුත් එය එසේ නොවේ. දෙවියන්වහන්සේ මෙවැනි දේවල් සිදූකරන්නේ ඇයි?  බොහෝ ආගම් භක්තික මනුෂ්‍යයන් මෙන් උන්වහන්සේද ඵරිසිවරයෙකු මෙන් නොවන නිසාය!  උන්වහන්සේ මනුෂ්‍යයන්ව කොටස්කරන්නේ යටහත් සහ උඩඟු යන වර්ග වලට මිස හරිවුදේ කළාවු අය සහ වැරදිවුදේ කළාවු අය යන වර්ග වලට නොවේය.

මෙයින් අපි සියළු දෙනාටම මහත්වූ බලාපොරොත්තුවක් සහ ධෛර්ය්‍යදීමක් ගෙනදෙයි. ඕනෑකමින්ම එසේ නැතිනම් අඩුමවශයෙන් අත්වැරැද්දෙන්, - අපි සියළුදෙනාම අත්වැරදීම්ද වැරදි දේවල්ද කරන නිසා, මනුෂ්‍යයා වෙන්කරන ආකාරයට දෙවියන්වහන්සේද ජනයා වෙන්කරයි නම්,  අහම්ඛෙන් හෝ අපි වැරදි කණ්ඩායමක අවසන්වේවි යන නිරන්තර භයෙන් ජිවත්වෙන්ට අපට සිදූවෙයි

අපි එක වැරදි දෙයක් පවා කරණවිට, සාමාන්‍යය මනුෂ්‍යයන් අප කෙරෙහි දැඩිව සිටියි. නමුත් දෙවියන්වහන්සේට ස්තුති වේවා, අනුකම්පා සහගත නොවන මනුෂ්‍යයන් සමග අපට ගනුදෙනු කිරීමට සිදූ නොවේ. අපට ගනුදෙනු කිරිමට ඇත්තේ අනුකම්පාසහගත අපගේ මැවුම්කාරයාණන් වන දෙවියන්වහන්සේ සමග පමර්‍ණ (හෙබ්‍රෙව් 4:13).

අන් කිසිවකුට වඩා අපි හොඳයැයි නොසලකා, දෙවියන්වහන්සේ ඉදිරියේ නිතරම කැඩිමෙන්ද යටහත්කමින්ද අප ජිවතවෙයි නම්, එසේම ප්‍රධාන පව්කරුවා ලෙස නිතරම අපිවම හඳූනාගෙන, එසේම අපි අන්අය කෙරෙහි අධිපතියා වීමට නොසොයා, පොළොවේ කිසිම දෙයක් පැහැර ගැනීමට නොසොයා (දේවගැති ධුරයක් පවා), අපේ කැමැත්තෙන්ම “දෙවෙනි සැතපුමත්" ඇවිදීමට අපි කැමති නම්, අපට මහත් ලෙස අයුක්තිය කළාවූ අයට සමාව දීමටත් අපි ලැස්ති නම්, එවිට මනුෂ්‍යයා අප ගැන කුමක් සිතුවත් හෝ අපට කුමක් කලත් දෙවියන්වහන්සේ අපි වැටුනාවු පාප වසා අපට දිගටම ආශිර්වාද කරණ සේක.